Spring is far away - 39
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 39 | Surprise
"අපි ඕනැවටත් වඩා ලං වෙනවා."
ඇත්තටම ලැජ්ජාවට මගෙ මූණ රතු වෙලා ගිහින්. එයාගෙ ගෙදර නිසා වෙන්න ඇති මට මෙච්චර දේවල්..
මගෙ ගාවින් එයා ඈතට යද්දි මං දැක්කෙ ලස්සන හිනාවක් ඒ මූණ ආක්‍රමණය කරලා තියන විදිහ. මම මැරි කරන්න ඉන්න කෙනා විදිහටවත් තේෂාන්ට මෙලෝ ගාණක් නෑ. හිනා වෙවී බලන් ඉන්නවා. මේ අයියයි මල්ලියි මාව එකගෙයි කන්නවත් බලං ඉන්නවද දන්නෑ. එහෙම උනොත් මං ඉවරයි 😕.
"අභී තාම වැඩ ඉගෙන ගන්නවා. So එයාට මම තමා කියලා දෙන්නේ. සමහර වෙලාවට එයාගෙ ලැප් එකට මමත් එබෙද්දි අපි අතර පරතර අඩු වෙන්න පුළුවන්."
එහෙම කියලා එයා සෝෆා එකකින් ඉඳගත්තා. මටමයි ලැජ්ජාව. ඇත්තටම මෙතනින් දුවගෙන ගිහින් ගෙදරින් නවතින්න හිතෙනවා. ඒ උනාට තේෂාන් මහ නරකයි. ඇයි එයා මට බොරු කිව්වේ ?
මොනා උනත් දැන් මං මේ උන දේ වැරැද්ද හදන්න එපැයි.
"Im so sorry හේෂාන්. මම ඒක.. නිකන්.."
"ඔයා හරි.. ඔයාට සැක ඇති මං මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා. මම අභිමානිට කතා කරන විදිහ, එයා එක්ක ඉන්න විදිහ, මං ටනාෂියා එක්ක කතා කරන විදිහ, එයා එක්ක ඉන්න විදිහ ඔයාට පුදුමයක් වෙන්න ඇති. සමහරවිට ඔයාට හිතෙනවා ඇති ඒ මගෙ මිස්ට්‍රෙස්ලා දෙන්නා කියලා."
"අ..අනේ නෑ."
ගත් කටටම එයා කිව්වනේ මම කලින් නිකන් හරි හිතපුවා ටික. ඒත් මම ඒවා හිතුවෙ එයා ගැන අවිශ්වාසයකින් නෙවේ. හරියට නිකන් එයාට මගෙ හිත කියවන්න පුළුවන් වගේම එයා දැන් කිව්වා. එදත් එයා ඒ විදිහටම මම අභී ගැන හිතද්දි කිව්වා.
"ඕනිම කෙනෙක්ට පේන්නෙ ඒ විදිහට තමා. ඒත් මෙච්චර කල් මාව ආශ්‍රය කරපු ඔයා මගෙ ගැන නොදන්නවා කියන එක පුදුමයක්."
❝ මේ ඉන්නෙ ඔයාගෙ ලවර්ද ❞
මෙච්චර කල් අහිංසක මාව නොමරා මරපු ඔයා මගෙ ගැන නොදන්නවා කියන එක පුදුමයක්. එදා ඔයා මගෙන් සෙහස් ඉස්සරහා එහෙම අහපු වෙලේ ඔයාට, ඔයා ඔය දැන් කිව්ව වාක්‍ය දෙන්නටම පොදුයි කියලා මතක් උනේ නැද්ද ?
"අයියේ.. මං කිව්වනෙ ඔයාට.."
හේෂාන් මට නෝක්කාඩුවට කතා කියද්දි තේෂාන් එහෙම කිව්වා. ඊයෙ උන එකට තාම තරහින් ඇත්තේ. ඒ උනාට මට මුකුත් උනේ නෑනේ.
"Im sorry මින්දි. මං ඊයෙ අහද්දි මෙයා ඔෆිස් යනවා කිව්වා. ඒකයි මං ඔයාට එන්නයි කිව්වෙ. ඒත් ඔයා අද මෙහෙ එනවා කිව්වා විතරයි මෙයා..."
"නෑ.."
මං එකපාරටම ගැස්සුනේ තේෂාන් කිව්ව එකට මැද්දෙන් හේෂාන් 'නෑ' කිව්ව නිසා. ඔව් ඉතින්. එහෙම උනත් නොවුනත් එයා නෑ තමා කියන්නෙ.
"මං ඔයාට කලින් කිව්ව මං අද යන්නෙ නෑ කියලා."
"එතකොට මොකද ඊයෙ රෑ යනවයි කියලා දැන් නොයා හිටියේ ?"
"අද ඔෆිස් එකේ වැඩක් නෑ මට."
"එහෙනම් ඊයෙ යන්නම ඕනි කිව්වෙ 🤔 ?"
