Spring is far away - 31
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 31 | Chocolates
"Come in."
"හේෂාන් මේ මම."
ටේබල් එකක හිටපු එක සාමාජිකාවක් එයා. ඔෆිස් එකට අලුතෙන් ආවේ මීට මාසෙකට කලින්. මින්දිට සතියකට කලින්. ඒ ටනාෂියා ජොස්ෆයින්.
"ටනාෂියා.. What's the matter ?"
"හේෂාන්.. මම ෆයිල්ස් සේරම චෙක් කලා. ගයාන් කිව්වා හරි. අපේ මාකටින් සෙක්ශන් එකේ ටූ තවුසන්ඩ් ටුවෙන්ටි වල ෆයිල්ස් තුනක්ම මිසින්."
"වට් 😨 ?"
"Yeah.. ඒවා මිසින් වෙලා තියෙන්නෙ එකම ඩේට් එකේ. හැබැයි වැඩි කාලයක් නොගිහින්ම."
කතාවෙන්ම ටනාෂියා කාර් එකේ යතුර ටේබල් එක උඩට දැම්මා..
"එච්චර දෙයක් වෙලත් ඒ ගැන රිපෝට් කරලා නැද්ද ඒ සම්බන්ධව ඉන්න අය ?"
"නෑ.. මාකටින් සෙක්ශන් එකේ මීට මාසෙකට කලින් රිසයිනේෂන් ලෙටර් දීලා අයින් උන කෙනාගෙයි ටූ තවුසන්ඩ් ටුවෙන්ටි වන් වල නොවෙම්බර් රිසයිනඩ් උන කෙනායි දෙන්නම දැන් වැඩ කරන්නේ නෑ. මට සැක ඒ දෙන්නව."
"එහෙම එකපාරටම අපිට මිනිස්සුන්ව සැක කරන්න බෑනෙ ටනාෂියා. ඔයාට මොකක් හරි Reason එකක් තියනවද එහෙම සැක කරන්න ?"
"එයාලා දෙන්නම රස්සාවෙන් අස් උනා නම් මොන විකාරෙකටද හේෂාන් ගෙදර ඉන්නේ. කවුරු හරි මේක හිතලා ප්ලෑන් කරපු එකක්. ඒ කෙනා දැන් අර දෙන්නා අහු වෙන නිසා එයාලව රිසයිනඩ් කරලා ගෙදර තියලා ගෙදරට සල්ලි දානවා ඇති."
"එහෙමයි කියලා මට ඔයාව විශ්වාස කරන්න බෑ ටනාෂියා, එවිඩන්ස් නැතුව."
"ෆයින්.. ඔයාට එදා ඉඳන් මාව විශ්වාස නෑනේ."
"ටනාෂියා.. අපි අපේ පර්සනල් දේවල් මේවට වලට ගාව ගන්නෙ නැතුව ඉමු."
ටනාෂියා වෙනම මාතෘකාවකට යන්න හදද්දි හේෂාන් ඒ කතාව වලක්වන්න හැදුවේ එතනින් එහා කතා කළොත් කොල්ලට තරහා යන නිසා. එකපාරටම ටනාෂියා හේෂාන්ට එහා පැත්තෙන් ඉඳ ගත්තේ ඒ උරහිසෙන් අල්ලන ගමන්.
"ප්ලීස් හේෂාන්. මට මේ දේවල් වලට අමතරව කතා කරන්න ඕනි ගොඩාක් දේවල් තියනවා."
"තව මොනා කතා කරන්නද ටනාෂියා. ප්ලීස් අපි පරණ දේවල් අමතක කරමු."
"ඔයා පිරිමි ළමයෙක්. ඔයාට ඒක කරන්න පුළුවන් උනාට මට ඒක කරන්න බෑ. මම ගෑනු ළමයෙක්."
"ඉතින්.. කලින් රෝල් එකම දිගාරින්නද යන්නේ ?"
"නෑ."
"එහෙනම් ?"
"රාදිතා ඒක දැනගනීවිද ?"
"නෑ මම ඒකට ඉඩ තියන්නෙ නෑ."
