Spring is far away - 22

Spring is far away - 22

Sachy Collins
🚫 Do not copy or share without without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 22 | The blue diamond necklace


Previous


කෝල් එක එහාපැත්තෙන් හොඳ කෑ ගැහිලි දෙකක් ඇහෙද්දි මං ෆෝන් එක කට් කලේ එන්ට්‍රන්ස් එක දිහා බලන්. ඒ බලද්දි මගෙ හිනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ හේෂාන් එළියට එනවා දැකලා..


මට බෑ එයාට මුහුණ දෙන්න. එයා අවුරුද්දක්ම මාව නොමැරී මරපු හැටි මට මතක් වෙද්දි හරි වේදනයි. අවුරුද්දක් නෙවෙයි. පහුගිය අවුරුදු දෙකත් ඇතුළුව තුනක්ම මාව බාගෙට මරලා දැම්මා වගේ.


හවස් උනා 🦊🍂🧡..


"මං ආවෝ.."


කලුපාට හූඩී එකකට දුඹුරුපාට ට්‍රව්සර් එකක් ඇඳන්, කොණ්ඩෙත් කඩලා මං අර පිස්සියො දෙන්නගෙ ගෙදර ගියා. යද්දි ඉන්නවා දෙන්නා ගෙදර ඇඳුම් පිටින්ම. ශෝටයි ටී ශර්ට් එකයි ඇඳගෙන, කොණ්ඩෙත් අවුල් කරගෙන.


"මේ මොකෝ මේ ?"


"අඩෝ.. අපි ඔඩෙල් එකටනෙ යන්නෙ බන්. එතෙනට පොශ් විදිහට යන්න එපැයි."


"ඔව්නේ.. ඒ උනාට අපිට තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයෙ ගවුම් කෑලි 😑."


"මේකි නම් ලස්සනට ඇඳලා ඇවිත්. බලහන්කො ඇමරිකන් සුද්දියක් වගේ."


"කොහෙද අනේ මං සුදු ?"


මං එහෙම අහද්දි අර දෙන්නා අල්මාරියේ දෙපැත්තම ඇදගෙන රෙදි බිමට හල හල හොඳ එකක් හොයනවා.


"උබට සුදු නොවුනට අපිට උබව සුදුයිනෙ බන්. අනික උබ යුවසිංහ ගෲප් එකේ සැපට ඉන්නේ, කාර් එකේ ගමන් බිමන් යන්නේ, ෆුල් ජොලියෙ ඉන්නේ. එහෙම එකේ ලස්සන නොවෙයි ඈ."


"ඔව් නේ බන්. කෙල්ල ඉස්සරට වඩා සුදු වෙලා ලස්සන වෙලා ගිහින්. උසත් ගිහින්ද මන්දා. හැබැයි උස ගියොත් මට ඉරිසියයි ඈ."


සංජානායි එහෙම කියද්දි මං අඩි දෙකතුනක් උඩට ගියා වගෙ දැනුණා. ශෙක් මේ දෙන්නගෙ ඉරිසියාව. මාව කුරුමිට්ටෙක් වෙයිද දන්නෙ නෑ. ඉස්සර ඕෆනේජ් එකේ උසම ලමයට දෙවනි ළමයා මම. මම 5' 7 ක් උසයි. ඒකට මේ පිස්සු හෝන්තු දෙක නම් කොටයි. දුල්නෙත්මි 5' 6 කියමුකෝ. සංජානා 5' 2 යි. අපි තුන් දෙනා හිටගත්තම සංජානා, තේ එක තියන ට්‍රේ එක තියන්න මේසෙකට ගත්තැහැකි. අපි දෙන්නා ඉතින් එදා ඉඳලා චූටි කෙල්ලට විහිළු කරනවා. එහෙම කරලා ලබන ආත්මෙ අපි කුරුමිට්ටො වෙයිද දන්නෙ නෑ.


"ටිකක් මහත් වෙයන්කො. රිට වගේ ඉන්නේ."


ඒ පාර මට බනිනවා කෙට්ටු වෙලා කියලා. ඕෆනේජ් එකේ ඉද්දි මං ටිකක් බෝල ගතියට හිටියා. ඊට පස්සෙ ගානට ආවා.


"ඒකටත් ඉරිසියයිද ?"


"ඔව් ඒකටත් ඉරිසියයි, උබ මට ඔය ජාතියේ හූඩි එකක් ඔඩෙල් එකෙන් අරන් නොදුන්නොත්."


"මටත් ඕනි රෝස පාට එකක්."


"ඔඩෙල් එක රෑ වෙනකම් ඕපන් නේ. ඊට කලින් අපි යමු සැලෝන් එකකට. මං දන්න හොඳ නංගි කෙනෙක් ඉන්නවා. සජීට ඕනි කිව්වා නේද ඩොන්කි කට් එකක් කපන්න 😅."


