Spring is far away - 13
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 13 | Tears 2
"මේක හොඳට මතක තියා ගන්නවා මින්දි. ආතක් පාතක් නැති තමුන් වගේ කෙල්ලොන්ට හේෂාන් වගේ රිච් බෝයිස්ලා අල්ලන්න බෑ. ඒවා ඇති ප්‍රබන්ධ කතාවල. තමුසෙගෙ මෝඩ හීන හැබෑ වෙන්නෙ නෑ මින්දි. අනාත තමුන්ට උඩ අතු අල්ලන්න බෑ."
"මං දැක්කා හේෂාන් තමුන්ට හැම වීක් එකකම දාලා තියන සල්ලි. ඒ රිපෝර්ට්ස් මං ගාව තියනවා සේරම. මාසෙකට ලක්ෂ දහයක්.. එච්චර මොකටද දන්නෙ නෑ. ඒවගෙන් ගත්තු ඒවා තියනවද. ලස්සන ඩ්‍රෙසස් එහෙම ගත්තද. මේකප්, ඩයමන්ඩ් තියෙන ජුවලරි එහෙම ගත්තද. මොනාද කෑවෙ බිව්වේ. හයි ක්ලාස් රෙස්ටුරන්ට් වලට ගියාද."
ඇත්තමයි මෙයා මට ෆෝන් කෝල් එකෙන් හරි කියන කතා හේෂාන් දන්නවා නම් නිකන් ඉන්නෙ නෑ. මේ කෙල්ලව මරලා තමා පස්ස බලන්නේ. ඒත් මං එයා දුන්න සල්ලි වලින් වියදම් කලේ නෑ. ඒවා වියදම් උනේ යුනිවර්සිටි එකටයි ඇනෙක්ස් ගාස්තු වලටයි, ඩිග්‍රි එකටයි විතරයි. මට ඇඳුම් ගෙනවිත් දුන්නෙ එයා. ඒත් මට සතියකට ඇඳුම් පහක් විතරයි තිබ්බේ. මට ඕනි උනේ නෑ අනිත් අය වගේ වියදම් කරන්න. එහෙම උනා නම් හේෂාන් ගාව අද සල්ලිත් නෑ.
"ඔයා... මට... මෙහෙම කියලා... මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. රාදිතා.."
මට කතා කරගන්නත් බෑ මගෙ හුස්මත් හිරවෙන්න වගේ අඬලා අඬලම. ඒත් මට අහන්න ඕනි උනේ රාදිතා මට මේ දේවල් කියලා මට මොකක්ද කරන්න ඕනි කියලා. එයාට ඕනි මාව මානසිකව වට්ටන්නද.
"තමුන් දන්නෙ හැම එකටම අඬන්න විතරයිනේ. ඉතින් අඬනවා. කඳුළු පෙරාන අඬනවා. අවසාන වතාවට එකක් මතක තියා ගන්නවා. මගෙ හේෂාන්ගෙ ඇඟේ එල්ලෙන්න ආවොත් මං තමුන්ට කරන දේ තමුන් දන්නෙ නෑ.. එච්චරයි.."
Beep..
රාදිතා ෆෝන් එක කට් කරා. මට එයා කියපු වචන නිකන් හීනයක් වගේ. කවදාවත් මට සැනසීමක් නෑ තමයි අතින් පයින් බැරි නම් මාව කට වචනෙන් හරි රිද්දනවා. කවුරුම හරි.
ඔෆිස් එකේ වැඩ පැත්තකට දාලා මං ඇඳ උඩට පැනලා ටෙඩියොත් බදාගෙන ඇඬුවේ ඒ වචන මගෙ හිත දුන්නකින් විද්ද හීයකින් පසාරු කරන් ගියා වගේ රිදුම් කද්දි. මට ඉපදෙද්දිම දාපු දියමන්ති මාලෙ සිස්ටර් මට ලොකු වෙද්දි දුන්නා. ඒත් මාව අතෑරපු දෙමව්පියන්ගෙන් මට මුකුත් ඕනි උනේ නෑ. මං එදා ඉඳන් සල්ලි වලට කෑදරයි නම් මං ඒ දියමන්ති මාලෙ එදා විසික් කරන්නෙ නෑ. ඒකත් තියන් විකුණලා සල්ලි අරන් කකා බිබී ඉන්නවා මිසක. ඒත් මං ඒ මාලෙත් විසික් කලා ඒකෙ වටිනාකම ගැන හිතන්නෙ නැතුව..
°•°•°•° (අතීතයට)
"ඇයි මින්දි ඔයාට මෙහෙ එන්න හිතුණේ ?"
