Spring is far away - 25
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 25 | Pain
"රාදිතා.. ආ යූ මෑඩ්. ඇයි එහෙම කරේ."
හේෂාන් එයා කරපු එක නොදකියි කියලා හිතපු රාදිතා ගැස්සුනේ හේෂාන්ගෙ තරහා ගියපු කටහඬට. ඒ සැනින් එයත් ඒ ඇස් වල කඳුළු පුරව ගත්තා.
"අනේ මං හිතුවා මින්දි බැස්සයි කියලා. මං දැක්කෙ නෑ එයාගෙ අත. මට ඕනි උනේ එයාට හෙල්ප් කරන්න 🥺."
හේෂාන් එයා දිහා රවලා බලාගෙන හිටියා. ඒ එක්කම මට දැනුණේ මගෙ ඇඟට පණ නැති වෙලා යනවා වගේ.
"මින්දී.."
"මි........"
......
නිලංකාර උන ඇස් වලින් මට පෙනුණේ ලස්සන මැණික් වගේ ලයිට් එකක් එල්ලලා තියන සීලින් එකක්. මං කාගෙ හරි කකුල් දෙකක් උඩ හිටියෙ. ටික වෙලාවක් යද්දි මට හුරු පුරුදු ඒ පර්ෆියුම් සුවඳ මගෙ නහය ලඟින්ම ආවා.
ඇස් දෙක අරිද්දියි මං දැක්කෙ හේෂාන්ව. එයා උඩ බලාගෙන කා එක්ක හරි කලබලෙන් වගේ කතාවක්. ඒ අත මගෙ මගෙ ඔළුව පිරිමදින නිසයි මට ඒ සුවඳ ආවේ.
"බබා එයාට සිහිය ආවා."
රාදිතාගෙ කටහඬ ඇහෙද්දි හේෂාන් බැලුවෙ මගෙ මූණ දිහා. ඒ එක්කම මං ඉක්මනින් නැගිට්ටා එයාගෙ කකුල් දෙක උඩින්. ඒත් ගොනෙක් වගේ මම අත තියලා නැගිට්ට නිසා, අත පෑරිලා ආයෙමත් රිදුම් කන්න ගත්තේ මගෙ ඇස් වල කඳුළු පිරෙද්දි.
"හදිස්සිද ඔච්චර.. ඔහොම ඉන්නවා."
එයාගෙ තරහා මුසු වෙච්චි කටහඬ මගෙ පිටි පස්සෙන් ඇහෙද්දි මං අතත් උකුල උඩට අරගෙන අනිත් අතින් කඳුළු පිහද ගත්තා. ටිකකින් එයා ෆ්‍රස්ට් ඒඩ් බොක්ස් එකක් අරන් ඇවිත් ක්‍රීම් එකක් අතට ගත්තේ මට එහා පැත්තෙන් ඉඳගෙන.
"අත දෙන්න."
ඇයි මං මෙච්චර හේෂාන්ට ලං වෙන්නේ. මං එයාගෙන් ඈත් වෙන්න හදද්දි මට එයා ලං වෙන්නේ. ඔබ වහන්සේට ඕනි මාවයි හේෂාන්වයි ලං කරන්නද දෙවියනේ.
එයා හිමිහිට මගෙ අත අරගෙන එයාගෙ කකුලක් උඩින් තියාගෙන ජෙල් එකක් ගාන්න ගත්තා. දැනටමත් අත මැදින් ඉරක් වගේ නිල් වෙලා ගිහින්. ඒ මදිවට මෙයා මගෙ අත තද කරගෙන ගාද්දි,
"අනේ තද කරන්න එපා."
මං ඇස් වල කඳුළු පුරවන් එයා දිහා බලන් ඉද්දි එයා අත උඩින් ජෙල් එක ගෑවේ ලාවට වගේ. කොහෙද ඉතින් ජීවිත කාලෙක ඔහොම කෙනෙක්ට බේත් දාලා නැතුව ඇති. දන්නෙ මීටින් තියන්නයි, ඔෆිස් එකේ අහිංසක ගෑනු ළමයින්වයි අඬවන්න විතරයි. මහ නපුරෙක්.
"ඔය ජෙල් එකට ඉක්මනින් අඩු වෙනවා මැඩම්. බය වෙන්න එපා."
