Spring is far away - 30

Spring is far away - 30

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 30  |  Love your voice

Previous


"ඔයා නිදාගන්න හේෂාන්."


"තව කතා කරන්න.. ඕනිම දෙයක්.. ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් මට දැනෙන්නේ සැනසීමක්."


තනි අතින් නයිට් ඩ්‍රෙස් එක මිරික ගත්තු මගෙ අතත් එක්කම රෝස පාට වෙලා ගිහින්. හොඳ වැඩේ මින්දි තමුසෙට, මහ රෑ මිනිස්සුන්ට කෝල් කර කර වද දෙනවට.


"මොකක්ද ?"


"මම හිතන්නෙ මම කිව්ව එක ඔයාට ඇහුණා."


රාදිතාගෙ කටහඬ කැතද දන්නෑ ෆෝන් එකෙන් ඇහෙද්දි. නැත්තම් වෙනදා පුරුද්දටම මගෙ කටහඬ අහන්න ආසාවෙද. මමත් සයිලන්ට්, එයත් සයිලන්ට්. ලොකු නිහඬතාවයක් දෙපැත්තෙන්ම. මම ඉතින් මොනා කියන්නද එයා එකපාරටම,


❝ ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් මට දැනෙන්නේ සැනසීමක් ❞


කියද්දි..


"මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා මින්දි."


"මොකක්ද ?"


"ඔයා මල්ලිට කැමැත්ත දුන්නේ කැමැත්තෙන්මද ?"


කිසිම විටෙක අහයි කියලා නොහිතපු දෙයක් එයා අහද්දි මම කන්ෆියුස් උනා. හේෂාන් මම ගැන නොදන්නවා යෑ. එයාට සැක ඇති මම තේෂාන්ට කැමැත්ත දුන්න එක ගැන.


"ඔ..ඔව්."


"එහෙනම් කමක් නෑ මින්දි. ඔයා අකමැති කෙනෙක් ගාව ඔයා කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑනේ. ඔයාගෙ තෝරාගැනීම් දෙපාරක් නෙවෙයි සිය වතාවක්ම හිතලා තෝර ගන්න."


"ඔව් ඒක හරි."


ඒත් හේෂාන් ඔයා රාදිතාට ආදරෙයි නේද. මම බොරු කිව්වත් ඔයාට එහෙම බොරු කියන්න බෑ. ඔයා මොන උත්තරේ දුන්නත් ඔයා කියන්නෙ බොරුත් නෙවෙයි කියලා මගෙ හිත තරයේම කියනවා.


"ඔයාත්.. රාදිතා ගාව සතුටින් ඉන්නවා නේද ?"


"මං ඒ කෙල්ලට හරි ආදරෙයි මින්දි."


විනාඩියක් යන්නත් කලින් ඇස් වල කඳුළු පිරිලා කම්මුල් දිගේ පල්ලම් බැස්සා. මට මේ ඇහෙන දේවල්, දකින දේවල් වලට මූණ දෙන්නම වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒත් මේ වැටෙන්නෙ සතුටු කඳුළුද නැත්තම් දුකටද කියලා හිතා ගන්න බෑ.


"හැබැයි එයාගෙ වැරදි තියනවා හදන්න. එයා අපේ මල්ලිට ටිකක් අමුතු විදිහට කතා කරනවා. කොල්ලව බය කරන්න වෙන්න ඇති. අනික වෙලාවකට මට සැරෙන් කතා කරනවා. දන්නවනෙ ඉතින්. සැපට හදලා ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම දුන්නම ගෑනු ළමයි මුරණ්ඩු වෙනවනේ."


"ඔව්.. රාදිතාගෙ තාත්තා විතරයිනේ බලන්නේ. ඉතින් ඔය ගතිගුණ හදන්න අය නැතුව ඇති."


"ඔයා කොහොමද දන්නේ ඒක 😨 ?"


"මොකක්ද ?"


"තාත්තා විතරයි ඉන්නෙ, අම්මා වෙනම ඉන්නෙ කියන එක ?"


"අම්මා වෙනම ඉන්න එකක් මම දන්නෙ නෑ හේෂාන්. ඒත් මම ගොඩාක් වෙලාවට දැකලා තියෙන්නෙ රාදිතාගෙ තාත්තා විතරයි. එයත් වැඩිය එයා එක්ක නෑනේ."