"ඒක හොඳයි ඒත්.. අපේ ගෙදර අය දැන ගත්තොත් මේ ගැන, මම ඉවරයි."
"මට කරන්න දෙයක් නෑ ටනාෂියා. මමත් වැරදියි ඔයත් වැරදියි. ඒත් ඔයාට තිබුණා මාව නවත්තන්න."
"ඉට්ස් ඕකේ.. මොක උනත් මට මුකුත් උනේ නෑනෙ. සෝ ඩෝනට් වොරි."
"ඒ උනාට මට දැනෙන්නේ මගෙ අතින් ලොකු වැරැද්දක් උනා වගේ."
"ඔයා වගේ Traditional කොල්ලෙක්ට එහෙම හිතෙනවා ඇති. ඒත් ඔයා වගේ නෙවෙයි අනිත් අය. අද එක්කෙනෙක්, හෙට අලුත් කෙනෙක්. ඉට්ස් නොට් ප්‍රොබ්ලම්ටු දෙම්."
"ෆයින්. මම ඔයාට මගේ ගාව ජොබ් එක දුන්නේ...."
"මම ඔයාට කැමතියි කිය කිය ඔයාගෙ පස්සෙන් ආපු නිසා 😌."
ටනාෂියා නැගිටලා හේෂාන්ගෙ කම්මුල් දෙකට අත තියලා ඒ මූණට ලං උනා. ඒ එක්කම හේෂාන්ගෙ මූණ වෙනස් උනා..
"මම ආසයි... ගොඩාක් ආසයි..
ඔයා ඔහොම මූණ හදාගන්නවට 🥰."
"ස්ටොප්.."
හේෂාන් කෙල්ලගෙ අත් දෙක ගසලා දාලා නැගිට්ටේ කණ්නඩිය ඉස්සරහට යන ගමන්. මොකක්ද මෙතන මේ වෙන්නෙ. මොකක්ද මේ දෙන්නගෙ මේ රහස ?
"ඔයා දන්නවනේ ටනාෂියා.. මම ආදරේ කාටද කියලා. මම බලාපොරොත්තු වෙන්නෙත් එයාව විතරයි."
"Oh.. I know heshan.. I really know that.. ඒත් මං තරම් ඔය කවුරුවත් ඔයාට ලං වෙලා නෑනේ."
"ආදරේ කරනවා නම් නීතියෙන් අයිති කර ගන්නකම්ම රකින්න ඕනි. මොකද කවදාම හරි දවසක අපි වෙන් උනොත් එයාට ඒ ගෞරවය තියන් Society එකට යන්න ඕනි."
"ඒ අතින් බැලුවාම මම මින්දිට වඩා ගොඩාක් වෙනස් කෙල්ලෙක්."
"නෑ.. ඔයාගෙ Ex - Fiance ඔයාව හරියට පරිස්සම් කරලා තියනවා. ඒත් එයාගෙ ආදරේ මදිවෙලා වෙන කෙනෙක් බලාපොරොත්තු උන ඔයයි වැරදි."
"හ්ම්.. ඒකනෙ අද මම සින්ගල්. But මම හිතුවා මට ඔයා හම්බුණ වෙලේ ඔයා සදහටම මම ළඟ ඉඳී කියලා."
"ඒක හීනයක් ටනාෂියා. මම එදා ඔයා එක්ක කතා කලේ හිතවත්කමට. අදටත් එහෙමයි. නැතුව මට කිසිම Feeling එකක් ඔයා වෙනුවෙන් නෑ."
"ඕකේ.. ඒත් මට එහෙම එකපාරටම ඔයාව අමතක කරන්න බෑ."
"ටිකෙන් ටික හරි අමතක කළොත් තමයි හොඳ. ඔයා එහෙම හිතන එක මට Pressure එකක්."
හේෂාන් ටනාෂියාගෙ මූණටම ලං වෙලා එහෙම කිව්වා. ඒ ඇස් මොන දේ කලත් හොයන්නෙ එක රුවක් විතරයි. ටනාෂියා දැක්කත්, වෙන කිසිම කෙනෙක් දැක්කත් හේෂාන්ට සැටිස්ෆයි නෑ. මින්දි එනකම්..
