Spring is far away - 19

Spring is far away - 19

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 19 | The scorpion grass garden


Previous


"හේෂාන්.."


එයා හීසරේක වේගෙන් මං දිහා බැලුවා. හිතන්න නැතුව ඇති මෙවෙලෙ මං එයාව බලන්න එයි කියලා.


"මින්දී.."


ඉඳන් හිටපු එයා පුටුවෙනුත් නැගිට්ටුනා. මං එහෙම්ම බිම බලා ගත්තේ ඒ ඇස් දිහා බලන් ඉන්න අපහසු නිසා. ටික වෙලාවක් යද්දි එයා මං ගාවට හිමිහිට ආවා. මං කොහොම මේක දෙන්නද මංදා. එයාම මට දුන්න දෙයක් මං මේ අයෙ දෙන්න හදන්නේ.


"ඔයාට එවෙලෙ දුක හිතුණද මං එහෙම කිව්ව නිසා."


එයා මගෙන් එහෙම අහද්දි මං ඒ මූණ දිහා බැලුවා. මං "Its ok" කියලා ස්ටිකි නෝට් එකේ ලියලා තිබ්බනේ. එතකොට ඇයි එයා මෙහෙම අහන්නේ. එයා ඒ ආන්ස්වර් එක දැක්කෙ නැද්ද ?


"ඔයාගෙ සැකය සාධාරණයි.. හේෂාන්.."


"ඇයි එහෙම කියන්නේ ?"


"මං ඒ ජාතියේ කෙල්ලෙක් වෙන්න ඇති. මං කරන්න ඕනි නැති හැම දෙයක්ම කරන්න ඇති. මං මිනිස්සුන්ගෙ හිත් රිද්දලා සතුටු වෙන්න ඇති."


මං මගේ සතුට ගැන නොබලා අනිත් මිනිස්සුන්ගෙ සතුට ප්‍රාර්ථනා කරා. මං මට ලැබෙන හැම දෙයක්ම අනිත් අයට දීලා එයාලා සතුටු වෙන හැටි බලන් හිටියා. මං අනිත් අයගෙ හිත රිදෙයි කියලා මගෙ හිත රිද්දවද්දිත් සද්ද නොකර හිටියා. මං මට කිසිම උදව්වක් බලාපොරොත්තු නොවී ඒ අයට උදව් කරා. ඒ විතරක් නෙවෙයි. හැමෝම මට වැරදිකාරයා කියලා ඇඟිල්ල දික් කරද්දිත් මං නොකළ වැරැද්දටත් කට වහන් හිටියා. මං මට වඩා කලේ අනිත් මිනිස්සු ගැන බලපු එක. මට මේ දේවල් කියන්න හිතුනෙ නෑ. මොකද මේ හැම දෙයක්ම මං විතරක් දැනගත්තම ඇති.


මං දන්නෙ නෑ මං හේෂාන් ඉස්සරහා මෙච්චර හිතවත් විදිහට කතා කරන්නෙ ඇයි කියලා. ඒත් අවුරුදු ගාණක ආදරය ඉස්සරහා මම වෙනදා වගේම හැඟීම්බර වෙනවා. අනික හේෂාන් මගෙ Ex උනා කියලා මට එයාට රව රවා, ගොරව ගොරව ඉන්න බෑ. අපි වෙන් උනත්, අද අපි ආදරවන්තයන් නොවුණත් මං ඒ විදිහටම එයා එක්ක හිතවත් විදිහට කතා කරනවා. ඒක තමයි මගෙ හැටි. මට ඕනි නෑ හේෂාන් ඉස්සරහා ලොකුකම් දාන්න.


"I am really sorry මින්දි. ඔයා දන්නවනේ සෙහස් කියන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා. ඉතින් මට තරහා ගියා."


"කමක් නෑ."


"ඔයාගෙ හිත රිදුණා කියලා මං දන්නවා. ඔයා මට ඕනිම දෙයක් කියන්න. මං හෙල්ප් කරන්නම්. මට ඕනි ඔයාගෙන් සමාව ගන්න."


