Spring is far away - 28
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 28 | Love your voice
"......"
මං නැගිට්ටේ උදේ එකොළහයි ගාණකට. පැය ගාණක සැප නින්දක් ගත්තා. කුස්සියේ දිනුමි වැඩද කොහෙද හෙනට සද්දෙ ඇහෙනවා. ඒ අස්සෙ කොහෙද මංදා ආපු සුවඳක් මගෙ නහය වටේ. පොඩ්ඩක් ඉන්නෙ මේ..
බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් 😑😒
ඒක කොහෙද මෙහෙ. ඒ හේෂාන්ගෙ සුවඳ. මම බල්ලෙක් වගේ හුස් හුස් ගගා නහයෙන් උඩට ඇද ඇද යද්දි දිනුමි ගැස්සුනා. මොකක් හරි හොරයක් තියනවා මෙතන. කුස්සියේත් ඒ පර්ෆියුම් එකේ සුවඳ. ඊයෙ එයා ආපු එකේ සුවඳ දැන් වෙනකම් තියෙන්න බෑනේ. නැත්තම් දිනුමි ඒ සෙන්ට් එක පාවිච්චි කරනවා වත්ද.
"නෝනා නැගිට්ටද.. බත් එකක් තියනවා.. ඒක කනවද නැත්තම් මගෙ බත් කනවද ?"
"බත් එකක් ?"
මං මේසෙන් ඉඳගද්දිම කෙහෙල් කොලේ ඔතපු සුවඳ ගහන බත් එකක්. සුවඳට පෙරේතකම ඇවිස්සෙද්දි මං ඉක්මනින් ලිහලා බැලුවා. පරිප්පු, ගොටුකොළ, පොළොස්, මාළු ඇඹුල්තියල්, බටුමෝජු, සම්බෝල.. ඊට හපන් මේ සුවඳ.. ආයෙමත් පොඩ්ඩක් ඉන්න. මේ සුවඳ ගහන බත් මම කාලා තියනවා.
ආයෙමත් මගෙ නහයට හුරුයි. මේ මට ආගන්තුක සුවඳක් නෙවෙයි. මේ වෙන කාගෙවත් නෙවෙයි. හේෂාන්ගෙ අතින් හදන බත් වල සුවඳ..
"කාගෙද මේක ?"
"......"
දිනුමිගෙ කට ලොක් වෙලා වගේ. මම ඇසුත් ලොකු කරන් බලන් ඉන්නවා කෙල්ල දිහා. මනුස්සයෙක් මරලා වගේනෙ මේ කෙල්ල බය වෙලා ඉන්නේ.
"හේෂාන් ආවද ?"
"ම..මහත්තයා ගැනද අහන්නේ නෝනා ?"
"ඔව්.. හේෂාන් කියලා වෙන අය නෑනෙ යුවසිංහ බන්ග්ලෝ එකේ"
"අ..මේ.."
පටලන්නෙ නැතුව කියනවා දිනුමි. ශුවර් හේෂාන් හොරෙන්ම මාව බලන්න එන්න ඇති. මෙයා හාම්පුතාට තියන බයට මට බොරු කියනවා ඇති. දිනුමි දන්නෙ නෑ මේ මින්දි ගැන. මම හේෂාන්ගෙ සුවඳ හොඳට අඳුනනවා. ඒ වගේම එයාගෙ කෑම වල සුවඳත්.
"ඔ..ඔව් මහත්තයා දැන් ටිකකට කලින් ඇවිත් යන්න ගියා. මට කියන්න එපා කිව්වා ඒ ගැන. නෝනා බනීවි කියලා."
"ඒ උනාට ආයෙ මෙහෙ ආවොත් මට කියන්න හේෂාන් ගැන. එයා නොදන්න මනුස්සයෙක් නෙවේනෙ මං."
"හරී.."
දිනුමි කටත් ඇඹුල් කරගෙන අනිත්පැත්තට හැරුණා. මම ඒ බත් එකේ ඇටයක් ගානෙ චෙක් කරලා තමයි කන්න ගත්තේ. වෙලාවකට ඔය හාම්පුතාවයි වැඩකාරියොයි මට විශ්වාස නෑ තඹ සතේකටවත්. වෙනදට වැඩිය කෑම ටික රසයි. ඒ උනාට බත්, ඇට වගේ ටිකක් 🥲.
