Spring is far away - 38
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 38 | Surprise
හිරුෂාන්ට බායි කියන ගමන් මං වාහනේට නැග්ගා. ඇත්තටම එයා හොඳ මනුස්සයෙක්. මං ආසයි නිවිලා ඉන්න මිනිස්සුන්ට. ඒ උනාට මගෙ හිත ගියෙම යක්ෂයෙක්ට..
හොඳ වෙලාවට එයා අද ගෙදර නැත්තෙ. මෙලහකට ඔෆිස් එකට ගිහින් ඉන්න අයට බනිනවා ඇති. නැත්තම් අභී එක්ක... නෑ මං මුකුත් කියන්නෑ 😑.
කොහොම හරි මං එකොලහ විතර වෙද්දි එහෙ ගියා. ගෙදර නම් වෙනසක් නෑ. මට එහාපැත්තෙන් ලාවට පෙනුණ ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එක නිසා ආයෙමත් මගෙ හිත ගිනි ගත්තා වගේ. කමක් නෑ තේෂාන්ගෙ වචන නිසා හරි මගෙ හිත නිවන්නෙ නැතෑ. අර යක්ෂ පැටියා අද නැති එකම හොඳා.
බෙල් එක ගහපු ගමන්ම දොර ගාව හිටියෙ තේෂාන්..
"ආහ්.. මින්දි.. එන්න ඇතුලට."
එහෙම කියපු එයා මගෙ අතේ තිබ්බ මල් එක දිහා බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් අවුල් වගේ තමා ඒත් මම වෙන හේතුවකට නෙවේ එයාට මල් එක දෙන්නේ. එයා ස්වාභාවික මල් වලට ආස නිසා. නැතුව මම තේෂාන්ට ආදරේ නෑ..
එයා සෝෆා එකෙන් ඉඳගත්තේ මාත් එහා එකකින් ඉඳගද්දි. ඒ එක්කම මං එයාගෙ පැත්තට මල් එක දික් කලා..
"අයියෝ.. අද අම්මා නෑනේ.. එද්දි ටිකක් දවල් වෙයි."
"අම්මට නෙවේ ඔයාට ගෙනාවේ."
"......"
තේෂාන් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා. ඉන්න පොඩ්ඩක්. මම එයාට පැහැදිලි කරලා දෙන්න ඕනි මොකක්ද මෙතන වෙන්නෙ කියලා.
"ඔයා රූම් එකේ මල් වාස් එකට ෆ්‍රෙෂ් මල් දානවා නේද. ඒකටයි මං ඔයාට ගෙනාවේ. එදා ඔයා මගෙ කොණ්ඩෙට ඩේසි මල් ගැහුවේ."
"අහ්.. බොරුවට කරදර වෙලානේ.."
"අපෝ නෑ. පාක් එක ගාවින් නේ එන්නෙ. ඉතින් මං ගත්තා. ඔයා ආස මල් නම් මං දන්නෙ නෑ."
"මං රෝස මල් වලටත් ආසයි."
"එහෙනම් අවුලක් නෑ."
එයා මල් එක අරගෙන නැගිට්ටා..
"එනවද මගෙ රූම් එක බලන්න යන්න."
"අහ්.. යමු."
එයා මගෙ අතින් අල්ල ගත්තා. මට නිකන් කරන්ට් එක වැදුණා වගේ. අයියගෙ මල්ලිනෙ ඉතින්. එකම ස්පර්ශයමයි. කොහොම හරි මමයි එයයි එයාගෙ රූම් එකට ගියා. එයාගෙ රූම් එක සම්පූර්ණයෙන්ම සුදු පාටින් හදලයි තිබුණේ. සුදුපාට ඇඳ ඇතිරිලි, සුදු පාට කබඩ්, බිත්ති. හරි පිළිවෙළට පිරිසිදුවට තියන් ඉන්නවා..
වැඩි වෙලාවක් යන්න කලින් එයා මල් ටික මල් වාස් එකට දැම්මා..
