Spring is far away - 12

Spring is far away - 12

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 12 | Tears


Previous


එයාගෙ හුස්ම වැටෙනවා මගෙ මූණ ලඟින්ම දැනෙද්දි මං ඇස් පියා ගත්තා. ඒ එක්කම මට දැනුණේ ඒ දෙතොල් මගේ දෙතොල් උඩ ස්පර්ශ වෙනවා කියලා. එකපාරටම එයා මාව තුරුලට ගත්තේ මාව සිප ගන්න ගමන්..


මට හුස්ම ගන්නත් බෑ.. ඊට හපන් මේ මොකක්ද මේ වෙන්නෙ !!


"ඈව් 😫."


ටේබල් එකෙන් ඔළුව උස්සපු මං දැක්කේ කලින් නිදන් උන්න විදිහටම මං ඉන්න විදිහ. කෝ දැන් මාව කිස් කරපු හේෂාන්. ටික වෙලාවක් යද්දි මගෙ මෝඩ මොලේට තේරුණා මම දැකලා තියෙන්නෙ හීනයක් කියලා. ඒ උනාට ඒ වගේ මහා අමුතු, ලැජ්ජාවක් නැති, අශික්ෂිත හීනයක් දකින්න තරම් මගෙ හිත මොන තරම් විකෘති වෙලාද. මං පපුවට අත තියාගත්තේ ආයෙමත් ඒ හීනෙ මතක් වෙලා. ඇත්තටම මින්දි දැන් නම් ඔයාගෙ ලැජ්ජ නහරෙ නැති වෙලාද කොහෙද..


"අරුෂි මැඩම්."


"අමේලියා 😨."


මට හති මේ මීටරේට දෙකට දුවලාත්. ඇත්තටම මට දැනටමත් දාඩිය දාලා මූණත් රතු වෙලා. මොකක්ද මට ඒ හීනෙ දැකපු වෙලේ ඉඳන් උනේ. එවෙලෙ ඉඳන් නෙවෙයි මීටින් එකේ ඉඳන්.


"මට දැන්ම ගෙදර යන්න පුළුවන්ද. මගෙ බඩ රිදෙනවා මැඩම්."


"එහෙමද. කමක් නෑ යන්න. යද්දි සයින් කරලා යන්න."


"හරි.."


මං ඉක්මනින් ගිහින් බෑග් එකත් ලෑස්ති කරන් රූම් එකට වෙලා AC එක දාන් හිටියේ දාඩිය නිවෙන්න. රූම් එකේ ඉන්නත් බෑ. ඒ හීනෙ මතක් වෙලා ආයෙ මාව රෝස පාට වෙනවා. අයියෝ මෝඩියේ. මීට කලින් හේෂාන් තමුසෙව කිස් කරලා නැද්ද, මීට වඩා දේවල් වෙලා නැද්ද. මගෙ මයින්ඩ් එක මගෙන් අහනවා. ඒ උනාට එයා ඒකාලෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. ඒත් දැන් එයා මගෙ බොස්.


දාඩියත් නිවුණට පස්සෙ මං බෑග් එකත් අරන් සයින් කරලා ඉක්මනින් එලෙවේටර් එකට නැග්ගෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන්න. ඉතින් බට්න් එක ඔබලා මං බලන් හිටියා. මෙන්න බොලේ මං උඩට යනවා. පල්ලෙහාට යන්න ඕනි එක උඩට යන්නෙ ඇයි. මං ඉක්මනින් බැලුවේ බට්න් දිහා. මං ඔබලා තියෙන්නේ උඩට යන්න නේ. ඒ පාර මගෙ මනෝභාවය කොහෙ ගිහින්ද. මං ඉක්මනින් G ඔබලා පල්ලෙහාට බැස්සා.