එවෙලෙ රූෆ් ටොප් එකේ හිටපු මැනේජර් අපි ලඟට ඇවිත් කියද්දි මං කන්ෆියුස් වෙලා කඳුළු ටික පිහද ගත්තා. මේ මිනිස්සු ඉස්සරහා පොඩි බබෙක් වගේ අඬන්න එපා මෝඩ මින්දි.
"සර්.. මීටින් එකට වෙලාව හරි."
හේෂාන් මගෙ අත බැන්ඩේජ් එකකින් වෙලලා ඉවර වෙද්දිම සෙකට්‍රි කෙනෙක් ඇවිත් කතා කරා. මං අත වැදුණ වෙලේ ආපු වේදනාවටද කොහෙද ෆේන්ට් වෙලා තියෙන්නේ. ඒත් මාව මෙච්චර දුරක් උඩට අරගෙන ආවෙ හේෂාන්ද ?
"මින්දිට අඩුයි නම් අපි යමු."
එයා මං දිහා බලලා කියද්දි මං ඔළුව වැනුවේ යමු කියන්න. ෆයිල් ටිකේ තියන දේවල් දන්නෙ මං නිසා මං ඉන්නම ඕනිනේ.
"එහෙනම් රාදී ඔයා මෙතන ඉන්න. මං මින්දි එක්ක මීටින් එක කරලා එන්නම්."
"ඕකේ."
හේෂාන් නැගිටලා මට අත දික් කරද්දි රාදිතාගෙ මූණ නිකන් ගොරවන බල්ලෙක්ගෙ වගේ. ඒ තරහා එයා පාලනය කරගත්තේ අත මිටි කරගෙන.
කොහොම හරි හේෂාන් මාව අල්ලගෙන ළඟ තියන කන්ෆරන්ස් රූම් එකට එක්කන් ගියා. එතන තිබ්බ දිග මේසේ ඉස්සරහම පුටු දෙකකින් අපි දෙන්නා ඉඳගත්තේ අර සෙකට්‍රියි මැනේජර්යි දෙන්නා අපි ඉස්සරහින් ඉද ගද්දි.
"සර් මේ මාස තුනකින්ද කොහෙද ආවේ."
"ම්ම්.. ඔව්. නිව් ඉයර් ප්ලෑනින් එකට යටවෙලා මං හිටියේ."
"සර්ට අපි කියන්නයි හිටියේ. අපේ බ්‍රාන්ච් එකේ ටූ තවුසන්ඩ් එයිට් වල බජට් ඩ්‍රෆ්ට් එක ලොස්ට් වෙලා තියනවා. සමහර විට ඒක වෙන බ්‍රාන්ච් එකකට මාරු වෙලා වගේ."
"ඒක අවුලක් වෙන එකක් නෑ. කොහොමද මං කිව්ව අර වැඩේ."
"කිරිගරුඬ වලින් නම් ජේසුස් ස්ටැචූ එකට කොස්ට් එක ලක්ෂ තිස් තුනක් වගේ වෙයි."
"සමාධි බුදු පිළිමයකට කොච්චරක් නම් යනවද ?"
"උස අඩි හයකට අරගත්තොත් කොස්ට් එක ලක්ෂ හතලිස් තුනක් වත් වෙයි."
"හ්ම්.. ලංකාවෙ හොඳම, කොලිටි එකට පිළිම නෙළන කෙනාව ගෙන්නලා වැඩේ කරන්න. මාබර්ල්ස් ඕනි අමවුන්ට් එක මං එයාලටම යවන්නම්. එතකොට ඉක්මනින් සප්ලයි කර ගන්න පුළුවන් නේ."
"ඕකේ සර්. එතකොට අපි තෝරගන්න බිම් කොටස කොහොමද කියලා අපිට එයාලා කිව්වෙ නෑ."
"මම මීටින් එකේදි ඒ මනුස්සයින්ට සිංහලෙන් කිව්වා හොටෙල් එකේ ලෙෆ්ට් එකෙන් ජේසුස් ස්ටැචූ එකයි රයිට් එකෙන් බුද්ධා ස්ටැචූ එකටයි ප්ලොට්ස් වෙන් කරන්න කියලා. කව්ද ඔයාලට මේ ගැන කියද්දි හිටියේ ?"
