Spring is far away - 21

Spring is far away - 21

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 21 | Your eyes


Previous


"මින්දි.."


"වට් 😨.."


හේෂානුත් කන්ෆියුස් මාත් කන්ෆියුස්. අනිත් අය දන්නේ අපි දෙන්නා තාම ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා.


"ඔව්.. සර්ගෙ බෙස්ටිනෙ මේ. එයා එක්ක යන්න. අනික මෙයා තමා අපිට හැම අදහසක්ම දුන්නේ."


"ඔව්.. මින්දිට හැමදෙයක්ම ඉක්මනින් තේරෙනවා. එයා මේකට ගැලපෙනම කෙනා. එයාට හොද වයිඩ් තින්කින් එකක් තියනවා."


හේෂාන් මං දිහා එනවද අහන්න වගේ බලන් ඉන්නවා..


"මින්දි මොකද කියන්නේ ?"


හේෂාන් මගෙන් අහද්දි මං නිකන්ම නැගිට්ටුණා. බෑ කියන්න බැරිව ඉන්නෙ මම.


"ස.. සර්.. මේ.. හ්.."


"බැරි නම් කියන්න. මට තව වැඩ තියනවා."


අම්මෝ නපුරාගෙ ගෑස්. මං හිමිහිට ඔළුව වැනුවේ හා කියන්න. ඒත් නොතේරුණ එයා එයාගෙ අත් වලින් පෙන්නුවේ 'මට තේරෙන්නෙ නෑ' කියලා.


"‍යමු සර්."


"ගුඩ්.. එහෙනම් හෙට උදේ හය හමාර වෙද්දි මෙතෙනට ඇවිත් ඉන්න."


"ආ..හ්.. හරි."


එයා ගියාට පස්සෙ මං ආයෙත් පුටුව උඩ ඉන්ද වුණා. මට හෙට අඳින්න ඇඳුමකුත් නෑ දෙවියනේ. දැන් මම මොකද කරන්නේ. අද හවසට වත් අර පිස්සියෝ දෙන්නා එක්ක ශොපින් කරන්න යන්න වෙනවා. ඊට පස්සෙ මගෙ සල්ලි සේරටම විදියි.


......


"හ්ම්ම්.. සෙහස් අද ඉන්නවද දන්නෙ නෑ.. බඩිගින්නකුත් එනවා."


මට උඩටයි පල්ලෙහාටයි ගිහින්ම අමාරුයි. ඒ මදිවට එන බඩිගින්න මාව ආක්‍රමණය කරලා තියෙන්නේ එළාර වගේ. හය වෙනි පාරටත් පල්ලෙහාට බැහැපු මං අරුෂිගෙ කාර් එකෙන් ෆයිල් ටිකත් දාලා ඇවිත් එලෙවේටර් එකට යන්න හදද්දි මගෙ නම කියලා කෑ ගහගෙන එන ගෑනු ළමයෙක්ගෙ හීල්ස් දෙකක සද්දයක් ඇහුණා.


"මින්දි.."


එකපාරටම මං ගාවට ඇවිත් නැවතුණේ රුවිනි. තද නිල් පාට කොට සායක් ඇඳලා සුදු පාට බ්ලවුස් එකක් ඇඳලා. මටත් වැඩිය සුදුයි දැන්. ඉන්ජෙක්ෂන් ගහලාද මන්දා.


"රුවිනි ?"


"මේ.. මං Appointment එකක් දැම්මෙ නෑ. මට දැන් හේෂාන්ව හම්බවෙන්න ඕනි හදිස්සියකට. ඔයාට පුළුවන්ද මාව එක්කන් යන්න."


"ආහ්.. හරි.."