පල්ලෙහා පොළක් වගේ ආයෙමත්. මං ඉතින් හැමෝම මැද්දෙන් ගියේ එළියට යන්න හිතන්. ඒත්,


මගෙ ඉස්සරහටම මට හම්බුණේ ගෙදර යන්න එන හේෂාන්ව. එයාව දැකලා මගෙ මූණත් රෝස පාට උනා. එයා බලනවා ඇයි මේ කියලා. මං ඉක්මනින් මූණත් වහගෙන එළියට දිව්වේ ආපු ලැජ්ජාවට.


හවස් උනා 🦊🍂🧡..


යන්තමට කොණ්ඩෙත් හුලං පාරකින් වේලගෙන මං ගාඩ්න් එකට වෙලා පූසා එක්ක මල් පැල වගයක් උදුරලා දාලා අලුත් ඒවා වගයක් හිටෙව්වා. ඒ කාලෙ හේෂාන් ගෙනවිත් දුන්න පයිනස් පැලේ දැන් ටිකක් ලොකු වෙලා. ඒක වත්ත පහල හැදෙනවා. ගෙදර හැදුවා වගේ නෙවෙයි ඉතින් නඩත්තු කරන්නත් එපැයි. දැන් අලුතෙන් තීන්ත ගාන්නත් වෙයි.


Peek..


කාර් එකක හෝන් එකක් ඇහුණ නිසා මං ඉස්සරහ බැලුවා. රුෂානා අක්කා ඒ බඳින්න ඉන්න අයියා එක්ක ඇවිත්. පොඩ්ඩක් ඉන්න ඒ කොල්ලා මට දැකලා පුරුදුයිනේ. මෙයා කවුරු හරි ධනපති කෙනෙක්ගෙ පුතෙක්ද ?


"ගාඩ්න් එකේ වැඩද ?"


"ඔව්. අපි යමු ඇතුලට."


මං එයාලාව එක්කන් ගිහින් වාඩි කරවලා ගියේ තේ දෙකක් හදන් එන්න. කපල් එකට තේ බීලම එපා වෙලා ඇති. ඒත් කරන්න දෙයක් නෑ. මේ මින්දි අතින් හදන රස තේ එකක් බොන්න හැමෝටම පින නෑ. ඒ දවස් වල සිස්ටර් මට ටොක්කකුත් ඇන්නා තේ එකේ සීනි නෑ කියලා.


මං ඉතින් තේ දෙකත් හදලා මේසෙ උඩින් තියලා එයාලා එක්ක කතාවට බැස්සා.


"ඔයා ගමෙන් ගියා විතරයි අපිට ආරංචියක්වත් උනේ නෑනේ."


"අහ්.. මං එහෙ ඔෆිස් එකේ වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ගෙදර එන්නත් බැරි උනා."


"ඒක තමයි."


මට දැනුයි මීටර් උනේ. මේ ඉන්න පිරිමි ළමයා කම්පැනි එකක CEO කෙනෙක්ගේ පුතෙක්. නම නම් මතක නෑ. හැබැයි එක දවසක් පත්තරේක මුල් පිටුවෙ හිටියා.


"මෙයාව දන්නවා නේද ?"


"මට දැකලා පුරුදුයි."


"රශේන්.."


"ආ.. දැනුයි මතක් උනේ."


මෙයාට කොහෙද මේ කොල්ලව හම්බුණේ. සල්ලි කාර කොල්ලෙක් අල්ලන්න නම් සල්ලිකාර කෙල්ලෙක්ම වෙන්න ඕනිනේ. මං ඉතින් කොහොමද හම්බුණේ කියලා අහද්දි මෙයා කතාව පටන් ගත්තා.


"අපි කම්පැනි එකේදි හම්බුණේ. එයාලගෙ අම්මලා මාව දැකලා මගෙන් ඒ ගැන ඇහුවා. එතකොට අපි දෙන්නා Affair එකේ හිටියේ."


"ආහ්.. ශෝක් නේ."


