Spring is far away - 35

Spring is far away - 35

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 35  |  Do you still love me

Previous


"ඈව්ව්....."


බෑග් එකත් බිමට අතෑරෙද්දි මම කෑ ගහන් අයිනකට ගුලි උනා. ඒ එක්කම දොර වැහුණේ අර මනුස්සයා ආයෙමත් අනිත් පැත්තට දුවගෙන බිල්ඩින් එකෙන් එළියට යද්දි. ලාවට බොඳ වුණ රූප පැහැදිලි වෙලා එද්දි මම බැලුවේ මගෙ ඇඟ දිහා. ඒ එක්කම බිමට වැදිලා තිබුණ වතුර වගේ දේකුත් මම දැක්කා. මගෙ බෑග් එක ඒ තෙත ගොඩ උඩ වැටිලා පාටත් පිච්චිලා.


දෙවියනේ,

ඒ කියන්නෙ මේ වෙන කිසිම දෙයක් නෙවෙයි... ඇසිඩ්..


ඇඟට කිසිම හානියක් නැතුව ඉන්නවාට මගෙ හිතට සතුටක් දැනුනත්, ගවුමෙ කොනක් පිච්චිලා ගිහින්. වුණේ මොකක්ද, හිටියෙ කව්ද කියලා වත් මට හරියට මතක නෑ. එහෙට මෙහෙට පැතිරිලා යන ඇසිඩ් බිංදු වලින් ඈත් වෙන්න මම පුළුවන් තරම්ම ගුලි උනා..


Ding..


කඳුළු වලින් බොඳ වුණ වටපිටාවක මම දැක්කෙ දොර ගාව කවුරු හරි දෙන්නෙක් හිටන් ඉන්නවා වගේ..


"මින්දි.."


කටහඬින් මට අඳුනගන්න පුළුවන් ඒ කව්ද කියලා. එකපාරටම හේෂාන් මාව තුරුල් කරගත්තෙ මමත් ඒ පපුව අස්සෙ මූණ හංග ගද්දි.


"මොකද උනේ.. ඇයි මේ ?"


එයා මගෙ ඔළුව පිරිමදිනවා වගේ මට දැනුණා. ඔව් එයා මාව තදින් තුරුලු කරන්..


"ඒ බන්.. මේ මොනාද මේ බිම හැලිලා තියෙන්නේ ?"


ඒ අහස්ගෙ කටහඬ. අහස් ඉක්මනින් මගෙ බෑග් එක අතට ගත්තා. එතකොට එයා දැක්කා මගෙ සුදු පාට බෑග් එක දුඹුරුපාටට පිච්චිලා තියන විදිහ.


"හේෂාන්.. මේ ඇසිඩ්නේ.."


"මොකක් ?"


"ඔව්.. මේ බෑග් එක පිච්චිලා තියෙන්නෙ 😨."


එකපාරටම හේෂාන් මගෙ අත් දෙකෙන් අල්ලලා ඈත් කලා. ඒ වෙද්දිත් මගෙ මූණ සම්පූර්ණයෙන්ම රෝස පාට වෙලා.


"ඔයාට වැදුනද ?"


"නෑහ්.."


"කව්ද මේක කරේ ?"


"......"


"මම පල්ලෙහාට ගිහින් බලලා එන්නම්. සමහරවිට මේ වැඩේ කරපු එකා වැඩි දුරක් යන්න නම් නෑ."


එහෙම කියපු අහස් ඉක්මනින් තරප්පු පෙල දිහාට දිව්වා. මම තාමත් එයා එක්ක එලෙවේටර් එක ඇතුළෙ. මගෙ කටත් ලොක් වෙලා වගේ.


"ඔයාගෙ කොහෙ හරි පිච්චුනාද ?"


"නෑ.. නෑ.."


"එන්නකො අපි මගෙ ඔෆිස් එකට යමු."


මාව අත් දෙකටම ගන්න ගමන් එයා ගියේ කෙලින්ම එයාගෙ ඔෆිස් එකට. එහෙම්ම ගිහින් මාව ඉස්සරහා අයිනෙම තිබ්බ සෝෆා එකේ ඉන්දෙව්ව පාර ගවුමත් උඩ ගියා. එයා ඒ දිහාට ඇස් හරවන්න කලින් මං ඉක්මනින් ගවුම හදා ගත්තා.


"අභී.."


"සර් ?"