ඉස්සර වගේමයි. මගෙන් සමාව ගන්න බිමට නැවිලා හරි වඳියි. එයා අකමැතියි එයාගෙන් මට වැරැද්දක් වෙනවට. හැම වෙලේම Sorry ගාගෙන ඉන්නේ. හැබැයි දැන් තමයි මගෙ චාන්ස් එක. මේ සල්ලි ටික ආයෙ දෙන්න.


"ඔයා මේක බාරගත්තොත් මං ඔයාට සමාව දෙනවා."


මං එයාට කවරෙ තිබ්බ සල්ලි ටිකයි, චෙක් එකයි දික් කලා. හේෂාන් මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. එයා දන්නෙ නෑනේ මේ මොනාද කියලා.


"අවුරුදු හය හමාරක සල්ලි තියනවා මෙතන. ඔයා හැමදාම මාසෙ ගානෙ දාපුවා. කලින් ඒවා මට ඒ කාලෙ යුනිවර්සිටි එකේ වැඩ වලට වියදම් වෙලා. ඒ ටිකත් මං කොහොම හරි දෙන්නම්. මේ ටික ගත්තොත් ඔයාට මං සමාව දෙ...."


"මං ගන්නෙ නෑ."


ගත් කටටම එයා ගන්නෙ නෑ කියලා කියද්දි මම එකතැන ගල් උනා. ඒත් එයා මෙවෙලෙ මේක නොගත්තොත් මට හැමදාම රාදිතාගෙන් කතා අහන්න වෙනවා.


"ප්ලීස් හේෂාන් මේක ගන්න. මට මේවා එපා."


"මට ඕනි නිසයි මං ඔයාට දෙන්නේ.. ඔයා තාම දන්නෙ නෑ මින්දි.. මං ගැන.. හරියටම.."


එතකොට අවුරුදු 8ක් තිස්සෙ හිටපු මං මොනාද ඔයා ගැන දන්නෙ හේෂාන්. එයා මේ මොනාද කියන්නෙ කියලා මට තේරුම් ගන්න බෑ.


"ඔයා එක්ක ඉන්න කාලෙ තමයි මං වැඩියෙන්ම සතුටින් හිටපු කාලෙ තිබුණේ. ඔයා තමා මගෙ සතුටට එකම කාරණාව උනේ. ඔයාට ඒක දැනෙන්න නැතුව ඇති. ඒත් මට ඒක දැනුණා. ඒකට මං ඔයාට ණයයි මින්දි. ඒකයි මං ඔයාට මෙහෙම හරි ඒ ණය ගෙවන්න හදන්නේ. අවුරුදු අටක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඔයා ඒක දන්නවා."


මං එයාව සතුටින් තිබ්බ එකට එයා මට සලකන්නෙ සල්ලි වලින්ද. ඒත් මට අහිමි කෙනෙක්ගෙන් මං වෙන ගණුදෙනු බලාපොරොත්තු වෙලා වැඩක් නෑ.


"ඒ උනාට.."


"ඒ උනාට නෙවෙයි. ඔය ටික ගන්න. ඔයාට කැමති දෙයක් කරන්න."


"එහෙනම් මං මේ ටික අනාත නිවාසෙට දෙන්නම්. ඔයා මට දාන සල්ලි එහෙට හරවන්න."


"ඔයා තාම මුකුත් දන්නෙ නෑ මින්දි.."


එයා එහෙම කියලා හිනා උනා. මං මොනාද දන්නෙ නැත්තේ හේෂාන්. ඔයා මට හොරෙන් මොනා හරි කරනවද ?


"ඩෙෆ්නි ඕෆනේජ් එක දැන් මගෙ නමට තියෙන්නේ. එයාලගෙ පරණ බිල්ඩින් එක අයින් කරන්නයි ඉන්නේ. ඒ වෙනුවට දැනට එකක් කරගෙන යනවා. අනික හැම මාසෙ ගානෙම එයාලට ලක්ෂ 3 ගානෙ දෙනවා වියදම් වලට."


