Spring is far away - 32

Spring is far away - 32

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 32 |  Chocolates


Previous


කොහෙන්ද දෙවියනේ මම මේ මාලිගාවෙ බාත්රූම් හොයන්නේ. කාගෙන්වත් ඇහුවෙත් නෑ. ඒත් මම කොරිඩෝව දිගේ යද්දි මට කාගෙ හරි හීල්ස් සද්දයක් ඇහුණා. කවුරු හරි මගෙ පස්සෙන් එන නිසා මම හැරුණා. 


"ඕහ්.. බය උනාද ?" 


"ඔ.. ඔයා කව්ද ?" 


කලුයි සුදුයි ටයිට් ගවුමකට උඩින් පෝනි ටේල් එකක් දාපු උස සුදු ගෑනු ළමයෙක්. එයා අපි එක්ක ටේබල් එකේ හිටියා. ඒත් මෙයාව මම ඔෆිස් එකෙදී දැකලම නෑ. 


"මම ටනාෂියා.. ඩිටෙක්ටිව් ටනාෂියා ජොස්ෆයින්.." 


එයාගෙ කරෙන් අරගෙන මොකක්ද එකක් පෙන්නුවා. CID හරි FBI හරි එක්කෙනෙක්ද මංදා. මගෙ කකුල් දෙකත් වෙවුලන සයිස්. ඇයි මෙයා මාව හොයන් ආවේ. මම අපරාධකාරයෙක් නෙවෙයි. 


"මම මින්......." 


"අයි නෝ. මින්දි අමේලියා. වයස විසි නවයයි. ඕෆනේජ් එකේ හැදුනේ. හේෂාන්ගෙ අවුරුදු අටක ආදරේ. ‍යාළුවො දෙන්නෙකුට අම්මා කෙනෙක් වගේ හොඳ යාළුවෙක්. ඒ විතරක් නෙවෙයි.. ඔයා හේෂාන් දුන්න සල්ලි ගොඩක අයිතිකාරියක්." 


FBI ද නැත්තම් සාත්තර කාරියක්ද කියලා හිතා ගන්න බැරුව මම බය වෙලා බලන් ඉන්නවා. එකපාරටම එයා හිනා වෙලා මගෙ ඉස්සරහින්ම දොරක් ගාවට ගියා. ඒ දොරේ ගහලා තිබුණේ, 


"වොශ්රූම් එක නේද හෙව්වේ." 


එයා ඒක ඇතුලට ගියා. මමත් සද්ද නොකර වොශ් රූම් එකට ගියා. එයා කණ්නඩියෙන් මූණ බල බල මේකප් එක හදනවා. මම ඉක්මනින් කටේ තිබ්බ කෙස් ගහ අයින් කරගත්තේ ගවුමත් හදන ගමන්. 


"ඇයි හේෂාන් ඔයාව එදා දාලා ගියේ ?" 


"හහ් ?" 


දැන් ටිකකට කලින් මගෙ බර්ත් මාක් එකේ ඉඳන් දන්නවා වගේ කියෝගෙන ගිහින් දැන් අහනවා ඇයි අපි එදා වෙන් උනේ කියලා. ඇයි හේෂාන් ඔයාට ඒක කිව්වෙ නැද්ද මිස් ටනාෂියා. 


"මම දන්නෙ නෑ මුකුත්. තේෂාන් කිව්ව හැටියට නම් වෙන් වෙලා තියෙන්නේ අපි දෙන්නා ගැලපෙන්නෙ නැති නිසා කියලා. ඒත් මම අදටත් හරියටම......" 


"ඒ නිසා නෙවෙයි." 


"මොකක්ද ?" 


ඒ නිසා නෙවෙයි නම් එයා වෙන් උනේ වෙන මොකටද. රාදිතාව මට කලින් හම්බවෙලාවත්ද. නෑ නෑ හේෂාන් මට කවදාවත් එහෙම දෙයක් කරන්න හිතුවෙ නෑ. 


"ඔයාට මට ඇත්ත කියන්න පුළුවන් නම් මම කියනවා මින්දි. ඒත් මට ඒක කරන්න බෑ. එහෙම උනොත් ජීවිත තුනක්ම අනතුරේ." 


ජීවිත තුනක් ?

කාගෙද ?

මොකක්ද ඒ කතාව ? 


"හේෂාන් ඔයාව කවදාවත් රවට්ටන්න හිතලා නෑ. ඒත් එයා අවසාන අවුරුද්දෙ ඔයාව පුළුවන් තරම් වෙන් කරන්න හදලා තියනවා. නිකන් නෙවෙයි, හේතුවක් මත. ඒත් එයාට අවසානෙ වෙනකම්ම ඒක කරගන්න බැරි උනා." 


එයා වෙනදට මං එක්ක හිටපු විදිහට නෙවෙයි ඒ අවුරුද්දෙ හිටියේ. එයා මට හැම දේකටම තහංචි දැම්මා. කොටින්ම එයාගෙ කොණ්ඩෙ පීරන එකට පවා. 


