Spring is far away - 09
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 09 | Truth
කටහඬ හුරු නිසා මං ඩොක්ටර් දිහා බැලුවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි සෙවිඳි. රුවිනියි ක්‍රිෂ්නියි එක්ක හිටපු කෙනා..
රුවිනියි සෙවිඳියි වෙන් වෙන්න හේතුව ඒ දෙන්නාම හේෂාන්ට කැමති උන එක. රුවිනි කැමැත්ත ඇහුවාට සෙවිඳි එයාගෙන් කැමැත්ත ඇහුවෙ නෑ. එයාට ඕනි උනේ යාළුවෙක් හැටියට හේෂාන්ට ලං වෙන්න. අන්තිමට උනේ යාලුවො දෙන්නා සෙපරේට් උන එක.
❝ තමුසෙ මගෙ යාළුවෙක් කියන්නත් ලැජ්ජයි සෙවිඳි.. තමුසෙට මොන හයියක්ද මං එක්ක ඉඳන් හේෂාන්ට කැමති වෙන්න.. හොඳම යාලුවො කවදාවත් මේ වගේ බලු වැඩ කරන්නෙ නෑ ❞
එදා එයා සෙවිඳිට බැනලා Friendship එක නතර කරද්දි මාත් ක්ලාස් එකේ හිටියා. අන්තිමට සෙවිඳිට හේෂාන්ව ලැබුණෙත් නෑ. රුවිනිට හේෂාන්ව ලැබුණෙත් නෑ.
අන්තිමට.. එයාව මට ලැබුණෙත් නෑ..
රාදිතා තමයි ඒ වාසනාවන්ති. ඒත් රාදිතාව මට දැන් අල්ලන්නෙ නෑ. මොන හේතුවක් නිසාද මංදා. එයාගෙ පෙනුමෙ ඉඳන්ම හරිම අමුතුයි.
කොහොම හරි සෙවිඳිට මං එතෙනට ආපු එක ලