Spring is far away - 26
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 26 | Pain
"මේ ඉන්නෙ දිනුමි.. එයා අද ඉඳන් ඔයාගෙ ගෙදර වැඩ කරාවි."
"මොකක් 😨 ?"
මගෙ ඔළුවත් රත් උනා. මොකක්ද දෙවියනේ මේ හේෂාන් කරන්නේ. මෙයාට පිස්සු හැදීගෙන එනවා වත්ද. මට තවත් ඔයාගෙන් කිසිම දෙයක් එපා..
"මට තවත් ඔයාගෙන් කිසිම දෙයක් එපා.. හේෂාන්.."
"තනි අතකින් වැඩ කරන්න බෑ ඔයාට."
"මියෑව්.."
බ්ලින්කි කෑ ගහගෙන ඇවිත් ඇඟේ ඇතිල්ලුනා. මගෙ ඇඟේ නෙවෙයි. හේෂාන්ගෙ ඇඟේ. එයා බය උන පාර ගැස්සුනා. හේෂාන් දන්නෙ නෑනෙ මේ ගෙදර පූසෙක් ඉන්නවාය කියලා.
"කාගෙද මෙයා ?"
එයා බ්ලින්කිව වඩාගෙනම ඇහුවේ මං හිමිහිට බෑග් එක සෝෆා එකෙන් තියද්දි. අවුරුදු ගාණකට පස්සෙයි එයා මේ ගෙදරට ආවේ. හරියටම අවුරුදු දෙකකට පස්සෙ. එත් එයාට කිසිම අපහසුවක් නෑ වගේ. පුරුදු තැනක් වගෙ හොඳට ඉන්නවා. ඒක නම් මට ගොඩාක් සැකයි.
"මගෙ."
එයා දැක්කේ බ්ලින්කිගෙ එක ඇහැක් නැති වග. මං දැක්කා ඒ ඇස් වල අනුකම්පාව. ඒ සතා වෙනුවෙන්. අන්න ඒ හැඟීම තමයි මං කොරිඩෝ එකේ දැක්ක හේෂාන්ගෙ ඇස් වත් තිබුණේ.
"ඔයාට මොනවා හරි හදන්නද ?"
"එපා මින්දි.. මට දැන් යන්න ඕනි. හදිස්සි වැඩක් තියනවා."
එයා යන්න ලෑස්ති වෙද්දිම මං එයාගෙ ඉස්සරහට පැන්නේ හිතලා මතලාම නෙවෙයි. ඒත් අර ගෑනු ළමයා මට එපා. මගෙ අත කලින් කැඩිලා තියෙද්දි මං ගානට හැමදේම හැඬල් කර ගත්තා. දැන් නම් ඒ විදිහටම කරගන්න බැරි වෙයි. ඒ උනාට,
"දිනුමිව එක්ක යන්න. මට තනියම වැඩ කරගන්න පුළුවන්."
"ටික දවසකට හරි හිටපුවාවේ. මං දන්නවා ඔයාට මෙහෙම ඉද්දි වැඩ කර ගන්න බෑ කියලා."
එයා එහෙම කියලා එළියට බැස්සෙ යන්න හිතන්. මාත් දොර අයිනට ආවා. මට අහන්න හිතුණා එයා මගෙන් යතුර ඉල්ලන්නෙ නැතුව කොහොමද ඇරියේ කියලා. ඒ කාලෙ එයා ගාව එක්ස්ට්‍රා කී එකක් තිබුණා. ඒක යූස් කරා තමයි. ඒත් ගානක් නැතුව මං ඉස්සරහා කොහොමද එයා එහෙම..
"මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මට හරි තේෂාන්ට හරි කෝල් එකක් දෙන්න."
"හ්ම්.. පරිස්සමින් යන්න."
"ඔයත් පරිස්සමින් ඉන්න."