❝ එපා මින්දි.. මට ඒක කරගන්න පුළුවන්. මට අත් දෙකක් නෑ කියලා හිතුවද ❞ 


මට, එයා මගෙ ගෙදර ආවම එයාගෙ කොණ්ඩෙ පීරන්න හරි ආසයි. එයා මගෙ කොණ්ඩෙ පීරන්න හරි ආසයි. ඉතින් වෙනදා පුරුද්දට පීරන්න ගිහින් එයා එහෙම කියාගෙන් පනාවත් උදුරගෙන ගියා යන්න. ඒ විතරක්ම නෙවෙයි, 


❝ මම ගත්ත කෝල් වලටවත් ඔයා ආන්ස්වර් කලේ නෑ හේෂාන්. මම බය උනා ඔයාට කරදරයක් වෙලා ඇති කියලා ❞ 


❝ මම කොහෙ ගියත් තමුන්ට මොකද. මම යන්නේ මගෙ උවමනාවට ❞ 


එයා මැරුණත් මම හොයන්න ඕනි නෑ වගේ එයා මට කතා කලේ. සතියෙ දවස් පහේම ඔෆිස් ගිහින් සෙනසුරාදා ඉරිදා උදේ ඉඳන්ම කොහේ හරි යනවා. වෙනදා වගේ මාව හම්බවෙන්න ආවෙත් නෑ. එකපාරටම හදිස්සියට ඇවිත් කලබලෙන් වගේ කතා කරලා යනවා. හැබැයි මම එක දවසක් දැක්කා එයා මං එක්ක කතා කරද්දි ඒ ඇස් කඳුළු පිරිලා දිළිසෙනවා. හේතුවක් ඇහුවට එයා මුකුත් කිව්වෙ නෑ. 


❝ මට සමාවෙන්න මින්දි. මම ඔයාට ගොඩක් බනින්න ඇති. ඒත් මම ඉන්න තත්වෙ ඔයා දන්නවා නම්.. ❞ 


මගෙ අත් දෙක ඒ අත් වලට ගුලි කරන් එයා එහෙම කියද්දි මට දැනුණා අමුත්තක්. එයා මොකක් හරි ප්‍රශ්නෙක හිටියත් මට ඒ ගැන එක වචනයක් වත් කිව්වෙ නෑ. වෙනදට ඇඟිල්ලක් කඩියෙක් කෑවත් "අනේ බේත් ගාන්නකෝ" කියාගෙන හුරතල් වෙන්න එන කෙනා අවසානෙ Cold - Blooded මනුස්සයෙක් උනා. 


"රාදිතාද නැත්තම් අර බාබා කිව්ව එකද ?" 


"නෑ.. වෙන හේතුවක්." 


මගෙ ඔළුවෙ තියෙන නූල් බෝලෙ තව ගැට දෙක තුනක්ම එක පිට එක ගහපු ටනාෂියා සින්ක් එකට හේත්තු උනා. මම මේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඔහේ බලන් ඉන්නවා. 


"ඔයාව එයාපෝර්ට් එකේ දාලා ආපු දවසෙ රෑ තමයි මට එයාව හම්බුණේ. එදා ඉඳන් එයයි මායි යාළුවො. සමහර දවස් වලට එයා මට කෝල් කරනවා. නැත්තම් මම එයාට කෝල් කරනවා. එතකොට තමයි එයා මට ඔයා ගැන හැමදෙයක්ම කිව්වේ.. 


ඔයා ගෙදර නැති ටිකේ මම තමයි ඔයාගෙ ගෙදර බලා ගත්තේ. ඒ වගේම ඔයා එහෙ ඉඳන් ඔෆිස් ඉවර වෙන ටයිම් එක බලලා වාහනේ එතනට එව්වෙත්. ඒ වගේම මමයි එදා කොෆි ශොප් එකට හේෂාන්ව එව්වේ. එයා එද්දි පරක්කු වැඩීලුනේ. සෙහස් බේරගත්තා කිව්වනේ." 


මගෙ ඇඟත් එක්කම මොකක්ද වෙලා ගියා එයා එක දිගට කරපු කියපුවා කියාගෙන යද්දි. මාව එච්චර කන්ටැක් කරගන්න එයාට චන්ද්‍රිකා තාක්ෂණයවත් තියනවාද. නැත්තම් ටනාෂියා ජොස්ෆයින් කියන්නේ මිනිස් ආකෘතියක් තියන රොබෝ කෙනෙක්ද ? 


"ඔයා ?" 


"ඔව්.. ඔයා වොශ් රූම් එක හොය හොය ගියාට ඔයාට ඒක හොයා ගන්න බැරි නිසා තමයි එයා මට ඔයාගෙ පස්සෙන් ගිහින් පාර පෙන්නන්න කිව්වේ." 


