Spring is far away - 15
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 15 | Suicide
"....න්දි."
"මින්දි.."
"මින්දි ඇස් අරින්න.."
තේෂාන්ගෙ කටහඬ මගෙ මනස පුරාම දෝංකාර දෙනවද මංදා. කළුවර පසුබිමක මට ඒ කටහඬ ඇහෙන්නෙ ඇයි. අනික මගෙ උගුරෙන් මොනා හරි හිර වෙලා වගේ අමුතුම වේදනාවක් එනවා..
"මින්දි.. ඇස් අරින්න.."
ඒ අත මගෙ මූණට තට්ටු වෙද්දිම මගෙ ඇස් ඉබේම ඇරුණා මට තේරුණා. ඒ එක්කම මට බොඳ වුණ පසුබිමක පෙනුණේ තද නිල්පාට ශර්ට් එකක් ඇඳන් ඉන්න කෙනෙක්ව. මං හොස්පිටල් එකේදි දැක්ක විදිහට තේෂාන්ම තමයි ඒ පාට ඇඳන් හිටියේ. ටික වෙලාවක් යද්දි මගෙ පෙනීම සර්ව සම්පූර්ණයෙන්ම මට ලැබුණා.
"මින්දි.. ඔයා මොකක්ද මේ කරගත්තේ 😠 ?"
මට දැනුණා මං ඉන්නෙ තේෂාන්ගෙ කකුල් දෙක උඩ කියලා. ඒත් ඇයි එයාට තරහා ගිහින්. වෙනදට ඔහොම මං දිහා බලන්නෙත් නෑ. ඒ එක්කම මගෙ උගුරෙ මොනා හරි හිර වෙලා වගේ රිදෙනවා. මගෙ සද්දෙ පිටවෙන්නෙත් නෑ.
එකපාරටම එයා මාව උස්සපු නිසා මට ඕක්කාරෙට වගේ ආවා. එයා අල්ලගද්දි මට වමනෙ ගියා. දැක්ක දෙයින් මාත් ගැස්සුණා. පැනඩෝල් පෙති විස්සකටත් වඩා වැඩියෙන් මගෙ කටින් එළියට ආවා. ඒ එක්කම මගෙ උගුරෙ වේදනාව ඉස්සෙල්ලා තිබ්බට වඩා අඩු උනා. ඒත් තුවාල වෙලා වගේ රිදෙනවා ගොඩාක්..
"මං හිතුවෙ නෑ මින්දි ඔයා ඔය වගේ මෝඩ කෙල්ලෙක් කියලා. ඇයි මෙහෙම කරගත්තේ ?"
එයා මාව ඒ පපුවට වාරු කරන් අහනවා. මං මීට කලින් හේෂාන්ගෙ පපුව උඩ ඉද්දි සැනසීමෙන් හිටපු කෙල්ලෙක්. හැබැයි අවසානෙ මට තුරුලු වෙන්න උනේ ඒ වගේම උණුහුමක් තියන, කාලෙක මිහිරි උන ඒ අමිහිරි මතක මතක් කරවන පපුවක් උඩට.
"මොකක්ද මෙහෙම කරගන්න හේතුව ?"
එයා එහෙම අහද්දියි මං දැක්කෙ එහයින් තියන පැනඩෝල් බෝතලේ. ඇත්තටම එවෙලෙ මට මොකක්ද උනේ කියලා දැන් මට මතක් උනා. මං මහා මෝඩයෙක් වගේ,
සුයිසයිඩ් කරගන්න ට්‍රයි කරා 💔..
ඇයි ඒ මින්දි. රාදිතා හේෂාන්ව කිස් කරපු එකටද. එවෙලෙ ඉඳන් තමයි මං අසිහියෙන් හිටියේ. ගෙදර ආපු මං කාමරේට ගියා මට මතකයි. පූසාත් මගෙ පස්සෙන් ආවා. මගෙ හිත නෙවෙයිද කිව්වේ,
තමුසෙ ජීවත් වෙලා වැඩක් නෑ මින්දි..