මට පුදුමයි මං රශේන්ගෙ වෙඩින් එකට යනවා කියලා. එයත් ලංකාවෙ ගොඩක් අය දන්න කෙනෙක්නේ.


"මින්දි ඒ කාලෙ හේෂාන් එක්ක හිටියා නේද. මං දැක්කෙ නෑ හේෂාන්ව ගොඩ කාලෙකින්."


"අහ්.. එයා මේ දවස් වල ගොඩක් Busy බිස්නස් වැඩ එක්ක."


"ආහ්.. ඒක තමයි. මින්දිට දැන්ම මැරි කරන්න හිතක් නැද්ද ?"


"මං මැරි කරන්නයි ඉන්නේ.. හේෂාන්ගෙ මල්ලි.. තේෂාන්ව."


"මොකක්.. ඔයා තේෂාන් යුවසිංහ මැරි කරනව 😨 ?"


"ඔව්.."


"විශ්වාස කරන්නත් බෑ. ඔයා ගොඩාක් ලකී. ඒ පවුලෙ ලේලියක් වෙන්නත්."


මොන ලකීද. රිච් ෆැමිලි එකක ලේලියක් වෙන එක ලක් එකක් නෙවේ. ලක් එක කියන්නේ, තමන් ආදරේ කරන කෙනාගෙ වෙන එක.


"අපිට ලේට් උනා."


එයා එහෙම කියලා මට ඉන්විටේෂන් එක දික් කලා. ඒක ලස්සන කාඩ් එකක්. මට කාඩ් එකෙන් වැඩක් නෑනේ. හෙට යන්න ඇඳුමක් හොයා ගන්න එපැයි.


"අපිටත් ඔයාව හොයාගන්න බැරුව ගොඩාක් තැන් වල හෙව්වා. නැත්තම් මීට කලින් වෙඩින් එක කියන්න තිබ්බා."


"මං ඕසී වල හිටියේ පහුගිය දවස් වල."


"ආහ්.. එක තමයි."


"එහෙනම් Good Luck. මං මැරේජ් එකට එන්නම්."


"හරි මින්දි.. අපි යන්නම්. පරිස්සමින් ඉන්න."


"ඔයාලත්."


එයාලා ගියා රුං ගාලා. දැන් හෙට ඉතින් මං තනියම. මට අමුත්තකුත් දැනෙනවා ළඟ ලඟම කරදරයක් එනවා වගේ. මං මේ සැනසීමේ හිටපු දවස් ටිකට හරියන්න සුනාමියක් වත් එයි වගේ. මගෙ ජීවිතේ හැමදාම එහෙම නේ උනේ.


ඉස්සර වගේ කේක් ටිකක් හදලා දැම්මොත් මොකද. මං ඉතින් රසට හදන්න දන්න එකේ ඉරිදා සෙනසුරාදා නිකන් ඉන්න එකේ අද හදලා හෙට උදේ දැම්මා නම් හරි. මං ගාව ප්‍රාග්ධනය තියේ. පොඩ්ඩක් යොදලා අද හවසට බඩු ගෙනවිලා කප් කේක් ටිකකුයි කේක් ටිකකුයි දාලා ටවුන් එකේ කඩේට දාන්න ඕනි. එයාලා එදා ඉඳන් මගෙන් ඉල්ල ඉල්ල නේ හිටියේ.


ටිකක් රෑ වුණා..


"තාත්තාට අද උදේ මින්දිව හම්බුණාද ?"


හේෂාන් සාලෙට ඇවිත් තාත්තා ගාවින්ම වාඩි වෙලා ඇහුවා. තාත්තා ඒක කියන්නයි හිටියේ. ඒත් අමතක වෙලා ගියා එයාට.


"අහ්.. ඔව් පුතා.."


"මොකක්ද කිව්වේ ?"


"මට කියවෙන්න ගියානෙ ඔයාට අසනීපයි කියලා."


"ඉතින් 😦 ?"