"පොඩි වැඩකට."
මං හේෂාන්ට වැන්දෙ නැති එක විතරයි මාව කැලණි පාළම ගාවට එක්කන් යන්න කියලා. හේතුව මට මේක අදම කරන්න ඕනි නිසා. ඉතින් එයා මාවත් එක්කන් ගියා පැයක ගමනක්. ඒකෙ කෙළවර කැලණි පාලම..
මං ඉක්මනින් බැහැලා වැටට හේත්තු උනේ මගේ බෙල්ලෙ තිබ්බ මාලෙ අතට ගන්න ගමන්. ඒ එක්කම එයත් බැහැලා ආවේ මං ගාවට. එයාට ශුවර් නෑ මං මොන නාඩගමක් නටන්නද යන්නෙ කියලා ඉතින්.
"දැන් හරිද ආසාව."
"නෑ.. තාම නෑ."
මං ඒ මාලෙ අතට අරගෙන ගඟට අතාරින්න හදද්දිම වැටට හේත්තු වෙලා හිටපු එයා ඇවිත් මගෙ අතින් අල්ල ගත්තේ ඇසුත් ලොකු කරන්.
"ඇයි ?"
"පිස්සුද මින්දි.. මොලේට පිනී බාලද."
"ඇයි ?"
"මේ නෙක්ලස් එක නිකන් එකක් නෙවෙයි. ඩයමන්ඩ් එකක්. ඔයා දන්නවද ලංකාවෙන් ඕකෙ Price එක."
"ඒ උනාට මේක මට දීලා තියෙන්නෙ මාව අතෑරපු අම්මයි තාත්තයි. එයාලා වගේ අයගෙන් මට මුකුත් ඕනි නෑ. මොන තරම් වටිනාකමක් තිබ්බත්.. එයාලට මේ දියමන්ති මාලෙට වඩා මාව වටින්නෙ නැද්ද හේෂාන්. දරුවෙක් කියන්නෙ අම්මෙකුටයි තාත්තෙකුටයි ලැබෙන ලොකුම තෑග්ග. ඒත් එයාලට මාව ලැබුණෙ ඕනිම නැති වෙලාවකලු, මාව එයාලට හදාගන්න බැරිලු. එහෙම කියන්න තරම් ඒ අම්මයි තාත්තයි මොන තරම්......."
මගෙ ඇස් වලින් වැටුණු කඳුළු එයා මගෙ ලඟට ඇවිත් පිහදුවා. සිස්ටර් ඒ ලියුම් කෑල්ල මට දීලා මම ඒක කියවද්දි මගෙ ඇස් වලින් කඳුළු වැටුණෙ නැති එක පුදුමයක් නෙවෙයි. මාව එපා කියන අම්මටයි තාත්තාටයි මං මොකටද ආදරේ කරන්නේ.
"අම්මයි තාත්තයි නැති උනාට ඔයාට මං ඉන්නවා මින්දි. ඔයාට ඕනි නෑ ඒ දෙන්නා. ඔයාට මගෙ අම්මයි තාත්තයි ඉන්නවා, මං ඉන්නවා. ඉතින් තව මොනාද.."
එයා මාව ඒ පපුව උඩට අරගෙන මගෙ ඔළුව අත ගෑවා. අම්මෙකුයි තාත්තෙකුයි නැති අසරණ ජීවිතේ මට හේෂාන් තමයි සරණක් උනේ. ඒකයි මං එයාට ඒ තරම්ම ආදරේ. එයාට කවදාවත් කිසිම උවමනාවක් තිබුණෙ නෑ මාව පොඩ්ඩක් වත් රිද්දන්න. ඒකයි මං එයාට අදටත් රෙස්පෙක්ට් කරන්නේ. ඒ වගේ පිරිමියෙක් මට කවදාවත් ලැබෙන්නෙ නෑ.
"මට මේක විසික් කරලා දාන්න ඉඩ දෙන්න."
"හ්ම්.."
මං ඒ මාලෙ ගඟට අතෑරලා දැම්මා. මට ඕනි නැති මාව ප්‍රතික්ෂේප වුණ මිනිස්සුන්ගෙන් මට කිසි දෙයක් එපා.
"දැන් මගෙ හිත ගොඩාක් නිදහස් හේෂාන්. මට දැනුයි දැනෙන්නෙ මම ජීවිත් වෙනවා කියලා 🥺."