තව මොනා බලන්නද ජීවත් වෙන්නේ..
හේෂාන් රාදිතා එක්ක තමුන් ඉස්සරහා ඉන්න හැටි බලන්නද..
ඒ දෙන්නා සතුටින් ඉද්දි තමුසෙ විඳව විඳව ජීවත් වෙන්නද හිතන් ඉන්නේ..
ඇයි මෝඩයෙක් වෙන්නේ..
තමුසෙ ඉන්නෙ යුවසිංහ කියන ලෝකෙ..
ඒකෙන් තමුසෙට කවදාවත් ගැලවෙන්න බෑ..
ජීවිත කාලෙටම..
ඒක තනිකරම ශාපයක්..
කියලා...
මං මෝඩයෙක් වගේ පැනඩෝල් පෙති ගොන්නක් අතට අරන් බිව්වා. ඇයි මං එහෙම කරේ. එක සැරේ දාගද්දි මගෙ උගුර හිර උනා හුස්ම ගන්නවත් බැරි වෙන්න. ඒ එක්කම මගෙ ඇස් පිය උනා වේදනාවත් එක්ක. ඇයි මං මගෙ ඇතුලාන්තයේ ඉන්න මෝඩ කෙල්ලට ඇහුම්කන් දුන්නේ ?
"Suicide කරගන්න එක හැම ප්‍රශ්නෙටම විසඳුමක් නෙවෙයි.. ඔයාට ප්‍රශ්නයක් තිබුණා නම් මට ඒ ගැන කියන්න තිබ්බා. මට නැත්තම් ඔයාගෙ යාළුවෙක්ට. නැත්තම් ගෙදර ඉන්න පණ තියන සතාට හරි. ඌ ඒකට විසඳුමක් දුන්නෙ නැති උනත් ඒක අහන් ඉඳී."
තේෂාන් එක දිගට මට බනිද්දි මං නැගිට්ටා. එයාගෙ පෙනුමෙන් පේනවා එයා ගොඩාක් බය වෙලා කියලා. ඒ වගේම හේෂාන්ට වගේ තරහා ගිහින් හොඳටම.
"Sorry."
"Sorry කිව්වම කිසි දෙයක් හරි යන්නෙ නෑනේ.. අපි හොස්පිටල් යමු."
"ඇයි ඒ ?"
"ඔයාට පෙති කීයක් පෙවුණද දන්නෙ නෑනෙ. මතකද බීපු ගාණ."
"නෑ."
"එහෙනම් යමු."
"නෑ කමක් නෑ. ඔයාලා යන්න. මම මං ගැන බලා ගන්නම්."
"මේ පැය ගාණට ඔය බලාගෙන තියෙන්නෙ තමන් ගැන. මෝඩයෙක් වෙන්නෙ නැතුව නැගිටිනවා මින්දි."
එයා නැගිටලා මට අත දෙනවා. මං එයාට අත දුන්න පාර එයා මාව ඇදලා අරගත්තා. මගෙ ඇඟම එක ඉරියව්වකින් හිටපු නිසා හිරි වැටිලා තිබුණේ. ඒ නිසා හිටගත්තම අමුතුම සනීපයක් දැනෙනවා.
"මං වොශ් එකක් දාලා ඇඳුමක් දාන් මේකත් අස් කරලා එන්නම්."
"ඒ වෙද්දි සේරම වෙලා තියෙයි."
"මට මෙහෙම එන්න බෑ තේෂාන්.. මං උදේ ඇඳගත්තු ගවුම පිටින් ඉන්නේ. අනික මං ගෑනු ළමයෙක්."
