Spring is far away - 23
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 23 | Don't hurt her
තේෂාන් රිමෝට් එක අරගෙන ටීවි එක ඔන් කරා. එතකොට යන්නෙ නිවුස්. දැන් 6.55 නිසා. කොල්ලා වෙන මොකක් හරි බලන්න දැම්ම නිසා චැනල් එක මාරු කරන්නයි ගියේ ඒත් එකපාරටම ඒකෙ දාපු හෙඩ් ලයින් එක දැකලා හේෂාන් එයාගෙ අතින් රිමෝට් එක උදුරලා අර ගත්තා..
〝 කැළණි ගඟේ ඉවුරෙන් මිල කල නොහැකි නිල් මාණික්‍යක් සහිත මාලයක් හමුවෙයි 〞
හේෂාන්ගෙ ඇඟත් එක්කම සීතල වෙලා ගියේ මින්දිගෙ මාලෙ මතක් වෙලා. එයාලා දෙන්නා අවුරුදු හතරහට පහකට කලින් දාපු ඒ මාලෙ ඉවුරෙ නැවතුණා කියන එක තමා පුදුමේ. ඒත් හරියටම තහවුරු කරන්න බෑ මේ ඒ මාලෙ කියලා. මොකද ඒ කාලෙ ඒ මාලෙ කෝටි 210 ක් වටිනවා කියලයි කිව්වේ.
"අම්මෝ.. කව්ද ඒ මෝඩ වැඩේ කරලා තියෙන්නේ. මාලයක් විසි කරන්න තරම්."
"ශ්ශ්.."
හේෂාන් දෙතොල් වලට ඇඟිල්ල තියලා පෙන්නද්දි තේෂාන් කට තද කර ගත්තා. කොල්ලා තව පොඩි සද්දයක් දැම්මොත් හරි අයියා ආවේස වෙනවා ඉතින්.
〝 ද බිග් ස්ටෝරී.. 〞
〝 අද සවස කැළණි ගං ඉවුරෙන් නිල් පැහැ දියමන්ති මාලයක් සොයා ගැනීමට එහි ඇවිදමින් සිටි පුද්ගලයෙක් සමත් වී තිබුණා. මෙය පාළමේ සිට මීටර් 80 ක දුරින් සොයා ගත් බව ඔහු මාධ්‍යයට වැඩි දුරටත් කියා සිටියේ 〞
දුප්පත් මනුස්සයෙක්ද කොහෙද ඒ මාලෙත් අතේ තියන් කතා කරනවා. හේෂාන් පුටුවෙන් නැගිට්ටුනේ ඒ මාලෙ මින්දිගෙ කරේ තිබුණ මාලෙ නිසා. සිල්වර් පාට හීනි මාලයක, මල් වැල් වලින් වට උන හදවතක් හැඩයේ නිල් දියමන්තිය අදත් නොවෙනස්ව ඒ විදිහටම තියෙද්දි ඒ ඇස් ලොකු උනා.
〝 මම ඇවිදගෙන යද්දි වතුරත් පසුත් අයිනෙන් මොකක්ද දිළිසෙනවා දැක්කා. ලඟට ගිහාම තමයි මං දැක්කෙ ඒ මාලයක් කියලා. ඒත් උඩට ඇදලා ගත්තට පස්සෙ තමයි මං පෙන්ඩන්ට් එක දැක්කේ. දැක්ක ගමන් හිතුණා මට මේක දියමන්තියක් කියලා 〞
ඒ මාලෙ අදටත් දිළිසෙනවා ඔපදාලා වගේ. වතුර යට තිබ්බ මේක කොහොම ආරක්ෂා උනාද මංදා. හේෂාන්ගෙ හිත අමුතු සතුටකිනුත් දුකකිනුත් පිරිලා ගියා.
