Spring is far away - 11

Spring is far away - 11

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 11 | An unexpected kiss


Previous


"ඔයාගෙ මැනේජර් කෙනෙක් ඉන්නෙ ලේඩි කෙනෙක්."


"අරුෂි ?"


"අන්න එයා."


හේෂාන් බලුවේ ඇයි මෙයා එයාව අයින් කරන්න කියන්නෙ කියලා. රාදිතා මින්දි මෙහෙ ආවා කියලා දන්නෙ නෑ කියලා තමා කොල්ලා හිතන් ඉන්නේ. ඒත් යටින් දුවන ප්ලෑන් එක දන්නෙ රාදිතා විතරයි.


"මගෙ කම්පැනි එක පොලක් නෙවෙයි රාදි.. ඔයාට හිතෙන විදිහට මැනේජර්ස්ලා ගෙන්නන්නයි යවන්නයි."


"අනේ ඒත්.. මං හොඳටයි කිව්වේ 🥺."


"මොකක්ද හොඳ ?"


"අ.. ලේඩි කෙනෙක් මැනේජර් කෙනෙක් විදිහට ඔයාගෙ කම්පැනි එකේ ඉන්න එක අවුල් නැද්ද. එයාට වඩා හොඳට Boy කෙනෙක් වැඩ කරනවනේ."


"ඔයා අරුෂි ගැන දන්නෙ නැතුවයි කතා කරන්නෙ රාදි.. එයා මට විශ්වාසවන්තම කෙනා ඒ මැනේජර්ස් ලා අතරින්."


රාදිතා බලාපොරොත්තු කඩ වුන විදිහට එයා දිහා බලන් හිටියා. මෙයාගෙ හිත අරුෂිව අයින් කරන්න. එතකොට මින්දිත් ජොබ් එකේ නෑනෙ. ඊට පස්සෙ රාදිතාගෙ වැඩේ ඉවරයි. ඒත් ඒක කරන්න පුළුවන් වෙයිද ?


"සර්.."


අරුෂි ඒ දෙන්නා ගාවට ආවා. රාදිතා හේෂාන්ගෙ අතේ එල්ලුනේ අරුෂි කොල්ලව අරන් යයි වගේ හිතන්. අරුෂිට හිනා යන්නත් ආවා. ඒත් කට තද කරගත්තා.


"අරුෂි.. අර වැඩේ හරිද."


"හරි සර්.. හෙට උදේ 8.00 ට අපි මීටින් එක ශෙඩුල් කරලා තියෙන්නේ."


"හරි.. ඒකට මින්දිවත් එක්කන් එන්න. මොකද එයාටයි ඔයාටයි ගොඩාක් වැඩ තියනවා Next week එකේම."


"වට් මින්දි... එයා මේ කම්පැනි එකට ආවෙ කොහෙන්ද ?"


රාදිතාත් දන්නෙ නෑ වගේ කතා කරා. හේෂාන් දැන් මොනා කියන්නද කියලා කල්පනා කරනවා. අරුෂි කන්ෆියුස් වෙලා.


"රාදී.. මින්දි ආවා ඇසිස්ටන්ට් මැනේජර් විදිහට."


"මොකටද එයාව ගෙන්නුවේ ?"


"ඇයි ඔයාට අවුල්ද රාදි.."


"නෑහ්.. එයා ඔයාගෙ කම්පැනි එකට එනවා කියලා මට ඔයා කිව්වෙ නෑනේ."


"අහ්.. මට කියන්න අමතක උනානේ."


"ඒ උනාට එයාව මේ කම්පැනි එකට හරියන්නෙ නෑ නේද ?"


"ඒ කිව්වෙ ?"


"එයාට වෙන එකක හොඳ ජොබ් එකක් හොයලා දෙන්නකෝ. බෑන්ක් එකක හරි. මං එදා ඉඳන් මින්දිගෙ හැටි දන්නවා. එයා හරි චිල්ඩිෂ් කෙල්ලෙක් නේ. එයාට මේවා ලොකු වැඩියි."


"රාදී..."