"ඔයාලා පොඩි කාලෙත් හිටියෙ මෙහෙද ?"
"ඔව් මින්දි.. මං පොඩිකාලෙ ඉඳන්ම හිටපු රූම් එක මේක."
"ඔයා හරි ලස්සනට රූම් එක තියන් ඉන්නවා."
"දැන් හොඳයි. චූටි කාලෙ මං බිත්තියේ අලෝලා තිබ්බ ඒවා එහෙම දැන් තිබුණා නම් ඔයා මෙහෙම කියන්නෑ."
"අහ්.. පිරිමි ළමයි කොහොමත් එහෙමනේ. සුපර් හීරෝස්ලාගෙ ෆොටෝස් එහෙම අලවගෙන නේ ඉන්නේ."
"ඔව්.. මං ඒකාලෙ ආසම බැට්මෑන්ට."
"අහ්.. ශෝක්නේ."
"ඔයා ?"
තේෂාන් එහෙම අහද්දි මගෙ මූණෙ තිබ්බ හිනාව නැති වුණේ ඒ කාලෙ දේවල් මතක් වෙලා..
"මට එච්චර ලස්සන අතීතයක් තිබුණෙ නෑ. අපේ ඕපනේජ් එකේ එකම එක ලස්සන බාබි ඩෝල් කෙනෙක් හිටියා. එයා එතන හිටපු ගෑනු ළමයෙක්ට තෑගි හම්බුණ එකක්. අපිට දකින්න උනේ දෙතුන් සැරයයි. ඒ බාබි ඩෝල්ට තිබුණේ ලස්සන රත්තරන් පාට දිග කොණ්ඩයක්. දිග ලස්සන රෝස පාට ගවුමක් ඇඳලා හිටපු එයාගෙ ඔළුවෙ ඔටුන්නකුත් තිබුණා.."
"බාබි ඩෝල්ස්ලාට නේ ගෑනු ළමයි කැමති ඉතින්."
"හැබැයි ඒකෙ අයිතිකාරි නම් අපිට එයාව අල්ලන්නවත් දුන්නෙ නෑ."
"අයියෝ.. කොහොමත් පොඩිකාලෙ එහෙම තමා. අයියයි මායි සෙල්ලම් බඩු වලට රංඩු වෙන තරම්."
"ඒක ඇත්ත."
"හැබැයි දැන් නම් බාබි ඩෝල් ලා ඕනි නෑ. ඔයා බාබි ඩෝල් කෙනෙක් වගේනේ."
මං හිනා උනා. එයා එහෙම හිතනවා නම් ඉතින් මං ලස්සන ඇති. එයාගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් මට වඩා ලස්සන ඇති හැබැයි.
"අපි යමුද පල්ලෙහාට."
"හ්ම්.."
එයා එක්ක මං පල්ලෙහාට ගියා. එයාගෙ කාමරෙන් එහාට ගියාම තමා හේෂාන්ගෙ රූම් එක තියෙන්නේ. අද එයා නැති එකේ ඒකට ශේප් එකේ ගිහින් එන්න ඕනි.
පල්ලෙහා සෝෆා එකේ ඉඳන් තේෂාන් මට එයාලාගෙ චූටි කාලෙ ෆොටෝ ඇල්බම් එකක් පෙන්නුවා. දැන් රිටවල් වගේ හිටියට ඒ කාලෙ හේෂාන් අල බෝලයක් වගේ. ඩයපර් එකක් දාලා බිම සෙල්ලම් කරන ෆොටෝ එහෙම දැක්කම මට එයාව මිරිකන්න හිතෙනවා. එයා මට කවදාවත් එයාගෙ ෆොටෝ පෙන්නලා නෑ. ලැජ්ජ ඇති..
"මට අයියා කිව්වා ඊයෙ වෙච්චි එක. සමහරවිට අයියා දැනටමත් හොයන් ඇති ඒක කලේ කව්ද කියලා."