"අපි පල්ලෙහාට යමු. මම ඉස්සෙල්ලා යන්නම්. ඔයා පස්සෙ එන්න."
"ඕකේ."
ටනාෂියා හේෂාන්ගෙ බෝ එක තද කලේ ඒක අමතක වෙලා නිසා එහෙම පල්ලෙහාට ගියොත් හොඳ නැති නිසා.
හේෂාන් ඉක්මනින් ටනාෂියාව කාමරේ ඇතුළෙ තනි කරලා පල්ලෙහාට බැස්සේ හොටෙල් එකේ දොර ගාවින් සෙබෙස්තියන්ගෙයි එයාගෙ වයිෆ්ගෙයි දෙන්නගෙ මූණ පෙනෙද්දි. ලොකු අප්පච්චි තමයි සෙබෙස්තියන් කියන්නේ. එයාගෙ පුතා ඩේවිඩ් තමයි යුවසිංහ පරම්පරාවෙන් ගෑනු ළමයෙක් මැරි කරන්න ඉන්නේ. එයාලට එහා පැත්තෙන් ආවේ තරුෂිකායි සශිකයි. හැමෝම පුටු වලින් නැගිටිද්දි හේෂාන් ශෂීන්ද්‍ර එක්කම ඉස්සරහට ගියේ එයාලව පිළිගන්න..
"Ooh my Brother.. After a long time 🤗."
(සහෝදරයා.. කොච්චර කාලෙකින්ද)
"Wellcome to Yuvasinghe grand hotel 😊."
(සාදරයෙන් පිළිගන්නවා යුවසිංහ ග්‍රෑන්ඩ් හොටෙල් එකට)
......
හොටෙල් එකේ එළියෙ කවුරුත් නැති නිසා මම ඉක්මනින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ දොරෙන් ඇතුලට ගියා. එකපාරටම මම දැක්කෙ මිස්ටර් සෙබෙස්තියන්ව හග් කරන තාත්තව. ඊට එහාපැත්තෙන් හේෂාන් මිස්ටර් ඩේවිඩ්ව හග් කරනවා. එයාලාත් දැන්ද කොහෙද ඇවිත් තියෙන්නේ. මම කට්ටියට පිටිපස්සෙ ඉඳන් ඉන්නවා හිටගෙන.
ඔන්න එකපාරටම කට්ටිය මගෙ පැත්තට හැරුණා. මාත් ඉතින් හුරතල් හිනාවක් දැම්මේ ශේප් වෙන්න. තේෂානුත් නැගිටලා මාව හොයන්නද කොහෙද එළියට එන්න ලෑස්තිය. ඒ අස්සෙන් හේෂාන්,
තද නිල්පාට කොටු ගියපු සූට් එකට බෝ එකක් දාලා කොණ්ඩෙ උඩට හදලා. සිංහලෙන්ම කිව්වොත් එයා ඒ ඇඳුමට මාරම කඩවසම් පාටයි.
ඒ ඇස් ලෝබකමකින් වගේ මගෙ ඇඟ දිගේම සක්මන් කරලා අවසානෙ මගෙ ඇස් ළඟ නැවතුණා. මම දන්නවා ඔයාගෙ ඔය හිත කියන ඒවා.
'ඔයා අද ගොඩාක් ලස්සනයි මින්දි. මට ඔයාගෙන් එහාට ඇස් හරවගන්නම බැරි උනා. ඔය ඇස් මට මාවත් අමතක කලා' එයා වෙනදට කියන වාක්‍ය මතක් කරලා මම එහෙම හිතා ගත්තා. සමහරවිට අපි එෆෙයා එකේ හිටියා නම් එයා අද දවසම මම ගැන වර්ණනා කරනවා. මොකද මට පේනවා එයා එක දිහට විනාඩියක් විතර මම දිහා බලන් හිටපු විදිහට.