එයාට තරහා ගිහින් දත් මිටි කරන් මං දිහා බලන් හිටියා. මට බෑ ඒ මනුස්සයාගෙ ඇස් දිහා කෙලින් බලන්න. දැක්කම මතක් වෙන්නෙ එයාගෙ අයියව. හේෂාන්ව..
"හ්ම්.. විනාඩි පහක් ඇතුලත එන්න. මං මාමට කියලා මේ ටික අස් කරන්නම්."
මට තියන අවුල මට ගේ මැද්දෙ වමනෙ ගියපු එක. තේෂාන් මාව හොස්පිටල් එක්කන් ගියාට පස්සෙ මං ඉක්මනින් ඇවිත් ගේ හෝදන්න ඕනි. වැඩි වෙලා නොයවා මං ඉක්මනින් ඇඟ හෝදන් ගවුමකුත් දාගෙන එළියට ආවා. ඒ එද්දි පියසීලි මාමා ගේ හෝදලා. පව් ඒ මාමා මං වෙනුවෙන් වැඩ කරනවා.
"ගිහින් කාර් එකට නගින්න නෝනා. චූටි බේබි බලන් ඇති."
"චූටි බේබි ?"
මං එහෙම අහද්දි මාමගෙ මූණ අඳුරු උනා මං දැක්කා. එයාට එච්චර සමීප සම්බන්ධයක් තියනවාද තේෂාන් එක්ක. එතකොට එයා යුවසිංහ පවුලෙ විශ්වාසවන්ත සේවකයෙක්ද ?
"අ.. මේ.. මහත්තයා මට කිව්වෙ දැන් එයාට චූටි බේබි කියන්න කියලා. නැත්නම් හරි නෑනෙ කියලා."
"හ්ම්.."
බ්ලින්කි එළියෙ පුටුව උඩට වෙලා නිදි..
මං මාමට මුකුත් නොකියාම ගියේ තේෂාන්ගෙ කාර් එක ගාවට. එයා යන්න කියලා ස්ටාර්ට් කරන්ම ඉන්නවා. අයියා වගේම හදිස්සි කාරයෙක් මල්ලිත්. ඔව් ඉතින් එකම ජානනේ. හැබැයි එයා බය උනා මගෙ ජීවිතේට මොකක් හරි වෙයි කියලා.
......
"මේක තමා අලුතෙන් ආපු ඩිසයින් එක සර්. මේකට ලොකු Cost එකක් යනවා සර්. හැබැයි මේ ඩිසයින් එක තාම ලංකාවට ඇවිත් නෑ."
"කොහොමද සුදූ මේක ?"
ඇන්ඩෲස් රාදිතාට පෙන්නද්දි රාදිතා ඒ අලුත්ම Design එක දිහා බැලුවේ පෙරේතකමින් වගේ. එයාලට ඕනි හොර රහසේ යුවසිංහ ගෲප් එක අල්ල ගන්න.
"Very Beautiful ඩැඩා. අපේ අලුත්ම හොටෙල් එකට මේක නියම Idea එකක්."
"යුවසිංහලාට මේක කරන්න තියා හිතන්නවත් බෑ දුව. අපි මේ කන්ස්ට්‍රක්ශන් එක කරාට පස්සෙ එයාලා උඩ ගිහින් බිම වැටෙයි."
"ඔව් ඩැඩී.. මං මේ ගැන හේෂාන්ට පොඩ්ඩක්වත් ඉඟි කරන්නෙ නැතුව ඉන්නම්. පස්සෙ එයලා මේක දැනගත්තම කන්ෆියුස් වෙයි ඩැඩී."
රාදිතා හිතන් ඉන්නෙ තමන් මැරි කරන්න ඉන්න කෙනාට පිටුපාන්නද. හැබැයි රාදිතා හිතන තරම් හේෂාන් මෝඩ නෑ. එයා දැනටමත් හිතන් ඉන්නෙ හේෂාන් සම්පූර්ණයෙන්ම ඇන්දිලා ඉන්නෙ කියලා. ඉතින් අර ආපු කෙනා යනකම් ඉඳලා රාදිතා තාත්තා එක්ක මීටින් රූම් එකේ නැවතුණා.
