Spring is far away - 20

Spring is far away - 20

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 20 | Red roses


Previous


"මේ.. ඔයාගෙ.."


එහෙම කියලා මං එයාට එයාගෙ දෙතොල් පෙන්නුවා. එයා ටික වෙලාවක් කල්පනා කරා මං කියන්නෙ මොකක්ද කියලා. ඒත් තේරුණේ නැතුවද කොහෙද ඒ ඇඟිලි වලින් දෙතොල් පිහ දැම්මා. එතකොට තමයි එයා දැක්කේ අතේ තියන ලිප්ස්ටික් පාර. හේෂාන් ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙලා ගියා.


"මං යන්නම්."


මං ඔළුවත් නමලා කටත් තද කරගෙනම එතනින් දුවලා ආවේ කාර් එකට නගින්න. කාර් එකට නැග්ග ගමන්ම මට හිනා ගියා. එයාගෙ රියැක්ශන් එක මතක් වෙලා.


අලුත් දවසක් 🐼💞🌱..


"ආලේ මල්.. පිපුණිද මෙදවල්.."


පිස්සු සෙකට්‍රිලා දෙන්නගෙන් එක් කෙනෙක් උන සුමිහිරි හඬක් තියන ජෙන්ලි අපි වැඩ කර කර ඉද්දි සින්දුවක් කිව්වා. මම උදේ ඉඳන් රතු වෙච්චි මූනෙන්. හේෂාන්ව උදේ දැක්කා මං. එවෙලෙ රතු උණ මූණ තාමත් එහෙම්මයි.


ග්‍රිස් ගාලා එකපාරටම දොර ඇරෙද්දි හැමෝම පුටුවලින් නැගිටලා ආයෙ ඉඳ ගත්තා. මම විතරක් තැලිච්ච ජම්බු ගෙඩියක් වගේ පුටුවෙ ඉඳන්. ඉතින් මං නැගිට්ටා. එතකොට හැමෝම ඉඳගෙන මං දිහා බලන් ඉන්නවා. උදේ ඉඳන් මම අන්කම්ෆටබල් තත්වෙක හිටියේ. තව දුරටත් සීමා මායිම් නැතුව හේෂානුයි කට්ටියයි ඉස්සරහා ලැජ්ජ උන මං හිනා වෙලාම ආයෙ පුටුවෙන් ඉඳ ගත්තා. මගෙ මූණ දැන් නිකන් පිපිරෙන්න ඔන්න මෙන්න තියන රතු පාට බැලුමක් වගේ.


මට නිකමට හේෂාන් දිහා බැලුනා. එයාගෙ බැල්ම ඊයෙ වගේ නෙවෙයි. අර වෙනදා දකින රවාගෙන ඉන්න මූන තමා මට අදත් පෙනුණේ. කිස් එකෙන් පස්සෙ එයාට මොනා හරි වෙලාද කොහෙද. මං ඩෙස්ක් එකේ උඩ තිබ්බ හාෆ්ශීට් කොලේ යටට අරන් තනි අතට මිරික ගත්තේ ඒ ලස්සන රූපෙ බිම බලාගෙන මතක් කරන්.


කළු පාට කිට් එකට ලා නිල් පාට ටයි එකක් දාලා එයා හරි ලස්සනයි. ඒ රැවුල පිරුණ මූනට ඒ ඇඳුමත් ගෙනාවෙ අමුතු තේජාන්විත පෙනුමක්. යුවසිංහ පරම්පරාවේ අවසාන පුරුක් දෙකෙන් එකක් එයා. ඒ විතරක් නෙවෙයි. යුවසිංහ නමට දෙපලකින් උරුමකම් කියන කෙනෙක් එයා. එකක් යුවසිංහ ගෲප් එක, අනික යුවසිංහ බන්ග්ලෝ එක.


"දැන් Situation එක කොහොමද ?"


"සර්.. අපි සේරම කරල ඉවරයි.. මේ..."


අරුෂි ඔළුවත් කසලා හේෂාන් දිහාවට හැරුණේ හොටෙල් එක ගැන අහන්න.