"මම එයාට ඇන්ඩෲස් ගැන කිව්වා විතරයි හේෂාන්ට දැන් සැක එයාව."
"වෙන්න බැරි නෑ මින්දි.. මට ඔයාට රාදිතා අක්කා ගැන කියන්න දෙයක් තියනවා."
"මොකක්ද ?"
"එයා අපි හිතන කෙනා නෙවෙයි. එක දවසක් අයියට අසනීප වෙලා ඉද්දි මං රාදිතා අක්කට එන්න කිව්වම එයා මොකක්ද කිව්වෙ දන්නවද. එයාට වෙන වැඩ නැතුවද, එයාට ඕනි තරම් වැඩ තියනවා, මොකක්ද ඔච්චරම තියන අමාරුව කියලා ෆෝන් එක කට් කරා."
"මොකක් 😨 ?"
"ඔව්.. තව දවසක් මං අයියට මේ ගැන කියන්න යද්දි, අයියා උඩට යද්දි රාදිතා මට කිව්වා. ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි මං, පුළුවන් නම් හේෂාන්ට කියනවා, එයා මැරුවත් පිළිගන්න එකක් නෑ, එයා කොහොමත් මෝඩයිනේ කියලා. ඒ මදිවට පිස්සියක් වගේ හිනා උනාත් එක්ක."
ඇත්තටම මම එවෙලෙ හිටියා නම් රාදිතාව මරන්නෙ එතන තිබ්බ බඩුමුට්ටු වලින් ගහලා. එයා කොහොමද එයා මැරි කරන්න ඉන්න කෙනාට ඒ විදිහට අගෞරව කරලා කතා කරන්නේ. මං දන්නවා රාදිතා ඒ විදිහ කියලා. රාදිතා හැමදාම මාව අඬවනවා මගෙ අසරණකම ප්‍රයෝජනයට අරන්. ඒත්..
එයා කොහොමද හේෂාන්ට ඒ විදිහට කතා කරන්නේ ?
"ඊට පස්සෙ මං ඒ ගැන අයියට දෙතුන් වතාවක කියන්න හැදුවත් අයියා ඒක පිළි ගත්තෙ නෑ. අනික රාදිතා අයියා ඉස්සරහා රඟපාන්නෙ පොඩි බබෙක් වගේ. මම එයාට එකේක ඒවා කියද්දි එයා අඬනවා. ඉතින් අයියා මට බනිනවා."
"ඔයා විතරක් නෙවෙයි තේෂාන් රාදිතාගෙ ඇත්ත දන්නේ. ඒක මමත් දන්නවා."
"ඔයා 😨 ?"
"ඔව්.. රාදිතා මට කෝල් කරලා බැන්න විදිහ මට තාම මතකයි."
මම ගොඩාක් කල් ඉඳන් බලන් හිටියේ තේෂාන්ට හරි මේ ගැන කියන්න. මොකද හේෂාන්ට කිව්වට එයා මේක පිළිගන්නෙ නෑ රාදිතාව සුද්ද කරනවා මිසක්..
❝තමුන් හිතන් ඉන්නෙ යුවසිංහ ගෲප් එකට ගියා කියලා උඩ පනින්නද. ❞
❝ තමුන් හේෂාන් ඉස්සරහට ගියේ ආයෙ එයාව අල්ල ගන්නද. ඒ මනුස්සයා රූම් එකට ආවම ඇඬුවෙ අල්ල ගන්න හිතාගෙනද ❞
❝ තමුන් දන්නෙ හැම එකටම අඬන්න විතරයිනේ. ඉතින් අඬනවා. කඳුළු පෙරාන අඬනවා. අවසාන වතාවට එකක් මතක තියා ගන්නවා. මගෙ හේෂාන්ගෙ ඇඟේ එල්ලෙන්න ආවොත් මං තමුන්ට කරන දේ තමුන් දන්නෙ නෑ.. එච්චරයි ❞
❝ මං තමුන්ට ආයෙ කියන්නෙ නෑ මින්දි. එන සඳුදා තමුන් යුවසිංහ ගෲප් එකෙන් රෙසිග්නේෂන් දීලා අයින් උනේ නැති උනොත් මං තමුන්ට කියලා දෙන්නම් මේ රාදිතා ෆර්නැන්ඩස් කියන්නෙ කව්ද කියලා ❞
මතක් කරලා මම ඒ හැමදෙයක්ම කියලා දැම්මා..