"ඩැඩී.."
"ඇයි සුදූ."
"අර පිස්සු තේෂාන් මට හේෂාන් හොස්පිටල් ඇඩ්මිට් කරපු වෙලේ කතා කරා. මං එයාට පොඩි සද්දයක් දැම්මා කියලා මෙයා ඒක හේෂාන්ට කිව්වා."
"ඉතින් 😨 ?"
"මං මල්ලිට කියල දුන්නා මේ රාදිතා කියන්නෙ කව්ද කියලා. එයාට තරහා ගියා. ඒත් ඉතින් මොනා කරන්නද ඩැඩී. එයා ඒ මුකුත් කිව්වට හේෂාන් එයාව විශ්වාස කරන්නෙ නෑ. එයා විශ්වාස කරන්නෙ මාව."
රාදිතා එදා උන දේ තාත්තට කිව්වා. කෙල්ල හිතන් ඉන්නෙ එයා හෙන ලොකු වීර ක්‍රියාවක් කරා කියලා. හැබැයි එයා දන්නෙ නෑ හේෂාන් ඒක හොරෙන් අහන් හිටියා කියලා. අන්තිමට රැවටිලා තියෙන්නේ මෝඩ රාදිතා තමයි.
"ඒ උනාට සුදූ ඔයා මීට වඩා පරිස්සමින්. බැරි වෙලාවත් හේෂාන් දැක්කොත්, අහන් හිටියොත් එහෙම.."
"අනේ එයාට එච්චර සැකයක් නෑ ඩැඩී.. එයයි අම්මයි දෙන්නා මට වශී වෙලා වගේ ඉන්නේ."
"ශෂීන්ද්‍ර ?"
"තාත්තා නම් මං එක්ක වැඩිය කතා කරන්නෙ නෑ. ඇයි දන්නෙ නෑ. එයා වැඩිය මං එක්ක එකතු නෑ. කොහෙද ඉතින් එයාත් අර මින්දි කියන ගොඩේ කෙල්ල ලොකු කරන් නේ ඉන්නේ."
"ඇත්තටම කව්ද මේ මින්දි කියන කෙනා. මොන ලෝකෙන්ද කඩා පාත් උනේ ?"
"ඔයාට මතක නැද්ද ?"
"නෑනේ.."
"අයියෝ ඩැඩී.. ඔයාට මතක නැද්ද අර අනාත හිඟන කෙල්ල 😒."
රාදිතාගෙ කට ඔහොම්ම තමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ කවදාවත්.
"කොහෙද ?"
"අයියෝ අර ඩෙෆ්නි කියන අනාථ නිවාසෙ හිටියේ. නුවරට ලං වෙන්න මවුන්ටන් එකක තියෙන්නෙ."
"ආහ්.. ඔව්.. අපි අර උදව් කරපු චර්ච් එකනේ."
"ආන්න හරි. මතකද ඩැඩී අපි මගෙ පරණ ඇඳුම්, අලුතෙන් ගත්තු සමහර ඇඳුම් එහෙම එයාලට දුන්නෙ."
"ආහ් ඔව්.. අපි ගොඩක් උදව් කරානෙ එයාලට."
"මතකද අපි එයාලට හොටෙල් එකක Children's Day එක අරන් දුන්නා 😴."
"ඔව් ඔව්."
"ආන්න ඒකෙ හිටපු ලස්සනම කෙල්ල. මින්දි අමේලියා කියන කෙල්ල මතකනේ."
"ඔව්.. මට මතකයි. අර ලස්සනට චිත්‍ර අඳින්න එහෙම දන්න ළමයානේ."
"ඔව් ඔව්."