හේෂාන් හිටියේ උඩම තට්ටුවේ. මෙලහකට වැඩ්ඩා වගේ කලිසමේ සාක්කුවට අත දාන් වීදුරුවෙන් එළිය බලන් ඇති. මං ආයෙ යන්න එපැයි එයාගෙ ලොකුකම් බලන්න. කොහොම හරි එලෙවේටර් එකට නැඟලා මං රුවිනි එක්ක ගියේ හේෂාන්ගෙ ඔෆිස් එක තියන ෆ්ලෝ එකට.


"ඔයා පොඩ්ඩක් ඔතනින් ඉන්නකෝ."


මං ගිහින් එයාගෙ සෙකට්‍රිව හම්බුණා. කෙල්ල මාව දැකලා ගැස්සිලා නැගිට්ටෙ විදුලි වේගෙන්. මාව යකෙක් වගේ පෙනුණද. නැත්තම් හේෂාන්ට තියන බය මටත් තියනවාද ?


"සර්ට කියන්නකෝ රුවිනි ඇවිත් ඉන්නවා කියලා."


"මෑ..ම්.. ගිහින්ම කි.. යන්නකෝ.. මං.. මේ දැනුත්.. බැනුම් අහල.. ආවේ."


කෙල්ලට වෙවුලුම් සන්නිය හැදිලා වගේ වෙවුලද්දි මට හිතුනා හේෂාන්ට යක්සයා ආවේස වෙලා ඇති කියලා. මම ගියාට පස්සෙ තරහා නිවෙයිද වැඩි වෙයිද කියලා මට නිශ්චිතවම තීරණය කරන්න බෑ. ඒ උනාට මට යන්න වෙනවා ඒ යක්සයා ඉස්සරහට. බලන්න මේ අහිංසක ගෑනු ළමයාටනේ යකෙක් වගේ කෑ ගහලා තියෙන්නේ. කොච්චර හොඳ ළමයෙක්ද. සාය කොටයි කියලද දන්නෙ නෑ. එයාට මල පනින්න ඕනි තරම් හේතු හදාගත්ත හැකිනේ. ඒ උනාට පව් ඒ සෙකට්‍රි කෙල්ල.


මං හිමිහිට ඇතුලට ගියා. ඒ දොර ඇරෙනවා වැහෙනවා හොයන්න බෑ. ඒ තරම්ම සියුම් සද්දයක් ඇහෙන්නේ. දැන් මං එන්න කලින් කතා කරේ නෑ කියලා මට බනීවිද දන්නෙ නෑ.


හිතපු විදිහටම එයා ඉන්නවා ඈතින් පේන කළුවර වුණ අකුණු එහාට මෙහාට පනින අහස දිහා බලාගෙන. අවුරුදු ගාණකට කලින් ආපු ඒ පර්ෆියුම් එකේ සුවඳ අදත් මට ඒ කාමරෙන් ආවා. මට ඒ සුවඳ හුරු උනත් අද නිකන් ආගන්තුකයි වගේ.


ඒ පර්ෆියුම් එක බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් කියන බ්‍රෑන්ඩ් එක කියලා මං හොයා ගත්තේ එයා එක්ක ඉන්න කාලේ. ඒක ලංකා මුදලින් හැට පන්දාස් ගාණක්. මෙයාට සල්ලි වැඩි වෙලාද කොහෙද මෙච්චර ගණන් පර්ෆියුම් යූස් කරන්නේ. මං ගාව තියන එයාගෙ ලේන්සුවේ එන සුවඳත් මේකමයි.


"හේෂාන්.. සර්.."


මට අමතක වෙලා නම කියවෙද්දි එයා මගෙ කටහඬත් එක්ක හැරිලා බැලුවා. ඒ හීනි ඇස් මගෙ පැත්තට හැරුණේ සාක්කුවට අත් දෙක දාගෙනම ඉද්දි. රැවුල වවලා අමුතු ලස්සනකුත් නැතුවම නෙවෙයි..