"ටනාෂියාට ඉක්මනින් කියන්න ඔෆිස් එකට එන්න කියලා."


"ඕකේ සර්."


මම තාමත් එයාට ගුලි වෙලා. වුණ දෙයක් හිතා ගන්න බෑ. මම තාමත් කල්පනා කරනවා මම කොහොමද ඒ ඇසිඩ් වලින් බේරුණේ කියලා. අනික මට එහෙම දෙයක් වුනේ ඇයි ?


"මින්දි.. කාම් ඩවුන්.."


මගෙ ඔළුව උඩින් නිකට තියන් එයා මාව තුරුළු කරන්. මට ඕනි නෑ මෙහෙම ඉන්න. ඒත් මගෙ ගැස්සුන හිත මට හදාගන්න ඕනි..


බය වෙන්න දෙයක් නෑ මින්දි. ඔයා ඉන්නෙ එයාගෙ ඔෆිස් එකේ, එයාගෙ පපුව උඩ, ඒ අත් දෙකට මැදි වෙලා. ඉතින් තව මොන ආරක්ෂාවක්ද ?


මට දැන් අපහසුම කෙනා අද මගෙ ගාවටම වෙලා මට හෙවණ දෙන නුග ගහක් වගේ ඉන්නවා..


මිනිස්සු මොනා හිතුවත් මට කමක් නෑ. ඔයා කැමැත්තෙන්ම මාව තුරුළු කරගත්තා, ඔයා මෙවෙලෙ මං ගැන හරියට වද වෙනවා, මං ගැන හොයලා බලනවා, මාව සන්සුන් කරනවා..


ඉතින් ඔයා මට කියන්නෙ.. ඔයා තාමත්.. මට..


ආදරෙයි කියලද ?


"සර්.. ටනාෂියා එයි."


ටනාෂියා.. ඒ අර ඩිටෙක්ටිව්. මට කතා කරපු සුදු උස කෙට්ටු ගෑනු ළමයා. එයා ඇයි මේ හදිස්සියේ මෙහෙ එන්නෙ. මට මුකුත් උනේ නෑනෙ. මං හිමිහිට එයාගෙ පපුව උඩින් නැගිට්ටෙ සෝෆා එකේ අයිනටම වෙන ගමන්.


"ඔයාගෙ ඇඟේ කොහෙටවත් වැදුනෙ නෑ නේද ?"


එයා එහෙම අහද්දි මට බිම බලාගෙනම ඔළුව වනන්නයි උනේ. දැන් මෙතෙනට රාදිතා ආවා නම් බලා ගන්න තිබුණා හොඳම ජවනිකාව..


"ඔයාට මතකද ඒ මනුස්සයාව ?"


"ම්..නෑ.. එයා කළුපාටම ඇඳන් හිටියේ."


"මූණ මතක නැද්ද ?"


"නෑ.. කළුපාට මාස්ක් එකක් දාන් හිටියෙ.. සර්.."


"ඕකේ.. ඔයා කිසිම දේකට බය වෙන්න එපා මින්දි. මම මේ හැමදේකම අග මුල හොයා ගන්නවා."


එයා එහෙම කියලා මගෙ ඔළුව ආයෙමත් ඒ පපුව උඩට හේත්තු කරගත්තා. ඔයාගෙ කැමැත්තෙන් නම් මාව තුරුලු කරගත්තේ, ඒකත් මගේ තීරණය තමයි. ඔයාගෙ තැන ඔයාට අයිති කෙනෙක් වෙලා මට ඔයාට පිටින් වැඩ කරන්න බෑ හේෂාන්..


ඒත්..


❝ ඔයාගෙ ගවුම මාරු කලේ මේඩ්ස්ලා නෙවෙයි. හේෂාන් ❞


❝ එයා අවස්ථාවාදී කොල්ලෙක් නම් එහෙම කරන්න ඇති ❞


පාර්ටි එක වෙලේ ටනාෂියා කිව්ව ඒවා මතක් උනාම කරන්ට් වයර් එකක් ඇඟ උඩට වැටුණා වගේ මං ගැස්සිලා නැගිටලා සෝෆා එකේ කොනටම උනා.


ගවුම දිහා බලද්දි තමයි දැක්කේ. ගවුමෙ කොනක් පිච්චිලා ගියානේ. මං ඉක්මනින් එතන මිරිකගත්තා. හේෂාන් ඒක දකින්න ඇති..