"ඒ මාලෙ දැන් ඔහොම්ම මුහුදට යයි. ඊට පස්සෙ ඒක කෙනෙක් හොයාගෙන විකුණලා සල්ලි ගනියි. හැබැයි එයා දන්නෙ නෑ ඔය මාලෙ මුහුදට ආපු හේතුව. එහෙම නෙවේද ?"
"ඔව්.. එයා දන්නෙ නෑ මේ මාලෙ විසික් කරපු කෙනා දැන් කොච්චර සතුටින් ඉන්නවද කියලා."
එයාගෙ පපුවට තුරුලු උනාම මගෙ දුක එහෙම් පිටින්ම නැති වෙලා ගියා. මං ගත්තු තීරණය හරියටම හරි කියලා මට එවෙලෙ දැනුණා.
°•°•°•° (වර්තමානයට)
වර්තමානය මාව අඬවන තරම් ඉස්සරට වඩා වැඩියි. මං මගෙ කඳුළු අලුත් කර කර ඇති වෙනකම්ම ඇඬුවේ දුක තුනී වෙන්න.
රාදිතා වෙනස් කෙල්ලෙක් තමයි. එයා මං හිතපු කෙනා නෙවෙයි. කව්ද ඇත්තටම මේ රාදිතා කියන්නේ. මට ඒක දැනගන්න ඕනි. අනික එයා කොහොමද දන්නෙ මං ඔෆිස් එකට ආවා කියලා. ඒක එහෙමයි කියමු. ඒත් මං හේෂාන් එක්ක රූම් එකේ කතා කරපුවා, මට ඇඬුන එක එයා කොහොමද දැක්කෙ.
රූම් එක ඇතුළෙ කවුරු හරි වීඩියෝ කරන්නත් නැත්නම්, වීදුරු වලින් මුකුත් පේන්නෙත් නැත්තම් මේක අනිවාර්යයෙන් CCTV clip එකක් විදිහට රාදිතාට ගිහින් තියනවා. මං දැනටමත් මගෙ ඩයරි එකේ රාදිතා මගෙ අත කඩපු එක ලියලා ඉවරයි. මේකත් ලියන්න ඕනි. මොකද මේ කෙල්ලගෙ අමුත්ත මට හොයා ගන්න ඕනි..
......
"මං එනකම් දඟ කරන්නෙ නැතුව ඉන්න ඕනි හරිද. ගෙවල් ගානෙ එහෙම ඇවිදින්න යන්නෙ නෑ.."
මං පූසාට පොඩි අවවාදයක් දීලා එහෙම ගැරේජ් එක ඇතුලෙන් තියලා ගියා. මං එන්න රෑ 10, 11 වත් වෙයි මේකට ගිහින්. දැනටමත් හත හමාරයි වෙලාව.
"මාමෙ අපි යමු."
මං ගවුමත් උස්සන් කාර් එකට නැග්ගා. කච කච දෙක ඇවිත් මට කෝල් කරලා බනිනවා පරක්කුයි කියලා. ඉතින් මං මාමා එක්ක ගියා වෙඩින් හෝල් එකට. ඒක හෝල් එකක්මත් නෙවෙයි Mansion එකක් වගේ. වටේ ගාඩ්න් එකේ ලයිට් ගොඩාක් තියන නිසා මං එළියේ වටේ කැරකුණා. මාමා මට එන්න කලින් කෝල් එකක් දෙන්න කියලා ගියා. ටික වෙලාවක් මං කැරකි කැරකි හිටියා.
"මේ හලෝ.. ආවා නම් කෝල් එකක් වත් දෙන්න ඕනි."
අම්මේ යක්සනියො දෙන්නා මට බැන බැන එනවා එළියට. එයාලා දෙන්නා බෝනික්කො වගේ ලස්සනයි. ලස්සන කොට ගවුම් එහෙම ඇඳලා. මං නිකන් දිග පෙඳයක් තියන මාළුවෙක් වගේ. මෙරූන් පාට අත් පටි ගවුම යටින් පොඩ්ඩක් ගෝල්ඩ් පාටයි. ඉතින් මං වැඩි සැරසිලි නොකර මේකප් චුට්ටකුත් දාන් කොණ්ඩෙත් පැත්තට පීරගෙන කටුවකුත් ගහන් ආවා. ඒකට අර දෙන්නා අම්බානෙට මේකප් කරලා කරාබුයි මාලයි එල්ලන් අමුතු පිටසක්වල ගතියක් තියන හෙයාස්ටයිල් දාලා ඇවිත්. කරන්න දෙයක් නෑ. හදන්න බෑ මේ සිරි ලංකාවනේ. ඕසී නෙවෙයිනේ.