"මිස්ටර් නාරද තමයි අපිට එදා කන්ෆරන්ස් එක කලේ."
"හරී.. මිනෝලි.. පුළුවන් නම් දැන්ම හෙඩ් ඔෆිස් එකට මැසේජ් එකක් යවන්න එයා ගැන ඇක්ශන් එකක් ගන්න කියලා. කාටත් එහෙම හිතෙන හිතෙන විදිහට විකාර කරන්න බෑ මෙතන. එයාලට කියන්න දැන් යුවසිංහ කම්පැනි එක හැඬල් වෙන්නෙ ශෂීන්ද්‍ර යුවසිංහගෙ අතින් නෙවෙයි හේෂාන් යුවසිංහගෙ අතින් කියලා."
"හරි සර්."
එයාට තරහා ගිහින් බැනගෙන බැනගෙන ගිහින් හැරුණේ මගෙ පැත්තට. මං පපුවටත් අතක් තියන් බලන් හිටියේ කෑ ගහපු විදිහ.
"මින්දි.."
"ඔ.. ඔව් සර් ?"
"ඔයාලගෙ ෆයිල් එක මිස්ටර් ජයවර්ධනට දෙන්න."
මිනෝලිද කව්ද අර සෙකට්‍රි ගෑනු ළමයා හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් දෙන ගමන්ම එතනින් එළියට ගියේ මං ඉස්සර හිටපු මැනේජර් කෙනාට ෆයිල් එක දෙද්දි. එයා ඒක දිහා බලන් පැය කාලක් විතර උඩින් උඩින් කියෙව්වා.
"මේකට ලොකු කොස්ට් එකක් යයි සර්."
"ඉටස් ෆයින් මිස්ටර් ජයවර්ධන. අපේ ලොකු අප්පච්චි ඕස්ට්‍රේලියා ඉඳන් එනවනේ. ඒකට තමයි අපි ඔය ග්‍රෑන්ඩ් මීට් එක තියන්නේ."
"ඕකේ සර්."
මට කියන්න දේවල් දහසක් කියෙද්දි මං සද්ද නොකර හිටියා. එකපාරටම හේෂාන් මට ස්මාර්ට් බෝඩ් එක පෙන්නලා ටිප් එකක් දුන්නා. ඒ නිසා මං පුටුවෙන් නැගිට්ටා. මම නෙවෙයි නැගිට්ටේ. හේෂාන් මයි නැගිට්ටුවේ. මට ඉතින් පුටුව පස්සට අදින්නයි කරන්නයි අත ගන්න අමාරුයිනේ.
ඉතින් මං ලැප් එකට පෙන් එක කනෙක්ට් කරලා ප්‍රොජෙක්ට් එක ඕපන් කරා. මම මයි මේ ඩෙකරේශන් එක්ක හොටෙල් එකේ ග්‍රැපික් ඩිසයින් එක Design කරේ. අර දෙන්නා ෆයිල් එක බලන ගමන්ම මං ප්‍රසන්ට් කරන එක දිහාත් බැලුවා.
"අපේ තීම් එක මෙරූන් ඇන්ඩ් බ්ලැක්.. මේක රොමෑන්ටික් ඉවෙන්ට් එකක් නොවෙන නිසා අපි වාසස් වලට පාවිච්චි කරන්න හිතුවේ රෙඩ් ටියුලිප්ස්. ඒ වගේම ටේබල් එක චාම් කලර් එකකින්, බර්ගන්ඩි වගේ කලර් එකක් ගන්න ඕනි. ෆ්‍රේග්‍රන්ස් එක ස්වීට් වෙන්නත් ඕනි.."
මං ඊලඟ එකට මාරු කරද්දි හේෂාන් කන්න වගේ මං දිහා බලන් හිටියා. ඇයි එයා එහෙම බලන් ඉන්නේ. මාව හොල්මනක් වගේද පේන්නෙ ?
"යුරෝපියන් ෆුඩ්ස් තමයි අපි යූස් කරන්න හිතුවේ. ඒ වගේම......"
"කව්ද ඔය ග්‍රැපික්ස් ඩිසයින් කරේ මින්දි ?"