ඒ ඇස් 💖.. ඒ දිග ඇහිපිහාටු, සුදු පාට කම්මුල් වලින් බාගයක්ම පැතිරුණු කළුපාට රැවුල, ලා රෝස පාට හීනි තොල් එයාට ගෙනාවෙ අමුතුම ලස්සනක්. ඒත් එයාගෙ ඇඟේ පාට ඉස්සරට වඩා වෙනස්. ඒ ලයිට් එළියෙන් මට පෙනුණා ඒ ඇඟ සුදුමැලි වෙලා ගිහින් කියලා. එයාගෙ තිබුණ හදපු ඇඟ දැන් ඉස්සරට වඩා බැහැලා. අවුරුදු ගාණකට දැක්ක නිසාද මට මෙහෙම හිතෙන්නේ. නැත්තම් එයාට ලෙඩක්ද ?


"සර් ?"


එහෙම කියලා එයා පුදුමෙන් වගේ ලාවට හිනා වෙලා මගෙ මූණ දිහා බැලුවා. සර් කියන්නෙ නැතුව සුදු මහත්තයෝ කියන්නද


"සර්.. රුවිනි ඇවිත් ඉන්නවා. ඔයාව හමබවෙන්න."


"මට හේෂාන් කියන්න. මං නොදන්න කෙනෙක් නෙවෙයිනේ."


එයාට කිව්වා වගේම තරහා ගිහින් මොකේකට හරි. ඒ මූණ රෝස පාට වෙලා. තරහා ගිහාම එයාට කළු පාට ගැලපෙන්නෙ නෑ. තද නිල් පාට කිට් එකක් තමයි ලස්සන. මොකද මං දැකලා තියනවා එයාට තරහා යන හැටි. ඒ තරහා යන වෙලාවට එයා මාව අඬවන එකයි කරේ. ඇත්තටම මං එයා ඉස්සරහා කොච්චර නම් ඉවසන්න ඇත්ද..


මට මතකයි අවුරුදු තුනකට කලින් උන සිදුවීමක්. එදා එයා මට බැන්නා රුසිරු එක්ක කොෆි ශොප් එකක කතා කර කර හිටියා කියලා. අන්තිමට එයා මට කිව්වා මගෙන් ගිවප් වෙන්න ඕනි කියලා.


ඒ තමා පළවෙනි වතාව.. එයා අපි දෙන්නගෙ Affair එක කඩන්න හදපු. එයාට රාදිතාව හම්බුණේ අපේ 7 වෙනි අවුරුද්දෙදි. ඒ කියන්නෙ Giveup වෙන්න කලින් අවුරුද්දේ. එයාට උවමනා උනේ කොහොම හරි කොතනදි හරි අපේ එෆෙයා එක කඩන්න. ඒත් මගෙ කඳුළු බලන් ඉන්න බැරි තැන හේෂාන් හැමදාම මං ඉස්සරහා ආයෙමත් ඉටිපන්දමක් වගේ දිය වෙලා ගියා. මොකද ඒ ආදරේ ඒතරම් ඒ හදවතේ පිරිලා තිබුණා. අනික ඒ ආදරේ අවංකයි.


එදයින් පස්සෙ ඒ අවුරුද්ද ගෙවුණේ මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙද්දි. හේෂාන්ගෙත් මගෙත් එෆෙයා එකට කණ කොකා ඇඬුවේ ඒ අවුරුද්දේ පටන් ගැන්මත් එක්ක. ගණන් වලින් නම් එයා වාර 12 කදි අපේ එෆෙයා එක කඩන්න හැදුවා. ඒක මට තේරිලා තිබුණත් ආදරේ නිසාම මං හේෂාන් උඩින්ම විශ්වාස කරා.