"අහ්.. එහෙමද.." 


අපහසුවෙන් හිනාවක් මවාගෙන මම එහෙම කිව්වා. ඇති හේෂාන් ඔය. ඔයාට එපා වෙලා නැද්ද ඔච්චරම මාව පරිස්සම් කරන්නේ. මට පේන්නෙ එයාට මොකක් හරි ප්‍රශ්නයක්.. 


"Nice to meet you." 


එයා එකපාරටම මට අත දික් කරද්දි මමත් අත දීලා හෑන්ඩ් ශේක් කලා. අඳුන ගත්තු එකේ ඒකත් කරන්න එපැයි. 


"Nice to meet you to." 


"මම ගැන වැරදියට හිතනවද දන්නෑ." 


"මොනවා ගැනද ?" 


"නැහ්.. මම හේෂාන් ගැනයි ඔයා ගැනයි හොඳට දන්නවානෙ. අනික මම හේෂාන් එක්ක......." 


"මම එහෙම මුකුත් හිතන්නෙ නෑ. එයාට කැමති ගෑනු ළමයි කොච්චරක් නම් ලංකාවෙ ඉන්නවද." 


ඉන්නවද මම නම් දන්නෙ නෑ ඒ උනාට දුල් මට ඒ දවස් වල කිව්වා එයාට එයාලගෙ ඔෆිස් එකේ ගොඩාක් ගෑනු ළමයි කැමතියි කියලා. හැබැයි ඒ ලස්සනට අකමැති ගෑනු ළමයෙක් නම් මේ ලෝකෙ නැතුවත් ඇති. 


"ඔව්.. ඒත් ඒ හිත නැවතුණ එකම වාසනාවන්ති ඔයා." 


"තාමත් ?" 


"ඒක නම් මම දන්නෙ නැහැ. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. ඒකනේ එදා කලන්තෙ දාලා වැටුණ වෙලේ හොඳට සලකලා තියෙන්නේ 🤭." 


"කවද්ද 😨 ?" 


"එදා ඔයා ඉස්සෙල්ලාම ලංකාවට ආවට පස්සෙ එයාලගෙ ගෙදර ගිය දවසෙ. එදා ඔයා ඒ දෙන්නා එනවා දැකලා ෆේන්ට් වෙලා වැටුණා නේද ?" 


"ඔ..ඔව්." 


"ආන්න එදා ඔයාගෙ ගවුම මාරු කලේ මේඩ්ස්ලා නෙවෙයි. හේෂාන්." 


කන් දෙකේ ඉඳන් මූණයි පපුවයි සේරම රෝස පාට වෙලා ගියා. දෙවියනේ මගෙ ගවුම මාරු කරලා රෙද්දක් පොරෝලා තිබ්බේ එයාද. මගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් ද. ටනාෂියා මගෙ මූණ දිහා බලන් හිනා වෙද්දි මම ලැජ්ජාවට මූණත් අහකට හරෝගෙන තොලත් හපා ගත්තා. 


"මේඩ්ස්ලාට එයා ඔයාව අල්ලන්නවත් දුන්නෙ නෑ. අඩුම කාමරේටවත්. පහුවෙනිදා උදේ තමයි නුවන්ති ආන්ටිගෙ කීමට එයලා ගිහින් ඔයාට හේෂාන් මහපු ගවුමක් දීලා තියෙන්නේ. එයා ඒක මහලා තියෙන්නෙත් ඔයා වෙනුවෙන්. නුවන්ති ආන්ටි එක්ක ඔයාට ගිෆ්ට් එකකට දෙන්න. ඒත් ඒක දෙන්න බැරි වෙලා." 


දැන් ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. මම එදා උදේ නැගිටිද්දි හිටියෙ නූල් පොටක් වත් නැතුව. මින්දි තමුසෙ මනුස්සයෙක් ඇවිත් තමුසෙව මරලා යනකම්ම දන්නෙ නෑනෙ. 


"ඔයා ඔය ඇත්තමද කියන්නේ ?" 


"ලැජ්ජවෙන්න එපා ඔච්චර. ඒවා සාමාන්‍ය දේවල්." 


ඔයා කොහොමද ඒවා සාමාන්‍ය දේවල් කියන්නෙ ටනාෂියා. එයා මට එහෙම ඉන්න අපහසු නිසා එහෙම කරන්න ඇති. ඒත් එතනින් එහා මට මොනා කරාද.... එපා එපා. එච්චර දුර ඕනි නෑ. එහෙම මුකුත් වෙන්න නැතුව ඇති. ඒත්.. මට දැන් කෙල ගිලෙන්නෙත් නෑ වගේ. 


"එයා මට මුකුත්...ම්.." 


"මම නම් දන්නෙ නෑ ඒක. එයා අවස්ථාවාදී කොල්ලෙක් නම් එහෙම කරන්න ඇති." 