දැන් නම් හේෂාන්ගෙ මූණ රතු වෙලා තක්කලි ගෙඩියක් වගේ. මෙයාලා දෙන්නා නරක වචන වලින් බැන ගන්න කලින් මම මොනා හරි කියලා නවත්තන්න වත් ඕනි.
"අහ්.. මේ.. අම්මට දැන් කොහොමද තේෂාන්."
දෙන්නා දෙන්නට දෙන්නා දිහා බලන් ඉන්නෙ ද්වන්ධ සටනක් කරන්න වගේ. කොහොම හරි මට පුළුවන් උනා දෙන්නගෙ අයි කන්ටැක් එක වෙන් කරන්න.
"එහෙමකටම හොඳක් නෑ මින්දි. ඒ උනාට ඉස්සෙලාට වඩා හොඳයි. දැන් නම් ටිකක් හොඳට කාලා බීලා ඇවිදලා ඉන්නවා."
"එහෙනම් කමක් නෑ. මොනවා උනත් හොඳට හිටපු කෙනානේ."
"ඔව්.. තාත්තත් ගොඩක් දුකෙන් නේ හිටියේ."
මට අහන්නත් බැරි උනා හේෂාන්ගෙන්, ඊයෙ මට උන දේට ඉන්වෙස්ටිගේට් කරාද කියලා. එයාගෙ සද්දයක් නෑ. ඔහේ බලාගෙන ඉන්නවා දොර දිහා.
"අහ්.. මේ.. හේෂාන්.. ඔයා ඊයෙ උන දේ ගැන හොයලා බැලුවද ?"
"ආහ්.. මම ඒක කියන්න තමයි පල්ලෙහාට ආවේ. මට ටනාෂියා හැමදෙයක්ම හොයලා කිව්වා. ඒක කරලා තියෙන්නෙ ඇන්ඩෲස්ට සම්බන්ධ මිනිහෙක්."
මගෙ සැකේ හරි. කොහොමටත් අමුතුවෙන් සැක කරන්න දෙයක් තිබුණෙ නෑ එතන. එහෙම දෙයක් කළොත් ඒ ඇන්ඩෲස් හරි ෆර්නැන්ඩස් පවුලෙන් හරි තමයි.
"ඔයා කිව්වා හරි මින්දි.. එයාලට ඕනි වෙලා ඇත්තෙ ඔයාට කොහොම හරි කරදරයක් කරන්න. මං දන්නෑ මේක රාදිතාගෙ ප්ලෑන් එකක්ද කියලා. ඒත් අපි අඟවන්න හොඳ නෑ අපි මුකුත් දැන ගත්තයි කියලා."
"රාදිතා මුකුත් කරන්න නැතුව ඇති. එයාට කිසිම උවමනාවක් නෑ මට මුකුත් කරන්න. එයාට මං එක්ක කිසි තරහක් නෑ."
මං එක දිගට බොරු කියද්දි තේෂාන් මං දිහා බලන් හිටියෙ පුදුමෙන් වගේ. මට බොරු හලන්න වෙනවා. නැත්තම් හේෂාන් මොනා කරයිද දන්නෑ.
"අහස් ඒ මිනිහව දැක්ක ගමන් අඳුන ගත්තා. මටත් වැඩිය බාල කොල්ලෙක්. මොකට මේ වගේ ජරා වැඩ කරනවද මංදා. මොනවා උනත් අපි පොලිසියට මුකුත් අඟවන්න හොඳත් නෑ. මං ඒ මිනිහා ගැන පර්සනලි බලා ගන්නම්."
පර්සනලි බලා ගන්නවා කියලා මරලා තියෙයිද දන්නෑ. එයාට මනුස්සයෙක් මරලා උනත් ඒක යට ගහන්න පුළුවන් මොකද සල්ලි තියන නිසා.
"ඒ පිරිමි ළමයාට මුකුත් කරන්න එපා හේෂාන්. එයාට ඕඩර් එක දෙන්න ඇත්තෙ ඇන්ඩෲස් නේ. ඒ පිරිමි ළමයාට සල්ලි දෙන්න ඇති එහෙම කරන්න."
"ඔව් ඒක හරි.. හැබැයි ආයෙත් මෙහෙම දෙයක් නොවෙන්න ඕනි නිසයි මං මෙහෙම කරන්නේ. බැරි වෙලාවත් ඔයා.. ඊයෙ නොකියා ගියා වගේ ගමනක් ගිහින් ආවෙ නැති උනොත්.."
එයා මං දිහා හොරෙන් වගේ බලලා එහෙම කියද්දි මගෙ පුටුව රත් උනේ පඬුපුල් ආසනේ රත් උනා වගේ. මට හිතුණා එයා ඕක කොයි වෙලේ හරි ඇදලා ගනීවි කියලා. දැන් මං කොහොමද හේෂාන්ට මූණ දෙන්නෙ 😬.