"ඔව් අනේහ්.."


"හ්ම් හ්ම්.. ඉක්මනින් රෙඩි වෙලා එන්නකෝ. අපි යමු. වත්තලට යන්න ඕනි. පැය දෙකක් යනවා යකුනේ."


දෙන්නව රෙඩි කර ගන්න හෙන වෙලා ගියා. ඔන්න දැන් ඩෙනිම් එකට ක්‍රොප් ටොප්ස් දෙකක් ගහගෙන එනවා කොණ්ඩෙත් බැඳගෙන.


කච කච දෙකත් දාගෙන මං මාමා එක්ක එහෙන්ම පිටත් උනේ කුරුණෑගල ටවුන් එකට. සැලෝන් එක තිබ්බෙ ටවුන් එකේ. සුපිරි රස්නයක් තියේ ටවුන් එකට. හේතුව ගල නිසා. මෙවෙලෙ ගල උඩට නැග්ගා නම් කකුල් දෙකට අමු අමුවේ සනීපයක් විඳගන්න තිබුණා.


දෙක හමාර වෙද්දි එතෙනට ගිය අපි සෝෆා එකෙන් ඉඳගද්දි ඉෂාදි නංගි බැලුවේ මේ කව්ද කියල. එයා දන්නෙ මාව විතරයිනේ. ඉෂාදි කියන්නෙ එදා රශේන්ගෙයි රුෂානා අක්කාගෙයි වෙඩින් එකට යන්න ගවුම හොයලා දුන්න කෙනා.


"කව්ද අක්කෙ මේ අලුත් දෙන්නා ?"


"අහ්.. මගෙ මෝඩ තකතීරු ගොන් යාළුවො දෙන්නා."


"මොකක්ද උබ කියන්නේ ?"


දෙන්නා එක්ක මට දෙපැත්තෙන්ම තඩි බාද්දි පෝන් එක වැටෙන්න ගිහින් අමාරුවෙන් අල්ල ගත්තේ. ඉෂාදිටත් හිනා මේ දෙන්නා මට අල්ල ගෙන ගහපු විදිහට.


"ගහගන්න නෙවෙයි. කෝ දැන් හෙයා කට්ස් ඕනි ගර්ස්ලා යන්න ඉක්මනින්."


"ඇයි තමුසෙ ?"


"මට මොකටද හෙයා කට් 😨 ?"


"ඔය කූරු කොණ්ඩෙ නිසා තමුසෙ බූතබල් බිස්කට් එකක් වගේ."


දුල්නෙත්මි මාව පුටුවෙන් තල්ලු කරද්දි මං නැගිට්ටා. මගෙ උපතින් ආපු කොණ්ඩෙ තඹ පාටට හුරු කළු පාට කැරලි කොණ්ඩයක්. කොණ්ඩෙ හැදුවට පස්සෙ මට දැන් තියෙන්නෙ කළු පාටින් ඩයි කරපු ඉන ගාවට දිග ස්ට්‍රේට් කොණ්ඩයක්. මං ඒක කර ගත්තෙත් මේ දෙන්නගෙ බැනුම් මැද්දෙ.


"ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ ?"


"අක්කේ.. මෙන්න මේ කෙල්ලගෙ කොණ්ඩෙ ලේයර්ස් වත් කපලා දාන්නකෝ. බලන්න නිකන් වලහෙක් වගේ. ඔහේ තියන් ඉන්නවා."


මෙවුන් එහෙම කියද්දි මට ඉතින්.. මම වලහෙක්ද යකෝ. මං ආස නෑ වැඩි විච්චූරණ කරන්න. ඒ උනාට මගෙ ලොකුම ආසාවක් තමයි කර්ටන් බැන්ග්ස් කපන්න. මං කැපුවෙ නෑ මගෙ කොණ්ඩෙට අයිතිකාරයෙක් හිටපු නිසා. කොණ්ඩ ගහක් හරි ගැලෙව්වත් හේෂාන් මාව මරාගෙන කන්නයි බලන් හිටියෙ.


"ඔයාලා මට චැලේන්ජ් කරනවද ෆෙන්ස්."


"යා මයි බේබී.. පුළුවන් නම් වෙනසක් කරලා පෙන්නනවා."


"චැලේන්ජ් ඇක්සෙප්ටඩ්."


මං ඉෂාදිට කරන්න ඕනි ටික කියලා පුටුවෙන් ඉදගත්තා. අද තමයි ඉතින් කෙල්ලො දෙන්නා සප්‍රයිස් වෙන්නේ..