එයා කිසිම බරක් පතලක් නැතුව කියද්දි මට එතනින් එළියට දුවලා ගෙදර දුවන්නයි හිතුණේ. දැන් මම මේකෙන් එළියට ගියත් දකින්නේ ඒ අවස්ථාවාදියාගෙ මූණ. ලැජ්ජාවෙ බෑ. 


"ත්..තැන්කියු කිව්වට." 


"එච්චර හිතන්න එපා. මම දැනගන්නයි කිව්වේ. එයා ඉතින් ඕවා ඇවිත් ඔයාට කියන්නෙ නෑනේ." 


"හ්ම්.." 


අපහසුවෙන්ම මම ඔළුව වැනුවේ බිම බලාගෙන. 


"අපි එළියට යමු නේද. දැන් මීල් ටයිම් එක. අතන අය බලයි කෝ කියලා." 


"හරී.." 


අපි දෙන්නම ඉක්මනින් එතනින් එළියට ඇවිත් කොරිඩෝ එක දිගේ ගිහින් මේසෙට ආවා. මම මේසෙ දිහා බලන් ආවේ. කොහොමද ඉතින් මම ඒ මූණ දිහා බලන්නෙ දැන්. ඕක අද දැනගත්තු එකත් හොඳයි. බැරි වෙලාවත් එයා ඔය ඇඳුම් මාරු කරන වෙලේ මට සිහිය ආවා නම් එහෙම පහුවෙනිදා උදේ එයා හම්බුණ වෙලේ යුවසිංහ බංගලාවෙ පඩිපෙළෙන් පල්ලෙහට පතබෑවිලා නවතින්නේ. 


මින්දි දැන් ඔයාගෙ සෙල්ලම තමයි, 


• ඔයාට ඉස්සරහා ඉන්න අවස්ථාවාදී හේෂාන් යුවසිංහ දිහා නොබලා ඉන්න එක.. 


බැලුවොත් ඔයා සෙල්ලමෙන් අවුට්. ටයිම් ගන්නත් බෑ. හොරෙන් බලන්නත් බෑ. එයා කතා කලත් බලන්නත් බෑ. 


"Then you say that by adding the Yuvasinghe and Fernandez groups, it will be easier for you to manage?" 

(එතකොට ඔයා කියන්නෙ කම්පැනි දෙකම එකතු කළාම වැඩේ ලේසිවෙයි කියලද) 


"It's a bit difficult. But if we do that, we can make this a joint venture." 

(පොඩ්ඩක් අමාරුයි. ඒත් අපිට හවුල් කාරයො වෙන්න පුළුවන්) 


"Yes Heshan and Raditha will be the heads of it." 

(ඔව්.. කවදා හරි හේෂානුයි රාදිතායි ඒක භාරගෙන කරගෙන යාවි) 


"Isn't there a better idea?" 

(වෙන අදසහක් නැද්ද) 


"Why is it bad?" 

(ඇයි ඒක අවුල්ද) 


"No. But after doing that, a lot of problems will arise." 

(නැහැ. සමහරවිට එහෙම කළාම පොඩි පොඩි ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙයි) 


"why ?" 

(මොකක්ද) 


"Already Yuvasinghe and Fernandez groups have gained separate popularity. And these two institutions are the two competitive institutions in Sri Lanka today."

(දැනටමත් යුවසිංහ, ෆර්නැන්ඩස් කියන ගෲප් දෙකම වෙනස් තත්ව දෙකක් තියෙන්නේ. මේ ආයතන දෙක තමයි අදකාලෙ ලංකාවෙ තරඟකාරීම ආයතන දෙක) 


"Well. We know that, but this decision has already been approved by the Yuvasinghe and Fernandez families." 

(ඔව්.. අපි දන්නවා, ඒත් දැනටමත් පවුල් දෙකෙන් මේකට කැමති වෙලා ඉවරයි) 


"You are right. After the marriage of Heshan and Raditha, Fernandez Group will be given to Raditha. After that, they will control the two groups together as heads."

(මැරේජ් එකෙන් පස්සෙ ෆර්නැන්ඩස් ගෲප් එක රාදිතාගෙ අයිතියට පත් වෙනවා. එයාලා ඒක ගානට කරගෙන යයි) 


ඔව්.. අද කාලෙ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. මම අනාථ කෙල්ලෙක් නිසා ඒ ගැන හොඳටම දන්නවා. පවුල් දෙකක් අතර තියන වත්කම එක්කාසු කරලා ලංකාවෙ ධනවත්ම ව්‍යාපාරිකයො වෙන්නයි මෙයාලා හදන්නේ. ඒකයි රාදිතාවයි හේෂාන්වයි මැරි කරවලා ගෲප් දෙක එකතු කරන්න හදන්නේ. ඒත් ඒ දෙමව්පියො දන්නෙ නෑ මෙතන වෙන වැරැද්ද.. 