එයා මගෙ ඔළුව අතගාලා කාර් එකට ගියේ පිටි පස්සවත් නොබලා. එයා ටිකෙන් ටික ඈතට යද්දි මට මතක් උනේ එදා. ඒ අවාසනාවන්ත දවස. අපි වෙන් උන තැන.
❝ මාව දාලා යන්න එපා හේෂාන් ❞
❝ ඔයා අරන් යන්නෙ මගෙ සතුට ❞
❝ ඔයා නැති ජීවිතයක් ගැන මට හිතන්න බෑ ❞
එදා එයා එයාපෝර්ට් එකේ මාව දාලා ගියපු විදිහ මතක් වෙද්දි, මම කඳුළු පාලනය කරලා මගෙ හිතට දුක් සේරම එකතු වෙන්න දෙද්දි, ආයෙමත් ඇස් වලින් කඳුළු ආවේ එයගෙ කාර් එක නොපෙනී යද්දි..
ඇයි හේෂාන් ඔයා, මේ හයිය නැති මොලොක් හිතට ආයෙමත් ලං උනේ. ඔයා දන්නවද, ඔයා ඔයාගෙ ඔය අත් දෙකෙන් මගෙ පපුව චප්ප වෙන්නම මිරිකනවා කියලා. ඒ මිරිකද්දි එළියට පනින මගෙ මතක ඇඟ වටේම දුවලා ඔළුව ඇතුලේ නතර වෙනවා. ඊට පස්සෙ මගෙ කඳුළු පිටට එනවා. ඔයා ඇයි මට ඒ තරම් වේදනාවක් දෙන්නේ ?
අපි එකතු උන, හමු උන තැන වෙන තැනක උනත් අපි වෙන් උනේ වෙන තැනක උනත් ඒ මතක අද මාව ඒ තැන් වලට ගෙනියන්න තත්පරයක් වත් පසුබට උනේ නෑ..
°•°•°•° (අතීතයට)
එයාගෙයි මගෙයි Relationship එක පටන් අරන් අදට අවුරුද්දක්. මං අනාථ නිවාසෙන් අද අස් වෙන්නයි යන්නේ. මොකද හේෂාන් එනවා මාව එක්ක යන්න. අපේම ගෙදරකට. උදේම නැගිට්ට මං උදේ හත වෙද්දිම ස්ටේෂන් එකට යන්න ලෑස්ති උනා. දිග නිල් පාට බෝරිච්චි අත් මල් ගවුමකට කොණ්ඩෙ කඩලා පොඩි කටුවක් ගැහුවා. එයා ආසම මාව ඒ විදිහට දකින්න. ඉතින් හයයි හතලිස් පහේ බස් එකට නැඟලා මං ඉක්මනින් ස්ටේශන් එක ඉස්සරහින්ම බැස්සා.
මං ඉක්මනින් ෆ්ලැට්ෆෝර්ම් එකට දුවලා ගියේ කොළඹ කොටුවෙ ඉඳන් එන ට්‍රේන් එකේ එයා එනවා කිව්ව නිසයි. කාර් එකේ එනවට වඩා එයා කෝච්චියේ එන්න ආස නිසා එනවලු. අනික අපිට හවස යද්දි පාඩුවේ කතා කර කර යන්නත් පුළුවන්නේ.
❝ සවන් දෙන්න.. මේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයයි.. පළවෙනි වේදිකාට පැමිණි දුම්රිය තව ස්වල්ප මොහොතකින්..............❞
ට්‍රේන් එක ආවා. එයාට එපා වෙන්න ඇති උදේ පාන්දර ඉඳන් එන්න ගිහාම. ඒත් කෝ මෙයා. පේන්න නෑනේ. මං ස්ටේෂන් එකේ ෆ්ලැට්ෆෝර්ම් එකේ අයිනේ තර්ඩ් ක්ලාස් එකට ගිහිනුත් බැලුවා. ඒත් එයා නෑ. එයා එනවා කිව්වෙ නම් ෆ්‍රස්ට් එකේ.
