Spring is far away - 18

Spring is far away - 18

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 18 | The scorpion grass garden


Previous


"ආයෙ මෙහෙම දෙයක් උනොත් මං තමුසෙලා කපලා පාර්සල් කරලා යවන්නේ !!"


එයාගෙ කටහඬ දෝංකාර දුන්නා. ඒ එක්කම මට ඇහුණේ අර තුන් දෙනා එළියට දුවන සද්දෙ. මං කවුරු එක්කද ඉන්නේ, ඒ මිනිස්සු තුන් දෙනා ගහපු පාරින්ම බයේ දුවන්න තරම් ?


"ඔයා හොඳින් නේද මින්දි ?"


හුරුපුරුදු කටහඬත් එක්ක මං ඔළුව උස්සලා බැලුවා. මගෙ තර්කය හරි. ඒ මං බලාපොරොත්තු උන කෙනා. ඒ වෙන කවුරුත් නෙවෙයි #සෙහස්


"සෙහස්.. ඔයා.."


මං ඒ පපුව උඩින් අයින් වෙලා මගෙ ඇඳුම හදා ගත්තා. සෙහස් තේනුජ ජයසේකර. එදා පෙනුමට වඩා අද එයා වෙනස්. හේෂාන්ට වඩා චුට්ටක් පාටින් අඩු රැවුල ගානට කපපු දිග ඇහිපිය තියන ලස්සන කෙනෙක්. මට මතකයි මට ඉස්සෙල්ලාම සෙහස්ව හම්බුණ විදිහ..


°•°•°•° (අතීතයට)


යුනිවර්සිටි එකේ ආර්ට් කම්පිටිශන් එකක් තියන නිසා මං ඒකට පැක්ට්‍රිස් වෙන්න ලෙක්චෙර්ස් ඉවර වෙලා හිටියේ. හවස පහ මාරයි එළියට එද්දි. මං හිතුවා මාව ගෙනියන්න හේෂාන් ඇවිත් ඇති කියලා. ඉස්සර එයා තමා මාව කැම්පස් දාන්නෙත් එක්කන් එන්නෙත්. ඒත් අද එයා පරක්කුයි. ෆෝන් එක ඔන් කරලා බලද්දි තමයි දැක්කේ මං එයාගෙ මැසේජ් එක,


❝ මින්දි.. අනේ සොරි මං එන්න ටිකක් පරක්කු වෙයි. හදිස්සි වැඩක්. අහන්නකෝ ඔයා එතකන් යාළුවා එක්ක පොඩ්ඩක් ඉන්නවද. මං එයාවත් ඩ්‍රොප් කරන්නම් කියන්න ❞


එයා කියද්දි නිම්යංජලී ගිහින් ඉවරයි. මං ලෙක්චෙර්ස් වලට නිම්යංජලී එක්කනේ ඉන්නේ. එයා හවස බස් එකේ යන්නෙ. දැන් ඉතින් මට ගේට්ටුව ගාවට වෙලා ඔහේ බලන් ඉන්න වෙනවා.


විනාඩි පහක් විතර හිටන් ඉද්දි මට එහා පැත්තෙන් කොල්ලො තුන් දෙනෙක් හිට ගත්තා. මං ඇස් කොනින් බැලුවම ඒ හිටියේ සෙහසුයි එයාගෙ යාළුවො දෙන්නයි. මමයි සෙහසුයි එකම වයස නෙවේ. මං ෆ්‍රස්ට් ඉයර්, එයා තර්ඩ් ඉයර්. මට දැන් තේරෙනවා එයා එන්න හදන පොට.


"ඒ බන්.. අහපන්කො දැන් වත්."


"ඔව් බන්.. අපිට ඇති වෙලා තියෙන්නෙ මේක දැන් 😑."


යාලුවො දෙන්නා එයාව තල්ලු කරාම එයා විසි උනේ මං ලඟට. මං ටිකක් ඈතට උනා එයා ලඟට ආපු නිසා. හැබැයි හේෂාන් දැක්කොත් මෙයා මං ගාව මෙහෙම ඉන්නවා කියලා.....