සමහර මිනිස්සුන්ට පළමු බැල්මෙන් ආදරයක් ඇති වෙනවා. සමහර මිනිස්සුන්ට ඒකපාර්ශ්වික ආදරයක් ඇති වෙනවා. හැබැයි ඒවා නැචුරල්. හරියට නිකන් හේෂානුයි මායි බැඳුණා වගේ. ඒත් දැන් රාදිතායි හේෂානුයි අතර වෙන්නේ ආදරය කිරීමක් හෝ බැඳීමකට පෙලඹවීමක් වගේ දෙයක්. එයාලගෙ ගෙවල් වලට තියන උවමනාවට ඒ දෙන්නාව මුන ගැස්සුවා. ඒක නැචුරල් උන දෙයක් නෙවෙයි. ඒක කාලයාට උවමනා විදිහට උන දෙයක් නෙවෙයි. ඒක යම් කිසි පාර්ශවයක් විසින් ඒ දෙන්නාට බල කිරීමක් නිසා උන දෙයක්. එයාලා ආදරේ කරයි. ඒත් එයාලා මමයි එයයි ආදරේ කරපු තරම්ම බැඳෙන එකක් නෑ. 


❝ මං ඒ කෙල්ලට හරි ආදරෙයි මින්දි ❞ 


ඔයා ආදරෙයි තමයි හේෂාන්. ඒ උනාට මහ කඳු නාය යනවා කියලා ඒවට පැලැස්තරයක් දැම්මට ඒක නවත්තන්න බෑනේ. හරියන, වැඩි කාලයකට ඔරොත්තු දෙන විසඳුමක් ගන්නයි ඕනි. ඔයාලත් ඒ වගේ. මට තේරෙන්නෙ නෑ ඉදිරියට මොනා වෙයිද කියලා. ඒත් මම අකමැතියි තමන්ගෙ දරුවන්ගෙ කැමැත්තට ඉඩ නොදී තමන්ගෙ කැමැත්තට තමන්ගෙ දරුවන්ව පාලනය කරන දෙමව්පියන්ට. එයාලා එහෙම කරලා කවදාම හරි දවසක ඒ දරුවන්ට ජීවිතේ වැරදුනොත් ඒ වදපු අම්මටයි තාත්තටයිත් පව් සිද්දවෙයි. 


ඔය මොනවා උනත් මට කමක් නෑ. ඒක ඔයාලගෙ දෙයක්. ඒ උනාට.. 


“ මම හරි අකමැතියි හේෂාන්.. ඔයාට වරදිනවට ” 


“ මගෙ ඇස් පනාපිටම.. ඔයාගෙ ජීවිතේ නූල් බෝලයක් වගේ පැටලුණොත් මටමයි දුක ” 


“ මට ඒක දරාගන්න බැරි වේවි ” 


“ මොකද මම ඔයාට ගොඩාක් ආදරෙයි ♥️ ” 


කොච්චර කාලයක් ගියත් ඒ ආදරේ එක දශමයක් වත් වෙනස් වෙන්නෙ නැතුව යයි. මම දන්නවා. මෙහෙසියෙකුට පුළුවන් රාජ කුමාරයෙක්ට ආදරේ කරන්න. ඒත් අයිති කරගන්නවා කියන එක.. 


කවදාවත්ම කරන්න පුළුවන් දෙයක්.. 


නෙවෙයි.. 


මමත් ඒ වගේ. හේෂාන් වසන්තයක් නම් මම කාන්තාරයක දූවිලි පොදක් වගේ. අපිට කවදාවත් ලං වෙන්නත් බෑ, එකතු වෙන්නත් බෑ. ඒක සහතිකයි.. 


කල්පනාවෙ ඉඳලා නොදැනුවත්වම මගෙ කටින් ලාවට හිනාවක් පිට උනා. ඒ එක්කම මට වම් පැත්තෙන් හිටපු අරුෂි මැඩම් ඩෙස් එකට අතක් තියාගෙන ඔළුවට කරු කර ගත්තේ මගෙ දිහා අමුතුම හිනාවකින් බලන ගමන්. 


"මින්දිට මුකුත් කියන්න දෙයක් නැද්ද ?" 


"මොකක්ද ?" 


"කිව්ව දේ ගැන." 


"ඒක කලා කියලා මොකක්ද තියන බෙනිෆිට් එක ?" 


වාක්‍යය කියලා ඉවර උනාට පස්සෙයි තේරුණේ කිව්ව එකේ තරම. ඒකත් අරුෂිට විතරක් නම් කමක් නෑ. මුළු ටේබල් එකම නිශ්ශබ්ද වෙලා මම දිහා බලාගෙන. මම ඉක්මනින් කටට අත ගහගෙන බිම බලා ගත්තේ මොකක්ද ඒ කිව්වෙ කියලා දෙපාරක් හිතන ගමන්. 