"අපි යමු."
"අපි යමු තමයි."
දෙන්නා මාවත් එක්කන් ඇතුලට ගියා. බංගලාවක් නෙවෙයි මේක මන්දිරයක්. ඇතුළෙ තියන මැණික් වගේ ලයිට්, ටේබල්ස් එහෙම දැක්කම පිස්සු හැදෙන සයිස්.
මං රුෂානා අක්කාවයි රශේන්වයි දැක්කා. ඒ දෙන්නා ලස්සනට ඇඳලා ඉන්නවා. රුෂානා අක්කා රතු පාට දණහිසෙනුත් ගොඩාක් උඩට පලපු ඩ්‍රෙස් එකක් ඇඳලා. ඒක එයාට ලස්සනයි. ඒත් මං ඇඳන් ඉන්න ඇඳුම දිහා දැක්කම නම් මට ඒක සැටිස්ෆයි නෑ. ඒ උනාට අර කච කච දෙක..
"වාව් සුදු නෝනා ඔයාගෙ ලස්සන. ඒ ඩ්‍රෙස් එකට ඔයාගෙ සෙක්සි බොඩි එක පේනවා ලස්සනට 👌."
"ඇත්තටම ඒක ලස්සනයි බන්.. උබගෙ වයිඩ් හිප්ස් නිසා ලස්සනට හැඩ පේනවා."
මෙයාලා මොනාද කියවන්නෙ කියලා මට තේරුණේ නෑ. ඒත් මං දැක්කා ඈත ඉන්න සෙවිඳිව. එයා බබායි හස්බනුයි එක්ක ඇවිත්. මං අදයි දැක්කෙ ඒ දෙන්නව. බබයි තාත්තයි නම් ලස්සනයි හෙනට.
"මේහ්.. මං දැක්කා රුවිනි ඇවිත් ඉන්නවා."
"ඔව් බන්. ඒ කෙල්ල මූණට මොනා හරි ගාලා සුදු වෙලානේ. මතකද ඉස්සර හිටපු විදිහ."
"අහ්.. ඔව්.. මං තවුසෙලට කලින් දැක්කා."
"ඒ කොහෙදිද 😦 ?"
"තේෂාන්ලගෙ ගෙදරදි."
"ආහ්.. අපේ මින්දියාගෙ අනාගත හස්බන්."
ක්‍රිෂ්නි සක බඹරේ ඉන්නවා රුවිනිගෙ වටේ කැරකි කැරකි. එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද දන්නෙ නෑ තාම. ඒ කාලෙ රුවිනි වගේම හොඳ වාර්තාගත චරිතයක් නෙ.
"මට ආරංචි උනා හේෂාන්ගෙ මැරේජ් එක ගෙදරින් ඉක්මන් කරනවා කියලා."
"ආහ්.. ඔව්.. තව මාස හයකින් ඒක තියනවා. දැන්ම එයාලා වෙඩින් ප්ලෑනින්."
"ඒක ලංකාවෙ සුපිරිම වෙඩින් එකක් විදිහට ගනී නේද ?"
"මට ආරංචි උන විදිහට ඒක වැඩිය ලොකුවට ගන්නෙ නෑ කිව්වා. එයාලගෙ දන්න යාළුවොයි ළඟ නෑදෑයොයි විතරයිලු ගෙන්නන්නේ."
"එහෙමද. එතකොට ඔයාගෙයි තේෂාන්ගෙයි එක කවද්ද කරනවා කියන්නේ ?"
මං ඒක තාම දන්නෙ නෑ. හැබැයි මට ඒ ජීවිතේ කිසි සතුටක් නැතුව යයි. රාදිතා හේෂාන් එක්ක ඉන්නවා දැකලා මට දුක් වෙන්න වෙයි. ඒක මං ගිය ආත්මේ කරපු පාපයක්.
ටික වෙලාවක් ගිහාම කට්ටිය හෙනට පිරුණා. වෙලාවක් කලාවක් හොයන්න බෑ. කට්ටිය ඉතින් කනවා, බොනවා, ඩාන්ස් කරනවා. දුල්නෙත්මියි සංජානායි දෙන්නත් ගිලිනවා. මං පැත්තකට වෙලා ඔහේ මේ විගඩම් බලන් ඉන්නවා. ඒත් එකපාරටම මට අමුත්තක් දැනුණා. ඒක සද්දයක් නෙවෙයි, රූපයකුත් නෙවෙයි, සුවඳකුත් නෙවෙයි. හුරු හැඟීමක් වගේ. ඉතින් මං දොර දිහා බැලුවා. නෑ ඒක වහලා. කවුරුත් ඇතුලට ආවෙ නෑ. ඒත් මගෙ හිත කියනවා මෙතන මොකක් හරි දෙයක් ගැන. ආයෙමත් හැරිලා ඉස්සරහා බලන් හිටපු මට අර දොර අරිනවා ඇහුණා. ඉතින් මං හැරුණා. අන්න එතකොටයි මට දැනුණ අමුත්ත තේරුණේ..