"ඔව් ඔව්."


අම්මා වෙනම ඉන්නවා. මම අදමයි දැනගත්තේ ඒක. රාදිතා සෝශල් මීඩියා පොටෝ වල ගොඩාක් ඉන්නෙ තාත්තා එක්ක. අම්මා ඉන්න එකම එක ෆොටෝ එකයි තියෙන්නේ. ඒ යුනිවර්සිටි එකේ Graduation එකේ ගත්තු ෆොටෝ එක විතරයි. මොනවා උනත් හේෂාන් රාදිතා ගැන මොනා හරි මගෙන් හැංගුවා. මොකද මම උත්තර දුන්න විදිහට එයා ටිකක් කලබල උනා.


"අම්මට දැන් මොකද ?"


"ටිකක් හොඳයි. හෙට ඩිස්චාජ් කරලා ගෙදර ගේනවා."


"එහෙනම් හොඳයි මට පුළුවන් නේ හෙට පාර්ටි එකේදි හම්බවෙන්න."


"ඔව්.. අම්මත් ආසාවෙන් ඉන්නෙ ඔයාව බලන්න."


අම්මගෙ ආසාව මාව බලන්න තමා ඉතින්. ඒ උනාට එයාගෙ අංක එකේ හදවතේ ලේලි = රාදිතා ෆර්නැන්ඩස් විතරයි. මම තේෂාන් මැරි කළොත් මට කොහොම සලකයිද දන්නෑ.


අලුත් දවසක් 🌿🌳🍃..


"ඕන්න අපි පොත් දෙකම ඉවර කලා."


සයුම්දි නංගිට සේරම උගන්නලා ඉවර වෙලා මම ඉඳන් හිටපු පුටුවෙන් නැගිටලා අත් දෙක දිගෑරලා හිරි ඇරියා. උදේ ඉඳන් හවස් වෙනකම්ම එකම පුටුවෙ ඉඳන් ඉඳලා මම හිරි වැටිලා හිටියේ. ඒ උනාට මේක ඉවර කරපු එක හිතට හරි නිදහසක්.


"සේරම තේරුණා නේද දැන්."


"ඔව් අක්කේ. ගොඩාක් ස්තූතියි කියලා දුන්නට."


"එහෙනම් හෙට Exam එක ගොඩදාගෙන මට ලකුණු කියන්න හාද ?"


"අනිවාර්යයෙන්ම."


නංගිව යවලා මම ගියේ ලෑස්ති වෙන්න හිතන්. දවල්ටත් එහෙන් මෙහෙන් කෑව පාර කුස්සිය අස් කරන්නත් අමතක උනා. ඉතින් දිනුමිගෙ බැනුම් මැද්දෙ එයාට උදව් කරලා ජේසුස් වහන්සේගෙ පිළිමය ඉස්සරහින් හඳුන්කූරු මල් තියලා පූසටත් කන්න දීලා ලෑස්ති වෙන්න ගියා. බැලින්නම් වෙලාව හතට කාලයි. දෙවියනේ මම 7.30 වෙද්දි එනවා කිව්වත් එක්ක. තව පැය භාගයයි. ඒ පැය භාගෙන් මම කොහොම ලෑස්ති වෙන්නද..


නයිට්‍රයිඩර් වගේ මම බාත්රූම් එකට දුවලා නාලා ආවේ විනාඩි දහයෙන්. කොණ්ඩෙ වේලගන්න වෙනම පැය කාලයි, හතයි කාලයි. අන්තිමට හදිස්සියට ගවුම අඳින්න ගිහින් බිම වැටෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරුණේ.


කොළ වැලක් වගේ කරපටි ගියපු දිග ටයිට් ගවුමක්. මම හදපු තීම් එකට ගැලපෙන්න මෙරූන් ඇන්ඩ් බ්ලැක් දාලා හදලා තියෙන්නේ. දණහිස ගාවට පිටිපස්සෙන් පොඩි ඕපන් එකක්. අවුලක් නෑ ඒක නැත්තම් ම්ට ඇවිදගන්නත් බෑ. ඉතින් කොණ්ඩෙත් පොඩ්ඩක් කර්ල් කරලා පොඩි මේකප් එකකුත් දාගෙන පියසීලි මාමා ගාවට ගියේ යන්න හිතන්. මේ සේරම තනි අතින් කරගත්තු මට නොබෙල් ප්‍රයිස් එකක් දෙන්න ඕනි.


