Spring is far away - 10
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 10 | A Wish
පර්ෆියුම් එකේ සුවඳ එද්දි මට හිතුණා එයා එයි කියලා. මං නොහිතපු වෙලාවක මං ඉස්සරහා හේෂාන් ආයෙත් හිටන් ඉන්නවා. මං පුටුවෙනුත් නැගිට්ටුනා. කෙල ගිලෙන්නෙත් නෑ. ඒත් ඇයි මේ මං "මාව දාලා කියපු කෙනා" ඉස්සරහා බයක් ඇති කරගන්නේ. ඉතින් මං හොඳට හුස්ම අරන් ඒ ඇස් දිහා කෙලින් බැලුවා. ඒත් මගෙ හාට් බීට් එක 400 ට ගැහෙනවා වගේ.
"......"
මට කියන්නත් බෑ මුකුත්. එයාත් නිශ්ශබ්දයි. වෙනදා දැනෙන ඒ සැහැල්ලුව මට දැන් එයා ගාවින් දැනෙන්නෙ නෑ ඉස්සර වගේ. ඒ ඇයි කියන්න මම දන්නෙත් නෑ.
"මං මේ.. ඔයාට විශ් කරන්නයි ආවේ."
මට මොනා විශ් කරන්නද හේෂාන් මෙවෙලෙ ආවේ. මොනා උනත් ඒ ඇස් මගෙ ඇස් වලට යොමු වෙලා තිබ්බේ. ඒ වගේම මගෙ ඇසුත්..
"ම්ම්.. Congratulations මින්දි.. ඔයාව අපේ කම්පැනි එකට පිළිගන්නවා."
එයාම මට ආයෙ කතා කරන්න එපා කියලා දැන් එයාම මං ඉස්සරහටම ඇවිත් කතා කරා. ඒත් එයා කවදාවත් දෙකට නැවෙන්නෙ නෑ කාටවත්.
"ත්..තෑන්ක් යූ.. සර්.."
"සර් කියන්න එපා. ඔයා මට ඉස්සර කතා කරපු විදිහටම කතා කරන්න. අපි දන්න අය නෙවේද."
ඔයාට දුක නැද්ද හේෂාන් ඔයා මගෙ ඉස්සරහටම ඇවිත් මෙහෙම කියන්න. මගෙ ඇස් වලින් ආයෙමත් කඳුළු ආවා. ඔයාට මාව දන්න කෙනෙක් විතරමද. ඔයාට මතක නැද්ද හේෂාන් අපි දෙන්නා හිටපු විදිහ. අපි අතර තිබ්බේ නිකම්ම බැඳීමක් නෙවෙයි. ඔයාට මාව නැතුව බැරිම උනා. ඔයාමයි මගෙ පස්සෙන් ආවේ. මට මතකයි ඒ දවස් වල ඔයා හැසිරුණ විදිහ..
මං නැතිකොට පිස්සුවෙන් වගේ හැසිරුණ ඔයා ඇයි දැන් මෙහෙම කතා කරන්නෙ. මගෙ හිත රිදුණ නිසාදෝ මංදා මගෙ ඇස් වලින් කඳුළු බිංදු දෙක තුන පැන්නා. මං එයා දිහා බලද්දි එයා මං දිහා බලන් තාමත්. නෑ ඒ චූටි ඇස් යොමු වෙලා තියෙන්නේ මගෙ තෙත් උන කම්මුල් වලට. එයා අකමැතියි මගෙ කඳුළු වලට.
"මං ඔයාට.. දන්න කෙනෙක් විතරයි... නේද.."
"......"
මම කඳුළු එක්කම හිනා වෙද්දි ඒ ඇස් ගැස්සුනා. එයාට උවමනාව තිබ්බා මං ගාවට වෙනදා වගේම දුවන් ඇවිත් මගෙ කඳුළු පිහින්න. ඒත් එයාට දැන් ඒක කරන්න බෑ.
"තැන්කියු.. හේෂාන්.."