〝 මැණික් ව්‍යාපාරිකයින් පවසන්නේ එහි වටිනාකම මිළ කල නොහැකි බවයි. මෙය අවුරුදු තුන්සිය ගණනකට පැරණි දියමන්තියක් යොදාගෙන නිර්මාණය කර ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කලා. මෙය තව දුරටත් පරීක්ෂා කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දෙන ලදී 〞
〝 මේක වැරදිලා වැටුණ එකක් නෙවෙයි මට හිතෙන විදිහට. හිතලම දාපු එකක්. සාමාන්‍යයෙන් මේ වගේ වටිනා මාල එන්නේ අතීත පරම්පරාවක ඉඳන්. එහෙම අයිති කෙනෙක් මේක හිතලම දාලා තියෙන්නේ. ඒ කාලෙ මේක ගණන් අඩු උනත් දැන් මේ ජාතිය නැති නිසා මේක මිල කරන්න බැහැ 〞
〝 එම නිල් දියමන්තිය දුර්ලභ ගණයේ දියමන්ති වර්ගයක් නිසා එය කෞතුකාගාරයට තැබීමට ඔවුන් සූදානම්ව සිටින බව තව දුරටත් සඳහන් කලේ 〞
"අයියාහ්.. මොකෝ මේ 🙄."
තේෂාන් හේෂාන්ව ඇදල ඉන්දවද්දි හේෂාන් ගල් පිළිමයක් වගේ ඉන්නවා දැකලා කොල්ලා පොඩ්ඩක් කකුල කෙනිත්තුවා. ඒ පාර නම් අයියට යකා ආවේස වෙලා,
"ආයි #$%&.."
"අම්මේ.. මෙන්න අයියා කුණුහරපයක් කිව්වා."
"කට වහගන්නවකෝ. තමුසෙටත් ඇවිත් තියෙන්නෙ අම්මගෙ වගේ ඉවර වෙන්නෙ නැති වක්කඩ කටමයි 😑."
කොල්ලට දාඩියත් දාලා. එයා ප්‍රාර්ථනා කරේ මින්දිට මේ නිවුස් එක අනිවාර්යයෙන්ම කනට ඇහෙන්නයි කියල. මොකද ඒ දෙන්නා විතරයි මේ ගැන ඇත්තම කතාව දන්නේ.
......
"මේ බන්.. බලහන්කෝ මේ ගවුමෙ ගණන්. විසිඅට දාහක්ලු."
දුල්නෙත්මි මට කොට ටයිට් ලා රෝස පාට ඩ්‍රෙස් එකක් පෙන්නුවා. මං වැඩිය ගෙනාවෙ නෑ. මුන් තුන් දෙනා මාව කයි වගේ. තාම මං එක ගවුමක් වත් තෝරගත්තෙ නෑ.
"ගන්න ගන්න."
"ඇත්තටම කියපම් බන්. කොහෙන්ද මෙච්චර වියදම් කරන්න තරම් සල්ලි ?"
දුල් එහෙම අහද්දි සජීත් මගෙ මූණ දිහා බලලා ඔළුව වැනුවේ ලස්සන රෝස පාට හූඩි එකක් අතට ගන්න ගමන්. ඇයි මං හංගන්නෙ මගෙ පිස්සු කෝලම් දෙකෙන්. එයාලට ඇත්ත කියන්න එපැයි.
"හේෂාන් මට මෙච්චර කල් දුන්න සල්ලි වලින්."
"ආහ්.. උබ කිව්වා නේද ඒවා වියදම් කරන්නෙ නෑ කියලා. ආයෙ දෙනවා කියලා 😦 ?"
"එයාට මං ඒවා ආයෙ ගිහින් දුන්නට. එයා රිෆියුස් කරා. එයා කිව්වා ඔයාලා දෙන්නා එක්ක ගිහින් ශොපින් කරන්න කියලා. ඒකයි."
"ලක්ෂ දෙක තුනක් ගෙනාවද ?"
"ඇයි මදිද බොට ?"
"ඔව්.. මට ලක්ෂ දෙකකවත් ඇඳුම් ඕනි."
"යනවා යනවා.. තෝර ගන්න එකක් තෝර ගන්නවා."
දෙන්නා වටේම දුව දුව තෝරද්දි මං ගියේ ගවුම් තිය පැත්තකට. එතන ගොඩාක් තියෙන්නෙ කොට ගවුම්. ඒ වගේද ඒවගෙ ගණන්. ඒ එක්කම එතෙනට හෙල්පර් කෙනෙක් ආවේ මගෙන් ප්‍රශ්නයකුත් අහගෙනම.
"මිස් මොන වගේ ඩ්‍රෙස් එකක්ද බැලුවේ."
"කාෆ් ලෙන්ත් හරි ඇන්කල් ලෙන්ත් හරි."
"මේ පැත්තට එන්නකො මිස්."