"අපිට කලම්බු වල තියන අපේ හොටෙල් එක ගන්න පුළුවන් නේද සර් ?"


කට්ටියටම වෙවුලුම් සන්නිය හැදිලා වගේ. හේෂාන් කන්න වගේ බලන් ඉන්නවා. එයා අකමැතිද දන්නෙ නෑ එහෙම රවන් බලන් ඉන්නේ.


"ඉට්ස් ෆයින්. කොහොමටත් අපේ හොටෙල්ස් තියෙද්දි මොකටද අපි වෙන ඒවට යන්නේ. ඔයාලා හිතන් හිටියේ එහෙමද ?"


"අහ්.. නෑ නෑ.. අපි මේ එකක්.තෝරගන්න බැරුව හිටියේ 🤥."


ඒ ඇස් අරුෂිට රවාගෙන ඉඳලා විනාඩියක් දෙකක් යද්දි මටත් රවාගෙන ගියා. අනේ මං වැරැද්දක් කලේ නෑ හේෂාන්. ඇයි මට මෙහෙම රවන්නෙ ඔයා. මේ අරුෂිලට තමා මොලයක් නැත්තේ. එයාලගෙ මොලේ තියෙන්නෙ පුටුව උඩ. ඒ උනාට ඒ කළු පාට දිළිසෙන ඇස් මාව ගෙනියන්නෙම ඒ අතීතයට. ඒ පරණ වේදනාත්මක මතක වලට. ඉතින් එයා යන දිහා බලන් ඉද්දි මට මතක් උනේ ඉස්කෝලෙන් අවුරුදු හතරකට පස්සෙ අපිව ඕෆනේජ් එකේදි මීට් උන විදිහ.


°•°•°•° (අතීතයට)


කාලයක් එයාව ක්‍රශ් එක කරන් විඳව විඳව හිටපු මගෙ හිත හිස් වෙලා ගිහින්. හේෂාන් කියලා නමක් වත් ඒක ඇතුළෙ නෑ. සල්ලිකාර කොල්ලෙක් මං වගේ අනාථ කෙල්ලෙක් ගනන් වත් ගනීවිද. ඉතින් මං හිත හදන් කේක් ටික හද හද ඉඳලා ගියේ පාරට. පාර අයිනේ සිස්ටර්ස්ලා හිටවලා තිබ්බ මල් පාත්ති වලින් ලස්සන මල් බොකේ එකක් හදලා දේවස්ථානෙ ඇතුලෙන් තියන්න ඕනි. ඒ රාජකාරිය පැවරිලා තිබ්බෙ මට තමයි. එතන තිබ්බ ගෙර්බ්රා මල්, ඩේසි, සීනියස්, රෝස වගේ මල් සේරම තෝරලා බේරලා හානියක් නොවෙන්න මං කඩා ගත්තා.


ජරස්..


යන්න කියලා හදද්දි මගෙ දිග ක්‍රීම් පාට ගවුම රෝස නට්ටක කටුවකට පැටලිලා ඉරිලා ගියා. ඒක දුල්නෙත්මියි සංජානායි මායි මාරුවෙන් මාරුවට ඇඳපු එක. දැන් මට අර හැකරැලි මවුත් දෙකෙන් බැනුම් අහන්න වෙනවා අනිවා.


"Excuse me."


පිටිපස්සෙන් ඇහුණ පිරිමි කෙනෙක්ගෙ කටහඬ නිසා මං ගවුමත් අතින් අල්ලගෙන මලුත් බදාගෙන හැරුණා. අතේ තිබ්බ මල් එක බිම වැටෙන්නෙ නැතුව බේරගත්තෙ අමාරුවෙන්. මගෙ ඉස්සරහා ඉන්නෙ මම අවුරුදු හතරකට කලින් දැකපු කෙනා. හේෂාන්. ඒ මූණෙ රැවුල වැවිලා, ඒකත් ගානට කපලා. ඒ දිග ඇස් නොවෙනස්ව මගෙ ඇස් එක්ක තදින් බලන් හිටියේ රවාගෙන වගේ. ඒක යුවසිංහ ලොකුකම වෙන්න ඇති.