හේෂාන් ලොකු හුස්මක් අරන් කතාවට බැස්සේ රාදිතාට මින්දි ගැන කියලා දෙන්න. මොකද අවුරුදු 8 ක් ආශ්‍රය කරපු එයා විතරයි මින්දි ගැන හරියටම දන්නේ.


"මමයි මින්දිගෙ හොඳම යාළුවා අවුරුදු 8 ක් පුරාවට. ඉතින් මං තරම් එයා ගැන කව්ද දන්නේ ?"


"අහ්.. ඔව් ඒකත් ඇත්ත."


කෙල්ලගෙ කට වැහුණා. හේෂාන් කාර් එකේ දොරත් ඇරියේ නගින්න හිතන්. ඒත් රාදිතා අතේ එල්ලිලා බලන් ඉන්නවා පොඩි බබෙක් වගේ. මේ කෝලම් තමා කොල්ලට පෙන්නන්නම බැරි.


"ඇයි ?"


"Drive safely baby."


රාදිතා හේෂාන්ගෙ මූණ අතගාලා එහෙම කිව්වා. කොල්ලා ඉක්මනින් ඒ අත අහකට කලේ ඒ ස්පර්ශ ආගන්තුක නිසා.


"ඔයත්."


ආයෙමත් හේෂාන්ව ඇදලා ගත්තු රාදිතා ඒ කම්මුලේ සිප ගැන්මක් තිබ්බේ කොල්ලගෙ ඇස් පුපුරන සයිස් එකට ලොකු වෙද්දි. මෙච්චර වෙනස් විදිහට හැසිරිලා රාදිතාට මොකක්ද කර ගන්න ඕනි වෙලා තියෙන්නේ කියලා එයා වත් දන්නෙ නෑ. හැබැයි කෙල්ල කිස් කරපු විදිහට තමන්ගෙ මූණෙ ලිප්ස්ටික් තලියක් ඇලුණා වගේ හේෂාන්ට තේරුණා.


"ඔයා මේවාට පුරුදු වෙන්න ඕනි.. අපි දෙන්නා දැන් Fiance & Fiancee නෙවේද ?"


"......"


"දැන් ඔයත් මට කිස් එකක් දෙන්න."


"වට් ?"


"Yeah."


මේකෙන් බේරෙන්න පුළුවන් කිස් එකක් දුන්නොත් විතරයි. රාදිතා බලාපොරොත්තු තියන් හේෂාන් දිහා බලන් ඉන්නවා. ඒත් හේෂාන්ට නම් ගාණක් වත් නෑ. රාදිතා ගාව එයාට කිසිම ආදරයක්, සෙනෙහසක් දැනෙන්නෙ නෑ..


ඒත් අවසානෙ ඒ ලා රෝස පාට දෙතොල් නැවතුණේ රාදිතාගෙ කම්මුලේ. අද වෙද්දි ඒ හැඟීම් සේරම දිය වෙලා ඉවරයි රාදිතා ඉස්සරහා. මොකද කියනවා නම් ඒ ආදරණීය හැඟීම් වල අයිතිකාරි, කොල්ලගෙ ආදරෙත් අරගෙන වෙන් වෙලා ගියපු නිසා..


නොදැනුවත්වම රෑ උනා 🌛


"හාහ්.. ඇති යාන්තම්."


මම සිඩ්නි වලදි වැඩි ගාණකට ගත්තු බිස්නස් කිට් එකක් තිබ්බා. රතුපාට ට්‍රව්සර් එකයි කෝට් එකයි සුදු බ්ලවුස් එකයි. ඒක එහෙ ඒ කාලෙ ආපු ෆැෂන් එකක්. මට දැන් ටිකකට කලින් අරුෂි මැසේජ් එකක් දාලා,


❝ Amelia.. Oya heta eddi tikak lassanata adagena enna. Heta ape special guest kenek enawa ❞


කියලා. ඉතින් මං ඒ ඇඳුම දාලා බැලුවේ ඇද්ද බලන්න. ඒ ටිකට මං මහත් වෙලාද මංදා ට්‍රව්සර් එක ටිකක් හිරයි. ඒත් ඒක ගාණක් නෑ. ඕකට හෙයාස්ටයිල් එකක් තමයි නැත්තේ.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


මට ආයෙමත් උදේ ආපු නොදන්න නම්බර් එකෙන් කෝල් එක එනවා. හවස ගත්තට ආන්ස්වර් කලේ නෑනේ. කව්ද මේ කෙනා ?