හේෂාන් රාදිතා එක්ක එනවා. මං දුල්නෙත්මියි සංජානායි දෙන්නා අස්සට ගියේ එයාලා මාව දකියි කියලා. හේෂාන් නම් ලස්සනට ඇඳන් ඇවිත්. හරියට නිකන් රාජ කුමාරයෙක් වගේ. රාදිතා කොට ගවුමකුත් ඇඳන් ඇවිත්. ඒක මදිවෙලාද කොහෙද ඉන ගාවට යනකම් පළලා. අවුලක් නෑ මිස් යුනිවර්ස් යන්න නම් ඇඟ පෙන්නන්න එපැයි. හේෂාන් මං එක්ක ඉද්දි මට දිගට අඳින්න කිය කිය බල කරා. එයාට දැන් ඒක රාදිතාට කියන්න බෑ. රාදිතාට ඒක කිව්වත් ඒ මුරණ්ඩු කෙල්ල ඒක අහන්නෙත් නෑ.
රාදිතාගෙ මූණෙ ලස්සන හිනාවක්. අද හවස මට බල්ලෙක්ට වගේ බැන්න කෙල්ලද මේ මෙහෙම හිනා වෙලා ලස්සනට ඉන්නේ. මොන හිතකින්ද එයා මට එහෙම කලේ. දැන් ඔය හේෂාන් එක්ක ලස්සනට ඉන්නෙ මුකුත් උනේ නෑ වගේ.
"උබ හොඳින්ද මින්දි."
සංජානා මගෙන් ඇහුවා. දුල්නෙත්මි ඈත කෙල්ලෙක් එක්ක කතාව. මං කොහොමද ඒ දෙන්නට කියන්නේ මට රාදිතා බැන්න විදිහ.
"අහ්.. ඔ.. ඔව්.. මං හොඳින්."
"උබේ මූණ හොඳටම තඩිස්සි වෙලා. ඇඬුවද ?"
"අනේ නෑ."
"බොරු කියන්න එපා. අඬලා තමයි. කටහඬත් අවුල්, මූණත් ඉදිමිලා වගේ."
"මං මොකට අඬන්නද ?"
"අඬන්න හේතුවක් නැති උනොත් තමයි ප්‍රශ්නේ."
මට එයාලගෙන් ඇත්ත හංගන්න බෑ. එයාලට බොරු කිව්වම එයාලා ඒක ඉක්මනින් අල්ල ගන්නවා. මොකද මේ මං ඉපදුණ දවසෙ ඉඳන් මං එක්ක එකට හිටපු යාළුවෝ..
"මට කියන්න මින්දි.. මොකක්ද උනේ.. ඇයි ඔයා ඇඬුවේ."
"ඒක වෙලා ඉවරයි සජී.."
"නෑ නෑ. මට කියන්නකො මොකක්ද උනේ කියලා."
මට තවත් හංගන්න බෑ. ඒත් රාදිතා ගැන කිව්වම මෙයාලා දෙන්නා අර ඇවිත් ඉන්න කෙල්ලට මොනා කරයිද දන්නෙ නෑ. මෙයාලටත් තරහ ගිහාම දන්නවනේ.
"රාදිතා.."
"රාදිතා මොකක්ද කිව්වෙ ඒ පාර ?"
"එයා කිව්වා මං හේෂාන්ගෙ සල්ලි වලට කෑදර කමින් එයාට ලං උනා කියලා. ඒ විතරක් නෙවෙයි රාදිතා මට ගොඩාක් අපහාස කරා. එයාට හිතක් පපුවක් නෑ...."
මට ඉතුරු ටික කියාගන්න බෑ ඇඬුණා. මගෙ ප්‍රශ්න අහන්න හිටියේ හේෂාන්, දුල්නෙත්මි, සංජනා විතරයි. අවසානෙ මට හේෂාන් නැතුව ගියා. දැන් ඉතුරු සංජානායි දුල්නෙත්මියි විතරයි.
"අඬන්න එපා බන්. මට කියපම් මොකක්ද උනේ කියලා."