මං චූටි කාලෙ කොටට ඇන්දා. ඒත් හේෂාන් හම්බුණාට පස්සෙ මට දණහිසට උඩට අඳින්න දුන්නෙ නෑ මගෙම ආරක්ෂාවට. ඒ නිසා මං වළලුකර දිගට හරි දණ හිසෙන් පහලට හරි අඳින්න හුරු වෙලා. අනික මං උස නිසා එහෙම ඇන්දම ලස්සනයි. කකුල් පිච්චෙන්නෙත් නෑනෙ අව්වට.
"කැශුවල් නේද මිස් ?"
"ඔව්."
"මේ වගේ එකක්."
ලස්සන ලා දුඹුරුපාට ගවුමක් පෙන්නලා එයා ඇහුවා. ඒක දණහිසෙන් පල්ලෙහාට තියන ගවුමක්. මං ගාව තියන නිල් පාට අත් පටි ගවුම වගේ. කර ගැඹුරට කපපු ලස්සන ප්ලෙයාර්ඩ් ගවුමක්. දැක්කම ආස හිතුණා.
"නැත්නම් මේකත් ලස්සනයි මිස්ට. දණහිසට යනකම් ඕපන් එකක් විතරයි තියෙන්නෙ."
එයා තව එකක් ගද්දි මං බැලුවෙ ඒක දිහා. අනික සුදු පාටින් උඩ කොටස ගියපු, යට කොටස කළු පාටින් ටයිට් එකට දිගට ගියපු ගවුමක්. පිට හීනි සුදු පටි වලින් ගොතලා, පැත්තෙන් පොඩ්ඩක් පලලා තියන පටි ඩිසයින් එකක්. ඒක ලස්සනයි මට ඇන්දොත්. මං ඒ ගවුම් දෙක අතට අරගෙන බැලුවා. මගෙ සයිස් එකමයි. ගණන් නම් එමමයි. ඒත් දුඹුරුපාට එක නම් නවදාස් ගාණක්.
"හ්ම්.. මං ඒ දෙක ගන්නවා."
මං බලද්දි අර දෙන්නා ගවුම්, සෙරෙප්පු, ජුවලරිස් එහෙම අරන් ඉවරයි. සේරම පේ කරලා ඉවර උනාම ලක්ෂ එක හමාරයි. කෙල්ලො දෙන්නා මං ගැන හිතලා ගොඩාක් ගණන් ඒවා අරගෙනමත් නෑ. ඒ උනාට මං මෙච්චර කඩන් වැටිලා ඉද්දිත් ඒ දෙන්නා මගෙ දේවල් අහගෙන මගෙ පිටි පස්සෙන් සහෝදරියො දෙන්නෙක් වගේ ඉන්න එකට මට සතුටුයි. ඉතින් මං එයාලට සලකන්න ඕනි. මොකද ඒ දෙන්නා විතරයි අන්තිමට මට ඉතුරු උනේ.
"දැන් වත් යමුද ?"
"රෑට කාලා යමුකො බන්. දැන් 8.00 යි වෙලාව."
"එහෙනම් හා."
මං තුන් දෙනා එක්ක ශොප් එකෙන් එළියට යද්දිම ආවේ මම කිසිම විටෙක නොපතපු රුවක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. රාදිතා ෆර්නැන්ඩස්. එයා මං දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි මං ගැස්සිලා ගියා. එයා මේ වගේ තැනකට එන එක සාධාරණයි. මොකද එයා නම්බර් වන් බිස්නස් මන් කෙනෙක්ගෙ එකම දුවෙක්.
"අහ්.. අනාථ කෙල්ලො මොකද මෙහෙ. පාර වැරදුණාද ?"
එයා කටත් පැත්තකට කරලා හිනා වෙද්දි මට ආපු තරහා මං පිට කලේ අත් මිටි කරගෙනයි. හැමදාම අහන කතා මට අහන් ඉන්න පුළුවන් උනාට මේ දෙන්නා නම් අද සද්ද නොකර ඉන්න එකක් නෑ.
"මොකක්ද තමුන් කියන්නේ ?"
"ඔහ් ශිට්.. තමුන් මටද තමුන් කියලා කතා කලේ."
රාදිතා හයියෙන් එහෙම කියද්දි මං තුන් දෙනා මැද්දට පැනලා දුල්නෙත්මිගෙයි සංජානාගෙයි කට වැහුවා.
"එපා හලෝ.. අපි යමු."