"ඇයි ඔයා මේ කිසි දෙයක් අපිට කිව්වෙ නැත්තේ. ඔයා කිව්වා නම් අයියා මේ හැම එකක්ම විශ්වාස කරනවානේ 😦."
තේෂාන් දන්නෙ නෑ එදා මට කියපු අනිත් ඒවා. ඒ හැම දෙයක්ම දන්නවා නම් එයාලා රාදිතාව ඉතුරු කරන්නෙ නෑ. මං අදාල ටික විතරයි මතක් කර කර කිව්වේ. ඒ උනාට මගෙ ඩයරියේ ඒ හැම දෙයක්ම ලියලා තියෙන්නෙ ලස්සනට.
"විශ්වාස කරන නිසා තමයි මං කිව්වෙ නැත්තේ. මං ආස නෑ ඒ දෙන්නගෙ මැරේජ් එක කැඩෙනවට. දැනටමත් මුළු ලංකාවම දන්නවා එයාලා මැරි කරන්න යන්නෙ කියලා. එහෙව් එකේ මේක එකපාරටම නැවතුණොත් හේෂාන්ටමයි ලැජ්ජාව. මං ආස නෑ එයාට කිසිම විදිහකින් අගෞරවයක් වෙනවට."
ඔව්.. මං ආස නෑ ඒකට. කොච්චර නම් මං එයා නපුරුයි කියලා බැන්නත් එදා තිබ්බ ආදරේ දශමෙකින් වත් අඩුවෙලා නෑ ♥..
"ඒක හරි.. ඒත් අයියා රාදිතා ගැන ඇත්ත දැන ගන්නේ මැරේජ් එකෙන් පස්සෙ නම් එයා එයාව ඩිවෝස් කරයි අනිවාර්යයෙන්ම."
"මම හිතන්නෙ නෑ රාදිතා නරකම කෙනෙක් කියලා. සමහරවිට රාදිතා එහෙම කරනවා ඇත්තෙ මං හේෂාන් එක්ක ඉන්නවට අකමැති නිසා වෙන්න ඇති. නැත්තම් එයා හිත් වේදනාවකින් ඇත්තේ. නැත්තම් එයාගෙ හැටි වෙන්න ඇති. අපි දන්නෙ නෑනෙ එයාට මානසික ලෙඩක් තියනවාද කියලා."
"එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මැරේජ් එකට මොනා හරි උනොත් ඇන්ඩෲස් අංකල් නම් නිකන් ඉන්න එකක් නෑ. එයා ගැන අපි හොඳටම දන්නවනේ."
"මොනාද ?"
"ඇන්ඩෲස් මිනිස්සු වගයක් දම්මලා කෙනෙක්ව මරලා තියනවලු. හැබැයි ඒ කේස් එක සල්ලි නිසාම වැහිලා ගියා. දැන් මිනිස්සු හොයන්නෙ එයාලගෙ තත්වෙ විතරයි. අතීත කතා මිනිස්සුන්ට අදාල නෑ."
"මොකක්.. එයා මනුස්සයෙක් මරලා ?"
"කතාවෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ. ඒ දවස් වල එහෙම එකක් ගියා. ඒ නිසා රාදිතාගෙ අම්මත් වෙන් වෙලාලු ඉන්නෙ."