"බලන්න නෝනා. මේ සතා කොයි වෙලේක හරි වාහනේට යට වෙනවා. මේක යටටම රිංගනවනේ."


එකපාරටම පූසා කාර් එක යට ඉඳලා ගේ පැත්තට දිව්වා..


"ඔව් නේද. හත හමාරයි මාමේ අපි යමු නේද ?"


හත හමාර වෙද්දි තේෂාන් මට කෝල් දෙක තුනක්ම අරන්. ඒත් මම තාම මඟ. අද ගිහාම බැනුම් අහන්න වෙයිද චාටර් වෙයිද කියලා හිතා ගන්න බෑ. මොකද මම යද්දි අටයි කාල වත් වෙයි. මම එයාට මැසේජ් එකක් දාලා ශීට් එකේ ඇල උනේ කලම්බු වලට යනකම් චුට්ටක් නිදාගන්න.


......


"Good evening my dear."


ඇන්ඩෲස් ඇවිත් ශෂීන්ද්‍රව තුරුලු කරගද්දි හේෂාන් පැත්තකට උනේ රදිතාත් දැන් දුවගෙන එයි කියලා. ඒ උනාට ඒ ඇස් හොයන්නෙ ඒ රුව නෙවෙයි කියලා ඒ හිතටම තේරුණා. එකපාරටම,


"මින්දි එනකල් බලන් ඉන්න එපා අයියේ. එයා එද්දි අට පහුවෙයි 😪."


"මම තමුසෙගෙ ෆියන්සි එනකම් බලන් ඉන්නෙ නෑ."


"ආහා.. එයා මගෙ ෆියන්සි නෙවෙයි. මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් 😌."


"රටක් රාජ්‍යයක් අයිති කරගත්තා කියලද හිතන් ඉන්නේ 😑."


"ඔව් ඔව්. සතුටුයි. ජීවිතේ පළවෙනි වතාවට අයියගෙ දෙයක් අයිති කරගත්තා."


"@#$%&.."


හේෂාන්ගෙ තරහා ඉහටම යද්දි ඒ මූණ තවත් රතු වෙන්න තේෂාන් කම්මුල් දෙකම මිරිකුවේ හොඳ වචන සෙට් එකක් හේෂාන්ගෙ කටින් පිටවෙද්දි. මල්ලිත් ආසම අයියා ජම්බෝලයක් වගේ ඉන්නවට.


ඕන්න මිස් උනිවර්ස් සිලෙක්ට් උන කෙනා එනවා ලස්සන ලා රතු පාට ටයිට් ඉන හරියට විතර කොට ගවුමකුත් ඇඳගෙන. දැන් ඉතින් දවසම පල්ලෙහාට ඇද ඇද ඉඳී. කරන්න දෙයක් නෑ හේෂාන්ට ඕවට සීමා දාන්න බෑ මොකද දැනටමත් එයා අම්මගෙන් බැනුම් අහලා ඉන්නේ,


❝ ශුවර්, ලොකූ ඔයා තමයි රාදිතා දුවට බැනල තියෙන්නේ. පව් ඒ කෙල්ල කොච්චර කාලෙක ඉඳන්ද මිස් වර්ල්ඩ් යන්න ආසාවෙන් ඉන්නේ. ඔයා එයාට එහෙම තහනම් දාන්න එපා. එයාගෙ කම්පිටිශන් එක ලබන අවුරුද්දෙ තියනවානේ. ඊට පස්සෙ බැරියෑ අපිට මැරි කරන්න ❞


මාස හයක් ඇතුලත වෙඩින් එක වෙන්න ඕනි කිව්ව කට්ටිය දැන් හේෂාන්ට බැනලා පස්සෙ වෙඩින් එක කරමු කියද්දි කොල්ලා ගල් පිලිමෙ වගේ කන්ෆියුස් වෙලා බලන් හිටියේ ලෝකෙ අනිත්පැත්ත හැරිලද කියන සැකේට.