එයා මගෙන් අහද්දි මගෙ කට නිකන්ම වැහිලා ගියා. හේෂාන් දන්නෙ නෑනෙ මට ග්‍රැපික් ඩිසයිනින් පුළුවන් කියලා. මට ඒක පැක්ට්‍රිස් වෙන්න අමාරු උනේ නෑ.
"මං සර්.."
"ඇයි මට කිව්වෙ නැත්තේ. ඔයා ලස්සනට වැඩේ කරලා තියනවනේ."
"ඔව් නේද සර්.. වැඩේ නම් පර්ෆෙක්ට්."
"කවද්ද ග්‍රැපික් ඩිසයිනින් කලේ ?"
"......"
එයාලා එක දිගට මගෙන් අහ අහා යද්දි මං දෙතොල් තද කර ගත්තා. හේෂාන් අනිවාර්යයෙන් ඔරොප්ප ගන්නවා මං ඕක කිව්වෙ නෑ කියලා. කිව්වට පස්සෙත් මට ප්‍රශ්නනේ.
"අම්.. මේ.. මං සෙල්ෆ් ස්ටඩී කරලා ඉගෙන ගත්තේ."
"ඔයා ග්‍රැපික් ඩිසයිනින් වලට පර්ෆෙක්ට් බුලට් එකක් මින්දි.. කලින් කිව්වා නම් මං ඔයාට ඒ ඩිග්‍රී එකක් කරන්න දෙනවනේ."
දැන් මොන ඩිග්‍රි එකක් උනත් කරලා වැඩක් නෑනෙ හේෂාන්. මං ඔයාගෙ සල්ලි වලින් නිර්මාණය උන ගෑනු ළමයෙක්. ඒක මට ආයෙ හදන්න බෑ. ඒ අස්සෙ මගෙ කොණ්ඩෙ කෑලි ඇහෙත් වදිනවා.
පොඩ්ඩක් ඉන්න. කව්ද මගෙ කොණ්ඩෙ ගැලෙව්වේ. ඒක බැඳලනේ තිබ්බේ. මට ෆේන්ට් උන වෙලේ හේෂාන් හෙයා බෑන්ඩ් එක ගැලෙව්වා වත්ද. හැබැයි එවෙලෙ මගෙ මූණෙ වතුර වගේත් තිබුණා. සමහරවිට එයා එහෙම කරන්න ඇති.
අවසානෙ අපි මීටින් එක ඉවර වෙලා කන්ෆරන්ස් රූම් එකෙන් එළියට ආවේ මැනේජර් එතන ඉඳගෙනම සෙකට්‍රි එක්ක අස් පස් කරලා දාද්දි. බිත්ති වල රත්තරන් පාටින් ඇඳපු කැටයම් තියන ඒ දිළිසෙන කොරිඩෝව දිගේ අපි ඉස්සරහට ඇදුනා. මං ඉස්සෙල්ලා ගියත් මං දැක්කා හේෂාන් හිමින් හිමින් පෝන් එක ඔබ ඔබම එන විදිහ. ඒ නිසා මට කිසිම ගාණක් තිබුණෙ නෑ.
"ඇයි ඔයා මට එහෙම කරේ මින්දී.."
මගෙ පිටි පස්සෙන් එයාගෙ කටහඬ ඇහෙද්දි මං ගැස්සිලා එක තැන ගල් උනා. මොනාද මේ හේෂාන් කියවන්නේ. එයා හොඳ සිහියෙන්ද. එහෙම කියලා මං හැරෙද්දි මං දැක්කේ එයා මගෙ ඇස් දිහා බලාගෙනම මගෙ ලඟට එනවා. කන්ෆියුස් උන මම ආයෙමත් ඉස්සරහට හැරුණේ ඒ හුස්ම වල රස්නේ මගෙ ඇඳුමේ පටි වලින් ඇරුණු පිටට දැනෙද්දි.