මට බය හිතුණා. බය උන පාරට ඇස් වලින් කඳුළුත් ආවා. එයා ඔහියෙන් බැස්සද දන්නෙ නෑ. ඒත් ඉදල්ගස්හින්න අපේ අනාථ නිවාසෙට ලඟම එක. මං හිමිහිට කෝච්චියේ ෆ්‍රස්ට් ක්ලාස් එක පැත්තට ගියා. එතකොට මං දැක්කා එයාව..
අද එයා තද නිල් පාට ටී ශර්ට් එකක් ඇඳලා ස්වේටර් එකකුත් දාලා නීල කොබෙයියෙක් වගේ. ඉතින් තත්පරයක් ගෙවෙන්නත් කලින් මං දුවලා ගිහින් හේෂාන්ගෙ පපුවට තුරුලු උනේ එයා බහින්න පරක්කු උන විනාඩි ගානට මගෙ ඇස් වලට කඳුළු පිරිලා තියෙද්දි.
"මං හිතුවා ඇවිත් නැතුව ඇති කියලා."
"මං බොරු කරන මනුස්සයෙක් නෙවෙයි මින්දි.. ඔයාට දුන්න පොරොන්දුව අද ඒ විදිහටම ඉශ්ට වේවි.."
එයා මගෙ ඔළුව අතගාලා නළල සිපගද්දි මිනිස්සු ඉන්නවාද නොබලා මං ආයෙමත් ඒ පපුවට තුරුලු උනා. මාස හයකට පස්සෙයි මං එයාව දැක්කෙ මේ. වෙනදට එයා මාසෙකට සැරයක් වගේ මාව බලන්න ආවා. ඒත් රට ගිහින් ඇවිත් යුවසිංහ ගෲප් එක තාත්තා එක්ක හැඬල් කරන්න කළම්බු ගියා මිසක් එන්න නම් හම්බුණේ නෑ. ඒ අස්සෙන් යුනිවර්සිටි, ඩිග්‍රී.. එයා කොහොම මේවා පටල ගන්නෙ නැතුව කරනවද කියලා මට හිතා ගන්න බෑ.
"ඇයි මේ සීතලේ ස්වේටර් එක ගලෝගෙන.. දාගන්න ඕක.. පස්සෙ සෙම හැදුනයි කියන්න එපා."
මගෙ අතේ ගුලි උන ස්වේටර් එක අරගෙන එයා මට ඒක ඇන්දෙව්වා. මෙහෙ ඉන්න නිසා මට ඒක එච්චර ගාණක් උනේ නෑ. ඒත් එයාලා කළම්බු, කුරුණෑගල ඉන්න නිසා මෙහෙ සීතල ඇති.
"අපි යමුද ?"
"දැන් බස් එකේ යන්න බැරි වෙයි. ඉස්කෝලෙ ළමයි හෙනට යනවා. එහෙම උනොත් අපි වීල් එකක් කතා කරන් යමු."
මං එයාවත් ඇදගෙන යද්දි සමහර මිනිස්සු අපි දිහා බය වෙලා වගේ බලන් හිටියා. එයාලා හොයාගන්න ඇති මේ ඉන්නේ ශෂීන්ද්‍ර යුවසිංහගෙ ලොකු පුතා උන හේෂාන් යුවසිංහ කියලා. ඒත් එයාට ඒක ගාණක් නෑ. මං හරි බයයි අපි අනිත් මිනිස්සුන්ට නෝට් වෙනවට. ඒ උනාට එයා කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතුව මාව බලන්න ආවා, අන්තිමට මාව එක්කන් යන්නත් ආවා.
"හ්ම්.. මින්දි දැන් 19 පාස් කරලා නිසා කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා දෙන්නා තාම රෙජිස්ටර් වෙලත් නෑනෙ. ඒ නිසා මං දාන්නම් එයාගෙ සහෝදරයා ඇවිත් භාර ගත්තා කියලා."