"අහ් මේ.. ඔයාට කරදරයක් වෙන්න බෑනෙ හේෂාන්.. ඔයාට ගොඩක් වැඩ තියනවනෙ ඔෆිස් එකේ.. ඒකයි මං......"
"මොනාද මට එතන තියන වැඩ ?"
ඒ පාර මං දිහා රවාන වගේ බලන් ඉන්නවා. එයා කොහොම බලන් හිටියත් ඒ ඇහිපිහාටු වලින් පිරුණු දිග ඇස් මට පේන්නෙම රවන් ඉන්නවා වගේ. ඉස්සර එයා එහෙම නෑ.
"අ.. ඒ උනාට ඔයාට කරදරයිනේ."
"මං ඩ්‍රයිවර් කෙනෙක් හොයනුත් ආවා.. Never mind.. මං මොනා හරි හදන් එන්නම්."
"ඔයා ඉන්න අයියේ. මං හදන් එන්නම්."
"ඇයි මට ඇවිදින්න බැරිද ?"
ආයෙමත් අයියයි මල්ලියි ද්වන්ධ සටනකට වගේ බලන් ඉන්නවා. මට හදිස්සියට කියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ ශේප් කරන්නවත්.
"අපෝ ඔය තියෙන්නෙ ලස්සන කකුල් දෙකක් ඇවිදන් හරි පාවෙලා හරි යන්න 😒."
හේෂාන්, තේෂාන්ට අමුතු හිනාවක් දාලා කිචන් එක පැත්තට ගියා. මොනවා හදන් එයිද දන්නෑ. උයන්නත් ඕනි කිව්වනේ.
"ඔයා නම් මාරයි.. අයියා ඉස්සරහා බොරු කිව්වා නේද."
"ඔව්.. මං ආස නෑ හේෂාන්ගෙයි රාදිතාගෙයි අතර ප්‍රශ්න ඇති වෙනවට."
"ඒ උනාට අයියට ඇත්ත කිව්වා නම් තමා හොඳම."
"එපා තේෂාන්.. අපි මේ හැම දෙයක්ම තහවුරු කරගන්නකම් ඒ ගැන කියන්න හොඳ නෑ.
"ඒත් අපි කවදා ඒක කරන්නද ?"
"අනේ මංදා. අපි රාදිතා ගැන හරියටම තහවුරු කරගත්තම. අපිට එයා ගැන එවිඩන්ස් හම්බුණාම."
"අහන්න මින්දි.. ආයෙමත් රාදිතා අක්කා ඔයාට කෝල් කරොත් එහෙම ඔයා එයා කියන ඒවා රෙකෝඩ් කරන්න."
රාදිතා කියන ඒවා රෙකෝඩ් කරොත් හොඳට තියෙයි. මට කියන ඒවා, මාව පහත් කරලා කතා කරන ඒවා මෙයාලා දන්නවා නම් රාදිතාගෙ කනට දෙක තුනක් දීලා..
"හ්ම්.. මං බලන්නම්."
අපි ටික වෙලාවක් ඔහේ කතා කර කර හිටියා. ඒත් එකපාරටම හේෂාන් එනවා සද්දෙ ඇහුණ නිසාම අපි දෙන්නා කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"අම්මා කිව්වට ඔයාට කැන්ඩියන් ලස්සනයි කියලා ඇත්තටම ඔයාට ලස්සනම ෆ්‍රොක් එකක් මින්දි. ඔයා ටිකක් උස නිසා යුරෝපියන් තමා ගැලපෙන්නෙම."
"අහ්.. ඕක මට යාළුවොත් කියනවා."
රාදිතාට නම් ඉනට යනකම් පලපු එකක් තමා හරියන්නේ. නැතුව ඉතින් ඇවිද ගන්නත් බෑනෙ දිගට ඇඳගෙන.
"ඔයා බොරුවට කරදර වෙලා හේෂාන්.."
මං එයා දිහා බලලා එහෙම කිව්වා. අද එයාගෙ පොඩි ලෙඩ පාටක් තියේ මූණෙ නම්. ඒකනේ හිමීට හිමීට හොරා වගේ ඇවිත් මගෙ කනට ලං වෙලා කියෙව්වෙ. වෙනදට නම් පල්ලෙහාට බහිද්දි තරප්පු පෙරලගෙන එනවා වගේ සද්දෙ.
"කොහොමත් තව පැයක් දෙකක් වත් යනවනෙ ලන්ච් ටයිම් එකට."
එහෙම කියලා එයා ට්‍රේ එක මේසෙ උඩින් තිබ්බා. තියලා එයා එහා පුටුවෙන් ඉඳගන්න කියලා යද්දිම එයා එකපාරටම මගෙ සෝෆා එක අල්ල ගන්නවා වගේ මං දැක්කා.
"අයියේ.."
"හේෂාන්.."