මගෙ කකුලුත් පණ නෑ වගේ. එයා කොහොමද අනාත නිවාසෙ සල්ලි වලට ගත්තේ. ඒක කලින් අයිතිකාරයා නැති උන නිසා පල්ලියට බාර දුන්නෙ නැද්ද. අනික ඇයි එයා මෙහෙම කරන්නේ ?


"මොකක් 😨 ?"


"මට ඒ land එකේ ඕනර්ගෙ පුතා හම්බුණා. ඒක තිබුණෙ එයාගෙ නමට. මං ඒක ගත්තා. චර්ච් එකටත් මං දේව මෙහෙයන් වල වියදම් සම්පූර්ණයෙන්ම කවර් කරනවා."


හේෂාන්ට සල්ලි වැඩි වෙලාද. ඇයි එයා ඕෆනේජ් එකටයි චර්ච් එකටයි මෙච්චර වියදම් කරන්නේ.


"ඇයි ඔයා මේවා කරන්නේ."


"......"


එයා ලොකු හුස්මක් ගත්තා. මම එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.


"ඒක.. මං විතරක් දැනගත්තම ඇති."


එයා මං එයාට දෙන්න හදපු සල්ලි ටික මගෙ අතටම ගුලි කරලා මගෙ පපුව උඩින් තිබ්බා. මට බෑ රාදිතාගෙන් එකේක කතා අහන්න. මට මේ ටික ඔයාට දෙන්න ඕනි හේෂාන්. කොහොම හරි දෙන්න ඕනි. නැත්තම් මට නිදහසක් නෑ.


"මං වඳින්නම්.. මේක අරගන්න. නැත්තම් මට නිදහසක් නෑ."


"කාගෙන්ද ?"


එයා සැකෙන් වගේ මගෙන් එහෙම ඇහුවා. මෙච්චර වෙලා සන්සුන්ව හිටපු කෙනා මට යක්ෂයෙක් කර ගන්න ඕනි නෑ. රාදිතා ගැන කිව්වොත් මේ දැන්ම ගෙදරට ගිහින් බැනලා එයි එයා.


"හැමදේකින්ම.."


"අහන්න මින්දි.. ඔයාට මාව ආගන්තුකයෙක් වගේද පේන්නේ. මාව කවදාවත්, කොහෙදිවත් දැකලා නැති මනුස්සයෙක් වගේද පේන්නෙ ?"


"නෑ.."


"එහෙනම් ඇයි මගෙ මේ පුංචි තෑග්ග බාර ගන්න බැරි ?"


"මාසෙකට රුපියල් ලක්ෂයක්.. ඔයාට පුංචි තෑග්ගක් වගේද පේන්නෙ හේෂාන් ?"


"ඔයාට ඒ ගාන මදි නම් කියන්න. මට පුළුවන් ලක්ෂ දහයක් උනත් දාන්න."


"පිස්සුද.. මං එහෙම එකක් නෙවෙයි කිව්වේ. ඔයා මේ සල්ලි දාන එක නවත්තන්න කියලයි මම කියන්නේ."


"ඒක මං කරන්නෙ නෑ. ඔයා මට වැන්දත් මං ඒක කරන්නෙ නෑ."


එයා ඒ කාලෙ වගේම මුරණ්ඩුයි. මම කියන කිසි දෙයක් කනකට ගන්නෙ නෑ. මං දැන් කල්පනා කරන්නේ මේ සල්ලි වලට මොනාද කරන්නෙ කියලා. මං එහෙම වියදම් කරන කෙනෙකුත් නෙවෙයි.


"මට.. එහෙම කියලා මේක වියදම් කරන්න හිතෙන්නෙ නෑ."


"ඔයාට ඕනි තරම් ක්‍රම තියනවා ඔය සල්ලි දාලා කරන්න පුළුවන් දේවල්. ඔයා ගෑනු ළමයෙක්. දවසක යාළුවො දෙන්නා එක්ක ගිහින් ශොපින් කරන්න.."