මං ඒ දෙන්නවත් ඇදගෙන යන්න හදද්දිම දුල්නෙත්මි මගෙ අත ගසලා දාලා රාදිතා ගාවට ගියේ රාදිතා අඩි දෙක තුනක් පස්සට යද්දි.
"තමුන් ගැන මං බලාගන්නම්කෝ."
"මොනවා බලන්නද මගෙ ?"
"අපේ මින්දිට ආයෙ බැනලා තිබ්බොත් එහෙම හම ගහලා ඩමියකට අන්දනවා."
"ඔව්.. ඩමියකට අන්දලා එල්ලනවා උඩ කොක්කක. අපි ඔයාට බය නෑ."
මේ දෙන්නා කතා කරන්නෙ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයි. රාදිතාගෙ තාත්තා බිස්නස් කරන්න නම් මනුස්සයෙක් උනත් මරන කෙනෙක්. එහෙම එකේ එයාගෙ දුවට තර්ජනය කරොත්.
"අපි යමු අනේ.."
මට තරහා ගිහින් මං දෙන්නවම දොරෙන් එළියට දැම්මා. ඒ එක්කම මං ගියේ රාදිතා ලඟට. එයා මට ගහන්න වගේ බලන් ඉන්නවා.
"Im sorry රාදිතා. ඒ දෙන්නා එහෙම කතා කරපු එකට මට සමාවෙන්න."
එහෙම කියපු මං ඉක්මනින් හැරිලා ආවෙ රාදිතා කට අරිද්දිමයි. මේ දෙන්නා හැප්පුනේ එසේ මෙසේ කෙල්ලෙක් එක්ක නෙවෙයි. අද මේ උන දේට හෙට උදේ වෙද්දි මාව මරලා තියෙයිද දන්නෙ නෑ.
ගියපු ගමන්ම අර දෙන්නටම ටොකු දෙක දෙක ඇනලා මං කාර් එකේ ෆ්‍රන්ට් ශීට් එකට නැග්ගා. මට පේනවා මිරර් එකෙන් අර දෙන්නා මටත් ඔරවගෙන ඉන්නවා පිටි පස්සෙ ඉඳන්.
"මට රවන්නේ.. කණ්නඩිය ඉස්සරහට ගිහින් රවා ගන්නවා."
"තමුසෙ කරපු දේ හරිද ගෑනියේ.. @#$%&*......."
කුණුහරප වැලක් එක්ක පිටි පස්සෙන් සුපිරි සුමිහිරි වදන් වැලක් මගෙ සවනට ඇහෙද්දි මං මාමා දිහා බැලුවෙ ආත්ම ගරුත්වය රැක ගන්න. නැත්නම් මාමා හිතයි මං මේ වගේ බූරු රැලක් එක්කද ඉන්නෙ කියලා.
"තමුසෙලා දෙන්නා විතරක් නෙවෙයි මේ කාර් එකේ ඉන්නෙ. කට පියන් ඉන්නවා."
"ඇයි අර පිස්සු හෝන්තුවට ගිහින් සොරි කියලා ආවේ ?"
"ඇත්තටම රාදිතාට පිස්සුද බන් සල්ලි දීලා බාග කෑලි අඳින්නේ ?"
"කට වහනවා. තමුසෙලා දෙන්නා සද්දෙ දැම්මට අන්තිමට විඳවන්න ඕනි මං නේ."
"මේ බන්.. අපි එන්නද තෞසෙගෙ ගෙදර. එතකොට ඔය මොංගලීට මුකුත් කියන්න කරන්න බෑනේ."
"ඕනි නෑ. අපි කන්න යමු. මාමේ ඔය ඉස්සරහා හොඳ චයිනීස් එකකින් නවත්තන්න."
හොඳ චයිනීස් හොටෙල් එකක් බලලා මාමා කාර් එක නතර කරා. අපි එළියේ ටේබල් එකක ඉදගත්තේ සී ෆුඩ් වලින් කන්න. ගොඩ දවසකින් මං මේ ගෙදරින් පිට කන්නේ. නැත්තම් දවසම උයනවානෙ මගෙ වැඩේ. කොහොම හරි කට්ටියම බඩ පිරෙන්න කාලා ගෙවල් වලට ගිහින් දැම්මේ මගෙ පර්ස් එක රුපියලටම හිස් වෙලා තියෙද්දි.