දන්නවද,


මං ඒ හුරු පුරුදු පපුව උඩ සැනසීම හොයපු තරම්.. අවුරුදු දහ නවයක්ම ප්‍රශ්න වලින් බැට කකා නොමැරී ජීවත් උන මං අවුරුදු අටකටම එයාගෙ පපුව උඩ සැනසීම හෙව්වා. මට හිතාගන්න බෑ මං සුයිසයිඩ් කරගන්නෙ නැතුව කොහොම මේවා විඳ දරාගෙන ජීවත් වුණාද කියලා. හැමෝම මාව තලද්දි, මාව පාගලා එයාලගෙ අරමුණු ඉෂ්ට කර ගද්දි මට අනන්තවත් නොහිතුණා නෙවෙයි. දැන් ජීවත් උනා ඇති කියලා. පිට රූපේ දිව්‍යාගනාවක් වගේ ලස්සන උනත් මගෙ ඇතුළෙ හිටපු කෙල්ල හතර වටින්ම තැළුණු, සීරුණු, තුවාල උණු, පිච්චුණු, කෙනෙක්.


කවදාම හරි මනුස්සයෙක් ඒ ඇතුළෙ හිටපු ගෑනු ළමයාව දැක්කා නම් මට අනුකම්පා නොකර ඉන්න එකක් නෑ. මට බනින්න, ගහන්න, රවන්න, හිත රිද්දන්න කලින් දෙපාරක් නොහිතා ඉන්නෙ නෑ.


මතක් කලේ එක දෙයක්, ඒත් මගෙ හිත රිදුණේ තව දේකට. එයාගෙ තරහා එයා ආයුධයක් කර ගත්තා අපි දෙන්නව වෙන් කරන්න ඒ අවසාන අවුරුද්ද පුරා.


අදත් ඒ විදිහටම තරහා ගිහින් අහක බලන් ඉන්න හේෂාන් දැක්කම මං ඒ පපුව හූරන මතක මතක් කරගෙන ඇස් වලින් වැටෙන කඳුළු වලට දොරටු ඇරියා.


"රුවිනිට මං එන්න කියන්නම්."


වෙවුලන කටහඬින් මං එහෙම කියාගෙන එළියට යද්දි මගෙ ඇස් කොනට පෙනුණේ හේෂාන් එකපාරටම මගෙ පැත්තට හැරෙනවා විතරයි. එතනින් එහාට මුකුත් කිව්වද, කෙරුවද කියලා මම දන්නෙ නෑ.


"ඔයා යන්න රුවිනි. එයාට පොඩ්ඩක් තරහා ගිහින් ඉන්නේ. පරිස්සමට කතා කරන්න. කියන දෙයක්."


"තැන්කියු මින්දි. මං යන්න කලින් ඔයාවත් බලලා යන්න එන්නම්කෝ."


රුවිනි එහෙම කියාගෙන ඇතුලට ගියා. මං එහෙම්ම අරුෂි මැඩම්ට වැඩ වලට හෙල්ප් කරන්න ගියේ පෑරුණ හිත ආයෙ යතා තත්වෙට පත් කර ගන්න. නැත්තම් මගෙ කඳුළු අද ගෙදර ගිහාම හොඳ අඩව්වක් අල්ලනවා අනිවාර්යයෙන්ම..


........


"හේෂාන්.."


රුවිනි ගිහින් හේෂාන් ඉස්සරහින් හිට ගත්තම කොල්ලා හැරුණේ ඒ ඇස් මින්දිගෙ රූපය පතපු නිසා. ඒත් තමන් ඉස්සරහා හිටියෙ රුවිනි නිසා එයා ආයෙමත් හිත සන්සුන් කරගත්තේ කෙල්ල එක්ක කතා කරන්න.


"රුවී.. මොකද මේ හදිස්සියේ ?"


"ජනිත් ගැන අහන්නයි ආවේ."


"ඇයි ජනිත් එක්ක මොකක් හරි අවුලක්ද ?"


"නෑ.. එයාට මං කෝල්ස් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ. මැසේජස් වලට රිප්ලයිත් නෑ. ෆෝන් එකත් ඕෆ් කියලා වැටෙනවා."