ඒ අත් දෙක මගෙ බඳ වටේ ගිහින් එයාගෙ කම්මුල් මගේ කම්මුල් වලට හේත්තු කරද්දි මං ගැස්සුනා. එයාගෙ කම්මුල් පුරාම තියන රැවුල් කොට මගෙ කම්මුල් වල ටච් වෙද්දි මගෙ ඇඟත් එක්කම හිරි වැටිලා රතු උනා. ඒ සුවඳත් මගෙ කම්මුල් දිගේම නහයට එනවා වගේ දැනෙද්දි මං තදින් ඇස් දෙක පියා ගත්තේ ගවුමේ කොනකුත් පොඩි කර ගන්න ගමන්.
"මේ හැමදේටම මුල හේතු දන්නවා නම් ඔයා කවදාවත්ම මගෙන් ඈත් වෙලා ඉන්නෙ නෑ මින්දි.. අපි කවදාවත්ම මෙහෙම වෙන් වෙන්නෙ නෑ."
කවුරුත් නැති නිශ්ශබ්ද උන කොරිඩෝවෙ එයාගෙ කටහඬ දෝංකාර දුන්නා. මගෙ ඇඟත් එක්ක වෙවුලනවා. ඒ මදිවට පපුවත් අර අත් දෙකෙන් චප්ප වෙන්න මිරිකනවා වගේ. මට දැනෙන්නේ මගෙ හදවත මිරිකන ඒ අත් දෙක හේෂාන්ගෙ වගේ කියලා. ඒ වගේම ගොරෝසු, රළු දිග ඇඟිලි තියන අත් දෙකක්.
"මං හිතනික් ඔයාව ඈත් කලේ නෑ මින්දි.. මට ඒක කරන්න උනා මගේ අකමැත්තෙන්ම."
"ඔයා මේ මොකක්ද කියන්නෙ හේෂාන් 😧 ?"
මං එයාගෙ මූණ පැත්තට මගෙ මූණ හරවද්දි ඒ හීනි කළු පාට ඇස් දෙක මගෙ ඇස් එක්ක සම්බන්ධ උනා වගේ මට දැනුණා. මට ඕනි උනත් ඒ බැල්මෙන් මගෙ ඇස් දෙක ගලව ගන්න, ඒත් මගෙ සිහියත් ඒ පැත්තට නිකන්ම ඇදුනා. ඔයා මේ මොකක්ද කියන්නෙ හේෂාන්. අපි වෙන් උනේ මොකක් හරි ලොකු හේතුවක් උඩද, අනික ඔයා කිව්වා වගේ මාව හිතකින් ඈත් කලේ නැද්ද. ඔයා ඒක කලේ අකමැත්තෙන්ද ?
"මට ඇත්ත කියන්න හේෂාන්.. මට ඔයා එක්ක කිසිම තරහක් නෑ."
"......"
එයාගෙ හුස්ම මගෙ දෙතොල් වල වදිද්දි මං ආයෙමත් විදුලි වේගෙන් අහක බලාගත්තා. ඒත් මං අහපු ප්‍රශ්නෙට එයාගෙන් කිසිම උත්තරයක් නෑ. එකපාරටම එයා මාව එයාගෙ පැත්තට හරව ගත්තේ මං බිත්තියත් එයාගෙ පපුව උඩටත් හිර වෙද්දී. එදා ස්කෝර්පියන් ගාඩ්න් එකේ වගේ එයා ආයෙමත් මාව... කිස් කරයිද...
"මේ හැමදේටම හේතුව.."
ඒ දෑඟිලි මගෙ දෑඟිලි වල පටලවලා මගෙ අත් දෙක බිත්තියට හේත්තු කරගෙනම එයා මගෙ මූණට ලං උනා. එදා උන වැරැද්ද අදත් වෙන්න ඕනි නෑ. ඒත් හේෂාන් කවදාවත් මෙහෙම හැසිරුණ මනුස්සෙයක් නෙවෙයි. එයාට මගෙ ආදරේ නැති නිසාද මෙහෙම උමතුවෙන් හැසිරෙන්නේ ?
එදා ඔයා මාව ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එක ඇතුළෙ තියන් කිස් කරපු හැටි මතක් වෙද්දි මගෙ පපුවෙන් පටන් ගත්තු ලැව් ගින්නක් ඇඟ පුරාම පැතිරිලා පිච්චිලා යනවා වගේ දැනුණා. එදා ඉඳන්ම ඔයාගෙ ලස්සන සෙල්ලම් ගෙදර රූකඩ බෝනික්කියක් උන මම තව දුරටත් ඔයාට යටත් වෙන්නෙ නෑ හේෂාන්. මං ඔයාට කොච්චර ආදරේ උනත්, මේ පපුව ඇතුළෙ මොන තරම් ආදරයක් ගැබ් වෙලා තිබුණත් මට එදා උන දේ වෙන්න දෙන්න බෑ..