ටිකෙන් ටික දවල් වෙද්දි මම ලැප් එකත් අරගෙන වරෙන්ඩා එකේ ටේබල් එකට ගියේ ඩීටේල්ස් වගයක් එකතු කරන්න ඕනි නිසා. දැන් මට වැඩ වැඩියි. අන්තිමට හේෂාන් දැන ගත්තනේ මම ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් කියලා. දැන් ඒ වැඩත් මට බාර දෙයිද දන්නෑ. ඊට පස්සෙ මින්දි කියලා කෙනෙක් නෑ. මාව දියවෙලා යයි උදේ දවල් දවසම වැඩ කරලා.
අරුෂි මැඩම් කිව්ව විදිහට නම් වත්තල තියන හොටෙල් එකට වඩා ජා ඇල තියන එකේ රේට් එක වැඩියි. ඒ උනාට නිමැවුම වැඩිම කලම්බු තියන එකේ. ඒක බලාගෙන තමයි අනිත් ඒවට හරි මිනිස්සු යන්නේ. ඒ උනාට මෙයාලට පිස්සු. මේ අවුරුද්දේ මහනුවර තියන බ්‍රාන්ච් එකේ බිත්ති වලට රත්තරන් පාට පටි අඹරලා මොකක්ද කරනවාලු. මට හදන්න දුන්න ෆයිල් එකේ ඒ ඩිසයින් එකත් තියනවා. ඕක කරලා ඉවර වෙලා රත්තරන් පාටින් හේෂාන්ගෙ පිළිමෙකුත් තිබ්බා නම් ශෝක් 😌. අම්මෝ මම ඔහොම එකක් හිතුවා කියලා හරි දැනගත්තා නම් මගෙ බෙල්ල හොයා ගන්න වෙන්නෙ මහවැලි ගඟෙන්.
මොනාද මේ හිතන්නෙ මින්දි. ඒ ඔයාගෙ බොස් නේ. ඔහොම හිතන්න නරකයි මොනා උනත්. එහෙම හිතාගෙනම මම ආයෙමත් වැඩේට බැස්සා.
සැරෙන් සැරේට ඩෙක්ස්ටොප් එකෙන් පේන මගෙයි එයාගෙයි වෝල් පේපර් එක දැක්කම මගෙ හිතට සියුම් වේදනාවක් හරි ගෙනවිත් දෙන වෙලාවල් අනන්තයි. ඒ ලස්සන හිනාව මම ඉස්කෝලෙ කාලෙ මගෙ හිතම ආක්‍රමණය කරලා තිබුණේ. එයා මං ගාවට ආවට පස්සෙ මට ඒ හිනාව එච්චර වටින දෙයක් උනේ නෑ හැමදාම දකින නිසා. ඒත් දැන් මට දැනෙනවා ඒ ලස්සන හිනාව මට කොච්චර නම් දකින්න ඕනිද කියලා. අපි Giveup උනාට පස්සෙ මම ඒ හිනාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සෙ. දැන් එයා දකින්නෙ මම ඔෆිස් එකේදි. ඒ හිටියත් ඉන්නෙ රවාගෙන වගේ. එහෙම එකේ කෝ ඒ හිනාව මට දකින්න එකම එක අවස්ථාවක් ?
මට මතකයි මේ ෆොටෝ එක ගහපු දවස. ඒ තමයි අපි නුවර ට්‍රිප් එක ගිය දවස. එදා අහස් එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කයි, නේරංජනයි සෙට් එකම ගියා. එයා ගෙවල් වලට කියලා තිබ්බෙ බෝයිස්ලා ටික එක්ක යනවයි කියලා. ඒත් ඇත්තටම ගෑනු ළමයි දෙන්නෙක්ම ඒ ගමනට සම්බන්ධ උනා. ඒ මායි ඉෂාණියි. ගමන ගිහින් මාස පහක් ගියා විතරයි ඉෂාණි අහස්ව දාලා ගියා වෙන කෙනෙක් එක්ක. අහස් මේ වෙද්දි බෑන්ක් මැනේජර් කෙනෙක්. අර කෙල්ලට මොනා උනාද දන්නෙ නෑ. ඒ කාලෙ මට හේෂාන් කිව්වා. අහස් සංජානාට කැමැත්තෙන් හිටියා කියලා. ඒත් ඒකෙ ඇත්ත නැත්ත මට දැනගන්න උනේ නෑ. අවසානෙ මං හිතුවා එයා ඒ අදහස අත් ඇරලා කියලා. ඉෂාණි හම්බුණ නිසා.