"මේ.. මින්දි.."


"ඇයි ?"


බැඳන් හිටපු අත් දෙකත් පහතට දාලා මං රවලා ඇහුවා. සෙහස්ට හිනා ගියා මම යකෙක් වගේ බලන් ඉද්දි.


"මේ මොකද මේ. මං මුකුත් කලේ නෑනෙ 😌."


"ඇයි.. මොකක්ද මගෙන් වෙන්න ඕනි ?"


එයා යාළුවන්ට ඇහැක් ගහලා මගෙ ඉස්සරහට ආවා. මං බය උනා ටිකක්. ඒ මදිවට ඉස්සරහා කළු කාර් එකකුත් නැවැත්තුවා. මෙයා නිසා මට මුකුත් පේන්නෙ නෑනෙ ඉතින්.


"අහන්නකො මින්දි.. මං මේක ඔයාට මාස ගාණක ඉඳන් කියන්න හිටියේ.. මං ඔයාට කැමතියි."


මගෙ ඔළුව රත් උනා. මොනාද මේ පිස්සා කියවන්නේ. හේෂාන්ට ඇහුණා නම් එහෙම....


"මොකක්ද කිව්වෙ ?"


දෙවියනේ හේෂාන්ගෙ කටහඬ. මට කකුල් පවා පණ නැතුව ගියා. කොහෙන්ද මෙයා මෙතෙන කියලා මම හැරි හැරි බලද්දි හේෂාන් කාර් එකේ ඉඳලා මං ගාවට ආවා. ඒ එක්කම එයාගෙ චූටි ඇස් යොමු උනේ සෙහස්ට.


"මොකක්ද ඔයා කිව්වෙ ?"


හේෂාන් මාව ඇදලා ගත්තු පාර මාව නැවතුනේ ඒ පපුව උඩ. සෙහස්ට පේන්න එයා මගෙ ඉනෙන් අල්ල ගත්තේ නළලට කිස් එකකුත් දෙන ගමන්. අපි අපේ එෆෙයා එක අහුවෙන නිසා හැමෝම ඉස්සරහා යාළුවො වගේ හිටියේ. ඒත් එයා මාව තුරුලු කරන් කිස් කරපු හැටි සිකියුරිටි රූම් එකේ හිටපු කොල්ලත් බලන් හිටියා, ඇස් දෙක ජිල් බෝල වගේ හදාන.


"මේ ඉන්නෙ මගෙ ලවර්.. අපි මේකෙන් පස්සෙ මැරි කරනවා."


මගෙ අතුත් නොදැනීම හේෂාන්ට ඇඟ වටේ එතිලා. සෙහස් ගල් ගිලලා වගේ බලන් හිටියා. එයාගෙ යාළුවෝ දෙන්නා හේෂාන් දැකලා එතනින් පැනගෙන ඒ වෙනකොටත්.


°•°•°•° (වර්තමානයට)


"කැම්පස් අවුට් උනාට පස්සෙ දැක්කාමද කොහෙද. කොහොමද ඉතින් ඔයාට ?"


"මං හොඳින් සෙහස්.. ඔයාට ගොඩාක් තැන්කියු මාව බේරගත්තට."


"ඒකට කමක් නෑ. මට කලිනුත් කම්ප්ලේන් එකක් ඇවිල්ලා තිබුණේ ඔය තුන් දෙනා ගැන. මෙතන ඉන්න ගෑනු ළමයෙක්ට කරදර කරලා කියලා. ඒ නිසා මම හොයලා බලනවා."


"ඔයා මෙතනද වැඩ ?"


"ඔව්.. මේ මගෙ බිස්නස් එක."


එහෙනම් ඒක තමයි අර තුන් දෙනා දිව්වේ. සෙහස් පටන් ගත්තු බිස්නස් එකද මේ. ඩේලි කැෆේ කියන කැෆේ එක හැම තැනම වගේ තියනවා මං දැකලා තියනවා. ඇත්තටම කටින් ස්තූති කරලා මදි මං එයාට. වෙන්න ගියපු දේකින් එයා මාව බේර ගත්තා.