මං එයාට සේරම කිව්වා මගෙ කඳුළු මැද්දෙන්ම. දුල්නෙත්මි මෙතන හිටියා නම් දැන්ම ගිහින් රාදිතාට ගහලා. හැබැයි මං එයාට මේක කියන්න යන්නෙ නෑ. මොකද එයා වසයිනේ.
"තවුසෙ මුකුත්ම නොකියා බලන් හිටපු එක හරිද ?"
"එයා මට කිසි දෙයක් කියන්න දුන්නෙ නෑ. බැනගෙන බැනගෙන ගියා එච්චරයි 😭."
"උබ දැන් අනාථ කෙල්ලෙකුත් නෙවෙයි, හිඟන කෙල්ලෙකුත් නෙවෙයි. එහෙනම් මෙහෙම ඉන්නෙ කොහොමද. ඇත්තටම මට පුළුවන් උනා නම් දෙකක් කතා කරන්න... බෑනෙ අතන හේෂාන් ඉන්නවා. ඊට පස්සෙ ඒ මනුස්සයා මට කනට එකක් ගහයි වෙන්න වයිෆ්ට බැන්නා කියලා."
"එපා.. අපි සද්ද නැතුව ඉමු. මේක දුල්නෙත්මිට කියන්න එපා."
"ඒකිට කිව්වොත් නම් ගහලාම තමා එන්නේ."
"ගහලා බැනලා විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා."
"හ්ම්.. ඒත් රාදිතාට හැමදාම ඔයාව මෙහෙම රිද්දන්න දෙන්න බෑ. උබ ගිහින් හේෂාන්ට කිව්වොත්..."
"එයා මාව විශ්වාස කරයි. හැබැයි හේෂාන්ට තරහා ගිහින් රාදිතාට මොනා කරයිද දන්නෙ නෑ."
දුල්නෙත්මියි එකපාරටම අපි ඉන්න තැනට ආව නිසා අපි කතාව නැවැත්තුවා. එයාට ඇහුණොත් එහෙම මෙහෙම නෙවෙයි ඉතින්. මෙතන සුපිරි වලියක් යයි. මං බලද්දි හේෂාන් රාදිතා එක්ක රුෂානා අක්කාට කතා කරනවා. මං කල්පනා කරේ හේෂාන් මේ වෙඩින් එකට කොහොම එන්නද කියලා. සමහරවිට රශේන්ගෙ යාළුවෙක් වෙන්න ඇති. මොනවා උනත් මං ඒ දෙන්නාව කිසිම විටෙක බලාපොරොත්තු උනේ නෑ.
"මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්."
මං ෆෝන් එකත් අරගෙන එළියට ගියා. දෙවියනේ වෙලාව 9.30 ටත් ලඟයි. මං එච්චර වෙලා මේක ඇතුළෙ හිටියාද. ඇත්තටම මේ වගේ ඒවට ආවම මෙහෙම වෙලාව යන්නෙ නැතුව කොහොම යන්නද. වෙඩින් එකක් කියන්නෙ අනුන්ගෙ ලස්සන දිහා බලන තැනක් නේ.
වටේම ගාඩ්න් එකේ ලයිට්ස් දාලා. මං කාර් පාක් එකට එහාට වෙන්න තිබුණ පොඩි පොකුණ ගාවට ගියා. අද උන දේට මගෙ හිත පෑරිලා තියෙන්නේ. මට තේරෙන්නෙ නෑ ඒක කොහොම පිළිසකර කර ගන්නද කියලා.
"මින්දි.."
මං හැරිලා බැලුවේ කව්ද කියලා. ආයෙමත් නපුරි ඇවිත් මට බනින්නද මංදා. නෑ නෑ එයා කාර් එකේ යතුරත් අරන් කාර් පාක් එක පැත්තට ඇවිත් තියෙන්නෙ. ඒත් මාව දැකලා මං ඉස්සරහට ආවා. දැන් මෙතන ඇවිත් මට මොනා කියයිද ?
"තමුන් මෙතෙනට ආවෙ මොකටද ?"
එයා පුදුමෙන් වගේ අහනවා. මං ඉතින් රුෂානා අක්කාගේ වෙඩින් එකට එන්නෙ නැතුව කොහොමද. අපි ඒ කාලෙ ගොඩක් හිතවත් අයනේ.
"මෙහෙ තියන වෙඩින් එකට."
"හාහ්.. තමුන් වගේ කෙල්ලෙක්ට කොහෙන්ද රශේන්ගෙ වෙඩින් එකට ජොයින් වෙන්න ලැබුණේ. මේක තමුන් වගේ අනාත කෙල්ලන්ට තියන තැනක් නෙවෙයි. අපි වගේ හයි ක්ලාස් මිනිස්සුන්ට තියන තැනක්."