එයා මගෙ පැත්තට ඇල වෙනවා වගේ දැකලා මං ඉක්මනින් ගිහින් අල්ලගත්තේ තේෂානුත් එයාගෙ අනිත් පැත්තෙන් අල්ලගද්දි.
"ඇයි මොකද උනේ.."
"හේෂාන්.."
එයා එකපාරටම මගෙ ඇඟ උඩට වැටුණේ මාවත් එක්ක සෝෆා එක උඩට වැටෙද්දි. මට හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. එයා මෙච්චර වෙලා හොඳට හිටියා. ඒත් එයාගෙ ඇසුත් පිය වෙලා.
"මං ඉක්මනින් වතුර ටිකක් අරන් එන්නම්."
එහෙම කියලා තේෂාන් කුස්සියට ගියා. මගෙ ඇස් වල කඳුළු පිරිලා. මොකක්ද උනේ කියලා දන්නෙවත් නැතුව මං ගොඩාක් කලබල වෙලා. කලබල නොවී කොහොමද. මං ආදරේ කරන කෙනා මෙහෙම පණ නැති මනුස්සයෙක් වගේ ඔඩොක්කුවේ ඉද්දි.
"හේෂාන්.. අනේ නැගිටින්නකෝ.."
එයාගෙ මූණට තට්ටු කරත් එයාගෙන් කිසිම හෙලවීමක් නෑ. ඒකයි මං එච්චරම බය වෙන්න හේතුවත්.
"හේෂාන්.. ඔයා හොඳින් නේද ?"
ඒ ඇඟ ගොඩාක් රස්නෙයි. හරියට නිකන් උණ වගේ. මූණත් එක්ක තෙහෙට්ටු පාටයි. තේෂාන් වතුර එක අරන් එනකම්ම එයා මගෙ පපුව උඩට හේත්තු කරන් මං හිටියෙ පපුව වේගෙන් ගැහෙද්දි.
"අනේ තේෂාන්.. ඇයි එයාව ෆේන්ට් උනේ."
"බයවෙන්න එපා. අයියගෙ Energy අඩු වෙලා කියලා එදත් ඩොක්ටර් කිව්වා."
එයා මූණෙ වතුර ගෑවට මෙලෝ හෙලවීමක් නෑ. මට හිතෙන්නෙම එයාව හොස්පිටල් එක්ක යන්නමයි. මෙහෙම තියන් ඉඳලා මොනා හරි උනොත්.
"අපි එයාව හොස්පිටල් අරන් යමු."
"නෑ.. බයවෙන්න එපා. එයාට සිහිය එයි.. එන්නකො අපි එයාව ඇඳට එක්ක යමු."
තේෂාන් එහෙම කිව්වට මටත් වඩා බයවෙලා හිටියේ. මං එයාගෙ පස්සෙන් දිව්වා..
අපි එයාව උස්සන් ගිහින් ඇඳෙන් තිබ්බා. මම මෙතන අඬන්න ගත්තොත් තේෂාන් මොනා හිතයිද දන්නෑ මං ගැන. ඒ නිසාම මං පුළුවන් තරම් මගෙ කඳුළු පාලනය කරගත්තා.
"අපි දැන් මොකද කරන්නෙ තේෂාන් ?"
"හදිස්සි වෙන්න ඕනි නෑ. මං එයාගෙ ඩොක්ටර්ට කෝල් කරලා අහන්නම්. ඔයාට පුළුවන්ද පොඩ්ඩක් බලන්න."
"හරී.. කරන දෙයක් ඉක්මනින්."
එයා කාමරෙන් ගිහාම මං ඉක්මනින් ගියෙ බැල්කනි එකේ දොර ගාවට. එතන කර්ටන් එක ඇරපු මං එහෙම්ම ඒසී එක අඩු කරා. එයාට උණ ගන්න වගේ. ඇඟ හරීයට රස්නෙයි.
එයාව කොට්ටෙකට තියලා මං එයාගෙ ටී ශර්ට් එක ගැලෙව්වා. ඇඟ රස්නෙට හොඳම වතුරෙන් තවන එක. ඒ නිසාම මං ආයෙමත් පල්ලෙහාට බැහැලා කිචන් එකට ගියා. යද්දි තේෂාන් ඩොක්ටර් එක්ක කතාව. එහෙම්ම මං එයාට සංඥාවක් දීලා වතුර එකකුත් ඉල්ලගෙන ගියා.
කවදාවත් එයා මෙහෙම ලෙඩ වෙලා නෑ. මං එක්ක ඉද්දි එයාට පොඩි හිසරදයක්වත් තිබුණෙ නෑ. ඒ හැම දෙයක්ම තිබුණා නම් තිබුණෙ මට තමා. හැමදාම ඕනෑවට වඩා වැඩ කළොත් මට ඔළුව කැක්කුම. එහෙව් එකේ එයා කොහොමද එකපාරටම මෙහෙම ලෙඩෙක් උනේ.
