Spring is far away - 34

Spring is far away - 34

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 34  |  Do you still love me

Previous


අලුත් දවසක් 🌞☁️🍃..


උදේ ඉඳන්ම ඔෆිස් එකට වෙලා වැඩ එක්ක බිසී උන මට නැගිටින්න වෙලාවක් හම්බුණෙත් නෑ. වෙනදා වගේ හැමෝම කන්ෆරන්ස් රූම් එකට එකතු උනා නම් කියලා හිතෙනවා. ඒ දවස් ටිකේ නම් මට පාළුවක් දැනුණේ නෑ.


"අහ්.."


එකපාරටම අමතක වෙලා බේත් බැඳපු අතින් ලැප් එක ඕෆ් කරා. ඇඟම හිරිවැටිලා යන්නම රිදුණ නිසා නිකම්ම මගෙ ඇස් වලින් කඳුළු ආවා. දිනුමි ඉන්න නිසා හොඳයි. නැත්තම් මම එක්තැන් වෙලා.


"......"


ලන්ච් ටයිම් එකත් ඇවිත් ඒත් මට කන්න පිරියකුත් නෑ. සමහර වෙලාවට අරුෂි එහෙට මෙහෙට යනවා පේනවා. ඒත් එළියෙ වෙන කිසිම දෙයක් මම දන්නෙ නෑ. මේ තියන වෙලාවෙ වත් ටිකක් නිදහසේ ඉන්න කියලා මම දොරත් ඇරගෙන එළියට ගියා. එකපාරටම කොරිඩෝ එකෙන් යන්න හදද්දි,


"සර්ට ආයෙ අමාරු වෙලාද මැඩම් ?"


"ඔව්.. ඒකයි අද ඔෆිස් ආවෙ නැත්තේ. වැඩ සේරම මැනේජර් ලලිත්ට බාර දීලා තියෙන්නේ."


"පව් අනේ සර්.. මම එයාට හොඳ වෙන්න කියලා ඔරසන් වත් කියන්නම්."


අරුෂි මැඩම් සෙකට්‍රි එක්ක කතා කරනවා අහගෙන මම ඒ පැත්තට ගියා. ඒ කියන්නෙ එයා අද ඇවිත් නැත්තෙ ලෙඩක් නිසාද. අනේ හේෂාන්ට මොන වගේ ලෙඩක්ද හැදිලා තියෙන්නේ. මට දැනගන්න ඕනි.


"මැඩම්.."


මම ගිහින් කතා කරද්දි ඒ දෙන්නම ගැස්සිලා මගෙ පැත්තට හැරුණා. අරුෂි මැඩම්ගෙ ඇස් නිකන් ජිල් බෝල වගේ වෙලා.


"අහ්.. අමේලියා.. ඔයා.. කොයි වෙලේද ආවේ ?"


"සර්ට මොකක් හරි ලෙඩක්ද මැඩම්."


ඒ ප්‍රශ්නයත් එක්ක එයාලා දෙන්නා බය වෙලා වගේ මූණට මූණ බැලුවා. බය වෙන්න දෙයක් නෑනේ. හේෂාන්ට හැදිල තියන ලෙඩේ ඇහුවේ.


"මේ.. සර්ට.. ඇඟට උණ වගේලු. කලිනුත් හැදිලා හොඳ වෙලා තිබ්බේ."


"එහෙමද. හොස්පිටල් ඇඩ්මිට් කරලද ?"


"නෑ නෑ. ගෙදර ඉන්නේ. එහෙම මුකුත් අවුලක් නෑ."


"හ්ම්.."


"ඔයා එළියට යනවද ලන්ච් එකට. මාත් ‍යන්න ඕනි."


"ඔව් මැඩම්. ඒත් මට කන්න බෑ."


"ඇයි ඒ."


"බඩගිනි නෑ."


"ඒ උනාට ඔයා ලෙඩ වෙයි අමේලියා. ගිය දවස් දෙක තුනේම ඔයා ලන්ච් එක ස්කිප් කලා. ඊයෙ පාර්ටි එකේදිත් කෑවෙ නෑ හරියට. අදත් නොකා ඉන්නද ?"