එයා කිසිම බරක් පතලක් නැතුව කියනවා. මට හෙන අවුල් එහෙම කියද්දි. එයාට තේරෙන්නෙ නෑ මට දැනෙන දේ.


"ඔයා අද ඔෆිස් ඇඳන් ආපු ගවුම අයින් කරන්න. ඒකෙන් ඔයාගෙ ඇඟ පේනවා වැඩියි. ඒ වෙනුවට ලස්සන ගවුම් ටිකක් ගන්න."


එයාට සෙහස් ඊයෙ උන දේ කියන්න ඇති. එයා අකමැතියි මගෙ ඇඟ කැපිලා පේන ඒවා අඳිනවට. ඒකයි මට ප්ලෙයාර්ඩ් ගවුම් මහලා දුන්නේ. ඊයෙ එයා මං දිහා බැලුවා. ඒ තරහටත් එක්කම එයා එවෙලේ එහෙම කියන්න ඇති. හේෂාන් ගොඩාක් වෙලාවට එයාගෙ තරහා පිට කරන්නෙ වචන වලින්. අතින් පයින් නෙවෙයි.


"හේෂාන්.."


දෙවියනේ.. රාදිතාගෙ කටහඬ නේද. මං ගැස්සිලා ගියා. එයා මෙවෙලෙ මෙතෙනට ආවොත් අපි දෙන්නා ගැන වැරදියට හිතයි. මට මොනා කරයිද දන්නෙ නෑ.


"බබා ඔයා කොහෙද ?"


"අහ්.."


මං එකපාරටම ඇදිලා ගියේ රතු පාට මල් වැක්කෙරුණු වැල් වලින් වැහුණ මල් ගහක් යටට. ඒ එක්කම මට දැනුණේ හේෂාන්ගෙ ඇඟේ සම්පූර්ණ බර මගෙ ඇඟ උඩට තද වෙනවා කියලා. මගෙ ඇඟත් එක්ක ගැස්සිලා ගියේ ඒ ස්පර්ශය මට අවුරුදු ගාණකින් දැනුණ නිසා.


"හේෂාන්..."


මං එයාට කතා කරන්න යද්දිම එයා මගෙ තොල් දෙකට ඇඟිල්ල තියලා මාව නැවැත්තුවා. ගෙදර, ගාඩ්න් එක වටේම දුව දුවා රාදිතා හේෂාන්ට කතා කර කර හොයනවා. ඒත් එයා..


මගෙ ඉනෙන් ඒ අත් යවලා මාව ඒ පපුවට තද කරන් මගෙ දෙතොල් වලට ලං වෙලා..


පපුවට වඩා වේගයෙන් මගෙ ඇඟත් එක්කම ගැහෙන්න ගත්තා. ඇයි කියලා මටම තේරෙන්නෙ නෑ. මං අවුරුදු ගාණක් එයාට ලං වෙලා මෙහෙම හිටියෙ නැද්ද. ඒත් ඇයි මට දැන් අපහසුවක් දැනෙන්නේ. එයා මට මෙච්චර ලං වෙද්දි ඇයි මං බය වෙලා ඉන්නේ.


ටික වෙලාවක් යද්දි රාදිතාගෙ කටහඬ ස්කෝර්පියන් ගාඩ්න් එකේ ඇතුලෙන් ඇහෙන්න ගත්තා. මගෙ දෙතොල් නිකම්ම වෙවුලන්න ගත්තා. රාදිතා පොඩ්ඩක් හරි දැක්කොත්, හේෂාන් එක්ක මං මෙහෙම ඉන්නවා කියලා මාව පහුවෙනිදට මරලා දාලා තියෙයි. ඒ තරම්ම ගින්නකින් ඉන්න කෙල්ලෙක් එයා. ඒත් හේෂාන් කිසිම ගාණක් නැතුව මගෙ කම්මුල් වලට හේත්තු උනා.