හේෂාන් තරහා පාලනය කරගෙන පුටුවෙන් ඉඳගත්තේ ආයෙමත් සෙකට්‍රිට කෝල් එකක් දීලා කාටද පණිවිඩයක් දෙන්න කියලා කියන ගමන්. රුවිනි බොහොම අමාරුවෙන් හිටන් ඉන්නවා.


"ඉඳගන්නකෝ."


කෙල්ල ඇවිත් පුටුවකින් ඉඳගත්තා..


"ජනිත්ගෙ ෆෝන් එක කොටුවෙදි උස්සලලු. මට ඊයෙ අම්මගෙ එකෙන් කෝල් කරලා කිව්වේ. ඔයාට කෝල් එකක් ගන්න බැරි උනා කිව්වා. ෆෝන් එකක් ෆික්ස් කරගන්න අද යන්න ඇති."


"එහෙමද.. එහෙනම් කමක් නෑ. මං ගොඩාක් බය උනා මොකක් හරි කරදරයක්ද කියලා."


"එහෙම උනා නම් අපි දන්නවනෙ රුවී."


"එහෙම උනා නම් ඔයාලා මට කියන්නෙත් නෑ කියලා දන්න නිසා තමයි මං බයටත් එක්ක ආවේ."


"හ්ම්.. මගෙ ෆෝන් එකෙන් කෝල් එකක් අරන් දෙන්නද බලන්න. මෙලහකට කලම්බු වල ඇත්තේ."


"ආහ්.. දෙන්නකො හේෂාන්."


රුවිනිට හේෂාන්ගෙන් මින්දි ගැන අහන්න දේවල් දහයක් විතර තියෙද්දි තරහා තවත් අවුස්සගන්න බැරි නිසා සද්ද නොකර එයාගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තේ ජනිත්ට.


......


"මින්දි අවුලෙන්ද ඉන්නේ ?"


අරුෂි මැඩම් එහෙම අහද්දි මං ගැස්සුනා. මං තේෂාන්ට කෝල් එකක් ගන්න නම්බර් එක ඩයල් කර කර හිටියේ. ඒත් එහෙම්ම නැවතුණ මං වීදුරුවෙන් පේන මල් පිරුණ මාර ගහ දිහා බලන් ඉන්නවා.


"අහ් නෑ.. මැඩම්."


"හ්ම්.. අයිම් සොරි මින්දි."


"ඇයි මැඩම් 😦 ?"


"මං හිතුවා සර් එක්ක ඔයාගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක තාම ඇති කියලා. ඒත් මැරේජ් දෙක නිසා ඔයාලා වෙන් උනා කිව්වම මටත් අවුල් ගියා."


මං හිමිහිට පපුවට අත ගත්තේ එයා එතනින් එහාට මුකුත් දන්නෙ නැති නිසා. දැන් හැමෝම අතර යන රාවෙ තමයි 'හේෂාන් යුවසිංහ මින්දි අමේලියා එක්ක තිබ්බ ෆ්‍රෙන්ඩ්ශිප් එක නැවැත්තුවේ මැරේජ් දෙක නිසා' කියලා. අරුෂි දන්නෙත් එච්චරයි. අවුලක් නෑ අපේ එෆෙයා එක ගැන අපි ඇර වෙන කවුරුත් දන්නෙ නැත්නම්.


"කමක් නෑ මැඩම්."


"මං හෙට ගමන කැන්සල් කරන්නද ?"


"එපා මැඩම්. හේෂාන්ට තරහා ගිහින් ඉන්නේ. මං හෙට එන්නෙ නෑ කිව්වොත් මට බනීවි."


"හ්ම්ම්.. එහෙනම් මින්දි රෙඩි වෙන්න හෙට යන්න."


"මට කලින් ගිහෑකිද මැඩම් ?"


"ඔෆ් කෝස්. සර් ඔයාට හිතවත් නිසා ඔයාට මුකුත්ම කියන එකක් නෑ. අනික හෙට උදේම ඇහැරෙන්නත් එපැයි."


