Spring is far away - 29
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 29 | Love your voice
හේෂාන්ගෙ මනස එයා එක්කම තනියම කියවද්දි කොල්ලා අපහසුවෙන් අම්මටයි රාදිතාටයි පේන්න කට කොනින් හිනාවක් මවා ගත්තා.
"අහ්.. මේ.. එයාගෙ අත තාම අඩු නෑ අම්මේ. සිංහල බේත් වත් කරන්න වෙයි."
"එහෙනම් චූටිට කියන්න දෝණිව එක්ක යන්න කියලා, තියන හොඳම තැනට."
"හරි මම කියන්නම්."
"I am so sorry හේෂාන්. මම මින්දිගෙ අත හිතලා කැඩුවෙ නෑ."
"ඒකට කමක් නෑ රාදි."
"අහ්.."
අම්මට එකපාරටම කැස්සක් ඇල්ලුවා විතරයි රාදිතා හේෂාන්ටත් කලින් ඇවිත් වෝටර් ෆිල්ටර් එකෙන් අරගෙන වතුර වීදුරුවක් දෙන්නයි ලෑස්ති උනේ. කොල්ලා බලන් හිටියේ මෙයාගෙ හැසිරීම ගැන. ෆිල්ටර් එකේ බට්න් එක ඔබාගෙන රාදිතා ඉන්නවා වතුර කෝප්පෙත් අල්ලන්. ඒත් වතුර එන්නෙ නෑ.
"ඔය බට්න් එක නෙවෙයි රාදි. ඕක හොට් වත් කූල් වත් කරලා නෑ. නෝමල් එකෙන් දෙන්න."
විශේෂ අවශ්‍යතා තියන ලෙඩෙක්ට විතරයි මැශින් එක කරන්ට් එකට ගහලා Hot or Cool කරන්නේ. රාදිතා ඒ ගැන දන්න එකක් යෑ. ගෙට වෙලා බේබි නෝනා වගේ ඉන්නවා මිසක්. ඉතින් ඒ නිසා චාටර් උන කෙල්ල සද්ද නොකර හේෂාන්ටත් හිනා වෙලා අම්මට වතුර එක දුන්නා. අම්මත් බීගෙන බීගෙන ගියා.
"තව මොනා හරි ඕනිද අම්මා ?"
"එපා දුව."
"රාදි.. අපි ගෙනාපු බත් එකත් ඇති."
"ආහ්.. ඔව් නේද හේෂාන්. අම්මා බත් ටිකක් කනවද. මම කවන්නම්."
"දුවගෙ අතින් දෙනවා නම් ඕනි දෙයක්."
හේෂාන් රාදිතා අම්මට බත් කවන විදිහ බලන්නයි එහෙම කිව්වේ. කෙල්ල අතින් කවන්න දන්න එක්කෙනෙක් නෙවෙයි. අනික බත් මුලක් කවන්න දන්නෙත් නෑනේ. ඔන්න ටික වෙලාවක් යද්දි රාදිතා ප්ලේට් එකට බත් එක දාගෙන අනන්න ගත්තා. හේෂාන් හොඳට බලන් හිටියේ කෙල්ල කවන්න හදන එක දිහා.
බත් එකේ ඉඳුල් ගෑවෙද්දි ඕනෑවට එපාවට අනපු රාදිතා පපඩම් කෑල්ලත් දෙකට විතරක් කඩලා මුළු අත පිරෙන්නම බත් ගුලියක් අම්මට දික් කරද්දි හේෂාන්ට ඉන්න තැන නොබලා හිනා ගියේ රාදිතාගෙ මූණ දෙකක් වෙද්දි.
"ඇයි හේෂාන් ඔයා ඔහොම හිනා වෙන්නේ ?"
"මේහ්.."
හේෂාන්ට කතා කරගන්නත් බෑ හිනා යනවා. ඒ මදිවට මූණත් රතු වෙලා. රාදිතා බය වෙලා වගේ බලන් ඉන්නවා හේෂාන් හිනා වෙන දිහා. මොකද,
ඒ කෙල්ල අදමයි දැක්කෙ හේෂාන් හිනා වෙන හැටි..
"කාටවත් අනලා කවලා නැද්ද 😄."
"නෑ ඉතින්. දන්නවා නම් කියලා දෙන්න 😑."
"පොඩ්ඩක් අරගෙන කවන්න. ඔච්චර කන්න බෑනෙ."