"ඔයාට මං එක්ක තියන තරහා මොකක්ද රාදිතා. මගෙන් මෙච්චර පලිගන්න තරම්."
ඇස් වල කඳුළු පුරවන් මං එයාගෙන් ඇහුවෙ වෙන අහන්න දෙයක් නැති නිසා. මම අනාතයෙක් තමා. ඔයාලා හයි ක්ලාස් තමා. එහෙම කියලා මෙහෙම මාව පාගන්නෙ ඇයි.
"තරහද.. ම්ම්.. මගෙ තරහා තමුන් එක්ක නෙවෙයි. තමුන් මගෙන් උදුර ගත්තු හේෂාන්ගෙ ආදරේ එක්ක."
"මොකක් ?"
"තමුන්ට හේෂාන් ඒ කාලෙ ආදරේ කරපු තරම් ඒ කොල්ලා මට ආදරේ නෑ. ඇයි එහෙම ?"
"ම..මං දන්නෙ නෑ."
ඒක හේෂාන් එක්ක බේරගන්න ඕනි ප්‍රශ්නයක්. නැතුව මගෙන් අහන්න ඕනි එකක් නෙවෙයි. එයාගෙ ආදරේ මදි උනා කියලා මං ඒක හොරකම් කලේ නෑනේ. ඉතින් මං පලිද.
"තමුන් මොකක් හරි ට්‍රික් එකක් පාවිච්චි කළාද එයාගෙ හිත දිනාගන්න."
"නෑ."
"එහෙනම් අර තුට්ටු දෙකේ දේවාල ගානෙ ගිහින් මොනා හරි කරාද ?"
"මට ඒ වගේ දේවල් කරන්න උවමනාවක් නෑ රාදිතා. අනික මං ඕවා...."
"එහෙනම් කොහොමද එහෙම උනේ 😠."
ආයෙමත් එයා කට සද්දෙන් මට කෑ ගැහුවා ඉස්සෙල්ලා ෆෝන් එකෙන් කතා කරා වගේම. හේෂාන්ගෙ ආදරේ ඔයාට නොලැබුණා කියලා මං පළි නෑ රාදිතා. ඒක තේරුම් ගන්න. මොකද ඒක ඔයාගෙ වැරැද්ද.
"එක්කො ඉස්සර ඉඳන් හේෂාන් එහෙමද. නැත්තම් එයා තාමත් ආදරේ තමුසෙටද ?"
"හේෂාන් එදා ඉඳන් එහෙමයි. එයාව තේරුම් ගන්න ටික කාලයක් යයි ඔයාට."
"තමුන්ට කොච්චර කාලයක් ගියාද ?"
"අවුරුද්දක් දෙකක් වගේ."
"මං හේෂාන් එක්ක අවුරුදු එක හමාරක්ම හිටියා. දැන් දෙකකට ලඟයි. එතකොට තමුන් කියන්නෙ ඒක හරියයි කියලද ?"
"මං දන්නෙ නෑ."
නිහඬ පිරිමියෙක්ගෙ ආදරය ගන්න එයාට හරියට ආදරේ කරන්න ඕනි. දැනෙන්න ආදරය කරන්න ඕනි. මං එයාට දැනෙන්න ආදරේ කරාද දන්නෙ නෑ. හැබැයි වැඩි කාලයක් යන්න කලින් අපි ගොඩාක් බැඳුණා. ඒකට මේ රාදිතා කිසිම ඉවසීමක් නැති කෙල්ලෙක්නේ. ඉතින් කොහොමද හේෂාන්ගෙ හිත දිනා ගන්නේ ?
"ආදරේ කරද්දි ඉවසන්න ඕනි.. හේෂාන් ආස එයා ගැන හොයලා බලන එයාට ගොඩාක් ආදරේ එයාගෙ හැම ප්‍රශ්නයක්ම අහන් ඉඳලා උත්තර හොයලා දෙන එයාව තේරුම් ගත්තු ගෑනු ළමයෙක්ට."
"එතකොට මගෙ කොතනද වැරැද්ද 🤔."
රාදිතා මිස් යුනිවර්ස් යනවා කියද්දි හේෂාන් අකමැති උනා. ඒකට හරියන්න මෙයත් කෑ ගැහුවා. කිසිම ඉවසීමක් නැති කිසිම ගෞරවයක් දෙන්නෙ නැති කෙල්ලෙක්ට එයා ආස නෑ. මං ජීවිතේට රාදිතා කතා කරනවා වගේ හේෂාන්ට බැනලා නෑ.