කල්පනා කර කර ගිහින් මං ඇඳේ එයාට එහා පැත්තෙන් ඉඳගත්තා. සමහරවිට මං ලොකු නම්බුකාර පවුලක ගෑනු ළමයෙක් උනා නම් අද එයාගෙ වයිෆ්. ඒක කාටවත්ම නවත්තන්න බෑ. ඒත් මගෙ කරුමයකට මං, අම්මා තාත්තා පවා ප්‍රතික්ෂේප කරපු ගෑනු ළමයෙක්. එයාට දැන් අයිතියක් නෑ මට.
වතුර එකෙන් එයාගෙ ඇඟ තැව්වා පුළුවන් තරම් මම එයාගේ. නැගිට්ටොත් අමාරු වෙයි එයාට. මොකද එසේ මෙසේ රස්නයක් නෙවෙයි ඇඟේ තියෙන්නෙ. බලාන ඉද්දි වැඩි වෙනවා.
ඒ ලස්සන ඇස් වලට, ඒ ලස්සන ඇඟට තියා ඒ නපුරු හිතට වත් මට දැන් අයිතියක් නෑ. සමහරවිට මම මේ එයාගෙ ඇඟෙන් අල්ලන අවසාන වතාව වෙන්න ඇති.
මේවා මට කොහොමටත් අමුතු දේවල් නෙවෙයි. අපි එක ගෙදර ඉද්දි මං දවසක් නෑර ඒ ඇඟට අත තියන්න ඇති. එතකොට මට එයාට අයිතියක් තිබුණා. ඒක එයා විසින්ම දුන්න අයිතියක්..
❝ කිව්වොත් කිව්වා.. තමුසෙ මගෙ විතරයි මින්දි. හොඳින් හරි නරකින් හරි මං තමුසෙව මගෙ කරගන්නවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ ❞
❝ එතකොට ඔයා ❞
❝ මං ඉතින් වෙන කාගෙ වෙන්නද ඔයා මගෙ නම් ❞
දැන් ඒ හැම දෙයක්ම බොළඳ කතා වෙලා. එයා මට කිව්ව කිසිම දෙයක් දැන් ඉෂ්ට වෙලා නෑ. එයා මාව හීන ලෝකෙක තියලා එයාගෙ ලෝකෙට ගියා. මං තාමත් ඒ තැනම එයා කවදාම හරි එනකම් බලන් ඉන්නවා.
ඇඟේ එනර්ජි එක අඩු වෙලා කියලයි තේෂාන් කිව්වෙ. ඒත් තාත්තා එහෙම එකක් මට කිව්වෙ නෑනෙ. තාත්තා මට කිව්වෙ එයාට මනෝ උපදේශනයක්ද මොකක්ද කියලනේ. මං ඕවා ගැන දන්නෙ නෑ. ඒත් මේ දෙන්නා ඇයි දෙකක් ගැන කියන්නේ. හොඳට හිටපු හේෂාන්ට එකපාරටම මොකක්ද මේ හැදුණ ලෙඩේ. මට මේ හැමදේකම තේරුම මොකක්ද කියලා දැනගන්න ඕනි..
"අහ්.. මින්දි.."
මං එයාව තවලා පල්ලෙහා කිචන් එකට යද්දි තේෂාන් කෝල් එක කට් කරලා මට කතා කරා.
"ඩොක්ටර් මොකද කිව්වෙ තේෂාන් ?"
"අවුලක් නෑ.. එයාට සේලයින් එකක් වත් දෙන්න වෙනවා."
"එහෙමද. ඒත් මොකක්ද එයාට තියන ලෙඩේ ?"
මං එහෙම අහද්දි තේෂාන් මං දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා. බය වෙන්න දෙයක් ඇහුවෙ නෑනෙ මං. මං ඇහුවේ හේෂාන්ට මොකක්ද තියන අසනීපෙ කියලනේ.
"මේ.. එයාගෙ Energy එක අඩු වෙලා කියලා ඩොක්ටර් කිව්වේ."
"ඒත් මට තාත්තා කිව්වෙ එයාව සයිකෙයාට්‍රිස්ට් කෙනෙක් ගාවට එක්කන් ගියා කියලනේ."
"අහ්.. මේ.. නෑ.. තාත්තට වැරදිලාද කොහෙද. මමනෙ අයියව එක්ක යන්නේ."
"එහෙමද."
තේෂාන් කියන විදිහෙන් මට සැකයි. එකම පවුලෙ දෙන්නෙක් දෙකක් කියන එකේ තේරුම මොකක්ද. එහෙම බොරු කියන්න හේතුව මොකක්ද. මම ඒ හැම දෙයක්ම පුළුවන් තරම් ඉක්මනින් හොයා ගන්නවා.
"ඔයා එයාව තැව්වද ?"
"ඔව්.. හොඳටම උණ වගේ. උදෙත් එහෙමද හිටියේ."