මං අදමයි ඇහුවෙ එහෙම කතාවක්. දෙවියනේ ඇන්ඩෲස් මිනීමරුවෙක් නම් මට එදා තර්ජනය කරපු විදිහට මොනා කරයිද. කතාවෙන් කතාව මට තේෂාන්ටයි යක්ෂ පැටියටයි ගෙනාපු කප් කේක් දෙක තුනත් අමතක උනා.
"මං ඔයාට කෑමක් ගෙනාවා. මට අමතක උනානෙ අරන් එන්න."
"මොනාද ?"
"ඉන්නකො මං අරන් එන්නම්."
මං එහෙම කියලා එළියට ගියේ කාර් එකේ තිබ්බ කප් කේක් අරන් එන්න. මට අමුත්තක් දැනෙනවා. වෙනදට හේෂාන් ඔෆිස් එන කාර් එකත් එයාලගෙ ගැරිජ් එකේ තියනවා. ඒත් එයා අද යනවා කිව්වනේ. ඒ උනාට මට අමුත්තක් දැනෙනවා තමා. හරියට නිකන් කවුරු හරි මං දිහා බලන් ඉන්නවා වගේ.
ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේ ගේට්ටුවත් ඇරලා. අද මෙහෙ කවුරුත් නෑ කිව්වනේ. මේඩ්ස්ලාත් ගිහින් කිව්වනේ. එතකොට ඇයි මට අමුත්තක් දැනෙන්නේ ?
තඩ්..
ආපු තද හුළං පාරත් එක්ක උඩ තට්ටුවේ ජනේලයක් හයියෙන් වැහිලා ගියේ මං ගැස්සිලා ඒ දිහා බලන් ඉද්දි. බැල්කනියෙ දොර තමා ඒ වැහිලා තියෙන්නෙ. අම්මෝ දැන් නම් බයෙත් බෑ. යුවසිංහ බංගලාවෙ හොල්මන් ඉන්නවද දන්නෑ. අද ටිකක් අඳුරුයිත් එක්ක. වහින්න වගේ ගතියකුත් තියේ.
මං ඉක්මනින් කප් කේක් හතරත් අරගෙන ගේ ඇතුලට ගියා. නැත්තම් මං එළියෙ හිටියොත් නූල් බඳින්න වෙනවා බය වෙලා.
"ඔයා විතරද ගෙදර ඉන්නෙ ?"
"ඔව්.. මේඩ්ස්ලා නම් තව ටිකකින් එයි. අම්මයි තාත්තයිත් දවල් වෙද්දි එයි."
මං එයාට චොකලට් කප් කේක් ටික දුන්නා. කප් කේක් එක උඩින් බටර් ක්‍රීම් දාලා ස්ප්‍රින්කල්ස් දාලා හැදුවම නම් කව්ද අකමැති.
"වාව්.. පෙනුමෙන් නම් රහයි වගේ"
"වැඩිය Suger දාලා නෑ. අම්මටයි තාත්තටයිත් එක්ක ගෙනාවේ. හේෂානුත් ආසයිනේ චොකලට් වලට."
"හ්ම්.. අපි ලන්ච් ටයිම් එකේ කමුකො."
"ඊයෙ අයියා මං ගැන මුකුත් කිව්වෙ නැද්ද."
"මොකක්ද ?"
"මං එයාව දාලා ආවා කියලා ?"
"ආහ්.. ඔව් ඔව් කිව්වා තමා. එයා ඩ්‍රයිවර් කෙනෙක් හොයන් එද්දි ඔයා ගිහින් කිව්වා 😄."
"එයා ඒකට මං එක්ක තරහින්ද දන්නෑ ඉන්නෙ. මම ඒ ඩ්‍රයිවර් එක්ක ආවා නම් මං කොහොමද තේෂාන් මගෙ කාර් එක ගෙනියන්නේ. අනික මං ආස නෑ හේෂාන්ට කරදර කරන්න. ඊයෙ මගෙ සපත්තු දෙක කැඩිලා එයා මට ලස්සන ශූස් දෙකකුත් අරන් දුන්නා."