"Hello.. කව්ද මේ ?"


"ආහ්.. මින්දි මේ මං.. රුෂානා.. මතකද මාව ?"


"රුෂානා අක්කා ?"


"ඔව් ඔව් මං තමයි."


රුෂානා අක්කා හිටියේ රුවිනිගෙ පංතියේ. මං ඒ ලෙවල් කරද්දි නොදන්න දේවල් එයාගෙන් අහගත්තා. එයා හිටියේ අපේ පල්ලිය ගාවමයි. අවසානෙ එයා කළම්බු මොකක්ද ජොබ් එකක් කරනවා කියලා ආයෙ ගමට ආවෙ නෑ.


"මට අද මින්දිව හම්බවෙන්න පුළුවන්ද.. මගෙ වෙඩින් ඉන්විටේශන් එක දෙන්න තියේ ඔයාට."


"ඔයා මැරි කරනවාද ?"


"ඔව්.."


"අනේ ශෝක් නේ. මං අද හවස ඉන්නවා හතරෙන් පස්සේ."


"හරි මං එන්නම්කෝ. ඇවිත් අපි කතා කරගමු."


"හරි අක්කේ."


මට හරි සතුටුයි එයා මැරි කරනවා කිව්වම. දැන් ඉතින් අර කච කච දෙකත් එක්ක යන්න එපැයි මං වෙඩින් එකට. කමක් නෑ ඉතින් පොඩ්ඩක් ඔළුව දාලා එනවා.


"කෝ දැන් මට ඒකට අඳින්න ඇඳුමක් ?"


ඔන්න ලෝක ප්‍රශ්නේ. මට වෙඩින් වලට අඳින්න ඇඳුම් නෑ. අනික මං වෙඩින් වලට ගිහිනුත් නෑ ජීවිතේට. මේ මගෙ පළවෙනි වෙඩින් එක මං ඉපදුණාට පස්සෙ යන. මං ඉක්මනින් Town එකේ Saloon එකේ ගෑනු ළමයාට කෝල් එකක් ගත්තේ මට කොහෙන් හරි රෙන්ට් එකට හරි ගවුමක් ගන්න. නැත්තම් මං ඇඳුම් නැතුව යන්න යෑ.


අලුත් දවසක් 🌿🌻🦋..


කිට් එකත් ඇඳල මං ඉන ගාවට දිග දුඹුරු පාට කොණ්ඩෙත් කඩලා දාලා යුවසිංහ ගෲප් එකේ එන්ට්‍රෙන්ස් එකෙන් ඇතුලට ගියා. ඇතුලෙ ඉන්න අයට පිස්සු හැදිලා වගේ මං දිහා බලන් යනවා. ඒත් ඇයි මේ මං දිහා හැමෝම බලන්නේ. මගෙ කොතනක හරි අවුලක්ද ?


මං නැවතිලා බැලුවේ ඇඳුමෙ කොහෙ හරි ඉරිලාද කියලා. එහෙම අවුලකුත් නෑ තාම අලුත්නෙ මේක. නැත්තම් මගෙ මේකප් එකේ අවුලක්ද. ලිප්ස්ටික් වැඩි උනාද. මං ඉතින් මෝහිනියක් වගේ මේකප් කරන්නෙ නෑනේ. එතකොට අවුල මගෙ කොණ්ඩෙ වත්ද. නෑනෙ මං බස් වල නෙවෙයි කාර් වලනේ එන්නේ. එහෙව් එකේ කොහොමද අවුල් වෙන්නේ. නැත්තම් මෙයාලා බලන්නේ මම ලස්සන නිසාද ?


කල්පනාවෙන් මිදුණ මං එකපාරටම දැක්කේ ඉස්සරහින් ඒ එන රුව. වෙන කවුරුත් නෙවෙයි හේෂාන්ගෙ තාත්තා. ශෂීන්ද්‍ර යුවසිංහ. එයත් පුතාලා දෙන්නා වගේමයි. වයස උනත් ඇඟ, පෙනුම තරුණ පාටයි. ඒයාට එච්චර ලස්සන රූප සම්පත්තියක් ලැබෙන්න ඇත්තේ ගිය ආත්මේ කරපු කුසල් නිසා වෙන්න ඇති. වටේම හිටපු අය එයාට ඔළුව නමලා ඉඩ දුන්නා. ඒත් මං පාර මැද මෝඩියෙක් වගේ.