"උදෙත් අමාරුවෙන් හිටියේ. ඊයෙයි පෙරේදයි දවස් දෙකම එහෙමයි."
"හ්ම්.. එයා ඇහැරුණාට පස්සෙ ඩොක්ටර් ගාවට එක්ක යන්න. නැත්තම් ඔයා බලලා ෆාමසි එකකින් බෙහෙත් අරන් දෙන්න. එයාට උණ හැදුණොත් එහෙම කොච්චර නම් දේවල් පාඩු වෙනවද."
"ඔව්.. ඒක ඇත්ත."
"ආ.. මං දන්නවා ඔය උණ බහින්න කැඳ එකක්. ඒක හදලා දෙන්නද ?"
"අනේ හා.. ඒක ලොකු උදව්වක් මින්දි."
"මට එහෙනම් ඒකට ඕනි බඩු ටික හදලා දෙන්නකෝ."
"මොනාද ඕනි ඒකට ?"
තේෂාන් කැඳ එකට ඕනි හැම දෙයක්ම හදලා දුන්නා. ඉස්සර ඕෆනේජ් එකේ අපිට උණ හැදුනමත් ඒක තමා හදලා දෙන්නෙ. ඒකට නම් හරි ඉක්මනින් උණ බහිනවා.
ඉතින් මං සුප් එක හැදුවා. ඒකෙ පොඩි තිත්ත ගතියක් තියේ. ඒ උනාට හොඳ වෙන්න නම් හේෂාන්ට ඒක බොන්නම වෙනවා. එයාට අමාරුම වැඩේ තමයි බේත් බොන එක.
"ඔන්න හරි.. රස්නෙ පිටින්ම දෙන්න තිබ්බොත් තමයි හොඳ. එතකොට තිත්ත ගතිය මැකිලා යන නිසා. නැත්තම් පස්සෙ බොන්න අප්පිරියා කරයි."
"ඔව්.. අපේ අයියට බේත් පොවන එක තමා අමාරුම."
"මං යන්නද."
"ඇයි ඒ.. අයියට තව ටිකකින් සිහිය එයි. අනික අම්මලත් මග එනවා ඇති. ලන්ච් එකවත් ගත්තෙ නෑනේ."
"කමක් නෑ තේෂාන්.. මට දැන් ගෙදර යන්න ඕනි හදිස්සියේ කෝල් එකක් ආවා."
"අයියෝ.. පොඩ්ඩක් වෙලාවත් ඉන්න බෑද. පැයක් වත්."
"බෑ තේෂාන්.. අයිම් වෙරි සොරි.. ඔයා හේෂාන්ව පරිස්සමින් බලාගන්න. මං යන්නම්."
මං එහෙම කියලා බෑග් එකත් අරගෙනම ඉස්තෝප්පුවට ගියා. තේෂාන්ගෙ මූණ දැක්කම නම් මට යන්න එපාමයි කියලා කියන්නේ. ඒත් මට බෑ හේෂාන් එහෙම ඉන්නවා බලන් ඉන්න. අනික එයා දැන ගත්තොත් මං එයාට ආවතේව කරා කියලා එයා මට බනීවි.
"එහෙනම් පරිස්සමින් යන්න."
යන්න කලින් මං එයාගෙ කාමරේ දිහා බැලුවෙ ගාඩ්න් එකේ ඉඳන්. ඉස්සෙල්ලා මං කප් කේක්ස් ටික ගන්න එද්දි ජනේලයක් වැහෙන සද්දයක් ඇහුණේ එයාගෙ රූම් එකෙන් වෙන්න ඇති.
මොනා උනත් එයාට ඉක්මනින් හොඳ වෙන්න ඕනි.. මටත් එච්චරයි ඕනි..
රෑ උනා 🌨️🌛💙..
දිනුමි උදේටයි දවල්ටයි රෑටයි තුනටම උයන නිසා මට එච්චර වැඩ නෑ. එයා ගේ අතුගාලා හඳුන්කූරු ගහලා මල් තියලා හැම දෙයක්ම කරලා. ඒ මදිවට මගෙ රෙදි හෝදන්නත් ලෑස්තිය. ඒක මට කරගන්න පුළුවන් නිසා මං නැවැත්තුවා.
හෙට ඔෆිස් යන්නත් ඕනි. මට තේෂාන් මැසේජ් එකක් දාලා තිබුණා හේෂාන්ට දැන් හොඳයි කියලා.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
ඔන්න සජී කෝල් කරනවා.
"හෙලෝ.. සජී කියන්න."
"අහන්නකෝ.. මතකද අර විහඟනා."
"ඔව්.. ඇයි මොකද ?"
"එයා ඇක්සිඩන්ට් වෙලාලු. දුල්නෙත්මිට කතා කරලා තියෙන්නෙ. හෙට අපි ඔෆිස් යන ගමන්ම එහෙම්ම බලන්න යන්නයි හිතුවේ. ඔයත් එනවද ?"