"අපි එළියට යමු."


එයා එතනින් එළියට ආවා. මාත් පස්සෙන් ගියා. අවුරුදු ගාණකට කලින් හිටපු සෙල්ලක්කාර කොල්ලා අද වෙනස් වෙලා. හේෂාන් වගේම වෙනස් වෙලා සෙහසුත්.


"මින්දි මොකද දැන් කරන්නේ ?"


"අහ්.. මං යුවසිංහ ගෲප් එකේ වැඩ."


"ආහ්.. කෝ ඔයාගෙ හේෂාන් ?"


එයා එහෙම අහද්දි මගෙ කට නිකන්ම වැහිලා කඳුළු ගොන්නක් පිරුණා. හැමෝම අහන ප්‍රශ්නේ. මගෙන් වෙන් වෙලා ගියපු එයා..


❝ හේෂාන් කොහෙද. එයා හොඳින්ද ❞


❝ කෝ ඔයාගෙ හේෂාන් ❞


මගෙන් හැමෝම අහන එකම ප්‍රශ්නේ. එයාලා හොදටම දන්නවා දැන් හේෂාන් යුවසිංහ මැරි කරන්න ඉන්නේ රාදිතා ෆර්නැන්ඩස් කියලා.


"එ..එයා හොඳින්."


"ඕහ්.. එහෙනම් කමක් නෑ. එයා රාදිතාව මැරි කරනවා කිව්වා නේද. මං දැක්කා Youtube එකේ දාලා තියනවා."


"ඔව්.."


"හ්ම්.. මං හිතුවා මින්දි දැන් මැරි කරලා බබෙකුත් ඇති කියලා."


"නෑ.. මං තාම මැරි කලේ නෑ."


"දැන් ලවර් කෙනෙක් නැද්ද ?"


"මං හේෂාන්ගෙ මල්ලි, තේෂාන් යුවසිංහ මැරි කරන්න ඉන්නේ."


"ආ 😨 ?"


සෙහස් උඩ ගියා වගේ. ඒක අහන හැමෝම උඩ යනවා ඉතින්. හේෂාන් එක්ක හිටපු මං එකපාරටම එයාගෙ මල්ලි ගාවට ගියා කිව්වම. ඒත් ඒක මං හිතකින් නෙවෙයි කරේ.


"ඒකත් හොඳයි.."


එයා ඔළුව වැනුවා. මාත් ඉතින් අමාරුවෙන් හරි හිනා උනා. ඒත් මම හිතන්නේ එයාට තේරුණා මගෙ කටහඬ අවුල් කියලා.


"උගුරට මොකක් හරි වෙලාද ?"


"ඔව්.. උගුර තුවාල වෙලා.. කතා කරන්න අමාරුයි."


"එහෙනම් කතා කරන්න එපා."


ගත්තු ඒවා ටිකත් දිය වෙනවා. මට යන්නත් බෑ එකපාරටම. කොහොම හරි සෙහස්ට කියලා මෙතනින් යන්න ඕනි. නැත්තම් අර කට්ටිය මාව හොයයි.


"මේ.."


දෙවියනේ.. හේෂාන් කොහෙද මෙහෙ. එයා මටයි සෙහස්ටයි ඉස්සරහින් එනවා. මං ඉක්මනින් අහකට උනා. මෙච්චර වෙලා නොහිටපු කෙනා කොහොමද අපි ඉස්සරහා ඉන්නේ ?


එයා අපි දෙන්නා ගාවට ආවා. සෙහස්ටත් පුදුමයි එයා මෙතන ඉන්නවා කියන එක.


"හේෂාන්.. දැක්ක කල් ඔයාව."


ඒ දෙන්නා කතාව කරන් ගියා. මං ඉතින් දෙන්නම දිහා බලලා හිනා උනා.


"කොහෙද මෙහෙ ?"


"ආහ්.. මේ මගෙ බිස්නස් එකනේ. පොඩ්ඩක් බලන්න ආවා."