"What is the benefit of doing that ?" කියනවාට වඩා සිංහලෙන් කිව්වම හේෂාන්ටයි, තාත්තාටයි, ඇන්ඩෲස්ටයි, රාදිතාටයි, නුවන්ති අම්මටයි මූණටම එකක් ගැහුවා වගේ දැනෙන්න ඇති. මට පේනවා හේෂාන් කන්ෆියුස් වෙලා මං දිහා බලන් ඉන්න විදිහ. ඒ අස්සෙන් මගෙ හිත කියනවා 'ඔයා හේෂාන් දිහා බැලුවා. දැන් ඔයා සෙල්ලමෙන් පරාදයි' කියලා.. 


"Well 🥲...." 


හේෂාන්ට හීන් දාඩියත් දාලාද කොහෙද. මම ජීවිතේට එයාගෙ කනට ගහලා නෑ. ඒත් අද කිසිම ටච් එකක් නැතුව රිදෙන්නම ගැහුවා. නුවන්ති අම්මටත් එක්කම. 


"Why did you say that Mindi?" 

(ඔයා මොකක්ද කියන්න හැදුවෙ මින්දි) 


"Um.. Sir.. I.. was going to say.. rather than sharing 50%, it would be better if Yuvasingha Group itself....."

(අම්.. සර්.. මම.. කියන්න හැදුවේ.. සියයට පනහකට වඩා ශෙයා කරනවට වඩා යුවසිංහ ගෲප් එක විතරක්ම.......) 


කියන්න ගියපු එක නැවතුණේ රාදිතා මම දිහා රවාගෙන බලන් ඉන්න නිසා. මාව මරයිද දන්නෑ. තාම අත හොඳ උනෙත් නෑ. ඒ උනාට දෙකට මැද්දෙන් වෙන් කරන පාටක් තියෙන්නේ. 


"ඇයි නැවැත්තුවෙ.. කියන්න." 


හේෂාන් එහෙම කියද්දි මම කන්ෆියුස් වෙලා එයා දිහා බැලුවා. එයාගෙ ඇස් වලින් මට කියන්නෙම ඒ වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා. ඒත් මෙවෙලෙ මම ඒක සම්පූර්ණ කළොත් රාදිතා මාව මෙතනම ගෑරුප්පුවකින් හරි ඇනලා මරයි. 


"නෑ.. එපා සර්. I'm Sorry for the disturbing. Please Excuse me." 


"මින්දි.." 


මම හැමෝටම ඔළුව නවලා මේසෙන් නැගිටලා පර්ස් එකත් අරගෙන ගියේ ගාඩ්න් එකට. මම නිසා එතන ප්‍රශ්නයක් ඇති උනොත් ඒකෙ අගෞරවයත් හේෂාන්ටයි තාත්තටයි. මට බෑ එහෙම කරන්න. 


ගාඩ්න් එක ගොඩාක් ලොකුයි. ඒත් ලයිට් නිසා මට බය වෙන්න දෙයක් තිබුණෙ නෑ. පාරෙ වාහනත් යනවා. 


හොටෙල් එකට වම් පැත්තට වෙන්න තිබුණ කෙටි පාරක් දිගේ මම දිගටම ගියා. හිතට ආපු අමුතු සිතුවිලි එක්ක මම ටිකක් කලබල වෙලා එහෙම උත්තරයක් දුන්නට ඒක කිව්ව එක වැරදියි කියලා මට පස්සෙයි තේරුණේ. 


මම නිකන් එයාලගෙන් කින්ඩියට ඇහුවා වගේ 'ඔයාලා ඕක කරන්නේ සල්ලි බලාපොරොත්තුවෙන් නේ. අනික රාදිතා හේෂාන්ට පංගාත්තු කරන්නේ පරම්පරාව ගෙනියන්නයි ලොකු පවුලක ලේලියක් කියලා පෙන්නන්නයිනේ' කියලා. ඒක නිසා එයාලා මං එක්ක විරසක උනොත් මටයි අවුල. ඇයි මෝඩියේ යුවසිංහ හොටෙල් එකක ඉඳන් ඒ මිනිස්සුන්ට කනට ගහනවා වගේ එහෙම කිව්වේ ? 


එකපාරටම ඉස්සරහට හම්බුණේ ලයිට් ගහපු ලස්සන ගස් වලින් වට කරපු පොකුණක් මම එතෙනට ගිහින් ගලක් උඩ ඉඳගත්තේ පර්ස් එකේ තිබ්බ චොකලට් ටොෆියකුත් කටේ දාගන්න ගමන්. 