එකපාරටම මගෙ ඇඟ තවත් ඒ ඇඟට තද උනේ හේෂාන් නිකන්ම මගෙ තොල් වලට ලං වෙද්දි. මං එයාව පස්සට කරන්න හැදුවට මට ඒක කරන්න බෑ. අපි පොඩ්ඩක් හරි හෙල්ලුනොත් මේ මල් ගහත් හෙල්ලෙනවා.


එකපාරටම මුලදි අහද්දි කිස් කරනවා කියලා මම ඒ වචනෙට බය උනා ගොඩාක්. හැබැයි එයා මාව කිස් කරාට පස්සෙ මට ඒක නිකන්ම දෙයක් උනා. අපි පොඩි වයසක ආදරවන්තයො නෙවෙයි. ඒ වෙද්දි මට විස්සක්, එයාට විසි තුනක්. අපි Feelings වලින් අනිත් අයට වඩා ටිකක් Advanced. එයා ලොකු ෆැමිලි එකක නිසා ඒ ගැන කිසිම ගාණක් තිබුණෙ නෑ.


ඒත් හේෂාන් දැන් අපි වෙනස්. මට වයස 29 ක්, ඔයාට වයස 32 ක්. අනික අපි වෙන් උනා ආයෙ එකතු වෙන්නෙ නෑ කියලා. එහෙම එකේ ඇයි ඔයා මෙහෙම ඉස්සර වගේම පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නෙ ?


මගෙ මනස මං එක්කම කතා කරද්දි එයාගෙ දෙතොල් වලින් මගේ දෙතොල් ආක්‍රමණය කරලා ඉවරයි. මම ඒ කොණ්ඩ ගස් අතරට මගෙ ඇඟිලි තුඩු යැව්වා. ඇත්තටම මට තේරෙන්නෙත් නෑ ඇයි මම එයාට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒත් මං එයාට මාව ඇති වෙනකම් සිප ගන්න ඉඩ දීලා බලන් හිටියා.


මට නොදැනීම ඒ දෙතොල් මගෙ මූණ දිගේ සක්මන් කරනවා. එයාගෙ කම්මුල් පුරාම වැහුණ රැවුල් කොට මගෙ මූණ පුරාම කිති කැවුණා. රාදිතාගෙ කටහඬ ටිකෙන් ටික ගේ පැත්තට යද්දියි මං ඇස් දෙක ඇරියේ. ඒ වෙද්දි මගෙ මුළු ඇඟම ගිනි අරන් වගේ රත් වෙලා ඉවරයි.


"ඉනෆ් හේෂාන්."


මං හේෂාන්ව තල්ලු කරලා ගහ අස්සෙන් එළියට ආවා. ඒ වෙද්දි මගෙ ඇඟ රතු වෙලා ඉවරයි. මට තේරෙන්නෙ නෑ ඇයි මං සද්ද නොකර හිටියෙ කියලා. ඒත් මං හේෂාන්ට මාව කිස් කරන්න ඉඩ දීලා බලන් හිටපු එක වැරදියි. එයා වෙන ගෑනු ළමයෙක් මැරි කරන්නයි ඉන්නේ. එහෙම එකේ මං අවස්ථාවාදී කෙල්ලෙක් වගේ... ශිට්... මට මං ගැනම ලැජ්ජයි දැන්.


"Mindi.. Im sorry. I lost my control."

(මින්දි.. ඇත්තටම සොරි. මගෙ කන්ට්‍රෝල් එක නැති උනා)


එයා මං ගාවට ඇවිත් එහෙම කියද්දි මාත් එක එල්ලෙම බිම බලා ගත්තා. එයාගෙ ඇස් දෙකත් බිමට යොමු වෙලා තිබුනේ. අවුරුදු ගාණකට කලින් මේ හැම දෙයක්ම සුළුවට දැකපු අපි අද ගොඩාක් කලබල වෙලා..


"ඒකට කමක් නෑ.. මං දැන් යන්නම්."


