Spring is far away - 33

Spring is far away - 33

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 33  |  It's not an advice

Previous


"Oh shit.. I'm so sorry Mindi."


එකපාරටම එයාම නැගිට්ටා. මමත් එයා දික් කරපු අත අල්ලගෙන නැගිට්ටා. ඒත් හීල්ස් දෙක දාගන්න වෙන්නෙ තණකොල්ලට ගියාට පස්සෙ.


"I lost my control again. Lets go."


එහෙම නොවුණොත් පුදුමේ. ඔයා මං එක්ක ඉස්සර හිටපු විදිහට නම් අද මෙහෙම වෙලා මදි. ඔයා මීට වඩා උන්මත්තකයෙක් වගේ හැසිරෙන්න ඕනි. ඒ උනාට එදා ඔයා මාව ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේදි කිස් කලා. මම හිතාගත්තා ඒ වැරැද්ද ආයෙ වෙන්න දෙන්න බෑ කියලා. අද ඔයාම ඒක නැවැත්තුවා. මට සතුටුයි ඔයා ගැන. ඔයා දැන් හිතන පතන විදිහ වෙනස් වෙලා.


"අහ්.."


එයා දිහා බලාගෙන කල්පනා කර කර ගියපු මම එකපාරටම ගලක හැප්පිලා වැටෙන්නයි ගියේ. ඒත් ඒ අත් දෙක මගෙ අත් වලින් අල්ල ගත්තේ මාව වැටෙන්න නොදී.


"මොකද උනේ ?"


"මුකුත් නෑ හේෂාන්. ගලක හැප්පුණා."


"තුවාල උනාද ?"


"නෑ නෑ."


"ආහ්.. ඔයා හීල්ස් දාගෙන නෑනේ. හැප්පෙන්න ඇති. ඉන්නකො."


"ඔයා මොකක්ද කරන්න යන්නෙ හේෂාන් 😦."


එයා බිමට නැවිලා මගෙ හීල් එකක් කකුලට රිංගෙව්වා. දෙවියනේ කවුරු හරි දැක්කොත් මාව මරයි. අනික එයාටමයි අගෞරවය මෙහෙම බිමට නැවිලා මගෙ කකුල් අල්ලද්දි.


"අනේ ප්ලීස් නැගිටින්න."


ආයෙමත් මගෙ ඇස් වල කඳුළු. එයාට කවදාවත් මෙහෙම වෙන්න දෙන්න බෑ. ඒත් මම එයාගෙ උරහිස් වලින් අල්ලලා නැගිට්ටවන්න හැදුවට එයා මගෙ කකුල තදින් අල්ලගෙන.


"ප්ලීස් හේෂාන්. මිනිස්සු දැක්කොත් ඔයාටයි ලැජ්ජාව."


"මම කලින් ආදරේ කරපු ගෑනු ළමයාට මෙහෙම සැලකුවට මිනිස්සු මට මුකුත් කියන එකක් නෑ."


එහෙම කියපු එයා හීල් දෙකම මගෙ කකුල් වලට දාලා බෙල්ට් එකත් දැම්මා. තාමත් මම බය වෙලා වගේ වටපිට බලනවා.


"මට ඕනි නෑ ලෝකෙට පේන්න වැඩ කරන්න. මට ඕනි මගෙ තාත්තා වගේම හදවතට දැනෙන දේ කරන්න. හරියට නිකම් මේ වගේ."


ඒ ඇස් වලින් එයා මගෙ කකුල් දෙක මටම පෙන්නුවා.


"කෙනෙක්ට ලං වෙලා ඉන්න කාලෙට වඩා ඒ කෙනාට සමු දුන්නම අපේ හිතේ ඒ කෙනා ගැන ලොකු ආදරයකුයි ගෞරවයකුයි ඇති වෙනවා. මගෙ හිතේත් ඔයා වෙනුවෙන් ඒ දෙකම තියනවා.."


"මිනිස්සු කවදාම හරි දවසක දැන ගනීවි මම ඔයාට ආදරේ කරා කියලා. අන්න එදාට එයාලා මට වගේම ඔයාටත් රෙස්පෙක්ට් කරයි. එයාලා කියයි 'ඒ දෙන්නා අදටත් වෙනසක් නැතුව දෙන්නට දෙන්නා හොඳින් ඉන්නවා' කියලා.."