"Good Morning දෝණි."


තාත්තා මං ගාවට ආවා. මාත් ඉතින් හිනා වෙලා කතා කරා. අනිත් මිනිස්සු බලාන අපි දෙන්නා හිතවත් විදිහට කතා කරන එක දිහා.


"Good Morning තාත්තේ. ඔයාද අද එනවා කිව්ව ස්පෙශල් කෙනා ?"


"නැත්නම් ඉතින් වෙන කව්ද. මං මේ අවුරුද්දකට පස්සෙ කම්පැනි එකට ආවේ."


"ආහ්.. ඒක තමයි."


"ඒක නෙවෙයි. මං දෝණිගෙන් අහන්නමයි හිටියේ."


"මොකක්ද තාත්තේ ?"


"දෝණි දැන් ලොකූ එක්ක වැඩිය නෑනේ. මොකක් හරි අවුලක් උනාද ?"


මට හිතුණා අම්මා හරි තාත්තා හරි ඕක මගෙන් අහයි කියලා. දැන් හරිනේ. මං කොහොමද කියන්නේ මමයි හේෂානුයි ආදරේ කරලා Giveup උනා කියලා.


"එයා රාදිතාව මැරි කරන්න නේ ඉන්නෙ. ඉතින් මං එයා එක්ක ඉන්න එක........"


"හොඳම යාළුකම් වෙන් වෙන්න කිසිම හේතුවක් නෑ පුතේ."


තාත්තා මගෙ ඔළුව අතගාලා එහෙම කිව්වා. අනේ මටත් නුවන්ති අම්මා වගේ අම්මා කෙනෙක් නැතුව මේ වගේ තාත්තෙකුයි එකේක මත විශ්වාස කරන්නෙ නැති අම්මා කෙනෙකුයි හම්බුණා නම්..


"ඒ උනාට රාදිතාත් අකමැති ඇති තාත්තේ. මං ගෑනු ළමයෙක් නේ."


"එහෙම එකක් නෑ. දෝණි පුතා එක්ක ඉන්න. ලොකූ මේ දවස් වල ඉන්නෙ හොඳින් නෙවෙයි."


"ඇයි තාත්තේ.. හේෂාන්ට මොකද ?"


"අහ්.. නෑ.. මේ.. එයා අසනීපෙන්. හිටියට එයාගෙ මයින්ඩ්සෙට් එක හොඳින් නෙවෙයිලු තියෙන්නෙ. අපි ගියා සයිකෙයට්‍රිස්ට් කෙනෙක් ගාවට."


මට කියාගන්න දෙයක් නෑ. මං කොහොමද මාව අතෑරපු කෙනා එක්ක ඉන්නේ. ඒත් එයාට මොනා හරි ලෙඩක් වත්ද. එදා ඉඳන්ම එයා කිය කියා හිටියේ එයාට අමුත්තක් දැනෙනවා කියලා. හැබැයි එහෙම දෙයක් උනොත් මට....


මට දරාගන්න බැරි වෙයි..


........


"අමේලියා.. ඉක්මනින් එන්න. මීටින් එකට වෙලාව හරි."


මං අරුෂිගෙ ෆයිල් ටිකත් උස්සන් ගියේ මීටින් රූම් එකට. ඒකෙ තියන ගැජමැටික්ස් දැක්කම මගෙ හුලං ගියා වගේ. මොඩර්න් ටෙක්නොලොජි එක භාවිතා කරලා ලස්සනට හදපු රූම් එකක්.


"Take a seat mindi."