"ආන්න ඒ කෙල්ල තමා ඔය ෆැමිලි එක ලොකු කරන් ඉන්නෙ. ඇත්තටම ඩැඩී මහා බොළඳ කෙල්ලෙක්. අවුරුදු 8 ක් හේෂාන් අල්ලගෙන හිටියා. නුවන්ති දෙයි එයාගෙ ලොකු පුතාව ඒ වගේ හිඟන කෙල්ලෙක්ට 😆."
"මට ඔය කෙල්ලව බලන්නත් ආසයි. දැන් ගොඩක් වෙනස් වෙලා ඇති."
"රුවිනි කිව්ව විදිහට ඉස්සර ඔය කෙල්ල ඉඳලා තියෙන්නෙ ගොඩේ විදිහට. දැන් ටිකක් මොඩිෆයි වෙලා ඇවිත් ඉන්නෙ."
"හ්ම්.. ඔයා මට ගියපු වෙලාවක පෙන්නන්නකො සුදූ.."
"හ්ම් හ්ම්.."
මේ කෙල්ලට මින්දි එක්ක මාර තරහක් තියෙන්නේ. හරියට නිකන් ඒක ගිය ආත්මෙ ඉඳන් ආපු එකක් වගේ. කොහොම උනත් මේ මෝඩ රාදිතාගෙ ප්ලෑන්ස් ඉදිරියට හරියයිද ?
........
හවස් වෙලා අඳුර වැටෙන්නත් ලං උනා. මාව රූම් එකකට දාලා වහලා ඩොක්ටර්ස්ලා නර්ස්ලා මොනාද මංදා කරා. මටත් එපා වෙලා තිබ්බෙ. එයාලා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්නත් බෑ. කතා කරගන්න බැරි තරම් උගුර රිදෙනවා. ඒ මදිවට මට පැයක විතර මානසික උපදේශනයක්. ඇත්තටම ඒ මොනාද කිව්වෙ කියලා මටවත් දැන් මතක නෑ. තේෂාන් මං දිහා බැලුවෙවත් නෑ මං එක්ක තියන තරහට.
"මින්දි.."
මං කාර් එක ගාවට තේෂාන් එක්ක ගියා. එයා මට කතා කරා පුදුමයි. සුයිසයිඩ් කරගන්න ගියා කියලා මාව මරන්න තරම් කේන්තියෙන් මෙයා හිටියේ.
"ඔව් ?"
"ඔයාට මොකක්ද තියන ප්‍රශ්නෙ ?"
මං කොහොම කියන්නද එයාගෙ අයියගෙයි මායි අතර තිබ්බ එෆෙයා එක ගැන. තේෂාන් දැන් මාව මැරි කරන්න ඉන්නේ. එහෙම එකේ එයා ඉස්සරහා මේවා කියන්නෙ කොහොමද මං.
"මට කියන්න බැරි එකක්ද ?"
"....."
උත්තරයක් වෙනුවට සැනසුම් සුසුමක් හෙළලා මං සද්ද නොකර හිටියා. ඇත්තටම තේෂාන් මං ගැන හොයනවා කියලා හිතුණා, එයාගෙ ෆියන්සි විදිහට.
"ඒකට කමක් නෑ. මං දන්නවා ඔයා අයියා නිසා මෙහෙම කරගන්න ගියෙ කියලා."
තේෂාන්ගෙන් මට මුකුත් හංගන්න බෑ. එයත් ඩොක්ටර් කෙනෙක්. උගත් මනුස්සයෙක්. අනිත් මිනිස්සු ගැන හොයලා බලන කෙනෙක්. ඉතින් එයාට මං ඉන්න සිටුවේෂන් එක නොතේරෙයිද.
"ආදරේ කියන්නේ අයිති කරගන්න එකම නෙවෙයි මින්දි. මැරි කරන්න, මගේ කියලා ලෝකෙට පෙන්නන්න හැමෝම ආදරේ කරන්නෙ නෑ. අපිට අයිති නැති දේවල් අපෙන් ඈත් වෙලා යනවා. ඒක සහතිකයි. අපි දැනගන්න ඕනි ඒවා අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. යන අයට යන්න දෙන්න."