මම මිස්ටර් සෙබෙස්තියන් එක්ක කතා කරද්දිත් එයා මම දිහා බලන්, තරුෂිකා එක්ක කතා කර කර ඉද්දිත් එයා මං දිහා බලන්. අවසානෙ මම සශික එක්ක කතා කරද්දිත් ඒ හොර බළල් ඇස් මගෙ දිහා බලාගෙන. මම හොරෙන් එයා දිහා බලනවා. එයා මම දිහා හොරෙන් බලනවා.
"Don't stay there. Let's go to the table."
(ඔතන ඉන්න එපා. එන්න අපි යමු ටේබල් එකට)
ඩේවිඩ් මට පුටුවක් පෙන්නලා ඉඳගන්න කිව්වා. මමයි තේෂානුයි දෙන්නම එක ළඟින් වාඩි වෙද්දි හේෂාන් රාදිතා එක්ක අපිට ඉස්සරහින්ම, හරියටම මට ඉස්සරහින්ම ඉඳගත්තා. දැන් හරිනේ. මම හේෂාන් දිහා බලනවා, හේෂාන් මං දිහා බලනවා. වුණොත් වෙන්නෙ මට මේ වගේ ඒවම තමයි. හැබැයි මම එයා එක්ක හිනා වෙද්දි එයා මං එක්ක හිනා උනා. මෙතන ඉඳගෙන මට එයාට රවන්න බෑනේ. මේ යුවසිංහ ග්‍රෑන්ඩ් හොටෙල් එක. එහෙම උනොත් මාව ගහලා පන්නයි.
"Hii Missis Yuvasinghe. What about you ?"
(කොහොමද ඔයාගෙ තත්වය, මිසිස් යුවසිංහ)
"I'm recovered now mister sebasthian."
(මම දැන් ටිකක් හොඳින් මිස්ටර් සෙබෙස්තියන්)
නුවන්ති අම්මා හරි ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා දැකලා මම කන්ෆියුස්. එයාටත් බැරි වෙන්න විදිහක් නෑ එයා ශෂීන්ද්‍ර යුවසිංහගෙ වයිෆ් නේ.
"අහ්.."
එකපාරටම මගෙ අත උඩට අතක ස්පර්ශයක් දැනුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි තේෂාන්. එයා මගෙ අතින් අල්ලගෙන මගෙ මූණ දිහා බලාගෙන. මොකක් හරි අවුලකද ඉන්නෙ එයා. මට නම් පේන්නෙ ඒ වගේ.
"ඔයා හොඳින් නේද තේෂාන් ?"
අනිත් අය කතාව. අනික ටේබල් එක ගොඩක් දිග නිසා එයාලට අපි කතා කරන එක ඇහෙන එකක් නෑ. ශුවර් හේෂාන් බලන් ඇති.
"මුකුත් අසනීපයක්ද.. මොකක් හරි ප්‍රශ්නයක්ද ?"
"නෑ."
එයා හීනි හඬකින් උත්තර දෙද්දි මම ඒ අත මගෙ අත් දෙක මැදට තද කර ගත්තා. අපි අද ටිකක් ලං වෙලා වගේ හැසිරෙන්න ඕනි. මොකද අද ලොකු අප්පච්චි ඉන්න නිසා යුවසිංහ පවුලට අගෞරවයක් දෙන්න මට බෑ. වෙනදා ඉන්න විදිහට මම තේෂාන් එක්ක ලට පට කතා කර කර හිටියොත් එහෙම එයාලා අපිට හිනාවෙයි.
"එහෙනම් මොකක්ද අවුල.. මට කියන්නකෝ."
මම එයාගෙ පැත්තට හැරිලා කතාව. ඒ ඇස් හරි විඩාබරයි. සමහරවිට හොස්පිටල් එකේම ජීවිතේ ගෙවලා වෙන්න ඇති. අදත් මහන්සි වෙන්න ඇති. අවසානෙ අතාරින්න හිතුවත් මට දුකයි එයා ගැන. එයාගෙ ප්‍රශ්න කතා කරන්න මම වගේ සවන්දෙන්නෙක් එයාගෙ ජීවිතේට ඕනිමයි. එහෙම නොවුනොත් එයාගෙ ප්‍රශ්න එක්කම එයා මානසික ලෙඩෙක් වෙයි.