"එහෙම කමක් නෑ සිස්ටර්. මට කොහොමත් එයාට සහෝදරයෙක් වගේ තමා."
අපි හැමෝම හිනා උනා. ලොකු සිස්ටර්ලා දෙන්නා අද මාරම සතුටින්. හේෂාන් මාව බාර ගන්න ආපු නිසා. එයාලා හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඒත් චූටි සිස්ටර් නම් මූණත් දෙකක් කරගෙන හිටියේ. මං දැක්කා ඒ ඇස් වල කඳුළු පිරිලා තියනවා. එවෙලෙ මට එයාව සනසන්න යන්න ඕනි උනත් ඒක කරගන්න බෑ මං මේ ෆෝම් පුරවනකම්.
එයා මට මගෙ සහෝදරියක් වගේ. අවුරුදු විසි හතරක වයස කෙනෙක් උනත් මට දැනුණේ අපි නිවුන් දරුවො වගේ. මොකද සිස්ටර් තමයි මගෙ හැම දෙයක්ම අහන් ඉඳලා ප්‍රශ්න වලට උත්තර දුන්නේ. මං ඇඬුවෙත් එයා ඉස්සරහා. මගෙ හැම දෙයක්ම දන්න කෙනා එයා. ඉතින් මං ගියාට පස්සෙ එයාට මං වගේ කිසිම කෙනෙක් එකතු වෙන එකක් නැති වේවි. මොකද අනිත් ගෑනු ළමයි ලොකු වෙද්දි සිස්ටර්ට අවුරුදු 30 වත් වෙයි. එතකොට එයාට වැඩ වැඩි වෙයි.
"හ්ම් හ්ම්. හිනාව නවත්තලා මෙතනින් සයින් එකක් දාන්නකෝ."
හේෂාන් සයින් එක දැම්මට පස්සෙ මගෙ භාරකාරත්වය එයාට. අන්තිමට මට චරිත සහතිකයත් ලියලා දුන්න ලොකු සිස්ටර් හේෂාන් එක්ක කතා කරන්න නැවතුණා. මං ඒ අස්සෙන් චූටි සිස්ටර් හොයන්න ගියා. එයා ඕෆනේජ් එකේ ඔෆිස් එකේත් නෑ. එතන එයාගෙ චූටි ටේබල් එක හිස් වෙලා. ඉතින් මං දන්නවා එයා ඉන්න තැන.
ඉක්මනින් මං පල්ලියේ කන්ද පාමුලට වෙන්න තිබ්බ බෙන්ච් එකට ගියා. සිස්ටර් උසට උසේ තියන ෆයිනස් ගහට හේත්තු වෙලා මූණට අත් දෙක ඔබාගෙන ඉන්නවා. ඉතින් වැඩි වෙලා නොයවා මං සිස්ටර් ගාවින් ඉඳගත්තේ එයාගෙ මූණෙන් අත් දෙක අයින් කරන ගමන්.
ඒ සුදු මූණ රෝස පාට වෙලා. ඇස් වල කඳුළු බේරෙනවා. එ මූණ දැක්කම මගෙ ඇස් වලටත් නිකන්ම කඳුළු ආවා.
"අනේ අඬන්න එපා චූටි සිස්ටර්.. මං ගියාට ඔයාලව බලන්න ආයෙ එනවනේ."
"හික්.."
මං බලාගෙන ඉද්දිම එයාට ආයෙමත් ඇඬුණා. එයත් අම්මයි තාත්තයි නැති කෙනෙක්. කලින් මෙහෙ කන්‍යාරාමයක් තිබුණ නිසා එයා පල්ලියේ සිස්ටර් කෙනෙක් වෙලා තියෙන්නේ. ඒත් ඒ හදවත මගෙ හදවත වගේම හරි සියුම්, මොලොක්, සංවේදී හදවතක්. ඒ නිසාම ඒ ඇස් වලින් කඳුළු එන්න ඇති.