"හ්ම්.."
රාදිතා ඒ පාර නම් අම්මට හැන්දක ගාන වගේ අරගෙන කවන්න ගත්තා. හේෂාන්ට ඉස්සෙල්ලා උන එක මතක් වෙවීම සැරෙන් සැරේට හිනා යනවා. රාදිතාට ඉතින් යක්ශයා ආවේස වෙනවා එයා එහෙම හිනා වෙද්දි.
අම්මට බත් එකත් කවලා ඉවර වෙලා වතුරත් පොවලා රාදිතා අත හෝද ගත්තේ එතන තිබ්බ හෑන්ඩ් වොශ් එකෙන් බාගයක්ම ඉවර කරලා. මොකද මාළු අනපු නිසා ඒ ගඳ අත් දෙකෙන් යවන්න ඕනි නිසා. කෙල්ල සාමාන්‍යයෙන් මාළු වල ගඳ නිසා කන්නෙ නෑ.
"ඔෆිස් එකේ තත්වෙ කොහොමද පුතේ ?"
"අවුලක් නෑ අම්මේ.. ආ.. කියන්න අමතක උනානේ. ලොකු අප්පච්චිලා ඇවිත් දැන් ටිකකට කලින්."
"අනේ එහෙමද ?"
"ඔව්.. ඔයාව බලන්න එනවා කිව්වා. එහෙම උනොත් හෙට තාත්තා එක්ක ඔයාවත් එක්කන් යනවා."
"ඩොක්ටර් මට කිව්වා ඇඳෙන් බහින්න එපා කියලා."
"එක දවසකටනෙ අම්මා. ඊට පස්සෙ අපි ගෙදර ඉඳන් Treatments කරමු."
"ඔයා කියනවා නම් හා ඉතින්."
රාදිතා අතත් හෝදගෙන එයාගෙ බෑග් එක අතට ගත්තේ යන්න හිතාගෙනයි. ඒත් යන්න කලින් අම්මාගෙ කකුල් දෙක අල්ලලා වැන්ද රාදිතා එයාගෙන් ආශිර්වාදය ගත්තෙ හේෂාන් දොර ගාව හිටන් ඉද්දි.
"අපි යන්නම් අම්මේ. ඔයාට මොනා හරි ඕනි උනොත් මට හරි හේෂාන්ට හරි කෝල් එකක් දෙන්නකෝ."
"හරි.. පරිස්සමින් දෙන්නාම."
රාදිතා එක්ක එළියට ආපු හේෂාන් රූම් එකේ දොර වහලා දොර ගාවම නැවතුණා. රාදිතා ටිකක් ඉස්සරහට ගිහින් ආයෙ හැරිලා බැලුවෙ ඇයි කියලා.
"ඇයි ?"
"ඔයා දිහා බලන් හිටියේ."
දුන්න උත්තරේ එක්ක කන්ෆියුස් උන රාදිතා ආයෙමත් හේෂාන් ගාවට ගියේ මොකක්ද ඒ කිව්වෙ කියලා ආයෙ පාරක් අහගන්න.
"මොකක්ද කිව්වෙ ?"
"ඔයා දිහා බලන් හිටියා කියලා කිව්වේ."
"ඇයි ඒ ?"
"හෙටත් ඇවිත් අම්මට සාත්තු කරලා යන්න. එතකොට බත් කවන හැටි ටිකෙන් ටික ඉගෙන ගනීවිනේ 😄."
හේෂාන්ට රවපු රාදිතා ඩෝං ගිහින් වගේ හයියෙන් හයියෙන් ඇවිදගෙන හොස්පිටල් එකෙන් එළියට ගියේ හේෂාන්ට ආයෙමත් කලින් සිද්ධිය මතක් වෙලා එතනම හිනා යද්දි. රාදිතා බත් ගුලිය දික් කරපු විදිහ වීඩියෝ කරා නම් කොල්ලට දවසම හිනා වෙවී හිටියැහැකි බල බල.
හවස් උනා 🦊🍂🧡..