"එහෙමද ?"


හේෂාන්ගෙ ඇස් දෙක මට යොමු උනා. ඒ බැල්ම දිහා මට බලන් ඉන්න අමාරුයි. ඒ නිසාම මං බිම බලා ගත්තා.


"මේ ඉන්නෙ ඔයාගෙ ලවර්ද ?"


හේෂාන් මාව පෙන්නලා සෙහස්ගෙන් අහද්දි මගෙ ඇස් වල කඳුළු පිරෙන්න තත්පරයක් ගියේ නෑ. ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ හේෂාන්. ඔයා මට ආදරෙයි නම් ඔහොම මගෙ හිත රිදන්නෙ නෑ. ඔයා හිතන් ඉන්නෙ මං හතර වටේ යන කෙල්ලෙක් කියලද ?


"නෑ නෑ. අපි හම්බුණේත් දැන්."


"හ්ම්."


මගෙ පපුව පිහියකින් හාරනවා වගේ දැනුණා. ඒ තරම්ම දුකක් මට දැනුණා. හේෂාන්. ඔයා දන්නවද ඔයාගෙ වචන මගෙ හිත ගොඩාක් පාරනවා කියලා. ඔයා මට ගරු කරනවා කියලා ඔහොම කතා කියනවද ?


"මං යන්නම්. අපි පස්සෙ හම්බවෙමු සෙහස්."


"හරි.. පරිස්සමින් ඉන්න මින්දි."


මං එතනින් යන්න ගියා. නිකමට මං හැරිලා බලද්දි හේෂාන් මං දිහා බලන් ඉන්නවා දැක්කා. ඒත් එයා මාව එවෙලෙ රිද්දුවේ මොන හිතකින්ද. ඒක එයාගෙ කටින් වැරදිලා පිටවුණ වචනයක්ද, හිතලා කිව්ව එකක්ද ?


මං අද හවස ගිහින් හේෂාන්ට දෙනවා එයා මට දුන්න සල්ලි සේරම. එහෙම උනාම මාත් නිදහස්. ඇස් වලින් බේරෙන කඳුළුත් පිහදගෙන මං පාර පැන්නේ කට්ටියට මේ ටික ගිහින් දෙන්න. ඔෆිස් එකේ ඉන්න හිතෙන්නෙත් නෑ. ඉතින් මං අරුෂිට කියලා කලින් යන්න ඕනි නිසා මගෙ රූම් එකට ආවා. බලද්දි මගෙ මේසෙ උඩ පොඩි ස්ටිකි නෝට් එකක්.


❝ මට සමාවෙන්න මින්දි. මට එවෙලෙ තරහා ගියා. ඔයා එයා එක්ක ඉන්නවා දකිද්දි ❞


එයා මේ ටිකට මේක තියලා ගියේ කොහොමද. මට අවුල් ගියා කියලා හේෂාන් දකින්න ඇති. ඒ නිසා මෙහෙම ලියන්න ඇති. මං දන්නවා ඔයා මාව හිතලා රිද්දන්නෙ නෑ කියලා. ඒ ස්ටිකි නෝට් එකත් ග්ලාස් එකේ අලවලා මං එතන යටින් ලිව්වා 'Its okay' කියලා..


........


හවස බෑන්ක් එකට ගිහින් ඒ සල්ලි සේරම එක චෙක් එකකට අරන් මං සයින් කරා. දැන් ඒ සල්ලි ටික එයාටම ලැබෙයි. පූසාටත් කන්න දීලා මං නිදා ගත්තා. කොච්චර වෙලා නිදිද මතක නෑ මං ඇහැරිලා බලද්දි හවස් වෙලා හොඳටම.


බැලින්නම් පහයි වෙලාව. මං ඉක්මනින් ලෑස්ති වෙලා ගවුමක් අරගෙන ඇඳ ගත්තා. හේෂාන්ට ඒක දීලා එන ගමන් අම්මවත් බලලා එනවා. කොණ්ඩෙ පීරලා කඩාගෙන, පොඩ්ඩක් කටේ ලිප්ස්ටික් චුට්ටක් ගාගෙන මාමටත් කෝල් කරලා මං එළියට වෙලා හිටියා.