පැය කාලක් වගේ වෙලාවක් ඇතුලත එයා මගෙ කොණ්ඩෙ දෙපැත්තට බෙදලා කර්ටන් බැන්ග්ස් කැපුවා. කණ්නඩියෙන් පෙනුණ ඒ රූපෙට මටම ආදරේ හිතුණා. රාදිතා හැම වෙලේම කියන මගෙ බෝල මූණට ඒ හෙයාස්ටයිල් එක ගොඩාක් ගැල පෙනවා. අර දෙන්නා ෆෝන් එක ඔබ ඔබා හිනා වෙනවා කොල්ලො දිහා බලන්ද කොහෙද. මටම පුදුමයි මේ පිස්සු කෝච්චි දෙකට කොල්ලෙක් නෑ කිව්වම නම්. විශේෂයෙන්ම සංජානාට.


ඉෂාදිත් කොලිෆයිඩ් බියුටීශියන් කෙනෙක්. එයා ගාවට මේ ළඟ ඉන්න නළු නිලියො පවා එනවා. එයා කොණ්ඩෙට ඩැමේජ් වෙන්නෙ නැති ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන නිසා තමයි එයාට මෙච්චර කස්ටමර්ස්ලා වැඩි.


"ළමයි.. පරක්කු වෙනවා නේද. ඔය දෙන්නත් ගිහින් කරන එකක් කරගන්න."


මං හිනාවක් පාලා එහාට වෙන්න තිබ්බ පුටුවෙන් ඉඳ ගත්තම අර දෙන්නා කන්ෆියුස් වෙලා මං දිහා බලන් ඉන්නවා. එයාලා හිතන්න නැතුව ඇති මං එච්චර දෙයක් කරයි කියලා. ටිකක් ලොකුකමට මං ෆෝන් එකත් ඔබලා අර දෙන්නට කින්ඩියට හිනා උනා. දැන් ඉතින් ජෝඩුව අහස පොලව ගැට ගහන්න වගේ කල්පනාව.


"මොකෝ ?"


"උබට එහෙම ලස්සනයි මින්දියෝ."


"ඒකනේ මං කිව්වේ."


සංජානා කන්ෆියුස් වෙලා මං දිහා බලන් ඉඳලා ගියේ එයාගෙ කොණ්ඩෙ කොරියන් කෙල්ලෙක් වගේ කපාගන්න. එයා එදා ඉඳන් ආසයි කොරියන් කතා වලටයි, නළුවන්ටයි. අවසානෙ දුල්නෙත්මිත් මගෙ විදිහට එයාගෙ දුඹුරු පාට කරලා තිබ්බ කොණ්ඩෙ කැපුවා. දැන් වෙලාව තුන හමාරයි. අපි මෙහෙන් පිටත් උනොත් දැන් 6 වෙද්දි ගිහෑකි. අර දෙන්නට පැය දෙකක් ඇති වෙයිද දන්නෙ නෑ ඇඳුම් තෝරන්න.


"අපි යමුද එහෙනම්.."


ඉෂාදිට ගෙවලා ඉවර වෙලා මං සෝෆා එකෙන් නැගිට්ටේ දෙන්නා එක්ක යන්න හිතන්. සංජානා නම් බෝනික්කියක් වගේ දැන්. දුල්නෙත්මිත් නිළියක් වගේ දැන්. මට ආස හිතුණා රස්සාවට විතරක් හිර වෙලා ඉන්න දෙන්නා හිනා වෙවී ලස්සනට ඉද්දි.


"උබ ලස්සනයි බන්. මට ඇත්තටම ආස හිතුණා."


දුල් මං ගාවට ඇවිත් මූණ අතගාලා එහෙම කියද්දි මටත් හිනා ගියා. අවුරුදු ගාණකට පස්සෙ මගෙ මූණෙ සම්පූර්ණ හිනාවක් ඇදුණෙ ඇදමයි.


"හේෂාන් ඉන්නකම් මට මේක කරන්න දුන්නෙ නෑනේ. ඒත් මං හිතන්නෙ නෑ තේෂාන් මේකට අකමැති වෙයි කියලා."


"හැබැයි කොණ්ඩෙ නම් ආයෙ කපන්න එපා. දික් කරන්නකෝ. ඔයාගෙ කොණ්ඩෙ අපි කාටත් කලින් වැවෙනවනේ. අපරාධයක් ඒක."


"කමක් නෑ ඉතින්. මෙහෙමත් ලස්සනයිනේ."


"හෙට උදේ ඔෆිස් යද්දි හේෂාන් උඩ යයි මේකිව දැකලා 🤣."


මට හිනා ගියා. ඒත් ඒ නම මතක් වෙද්දි මගෙ හදවත අත් දෙකකින් තෙරපනවා වගේ. ඒ තරම්ම ඒ නම එක්ක බැඳුණ මතක දැන් මට විසකුරු කටු ගොන්නක් වගේ.


"අපි යමුද ?"


"යමු යමු. මග යද්දි කොෆි ශොප් එකක නවත්තන්න ඕනි හොඳේ.. මට බඩිගිනියි."