"මං කොහොම හරි ඒක වැහුවා. හැබැයි මං එයාට කිව්වා ඩොක්ටර් විජිත් කිව්ව එක."


"ඊට පස්සෙ ?"


"දෝණිට ටිකක් අවුල් ගියා ඒකට."


ශෂීන්ද්‍ර දැක්කා එවෙලෙ මින්දිගෙ ඇස් වල කඳුළු පිරෙන හැටි. ඒත් එයා හරියටම ඇත්ත දැන ගත්තම මීට වඩා දුක් වෙන බව තාත්තයි පුතයි දෙන්නම දන්නවා.


"අපිට හැමදාම මේක දෝණිගෙන් හංගන්න බැරි වෙයි.. එතකොට මොකද කරන්නේ ?"


"කරන්න දෙයක් නෑ තාත්තේ. එයාට ඒක දරා ගන්න වෙයි. කොහොමත් එයා ශක්තිමත්. මොකද එයා මීට වඩා දුක් විඳපු ගෑනු ළමයෙක්නේ."


"මං ඒත් දෝණිගෙන් ඇහුවා පුතා එක්ක දැන් වැඩිය නැත්තෙ ඇයි කියලා. ඔයා ඒ ළමයාට කිව්වද රාදිතා ඉන්න නිසා අයින් වෙන්න කියලා."


කිව්වා තමයි. හේෂාන් මින්දිට කිව්වේ රාදිතා මැරි කරන නිසා Giveup වෙමු, ආයෙ හම්බෙන්නත් එපා, කතා කරන්නත් එපා, අමතක කරන්න කියලා.


"අහ්.. නෑ ඩැඩී.. එයා හිතලම අයින් වෙන්න ඇත්තේ. රාදිතා කොහොමත් කැමති නෑ මං වෙන ගෑනු ළමයි ඕනෑවට වඩා ආශ්‍රය කරනවට."


"ඒක තමයි.. ඒත් ඒ ළමයත් අවුලෙන් ඉන්නේ. මීටින් එක වෙලේ මං බලාන. දෝණි ඔයා දිහා බලන් හිටියා 🤭."


"ඔව්.. මාත්.. දැක්කා."


"තාත්තේ.."


තේෂාන් ෆෝන් එකත් අරගෙන සාලෙට ඇවිත් අර දෙන්නාට ඉස්සරහා පුටුවෙන් ඉඳ ගත්තා. එයාගෙ මූණෙන් පේනව මොකක් හරි ලොකු දෙයක් කියන්න තියනවා වගේ.


"අම්මගෙ පපුව රිදෙනවලු ටිකක්."


"ආ ?"


"නෑ නෑ අමාරු නෑ. දන්නවනෙ කොලෙස්ටරෝල් වැඩීනෙ එයාට දැන්."


"ඒ උනාට කොලෙස්ටරෝල් කියන්නෙ හාට් ඇටෑක් වලට මුල."


"එහෙම අවුලක් නෑ. බේත් ටික දුන්නම අම්මට හරි ගියා."


"අර වැඩට ඉන්න ළමයින්ට මං කියලා තියෙන්නෙ නුවන්තිට හරියට වෙලාවට බේත් ටික දෙන්න කියලා. කොහෙද ඉතින් අමතක කරනවනේ."


"ඔතන ඉන්නවා නේද තාත්තේ සදිනි කියලා ගර්ල් කෙනෙක්. අන්න එයා ගැන මට කම්ප්ලේන් එකක් ආවා. එයා කිචන් එකේ බඩු උස්සන් ගෙදර යනවලු."


හේෂාන්ට හිනා ගියා එහෙම කියද්දි. ගෙදර බඩු උස්සන් යනවා කියලා දන්නවා නම් මෙලහකට නුවන්ති අම්මා ඒ කෙල්ලොන්ව අයින් කරලා දාලා. හැබැයි සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් නම් අද කාලයේ ඉන්න හැම මේඩ් කෙනෙක්ම කරන වැඩක්. බඩු හොරෙන් අරන් යන එක.