"අද වගේ දවසක තමයි එයා නැති උනේ."
මට කියන්න දෙයක් නෑ. ඒත් පව් එයා. මට වඩා වේදනාවක් එයාට දැනෙනවා ඇති. අද හේෂාන් සතුටින් ඉන්නවා බලන් ඉඳලා මම සතුටු උනාට එයා එයාගෙ සොහොන දිහා බලලා සතුටින් ඉන්නද. එයාට ඒක කරන්න බෑ. මොකද එයා එයාගෙ අතින් Surgery එක කරලත් ඒ ගෑනු ළමයා බේරගන්න බැරි උනානේ.
"අහන්නකො තේෂාන්."
මම එයාගේ කම්මුලට අත තිබ්බා. අයියා හා සමානයි. ඒ ස්පර්ශයමයි.
"එයා හොඳ තැනක ඇති. සමහරවිට එයා බබෙක් වෙලා ඔයා ගාවටම ඒවි. ඔයා දුක් වෙන්න එපා. අපි ප්‍රාර්ථනා කරමු එයාට ලබන ආත්මෙ එහෙම දෙයක් වෙන්න එපා කියලා."
එයා මං දිහා බලාගෙන ලාවට ඔළුව වැනුවා. මේ නිසා වෙන්න ඇති එයාට මම එනකම්ම ඉවසන්න බැරි උනේ. මට මේ ගැන කියන්න උවමනාව තියෙන්න ඇති. ඇත්තටම මට දුක හිතුණා තේෂාන් ගැන. මම නිකමට හේෂාන් දිහා හැරිලා බලද්දි එයා අපි දෙන්නා දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඔව් ඉතින් එහෙම හැසිරෙද්දි පොඩි පිටසක්වල ශේප් එකකුත් පේනවා. මොකද අපි එහෙම හැසිරුණ අය නෙවෙයි.
"මල්ලි.. ඔයා අවුලෙන්ද ?"
"නෑ.. මුකුත් අවුලක් නෑ."
"මම කියලා තියනවනෙ ඔය කෙල්ල අමතක කරන්න කියලා. තමුසෙට... අ.. සොරි.. ඔයාට ඔය හොඳ ගෑනු ළමයෙක් ලැබිලා තියෙන්නේ."
තමුසෙ.. ගෙදර වචනෙ මම ඉස්සරහා කියවෙද්දි හේෂාන්ට පැටළුනා. මම නොදන්නව යෑ අයියගෙයි මල්ලිගෙයි සහෝදර ප්‍රේමය ගැන.
"මින්දිගෙ මොකක්ද තියන වැරැද්ද. අනික අර කෙල්ල ආයෙ එන්නෙ නෑනේ. ලෝකෙට පේන්න මැරි කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඔයා.........."
හේෂාන් බැනගෙන බැනගෙන බැනගෙන යද්දි එයා අපහසුවෙන් හිනාවක් මවාගෙන අතින් නවත්තන්න කිව්වේ මම බය වෙලා වගේ හේෂාන් දිහා බලන් ඉද්දි. පව් ගෙදරදිත් මෙහෙම බනිනවාද දන්නෑ එයාට.
"ඇති හේෂාන්. එයාට ටික කාලයක් යයි ඕවා අමතක කරන්න. මනුස්සයෙකුට දෙයක් එකපාරටම අමතක කරන්න බෑනේ."
ඔයා වගේ..