"සල්ලි මං වෙනුවෙන් තියා ගන්න. ඔයාට ඕනි තරම් වියදම් කරන්න."


"හ්ම්.. තැන්කියු හේෂාන්."


මං එහෙම කියලා එතනින් යන්නයි ගියේ. ඒත් ආයෙමත් එයාගේ හඬ අවදි උනේ මං ආපස්සට හැරෙද්දි.


"අපි අතර එහෙම දෙයක් උනේ නෑ කියලා අමතක කරන්න."


එයා කියන්නෙ එයා මාව තද කරන්, කිස් කරපු එක අමතක කරන්න කියලද. ඔයාගෙ හිත රබර්ද හේෂාන්. මගෙ ඇස් නිකන්ම ලොකු උනේ එයා සැහැල්ලුවට හිනා වෙලා එහෙම කියද්දි. ඒත් මාව ගිනි ගන්නවා වගේ.


"හ්ම්.."


ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකෙන් එළියට යන්න මං තියන තියන අඩියක් පාසාම මට ජීවිත කාලෙටම අද හේෂාන් කරපු දේ මතක තියෙයි. එයා කිව්වට ඒක අමතක කරන්න කියලා මට ඒක කරන්න බෑ. මොකද මේක නිකන් අවුරුදු ගාණකට කලින් කරපු සක්සස්ෆුල් බිස්නස් එකක් එක කාලෙකදි කඩන් වැටිලා ආයෙමත් සක්සස් වීගෙන ආවා වගේ. හැබැයි මං ඒ බිස්නස් එකට තවත් ඉහලට යන්න දෙන්නෙ නෑ. ඒක මං විනාශ කරනවා. නැත්තම් මම කරන දේ ලොකු වැරැද්දක් වෙයි.


මම ගේ ඇතුලට යද්දිම හේෂානුත් මගෙ පිටි පස්සෙන් ආවා. රාදිතා සාලෙ ඉඳන් දුවන් එනවා එයාව දැකලා. උරහිස් වැටුණ දිග අත් තියන සූරියකාන්ත මල් වැටුණ කොට ටයිට් සුදු ගවුමට සුදු පාට අඩියක් සයිස් හීල්ස් දෙකක් දාන් එන රාදිතා සුරංගනාවියක් වගේ..


"හේෂාන්.. ඔයා කොහෙද හිටියේ. තේෂාන් කිව්වා මට ඔයා ස්කෝර්පියන් ගාඩ්න් එකේ ඉන්නවා කියලා. ඒත් මං බැලුවා ඔයා හිටියෙ නෑ."


තේෂාන් මට පඩිපෙළ උඩ ඉඳන් එන්න කිව්වා. එයත් අම්මා බලන්න යනවා ඇත්තේ. ඉතින් මං අර දෙන්නා දිහා නොබලා එයා එක්ක ඉක්මනින් අම්මා ඉන්න රූම් එකට ගියා.


අම්මට සේලයින් එකක් ගහලා. ඒ තරම්ම එයාට අමාරුද. තාත්තා ළඟ ඉඳන් මොකක්දෝ වැඩක්. මං ගිහින් අම්මගෙ ඔළුව අත ගාද්දි එයා ඇස් ඇරලා බලලා මගෙ අත අල්ලගත්තා.


"දෝණි කොයි වෙලේද ආවේ ?"


"මං දැන් ටිකකට කලින් ආවෙ අම්මේ. හේෂාන්ව හම්බවෙන්න තිබුණා, ඔෆිස් එකේ වැඩකට."


"හ්ම්.. මට දෝණිව හම්බවෙන්න උවමනාවක් තිබුණා.. අහ්.."


අම්මට කැස්ස අල්ලනවා. එයා හරියට කන්නෙ නැතුව ඇති සමහරවිට. ඇඟත් හිටියට වඩා කෙට්ටු වෙලා.


"අමාරුවේ කතා කරන්න එපා කියලා මං කියලා තියනවා නේද ?"