මම ආපු නංගිට මුදල් පොතයි සුළු මුදල් පොතයි ගැන හොඳට කියලා දුන්නා. හිතනවට වඩා අමාරුයි උගන්නනවා කියන එක. මොකද මට 5.00 වෙද්දිත් 10 වසරෙ පාඩම් 12 න්ම 8 යි කරගන්න පුළුවන් උනේ. හෙට 11 වසරත් කියලා දෙන්න ඕනි. ඒකට මට වෙලාව වැඩියෙන් ඕනි. මෙයාට සඳුදට ඉස්කෝලෙ එක්සෑම් එකලු. මට හෙට හවසට පාර්ටි එකත් එක්ක.
"හ්ම්.. දැන් තේරුණාද සුළු මුදල් පොත ගැන."
"ඔව් අක්කේ. එතකොට....."
Peek..
එකපාරටම හෝන් එකක සද්දයක් ඇහුණ නිසා මම හැරිලා බැලුවේ කව්ද කියලා. ඒ තේෂාන්ගෙ කාර් එක. සයුම්දි නංගිටත් අතින් මම ටිප් එකක් දීලා ගිහින් ගේට්ටුව ඇරියා. එයා කාර් එක එතනම දාලා බැහැලා ආවේ මගෙ ඉස්සරහට.
"මම බය උනා."
එහෙම කියපු එයා ඔළුවට අතත් ගහගෙන සැනසුම් සුසුමක් හෙළුවා. මම බය වෙලා බලන් ඉන්නවා මේ මොකක්ද වෙන්නෙ කියලා. ඇත්තටම ඇයි මේ තේෂාන් බය වෙලා ?
"ඇයි තේෂාන් ?"
"එදා Suicide කරගත්ත දවසෙත් ඔයා කෝල්ස් ආන්ස්වර් කලේ නෑ. අදත් නෑ. මට බය හිතුණා ආයෙ මොකක් හරි කරගෙන ඇති කියලා."
"ආයෙ නම් කරගන්නෙ නෑ. මොකද මට බෑ අර පිස්සු දොස්තරගෙන් දේශන අහන්න."
"අහ්.. එයා එක දවසින්ම ඔයාට සියදිවි නසාගැනීමත් එපා කරා නේද 😄."
"හ්ම්. එන්න යමු ගේ ඇතුලට."
"එච්චර ඕනි නෑ."
එහෙම කියපු එයා මං එක්කම ඉස්තෝප්පුවේ ඉඳ ගත්තේ සයුම්දි දිහා බලාගෙන. එයා දන්නෙ නෑනෙ මම ඒ නංගිට උගන්නනවා කියලා.
"අහ්.. මේ නංගිට නොතේරෙන ඒවා වගයක් කියලා දෙන්න කියලා මට පියසීලි මාමගෙ දුව එක්කන් ආවා."
"ආහ්.. එහෙමද."
තේෂාන් අද ටිකක් වෙනස්. එයා වෙනදට එච්චර සන්සුන් නෑ. ඒත් අද පුටුව උඩට වෙලා ඔහේ බලන් ඉන්නවා. එයාගෙ වෙනසක් වෙලාද නැත්තම් මට එයාව පේන හැටියෙ අවුලක්ද ?
තේෂාන් මගෙ නමට ෆියන්ස් විතරයි. අපි අතරෙ කිසිම ආදරයක් නෑ. මම ඒක දන්නවා, එයත් ඒක දන්නවා. අපි දෙන්නට අමතරව ඒක හේෂානුයි රාදිතායි දෙන්නම දන්නවා. කවදාවත් ඒක වෙනස් වෙන එකකුත් නෑ. අපිටත් වෙන්නෙ අර නළු නිලියො වගේ ආදරෙයි කිය කිය ලෝකයා ඉදිරියේ රඟපාන්න තමයි. දවසම රඟපාන එයාලට ඒක රඟපාන එක මහලොකු කජ්ජක් නෙවෙයිනේ. ඒත් මමවත් තේෂාන්වත් රඟපාලා පළපුරුදු අය නෙවෙයි. එහෙම එකේ අපිට ඒක කරන්න අමාරු වෙයි සමහරවිට..
"මම මේ අහන්න ආවේ හෙට අඳින ඩ්‍රෙස් එක හරිද කියලා අහගන්න."
"ඒක හරි තේෂාන්.. ඒ අක්කා දවල් ඇවිත් මට ඒක අන්දලා අඩුපාඩු හදලයි ගියේ."
"අඩුපාඩු හදන්නත් තිබ්බද ?"