ඒකෙන් වෙන්නෙ අපි මීට අවුරුදු අටකට නවයකට කලින් ලං උන විදිහටම ඈත් වෙන්න බැරි වෙන්නම බැඳෙන එක..
"මේ හැමදේකටම හේතුව..
අපේ තත්වෙයි ඔයා ඉන්න තත්වෙයි."
සැනෙකින් ගැස්සුන මම හිටියේ කලින් වගේම කොරිඩෝව දිගේ ඇවිදින ගමන්. හේෂාන් මට පිටි පස්සෙන් ෆෝන් එක ඔබ ඔබම එනවා. ඒත් කොහොමද එහෙම වෙන්නෙ. ඉස්සෙල්ලා මට ලං වෙලා මාව කිස් කරන්න හදපු කෙනා කොහොමද...
ඒක ඔයාගෙ හිතේ ඇති උන මවා පෑමක් වෙන්න ඇති මින්දි. එදා තමන්ගෙ අතින් උන වැරැද්ද හරි ගස්සනවා මිසක් හේෂාන් ආයෙමත් ඒ වැරැද්ද කරන්නෙ නැති බව ඔයා හොඳටම දන්නවනේ.
❝ මේ හැමදේකටම හේතුව.. අපේ තත්වෙයි ඔයා ඉන්න තත්වෙයි ❞
ඔව්.. මං අනාථ, දුප්පත් කෙල්ලෙක්. ඔයා ලංකාවෙ නම්බර් වන් බිස්නස්මන්ගේ පුතා. එහෙම එකේ කොහොමද අපි ගැලපෙන්නේ. මං ඉන්න තත්වෙයි ඔයාගෙ තත්වෙයි වෙනස්. අපේ ලෝක දෙක ගොඩාක් දුරයි. ඔයාලා අහසෙ නම් අපි පොළවේ. ඔයාලට තියෙන්නෙ රාජ මාලිගා, කෝටි ගණන් සැප පිරුණු වාහන. ඒත් අපිට අනාථ නිවාසෙ විතරයි වහලෙකට තිබ්බේ. යන්නෙ එන්නෙ පයින්. බස් එකේ යන්නත් හැමදාම සල්ලි නෑ. එහෙව් එකේ අපි කොහොම ගැලපෙන්නද හේෂාන්. මං ඒක ඔයා මාව හොයාගෙන එන දවසෙම දැන ගත්තා. මං ගොඩාක් කල්පනා කරා. අපි අතර තියන ඒ ගැප් එක ගැන.
"හික්..."
කඳුළු දරාගන්න බැරි තැන මගෙ කටින් නිකන්ම ඉකියක් පිට උනේ එයා මං දිහා අමුතුවට බලද්දි. මං ඉක්මනින් මගෙ අත් දෙකෙන් මූණ වහගත්තේ ඇස් වලින් එන කඳුළු වලට දෝරෙ ගලන්න ඉඩ දීලා.
"Mindi.. Are you okay ?"
එයා ඇවිත් මගෙ අත් දෙක අදිද්දි මට ඒ කඳුළු නවත්ත ගන්න ලේසි උනේ නෑ. හේෂාන් දැක්කා මගෙ මූණත් එක්ක රතු වෙලා තියන විදිහ.
"අඬන්න එපා.. අත රිදෙනවද ගොඩක් ?"
"නැ...හ්.."
එයා මාව පපුව උඩට තුරුලු කරගද්දි මට ඊටත් වඩා ඇඬුණා. අවුරුදු ගාණකට පස්සෙ මං ඒ පපුව උඩ මේ විදිහට ඉද්දි ඉස්සර මතක මගෙ ඇස් ඉදිරියේ චිත්‍රපටයක් වගේ මැවිලා නැති වෙලා ගියේ මගෙ හිතට අපරිමාණ දුකක් ගෙනවිත් දෙද්දි.