මං මගෙ ඇස් වලින් වැටුණු කඳුළු පිහන් එයා එක්ක හෑන්ඩ් ශේක් කලේ හිතේ ගින්න මාව මෙතනම අලු කරලා දාන්න පුළුවන් විදිහට නැගිලා එද්දි. එයා කොහොමද ඒ හැමදෙයක්ම මතකෙ තියන් මට මෙහෙම කතා කරන්නෙ ඇවිත්. ඒ කියන්නෙ එයා ඒ සේරම අමතක කරලද ?
"ඔයාට කම්පැනි එක ඇතුළෙ මොකක්ම හරි ප්‍රශ්නයක් උනොත් ඒක මට කියන්න."
මං ඔළුව වනද්දි එයා මං දිහා තත්පරයක් දෙකක් බලන් ඉඳලා යන්න ගියා. මං හිටි තැනම ගල් වෙලා. ඒ පර්ෆියුම් එකේ සුවඳ මගෙ රූම් එක පුරාම පැතිරිලා. මට දැනෙන්නෙ මං ආයෙමත් ඒ අතීත ලෝකෙට ගියා වගේ. එයා එක්ක මං සතුටින් හිටපු ඒ ලස්සන කාලෙට..
ඒත් නෑ. මං තාමත් මේ වර්ථමානය ගැන කිසිම විටෙක විශ්වාස කරන්න බැරි ලෝකෙ තාමත්. ඒ කාල සීමාවෙ මං තාමත් හිටන් ඉන්නවා. ප්‍රශ්න ගොඩක් ඉතිරි වෙලා තියනවා මට අහන්න එයාගෙන්. ඒත් ඒ හැමදේටම උත්තර දෙන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ.
......
"ආහ්හ් 😠."
රාදිතා ගෙදර බඩු පොලේ ගහනවා ඇහිලා එයාගෙ තාත්තා දුවන් ආවේ ඇයි බලන්න. වෙලාවකට ඇවිලිලා ඉන්න තමන්ගෙ දුව මේ වගේ බොළඳ වැඩ කරනවා කියලා දන්නවා එයා.
"මොකද මේ සුදූ ?"
"ඩැඩී.. අර චීප් ගර්ල්.."
"මොන ?"
"මින්දි... අන්න ඒ මෝඩ කෙල්ල."
"ඉතින්."
"එයා යුවසිංහ ගෲප් එකට ඇවිත්.. මේ දැන් හේෂාන් එයාව හම්බවෙන්න ගිහින් ඩැඩී.. මේ බලන්න."
රාදිතා තාත්තාට පෙන්නුවේ හේෂාන් මින්දි එක්ක කතා කරන ෆොටෝ එකක්. ඒකත් CCTV Record එකකින් අරන්. ඒත් කව්ද මෙවෙලෙ මේ වගේ වැඩක් කරන්නේ. ඔෆිස් එකේ කවුරු හරිම ඉන්නවා රාදිතාට උදව් කරන කෙනෙක්.
"මං දැනන් හිටියේ එහෙ ඉඳලා ආවම ඕක වෙයි කියලා."
"ඩැඩී.. ඒ කෙල්ල අඬලා හේෂාන්ව ආයෙ අල්ල ගන්නද කොහෙද."
"මේක හොඳ දෙයක් නෙවෙයි සුදූ.. අපි මොකක් හරි කරන්න ඕනි."
"ඔය කෙල්ලව අර අන්ඩර්වර්ල්ඩ් එකේ කෙනාට අල්ලලා දුන්නා නම් හරි."
"ඒවා කරොත් හේෂාන් දැනගනී ඒක කලේ අපි කියලා."
"පිස්සුද ඩැඩී.. හේෂාන්ට මාව එයාගෙ ෆැමිලි එකේ අයටත් වඩා විශ්වාසයි 😆."
"ශ්ශ්.. කාට හරි ඇහෙයි."
හේෂාන් දැනටමත් දන්නවා රාදිතා කියන කෙල්ලගෙ වෙනත් ස්වරූපයක් තියනවා කියලා. එහෙම බැලුවම මෝඩ වුනේ රාදිතා. හැබැයි මේ කෙල්ල දන්නෙ නෑ තමා මෝඩයා කියලාවත්.