දැක්කා තමයි. වැඩි වෙලාවක් යන්නත් කලින් මගෙ ඔඩොක්කුව වැහෙන්න තිබ්බෙ එයාගෙ කෝට් එක. ඊට පස්සෙ එයා ටේබල් එක උඩ තිබ්බ ග්ලාස් එකයි ජග් එකයි ගත්තා. එහෙම්ම මං ගාවට ඇවිත් ජග් එක මේසෙ උඩින් තියලා වතුර කට මට්ටම් පුරෝපු කෝප්පෙ මට දික් කලා.


"තැන්කියු."


විනාඩි පහක් විතර යද්දි ටනාෂියා ආවා. එයා මං එක්ක කතා කරලා විස්තර ඇහුවා. මම දැක්ක දේවල් තමයි හේෂාන්ට කිව්වෙ. ඉතින් ආයෙ මොනා කියන්නද. ඒ උනාට එයාලා මගෙන් ප්‍රශ්න කලේ මම සමහර දේවල් හංගලා බොරු කිව්වා වගේ..


"අහස්.. ඔයාට ඒ මනුස්සයාව හම්බුණේ නැද්ද ?"


"නෑ බන්. ඌ පැනලා එතනින්. හැබැයි මං CCTV රෙකෝඩින්ස් හොයා ගත්තා. අපිට ඉක්මනින් හොයාගන්න බැරි වෙන එකක් නෑ."


"ටනාෂියා.. කිසිම කෙනෙක්ට මේ ගැන කියන්න එපා. අපි ඒ මනුස්සයා හොයා ගන්නකම්."


හැමෝම වගේ එතනින් ගිහින් අන්තිමට ඉතුරු උනේ මායි අහසුයි හේෂානුයි ටනාෂියායි. මම තාමත් අත් දෙක බැඳගෙන බිම බලන්..


"ඔයාට කවුරු හරි සැක කෙනෙක් ඉන්නවද හේෂාන් ?"


"හිතාගන්න බෑ. ඒත් මට හිතෙනවා මින්දිට මෙහෙම දෙයක් කලේ මට ඇටෑක් එකට කියලා."


"මින්දි මොකද කියන්නේ ?"


එකපාරටම මං පියවි සිහියට ආවේ ටනාෂියාගෙ ප්‍රශ්නෙන්. ඒත් එක්කම මගෙ මනස ඇතුලෙන් කලින් මට ඇහුණ කටහඬවල් ඇහෙන්න ගත්තා..


❝ හොඳින් කියන්නම් දුව. හේෂාන් කියන්නෙ මගෙ දුව මැරි කරන්න ඉන්න කෙනා. මට ආරංචි උනා මේ දවස් ටිකේම එයා එක්ක කියලා. කරුණාකරලා එයාගෙන් ඈත් වෙලා ඉන්න. මම අකමැතියි නරක මනුස්සයෙක් වෙන්න ❞


❝ පුළුවන් ඉක්මනින් යුවසිංහ ගෲප් එකෙන් තොරොන්චි උනොත් හොඳයි. ඔයා අපේ බිස්නස් වලට අත නොදා ඉන්න එකත් ඇඟට ගුණයි ❞


ඇන්ඩෲස්.. අවසානෙට මට තර්ජනය කලේ ඇන්ඩෲස්. රාදිතාට අමතරව මට දෙයක් කියපු කෙනා එයා. රාදිතාත් මට කලින් මරණ තර්ජනත් එල්ල කරලා තියනවා. ඒත් රාදිතාට කවදාවත් මට මුකුත් කරන්න බෑ. ඒත් එක්කෙනෙක්ට පුළුවන්. ඒ එයාගෙ තාත්තාට,


"මිස්ටර් ඇන්ඩෲස් ෆර්නැන්ඩස්.. එයා මට එදා පාර්ටි එක දවසෙ තර්ජනය කරා එයාගෙන් පරිස්සම් වෙන්න කියලා."


"What ?"


සේරම එකට එහෙම කිව්වෙ මං එකපාරටම ඇන්ඩෲස් මට තර්ජනය කරපු එක ගැන කියද්දි. බොරු නෙවෙයිනේ. මම ඇත්ත කිව්වොත් විතරයි මට බේරෙන්න පුළුවන්. අද මට මෙහෙම දෙයක් උනේ ඇන්ඩෲස් නිසා නම් ඉදිරියේදි මගෙ මරණෙත් වෙන්නෙ ඒ මනුස්සයගෙ අතින් වෙන්න පුළුවන්.