"කන්න පිරියක් නැත්තම් මොනා කරන්නද මැඩම්."


"ඔයා යමු අපිත් එක්ක. ගිහින් ලන්ච් එක ගමු."


"එපා එපා.. ඔයාලා යන්න. මට ටිකක් නිදහසේ ඉන්න ඕනි."


ඒ දෙන්නා මං දිහා කන්ෆියුස් වෙලා වගේ බලන් ඉද්දි මම ඉක්මනින් පැනගත්තේ බිල්ඩින් එකට මෙහයින් ලස්සනට මල් වවලා හදලා තියන ගාර්ඩ්න් එකට. කාර් පාක් එකට ලඟ නුග ගහ යට තිබ්බ බෙන්ච් එක උඩ මම වාඩි උනා.


තට්ටු හයක් තියෙන ඒ සුදු පාට ගොඩනැගිල්ල ඒ ගහ යටට හොඳට පේනවා. මෙයාලගෙ වැඩ හරි පිළිවෙලයි වගේම හරිම ආකර්ෂණීයයි. ඒ නිසා මට මේ ඔෆිස් එක ගැලපෙනම එක. ඒත් බොස් එක්ක නම් මට වැඩක් කරන්නම බෑ. එයා හදන්නෙම ආයෙමත් මගෙ ජීවිතේට එන්න 🤦..


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


'ඇයි මේ මනුස්සයා මට දැන් කෝල් කරන්නේ ?' ඇන්ඩෲස්ගෙන් කෝල් එකක් එද්දි හේෂාන්ගෙ හිත කිව්වෙම ඒක. උදේ ඉඳන් ඇඟට අමාරු නිසා ඇඳට වෙලා හිටියා මිසක තාත්තයි මල්ලියි දෙන්නගෙන් එක් කෙනෙක්වත් එයාට ඇඳෙන් බහින්න දුන්නෙ නෑ.


"ඔව්.. කියන්න අංකල්.."


"හදිස්සියකට නෙවෙයි ගත්තේ.. අපේ සුදූ ඔහෙ එනවා කිව්වා ඔයාව බලන්න. ඔයාට කෝල්ස් ගත්තට ආන්ස්වර් කලේ නෑලු."


"ආහ්.. මම ඇඟට අමාරු නිසා ෆෝන් එක ඕෆ් කරලා ටිකක් නිදා ගත්තා."


"එහෙනම් කමක් නෑ පුතා. මම හිතුවා හිතලා මතලා මගෙ දෝණිව මගාරිනවා කියලා."


"මොකක්ද අංකල් ඒ කතාව ?"


කන්ෆියුස් උන හේෂාන් ඇඳෙන් නැගිට්ටුනේ පාලනයකින් තොරව..


"නෑහ්.. පුතා ඉතින් අර ගෑනු ළමයා එක්ක ආශ්‍රය වැඩියිනේ. මම හිතුවා එයා එක්ක ඇති කියලා."


"කව්ද ?"


"අර අනාත නිවාසෙ ගෑනු ළමයා."


"මින්දි ?"


"ආහ් ඔව්.. එයා තමා."


"එයා මගෙ ඔෆිස් එකේ ඇසිස්ටන්ට් මැනේජර්.. නැතුව එතනින් එහාට අපේ ප්‍රයිවට් කනෙක්ෂන්ස් නෑ."


"ඒ උනාට ඒ ඔයාගෙ Ex - Girlfriend නේ. එහෙම නෙවේද ?"


ඇන්ඩෲස්ගෙ, ලාවට තරහා මුසු වුණ කටහඬ ඇහෙද්දි හේෂාන් ඇඳ උඩ ඉන්ද උනේ ඒ පාර ෆර්නැන්ඩස් පවුලට මොනා වෙලාද කියලායි.


"වැඩි දේවල් ඕනි නෑනෙ පුතා. ඔයා දන්නවනේ මම කව්ද කියලා. මට වටින්නෙ මගෙ දුවගෙ සතුට. නැතුව වෙන දේවල් නෙවෙයි. ඒත් එයාගෙ සතුට වෙනත් දේවල් නිසා නැති වෙලා යනවා නම් මට ඒ හැම දෙයක්ම අපේ පාරෙන් හොඳින් හරි නරකින් හරි අයින් කරන්නම වෙනවා.."