මං සිස්ටර්ව තුරුලු කරන් ගොඩාක් වෙලා අඬන්න ඉඩ දුන්නා. අද ඉඳන් එයා මං නැතුව දුකෙන් ඉඳී. හැබැයි එයාට පස්සෙ මං වගේම යාළුවො හම්බවෙයි.
"මං ගියාට පස්සෙ සිස්ටර්ට යාළුවො ගොඩාක් හමබ්වෙයි අනිවාර්යයෙන්."
"ඒත්.. ඔයා.. නෑනෙ."
"මොකද නැත්තේ. මං වගේම ගෑනු ළමයෙක් මෙතෙනට ටික කාලෙකින් ඒවි."
"ඒත් ඔයා වගේම නැති වෙයි."
සිස්ටර්ගෙ කඳුළු වලින් මගෙ ගවුමෙ කර තෙත් වෙලා. එයාගෙ හදවතට දැනෙන දුකම තමයි මටත් දැනෙන්නේ. ඒත් මං කවදාවත් එයාව අමතක කරන්නෙ නෑ.
"බය වෙන්න එපා සිස්ටර්.. ඔයා ලොකු සිස්ටර්ගෙන් පස්සෙ ඕෆනේජ් එක බාරගන්නයි ඉන්නේ. එතකොට ගොඩාක් ළමයි එයි ඔයා ගාවට."
විනාඩි ගානක් විතර ගියාට පස්සෙ,
"මට බය ඔයා ගැන."
ඒ කඳුළු නැවතිලා. ඒත් එයා ඇයි මෙහෙම කියන්නේ. මම ගැන බය වෙන්න ඕනි නෑනේ. මාව එක්කන් යන්නේ තමන්ටත් වඩා මං ගැන හොයන කෙනෙක්. එහෙම එකේ,
"ඇයි සිස්ටර් එහෙම කියන්නේ 😦 ?"
"මට විශ්වාස නෑ හේෂාන්ව."
සිස්ටර් දෙපාරක් නොහිතා මගෙ මූණටම ගැහුවා වගේ එහෙම කියද්දි සීතලේ මට දාඩියත් දැම්මා. එයා ඇයි හේෂාන්ට එහෙම කියන්නේ. එයා එහෙම නරක කෙනෙක් නම් මාව මෙහෙම එක්කන් යයිද
මං නිහඬ උනා. මම නෙවෙයි, මගෙ කටයි වැහුනේ. සිස්ටර් ඈත පල්ලමේ හැදිලා තියන ගස් වල රෝස පාටින් පේන මල් පැත්තට ඇහැ යොමු කරා. මං ගල් වෙලා වගේ ඈත කන්දෙ වදින වලාකුළු දිහා බලන් ඉන්නවා. එවෙලෙ මට අමුතුම හැඟීමක් දැනුණා. හරියට නිකන් මගෙ පපුව බරයි වගේ. සිස්ටර් තරුණ උනත් එයා දෙයක් කිව්වොත් ඒක වෙනවාමයි. මම අත්දැකීමෙන් කියන්නේ. මොකද සිස්ටර් අද වෙනකම් කියපුවා වැරදි වෙලා නෑ.
"ෆිල්ම් වල, ටෙලිඩ්‍රාමා වල සල්ලි මත අවංක ආදරේ තිබුණට ඇත්ත ජීවිතේ සල්ලියි, ආදරයයි කවදාවත් එකතු කරන්න බෑ."
මගෙ උගුර හිර වෙනවා වගේ දැනුණා. මට එවෙලෙ දැනුණේ මං හීන ලෝකෙක හේෂාන් එක්ක ඉන්නවා වගේ. ඇත්තටම මේක හීන ලෝකයක්ද, නැත්තම් මම දකින නපුරු හීනයක්ද ?
"හේෂාන්ගෙ කතාව, පිට පෙනුම ලස්සන උනත්, ඔයාට පණ වගේ ආදරේ උනත්.. මතක තියා ගන්න මින්දි."