"මම මනුස්සයෙක් දැක්කම පුම්බගෙන යන කෙනෙක් නෙවෙයි මින්දි. ඒකයි ගොඩාක් මිනිස්සු මටයි මගෙ තාත්තටයි ගොඩක් හිතවත්.."


එයා නවත්ත නවත්ත කියවද්දි මම හුස්මක සද්දයක් වත් පිට වෙන්න නොදී ඒ ඇස් දිහා බලාන අහන් හිටියා.


"ඔයා එන්ට්‍රන්ස් එකෙන් යන්න. මම සයිඩ් එකෙන් හොරෙන් ආවේ."


හොරෙන්ද ඇවිත් තියෙන්නේ. එහෙනම් ඒකයි රාදිතා හොයන්න ආවෙ නැත්තේ. සමහරවිට එයා වොශ් රූම් එකට යනවා කියලා හොරෙන් සයිඩ් එකේ දොරෙන් එන්න ඇති.


එයා මගෙ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා. ඒත් මම එයා යන දිහා ඔහේ බලන් ඉන්නවා. අද උන දේ හීනයක් වගේ. මොනවා උනත්,


තමුසෙ සෙල්ලමෙන් පරාදයි මින්දි..


කටට අත තද කරගත්තු මම ඉක්මනින් එන්ට්‍රන්ස් එකට ගියා. ටනාෂියා කිව්ව එක මතක් උනාම තමා මට මතක් උනේ මම හිටියේ ඒ අවස්ථාවාදියා එක්ක කියලා.


........


මේසෙට ගියපු ගමන්ම ආයෙමත් හැමෝම මං දිහා බලන් හිටියා. දැන් මගෙන් අහයිද දන්නෑ ෆිෆ්ටි ප්‍රසන්ට් බෙදන්නෙ නැතුව කොහොම කරන්නද කියලා. ඒ උනාට අවුලක් ගියේ නෑ. එකපාරටම තාත්තා ඇහුවා,


"ඇයි දෝණි නැගිටලා ගියේ ?"


කියලා. හැබැයි රාදිතාටයි ඇන්ඩෲස්ටයි තරහා යන්න ඇති..


කොහොම හරි මීල් ටයිම් එකත් ආවා. ප්ලේට් එකේ තියන ෆුඩ්ස් මම ම සිලෙක්ට් කරාට මෙවෙලෙ කන්න බැරි තරම් බඩ පිරිලා. හේතුව මගෙ හිත පිරුණා. ඇත්තටම ඇයි මගෙ හිත පිරුණේ. එයා කිස් කරන්න ගියපු එකටද මගෙ තොල් අල්ලපු එකටද.


ගෑරුප්පුවෙන් මස් ඇර අනිත් කෑලි දෙක තුනක් කටේ දාගත්තු මම හැමෝම කාලා ඉවර වෙනකම් ඔහේ බලන් හිටියා. මට ඉස්සරහා ඉන්න කෙනා. එයා හරි අමුතුයි. වයින් ග්ලාස් එකෙන් දෙකක්ම දාගෙන බීලා මම වගේම එළවළු කෑල්ලක් දෙකක් නමට කාලා බලන් ඉන්නවා. එයත් හිත පිරුණු කෙනෙක්ද කොහෙද. ඒත් මෙතන තියන ප්‍රශ්නෙ තමයි,


මට ඉස්සරහින් ඉන්නෙ හේෂාන් යුවසිංහ කියන එක..


එයාගෙ බැල්මෙන් මිදිලා හැම වෙලාවකම අහක බලා ගන්න මම මේ සැරේ එයා වයින් ග්ලාස් එකක් එක උගුරට බොන හැටි බලන් හිටියා. එයා ඇල්කොහොල් බොන කෙනෙක් නෙවෙයි. ඒකත් පොඩ්ඩයි. ඒත් අද මෙතනින් යද්දි පොඩ්ඩක් වෙරි වෙයි වගේ. හොඳ වෙලාවට මම එක්ක දැන් එෆෙයා එකේ නැත්තේ. නැත්තම් අද රෑට මම ඉවරයි.