මම ඒ ෆොටෝ එකේ ඇඳන් ඉන්න දිග ලා දම් පාට ගවුම මට හොඳට මතකයි. ඒක අදටත් මං ගාව තියනවා පරිස්සමට අරන් තියලා. ඒක එදා තමයි හේෂාන් එහෙන් මට අරන් දුන්නේ.
"අක්කේ.."
කව්ද ඒ පාර කියලා ඔලුව උස්සලා බලද්දි, ඇවිත් ඉන්නේ පියසීලි මාමගෙ දුව යශෝදියි තව නංගි කෙනෙකුයි. මං ලැප් එකත් හිමිහිට වහලා පුටුවෙන් නැගිට්ටා. පොත් වගෙකුත් උස්සන් ඇවිත් තියෙන්නෙ ඇයි දන්නෙ නෑ.
"එන්න ඉඳගන්න."
"මට නම් ඉන්න වෙලා නෑ අක්කේ. ස්ටඩීස් ගොඩාක් තියේ. මේ නංගිට අනිද්දාට Exam එකක්ලු. පොඩ්ඩක් කියලා දෙන්න බැරිද ?"
"මොනා වගේද."
කලින්ම කියලා දෙන්න ඕනි මෙයාලට. මට ඉතිහාසය, සිංහල, විද්‍යාව, භූගෝලය, පුරවැසි, දෙමළ ඔය මුකුත් බෑ. එදා ඉඳන් මට ඕවට ලකුණුත් නෑ. ගණන් නම් කියලා දුන්නහැකි.
"කොමස්.. මෙයා 11 වසරේ. ඒත් දහය වසර හරියට කෙරිලා නෑලු ඉස්කෝලෙන්. දැන් ඒ ටිකට ටෙස්ට් එකක් තියලා මේ අවුරුද්දේ කොමස් වලින් ලකුණු අඩු ළමයින්ව අයින් කරනවාලු."
"මේවා මාර ඉස්කෝලනේ."
ඇත්තටම මට කියවුනා. අපි ඔහියෙ ඉස්කෝලෙට යද්දි ඒ ඉස්කෝලෙන් නොකරපු දෙයක් නෑ. ඒක හොඳට උගන්නන ඉස්කෝලයක්. ඒකනේ හේෂානුත් කොළඹ ඉඳන් ඒකට එව්වේ. ඒකට මෙහෙ ඉස්කෝල වල මොන අත්භූත ක්‍රමද මංදා. ළමයින්ට හරියට උගන්නන්නෙ නැතුව ටෙස්ට් තියලා අයින් කරන්නත් හදනවා.
"ඒක තමා අනේ. සෙල්ෆ් ස්ටඩී කරන්න කිව්වත් මෙයාට ඒක අමාරුයිලු. ඔය ටෙස්ට් එකෙන් පාස් වෙන්න විතරක් හරි මෙයාට ඔය පාඩම් ටික උඩින් උඩින් කියලා දෙන්නකො අක්කේ. නැත්තම් මේ කෙල්ලො පව්."
"හ්ම්.. මෙතනින් ඉඳගන්නකෝ. මං මොනා හරි හදන් එන්නද ?"
"එපා අක්කේ. මං දැන් යන්නම්. මෙයාට ටිකක් කියලා දෙන්නකෝ."
"හා."
ඒ ළමයා 11 වසරෙ කියලා හිතන්න බෑ. හෙන චූටියි. ඒකට අපි ඒකාලෙ ශරීරයෙනුත් ඕනි ගානට ලොකුයි වගේම මනසෙනුත් ලොකුයි. ඒත් අද කාලෙ සමහර ළමයිත් පොඩි බබාලා වගේ ඉන්නව නේද. ඒත් නිකමට හිතන්න. මම කොහොමද කොමස් උගන්නන්නේ. මට වැඩිය මතකත් නෑ. පොත බලාගෙන කියවන්න තමා වෙන්නේ.