"මං එනකම් පරිස්සමින් ඉන්න බ්ලින්කි.. වටේ ගෙවල් වලට යන්න එපා."


මං බ්ලින්කිගෙ ඔළුව අතගාද්දි එයා මගෙ කකුල් දෙකේ දැවටුණා. හරි අකමැතියි එයා මං ගමනක් යනවට. ඇයි ඉතින් තනියමනේ. ඒ උනාට වටේ ගෙවල් වලට ගිහින් ගුටි කාලා ආවොත් මටමයි වදේ. මෙහෙ මිනිස්සු හරි අකමැතියි සත්තුන්ට.


ටික වෙලාවක් යද්දි මාමත් ආවා. මං එයා එක්ක ගියේ යුවසිංහ බංගලාවට. ඒකත් නිකන් හොටෙල් එකක් වගේ තමයි. වටේ වවලා තියන මල් ගස් වල මල් පිරිලා.. අහ්.. ඒවයින් මට වැඩක් නෑනෙ. ඉතින් මං ගෙදර ඉස්තෝප්පුවෙන් හිට ගත්තා. එකපාරටම ගේ ඇතුලට යන්න බෑනේ.


"මින්දි.."


තේෂාන්ගෙ කටහඬ ඇහෙද්දි මං හැරිලා බැලුවා. එයා බල්ලවත් වඩාගෙන එනවා. සයිස් එකටද බල්ලගෙ හුරතලේ. ලැබ්‍රඩෝ රිට්‍රයිවර් කෙනා නාවලා උස්සන් එනවා. තේෂානුත් නාලා වගේ ටී ශර්ට් එක තෙමිලා අම්බානෙට.


"මෙයාව නාවන්න උනානෙ අද මට."


"හේෂාන් නෙවෙයිද බලාගන්නේ ?"


"අයියා තමා බලන්නේ. ඒ උනාට එයා මට පනිශ්මන්ට් හැටියට බල්ලව නාවන්න දෙනවා. මාත් නාගෙන එන්නෙ ඉතින් 😑."


පව් එයාගෙගෙ කොණ්ඩෙ විතරයි තෙමිලා නැත්තේ. ඒත් මෙහෙම පනිශ්මන්ට් දෙන්න මල්ලි මොකක්ද අයියට කරපු වැරැද්ද ?


"මොකටද පනිශ්මන්ට් එක ?"


"එයාට පොඩි ජෝක් එකක් කරා කියලා."


"අහ්.. කෝ දැන් අයියා ?"


"එහාපැත්තෙ ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේ ඉන්නවා."


ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න්.. මං ඇහුවා මයි එහෙම ගාඩ්න් එකක් ගැන. එහෙම මලක් වත් ගහක් වත් දැකලා නෑ මං. මෙහෙ ආවට ඉතින් මං වටේ බලන එකක් යෑ. ඇතුලටම යනවා මිසක්.


"හ්ම්.. මට හේෂාන්ව හම්බවෙන්න ඕනි.. එයාව හම්බවෙලා එන්නද අම්මව බලන්න."


"ආහ්... හ්ම්.."


එයා මං ගැන මොනවා හිතයිද දන්නෙ නෑ අයියා බලන්න ගියා කියලා. ඒත් ඉතින් මට මේ සල්ලි ටික දෙන්න ඕනි. ඒ නිසාම මං එයාටත් ඔලුව වනලා එතනින් ගියේ ගෙදර එහාපැත්තෙ තියන ඔය කියන ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකට..


සුදු පාට වැටකින් වට කරපු මල් පිරුණු කොටසක්. රෝස පාට, රතු පාට, දම් පාට බෝගන්විලා මල් වලින් වැහිලා නිසා මට මුකුත් පෙනුනෙ නෑ. තිබ්බ ගේට්ටුවෙන් මං ඇතුලට ගියා. ස්කෝර්පියන් ග්‍රාස් කියන ඒවා වෙන්න ඇති මේ බිම පිරිලා තියෙන්නේ. ලස්සන නිල් පාට චූටි චූටි මල්. දැක්කම මට ආස හිතුණා. ඒ තරම්ම ලස්සනයි එතන..