"ඔව්.. මට හේෂාන්.. නෑ.. සර් එක්ක සම්බන්ධයක් තියනවා කියලා එයාට සැකයි."


"ඇයි ඔයා මට ඒක ගැන කිව්වෙ නැත්තේ ?"


හේෂාන් මං දිහා බලලා සද්දෙන් එහෙම කියද්දි මාව නිකන්ම ගැස්සුනා. එදා එයාට මේක කිව්වා නම්.. නැහැ.. එදා ඉඳන් මට රාදිතායි ඇන්ඩෲස්යි කරපුවා කිව්වා නම් හේෂාන් එයාලව මරලා පස්ස බලන්නේ.


"එයා ඒක මටනෙ කිව්වෙ සර්. ඒක මං වෙන කාටවත් කියලා හරියන්නෙ නෑනේ. ඒක මගෙ පර්සනල් දෙයක්."


"ඇයි මම වෙන කවුරුවත්ද ?"


මගෙ දෙතොල් වලට මිලිමීටර් ගාණක් තියලා ලං වෙලා එයා එහෙම කියද්දි මගෙ ඇඟත් සීතල උනා වගේ. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා හේෂාන්. මෙතන අහසුයි ටනාෂියායි ඉන්නවා.


"මාව දන්නෙම නැද්ද. මම අමුතු මනුස්සයෙක්ද. මම අඳුනන්නෙ නැති කෙනෙක්ද ?"


මං බය වෙලා වගේ අනිත් දෙන්නා දිහා බැලුවා. කවුරු හරි දැක්කොත් අපි මෙහෙම ලං වෙලා ඉන්නවා, හෙට උදේට හොඳ කතා ටිකක් යයි ඔෆිස් එකේ. අනික ඇන්ඩෲස් මාව කෑලි කරලා තියෙයි.


"හේෂාන්.. මේ ඔෆිස් එක. ඔයාලා දෙන්නගෙ පර්සනල් දේවල් වෙන තැනකදි කරගන්න."


"නෑ නෑ.. එහෙම.. පර්සනල්...."


ටනාෂියා කිව්ව එකට මම එහෙම ගොත ගගහා කිව්වෙ බොහොම අමාරුවෙන් ඒත්. මගෙ රියැක්ශන් එක දැකලා අහස්ට හොඳටම හිනා.


"අහ්.. ඔය කෙල්ලව බය කරන්නෙ නැතුව ඉන්න හේෂාන් 😄."


අහස් එහෙම කිව්ව නිසාද කොහෙද හේෂාන් මං ගාවින් අයින් උනා. මාව දැන් අරගොල්ලන්ට පේන්නෙ ස්ටෝබෙරි ගෙඩියක් වගේ. ඇත්තටම ලැජ්ජයි මට එයා එහෙම ලං වෙලා කතා කරපු විදිහට. අනික මේ දෙන්නා ඉස්සරහා. තනියම ඉද්දි නම් කමක් නෑ. වැරදිලා කියලා හරි හිතා ගන්න පුළුවන්. ඒත් එයා පිස්සෙක් වගේ මෙයාලා ඉස්සරහා හැසිරෙද්දි මටනෙ ඉවසන්න බැරි..


දැන් ඈතට ගිහින් මං දිහා හොරෙන් බලනවා..


"මින්දි.. ඔයාට අපි වෙනම කාර් එකක් එවන්නම් ගෙදර යන්න. ඔයා තනියම යන එක සේෆ් නෑ. ගෙදර ඉන්න අර ගෑනු ළමයා එක්ක දොරවල් වහන් ඉන්න. ඕකේ ?"


"හරි."


"ඔෆිස් එකේ ඔයාගෙ ටේබල් එකේම ඉන්න. නැත්තම් හේෂාන් එක්ක ඉන්න. අපි අදම මේක ඉවරයක් කරලා දානවා."


මොකක්.. හේෂාන් එක්ක ඉන්න ?


විකාර කියලා හිතුවද මට. දැනටමත් එයා මාව ගිනි තියලා ඉන්නේ. මම හිටියොත් මෙතන මාව පුච්චලා අලු කරලා තියෙයි.


"අපි යනවා මින්දි. හැබැයි ආයෙ එනවා. ස්ටේ සේෆ්."


"ඉ.. ඉන්න."