"කියන්න තියන දේ කෙලින් කියන්න අංකල්.. මම ආස නෑ නොකියා කියනවාට."


"මින්දි එක්ක තියන සම්බන්ධකම් නවත්තන්න පුතා. මම මේ ඔයාලා දෙන්නගෙ හොඳටයි කියන්නේ."


"මට එයා එක්ක කිසිම කනෙක්ෂන් එකක් නෑ අංකල්.. කව්ද ඔයාට ඔහොම දෙයක් කිව්වෙ 😤."


"කවුරුත් කියන්න ඕනි නෑ. මට හැම නිවුස් එකක්ම එනවා.. සෝ ප්ලීස්.. රාදිතාව රිද්දන්න එපා."


තවත් මුකුත් කියන්න කලින් ඇන්ඩෲස් ෆෝන් එක කට් කරේ හේෂාන් කියන්න ආපු ඒවා ටික ආයෙමත් ගිලගද්දි. කොල්ලට ආපු තරහට පෙනුනේ කබඩ් එක උඩ තිබ්බ මල් වාස් එක..


සලාං..


'ඒ මනුස්සයාට මොකද මමයි මින්දියි කොහොම කනෙක්ෂන් තිබ්බත්. අනික කව්ද ඇන්ඩෲස්ට මේ දේවල් කියන කෙනා. රාදිතාද නැත්තම් වෙන කවුරු හරිද'


ඩේසි මල් හැම තැනම විසිරිලා ගිහින්, වතුරත් බිම දිගට නොපෙනෙන වීදුරු කටු එක්ක. යටි පතුල පසාරු කරගෙන ගියපු හීනි වීදුරු කටුව නිසා උන තුවාලෙන් තැනින් තැන ලේ පැල්ලම්. ඒත් බැල්කනියෙ වැටට හේත්තු වෙලා හේෂාන් කල්පනාවක්..


'රාදිතා එහෙම දෙයක් කිව්වා වෙන්නත් පුළුවන්, මොකද එයා මින්දි ඉස්සෙලාම බ්‍රාන්ච් එකට ආපු දවසෙ හරියට කලබල උනා. ඒත් ඇන්ඩෲස් කියන්නෙත් එසේ මෙසේ මනුස්සයෙක් නෙවෙයි. සමහරවිට එයා මින්දි ගැන හොයනවා වෙන්නත් පුළුවන්'


හේෂාන්ගෙ හිත කලබලයි. එයාට බයයි ඇන්ඩෲස් මින්දිට මොනා හරි කරයි කියලා. මොකද හැමෝම දැනටමත් දන්නවා ඒ මිනිහගෙ හැටි..


"හැබැයි.. මොකක් හරි දේකින් මින්දිට කරදරයක් උනොත්..."


එකපාරටම කොල්ලා දැක්කෙ රාදිතා කාර් එක පාක් කරලා ගේ පැත්තට එන විදිහ. එයා ඉක්මනින් එතනින් අයින් වෙලා ඇඳට නැග්ගෙ රාදිතාට කාමරේට එන්න වැඩි වෙලාවක් නොයන නිසා. ඇයි ඉතින් කොරවක්කා වගේ අඩි දෙකට තුනට දුවගෙන එනවනේ.


ක්ලික්..


දොරත් ඇරගෙන රාදිතා කාමරේට ආවා විතරයි කෙල්ලට කෑ ගැස්සුනේ බිම වැටිලා තියන මල් වාස් එකයි ලේ පැල්ලනුයි දැකලා.


"අනේහ්.. ඔයාට මොකක් හරි උනාද හේෂාන් 🥺 ?"


හේෂාන් ශේප් එකේ කකුලෙ ඇනුන වීදුරු කට්ට අතට ගත්තේ රාදිතා දිහා බලන ගමන්. රාදිතාගෙ ඇස් පුපුරන සයිස් එකට ලොකු වෙලා. බය වෙලාද කොහෙද.