තාත්තට තරහා ගිහින්ද කොහෙද අම්මට වතුර ටිකක් පෙව්වා බැන බැනම. ඒත් අම්මට මොකක්ද ඔය තරම් උවමනාව මාව හම්බවෙන්න.


"දෝණී.."


"අම්මේ ?"


"මගෙ චූටි පුතාව පරිස්සමින් බලාගන්නවා නේද. මට පොරොන්දු වෙන්න."


දැන් නම් තේෂාන්ටයි, තාත්තටයි උපරිමේටම යකා නැඟලා ඉන්නේ. අම්මා මොනාද මේ කියවන්නෙ. පොරොන්දු ඉල්ල ඉල්ලා.


"නුවන්තී.. ඔයාගෙ මොලේ නරක් වීගෙන එනවද. මොනාද මේ කිය වන්නේ ?"


"ඔව් තාත්තේ. අම්මා ඕක ඊයෙ රාදිතා අක්කටත් කිව්වා."


"මම විහිළු නෙවෙයි කරන්නේ.. මට පොරොන්දු වෙන්න.. රාදිතා දුවත් මට පොරොන්දු උනා."


තේෂානුයි තාත්තයි අම්මා කියන දේ අහන්නෙ නැති නිසා රවද්දි මං අම්මගෙ ඔළුව අත ගාලා ප්‍රොමිස් උනා. එයා මෙහෙම කියන්න ලොකු හේතුවක් තියනවා.


"මං පොරොන්දු වෙන්නම් අම්මේ. මං තේෂාන්ව හොඳට බලාගන්නම්."


බොරු කිව්වත් අම්මගෙ හිත සනසන්න මට ඕනි උනා. එයාට ගොඩාක් අමාරු නිසාද මෙහෙම කතා කරන්නේ. හරියට නිකන් අද හෙට මැරෙනවා වගේ.


"මහත්තයා.. මං නැති උනොත් එහෙම....."


"මට කියලා හොඳවයින් අහගන්න එපා නුවන්ති 😑."


තාත්තට තරහා ගිහින් ආයෙමත් අම්මට බැන්නා. කරන්න දෙයක් නෑ අම්මා නවත්තන්නෙ නැත්නම්.


"පොඩ්ඩක් ඉන්නවකො කියනකම්."


මට හිනත් එක්ක ඒ දෙන්නගෙ වලියට. හේෂානුත් එහෙමයි ඉස්සර. මං මොකක් හරි කියන්න යද්දි එයා ඉස්සර වෙලා මට බනිනවා. හරිනෙ ඉතින්. ශෂීන්ද්‍ර යුවසිංහගෙ ලොකු පුතාට ඒ ගතිගුණ එන්න එපැයි.


"මං නැති උනොත් එහෙම ලොකූගෙ මැරේජ් එක කරලා මාස දෙකකට පස්සෙ චූටිගෙ මැරේජ් එක කරන්න. රාදිතා දුව ආස නැතිවෙයි කැන්ඩියන් විදිහට ගන්න. ඒත් දෝණි එහෙම ගන්න. මොකද දෝණිට එහෙම ලස්සනට තියේවි.."


"අම්මේ ප්ලීස් ඕක නවත්තන්න."


තේෂාන් තවමත් බනිනවා..


"මං ඒක කරන්නම් අම්මේ."


මං එහෙම කියද්දි අම්මා හිනා උනා. එයාගෙ සතුට ඒක නම් ඒක ඒ විදිහට වෙයි. හේෂාන් ආසයි මං කැන්ඩියන් විදිහට ඇඳලා ඉන්නවා බලන්න. ඒත් මේ ආත්මෙට ඒක මට හීනයක් වේවි සදහටම.


"දෝණිට මං තේ එකක් හදන් ඉන්නද ?"


"එපා තාත්තේ. මට ඉක්මනින් ගෙදර යන්න ඕනි. ගෙදර අතුගාන්නයි, උයන්නයි තියේ."


"මෙහෙන් කාලා යමු."