එයා මනෝවෛද්‍යවරයෙක් වගේ කියවන් යද්දි මං එයාගෙ මූණ දිහා බලන් හිටියා. එයාගෙ අම්මා මාව ඉස්සෙල්ලාම ගෙදරට ගෙන්නපු දවසෙ කිව්වා,
❝ මගෙ පොඩි පුතා අවුරුදු ගාණක ඉඳන් ගෑනු ළමයෙක් නිසා විඳෙව්වා. එයාගෙ ජීවිතේ දැන් වත් මට පිළිවෙළක් කරන්න ඕනි ❞
කියලා. තේෂාන්ටත් මට වගේ කතාවක් තියෙන්න ඇති. හැබැයි ඒක පස්සෙ කාලෙක එයාට නරක අද්දැකීමක් වෙන්න ඇති.
"ඔයා හිතුවට මං මුකුත්ම දන්නෙ නෑ කියලා ඇත්තටම මං දන්නවා ඔයාගෙයි අපේ අයියාගෙයි අතර උන දේවල්."
මොකක්. තේෂාන් කොහොමද මගෙයි හේෂාන්ගෙයි එෆෙයා එක ගැන දන්නේ. එයා එහෙමත් නෙවෙයි කිව්වේ. අපි දෙන්නා අතර උන දේවල් දන්නවා කියලානේ කිව්වේ. ඒත් මං දන්නෙ නෑ එයා මේ ගැන දන්නවා කියලා. හේෂාන් එයාට හැමදෙයක්ම කියලාවත්ද ?
තේෂාන් කාර් එකට හේත්තු වෙලා ඉන්නවා ඈත මල ඉර දිහා බලන්. මං එයා දිහා බලන් ඉන්නවා.
"ඔයාලා ගොඩාක් ක්ලෝස් උනා. එහෙම නේද ?"
එහෙම කියලා එයා මං දිහා බලද්දි මං අඩියක් ආපස්සට ගියා. එයා මායි හේෂානුයි ගැන හොයලද මෙහෙම කතා කරන්නේ.
"ඔ.. ඔයා කොහොමද දන්නේ ?"
"අයියා හැමදෙයක්ම මට කිව්වා."
"මොකක් ?"
හේෂාන් ඇයි ඒ හැමදේම එයාගෙ මල්ලිට කිව්වේ..
"ඔයා අපේ අයියට ගොඩාක් ආදරේ කරල නේද ?"
"කවද්ද ඔයාට එයා කිව්වේ ?"
"මීට අවුරුදු දෙකකට කලින්. ඔයා ඕසී යන්න මාස දෙක තුනකට කලින්."
"එයා ඔයාට දෙයක් කිව්වා නම්, ඒ හැමදෙයක්ම ඇත්ත."
"ඔයාගෙ වරදක් නෑ. අපේ අයියගෙත් වරදක් නෑ. මෙතන හැමදෙයක්ම උනේ අපේ අම්මගෙ වැරදි මතය නිසා."
"අම්මගෙ.. වැරදි මතය ?"
මොකක් ගැනද එයා මේ කියවන්නේ. මං බලාපොරොත්තු උන පැත්තට නෙවෙයි එයා කතාව හරවන්නේ. එතකොට මේ දේවල් වලට මම නොදන්න හේතුවක් තියෙනවද. මොකක්ද මේ,
අම්මගෙ වැරදි මතය ?
........................................................ 🖤 ...
මොකක්ද මේ අම්මගෙ වැරදි මතය 🤔
(කතාව ගොඩක් අය කියවනවා. ඒත් 1/3 වත් රියැක්ට් නෑනේ අප්පා 😩. ආස නැද්ද කතාවට)
Sachy Collins