........
"තේෂාන්.. මගෙ මල්ලි බබෝ."
රාදිතාගෙයි තේෂාන්ගෙයි ඇස් එකිනෙක ගැටෙද්දි බෝම්බයක් පිපුරුවා වගේ. තේෂාන්ගෙ හිතේ දැන් රාදිතා ගැන කිසිම විශ්වාසයක් නෑ. මින්දි හිතන් ඉන්නේ එයාට රාදිතා කරපු කියපු දේවල් සේරම කියන්න. ඒත් ඒක කිව්වට පස්සෙ තේෂාන් රාදිතාට කොහොම සලකයිද දන්නෑ.
"ඇයි ආවේ ?"
"අනේ ඇයි ඔහොම අහන්නේ. මම ඔයාගෙ අක්කනේ 🥺."
"තමුන්.. මගෙ අක්කා ?"
"ඇයි මල්ලි ඔයා මෙහෙම කතා කරන්නේ."
හොස්පිටල් එකේ ස්ටාෆ් ලොන්ජ් එකේ හිටපු තේෂාන් හයියෙන් කෑ ගහද්දි රාදිතා අනිත් පැත්තට මුකුත් නොදන්නවා වගේ කතා කරා. දැන් තමයි කොල්ලට උපරිමේටම තරහා යන්නේ. හේෂාන් මින්දිව බලන්න ගිහිල්ලා එද්දිම අම්මට ආයෙමත් අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරා. දැන් එයාලා සේරම ඉන්නේ හොස්පිටල් එකේ. මින්දි හැර.
"මම තමුන්ට වෙන කොහොම කතා කරන්නද රාදිතා ?"
"මල්ලී.."
දොර පැත්තෙන් ඇහුණ කටහඬ නිසා තේෂාන් වගේම රාදිතාත් ගැස්සුනා. එතන හිටියේ හේෂාන්. ඒ ඇස් තරහින් පිරිලා. මොකද එයාට ඇහුණා තේෂාන් රාදිතාට බනින විදිහ.
"මේ ඉන්නෙ ඔයාගෙ නෑනා.. ඔයා කොහොමද එයාට එහෙම කතා කරන්නේ ?"
හේෂාන් එහෙම කියද්දි රාදිතා ඉක්මනින් ගවුමත් උස්සගෙන ගියෙ එයා ගාවට. කොල්ලා එයාගෙ උඩ ඉඳලා පල්ලෙහාට බැලුවෙ පුදුමෙන්. එකපාරටම ඒ හිතට ආවේ ඇඳේ අනිත්පැත්තෙන් නැගිට්ටද කියලා. මොකද රාදිතා අද මින්දි වගේ ගවුමක් ඇඳලා. වෙනදට ඉනට පොඩ්ඩක් පල්ලෙහාටනෙ අඳින්නේ. ඒකත් දිගට අඳිනවා කියලා පෑගෙන්නම ඇඳලා. අඩුම හීල්ස් දෙකක් වත් දාන්න තිබුණනේ.
"කමක් නෑ හේෂාන්. එයා ඉන්නෙ වැරදි වැටහීමක. එයා පස්සෙ තේරුම් ගනීවි මම එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා."
"එහෙම කියලා හරියන්නෙ නෑනෙ රාදි.. මල්ලී ඔයා දැන්ම අක්කාගෙන් සමාව ගන්න."
"මොකටද ?"
"මල්ලී.. මගෙ තරහා අවුස්සන්නෙ නැතුව සමාව ගන්නවා 🤨."
කොල්ලට තරහා ගිහින්. ඒත් තේෂාන් අත් දෙකත් බැඳගෙනම අහක බලාගත්තේ රාදිතායි අයියයි එක්ක ආයෙමත් කතා කරන්න ඕනි නෑ කියලා හිතන්.
"අම්මා කී වෙනි රූම් එකේද ඉන්නේ ?"
"08 වෙනි රූම් එකේ."