"වාව්.. ඔයා අද මාරම හැන්සම් බබා 😘."


රාදිතා ඇවිත් හේෂාන් තුරුළු කරගෙන ඒ කම්මුල් දෙකම සිපගද්දි තේෂාන් හිනා වෙලාම පස්සට උනා. දැනටමත් හේෂාන්ගෙ කම්මුල් දෙකේම ලිප්ස්ටික් පාරවල්. ලැජ්ජාවට ඒ මූණ ආයෙමත් රතු උනා.


"රාදිතා.. දැට්ස් ඉනෆ්."


"කෝ ඔයාලගෙ ලොකු අප්පච්චි ?"


"එයා එනවා තව ටිකකින්."


"හ්ම්.."


රාදිතාට එච්චර අකමැති නිසා තේෂාන් අහකට උනා. බැරි වෙලාවත් කතා කරොත් එහෙම හොඳවයින් බනින්නම තමා කොල්ලට හිතෙන්නේ. ඒ උනාට කොල්ලට තාමත් හිනා යන්නෙ රාදිතා හේෂාන්ව තුරුලු කරන් කිස් කරපු විදිහට.


"ඇයි පුතා තාම දෝණි පරක්කු ?"


තාත්තා ඇවිත් තේෂාන්ගෙන් අහද්දි තේෂාන් මින්දිට කෝල් එකක් අරගන්න ගමන් හිටියේ ඒ එක්කම එයා ආන්ස්වර් කලා.


"ඔයා කොහෙද ඉන්නෙ මින්දි ?"


"මට තව විනාඩි දහයක් දෙන්න. මම ඔතන."


"හරි මම ඔයාව ගන්න තව ටිකකින් එළියට එන්නම්."


ෆෝන් එක කට් කරපු තේෂාන් තාත්තගෙ පැත්තට හැරුණා.


"තාත්තෙ එයා ළඟ. තව චුට්ටකින් එයි."


"හ්ම්.. මම අම්මව එක්කන් එන්නම්. ලොකු අප්පච්චිලත් ළඟ ලු."


"ආහ් හරි."


ටේබල් එක මින්දිගෙ ඩිසයින් එකක් නිසා හරි ලස්සනයි හේෂාන් පුටුවක ඉඳගෙන එතන තිබ්බ ටියුලිප් මල් ටිකක් අල්ල අල්ල සුවඳ බලනවා. අරුෂි දැක්කා හේෂාන් ආසාවෙ ටේබල් එක දිහායි ඩෙකරේශන් දිහායි බලන් ඉන්න හැටි.


"මහන්සි උන කෙනා අද පරක්කුයි නේද සර්."


"ඒකනේ. මමත් අද උදේ ඔයා කියද්දි දන්නෙ අරුෂි. මින්දි මේ සේරම තනියම කලා කියලා."


"එයා හොඳ ගෑනු ළමයෙක් සර්. ඇත්තටම එයාට Education එකට එහා හොඳ තින්කින් එකක් තියනවා."


"නැතුව නැතුව. මොකද මම නොදන්නේ. එයාගෙ වැඩ හරි චාම්. මම ආසයි ඒ ටයිප් එකට."


"කෙල්ල ආවම පුදුම වෙයි ලස්සන දැකලා."


"ඔව්.."


රාදිතා තාත්තයි අම්මයි එක්ක උඩ පැන පැන කතාව. අම්මටත් ඉතින් ලොකු ලේලිගෙන් එහා දෙයක් නෑනේ. ඒ අස්සෙන් හේෂාන් ශේප් එකේ මාරු උනේ උඩ රූම් එකකට. පැයයි ඇඳුම ඇඳන් හිටියේ. ඒත් තද නිසා හුස්ම ගන්නත් බෑ වගේ දැනෙන නිසා එයා බෝ එක පොඩ්ඩක් බුරුල් කරගද්දිම,


ටක් ටක්..


කෙනෙක් දොරට ගහනවා ඇහෙනවා. කව්ද එකපාරටම මේ ආවේ ?


"Come in."


"හේෂාන් මේ මම."


................................................... 🖤 ...


ඕන්න අලුත් සාමාජිකාවක් එනෝ 🤧


මේ කවුරු කියලද හිතන්නෙ ඔයාලා ?


Sachy Collins 

Report Page