"එයාගෙ තත්වෙ, සල්ලි නිසාම ඔයාට කවදා හරි විඳවන්න වෙයි."
"යුවසිංහ ගෲප් එකේ චෙයාමන්, වංසක්කාර ගෑනු ළමයෙක්ව වයිෆ් කර ගන්නවා මිසක, කවදාවත් එයාලගෙ තත්වෙට වඩා අඩු කෙනෙක්ව ගන්නෙ නෑ."
"අපි වගේ මිනිස්සු එයාලගෙ කකුල් වලට පෑගෙන දූවිල්ලක් වගේ."
මගෙ පපුව තද වෙනවා වගේ දැනුණා. හුස්මත් හිර වෙනවා වගේ. මං දූවිල්ලක් නෙවෙයි, හේෂාන්ට. එයාට මාව මැණිකක් වගේම කියලාම එයා කිව්වා. එහෙම එකේ මට තරයේම දැනුණේ සිස්ටර් කියන දේ විශ්වාස කරන්න එපා කියලා. එයාට එයාගෙ සල්ලි අදාල නෑ මාව මිසක්.
"අහ්.. මේ දෙන්නා මෙතනනේ. මං මේ චූටි සිස්ටර් කෝ කියලා බැලුවේ."
මං හිට්ටවුනේ පිටිපස්සෙන් ඇහුණ හේෂාන්ගෙ කටහඬ නිසා. මට කෙලින් හිටන් ඉන්න පණ නෑ වගේ. සිස්ටර් කියපු දේවල් එක්ක. එයා අපි දෙන්නගෙ පැත්තට එද්දි සිස්ටර් නැගිටලා එයාට හිනා උනේ වෙනසක් නැතුව.
"සිස්ටර් ඇඬුවද මින්දි යන නිසා ?"
"නෑ හේෂාන්.."
"බොරු."
එයා හිමිහිට මං ගාවට එද්දි මං ඒ පපුව උඩට තුරුල් උනා. මට බෑ දෙයියනේ හේෂාන්ව අතාරින්න. මගෙ හිතට පුළුවන් උනත් මට බෑ ඒක කරන්න. මට ඕනි මේ උණුහුම, මට ඔය කටහඬ ඇහෙන මානෙක ඉන්න ඕනි, මට ඔයාගෙ ආරක්ෂාව ඕනි, ඔයාගෙ හෙවණ යටට වෙලා මට ඉන්න ඕනි හැමදාම. ඒ අත මගෙ බඳ වටේ යද්දි මගෙ පපුවෙ ඇවිළුන ගින්න ටිකෙන් ටික නිවෙන්න ගත්තා.
"මින්දිව පරිස්සමින් බලාගන්න හේෂාන්. මේ කෙල්ල හරි අහිංසක ගෑනු ළමයෙක්. කොච්චර කට ගහන් ගියත් හැම එකටම කඳුළු පෙරාගෙන ඉන්නේ."
"මාත් දන්නවනේ මෙයාගෙ හැටි. වචනයක් පැටලුණත් අඬන්න බලන් ඉන්නේ."
"ට්‍රේන් එක කීයටද තියෙන්නේ ?"
"ම්ම්.. එකොලහ හමාරට."
"දැන් දහය හමාරයිනෙ වෙලාව. දෙන්නා එක්ක පරිස්සමට යන්න."
මායි එයයි සිස්ටර්ව හග් කරලා එතනින් පිටත් වෙන්න ගියා. ඒත් මම සිස්ටර්ව හග් කරන වෙලේ එයා මගෙ කනට ලං වෙලා දෙයක් කිව්වා,
"පරිස්සමින් මින්දි.. ඔයා හැම වෙලේම හොඳ සිහියෙන් ඉන්න. මතක තියාගන්න ඔයා අද වෙනකම් ලස්සනට ජීවත් වුණ ගෑනු ළමයෙක් කියලා."