මම නිසා හේෂාන්ගෙ හිත රිදුණා නම් කියලා මගෙ හිත දැනටමත් රිදිලා තිබුණේ. එයා එදා හරි ලස්සනට සැහැල්ලුවට කිව්වා, 


❝ මම ඔයාට ආදරේ නෑ දැන්. මම ආදරේ රාදිතාට. ඒ නිසා මාව අමතක කරලා මගෙ ජීවිතෙන්ම යන්න. ප්ලීස්.. ආයෙ මට වදයක් වෙන්න එපා ❞ 


එදා මගෙ පපුව රිදුනෙ ලොකු කළු ගලකින් චප්ප වෙන්න තලනවා වගේ. ඔයා මාව රිද්දුවා තමයි. ඒත් මම ආස නෑ හේෂාන් ඔයාව අංශු මාත්‍රයකින් වත් රිද්දන්න. මොකද ඔයා මට ඒ වෙද්දි ආදරේ නොකලට මම අදටත් ඔයාට ගොඩාක් ආදරෙයි. 


දුකට මගෙ ඇස් වලින් කඳුළු එද්දි මම අත් දෙකත් මූණට තියන් ඇඬුවා. කවුරුත් නෑ මට මෙතන කරදර කරන්න. තේෂාන්ටත් එතනින් නැගිටලා එන්න බෑනෙ. ඉතින් මම නිදහස්. 


"ඇයි.. මම එහෙම කලේ.." 


හැමදාම පොඩි දේටත් ඉස්සර වෙන මගෙ කඳුළු අද කම්මුල් පුරාම ගියේ අත් වලත් තැවරෙන ගමන්. ඉතින් මං කඳුළු අලුත් කර කර ඇඬුවා. 


තාත්තත් මං එක්ක තරහා වෙයිද දන්නෑ. අර දෙන්නා නම් මං එක්ක කොහොමටත් තරහයිනේ. 


ටක් ටක්.. 


පොකුණෙ මාළුවො දඟලන සද්දෙට අමතරව මට මගෙ පිටිපස්සෙන් එකපාරටම සද්දයක් ඇහුණා. මම හැරෙන්නයි ගියේ. 


"මින්දි.." 


කිසිවිටෙකත් ප්‍රාර්ථනා නොකරපු කටහඬක් මගෙ පිටිපස්සෙන් ඇහෙද්දි මම ඉක්මනින් කඳුළු ටික පිහද ගත්තේ මූණ අනිත්පැත්තට හරව ගන්න ගමන්. 


"ඇයි ඔයා එතනින් ආවේ ?" 


"ඔයා ඇයි.. මෙහෙ හේෂාන්." 


එයා මට එහා පැත්තෙන් ඉඳගත්තා වගේ. ගල් වලට බහින්න බැරි නිසා මම හීල්ස් දෙක ගලවලා එහා පැත්තෙ ගල උඩින් තියලා තිබ්බේ. එයා ඒක මගෙ කකුල් ගාවින් තිබ්බා මට දැනුණා. මේ පාරත් හීනයක්ද. එදා කොරිඩෝ එකේ දැක්කා වගේ. මොකද හේෂාන් මෙතෙනට එන්න විදිහක් නෑ. රාදිතා ඉන්නකම්. 


"අඬනවද ඔයා ?" 


"නෑ.." 


එකපාරටම මගෙ කොණ්ඩ ගස් අතරින් ආපු එයාගෙ දිගු ඇඟිලි මගෙ මූණ පුරාම ගිහින් ඒ පැත්තට හරවගත්තා. ඒ වෙද්දි මගෙ මූණ සම්පූර්ණයෙන්ම රෝස පාට වෙලා ඉවරයි. ඇසුත් පොඩි වෙලා ගිහින්. 


"අඬන්න දෙයක් උනේ නෑනේ. ඔයා එවෙලෙ අහපු එක හරි. ඔයාට සැකයක් තියෙන්න ඇති ඒ ගැන." 


මහපට ඇඟිලි වලින් මගෙ කඳුළු පිහදපු එයා ටිකක් මගෙ මූණට ලං උනා. අඬලයි ලැජ්ජාවටත් තක්කලි ගෙඩියක් වගේ උන මගෙ මූණ දැක්කම එයාට දුක හිතෙන්න ඇති. 


"මම රාදිතාව මැරි කරන්න හිතුවෙ අම්මලට ඕනි නිසා. ඒත් දැන් මට ඒක නවත්තන්න බෑ මින්දි. මම රාදිතාට ආදරේ කරන්නම ඕනි, මොන වැරැද්ද තිබ්බත්. මගෙ අම්මගෙ සතුට වෙනුවෙන් මම ඒක කරන්න ඕනි අනිවාර්යයෙන්ම." 


මට කියන්න දෙයක් නෑ. මම ඒ ඇස් දිහා බලාගෙන හිටියා. මම දන්නවා ඔයා ඔයාගෙ අම්මා වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා කියලා. නුවන්ති අම්මා ඉන්නේ හොඳ තත්වෙක නෙවෙයි. එහෙම එකේ එයාට මොනා හරි වෙන්න කලින් එයාගෙ බලාපොරොත්තු සේරම ඉෂ්ට කරන්න ඕනි. 