"ආ.. එහෙමද.. මට අද ඔෆිස් යන්න හම්බුණෙත් නෑ. ඒ මදිවට හේෂාන්ව කලන්තෙ දාලා වැටුණනේ."
"ඈ 😨 ?"
"ඔව්.. එයාගෙ එනර්ජි එක අඩුවෙලා ලු. අනේ මංදා. එයාගෙ තාත්තා කිව්වෙ සයිකෙයාට්‍රිස්ට් කෙනෙක්ට පෙන්නුවා කියලා. ඒත් තේෂාන් කියනවා එනර්ජි අඩු වෙලා කියලා."
"එතන නම් මොකක් හරි අවුලක් තියනවා බන්. මං පෙරේදද කොහෙද දැක්කා හේෂාන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියනවා. එයා දැන් හෙන ලෙඩ පාටයි."
"හ්ම්ම්.. එයාට දැන් නම් උණ බැහැලා ඇති. ඒත් උණ පිටින් ඔෆිස් ගිහින් තිබුණොත් තමයි හෙට."
"අනිවා යයි එහෙනම්."
"ඔව්.. ඔයාලා හෙට කීයටද යන්නේ ?"
"හතට විතර එනවද මෙහෙ. කාර් එකේ අපිව එක්ක යනවකො. ටිකක් ලයින් එකේ යන්න එපැයි. ඒක ලොකු හොස්පිටල් එකක් නේ 😒."
"හරි හරි මං කාර් එකේ තමා එන්නෙ."
"එහෙනම් වෙලාවට එන්න."
"හ්ම්.. ගුඩ් නයිට්."
"ගුඩ් නයිට්."
ෆෝන් එක කට් කරලා මං ඇඳේ පැත්තකින් තිබ්බා. අද කන්නත් බෑ වගේ. වෙනදා වගේ නෙවෙයි. හරි තෙහෙට්ටුයි මටත්. ඔව් ඉතින් කිලෝ අසූ ගානක බරක්නේ අද මගෙ ඇඟට වැටුණේ. පුදුමයි ඇඟ නිල් වෙලා නැතුව. ඉස්සර වත් මට හේෂාන් උස්සන්න තියා හොල්ලන්නවත් බෑ. අඩි හයකටත් වැඩිය උස ජිම් ගිහින් යකඩ කෑලි උස්සන මනුස්සයෙක්ව මට දරාගන්න පුළුවන් යෑ.
"නෝනා අද කන්නෙ නැද්ද ?"
මං බාත්රූම් එකේ ඉඳන් එළියට එනවා දැකලා දිනුමි ඇහුවා. කන්න බැරි නිසා මං ඇඳට යන්න කලින් බාත්රූම් එකට ගියා.
"ආහ්.. මට කන්න බෑ.. හෙට උදේට උයන්න එපා. ඔය ටික ෆ්‍රිජ් එකට දාලා තියලා රත් කරන්න."
දවල්ටයි රෑටයි දෙකටම එකට උයන නිසා හොඳයි. නැත්තම් දිනුමිට එපා වෙනවා බත් විසි කරලම. වෙලාවකට මට කැවෙන්නෙත් නෑනෙ.
"කමක් නෑ මං උදේට උයන්නම්."
"එපා.. ඔය ටික රත් කරලා ගමු. අපරාදේ කෑම අහක දාන එක."
එහෙම කියලා මං ඇඳට ගියා. අද හරි රස්නෙයි. ඒ නිසාම මං ජනෙල් දෙකත් ඇරලා කර්ටන් එක විතරක් වහලා ඇඳට නැග්ගා..
අලුත් දවසක් 🌞☁️🍃..
මං ගත්තු තද කොළපාට බිස්නස් කිට් එක ඇඳලා කොණ්ඩෙත් කර්ල් කරලා ඕනි හැම දෙයක්ම හදාගෙන අර දෙන්නව ගන්න ගියා. මේ දෙන්නා එතන ලතවෙනවනේ. කොහොම හරි අපි යද්දි හත හමාරට කිට්ටුයි. මේ දෙන්නා හරියට වෝඩ් එකක් වත් දන්නෙ නැතුව බලන්න යන්නෙ. මරු ඩබල.
"ඔයා ඇහුවද කීයෙද කියලා."
"ඔව්.. බලහන් තිහ කියලා එකක් තියනවද කියලා."
"මෙතන තිහක් නෑ. ෆ්‍රස්ට් ෆ්ලෝ එකේ වෙන්න ඇති."
"එහෙනම් ලිෆ්ට් එකට යමු."
මට වඩා හදිස්සිය මුන් දෙන්නට. තව ටිකකින් එලෙවේටර් එක මං යන්න කලින් වැහෙනවා. මං මුකුත් ගත්තෙත් නෑ. ඒකට හරියන්න මෙයාලා පලතුරු අරන්.