ඔයාලගෙ බිස්නස් ඩිස්කශන් එක ඉවරයි නම් මට දැන් ගෙදර යන්න ඕනි. වෙලාව දහයත් පහුවෙලා. ඒත් මෙතනින් පැනගන්න විදිහක් නෑ. කට්ටිය ඒ පාර හොටෙල් එක බලන්න වටේ යනවා. මම සයිඩ් එකකට වෙලා හිටගෙන හිටියේ මෙතනින් කාට හරි කියලා පනින්න හිතන්. සැරෙන් සැරේට මම හේෂාන් දිහා බැලුවට එයා මං දිහා ආයෙ බලන්න ගියෙ නෑ. අපි පොකුණ ගාව ඉන්න වෙලේ එයා මං දිහා හොඳට බැලුවනේ. ඒ නිසා වෙන්න ඇති. ඒ උනාට වෙන ආගන්තුක ඇස් දෙකක් මගෙ වටේ කැරකෙනවා වගේ දැන්.


"Miss Amelia.."

(මිස් අමේලියා)


හරිනේ. මම තනියම ඉන්න නිසා මිස්ටර් සෙබෙස්තියන්ගෙ පුතා ඩේවිඩ් මගෙ ගාවට ආවා. දැන් අර අවස්ථාවාදියා එහෙම දැක්කොත් මම මෙතන මෙයා එක්ක කතා කරනවා, හනුමන්තා වගේ හොටෙල් එකටම ගිණි තියයි.


"Ooh.. Mister David. How have you been ?"

(ඕ.. මිස්ටර් ඩේවිඩ්. කොහොමද ඉතින්)


"Very well. And you ?"

(හොඳින්. ඔබ)


"I'm fine too."

(මමත්)


මම හොරෙන් බැලුවේ හේෂාන් පේන මානෙක ඉන්නවාද කියලා. නෑ නෑ එයා සෙබෙස්තියන් එක්ක කොහෙ හරි ගිහින්.


"Why are you standing here alone?"

(ඇයි ඔයා මෙතන තනියම)


"Ah... nothing."

(අහ්.. නිකන්)


"I think we met after months."

(අපි මාස ගාණකට පස්සෙ නේද හම්බුණේ)


"Yeah.. you came to the office the day before my flight."

(ඔව්. ඔයා මං එහෙන් එන්න කලින් ඇවිත් තිබුණනෙ ඔෆිස් එකට)


"Ya.. I came to see you, but I was late. You were gone by then."

(ඔව්.. මං ඔයාව බලන්න එද්දි පරක්කු වැඩියි. ඔයා ගිහින්)


"Oh. Really. Why did you come to see me?"

(එහෙමද. ඇයි ඔයා මාව බලන්න ආවේ)


"Nothing special. I just wanted to talk to you."

(නිකන්. මට ඔයාට කතා කරන්න උවමනා උනා)


කරදරයක් අත ළඟ වගේ. මගෙ අතත් රිදෙනවා දැනටමත්. මෙච්චර වෙලා හොඳට තිබ්බ එක දැන් කකියනවා වගේ.


"Let's go on a date if you can. I'm going back next Saturday."

(ඔයාට පුළුවන් නම් අපි දවසක් එළියට යමු. මම සෙනසුරාදා ආයෙ යනවා)


"Um.. Oh, but I have to go to the office this week. I'll be back in the evening."

(අම්.. ඒත් මට මේ ටිකේම වැඩ. හවසට තමා ඉන්නේ)


"Then we'll meet one night. Like on Friday."

(එහෙනම් රාත්‍රියකදි හමුවෙමු. සිකුරාදා වගේ)


"Ah... fine, I'll come."

(අහ්.. හරි. මං එන්නම්)


"Then be sure to come."

(අනිවාර්යයෙන් එන්න එහෙනම්)


"Okay. I'll definitely come."

(මං අනිවාර්යයෙන් එන්නම්)


"Good. I'll go then. Good evening dear."

(හොඳයි. මං යනවා එහෙනම්. සුබ සන්ද්‍යාවක්)


"You too."

(ඔයාටත්)


සැපයි. දැන් සිකුරාදට යන්න එපැයි. මට හිතුණා මෙයා එන පොට හොඳ නෑ කියලා. ගෑනු ළමයෙක් මැරි කරන්න ඉද්දිත් බලන්න මෙයා මට කතා කරන ලස්සන. මේක බැරි වෙලාවත් හේෂාන් දැන ගත්තොත් එහෙම මේ මනුස්සයාව මරයි.