"මම ඉන්න තැන ඔයා හිටියා නම් ඔයත් මේ දේමයි කරන්නෙ මින්දි." 


"මගෙ අම්මත් හිටියා නම් මම ඒක තමයි කරන්නේ. ඒත් අවාසනාවකට ඒ දෙමව්පියන්ට මාව ඕනි නෑ." 


"ඇති." 


ආයෙමත් මගෙ කම්මුල් දිගේ පෙරෙන කඳුළු එයා එයාගෙ අත් දෙකෙන්ම පිහලා දැම්මා. ඒ ස්පර්ශය අදටත් ඒ වගේම උණුසුම්. දීර්ඝ කාලෙකට පස්සෙ එයාගෙ අත් වල ඒ රස්නෙ විඳින්න මට ලැබුණා. ඒ වගේම ඒ දෙතොල් වල පහසත් 🧡.. 


"ආයෙ ඔහොම අඬන්න එපා. ඔයා තවත් සෙන්සිටිව් උනොත් ඔයාට ඉස්සරහට තවත් අඬන්න වෙයි." 


"කරන්න දෙයක් නෑ හේෂාන්. ඒවා මගෙ පාලනයෙන් තොරව වැටෙන කඳුළු. මට ඒවා කියලා නවත්තන්න බෑ." 


"එහෙනම් මං ගැන හිතලා නවත්තන්න." 


ඒ ඇස් වලින් මට පෙනුණේ අනුකම්පාවක්. ඒ වගේම මං වෙනුවෙන් හිත පත්ලෙ තියන පුංචි ආදරයක්. ඔයා මෙහෙම හැසිරෙන්න එපා හේෂාන්. මොකද ඔයා ආයෙමත් මට ලං උනාම මට ජීවත් වෙන්න හරි අමාරුයි. 


"ප්ලීස්.. ආයෙ අඬන්න එපා." 


මගෙ කම්මුල් දිගේ ඒ ඇඟිලි තුඩු යද්දි මම ආයෙමත් රෝස පාට වෙලා. ටික වෙලාවක් යද්දි එයා මගෙ මූණෙන් අත ගන්නයි හැදුවෙ. ඒත් එකපාරටම එක අතක මහපට ඇඟිල්ලක් මගෙ දෙතොල් මට්ටමට ගියා. 


"චොක්ලට් කෑවද ?" 


එයාගෙ ඇඟිල්ලෙන් මගෙ යටි තොල පිහදලා දැම්මා. මම ඉස්සෙල්ලා ටොපියක් දාගත්තානේ. ඒකෙ චොකලට් මගෙ තොල් වල ගෑවෙන්න ඇති. ඒත් එයා කරපු වැඩෙන් මගෙ ඇඟ සීතල උනා. ඒ ස්පර්ශය මගෙ දෙතොල් වල වදිද්දි මම ගැස්සුනා. 


"තැන්කියු." 


"චොක්ලට් පාර පිහදපු එකටද ?" 


නෑ.. මගෙ ඇඟ ගිනිගන්න වගේ සයිස් එකට එන්න තොල අත ගෑවට. දැන් මෙතෙනට රාදිතා ආවොත් මාව මරලා මේ වතුර යට ගහලා දාලා යයි යන්න. 


"නෑ.. ඔයා මගෙ හිත සැනසුවා." 


ඒ දෙතොල් වල හිනාවක් ඇදෙද්දි මම ආයෙමත් ඒ ඇස් එක්ක බැඳුණා. විනාඩියක් නෙවෙයි විනාඩි පහක් විතර මම ඒ ලස්සන සුදු මූණ දිහා බලන් හිටියා. ආයෙමත් ඒ ඇඟිලි තුඩු මගෙ දෙතොල් දිගේ යනවා වගේ. අඬලා මගෙ ඇස් තුවාල වෙලා වගේ රිදෙනවා. 


දැන් යන්න ඕනි මං. රාදිතා එහෙම හොයන්න ආවොත් ඉවරයි. ඉතින් මම ශේප් එකේ අත ගගා සෙරෙප්පු දෙක ලඟට ගත්තේ එහෙම්ම නැගිටින්න හිතන්. ඒත්, 


වැඩි වෙලාවක් යන්නත් කලින් ඒ දෙතොල් මගෙ දෙතොල් වලට ලං උනේ උනුහුම් හුස්ම පොදක් එක්ක එයාගෙ පර්ෆියුම් එකේ සුවඳ මගෙ මූණ වටේ කැරකෙද්දි. මගෙ හාට් බීට් එක එකසිය ගානට ගැහෙන්න ගත්තා වගෙ නිකන්. 


.................................................. 🖤 ... 


මේ කොල්ලා නම් කියන දෙයක් අහන්නෙම නෑනෙ 🤦


කිස් කරන්නමලු ඕනි 🤧


Sachy Collins

Report Page