එයා එහෙම අහද්දි මම ගොළු උනා. ඔව් ඉතින් මම බාබි ඩෝල් කෙනෙක් නෙවෙයිනේ අඩුපාඩු නොතියෙන්න. ඒ උනාට ඇත්තටම අඩුපාඩුවක් තිබුණේ නෑ. එයා මට ගවුම අන්දලා බැලුවා එවෙලෙ..
❝ වාව්.. ඇත්තටම ඒක ඔයාට පර්ෆෙක්ට් මින්දි. ඒ කලර් එකත් ඔයාගෙ ස්කින් ටෝන් එකට හොඳටම මැච්. අනික ඔයාගෙ ඇඟත් ගාන නේ. හිප් එක එහෙම හරි ලස්සන ඇවිත්. හරියට නිකන් ඩමී එකකට අන්දලා වගේ ❞
අන්තිමට ඒ අක්කා කිව්වා,
❝ ඔයා කැමති නම් එක සැරයක් හරි මගෙ ෆැෂන් බ්‍රෑන්ඩ් එකේ එක Photoshoot එකකට එන්න. එක දවසකට Modeling කරන්න. ඇත්තටම ඔයාට මාරම විදිහට Famous උනැහැකි මින්දි ❞
කියලත්. එයා කියපු විදිහෙන් මට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. මට ඒ අක්කා කිව්ව දේවල් මතක් උනාම ලැජ්ජත් හිතුණා. ඒත් ඇයි මම එවෙලෙ තේෂාන්ට අර විදිහට කිව්වෙ. මට පිස්සු හැදීගෙන එනවා වත්ද ?
"අ.. අඩුපාඩු මුකුත් තිබුණෙ නෑ. අන්තිමට ඒ අක්කා මට Request කරලා ගියා එයාගෙ Model කෙනෙක්ට එන්න කියලා."
"ඒක නම් මට හිතාගන්න පුළුවන්."
එහෙම කියලා තේෂාන් මං දිහා බලලා හිනා උනා. එයාම මට කන්ටැක් කරලා දුන්න එකේ එයා ඒ අක්කව කන්ටැක් කරගෙන මම ගැන අහගන්න බැරි නෑ.
"ඇත්තටම මින්දි ඔයාට මිස් යුනිවර්ස් යන්නයි තියෙන්නේ. රාදිතා අක්කට වඩා ඔයා ලස්සනයි."
"අහ්.. මිස් යුනිවර්ස් යන්නෙ ලස්සනම අය නෙවෙයිනේ. අනික මිස් යුනිවර්ස් යන අයට වඩා ලස්සන අය මේ ලෝකෙ හැමතැනම ඉන්නවා."
"ඒක නම් ඇත්ත... ඒක නෙවෙයි ඔයා එදා කිව්වා නේද රාදිතා ගැන මොනා හරි."
"ඔ..ඔව්."
"ඔයාට මොනාද කියන්න තියෙන්නෙ ?"
"......"
තේෂාන් එකපාරටම එහෙම අහද්දි මට හිතුණෙ නෑ රාදිතා ගැන කියන්න. එයා මෙහෙම කරන්න අරමුණක් ඇති. ඉස්සෙල්ලාම එයාට ඇඟිල්ල දික් කරන්න කලින් අපි ඒ ගැන හොයලා ඉන්න ඕනි. කියන්න බෑනෙ රාදිතාට මානසික ලෙඩක් වත් තියනවාද කියලා.
"ඒක මෙවෙලෙ කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තේෂාන්. අපි ඒක පස්සෙ දවසක නිදහසේ කතා කරමු."
"හ්ම්.. හෙට කීයටද එන්නේ ?"
"පාර්ටි එක පටන් ගන්න තියෙන්නෙ 7.30 ට. මම එවෙලෙට එන්නම්."
"හරි එහෙනම්."
එයා එහෙම කියලා නැගිට්ටා. ගවුම ගැන අහන්නද ඇවිත් තියෙන්නෙ එයා. ඔව් ඉතින් මට ඒ අක්කව කන්ටැක් කරලා දුන්න එකේ වැඩේ Finish ද කියලා අහන එකත් එයාගෙ යුතුකම නේ.
"හොඳ වැඩක් ඔයා කරන්නේ. ඔහොම්ම ටියුෂන් ක්ලාස් එකක් දාගත්තා නම් හරි. මටත් කරන්න පුළුවන් උදව්වක් කරන්නම්."
"අහ්.. නෑ.."