"ඔහ් ශිට්.. ඔයාගෙ කකුලෙන් ලේ එනවා බබා."


"ඉට්ස් ෆයින් රාදිතා."


"එහෙම කියලා හරියන්නෙ නෑනේ.. බලන්න තව වීදුරු කටු ඇනිලද කියලා. තිබුණොත් එහෙම පැසවයි."


එහෙම කියපු රාදිතා හේෂාන් ගාවට ගිහින් කකුල බලන්න යද්දිම,


"Don't touch me !!"


කොල්ලගෙ සැර වචනෙට රාදිතා පස්සට ගියේ අතේ තිබුණ බෑග් දෙකත් අතෑරෙද්දි. බෑග් එකේ තිබිලා ලස්සන සුදු ශර්ට් එකක් එළියට ආවා. සමහරවිට ඒක රාදිතා ගිෆ්ට් එකකට ගේන්න ඇති.


"හෙ..හේෂාන්.. ඇයි මේ ?"


"රාදිතා.. ඔයාගෙ තාත්තාට කියන්න මම කිව්වයි කියලා.."


එහෙම කියපු හේෂාන් ඇඳෙන් නැගිටලා රාදිතාට ලං වුණා. මුකුත් නොදන්න රාදිතා බය වෙලා පස්සට ගියා.


"මගෙ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා එයාට කියන්න. ඒ වගේම මින්දිට මොනා හරි කරලා තිබුණොත් මම එයාට විරුද්ධ වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ කියලත් කියන්න."


"අපේ ඩැඩී එයාට මොනා කරන්නද හේෂාන් 😟 ?"


"ඇයි මතක නැද්ද මිනිහෙක්ව මිනිස්සු දම්මලා......"


"අනේ නෑ.. මම කිව්වනෙ ඩැඩී ඒ වගේ ඒවා කරේ නෑ කියලා."


රාදිතා කන් දෙකම අත් දෙකෙන් වහගෙන ඇස් තද කරගත්තා. හේෂාන්ට තේරෙන්නෙත් නෑ ඇයි එයාට එච්චර තරහා ගියෙ කියලා.


"එක්කො ඔයාම ගිහින් තාත්තව උසි ගන්නනවද ?"


"නෑ හේෂාන් නෑ.. මට ඒ වගේ දේවල් කරා කියලා මොනාද ලැබෙන්නෙ. අනික තව මොනවද මින්දිවයි ඔයාවයි ඈත් කරන්න තියෙන්නෙ. ඔයාලා දෙන්නා සෙපරේට් උනා. ඔයාලගෙ කැමැත්තෙන්ම."


"එහෙනම් මොන විකාරයක්ද ඔයාගෙ මහලොකු ඩැඩී කියවන්නෙ ?"


"ඇයි ඩැඩී මොනාද කිව්වෙ ?"


"ඔයා දන්නෙම නෑ.. ඔයා බබා ?"


"මොනාද මේ කියවන්නේ ?"


"මං ඉස්සරහා බොරුවට රඟපාන්න එපා රාදිතා. ඇත්තමයි අපි මැරි කරලා හිටියා නම් මම දන්නවා ඔයාට කරන්න ඕනි දේ 😤."


"මොනා කරන්නද මට.. ගහන්නද ?"


කඳුළු පිරුණු ඇස් වලින් රාදිතා එහෙම කියද්දි හේෂාන්ට දැනුනෙ දුකක්. ඇන්ඩෲස් මින්දිට මොනා හරි කරයි කියන හිතේ බයට තරහා ගියාට කොල්ලා හිතුවෙ නෑ මෙයා මෙහෙම අඬයි කියලා.


"ඉනෆ් රාදි.. මට තවත් තරහා යන්න කලින් මෙතනින් යන්න. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න කියන්න ඔයාගෙ ඩැඩීට."


"මං මුකුත් කරේ නෑ හේෂාන්.. ඔයා ඉන්නෙ වැරදි වැටහීමක."