"ඔව් ?"


"ලොකු සිස්ටර් ඉන්නවද මින්දි ?"


මින්දි.. එයා මට මින්දි කිව්වද.. මගෙ ඇස් ජිල් බෝල හා සමාන වෙලා අතේ තිබුණ මල් පාටටම මගේ හමේ පාටත් වෙස් පෙරලලා. කොහොමද හේෂාන් මගෙ නම දන්නේ. මං වගේ අනාථ කෙල්ලෙක්ගේ ?


"ඔ.. ඔව්. ඉන්නවා."


"හ්ම්.. මං කලම්බු ඉඳන් ආවේ සිස්ටර්ගෙ බර්ත්ඩේ එකට විශ් කරන්න."


"ආහ්.. සිස්ටර් ඕෆනේජ් එකේ ඔෆිස් එකේ ඇත්තේ."


"මාව එක්කන් යන්න පුළුවන්ද ඔයාට ?"


"ඔෆ් කෝස්. එන්න මං එක්ක."


ලොකු අයත් එක්ක කතා කරන්න ඕනි ලොකු විදිහට නෙවැ. ඉතින් මං එහෙම කියලා හේෂාන්ව එක්කම් ගියේ තට්ටු තුනේ ගොඩනැගිල්ලට. එයාට මං ස්ටාෆ් එකේ දොර පෙන්නද්දිම,


"හහ් ?"


මං හැරෙද්දි එයා රතු රෝස මලක් අතේ තියන්. මගෙ ඇඟත් එක්කම ගැස්සිලා ගියා ඇයි මේ කියලා. අවුරුදු ගාණකට කලින් යටපත් උන හැඟීම් මං ඉස්සරහා ආයෙ මතු වෙද්දි මට තරහා ගියා. එකපාරටම මං කට ඇරියේ එයාට ඔය මල එපා කියන්නයි.


"මේක ඔයා මග එද්දි වැටුණේ."


වට්.. මං හිතුවා එයා මට මලක් දික් කරේ එයාම ගෙනවිත් කියලා. බැලින් නම් මගෙන් වැටුණ එකක්ද. ලැජ්ජාවට ආයෙ මගෙ මූණත් එක්කම රතු වෙලා ගියා. මං හැමදාම උනේ හේෂාන් ඉස්සරහා චාටර් උන එක.


"ඕහ්.. තැන්කියු."


එයා හිනාවත් වෙන්නෙ නැතුව ලා නිල් පාට සන්ග්ලාස් දෙක සුදු ශර්ට් එකෙන් රඳවගෙන ඇතුලට ගියා. එතකොටම මට ආවේ අමුතුම පර්ෆියුම් එකක සුවඳක්. ඒ සුවඳ නිකන් පැඟිරි සුවඳක් වගේ. මගෙ ඇඟත් එක්ක අමුතුම හිරි වැටීමකින් මං ගැස්සිලා ගියා. ඇත්තටම ඒ පර්ෆියුම් එකේ සුවඳට ගෑනු ළමයි වශී වෙනවා වගේ. හේෂාන් ඒක ස්ප්‍රේ කරන් ආවෙ ඇයි. එයා ඒක හැමදාම ස්ප්‍රේ කරනවා නම් එයා ගෑනු ළමයි වශී කරගන්න නේ එහෙම කරන්නේ.


"හේෂානුයි නේරංජනයි දෙකම එකයි 😑."


මං මටම කියාගෙන යන්න ගියේ මල් ටික චර්ච් එක ඇතුලෙන් තියන්න. හේෂාන් කියන්නෙ නරක කොල්ලෙක් නෙවෙයි. එයා ගෑනු ළමයි හැමෝටම බෑ කිව්ව එකේ ඇයි මේ වගේ ගෑනු ළමයි සිඩියුස් කරන පර්ෆියුම් පාවිච්චි කරන්නේ ?


"මල දික් කරලා මට කින්ඩියට වගේ හිනා උන හැටි. මතක් වෙද්දි දෙන්න හිතෙනවා හොම්බට දෙකක්."