ඔව්.. මං ඒක මතක තියාගන්න ඕනි. මොකද හේෂාන්ගෙ අතින් එයාගෙ පාලනයෙන් තොරව මට මොනවා හරි උනොත්. ඒ නිසා මං එයාගෙ හැඟීම් වලින් පරිස්සම් වෙන්න ඕනි..
ටික වෙලාවකින් ත්‍රීවිල් එකක් කතා කරගෙන ගියපු අපි ස්ටේෂන් එකට ආවා. එයා මාව එක්කන් යන්න ට්‍රේන් එකක ෆ්‍රස්ට් ක්ලාස් ටිකට් එකක් බුක් කරලයි තිබුණේ. ඒක 11.30 ට ඉදල්ගස්හින්නට එනවා. ඉතින් මං එයා එක්ක බෙන්ච් එකක ඉඳගෙන හිටියේ ට්‍රේන් එක එනකම්. මං ඈත බැලුවට එයාගෙ ඇස් තිබුණේ මගෙ පැත්තේ.
"මොකෝ.."
"ලස්සනයි කියන්නත් බැරි උනානේ."
එයා කකුලක් පිට කකුලක් දාගෙන එහෙම කියනවා. මිනිස්සු එයා දිහා බල බල යන නිසා මං එයාට කළුපාට මාස්ක් එකක් අතට දුන්නා. ඒත් මෙයා ඔහේ ඉන්නවා බලාගෙන.
"මාස්ක් එක දාගන්න කොකනට් බූරුවෝ .. නැත්තම් හෙට උදේ වෙද්දි ගොසිප් හදලා තියෙයි."
"ඇයි එක වගේ මිනිස්සු නැද්ද ?"
"ඔයා වගේ වෙන අය මං දැකලා නෑ."
"මං දැකලා තියනවානේ."
"කොහෙන්ද 😨 ?"
"කණ්නඩියෙන්."
පපුව ගිනි අරන් ඉන්න වෙලේ අසාමාන්‍ය විහිළු කරද්දි ඔලුවට දෙකේ දෙකේ පොල්ලක් අරගෙන ගහගෙන ගහගෙන යන්න හිතෙනවා. ඒ උනාට ඒ රෝස පාට දෙතොල් වලින් ලාවට හිනා වෙලා මං දිහා බලාගෙන ඉද්දි මාව ගැස්සෙන්නෙ ඒ හොර පූස් බැල්ම දරාගන්න බැරි කමට.
"තියන හදිස්සියට කණ්නඩියෙන් බලලාද ඔෆිස් යන්නේ ?"
"ඔව්.. පැයක් විතර බලලා යන්නේ."
"මොනාද දන්නෙ නෑ ඔච්චර බලන්න තියෙන්නේ.. හැමදාම දකින මූණේ."
"මූණ විතරක් බලන්න නෙවෙයි කණ්නඩිය තියෙන්නේ."
මගෙ මූණට ලං වෙලා එයා එහෙම කියද්දි මට දැනුණා ඒ කිව්ව වාක්‍යෙ ඇතුළෙ වෙනමම තේරුමක් තියනවා කියලා. ඒ සැනින්ම මගෙ මූණ තක්කලි ගෙඩියක් වගේ රතු උනා. ඒ හුස්ම මගෙ නහයෙ වදිද්දි මං ඉක්මනින් අහක බලාගත්තේ තවත් රතු වෙන්න බැරි නිසා. එහෙම උනොත් මං මිරිස් කරලක් වෙයි.
"කෝ අනේ මේ ට්‍රේන් එක."
"ඒක එන්නෙ 11.30 ට. තාම එකොලහ හමාරයි."
"ඇයි මෙයාලට ටිකක් කලින් එන්න බැරි.. ශිට්."
"කණ්නඩියෙන් මූණ බලනවා ඇති 😌."