"හේෂාන්ට මොකද දැන් ?"
"අනේ මංදා. තේෂාන් කිව්වා දැන් හොඳයි කියලා."
"මොකක්ද බන් ඔය එනර්ජි අඩු වෙනවයි මනෝ උප දේශනයෙයි තේරුම."
"අනේ මංදා. මනසෙ නම් අවුලක් නෑ. මට වෙනදා වගේම ලොකු ලයින් අල්ලනවා. ශක්තියේ වෙනසකුත් නෑ. මගෙ ඇඟ උඩට වැටිලා දැන් මගෙ ඇඟත් රිදෙනවා."
"දැන් කොහොමටත් හේෂාන්ට එනර්ජි එක දෙන්න උබ නෑනෙ. රාදිතා දැක්කට ඉතින් එච්චර......"
මං ලැජ්ජාවටත් එක්ක දුල් දිහා බැලුවෙ රවාගෙන. කෙල්ල කියන්න හදපු එක නැවැත්තුවා. හොඳ වෙලාවට එහෙම කලේ. නැත්තම් මට අද දවසම අන්කම්ෆටබල් තත්වෙක ඉන්න වෙන්නේ.
"එහෙම බැලුවම මින්දි තමා හොඳටම කරන්නෙ."
"අම්මෝ ඔව් ඔව් 😌."
"යමුද ?"
මං එලෙවේටර් එකේ ඇරුණු දොර පෙන්නලා දෙන්නට කිව්වෙ රවාගෙන. මට හේෂාන්ගෙ ඇටිටියුඩ් එකට එන්න වෙලා මේ දෙන්නා ඉස්සරහා.
කොහොම හරි අපි විහඟනා බලන්න ගියා. එයාගෙ කකුලක් කැඩිලා. එයා බයිසිකලේ නේ වැඩට යන්නේ. ඒ යද්දි වාහනයක් ඇවිත් හප්පලා. ඒ හින්දා තමා හේෂාන් මට කාර් එකක් අරන් දුන්නේ. බයික් එකක මං ගියා නම් මෙලහකට ෆ්ලැට් පුඩිං තමා. එයාමයි මට කාර් එක පුරුදු කලේ. එහෙම කරපු නිසා හොඳයි. නැත්තම් මම අද බස් එකේ තමා වැඩට යන්නේ.
"අපි යන්නම් එහෙනම්.. ඔයාගෙ කකුළ හොඳ උන ගමන් ටිකට් කපයිනේ. එතකොට අපි ගෙදරට එන්නම්."
"තැන්කියු මාව බලන්න ආවට."
"ඒකට කමක් නෑ. ඔයා රෙස්ට් කරන්න දැන්."
අපි එතනින් එළියට ආවා. ඒ එද්දිම මං එකපාරටම දැක්කෙ හුරු පුරුදු කෙනෙක්ව. එයා ඩොක්ටර් කෙනෙක්. මට ඒ මූණ හොඳට දැකලා පුරුදුයි.
"ඇයි මොකෝ අවුල ?"
මං නැවතිලා ඒ ඩොක්ටර් දිහා බලන් ඉද්දි අර දෙන්නා මගෙන් ඇහුවා. ඒත් මං තාමත් අර පැත්ත බලාන. අද තේෂානුත් හොස්පිටල් එකේ ඇති සමහර විට. පොඩ්ඩක් ඉන්න.
මේ එයා..
❝ හේෂාන්ගෙ ඩොක්ටර් මට හම්බුණා.. ඩොක්ටර් විජේසිංහ ව ❞
❝ පස්සෙ මිස්ටර් යුවසිංහ මාව හම්බවෙන්න එන්නකො ❞
එදා මං අම්මා බලන්න යද්දි ඒ රූම් එකට ඇවිත් කතා කරපු ඩොක්ටර්. එදා එයා කිව්වා හේෂාන්ගෙ ඩොක්‍ටර් ගැනයි රිපෝට්ස් ටිකක් ගැනයි. මෙන්න මගෙ අවස්ථාව. සමහර විට ඒ ඩොක්ටර් දන්නවා ඇති හේෂාන් බලපු ඩොක්ටර්ව.
"ඒයි කොහෙද යන්නේ ?"
මං රේස් එකේ ඒ ඩොක්ටර්ව අල්ලන්න දුවද්දි අර දෙන්නා කෑ ගහනවා වගේ මට ඇහුණා. ඒත් මට මේ චාන්ස් එක නැති කරගන්න බෑ. මට මේ ගැටේ ලිහාගන්න ඕනි ඉක්මනින්.
"ඩොක්ටර්.."
................................................... 🖤 ...
🚫 රියැක්ට් නැත්තෙ කතාව ලස්සන නැති නිසාද ?
මින්දිට කියනවා මං ඊලඟ දවසේ හේෂාන්ට ලියුකේමියා කියලා
Sorry යාළුවනේ 😮💨
Sachy Collins