"අපි යමු පල්ලෙහාට."
එහෙම කියපු එයා මාව ඒ අත් දෙකට අරගෙන ලොබී එකට ගියා. මට රාදිතාව වත් පෙනුණේ නෑ. පෙනුණෙ නැතුව නෙවෙයි. රාදිතා එතන නෑ.
"කෝ රාදිතා ?"
"සර්, මිස් රාදිතා එයාගෙ තාත්තා ඇවිත් එක්කන් ගියා. මිස්ටර් ඇන්ඩෲස්ට සර්ව හම්බවෙන්න ඕනි කිව්වා. ඒත් එන්න වෙලා යන නිසා පස්සෙ කෝල් එකක් දෙන්න කිව්වා."
"Okay. Leave a message for me."
"Ok sir."
එයා මාවත් උස්සගෙනම එලෙවේටර් එකට නැඟලා පහලට බැස්සා. මං ඇස් ඇරියෙවත් නෑ බයට. හැබැයි වටේ පිටේ මිනිස්සු මේව දැක්කොත් අනිවාර්යයෙන්ම අපේ සම්බන්ධය ගැන දැන ගන්නවා.
මාව කාර් එකේ ෆ්‍රන්ට් ශීට් එකෙන් තිබ්බ එයා එහෙම්ම ඩ්‍රයිවින් ශීට් එකට නැග්ගේ මගෙ ඔළුවත් එක්ක වීදුරුව පැත්තට කඩන් වැටෙද්දි. මගෙ කඳුළු වලට එයාගෙ කළුපාට ශර්ට් එකත් තෙත් වෙලා ගිහින්. ඔයාමයි මාව ඇඬෙව්වෙ හේෂාන්. ඔයාගෙ මතක හැමදාම මට මැවි මැවිම රිද්දනවා.
හවස් උනා 🦊🍂🧡..
උදේම ගියපු ගමන කොහෙන් කෙළවර උනාද හිතාගන්න බෑ. හවස 4 වෙද්දි එයා මාව ගේ ලඟටම ගෙනවිත්. මට නින්ද ගිහින් නිසා එයා මාව ඇහැරෙව්වා. ඒ එක්කම මාත් ගැස්සිලා නැගිට්ටේ ඒ අත්වල ස්පර්ශයට.
"ඔහොම්ම ඉන්න."
මං බහින්න යද්දි එයා එහෙම කියලා බැහැලා දොර ඇරලා මට අත දුන්නා. මාත් සද්ද නොකර එයාගෙ අත අල්ල ගෙන බැස්සා. ඒත්..
මගෙ ගේ මිදුලේ තව කාර් එකක් නවත්තලා තිබිලා යන්න ගියා. ඒ ගියපු කෙනා හේෂාන්ට අතින් ටිප් එකක් දීලා තමයි ගියේ. ඒ එක්කම ගේ දොර ඉස්සරහා ගෑනු ළමයෙක් හිටන් හිටියා. මල් ගවුමක් ඇඳපු උස කෙට්ටු ගෑනු ළමයෙක්. ඉතින් අපි දෙන්නා යද්දි ඒ ගෑනු ළමයා හිනා උනා. ජීවිතේට දැකලා නෑ එයාව මං මීට කලින්.
"මේක අරින්නකෝ."
මගෙ අතේනේ යතුර තියෙන්නේ. ඒත් හේෂාන් ඒ ගෑනු ළමයාට යතුර දික් කරලා දොර අරින්නලු. එතකොට මගෙ යතුර කෝ. පර්ස් එක මිරිකගද්දි මට අහු උනා යතුර. ඒත් එයා...
මං අහස පොලව ගැටගහන්න වගේ බලන් ඉද්දි හේෂාන් මගෙ දිහා බැලුවේ මං එයා දිහා බලද්දි. ඒ මූණෙ ලාවට හිනාවක්. මගෙ බලි වෙච්චි ඇස් දැකලද කොහෙද.
"මේ ඉන්නෙ දිනුමි.. එයා අද ඉඳන් ඔයාගෙ ගෙදර වැඩ කරාවි."
"මොකක් 😨 ?"
........................................................ 🖤 ...
ඔන්න තව කෙනෙක් ගෙනල්ලා 😤
Sachy Collins