"අපි අල්ලලා දෙමුද මල්ලි."


"ඔයාට මාව විහිළුවක් වගේද පේන්නෙ 😑."


"අපෝ නෑ. හැබැයි තාත්තේ අපේ මල්ලි ගැන පොඩ්ඩක් ඇටෙන්ශන් එක දෙන්න වෙයි."


"ඇයි ?"


"එයා මෙහෙ වැඩට ඉන්න ගෑනු ළමයි එක්ක හොරෙන් කතාව."


"අනේ මට ඔය එකේක කෙල්ලො එක්ක කතා කරන්න ඕනි නෑ."


ළඟින් යන්න බෑ අයියයි මල්ලියි දෙන්නා පොඩි හරි අමනාපයක් පටන් ගන්නවා. චූටි කාලෙ රණ්ඩු වලින් බේරන්න නම් බෑ. ලොකු වෙද්දි නම් හරි ගියා. ඒත් ඒ චූටි කාලෙ නහර තාම තියනවා.


ටික වෙලාවක් ගියාට පස්සෙ ශෂීන්ද්‍රට මතක් උනා මින්දි ගැන. එයාව තේෂාන්ට ප්‍රපෝස් කරානේ. එයා උත්තරයක් දුන්නද නැද්ද දන්නෙ නෑ. හැබැයි දීලා නම් කෙල්ල මොන වගේ උත්තරයක් දීලා ඇත්ද මෙලහකට ?


"මං අම්මව බලලා එන්නම් තාත්තේ."


"හ්ම්."


හේෂාන් පඩිපෙළ නැග්ගෙ අම්මාව බලන්න උඩට යන්න හිතන්. එදා අම්මා එහෙම තීරණයක් ගත්තත් ඒ ඉන්නෙ තමාව බිහි කරපු අම්මා නිසා හේෂාන් කිසිම අමනාපයක් ඇති කරගත්තෙ නෑ. එයාලට හැමදේටම වඩා වටින්නෙ එයාලගෙ කම්පැනි එක. යුවසිංහ ගෲප් එක. ඉතින් අම්මා තාත්තා ගන්න තීරණ වලින් එහාට හේෂාන්ට යන්න බෑ. මොකද දැන් යුවසිංහ ගෲප් එක තියෙන්නෙ සම්පූර්ණයෙන්ම එයාගෙ අතේ.


"දෝණි තීරණයක් දුන්නෙ නැද්ද පුතා ?"


"ආහ්.. මට කියන්න අමතක උනානේ. එයා මේ දැන් මට කෝල් කරා. මං ඔයාලට කියන්නමයි පල්ලෙහාට ආවේ."


"මොකද කිව්වෙ ?"


"මින්දි මාව මැරි කරන්න කැමතියි කිව්වා."


ඊලඟ පඩියට ගිය කකුල එතනම නැවතුණ නිසා හේෂාන් ගල් ගැහිලා වගේ බලන් හිටියේ ඊළඟට මොනාද වෙන්නෙ කියලා. මින්දි දෙයක් එපා උනොත් එහෙම තීරණ ගන්න කෙල්ලෙක් නෙවෙයි කියලා කොල්ලා හොඳටම දන්නවා. ඒත් එයා කිසිම දෙයක් නොදන්න කොල්ලෙක්ව මැරි කරන්න මෙහෙම එකපාරටම කැමැත්ත දුන්නෙ ඇයි කියලා හේෂාන්ගෙ හිතේ තර්කයක් ඇති උනා.


'ඇයි මින්දි එකපාරටම මෙහෙම තීරණයක් ගත්තේ' ඒ පෑරුණ හිත මිමිණුවා.


අලුත් දවසක් 🌿🍁🌷..


"ඔයාලාගෙ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා හිතා ගන්න."