මම කල්පනාවෙ ඉද්දි එකපාරටම මගෙ ගාවට ආවේ තේෂාන්. මම ගැස්සුනා එයාව දැකලා.


"කොහෙද හිටියේ මින්දි. මම මේ ඔයාව හොයනවා."


"අනේ සොරි.. මම මෙතෙනට වෙලා ටිකක් හිටියා."


"ඇයි අතේ තුවාලෙ රිදෙනවද ?"


"නෑ නෑ."


"හ්ම්.. ඔයාට ගෙදර යන්න ඕනි ඇති නේද. දැන් වෙලාව දහය හමාරත් පහුවෙලා."


"කමක් නෑ. එකපාරටම මම මෙතනින් යන එක හරි නෑනේ."


"ඒක අවුලක් නෑ. මම ඔයාව ඩ්‍රොප් කරන්නම්."


"නෑ.. මම මාමට කෝල් එකක් දෙන්නම්."


"එපා.. මටත් දැන් ගෙදර යන්න ඕනි. හෙට උදේම හොස්පිටල් එකට යන්න ඕනි. හදිස්සි වැඩක් තියනවා. ඔයත් දැන් යමු."


"හ්ම්."


"මම කාර් එක අරන් එන්නම්. ඔයා එන්ට්‍රෙන්ස් එක ගාවට වෙලා ඉන්න."


"හරී."


එයා කාර් එකේ කී එක අරගෙන දොරෙන් එළියට ගියා. මමත් යන්නයි හැදුවේ. එකපාරටම මගෙ පිටිපස්සෙ මට කාගෙදෝ කටහඬක් ඇහුණා.


"ඩැඩී.. මේ ඉන්නෙ ඒ ගර්ල්."


ඒ රාදිතාගෙ කටහඬ. මට හොඳටම හෙව්වහැකි. එයා එයාගෙ තාත්තා එක්ක ඇවිත් මාව හම්බ වෙන්නද කොහෙද. ඒ පාර මොන මරාලයක්ද ?


"ආහ්.. ඔව් මට මේ මූණ මතකයි."


"මේ මින්දි.. ඔයාට මතකයි නේද ඩැඩී මෙයා ලස්සන Artworks කරලා තිබ්බේ."


මම කන්ෆියුස්. මේ කෙල්ල නම් මාරයි. තාත්තයි හේෂානුයි ඉස්සරහා වෙනම චරිතයක් මං ඉස්සරහා අමුතුම චරිතයක්. මම හිතන්නෙ මෙයාට එක චරිතයක් නෑ.


"Nice to meet you දුව."


"අහ්.. Nice to meet you සර් ඇන්ඩෲස්."


මේ මනුස්සයා තාත්තා වගේ නෙවෙයි. මහා කපටි මූණක් තියෙන්නේ. ඉතින් මට අංකල් වත් කියන්න හිතුණේ නෑ. හැබැයි රාදිතා හරි තෘප්තිමත් වගේ මම එයාගෙ තාත්තට සර් කිව්ව එකට.


"ඔයාට මතක නැද්ද මාව ?"


"නෑ සර්."


"අයියෝ ළමයෝ අපි ඔයාලා චූටි කාලෙ ඩෙෆ්නි ඕපනේජ් එකට උදව් කලේ. අර.. ඔයාලට ඒ කාලෙ ඇඳුම් ගෙනත් දුන්නේ."


මට දැන් ටික ටික මතක් වෙනවා වගේ. මෙයාට ඉස්සර රැවුලක් තිබ්බෙ නෑ. ඒ වගේම එයා රාදිතාවද කොහෙද එතනට එක්කන් ආවා. එයාලාගෙ දුව ඇඳපුවයි අලුත් ඒවයි රෙදි ගොඩාක් ගෙනවිත් දුන්නා.


"ආහ්.. මට මතකයි."