/𝙎𝙘𝙤𝙧𝙥𝙞𝙤𝙣 𝙜𝙧𝙖𝙨𝙨 𝙛𝙡𝙤𝙬𝙚𝙧 :- නිල් පැහැ පෙති පහක මලකි. මෙහි කහ පැහැ මධ්‍යයේ වටේට සුදු පැහැ තීරයක් ඇත. පොකුරු ලෙස සෑදේ.


මල් පොකුරු වගේම මගෙ ගවුමත් එකම පාට. ලා නිල් පාට අත් පටි ගවුම මං අද ඇඳන් ගියේ. ඒක හේෂාන් ආසම ගවුමක්. ඒත් දැන් ඒ ගවුමේ කිසිම වටිනාකමක් නෑ මම ඇන්දත්.


ගාඩ්න් එකේ මැද සුදු පාට මේසෙ වට උන පුටු හතරෙන් එකක හේෂාන් ඉඳන් ඉන්නවා. එයා කෝල් එකක වගේ. ලැප් එකත් දිග ඇරගෙන වැඩම තමයි. එයා ඉස්සරත් එහෙමයි. එයා ආසම බිස්නස් වැඩ කරන්න. පැය විසිහතරෙම.


ඒත් මට මහා ලොකු දුකක් දැනෙනවා එයා ගැන. ඉස්සර හිටපු එයා අද වෙද්දි ගොඩාක් වෙනස් වෙලා. මූණ පුරාම රැවුලත් වවාගෙන. ඒ මදිවට ඇඟත් කෙට්ටු වෙලා. හරියට නිකන් ඇදිලා ගිහින් වගේ. මොකක් හරි ලෙඩක් වත්ද මෙහෙම උනේ.


"ඒ කියන්නෙ බය වෙන්න දෙයක් නෑ කියලද ?"


"ඔව්.. කිසිම විදිහකට බය වෙන්න එපා. අපි Treatments පටන් අර ගත්තනේ."


"මට වඩා බය වෙලා ඉන්නෙ අපේ අම්මයි මල්ලියි, ඩොක්ටර්. එයාලා නිකන් දඟලන්නෙ මං අද මැරෙයි වගේ."


"මං එයාලට කතා කරන්නම්.. ඔයත් ඒ ගැන හිතන්නෙ නැතුව ඉන්න හේෂාන්. ඔයා බය වෙන්න එපා. ඔයා තාම තරුණයි. ඔයාට තව ගොඩාක් කල් තියනවා. ඒ නිසා නිරවුල් මනසකින් ඉන්න. එයාලා වගේ ඔයත් මානසිකව වැටුණොත් ඔයාට මේ ලෙඩෙන් ගැලවීමකුත් නෑ. අනික කැන්සර් එක තාම ෆෝත් ස්ටේජ් එකට ගියෙ නෑනේ. ඔයා තාම ෆ්‍රස්ට් ස්ටේජ් එකේ. හරිද ?"


"හ්ම්.. ඩොක්ටර් අම්මලටත් ඒ ටික කියන්න."


"අනිවාර්යයෙන් මං කියන්නම්."


එයා කා එක්කද මංදා කතාවක් ෆෝන් එකෙන්. මට ඇහුණෙ නම් නෑ මොනාද කියන්නෙ කියලා. ඒත් Important දෙයක් වගේ. එතන මං විනාඩියක් විතර හිටන් හිටියා එයා ෆෝන් එක කට් කරනකම්.


"හේෂාන්.."


........................................................ 🖤 ...


ඊලඟ එපියේ දෙන්නවම හොඳට රොමෑන්ටික් කරලා ගන්නම් 😌

බලන් ඉන්න 🤫


රියැක්ට් එකක් දාගෙන යමු කියවපු හැම කෙනෙක්ම 🤎


Sachy Collins

Report Page