මාමත් කාර් එක දාලා ගෙදර ගියා. ඉක්මනින් ගේ ටිකක් අතු ගාල බ්ලින්කිටත් ගෙනාපුවාගෙන් කන්න දීලා ගියේ බාත්රූම් එකට. ගියපු ගමන්ම බාත් ටබ් එකට උණු වතුර පුරවලා බැස්සේ ඇඟේ තෙහෙට්ටුව අඩු වෙන්න. උදේ ඔෆිස්, හවස ශොපින්.
මට මතකයි ඉස්සර එයා රෑට මෙහෙ ආවම මං එක්ක පොඩි ළමයෙක් වගේ හුරතල් වෙන විදිහ. රෑ වෙලා නාලා ඉවර උනාම ඔළුව පිහදවන්නත් ඕනි මං, කවන්න ඕනිත් මං, සමහර වෙලාවට මං හෝද හෝද ඉද්දි බාත්රූම් එකට කඩා පනින අවස්ථාවල් නැතුවම නෙවෙයි. හොඳ වෙලාවට ඒ කාලෙ මං ස්කර්ට් එකක් ඇඳන් නෑවේ. නැත්තම් ඉවරයි. ඒත් අද නම් ෆුල් ෆ්‍රී එකේ මං බාත්රූම් එකේ සින්දුවක් කිය කියම නානවා. කවුරුත් නෑ මට කරදර කරන්න. හැබැයි බිත්තියේ ඉන්න හූනො නැවති නැවති බල බල යනවා.
ලැජ්ජාවෙ බෑ..
අලුත් දවසක් 🌿🌻🦋..
මං උදේ හය හමාර වෙද්දිම මාමා එක්ක ගියේ යුවසිංහ ගෲප් එක ඉස්සරහට. ඊයෙ ගත්තු සුදුයි කළුයි ඔපන් ගවුමට උඩින් ශෝල් එකක් දාලා කොණ්ඩෙත් පෝනි ටේල් එකක් දාගත්තා. කලම්බු ගිහාම හම පිච්ච්නවා. මෙහෙ වගේ නෙවෙයි. එහෙ හරි අමාරුයි මට.
"මං කීයටද එන්න ඕනි නෝනා ?"
"මාමට මං වත්තල පහු උනාම මැසේජ් එකක් දාන්නම්. ඊට පස්සෙ වෙලාව හදාගෙන එන්න. අපිට එහෙ යන්න පැය දෙක හමාරක් යනවනේ."
"හරි නෝනේ. පරිස්සමින් යන්න."
මං කාර් එකෙන් බැස්සා. මාමා එහෙම හරෝගෙන යද්දි මං ඉස්සරහා බැලුවා. හේෂාන් ඇවිත් කාර් එකට හේත්තු වෙලා ඉන්නවා. මං විනාඩියයි පරක්කු. සුදු ඩෙනිමට කළු අත් නවපු ශර්ට් එක ඇඳලා, දුඹුරු පාට ශූස් දෙක දාලා කහ පාට විනිවිද පේන සන්ග්ලාස් දෙක දැම්මම නම් එයා හේමාල් රණසිංහ පරාදයි. ඇත්තටම මගෙ හිත ඇඳිලා ගියේ ඒ ලස්සන රූපෙට. කොළඹ එක්කන් ගිහින් මට මෙයාව කෙල්ලොන්ගෙන් පරිස්සම් කරන්න වෙයිද මංදා.
ටක් ටක්..
මගෙ හීල්ස් දෙකේ සද්දෙ ඇහෙද්දි එයා වේගයෙන් හැරිලා බැලුවේ මං දිහා. කහ පාටට පේන නිසාද කොහෙද එයා සන්ග්ලාස් දෙක ගලවලා බැලුවා විතරයි ඒ ඇස් ලාවට ලොකු වෙලා. මගෙ අමුත්තක් තියනවාද ඔච්චර බලන්නේ.
මං ලඟට යනකම්ම එයා මං දිහා බලන් හිටියා. ඒ ඇඳුමට එයා ආස නැද්ද එහෙම බලන් ඉන්නේ. නැත්තම් ආසාවෙන්ද බලං ඉන්නේ ?
........................................................... 🖤 ...
වට් අ බියුටිෆුල් ෆිගර්.. ආහ් 🥴 - මීට බලන් ඉන්න Heෂාන්
😁😁😁
Sachy Collins