"අනේ බෑ. පූසත් ගෙදර තනියම. මං එනකම් ඉන්නේ එයා කන්න බලන්."


"මං ඔයාව Drop කරන්නද ?"


තේෂාන් එහෙම ඇහුවා..


"නෑ මං මාමා එක්ක ආවේ."


අම්මාට මං ගෙනාපු පේර ටිකයි, ගස්ලබු ගෙඩියයි, ඇඹුල්තියල් මාළුවයි දුන්නා. එයා මං ගේන ඒවා ආසාවෙන් කනවා ඇති නේද. නැත්තම් විසික් කරනවද දන්නෙ නෑ.


"මං යන්නම් අම්මේ. ආයෙ එන්නම්කො බලන්න. කාලා බීලා ආයෙ ලෙඩ නොවී පරිස්සමින් ඉන්න ඕනි. හොඳද.."


"පරිස්සමින් යන්න දෝණි."


මං රූම් එකෙන් ආවෙ තේෂාන්ටත් ඔළුව වනලා. එයා දැන් ටිකකට කලින්ද කොහෙද හොස්පිටල් එකේ ඉඳන් ඇවිත් තියෙන්නේ. ආයෙ හදිස්සියක් උනාම යනවා ඇති.


මං යද්දිම රාදිතාත් මට කින්ඩියට වගේ හිනා වෙලා උඩට නැග්ගා. හේෂාන් තනියම සාලෙ හිටන් ඉන්නවා උඩට යනවාද නැද්ද කියලා. මට ඒ මූණ දිහා බලන්නත් ලැජ්ජයි අද උන දේට. ඒත් එකපාරටම මගෙ ඇස් එයා දිහාවට හැරුණා. එයාගෙ ගෙදර ඉඳන් මට එයා දිහා නොබලා යන්න බෑනේ. ඉතින් මං ඔළුව උස්සලා එයාට යන්නම් කියලා කියන්න හැදුවේ. එතකොටයි මං දැක්කෙ එයාගෙ තොල් දිහා.


එයාගෙ දෙතොල් තද රෝස පාට වගේ වෙලා. ටික වෙලාවක් යද්දි තමා මෝඩ මගෙ මොලේට තේරුණේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මං ගාගෙන ඉන්නෙත් තද රෝස, එයාගෙ තොල් වල ගෑවිලා තියෙන්නෙත් තද රෝස. දෙවියනේ රාදිතා දැක්කනම් එහෙම අපි දෙන්නම මරලා උඩ එල්ලයි.


"මේ.. ඔයාගෙ.."


එහෙම කියලා මං එයාට එයාගෙ දෙතොල් පෙන්නුවා. එයා ටික වෙලාවක් කල්පනා කරා මං කියන්නෙ මොකක්ද කියලා. ඒත් තේරුණේ නැතුවද කොහෙද ඒ ඇඟිලි වලින් දෙතොල් පිහ දැම්මා. එතකොට තමයි එයා දැක්කේ අතේ තියන ලිප්ස්ටික් පාර. හේෂාන් ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙලා ගියා.


"මං යන්නම්."


මං ඔළුවත් නමලා කටත් තද කරගෙනම එතනින් දුවලා ආවේ කාර් එකට නගින්න. කාර් එකට නැග්ග ගමන්ම මට හිනා ගියා. එයාගෙ රියැක්ශන් එක මතක් වෙලා.


........................................................ 🖤 ...


My Telegram Channel OR My Whatsapp Channel


සමහර සුවඳ ලිප්ස්ටික් තියනවා නේද. ස්ට්‍රෝබෙරි, ජෙලි, ටොපි, චොකලට් සුවඳ වගේ ඒවා. ආන්න ඒවා හදන්නේ පිරිමි ළමයිව දෙතොල් වලට ආකර්ෂණය කර ගන්නලු. මින්දිත් එහෙම එකක් ගාන් හිටියද දන්නෑ 🤭💋


ඉදිරියේදි තව බෝනස් දෙනවා දෙන්නට 😌


Sachy Collins

Report Page