"Anyway.. තෑන්ක්ස්.. හැබැයි තමුන් අර රූම් එකට වෙලා නටපු නාඩගම ගැන මට දැනගන්න ඕනි."
"මොකක්ද ?"
" හේෂාන් ඉස්සරහා කඳුළු පෙරන් ඇඬුවේ ?"
"ඒවා මොකටද ඔයාට ?"
"අනාත හිඟන කෙල්ලෙ. තමුන්ගෙ සද්දෙ බස්ස ගන්නවා. තත්වෙට නෙවෙයි කතාව."
මම ප්‍රශ්නයක් ඇහුවත් වැරදියි. ඒකටත් කෑ ගහනවා. මං රාදිතාගෙ කටේ සද්දෙට බය වෙන්න එයාගෙ වැඩකාරියක් යෑ.
"මං අනාථ කෙල්ලෙක්වත් හිඟන කෙල්ලෙක්වත් නෙවෙයි...."
"ඕහ් මයි ඩියර්.. එතකොට තමුසෙ මලෙන්ද ඉපදිලා ගොඩ බැස්සේ."
"ප්ලීස් රාදිතා. මට පාඩුවේ ඉන්න දීලා යන්න මෙතනින්."
"ඒක නෙවෙයිනේ දැන් මං ඇහුවේ."
එයා මට ටිකෙන් ටික ලං උනා. මං පොකුණට වැටෙයි කියලා බයට අහකට උනා. එයාට මාව මෙහෙම රිද්දලා මොකක්ද ලැබෙන තෘප්තිය ?
"තමුන්ගෙ දෙමව්පියො ඉන්නවා නේද. අන්න එයාලා තමුන්ව කූඩෙක දාලා අර ගුබ්බෑයම ඉස්සරහින් තියලා ගියේ ඇයි කියලා මං ඇහුවේ."
"ඇති රාදිතා.. ඔයාට හිතක් පපුවක් නෑ."
"ඔව් ඔව්.. මට හිතක් පපුවක් නෑ Because මට තමුන්ගෙ ඔය බෝලයක් වගේ ලස්සන මූනෙ මේ විදිහට පෙරෙන කඳුළු දකින්න ඕනි 😋."
මගෙ කම්මුල් දිගේ පෙරෙන කඳුළු වලට ගෑවෙන නොගෑවෙන තරමින් ඇඟිල්ල දික් කරලා රාදිතා හිනා උනේ හරි අපරිමිත සතුටක් ලැබුවා වගේ. ඇයි එයාට මගෙ කඳුළු දකින්න ඕනි..
"ඇයි ඔයා මෙහෙම කරන්නේ ?"
මං මූණට අත් දෙක තියාගත්තේ මට එක දිගට ඇඬෙන නිසා. මං කැමති නෑ රාදිතා මගෙ කඳුළු දැකලා සතුටු වෙනවාට. ඔයා දන්නවද හේෂාන්. අද ඔයාගෙ තීරණය මගෙ පස්සෙන් එළව එළවාම පලි ගන්නවා කියලා. ඔයා මගෙ කඳුළු දැක්කා නම් රාදිතාට මගෙ ඇස් වලට පේන්නවත් එන්න දෙන්නෙ නෑ.
"තව අඬනවා. මට ඕනි ඔය කඳුළු දකින්න. දන්නවද මං ඒකාලෙ විඳපු දුක තමුන් හේෂාන් එක්ක ඉන්නවා බලාගෙන. ඒ දුක තමුන්ටත් විඳින්න දෙන්න ඕනි. මං තමුන්ව මැරෙනකම්ම රිද්දනවා. ඒකයි මේ රාදිතා එක්ක හැප්පෙන්න එන්න එපා කියන්නේ."
රාදිතා දත් මිටි කාගෙන මගෙ මූණට ලං උනා. මං හිමිහිට පස්සට ගියේ මගෙ පපුවටත් අත් දෙක ගුලි කරන්. ඒ එක්කම මං දැක්කෙ රාදිතා කෙලින් ඈත පිටිපස්සෙන් හිටන් ඉන්න ඒ රුව දිහා. ඒ වෙන කවුරුත් නෙවෙයි..
..................................................... 🖤 ...
*කව්ද ඒ ඉන්නේ 🤔
*මින්දි පව් නේද 🥺
රාදිතා නම් පුදුම කෙල්ලෙක් 💔
Sachy Collins