ආයෙමත් මට විහිළු. එයා මට හිනා වෙවී ඉද්දි මං ඈතින් එන කෝච්චියට නගින්න නැගිට්ටේ ට්‍රැවලින් බෑග් එකත් උස්සගෙන. එයාගෙ මූණ රෝස පාට වෙලා හිනා ගිහින්ම. දැන් නම් අනිවාර්යයෙන් මිනිස්සු හොයා ගන්නවා මේ ඉන්නෙ හේෂාන් යුවසිංහ කියලා.
"ආන්න එනවා.. අද ඉඳන් සුදු වෙන එකක් නෑ. එහෙ ගිහින් කළු වෙයි."
"කමක් නෑ. මං ඉන්නෙ මගෙ සුදු මහත්තයා එක්කනේ."
"ඔහ් ශිට්.. ඔය හුරතල් වචන මගෙ ඉස්සරහා කියන්න එපා. මං පොඩ්ඩක් වත් ආස නෑ."
ට්‍රේන් එක ඇවිත් නවත්තද්දිම එයා මාව ඇදගෙන ගියේ ෆ්‍රස්ට් ක්ලාස් එකට. එතන හිටපු ස්ටේෂන් එකේ වැඩ කරන කෙනෙක් මගෙ බෑග් එක දැම්මා. ඉතින් අවසානෙ මම ට්‍රේන් එකට නැඟලා බලද්දි එයා ෆ්ලැට් ෆෝම් එකේ හිටගෙන කෝච්චියයේ හැඬල් එක අල්ලන්..
"නගින්නෙ නැද්ද.. මේක දැන් යයි."
"අපි මැරි කරපු දවසක මෙහෙ එමු මින්දි.. මං ආසයි මෙහෙ පරිසරයට. එහෙ වගේ කාර්යබහුල නෑ, එහෙ වගේ දුම් පිරිලා නෑ, සැර අව්වක් නෑ."
"හ්ම්.. එදාට එමු.. ආන්න ට්‍රේන් එක හෝන් ගහනවා. දැන් යයි."
ට්‍රේන් එක අද්දද්දිම එයා ෆ්ලැට්ෆෝර්ම් එක ඉවර වෙද්දිම ට්‍රේන් එකේ එල්ලිලා හේත්තු උනේ මම හිටපු දොරට..
ඒ අත් දෙකට මැදි උන මම දොරටම හේත්තු උනා. ෆයිනස් යාය මැද්දෙන් කෝච්චිය කරුවල වෙද්දි එයා මට එන්න එන්න ලං වෙනවා වගේ මට දැනුණා..
ටික වෙලාවක් යද්දි ඒ මූණ මගෙ මූණට ලං උනේ කිස් කරන්න වගේ. මං ඒ ඇස් දිහා එක එල්ලෙ බලන් හිටියා මිසක අහක බැලුවෙත් නෑ. මට ඕනි උනෙත් නෑ එයාගෙන් පැනලා යන්න. අවසානෙ තේ වත්ත මැදින් වැටෙන ඉර එළිය මගෙ මූණටම වදිද්දි එයා මගෙ දෙතොල් මත එයාගෙ තොල් ස්පර්ශ කරලා ඉවරයි. මමයි ඒ වාසනාවන්ති, ඒ ආදරේ පළවෙනි වතාවට හිමි එකම ආදරවන්තිය මම, ඒ දෙතොල් වලින් හාදුවක් ලැබුණ එකම කෙල්ල මම. දෙවියනේ මං ඒ තරම් වාසනාවන්තද. හේෂාන් යුවසිංහගෙ අත් දෙකට මැදි වෙලා ඒ තොල් වල පහස විඳගත්තු එකම කෙනා මමද. ඒ පපුවට ගුලි උන එකම කෙනා මමද ?
................................................... 🖤 ...
එයා තමා ඒ වාසනාවන්ති 😇
කතාව අවුල් වගේද දැන්.. නෑ නේද ?
Sachy Collins