"මං දැන්ම යනවා ඩැඩී.. ගිහින් හේෂාන් එක්ක මේ ගැන කතා කරනවා."
"එහෙම කරලා ?"
"මං දන්නවා ඔය කෙල්ලට කරන්න ඕනි දේ.."
........
"හේෂාන්..."
කම්පැනි එකෙන් එළියට එනකම් බලන් ඉඳලා රාදිතා පිස්සු හැදිලා වගේ කොල්ලා ගාවට දුවන් ගියා. හේෂාන් ගෙදර යන්නයි ගියේ. කොහෙද ඉතින් කොහොල්ලෑ ගුලියක් ආවනේ හම්බ වෙන්න.
"ඇයි රාදි.. හදිස්සියක්ද ?"
"ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?"
"හ්ම්.. කියන්න."
"මං එයාලට කිව්වා මං යුනිවර්ස් යන්නෙ නෑ කියලා."
කොල්ලට විශ්වාස කරගන්නත් බෑ. එදා මේ නිසා බැනලා රණ්ඩු උන කෙල්ල අද ඇවිත් තමන් ඉස්සරහා එහෙම කියද්දි හේෂාන් නිකන් කන්ෆියුස් උනා වගේ.
"ඇත්තටම ?"
"ඔව්.."
"ඒක හොඳ දෙයක් රාදි.. ඔයාට වෙන ගන්න ඩිසිෂන් එකක් නෑ කොහොමත්."
"හ්ම්.. අහන්නකෝ හේෂාන්.."
"Why ?"
රාදිතා අමුතු විදිහට හරි බරි ගැහිලා ලෑස්ති වෙද්දි හේෂාන් හිතුවා අලුත් නාඩගමක් නටන්න තමයි කියලා. මේ කපටි කෙල්ලත් එයාගෙ ඇටෙන්ශන් එක ගන්න කියුට් විදිහට හැසිරෙනවා.
"අපේ කම්පැනි එක දුර නිසා එන්න බැරුව ඉන්නවා මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයා මැනේජර් කෙනෙක් කලින් බෑන්ක් එකක. මේ.. එයාට මම කිව්වා ජොබ් එකෙන් අයින් වෙලා ඔයාගෙ කම්පැනි එකට එන්න කියලා."
සැහැල්ලුවට කියන ලස්සන දැකලා හේෂාන්ට තරහා යනවා ඉතින්. ජොබ් එකකට යනවා කියන්නෙ විහිළුවක් නෙවෙයි. අනික යුවසිංහ ගෲප් එකට එනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
"ඔයා දැන් මට මොකක්ද කරන්න කියන්නේ ?"
"අ.. මේ.. එයාව ගන්න බැයිද. එයා ගොඩාක් හොඳ කෙනෙක්. අපි ඉන්ටර්විව් එකක් තියමු."
"දැනටමත් මට මැනේජර්ස්ලා හතර දෙනෙක් ඉන්නවා මේ බ්‍රාන්ච් එකට."
"එයත් පිරිමි කෙනෙක්.. එයා ගානට මැනේජ් කරයි."
"ඉතින්.."
"හැබැයි ඒ වෙනුවට කෙනෙක්ව අයින් කරන්න වෙනවා."
"කව්ද ?"
මේ කෙල්ල එන පොට හොඳ නැති බව හේෂාන් දන්නවා. එයා මැනේජර් කෙනෙක් අල්ලගෙන මොන නාඩගමක් නටන්න යනවද..
"ඔයාගෙ මැනේජර් කෙනෙක් ඉන්නෙ ලේඩි කෙනෙක්."
"අරුෂි ?"
"අන්න එයා."
..................................................... 🖤 ...
අරුෂිව අයින් කරලා රාදිතා මොනාද කරන්න යන්නේ ?
(රියැක්ට් කමෙන්ට් කරන අයට ආදරෙයි. මේ දෙන ගානටම දිගටම තියා ගමු 💖)
Sachy Collins