මං කේක් පෙට්ටි තුනත් තියලා කඩේ මාමාට එහෙම කිව්වා. එයාලටත් හරි සතුටුයි මගෙ කේක් වල සුවඳ ආවම. මොකද මේ ටික අද හවස් වෙද්දිම විකිණෙන බව එයාලා දන්නවා. එයාලගෙ කඩේට නෙ ඉතින් ටවුන් එකේ බිස්නස් වැඩිම.


"මොනා මොනාද දුවේ තියෙන්නෙ ?"


"චොක්ලට් කේක්, බටර් කේක්, රිබන් කේක්.. මේ පොඩි පෙට්ටියේ කප් කේක්ස් තියනවා. ඒවා අයිසින් දාලා තමයි හදලා තියෙන්නේ."


"හා.. අද හවස් වෙද්දි මේ ටික යයි දුවේ. පුළුවන්ද හෙටත් හදලා ගේන්න."


"ම්ම්.. බලමු මාමේ. මට අද වැඩ වගයක් තියේ ඔෆිස් එකේ. ඒ අස්සෙන් වෙලාව තිබ්බොත් මං කේක් ටික හරි හදලා ගේන්නම්කෝ."


"හරි.. ඒත්.. හේෂාන් මහත්තයා කැමතිද දුව මේක කරනවට. මහත්තයා දැනගත්තොත් මට බනීවි."


මං මෙහෙ පදිංචියට ආපු මුල් කාලෙත් කඩේට කේක් දාලා මටම ගාණක් හොයා ගත්තා. සාමාන්‍යයෙන් මට දවසකට ලාභය දාහක් වගේ ලැබුණා. ඒත් ඒ නපුරු කුමාරයා මාව අයිති කර ගත්තට පස්සෙ මට කඩේට කේක් දාන්න දුන්නෙ නෑ. එයාගෙ සල්ලි වලින් මට වියදම් කරා මිසක්. එයා ආස නෑ මං ඒවා කරනවට. ඒත් දැන් එහෙම කෙනෙක් මට තහංචි දාන්න නෑනේ.


"මහත්තයා ආයෙ මුකුත් කියන්න එන්නෙ නෑ. එයා දැන් මෙහෙ එන්නෙ නෑ. කොළඹ ඉන්නේ."


"එහෙනම් කමක් නෑ. දන්නවනේ මහත්තයගෙ හැටි. එයා අකමැතියි නේ නෝනා කඩේට කේක් දානවාට."


එයාට ලැජ්ජ හිතෙන්න ඇති එයාගෙ ලවර් කඩේට කේක් දාලා සල්ලි හොයන කෙල්ලෙක් කියලා. ඒ නිසා මට එහෙම කියන්න ඇති. හේෂාන් යුවසිංහගෙ (ලෝකෙට) හොඳම යාළුවා කඩවල් වලට කේක් දාලා සල්ලි හොයද්දි එයාටමනේ අගෞරවය.


මං ඉක්මනින් ගෙදර ගියේ ආයෙමත් කේක් වලට බඩු ගන්න ගමන්. අවුලක් නෑ ඉතින් මට පොඩි හරි ලාභයක් ලැබෙනවානේ. ඉතින් ගෙදර ගිහින් කේක් ටිකත් හදන ගමන් මං ඔෆිස් එකේ Documents වගයක් හද හද හිටියේ. එකපාරටම මට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා. ඒත් ඒ නම්බර් එක මට ටිකක් හුරුයි වගේ. කව්ද මේ පාර මට ගන්න ආගන්තුක කෙනා ?


"Hello.. කව්ද මේ ?"


"කටහඬ අඳුන ගන්න බැරිද මිස්ට ?"


"රාදිතා.."