මං එයාලාට ඉන්න කිව්ව එක එයාලාට ඇහෙන්නෙ නැතුව ඇති. හේෂාන් ඔහේ බලන් ඉන්නවා පල්ලෙහා පාර දිහා. මං එයා දිහායි බිම දිහායි මාරුවෙන් මාරුවට බලන් ඉන්නවා.


එකපාරටම මං එයා දිහා බැලුවා විතරයි එයත් මං දිහා බලාගෙන. අපි දෙන්නම එකපාරටම ගැස්සිලා අහක බලාගත්තා. මට යන්න අහන්නත් හිතයි. ඒත් මට හිතෙනවා එයා මට යන්න දෙන්නෙ නැතිවෙයි කියලා. මොකද මේ සිදුවීමෙන් පස්සෙ එයා ටිකක් බයේ ඉන්නෙ.


එකපාරටම මගෙ ළඟින් එයා ඇවිත් ඉඳගත්තේ මං එයා දිහා දිගින් දිගටම බලන් ඉද්දි..


"මින්දි.. මට ඇත්ත කියන්න."


"මොකක්ද සර් ?"


"මිස්ටර් ඇන්ඩෲස් ඔයාට මොකද කිව්වෙ ?"


"ඔයාගෙයි රාදිතාගෙයි අතරට පනින්න එපා කිව්වා. එයා නරක මනුස්සයෙක් වෙන්න කැමති නෑ කියලා."


"තව මොනාද කිව්වෙ ?"


"ඔෆිස් එකෙන් අයින් වෙන්නත් කිව්වා."


මං ඊට එහා කියන්න ගියෙ නෑ. එයා එකපාරටම දිග හුස්මක් හෙලලා ග්ලාස් එකෙන් ඈත බලාගත්තා. මම තාමත් බිම බලන්.


"ඔයා ඒ මනුස්සයා කියන කිසිම දේකට බයවෙන්න එපා මින්දි. එයාට ඔයාට මුකුත්ම කරන්න මං ඉඩ තියන්නෙ නෑ."


"ඒ උනාට හේෂාන්.. අපි මීටත් වඩා ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ.."


එහෙම කියද්දි එයා මගෙ මූණ දිහා බලාගත්තා. මට ඒ බැල්ම මගෙ ඇස් කෙලින් වැටෙද්දි හරි අපහසුයි. හරියට නිකන් ගොළු වෙනවා වගේ. ඒ හින්දම මං ආයෙමත් ඇස් හැරෙව්වා.


"අපේ තව මොනා ඈත් වෙන්නද ?"


"ඈත් වෙනවා කියන්නෙ මෙකට නෙවෙයි හේෂාන්. අපි වෙන් උනා නම් ඇයි ඔයා එදා මාව කිස් කලේ ?"


මං එයාගෙන් එක අහද්දි එයා මං දිහා ගල් පිළිමයක් වගේ බලන් හිටියා. ටික වෙලාවක් යද්දි එයා නැගිටලා ගිහින් පොකට් දෙකට අත දාගත්තේ පල්ලෙහා බලන ගමන්. මට අදාල නැති එකක් කියවුණාද මංදා.


"ඔව්.. මං කිස් කලා."


එයා එයාගෙ වැරැද්ද පිළිගත්තු එකට නම් මට පුදුමයි..


"පාර්ටි එකේත් මං එහෙම කරන්න හැදුවා. හැබැයි ඒක හෙටත් වෙන්න බැරි නෑ."


කිසිම ගාණක් නැති රස්තියාදු කාරයෙක් වගේ එයා මගෙ දිහාවට අමුතුම බැල්මක් එල්ල කරලා එහෙම කියද්දි මගෙ ඇඟ සීතල උනා.


"මම එකපාරටම වෙනස් වෙන්න රොබෝ කෙනෙක් නෙවෙයි. මට ටික කාලයක් යයි අපේ මතක වලින් මිදෙන්න."


"මටත්.."


"ඒ උනාට ඇන්ඩෲස්ට ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්න බෑ. මම ඔයාව කිස් කලත් මම ඔයා එක්ක සෙක්ස් කලත් ඒ මනුස්සයාට මොකද."


එයාට තරහා ගිහින්ද කොහෙද එහෙම එකක් කියද්දි මට නිකන්ම කරන්ට් එක වැදුණා වගේ. ඔය කටට බ්‍රේක් නෑ තමා යක්ෂාවේස උනාම.