(ඉඳ ගන්න මින්දි)


එතන හිටපු කවුරු හරි මට එහෙම කිව්වා. ඒත් මගෙ ඇස් යොමු වෙලා තිබ්බේ ඉස්සරහා තාත්තාට එහා පැත්තෙ හිටපු එයාගෙ ලොකු පුතාට. මං හිමිහිට පුටුවකින් ඉඳ ගත්තා. මං දැක්කා හේෂාන් මං දිහා බලනවා. ඒත් මං ඉක්මනින් අහක බලා ගත්තු නිසා මං එතනින් එහාට දැක්කෙ නෑ. එයා ගැන කියන්න දෙයක් නෑ. මට වඩා දහ ගුණේකින් එයා ලස්සනයි. හරියට නිකන් ඉටි රූපයක් වගේ. ඉතින් මාව ගැලපෙයිද.


"Ok.. Let's start."


එයාලා ඉන්ග්ලිශ් වලින්ම කියෝනවා කියෝනවා වේගෙන්. මටත් ඉතින් තේරුණා කියන ඒවා. එයාලගෙ මේ මාසෙ ලාභය 5% ක් ඉහල ගිහිල්ලාලු. ඕක කියන්නද මෙතෙනට එන්න කිව්වෙ ඉතින්. කරන්න දෙයක් නෑ මං අහන් හිටියා. එකපාරටම මට හේෂාන් දිහා බැලුණා. ඒ ඇස් මං දිහා බලන් ඉඳලා අහක බලාගත්තා. ඇයි මේ මාව අතෑරලා දාපු කෙනා මං දිහා හොරෙන් බලන්නේ. කොහොමටත් හේෂාන්ට තිබුණේ හොරෙන් බලන ඇස් දෙකක්. ඉස්සර එයා හැමදාම කලේ මං දිහා හොරෙන් බලපු එක.


ඒත් එයා ඉස්සර වගේ නෙවෙයි තමයි දැන්. තාත්තා කිව්ව විදිහට එයාට අවුලක්වත්ද. රැවුලත් කම්මුල් පුරා වවාගෙන ඔහේ ඉන්නවා. ඒ මදිවට දැන් කෙට්ටුත් වෙලා වගේ ටිකක්.


"මින්දී.."


"හහ්.."


"ඔයා හොඳින් නේද ?"


අරුෂි මගෙ අතින් අල්ලන් අහනවා. මං බලද්දි හැමොම මං දිහා බලාන. ඒ මදිවට හේෂානුත්. දෙවියනේ මෙච්චර වෙලා මං හේෂාන් දිහා බලන් ඉඳලද ?


"අ.. අහ්.. නෑ මං හොඳින්."


"හ්ම්.. එයා තාම අලුත් නේ. ටිකක් කල් යයි පුරුදු වෙන්න."


උදේ උන දේට මං ලැජ්ජාවට රූම් එකට වෙලා හිටියා මිසක පැය ගාණකටවත් එළියට ආවෙ නෑ. මං එච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නෙ කොහෙද කියලා මටවත් හිතාගන්න බෑ.


❝ මං එච්චර වෙලා කවුරු දිහාද බලන් හිටියෙ මැඩම් ❞


❝ කවුරු දිහා බලන් හිටියත් මොකෝ. සර් ඔයාගෙ හොඳම යාළුවා නේ ❞


එයා එහෙම හිනා වෙවී කියද්දි මගෙ ඔළුවත් රත් උනා. එයා දිහා බලන් ඉන්නවා තාත්තා දැක්කා නම් එයා දැනගන්නවා අපේ ඇත්ත කතාව.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


මගෙ ෆෝන් එකේ සද්දෙටත් මාව ගැස්සිලා ගියේ කල්පනාවක හිටපු නිසා. සැලෝන් එකේ නංගි ගන්නේ.


"ආහ්.. කියන්න."


"මං ඩ්‍රෙස් එකක් හොයා ගත්තා අක්කේ. ඒක අලුත් එකක්. ඊයෙ ඇවිත් තියෙන්නේ."


"ඉතින් ඒක මොන වගේද ?"


"මෙරූන් පාට දිළිසෙන ටයිට් Dress එකක්."


"දිගද කොටද ?"


"දිගයි ඉතින්. පිටිපස්සෙන් පොඩ්ඩක් ඕපන් එකක් තියනවා."


"හරි.. මට ෆොටෝ එකක් එවන්නකෝ. මං බලන්නම්."