එයා එච්චර දුර හිතලද. ඒත් මම ඒ නංගිට කියලා දුන්නේ එයාට ඒ ටික බෑ කිව්ව නිසා. එහෙම එකේ මට ටියුෂන් කරන්න පුළුවන් යෑ.
"එච්චර ඕනි නෑ මට."
"ඔයා චූටියට මේ ගෙදර පටන් ගන්න මින්දි. ඔයාට බිස්නස් ගැනයි කනෙක්ෂන් ගැනයි හොඳ නොලේජ් එකක් තියනවා. එහෙම එකේ උගන්නන එක මහ වැඩක්ද."
"ක..කව්ද ඔයාට ඒවා කිව්වේ."
කව්ද තේෂාන්ට කියලා තියෙන්නේ මට Business ගැනයි Connection ගැනයි Knowledge එකක් තියනවා කියලා ?
"වෙන කව්ද ඉතින් ඔයා ගැන දන්නේ. අපේ අයියා මිසක."
"......"
හේෂාන් ගැන මතක් වෙද්දි මගෙ මූණ රෝස පාට වෙලා ගියේ එතන හිටන් ඉන්න එක අපහසුවක් වෙද්දි. ඒ නම මතක් කරත් ඇති මට හරි අමුතු අපහසුවක් දැනෙනවා. මොකද හේෂාන්,
මාව රිද්දුවා..
"මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා තේෂාන්."
"මොකක්ද ?"
"ඔයා පියසීලි මාමව අඳුනනවද ?"
ඒ ප්‍රශ්නය හමුවේ එයාගෙ මූණ වෙනස් වෙලා යනවා මම දැක්කා. මෙතන තවත් රහසක් තියනවා මම තාමත් නොදන්න.
❝ මැඩම් නොදන්න ගොඩාක් දේවල් සිද්ධ වෙනවා ❞
❝ නෝනා.. මම ගෙදර අස් කරා. හැඩි වෙන්න දෙයක් තිබුණෙ නෑ ❞
❝ අ.. මේ.. මහත්තයා මට කිව්වෙ දැන් එයාට චූටි බේබි කියන්න කියලා. නැත්නම් හරි නෑනෙ කියලා ❞
මේ හැමදේකම පිටිපස්සෙ හේෂාන් හරි තේෂාන් හරි ඉන්නවා. මට මේ හැම පැටළුමක්ම විසඳ ගන්න ඕනි ඉක්මනින්.
"මාමා අපේ ගෙදර ඉස්සර ඇවිත් යනවා. අයියා එක්ක කතා කරද්දි මමත් කතා කරනවා."
"ආහ් එහෙමද."
"ඇයි මොකක් හරි අවුලක්ද ?"
"නෑහ්.."
තේෂාන් ගියාට පස්සෙ මම ආයෙමත් නංගිට උගන්නන්න පටන් ගත්තා. එය හේෂාන් මතක් කරලා ගියා විතරයි මගෙ මූඩ් එකම අනිත් පැත්තට හැරුණා. වෙලාවකට එයා මට සැනසීමක්. ඒත් වෙලාවකට ඒ නම ඇහෙද්දි Butterflies in my stomach වගේ..
ටිකක් රෑ වෙද්දි මම ෆෝන් එක අතට අරගෙන හේෂාන්ගෙ Number එක Dial කරලා කනේ තියා ගත්තේ ජනේලෙන් පේන හඳ දිහා බලාගෙන. ඇයි මම එයාට කෝල් ගන්නේ මෙවෙලෙ. දැන් රෑ 10 ත් පහුවෙලා. මෝඩ මගෙ මොලේ කෝල් එක කට් කරන්න කියලා කියද්දිම එහා පැත්තෙන් එයා ආන්ස්වර් කලා..
හරිනෙ 😑..
"කියන්න මින්දි.. මොකක් හරි ප්‍රශ්නයක්ද ?"
"න්.. නෑ හේෂාන්.. මේ.."
"හ්ම් ?"
"අ..."
පපුව පොඩ්ඩක් රිදීගෙන එනවා මදිවට, බඩත් කොර වෙලා වගේ දැනෙනවා. මම කතා කරන්නෙ මාරයාට නම් කමක් නෑ. ඒත් මේ හේෂාන්.. හේෂාන් යුවසිංහ..
"ඔයා වැඩකද හිටියේ ?"
"නෑ.. නිදාගන්නයි හදන්නේ."