"ප්ලීස්‍ රාදි.. මෙතනින් යන්න.. හැබැයි එකක් එකක් මතක තියාගන්න. ඔයායි ඔයාගෙ තාත්තයි මගෙන් පරිස්සම් වෙලා ඉන්න.. ඕකේ ?"


"ඇයි හේෂාන් මේ.. අපි මැරි කරන්න ඉන්නෙ. එහෙම එකේ ඇයි අපි මෙහෙම දේවල් කියව ගන්නේ ?"


"මේක ලව් මැරේජ් එකක් නෙවෙයි රාදි. මේක බිස්නස් ප්‍රපෝසල් එකක් නිසා උන මැරේජ් එකක්. ඒක මතක තියාගන්න."


"ඒත් අපිට එහෙම ජීවත් වෙන්න බෑ කවදාවත්ම."


"ඔයායි ඔයාගෙ ඩැඩියි වෙනස් වෙනකම් මමත් වෙනස් වෙන්නෙ නෑ රාදිතා."


හේෂාන්ගෙ ඇස් දිහා විනාඩියක් දෙකක් බලන් හිටපු රාදිතා කඳුළු පිහදාගෙන වැටුණ බෑග් දෙක අතට ගත්තා. ඒ එක්කම ඒ බෑග් දෙක එයා ඇඳ උඩින් තිබ්බා.


"මේ දෙක මම ඔයාට ගත්තේ. ඔයා එදා කිව්වනෙ ඔයා Black & White අඳින්න ආස කියලා. ඉතින් මං ඔයාට ලස්සනයි කියලා හිතෙන දෙකක් ගත්තා. පස්සෙ චේන්ජ් කරලා බලන්න."


එහෙම කියපු රාදිතා කාමරෙන් ගියා. හේෂාන් තරහා නිවුනට පස්සෙ ආයෙමත් ගියෙ බැල්කනි එකට. එයාට පොඩි දුකකුත් දැනුණා රාදිතාට කෑ ගහපු එකට. ඒත් තාමත් ඒ හිතේ බය නම් පහ වෙලා නෑ..


'මට සමාවෙන්න රාදිතා.. මම හිතලා නෙවෙයි බැන්නේ. ඒත් මට බයයි ඔයාලා කවුරු හරි මින්දිට කරදරයක් කරයි කියලා'


හිමිහිට පල්ලෙහා බලද්දි රාදිතා කාර් එක ගාවට ගිහින් හේෂාන්ට අත වැනුවා යන්නම් කියලා. මෙච්චර වෙලා කඳුළු කඳුළු පිරුණු ඇස් වලින් බලන් හිටපු ඒ කෙල්ල දැන් මුකුත් නොවුන ගානට හිනා වෙලා සමු දෙනවා..


❝ ප්‍රපෝසල් එකක් උනාට මොකද. අපි දෙන්නා දැන් ඉඳන්ම ප්ලෑන් කරන්න ඕනි අපේ මැරේජ් ලයිෆ් එක ගැන ❞


❝ ඇයි දැන්ම ඉඳන් ? ❞


❝ අපි තාම අපි ගැනවත් දන්නෙ නෑ හරියට.. නිකන් අද ඊයෙ හම්බුණා වගේනේ ❞


එක දවසක බීච් එකක් අයිනේ තිබුණු ටේබල් එකක ඉඳගෙන රාදිතා කියෙව්ව ඒවා හේෂාන්ට මතක් උනා. ඒ වෙද්දි කොල්ලා මින්දි එක්ක හිටපු අට වෙනි අවුරුද්ද.


❝ ඔයා හරියට වෙනස් වෙලා හේෂාන්.. මට කෙලින්ම කියන්න මගෙන් උන වැරැද්ද මොකක්ද කියලා. මම ඒක හරි ගස්සගන්නම්. ප්ලීස් මට කියන්න ❞


සැබෑ ලෝකෙ වෙන දේවල් මුකුත් නොදන්න අහිංසක කෙල්ලෙක් එදා එයාගෙ ඇඟේ එල්ලිලා කඳුළු හෙළුවා.. ඒ වෙන කවුරුත් නෙවෙයි..


මින්දි..