"තැන්කියු මැඩම්."


හිත අස්සෙ පිරුණ හැඟීම්, අමුතුම වේදනාත්මක මනසකින් එක්ක මං සයින් කරලා ඉක්මනින් මගෙ කාර් එකට ආවේ ලැප් එකයි ටැබ් එකයි දෙකම උස්සගෙන. ඒ බලද්දි මං දැක්කා රුවිනි එන්ට්‍රෙන්ස් එකෙන් එළියට එනවා. ඉතින් මං කාර් එකට නගින්න යද්දිම එයා මට කතා කරපු නිසා මං නැවතුණා.


"ඔයාව බලන්න මං ආවා මින්දි. ඔයා හිටියෙ නෑනේ."


"අහ් ඔව්.. මං දැන් ගෙදර යන්න කියලා."


"ඒ මොකද ?"


"හෙට උදේම හේෂාන් එක්ක කලම්බු යන්න තියනවා. ඒ නිසා යන්නේ. හැමදෙයක්ම රෙඩි කරගන්න ඕනි."


"ආහ්.. එහෙමද.. එහෙනම් පරිස්සමට යන්න. අපි ආයෙ හම්බුණ දවසක කතා කරමුකෝ."


"හරි.. ඔයත් පරිස්සමින් යන්න රුවිනි."


එයා යන්න ගියා. මට කුරිරු සතුටක් ආවා එදා මට හෙන ලොකුකම් දාපු කෙල්ලෙක් අද මං ඉස්සරහා මෙහෙම කතා කරනවට. මං දැනන් හිටියා මේ දවස කවදාම හරි එනවා කියලා. එයාට වඩා උසස් තැනකට මං යන දවසක්, අනාථ ජීවිතෙන් නැති උනත් දුප්පත් ජීවිතෙන් මිදෙන්න මට පුළුවන් උනා. හේෂාන් දුන්න සල්ලි නිධියකම හිමිකාරි මම. ඒක එයාගෙ කැමැත්තෙන්ම මට දෙන නිසා මං බාර ගන්නවා. ඇයි මං එච්චර වාසනාවකට පයින් ගහන්නේ.


මං ඉක්මනින් සංජානාට කෝල් එකක් ගත්තා. අද ඉතින් කෙල්ලො දෙන්නගෙ දෛවය වෙනස් වෙන දවස තමයි.


"හෙලෝව්.. මිස්ට දැන්ද අපිව මතක් උනේ ?'


"ඔව් ඔව්.."


"මොකටද දන්නෙ නෑ 😒."


"ම්ම්.. අද හවස තුන වෙද්දි එනවද Shopping කරන්න. පේ කරන්නෙ මං ගානෙ."


"වට්.. උබ ජෝක් එකක් නේ කරන්නේ ?"


"නෑ බන්.. මං දෙක හමාරට ඔහෙ එනවා. අපි යමු කෙලින්ම ඔඩෙල් එකට. ගිහින් සුපිරි ඩ්‍රෙසස් ටිකක් ගමු."


"එච්චර සල්ලි කොහෙන්ද බන් අපිට ?"


"කියන දේ අහලා ලෑස්ති වෙලා ඉන්නවලා. මං දෙක හමාර වෙද්දි එනවා."


කෝල් එක එහා පැත්තෙන් හොඳ කෑ ගැහිලි දෙකක් ඇහෙද්දි මං ෆෝන් එක කට් කලේ එන්ට්‍රන්ස් එක දිහා බලන්. ඒ බලද්දි මගෙ හිනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ හේෂාන් එළියට එනවා දැකලා.


........................................................ 🖤 ...


කියවන අය රියැක්ට් එකක් දාන් යන්න අනිවාර්යයෙන්

රියැක්ශන් නැත්නම් ආයෙ කතාව දෙන්නෙ නෑ ඔන්න 😩


Sachy Collins

Report Page