"අනේ එහෙනම් නිදාගන්න හදිස්සි නෑ."
"මට නිදාගන්න හදිස්සියකුත් නෑ. කියන්න."
"නෑ එපා.. ඔයා නිදාගන්න. මම තියන්නම්. බායි."
"එපා.. මට කියන්න ඇයි ගත්තේ කියලා. බැරි වෙලාවත් හෙට උදේට මම නොහිටියොත්.. ඔයාට ඒක කියන්න වුණේ නෑ කියලා පසු තැවෙන්න වෙයි."
මම ලඟපාත හිටියා නම් ඔළුවට දෙකක් අනිනවා ඇත්තමයි. එයා කතා කරන්නෙ නිකන් එයා අද හෙට මැරෙන්න ඉන්න ලෙඩෙක් වගේනේ. මට තරහ වගේම දුකත් හිතුණා එයා එහෙම කියද්දි.
"මේ.. පියසීලි මාමා ගැන අහන්න."
"ම්ම් ?"
"ඔයා එයාට.. Salary එක.. කීයක්.. දෙනවද ?"
මම ගොත ගගහා හරි අමාරුවෙන් ඇහුවා.
"අනූවක්."
හීල්ලෙන්න ගිහින් කට තද කර ගත්තා. ඇයි අනූදාහක් ගෙවන්නේ මාමට. සාමාන්‍යයෙන් ඩ්‍රයිවින් ජොබ් එකට දෙන්නෙ නෑ ඔච්චර ගාණක්. විශේෂයෙන්ම මගෙ ඩ්‍රයිවර්ට.
"ඇ.. ඇයි එච්චර ?"
"ම්ම්.. එයා මගෙ තාත්තාගෙ කලින් ඩ්‍රයිවර් මින්දි. එයා අස් වෙලා ගියාට පස්සෙ ආයෙමත් මම ඔයා ගාවට දැම්මේ එයා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් නිසා."
"...."
එහෙනම් ඒක තමයි මාමා තේෂාන්ට චූටි බේබි කියන්නේ. එයාලා පොඩි කාලෙ ඉඳන් අඳුනන අය වෙන්න ඇති. ඒත් ඇයි තේෂාන් මට බොරු කිව්වේ. එයාට තිබුණා ඇත්ත කියන්න.
"අහ්.. හරී.."
"තව මොනාද දැනගන්න ඕනි ?"
මට පේනවා දැන් එයාගෙ මූණ. ඇඳ උඩ හාන්සි වෙලා ලාවට හිනා වෙලා ඉන්නවා වගේ. මොකද මම නොදන්නෙ ඒ පිරිමියා ගැන ඉතින්.
"නෑ.. ඔයා දැන් නිදාගන්න හේෂාන්. ඔයා අසනීපෙන් නේ ඉන්නේ."
"නෑ.. මට නිදිමත නෑ."
"ඒ උනාට.. ඔයා ගොඩාක් මහන්සි වෙනවානේ. එහෙම එකේ නිදාගන්න. අනික ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න එක ඇස් වලටත් හොඳ නෑ."
"හ්ම්.. ඒත් ඔයාගෙ හිතේ ප්‍රශ්න තියනවා නම් මගෙන් අහන්න මින්දි. මම උත්තර දෙන්නම්."
මම ප්‍රශ්න පීඩිතයෙක් නෙවෙයි හේෂාන් ඔයාගෙන් ඔච්චර ප්‍රශ්න අහන්න. ඔයත් මනුස්සයෙක් මම වගේම. ඔයාට මානසික නිදහසක් ඕනි. අර ඩොක්ටර් කෙනෙක් ගාවටත් එක්කන් ගියා කිව්වෙ නිකන්ද. දවසම කරන්නේ,
• ඔෆිස් වැඩ
• බිස්නස් වැඩ
• ලැප් එක ඔබන එක
විතරයි. එහෙම එකේ ඔයාට විවේකයක් තියෙන්නෙ රෑට විතරයි. ඒකත් මම නිසා නැති වෙන්න දෙන්න බෑ.
"ඔයා නිදාගන්න හේෂාන්."
"තව කතා කරන්න.. ඕනිම දෙයක්.. ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් මට දැනෙන්නේ සැනසීමක්."
................................................... 🖤 ...
මින්දිගෙ කටහඬට ආදරෙයිලු එයා 🤗
Sachy Collins