'මම ඔයාව වෙන් කරන්න කියලා ඔයාව අනන්තවත් රිද්දන්න ඇති. ඒත් මං එහෙම කලේ ඔයාට මාව එපා කරවන්න. එතකොටවත් ඔයාම කැමැත්තෙන් මාව දාලා යයි කියලා හිතන්. ඒත් ඔයා ඒ හැම දෙයක්ම ඉවසන් මං ලඟටම වෙලා හිටියා..


මට ඕනි උනේ නෑ ඔයාට මේකෙ ඇත්ත නැත්ත කියන්න මම එදා ඔයාට කිව්වා නම් "මින්දි අපි මේ එෆෙයා එක නවත්තමු. අපේ ගෙවල් වලින් මට රාදිතාව කතා කරලා තියෙන්නෙ. අපිට කවදාවත්ම මැරි කරන්න වෙන්නෙ නෑ" කියලා, සමහරවිට අපේ Relationship එක අදටත් ඒ විදිහටම තියෙන්න තිබ්බා. හැමෝටම රහසින් හරි. වේදනාවක් උනත් මම ඔයාට එහෙම කලේ කවදාමහරි මම වෙන කෙනෙක් එක්ක වෙඩින් සෙරමනි එකේ ඉන්න විදිහ කඳුළක් වත් නැතුව බලන් ඉන්න හුරු කරන්නමයි. මම දන්නවා ඒ කඳුළු දැන් ඔයා ගාව නෑ කියලා..


ඉතින් මං සාර්ථකයි'


අලුත් දවසක් 🌞☁️🍃..


මම ආසම ගවුම තමයි හේෂාන් දුන්න හීනි උර පටි ලා නිල් පාට ගවුම. ඒකට උඩින් සුදු පාට බ්ලේසර් එක දැම්මම පොඩි ඔෆීෂියල් ගතියක් තියනවා. ඒකටම ලා නිල් පාට හීල්ස් දෙක දාලා කොණ්ඩෙ කඩලා බෑන්ඩ් එකක් දැම්මම පොඩි ළමා ගතියකුත් නැතුවම නෙවෙයි. ඒත් මම ආසයි ඒ ස්ටයිල් එකට. වෙලාව පරක්කු වෙලා නිසා මං ඉක්මනින් කාර් එකට නැග්ගා.


විනාඩි දහයෙන් ඔෆිස් එක ගාව. මං ඉක්මනින් බැහැලා ඇවිත් දොරෙන් ඇතුලට ගියා..


"ගුඩ් මෝර්නින් මිස් අමේලියා."


"ගුඩ් මෝර්නින් ෆාතිමා."


ලොබි එකේ හිටපු මුස්ලිම් ගෑනු ළමයා හරි හොඳයි. එයා හැමදාම මට ග්‍රීට් කරනවා. එයාලා ජාතියෙන් වෙනස් උනත් මිනිස්සුන්ට හරි ආදරෙන් කතා කරනවා. ඒකට අපේම සිංහල මිනිස්සුන්ගෙ නැති ලොකුකම්..


වෙලාව හත හමාරයි. ඉක්මනින් යන්න හිතන් මම එලෙවේටර් එකට නැග්ගා. නගිද්දි මට ඇහුණා මට පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ අඩි සද්දයක්. ඒත් ඒක ගණන් නොගත්ත මං හැරුණේ තර්ඩ් ෆ්ලෝ එකට යන්න බටන් එක ඔබන්න හිතන්. එකපාරටම මම බට්න් එක ඔබද්දිම දැක්කෙ එලෙවේටර් එකේ දොර අයිනෙම තනි කළුපාටම ඇඳගෙන ඉන්න මාස්ක් එකකුයි කැප් එකකුයි දාගත්තු කෙනෙක්ව. ඒ මනුස්සයා දොර බාගෙට වැහෙද්දිම මගෙ පැත්තට මොනාද මංදා වතුර වගේ විසි කරා විතරයි මං දැක්කෙ..


"ඈව්ව්....."


.................................................. 🖤 ...


මින්දිට ඇසිඩ් ගැහුවද 😨 ?


Sachy Collins 

Report Page