මං බැන බැනම වැඩ කරා. චර්ච් එක වැඩිය අතු ගාන්න තිබුණේ නෑ. අද කවුරුත් ආවෙ නැති නිසා. ඉතින් මං අතුගාගෙන අතුගාගෙන ආවා. එකපාරටම මට ඇහුණේ අඩි සද්දයක්. ඉතින් මං ඉස්සරහා බැලුවා.


යුවසිංහ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ඇවිත් චර්ච් එක ඇතුලට. මං මහන්සියෙන් අතුගාපු එක. මෙයා එයාගෙ දුඹුරුපාට උඩට යනකම් ලේස් ගොතපු ශූස් දෙක දාගෙන වැඩ්ඩා වගේ එනවා. මට ඉතින්....


"අයියෝ.. මං දැන් අතුගෑවේ."


එයාගෙ අඩිය නැවතුණා. මං එක්ක ඒ ඇස් නිකන් තද දම්වැලක් වගේ බැඳුණා කියලා මට දැනුණා.


"ඔයාට ඇතුලට එන්න ඕනි නම් සෙරෙප්පු දෙක ගලෝලා එනවා."


මං තරහටත් එක්කම හේෂාන්ට බැනලා ආයෙ අතු ගාන්න ගත්තා. ඒ එක්කම මං හොරෙන් බැලුවේ එයා දිහා. මෙන්න මෙයා සපත්තු දෙක ගලවනවා. ඇයි මෙයාට මගෙ ලොකුකම් බලන්න ඕනි ?


"තමුසෙගෙ පුදුම ලොකුකමක්නේ තියෙන්නෙ."


එයා මේස් දෙක පිටින් ඇවිත් මම අතුගාන තැන එහයින් බංකුවේ ඉඳගත්තා. පොඩ්ඩක් ඉන්න. මේ මෝඩයා මට මොකක්ද කිව්වෙ. තමුසෙ ?


"තමුසෙ ?"


"ඇයි අවුල්ද ?"


මං හේෂාන්ගෙ කටින් එහෙම සැර පරුෂ වචනයක් ඇහුවා මයි. අපි නම් කුණුහරප කිව්වත් ගාණක් නෑ. ඒත් හේෂාන් මෙහෙම කියද්දි මගෙ පපුව මාව දාලා ගියා වගේ දැනුණා.


"ඇයි මෙහෙම වැඩ කරන්නේ."


විනාඩි පහක් විතර ගිහින් එයා මගෙන් ඇහුවා. මං එයා දිහා නොබලම අතුගෑවා.


"මමයි මේ වැඩ බාරව ඉන්නේ."


"ගවුම ඉරුණා නේද ?"


එයා මගෙන් එහෙම අහද්දි මං ගැස්සුනා. අවුරුදු දෙකක් හේෂාන් දැක දැක මං ඔහේ බලන් හිටියා. එයා මං දිහා ඇස් කොනකින් බැලුවා විතරයි. කෙලින් බැලුවේ අන්තිමට යන දවසෙ විතරයි. මං එක්ක වචනයක් වත් කතා නොකරපු එයා අද මං එක්ක පැන පැනම කතාව.


"හ්ම්.."


"ඔයාගෙ යාළුවො ඔයාට බනී ඒක ඉරුවා කියලා."


"ඉතින් ඔයාට මොකද 😒."


"මට තමුසෙ ගැන පොඩි කැක්කුමක් ආවා ඒකයි."


එයා කට කොනින් හිනා වෙලා එහෙම කියලා ඉස්සරහා බලන් අත් දෙක බැඳ ගත්තා. ආයෙමත් ඒ පර්ෆියුම් සුවඳ මං ඉන්න තැන ආක්‍රමණය කරලා. මම පර්චස් පහලවක විතර ලොකු ගොඩනැගිල්ල අතු ගාලා අමාරුවේ ඉන්නේ. ඒ අස්සෙන් ඒ පැඟිරි සුවඳ ආවම මට නිකන්ම කලන්තයක් වගේ ඇල්ලුවා. ඒ නිසා මං කොස්සත් අරගෙන ඉඳ ගත්තා.