හේෂාන් මුකුත් නොකියාම රාදිතා එක්ක අම්මාව බලන්න ගියේ තේෂාන් ස්ටාෆ් ලොන්ජ් එකේ තනි වෙද්දි. එයා මින්දිට මේ ගැන කියන්න හිතුවේ ඒ කෙල්ල කෝල් කරපු ගමන්ම අම්මාව බලන්න එන නිසයි. ඒත් අද එයා ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ. තේෂාන්ට බය හිතුණා එදා වගේම කෙල්ල මොනා හරි කරගෙන ඇත්ද කියලා. ඒ නිසා එයා කාර් එකේ යතුරත් අරගෙන ඉක්මනින් පිටත් උනේ මින්දිලගෙ ගෙදරට..
"අනේහ්.. අම්මා.. දැන් කොහොමද ඔයාට ?"
හේෂාන් කට අරින්නත් කලින් රාදිතා ගිහින් ඇඳේ හාන්සි වෙලා ඉන්න අම්මාගෙ ශීට් එක හැදුවේ එහාපැත්තෙ පුටුවෙන් ඉඳගන්න ගමන්. නුවන්ති අම්මට හරි සතුටුයි රාදිතා එයාව බලන්න ආපු එකට.
"හොඳයි දූ.. ඇයි මේ හදිස්සියේ ආවේ. ඔයා වැඩ එක්ක බිසී නැද්ද ?"
"අම්මා මෙහෙම ඉද්දි මට කියන්නෙ වැඩ කරන්න කියලද. මට බෑ එහෙම කරන්න අම්මා 😔."
"හ්ම්.. දැන් කොහොමද මිස් යුනිවර්ස් යන වැඩේ තත්වෙ ?"
"ඇයි අම්මට මම කිව්වෙ නැද්ද මම ඒක නැවැත්තුවා කියලා ?"
"නෑනේ. ඇයි ඒ ?"
"ම්ම්.. මම මේ.. මට පස්සෙ Mrs World එකට යන්න පුළුවන්නේ."
"අපරාදෙනේ."
"කමක් නෑ අම්මේ."
රාදිතා හරි සැහැල්ලුවට කතා කරද්දි නුවන්ති අම්මා හේෂාන් දිහා බැලුවා. අම්මට හිතුනේ එයා Miss universe යන වැඩේ නැවැත්තුවේ හේෂාන්ගෙ කීමට කියලා.
"මින්දිට දැන් මොකද පුතේ ?"
එකපාරටම මින්දි කියන නම ඇහුන ගමන්ම හේෂාන් ගැස්සුනේ මෙච්චර වෙලා රාදිතාගෙ වෙනස බලන් හිටපු නිසයි.
❝ ඔයා හිතන කෙනෙක් නෙවෙයි මං.. තේරුණාද ❞
❝ පුළුවන් නම් හේෂාන්ට කියනවා.. එයා පිළිගන්නෙ නෑ මැරුවත්.. එයාට ඔයාට තරම් වත් මොලයක් නෑනේ ඉතින් 😃 ❞
❝ හහ් හ්හ් ❞
එදා හේෂාන් රාදිතා කියන සේරම අප්ස්ටේර්ස් ඉඳන් අහන් හිටියේ. ඒත් එතන හිටපු රාදිතා නෙවෙයි මෙතන ඉන්නේ. මේ රාදිතා හරි වෙනස්. ඒ චරිතයට වඩා.
'මම දන්නෙ නෑනෙ රාදිතා තමුන්ට Catwalk එකට වඩා රඟපාන්න දක්ෂතාවයක් තියනවා කියලා. එහෙම දන්නවා නම් මම ඔයාට මිස් යුනිවර්ස් යන්න නොදී හොඳ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ලව්වා ටෙලිඩ්‍රාමා එකකට දානවනේ'
හේෂාන්ගෙ මනස එයා එක්කම තනියම කියවද්දි කොල්ලා අපහසුවෙන් අම්මටයි රාදිතාටයි පේන්න කට කොනින් හිනාවක් මවා ගත්තා.
................................................... 🖤 ...
ආවා මෙතන හේෂාන්ව අන්දවන්න 😤
ඉදිරියට 🔞 කියලා වැටෙන්න බැරි නෑ. ලෑස්ති වෙලා ඉන්න මගෙ කොල්ලො කෙල්ලනේ 😌
Sachy Collins