ඒ පාර මොනවා කතා කරන්නද මාත් එක්ක. එදා මට ඇඟිල්ල දික් කරලා ත්‍රෙට් කරලා ගියා. මගෙ අතත් කැඩුවා. තාම හොඳ වෙලත් නෑ. මේ පාර මට මරණ තර්ජන එල්ල කරන්නද ?


"ඔය අඳුන ගත්තෙ හොඳට. මේක හොඳට අහගන්නවා මින්දි."


ඒ පාර හොඳටම යකා නැඟලා. කතා කරපු විදිහෙන් මට බනින්න තමා හදන්නෙ කියලා තේරුණා. නැත්තම් ඔහොම එකපාරටම කෑ ගහන්නෙ නෑනේ. ඒත් මං මොකක්ද මේ පාර කරපු වැරැද්ද.


"තමුන් හිතන් ඉන්නෙ යුවසිංහ ගෲප් එකට ගියා කියලා උඩ පනින්නද."


මං මොකටද උඩ පනින්නෙ යුවසිංහ ගෲප් එකට ගියා කියලා..


"තමුන් හේෂාන් ඉස්සරහට ගියේ ආයෙ එයාව අල්ල ගන්නද. එයා රූම් එකට ආවම ඇඬුවෙ අල්ල ගන්න හිතාගෙනද ?"


ඇඬුවෙ නෑ මට ඇඬුනා. ඒත් කොහොමද මෙයා දන්නෙ මං ඇඬුවා කියලා. එයා යුවසිංහ ගෲප් එක පැත්ත පළාතක ආවෙ නෑනේ.


"ඔයා කොහොමද ඒක දන්නෙ ?"


"මං මෝඩයෙක් නෙවෙයි මින්දි. මට හැම නිවුස් එකක්ම උන සැනින්ම එනවා."


"හරි ඒත් මට හේෂාන් අල්ල ගන්න උවමනාවක් නෑ. මගෙ ඇස් වලින් කඳුළු ආවා. එච්චරයි."


"දුකද සල්ලි නිධියක් නැතුව ගිය එකට. හරි ආසාවෙන් හේෂාන්ගෙ ඇඟේ එල්ලිලා හිටියේ ඒ මනුස්සයාගෙ සල්ලි ටිකට විදින්න නේද. කොහොමත් තමුන් වගේ අනාත හිඟන කෙල්ලෙක්ට ඒ වගේ මෝඩ හීන ඇති. හැබැයි ඒවා හැබෑ වෙන ඒවා නෙවෙයි කියලා මතක තියා ගන්න."


මොනා කිව්වද දන්නෙ නෑ මට ඇඬුනා. ඇයි මං මේ වගේ ජරා කතා අහන්නේ. මං හේෂාන්ට ආදරේ කලේ එයාගෙ සල්ලි වලට කෑදර කමින් නෙවෙයි. මට දුකයි මගෙ අවංක ආදරේට රාදිතා මේ විදිහට අගෞරව කරන එකට.


"මං එහෙම කෙනෙක් නෙවෙයි රාදිතා...."


"තමුන් ඉතින් දැන් ලැජ්ජාවට එහෙම කියයි. ඇයි ඉතින් හේෂාන්ව අල්ල ගන්න බැරි උනානේ. මේක හොඳට මතක තියා ගන්නවා මින්දි. ආතක් පාතක් නැති කෙල්ලොන්ට හේෂාන් වගේ ලොකු ලොකු සල්ලිකාර කොල්ලො අල්ලන්න බෑ. ඒවා ඇති ප්‍රබන්ධ කතාවල. ඒත් මේ ඇත්ත ජීවිතේ. තමුසෙගෙ මෝඩ හීන හැබෑ වෙන්නෙ නෑ මින්දි. අනාත තමුන්ට උඩ අතු අල්ලන්න බෑ."


..................................................... 🖤 ...


රාදිතා මොන වගේ කෙල්ලෙක්ද කියලා දැන් ඔයාලට තේරෙනවා නේද ළමයි 😩


Sachy Collins

Report Page