වාක්‍යයේ ඉතුරු ටික මගෙ මනසින් කියවෙද්දි මට මුකුත් හිතාගන්න බැරි උනා. හේෂාන්, ඔයාගෙ මල්ලි ඔයා වගේ රබර් එකක් උනා නම් අද මම මේ මැරේජ් එකට කැමැත්ත දෙන්නෙ නෑ. එයාට ඔයාට වගේ මුකුත් නොවුන ගානට හැම දෙයක්ම අමතක කරලා ඉන්න පුළුවන් නම් මම එයාට කැමති වෙන්නෙ නෑ. මට විශ්වාස කරගන්න බැරි ඔයා කොහොමද අපි එච්චර කල් එකට හිටපු විදිහ අමතක කලේ කියලා. අපි අතර උන දේවල්, අපේ බැඳීම අමතක කරලා ජීවත් වෙද්දි ඔයාට සතුටක් දැනෙනවද හේෂාන් ?
මමත් මෙවෙලෙ මොනවා මතක් කරනවාද මංදා. ඒ අස්සෙන් මම හේෂාන්ට කතා කරපු එක රාදිතා රවාගෙන වගේ බලන් ඉන්නවා. අම්මෝ ඔයාගෙ කුමාරයා එක්ක කතා කරාමත් මාව ගිනි ගන්නවා වගේ.
"මින්දි වගේ ගර්ල් කෙනෙක් මම දන්නවා. එයයි ඔයයි සිබ්ලින්ස්ලාද දන්නෑ හැබැයි."
රාදිතා කතාවෙ පැත්ත මාරු කරන්නයි එයාට අවධානය ගන්නයිද කොහෙද හේෂාන්ට උරහිසෙන් කික් එකක් දීලා මට එහම කිව්වා.
"ඒ කොහෙන්ද ?"
"ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එක ඔයා දන්නවද හේෂාන් ?"
"ඔව්.."
"ආන්න ඒකෙ CEO ගෙ නංගි. මහිෂා රූපසිංහ කියන්නේ. එයා."
"අර රනවේ මොඩ්ල් නේද ?"
"ඔව් ඔව්. එයා නම් කළුයි. ඒ උනාට මින්දිගෙ ඇස් දෙක හරි එයාගෙ ලිප්ස් හරි ඒ ගෑනු ළමයාටත් තියනවා. ඒ නිසා පොඩ්ඩක් එක වගේ."
"එක වගේ අය හත් දෙනෙක් ඉන්නවා කියනවනෙ රාදි. මින්දි වගේ ගර්ල්ස්ලා තව ඇති."
රාදිතාට ලෝකෙ පෙරලන්න ප්‍රශ්නයක් උනත් හේෂාන් සැහැල්ලුවට එහෙම කියලා දාද්දි කෙල්ලගෙ මූණ ඇද වෙලා ගියා. කව්ද දැන් ඔය මහිෂා. මට එයාව හම්බවෙන්නත් හිතයි. මම වගේ අයත් ඉන්නවද අනේ තව. මම හිතුවා මම මේ ලෝකෙ කැතම කෙනා කියලා. එහෙනම් අර ගෑනු ළමයා රනවේ මොඩ්ල් කෙනෙක්ට යයි යෑ.
"ඔයා දන්නවනේ ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකේ CEO ව."
"ඔව් මම දන්නවා මහීකව. එයා මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්."
"මේ ළඟදි එයාලා එයාලගෙ ශොප් එකකට ඇවිත් හිටියා. මාත් එදා ගියපු නිසා එයාලව දැක්කේ. ඔයා දන්නවනේ ඒක මම ආසම ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් කියලා."
"අයි නෝ රාදිතා."
දැන් ඔයා කියන්නෙ ඔයා ලොකු ලොකු ශොප් වලට යනවා කියලානෙ රාදිතා. ඔව් ඉතින් ඔයා සල්ලිකාරයෙක්. මම දුප්පත් ගෑනු ළමයෙක් නේ.
අපි මෙහෙ ලටපට කතා කර කර ඉද්දි අරෙහෙ ලොකු බිස්නස් ඩිස්කශන් එකක්. අපිත් ඉතින් සද්ද නොකර අහන් හිටියා. ඉස්සෙල්ලා ඩේවිඩ් මම එක්ක හිනා වෙලා හායි කිව්වා. පස්සෙ ඉඳගන්න පුටුවත් පෙන්නුවා. දැන් මං දිහා බලන් ඉඳලා අහක බලාගත්තා. හත් දෙවියනේ එයා මං දිහා එහෙම හොරෙන් බලන්නෙ ඇයි. හේෂාන් දැක්කොත් වෙඩි තියයි.