ටික වෙලාවක් යද්දි එයාගෙ දිග තියුණු ඇස්, ඉඳන් ඉන්න මගෙ තලෙළු මූණ පුරාම ගියා. ඊට පස්සෙ මගෙ පිරුණු ඇඟට. අවසානෙ මගෙ රෝස පාට පතුල් වලට. එයා වැඩිපුරම බලන් හිටියේ මගෙ රෝස පාට රවුම් දෙතොල් දිහායි කළු දිග ඇහි පිහාටු වලින් පිරුණු මගෙ රවුම් ඇස් දිහායි.


"ඇයි ඔයා මෙච්චර දුර එන්නේ. ඔයාලගෙ බන්ග්ලෝ එක තියෙන්නේ කලම්බු නෙවෙයිද ?"


"කුරුණෑගල එකේ මං ඉන්නේ."


මං ලැප් එකෙන් හොයද්දි තමයි මං හරියටම හේෂාන් යුවසිංහ කියන්නෙ කව්ද කියලා දැන ගත්තේ. එයාලගෙ මෙයින් බන්ග්ලෝ එක කලම්බු වල. යුවසිංහ ගෲප් එකේ හෙඩ් ඔෆිස් එකත් කලම්බු වල. කුරුණෑගල එක අනිත් එක.


ඒ ගාණට කපපු රැවුල එයාගෙ සුදු මූණ වහගෙන ගිහින්. A/L කාලෙ දැකපු කෙනා නෙවෙයි අද ඉන්නේ. මේ ඉන්න හේෂාන් යුවසිංහ හරි තේජ වන්තයි. රැවුල නැතුව නිකන්.... නෑ මං කියන්නෙ නෑ ඒක.


එයාගෙ කළු උඩට හදපු ලස්සන කොණ්ඩෙ මට අත ගාන්නමයි හිත. ඒ ඇස් මට අල්ලන්නමයි හිත. ඒ දිග නිකට මිරිකන්නමයි හිත. එයාට හිනා යද්දි ඒ කම්මුල් දෙකයි නිකටයි රතු පාට වෙනවා. ඒ එයා චීස් කෑල්ලක් වගේ සුදු නිසා වෙන්න ඇති. ඒත් ඇයි මෙයා මං ඉස්සරහා මෙහෙම ඉඳන් ඉන්නේ ?


"ඔයා.. ඇයි මෙතන ඉන්නේ ?"


"මං තමුන්ව බලන්න ආවෙ නෑ. මෙතන නිදහසේ ඉන්නයි ආවේ."


එයා එහෙම කියද්දි මං ආයෙමත් නැගිටලා අතුගාන්න ගත්තා. හේෂාන් ගල් වෙච්චි කෙනෙක් වගේ මරියා ගෙ පිළිමය දිහා බලන් හිටියා. එයා කැම්පස් යනවද කොහෙද. මට අහන්නත් හිතුණා. ඒත් දැන් මට හේෂාන් අදාල නෑනෙ.


"මං යනවා. පරිස්සමින් ඉන්නවා."


ඒ කටහඬින් මං පියවි සිහියට එද්දි එයා මාවත් පාස් කරගෙන ගිහින් ඉවරයි. මගෙ පපුවට මොකක්ද උනා වගේ. ඒත් මං හේෂාන් වෙනුවෙන් මගෙ හිතේ ඉපදුණ ඒ ආදරය අස් කරලා දැම්මා. ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ..


මං කොස්සත් අරගෙන එයා යන පැත්තට අඩියක් ඉස්සරහට තියද්දිම එයා හැරුණා. මාව එතනම ගල් ගැහුණා..


"ආයෙ එද්දි මොනාද ගේන්න ඕනි ?"


ඒ ලස්සන දත් ටික පෙන්නලා එයා හිනා වෙලා මගෙන් අහද්දි මං රැව්වා. මගෙ කට මට නොදැනිම ඇද උනාද කොහෙද. නැත්තම් මං හේෂාන්ට රවන්නෙ නෑ.