"එයාට ඕවා කරදරයක් නෙවේ. හැබැයි පොඩ්ඩක් අවුලෙන් ඇත්තේ."
කතාවෙන් කතාව මට මතක් උනා අභීව. හේෂාන්ගෙන් අහන්න බැරි නිසා මට මේක තේෂාන්ගෙන් අහන්නම ඕනි. එයා මට උත්තර දෙයි.
"හ්ම්.. අහන්නකො තේෂාන්.. මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා."
"මොකක්ද ?"
"අභී කියන්නෙ කව්ද ?"
"ආහ්.. ඔයා අහන්නෙ අපේ අයියගෙ සෙකට්‍රි ගැනනේ. ඒ අභිමානි. අපේ තාත්තගෙ නංගිගෙ පොඩි දුව."
"එයා.. හේෂාන් එක්ක.. එකතුද ?"
මං නවත්ත නවත්ත අහද්දි තේෂාන් හිනා වෙන්න ගත්තා. ඒත් එකපාරටම එයාගෙ හිනාව නැවතුණා. එයාගෙ ඇස් යොමුවෙලා තිබුණෙ මගෙ පිටිපස්සට. ඉතින් මං හැරෙන්නයි ගියේ.
"ඔව්.."
මගෙ කන ළඟින්ම මට ඇහුනෙ හේෂාන්ගෙ කටහඬ. බය උන පාර මං ගැස්සිලා පුටුවෙන් නැගිට්ටවුනේ පිටිපස්ස හැරෙන ගමන්..
අත් දෙකත් පපුවට අරගෙන මං බලාගෙන හිටියේ මගෙ පිටිපස්සෙන් ඇහුණ කටහඬේ අයිතිකාරයා දිහා. ඔෆිස් යනවා කිව්ව කෙනා මගෙ ඉස්සරහා හිටන් ඉන්නවා. ලා නිල් පාට ටී ශර්ට් එකට එයා හරි ලස්සනට කැපිලා පේනුනා. ඒ උනාට ඒ මූණෙ තිබුණෙ අමුතු බැල්මක්. හරියට නිකන් ලාවට පාන හිනාවක් වගේ. ඇත්තටම ඇහෙන්න අනවශ්‍යම ප්‍රශ්නයක් තමා හේෂාන්ට ඇහිලා තියෙන්නේ. ඒ උනාට තේෂාන් කිව්වෙ හේෂාන් ඔෆිස් එකට යනවා කියලනේ. ඇයි මට එයා මෙහෙම දෙයක් කලේ.
මං තේෂාන් දිහා බලද්දි එයා මූනට අතක් ගහගෙන. අනේ මාව බේරගන්නකෝ. හේෂාන් මාව මරයිද දන්නෑ එහෙම අහපු නිසා.
"ඔව්.. මායි අභිමානියි ගොඩක් එකතුයි."
එයා අඩියෙන් අඩිය මං ගාවට එද්දි මං අඩියෙන් අඩිය පස්සට ගියා. මට පිටිපස්සෙ තියන මුකුත් පේන්නෙ නෑ. ඉතින් මම වැටුණොත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට අල්ලගන්න වෙනවා. නැත්තම් මගෙ කොන්ද දෙකට මැද්දෙන් කැඩෙයි.
"සමහර වෙලාවට.."
සෝෆා එකක කකුල් වැදුණ නිසා මාව නිකන්ම ඉන්ද වුනා. ඒ එක්කම එයා මගෙ කනට ලං උනා..
"අපි ඕනැවටත් වඩා ලං වෙනවා."
................................................... 🖤 ...
හේෂාන් දැන් ඕනෑවට වඩා වැඩියි නේද 😁
Sorry පරක්කු වෙනවාට. මම ඉක්මනින් මේ කතාව ඉවර කරන්නයි බලන්නේ මේ ටිකේ. මොකද මට එක්සෑම් වලට මාස 1, 1/2 යි නේ තියෙන්නේ.
Sachy Collins