"Excuse me."
කෙස් ගහක් කටේ පැටලිලා. ගෙදර නම් ඇදලා දානවා. ඒත් මෙතන පොශ් වෙන්න ඕනි නිසා මම ඉක්මනින් එක්ස්කියුස් කරලා බාත්රූම් එක හොයන් දිව්වා. ඒත්..
කොහෙන්ද දෙවියනේ මම මේ මාලිගාවෙ බාත්රූම් හොයන්නේ. කාගෙන්වත් ඇහුවෙත් නෑ. ඒත් මම කොරිඩෝව දිගේ යද්දි මට කාගෙ හරි අඩි උස සද්දයක් ඇහුණා. කවුරු හරි මගෙ පස්සෙන් එන නිසා මම හැරුණා.
( ⚠️️ අන්තිමට දාලා තියෙන ටික කියවන්න අනිවාර්යයෙන්ම )
.................................................. 🖤 ...
මින්දිගෙ හැඟීම් වලින් කතාව ලියන නිසා ඔයාලට හේෂාන් හැමදේකටම වැරදියි වගේ පෙනෙයි. ඒත් මට බෑ හේෂාන් Pov දාලා ලියන්න. එහෙම කලොත් කතාවෙ ඉදිරි රහස් සේරම එළි වෙනවා. මොකද හේෂාන්ගෙ පැත්තේ තමයි ගොඩක් රහස් හැංගිලා තියෙන්නේ. ඒවා පැහැදිලිව දැන ගන්න නම් ඔයාලා හේෂාන්ට හේට් නොකර කතාව ආසාවෙන් අවබෝධයෙන් කියවන්න වෙනවා.
- හේෂාන් ටනාෂියා අතර තියෙන කනෙක්ශන් එක ගැන දැන ගත්තම ඔයාලට හිතෙයි හේෂාන් හොඳ කෙනෙක් නෙවෙයි දැන් එයා වෙනස් වෙලා කියලා. මින්දිට එයාව ඕනි නෑ, එයාව කතාවෙන් අයින් කරන්න ඕනි කියලා ඔයාලා මට කමෙන්ට් කරයි. ඒත් මෙතන ලොකු පැටලුමක් තියෙනවා. ඒක තියෙන්නේ හේෂාන්ගෙ පැත්තේ. ඇත්තටම කිව්වොත් හේෂාන් එතනදි අසරණයි. ඒ නිසා තමයි හේෂාන් Pov ලියන්න බෑ කිව්වේ. එහෙම උනොත් ඒ රහස එළි වෙනවා.
- ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා කිසිම චරිතයකට හේට් නොකර කතාවෙ හැම අකුරක් නෑරම පිළිවෙලට හිමින් කියවන්න කියලා. දෙයක් දුටු පමණින්, ඇහුව පමණින්, සඳහන් වුණ පමණින් ඒ දේ බාල මිම්මකින් මනින්න හදන්න එපා. පන්හිඳ චැනල් එකේ රීඩර්ස්ලා කතාව නවත්ත ගත්තේ එයාලගේ නරක කමෙන්ට් නිසයි ඉවසීමක් නැතිකම නිසයි කතාව බාගෙට කියවලා වැරදියට වටහාගෙන නිසයි.
ඉතින් මම හිතනවා මේ සැරේ, ඉන්න අලුත් අයත් ඒකම කරන්නෙ නැති වෙයි කියලා. එයාලා වගේ නැතුව කතාවට හේට් නොකර, ඉවසීමෙන් කියවනවා නම් මම ඔයාලට ආදරෙයි 😍❤
ටනාෂියා ගැන නම් බෝම විදිහට ඔයාලගෙ හිත් වල දැන් එකේක විදිහේ අදහස් ඇති 😌. ඒත් ඒකෙන් හේෂාන් ගැන නම් හිතට කහට පැල්ලම් එකතු කර ගන්න එපා.
Sachy Collins