"හැබැයි ඒක ටිකක් ගණන්. දහයක් විතර වෙයි."


"හ්ම්.. ඔයා දාන්න කෝ."


ටේබල් එක උඩට වෙලා මං ඔළුව තියාගත්තා. ටික වෙලාවක් ගිහින් මට නින්දත් ගියා. ඉතින් මම හොඳට නිදි. හැබැයි මගෙ මයින්ඩ් එක අවදියෙන්..


ඒ අස්සෙ මට ඇහුණේ මගෙ රූම් එකේ දොර ඇරෙනවා වගේ සද්දයක්. ඉතින් මං ඔළුව උස්සලා බැලුවා. දොර ගාව හිටපු කෙනා දැකලා මං පුටුවෙන් නැගිට්ටුනේ පාලනයකින් තොරව. එයා කොහෙන්ද මෙතන.


"හේෂාන්.."


මං එයාගෙ නම කියනවාත් එක්කම එයාගෙ ඇස් වලින් තියුණු බැල්මක් මට යොමු උනා. මට කරගන්න දෙයක් නෑ. ඒත් ඇයි මේ මෙයා දැන් ඕනෑවට වැඩිය මට ඇටෙන්ශන් එක දෙන්නේ. අපි Giveup උනා හේෂාන්..


එයාගෙ අඩියෙන් අඩිය මං ගාවට ආවා. මං කන්ෆියුස්. මොකක්ද දෙවියනේ මේ මනුස්සයාට වෙලා තියෙන්නේ ?


"මොකක් හරි උවමනාවක්ද ?"


ඒත් එයාගෙ සද්දයක් නෑ. අවසානෙ එයා මං ගාවටම ආවා. එයා එන්න එන්න ලං වෙන නිසා මම පස්සට ගියා. ඒ එක්කම මාව වැදුණේ ග්ලාස් වෝල් එකේ. මට එතනින් එහාට යන්න බෑ. එහෙම උනොත් ග්ලාස් වෝල් එක කැඩෙයි.


හේෂාන් මගෙ ලඟටම ඇවිත් අත් දෙක ග්ලාස් එකෙන් තියලා මං දිහා බලන් ඉන්නවා. මම ගැහෙන සයිස් එකට දැන් නම්. මොකක්ද එයා මට මේ කරන්න හදන්නේ. මේ ඉන්නෙ නම් මං දන්න කෙනා නෙවෙයි.


"ඇ..ඇයි මේ ?"


මං කතා කරාට එයාගෙන් කිසි සද්දයක් නෑ. ටික වෙලාවක් යද්දි ඒ මූණ මගෙ මූණට ලං උනේ මං ග්ලාස් එකට ඔළුව තද කරගද්දි. එයාට පිස්සු හැදිලද. උදේ තාත්තා කිව්වනේ මයින්ඩ්සෙට් එක හොඳ නෑ කියලා. එහෙම කිව්වෙ මේ හින්දද දන්නෙ නෑ. ඒත් එයා මං දන්න දවසෙ ඉඳන් සිහියෙන් වැඩ කරපු කෙනෙක්. මෙහෙම පිස්සෙක් වගේ හැසිරුණේ නෑ. හැබැයි මං එක්ක ඒ ගෙදර තනියම ඉද්දි නම් මේ වගේම පිස්සු වැඩ කරා තමයි.


එයාගෙ හුස්ම වැටෙනවා මගෙ මූණ ලඟින්ම දැනෙද්දි මං ඇස් පියා ගත්තා. ඒ එක්කම මට දැනුණේ ඒ දෙතොල් මගේ දෙතොල් උඩ ටච් වෙනවා කියලා. අවසානෙට හිතපු නැති විදිහට එයා මාව තුරුලට ගත්තේ මාව සිප ගන්න ගමන් 💖..


මට හුස්ම ගන්නත් බෑ.. ඊට හපන් මේ මොකක්ද මේ වෙන්නෙ !!


..................................................... 🖤 ...


මේ මොකක්ද මේ වෙන්නේ 😳


ඔයාලට හිතෙන විදිහට මේක හීනයක්ද නැත්නම් ඇත්තක්ද ?


Sachy Collins

Report Page