දැන් ඔයාලා කියන්න හදන්නේ මම ඔයාලගෙ පරණ ඇඳුම් ඇඳලා තියනවා කියලනේ. ඔව් මම අනාථයෙක්. මට ජීවත් වෙන්න උනේ එහෙම තමයි. ඒත් මම දැන් ඒ අනාථයා නෙවෙයි. අද ඔයාලා ආවේ මට ඒ ගැන කියලා මගේ ඒ අමිහිරි අතීතය මතක් කරන්න නම්, මාව බාල්දු කරන්න නම්.. ඒක කොහෙත්ම වෙන්නෙ නෑ. මම ආයෙ අඬන්නෙ නෑ ඒ නිසා.


"එදාට වඩා දැන් ඔයා ගොඩක් ලොකු වෙලානේ. කවද්ද අයින් උනේ ?"


"19 න් හේෂාන් මාව එක්කන් ආවා. අපේ එෆෙයා එකේදි."


මට හෑල්ලුවට කිව්වා වගේ මමත් අනිත් පැත්තට කිව්වා. රාදිතාගෙ මූණ නිකන් නරක් වුණ කාමරංගා ගෙඩියක් වගේ.


"ඩැඩී දන්නවානේ. මින්දි හේෂාන් එක්ක එෆෙයා එකක හිටියා. දැන් ඒක නෑ."


"හ්ම්.. මම දන්නවා. කොහොමත් ඒවා වෙන්න පුළුවන් දේවල් නෙවෙයිනේ."


ඇස් වලට කඳුළු පිරෙන්න ආවත් අමාරුවෙන් නවත්තගෙන මම තොලක් හපා ගත්තා. අපි හරියට නිකන් හින්ට් ගහගන්නවා වගේ මෙතන. ඒත් ඒවගෙන් රිදෙන්නෙ මගෙ පපුව.


"ඔව්.. මම ඒක තේරුම් ගත්තා සර්. මට මොනාද තියෙන්නේ ඉතින්."


"නෑ.. එතන වරදක් නෑ.. මම කියන්නේ.. තත්වෙට ගැලපෙන කෙනෙක්ව හොයාගන්න."


කට කොනේ හිනාවක් තියන් ඒ මනුස්සයා මගෙ මූණට ලං වෙලා එහෙම කියද්දි රාදිතාගෙ මූණෙත් තිබ්බෙ අමුතුම හිනාවක්. ඒ කියපු වචන ටික මගෙ පපුවටම වදිද්දි මගෙ කටත් ලොක් උනා.


"හොඳින් කියන්නම් දුව. හේෂාන් කියන්නෙ මගෙ දුව මැරි කරන්න ඉන්න කෙනා. මට ආරංචි උනා මේ දවස් ටිකේම එයා එක්ක කියලා. කරුණාකරලා එයාගෙන් ඈත් වෙලා ඉන්න. මම අකමැතියි නරක මනුස්සයෙක් වෙන්න."


එහෙම කියපු ඇන්ඩෲස් එතනින් යන්න ගියා. රාදිතාත් කොණ්ඩෙත් ගස්සගෙන ගියේ මගෙ ඇස් වල කඳුළු පිරෙද්දි.


"තව දෙයක්.."


ආයෙමත් මගෙ පිටිපස්සෙන් ඒ කටහඬ ඇහුනා..


"පුළුවන් ඉක්මනින් යුවසිංහ ගෲප් එකෙන් තොරොන්චි උනොත් හොඳයි. ඔයා අපේ බිස්නස් වලට අත නොදා ඉන්න එකත් ඇඟට ගුණයි."


එහෙම කියපු එයාලා යන්න ගියා. මට හිතාගන්න බෑ මම දැන් කොයි අතට යන්නද කියලා. ඇන්ඩෲස් කියන්නෙ හොඳ මනුස්සයෙක්ම නෙවෙයි. ඒ මනුස්සයාට මනුස්සයෙක් උනත් මරන්න බලය තියනවා. එයාට එන බාධක එයා හොඳින් හරි නරකින් හරි අයින් කරනවා. ඒ වගේම එයාගෙ දුවටත්. ඒත් දැන් මෙතන එයාගෙ දුවට තියන බාධකය මම නම් ?


.................................................. 🖤 ...


පුළුවන් නම් කියන්න බලන්න මේක දැනුම්දීමක්ද, උපදෙසක්ද, එහෙමත් නැත්නම් තර්ජනයක්ද කියලා ?


මින්දිටත් සුද්දෙක්ගෙන් චාන්ස් එකක් 🤧


Sachy Collins 

Report Page