"එහෙනම් අද ඔඩෙල් යන්න වෙන්නෙ නෑ."


"බෑ බෑ එක්ක යන්න."


දෙන්නාට කන්නත් ඕනිලු ශොපින් කරන්නත් ඕනිලු. මොනා කරන්නත් ඉක්මනින් වත්තලට යන්න එපැයි. මාමත් හොද ඩ්‍රයිවර් නිසා හැටට හැටේ ගිහින් පැයෙන් හරි කොළඹ.


......


"අයියේ.."


හේෂාන් සාලෙට එනවා දැකලා තේෂාන් ඉක්මනින් ෆෝන් එකත් අරගෙන ගියේ එයාව හම්බ වෙන්න උවමනාවට.


"මොකද ?"


"ඔයා මින්දි එක්ක ඉන්න කාලෙ එයාගෙ ගවුම් මහන්න දුන්නෙ කාටද ?"


"ඇයි අහන්නේ ?"


මින්දි දැන් ටිකකට කලින් තේෂාන්ට කෝල් කරලා ඒ ගැන ඇහුව නිසයි කොල්ලා ඇහුවේ. ඒත් අයියා රහස් පරීක්ෂක වගේ ප්‍රශ්න කරද්දි තමා කොල්ලට ඉවසන්න බැරි.


"අයියෝ අයියේ.. මට උවමනා නිසානේ අහන්නේ."


"මොකක්ද උවමනාව ?"


"මින්දිව දැන් මමනෙ මැරි කරන්න ඉන්නේ. එයාට ගිෆ්ට් එකකට ගවුමක් දෙන්න."


"එයා ගවුම් ගිෆ්ට් එකකට දෙනවට ආස නෑ."


"රාදිතා අක්කා එක්ක ඉඳන් මින්දිට ලයින් දාන්න එපා අයියේ. මට පාඩුවේ ඒ කෙල්ලව මැරි කරලා ඉන්න දෙනවකෝ 😒."


"මං කවද්ද මින්දිට ලයින් දැම්මේ පොල් බූරුවො 😑."


හේෂාන්ට උදෙත් යක්ෂයා ආරූඪ වෙලා ඉඳලා ගෙදර ඇවිත් නිවී සැනසිල්ලෙ හිටියා විතරයි. ආයෙමත් ආවේස වෙලා. කඩු දෙකක් වගේ සාලෙ තිබ්බ නම් මල්ලියි අයියයි ෆයිට් කරලා.


"දෙනවකෝ."


"බෑ. ඒ ගෑනු කෙනා දැන් මැරිලා."


"හ්ම්.. කමක් නෑ එහෙනම්. මං අපේ අම්මගෙ සාරි ඩිසයින් කරන ගෑනු ළමයාට වත් කියන්නම්."


"මොකද ඔච්චර හදිස්සිය ?"


හේෂාන් බය වෙලා වගේ තේෂාන්ගෙන් අහද්දි, කොල්ලගෙ ලොකු වුණ ඇස් දෙක දැකලා තේෂාන්ට හිනා ගියා. ඒ මදිවට තරහා ගිහින් මූණත් රතු වෙලා. මල්ලිට හිනා ගිහින් මූණ රතු වෙලා.


"මගෙනෙ උවමනාව. ඔයාගෙ නෙවෙයි අයියා."


"තමුසෙට ගවුමක් අඳින්න ඕනි නම් කියනවා. අම්මගෙ ගවුම් ඇති."


"වාව්.. දෙන්නකෝ. ආසයි මට ගවුමක් ඇඳලා විග් එකක් දාලා මේකප් කරන් හොස්පිටල් යන්න."


"සමනලයෙක් වෙන්න හදන්න එපා."


"ඊයා.."


තේෂාන් රිමෝට් එක අරගෙන ටීවි එක ඔන් කරා. එතකොට යන්නෙ නිවුස්. දැන් 6.55 නිසා. කොල්ලා වෙන මොකක් හරි බලන්න දැම්ම නිසා චැනල් එක මාරු කරන්නයි ගියේ ඒත් එකපාරටම ඒකෙ දාපු හෙඩ් ලයින් එක දැකලා හේෂාන් එයාගෙ අතින් රිමෝට් එක උදුරලා අරගත්තා..


........................................................ 🖤 ...


මම දෙබස් අතරින් ඉමොජි දාන්නෙ ඒ කියන කෙනාගෙ රියැක්ශන් එක පෙන්නන්න.


අදත් හැමෝගෙන්ම රියැක්ට් ඕනි ✨️


මගෙ ස්ටයිල් එක වෙනස් ඇති. ඒත් අනිත් කතාත් මම මේ ස්ටයිල් එකට ලියන්නේ


Sachy Collins

Report Page