"ඔයා මගෙ මිස්ට්‍රෙස් උනත් කමක් නෑ මින්දි.. ඒක මගේ ඌමනාවට. ඒත් ඒ මනුස්සයාට අපි දෙන්නා අතර තියන පර්සනල් දේවල් මොකටද ?"


"......"


කියන්න කිසිම දෙයක් නෑ. මං එයා දිහා බලාගෙන හිටියා විතරයි. වෙලාවකට මට හිතෙනවා එයා මං ගැන මෙච්චර හොයන එකේ යටින් මොකක් හරි ප්ලෑනක් තියනවා කියලා. නැත්තම් එදා මාව එයාපෝර්ට් එකේදි අතෑරලා දාලා ගියපු කෙනා අද මෙහෙම කතා කරයිද.


"මම කොච්චර ඔයාගෙන් ඈත් වෙලා ඉන්න හැදුවත් ඒක කරන්න බෑ. ඔයා මං හින්දා හැම වෙලේම එකේක ප්‍රශ්න වල පැටලෙනවා. ඉතින් කොහොමද අපි සෙපරේට් වෙන්නෙ ?"


"එක්කො ඇන්ඩෲස්, නැත්තම් රාදිතා. ඔයා හැම වෙලේම මං නිසා විඳවනවා. මං හරි අකමැතියි මින්දි ඔයාට ඔහොම වෙනවට. ඒකයි මං ඔයාගෙ පස්සෙන් මෙහෙම ඉන්නේ. සමහරවිට මගෙ මැරේජ් එකෙන් පස්සෙ ඔයාට ඔය කිසිම කරදරයක් නැතුව යයි. හැබැයි මට දැන්ම ඒක කරන්න බෑ. මට තව ටික කාලයක් ඕනි."


ඔයාගෙ ඔය ටික කාලෙ නිසාම මං විඳවනවා තමා හේෂාන්. ඔයාගෙ ඔෆිස් එකේ වැඩ කරනකම්ම මාව නොමරා මරයි අර දෙන්නා. රාදිතා උන්මත්තකයෙක්. ඔයාගෙ සල්ලි වලටයි කම්පැනි එකටයි. ඇන්ඩෲස් ඊට හපන්. එයාට ඕනි කම්පැනි දෙක එකතු කරලා තනි ගේමක් ගහන්න.


කොලිෆිකේශන් තිබ්බත් මට මෙතනින් මෙයා යන්න දෙන්නෙ නෑ. ඒක ශුවර්. මොකද මම වෙන තැනක වැඩ කළොත් මගෙ සේෆ්ටි එක ගැන එයාට ශුවර් නැති නිසා.


"මම අද දවසම මෙතන ඉන්නද ?"


"කම්මැලියි නේද. ඒත් එහෙම කියලා මට ඔයාව යවන්න බෑ. ඔයා ගාවින් අභීව තියන්නත් බෑ. එයාට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ."


මං කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා එයා දිහා. අර සෙකට්‍රිට එයා කතා කරන්නෙ අභී කියලා. අනික ටනාෂියායි හේෂානුයි දෙන්නා හස්බන් ඇන්ඩ් වයිෆ් වගේ කතා කරන්නේ. දැන් නම් මට හේෂාන්ව ශුවර් නෑ. එයාගෙයි මේ ගෑනු ළමයි අතරයි මොකක් හරි එකක් තියනවා 😤.


"අභී කියන්නෙ මගෙ නෑදෑ නංගි කෙනෙක්."


"හහ් ?"


මම හිටියටත් වඩා කන්ෆියුස් එයා මං දිහා බලන් එහෙම කියද්දි. එයාට තේරිලාද කොහෙද මං අභී ගැනයි එයාගෙ අතරෙ තියන සම්බන්ධෙ ගැන හිතනවා කියලා.


"ඔයා අභී ගැන නෙවෙයිද හිතුවේ ?"


"අහ්.. නෑහ්.. මං මේ.... 😄"


"ඔයා ඒ ගැන තමයි හිතුවේ."


මේ හේෂාන් මාර මනුස්සයෙක්නේ. මං හිතන ඒවා එයා දන්නෙ කොහොමද. මගෙ හිත කියවන්න පුළුවන් වත්ද. දැන් නම් බයෙත් බෑ හැබැයි.


................................................... 🖤 ...


තව මොනා කියයිද දන්නෑ නේද 🤭


Sachy Collins

Report Page