"හරි හරි. තමුසෙගෙ ලොකුකම තමුසෙම තියාගන්නවා. එද්දි මං චොකලට් එකක් වත් අරන් එන්නම් 😄."


එහෙම කියපු හේෂාන් සපත්තු දෙක දාගත්තේ යන්න හිතන්. මං කොස්සත් අරගෙන ගල් වෙලා වගේ බිම බලන් හිටන් හිටියා. ඒ එක්කම එයා මට ආයෙ හිනා වෙලා අතින් බායි කියලා පෙන්නලා යන්න ගියා. මං කොස්සත් අරගෙන පල්ලියේ දොර ගාවට ගියේ කණුවකට අතත් ගහගන්න ගමන්. එයා කාර් එකට නැග්ගා. ඒ දවස් වල තාත්තා එයාට දීලා තිබ්බේ ලෑන්ඩ් කෲසර් එකක්. ඒක කාර් එකක් නෙවෙයි ප්‍රාඩෝ එකක්. මං ඉතින් ඕවා ගැන දන්නෙ නෑ. එයා ඉස්කෝලෙ එන සමහර දවස් වලට එන්නෙ ප්‍රාඩෝ එකකින්. අපේ කොල්ලො සෙට් එකේ රුසිරු ප්‍රාඩෝ පිස්සෙක් නිසා තමයි අපිත් දන්නේ ඕවා ගැන.


එයා ඒකත් අරගෙන යනකම්ම මං කණුවට හේත්තු වෙලා බලන් හිටියා. ඈත රබර් වත්ත ආරම්භ වෙන තැනටම පාර පෙනුණේ පල්ලිය කන්ද උඩම තිබ්බ නිසා. එයාගෙ සුවඳ ඒ කාර් එක යනකම්ම මගෙ වටේ කැරකුණා. මගෙ හැඟීම් ඇවිස්සුනා ඒ සුවඳට. මට මතක් උනේ ඉස්සර මං හේෂාන් මගෙ හදවතේ කොනක තියන් හිටපු විදිහ. එයාගෙ කාර් එක රබර් වත්තේ ගස් අතරින් අතුරුදහන් වෙලා යද්දිත් මං බලන් හිටියේ අතු පතරින් පේන රතුපාට බ්‍රේක් ලයිට් එක දිහා. ඒ එක්කම ඒ සුවඳත් මාව දාලා යන්න ගියා.


°•°•°•° (වර්තමානයට)


"ආහ්.. අරුෂි.."


මං බලද්දි හේෂාන් ආයෙමත් මීටින් රූම් එකට එනවා. මතක වලින් එළියට ආපු මං කඳුළු පිහදගෙන ආයෙ නැගිටලා ඉඳ ගත්තා.


"සර් ?"


"මට ඔයාලගෙ මෙම්බර්ස්ලාගෙන් එක් කෙනෙක් ඕනි හෙට ගමන් යන්න."


"මොන ගමනද සර් ?"


"අපි කලම්බු වල හොටෙල් එක ගන්නවා නම් මට එතන යන්න කලින් බලන්න වෙනවා. එතන මට වෙනස් කරන්න ඕනි. මොකද එදාට ලොකු අප්පච්චි එනවා. හෙට උදේම මං ඒ ගමන යන්නයි හිතුවේ. ඒත් ඔයාලා ප්ලෑන් කරපු ඩොකියුමන්ට්ස්, ඩීටේල්ස් එක්ක මං එක්ක කවුරු හරි යන්න එන්න වෙනවා."


"ඕහ්.. එකත් ඇත්තනේ සර්. එතකොට කව්ද මෙතනින් යවන්නේ.."


අරුෂි අපි හැමෝම දිහා බලනවා. මං දන්නවා දැන් ඊළඟට ඇහෙන වචනේ.


........................................................ 🖤 ...


මාත් දන්නවා ඊළඟට ඇහෙන වචනේ

ඔයාලත් දන්නවද 😌🥲


Sachy Collins

Report Page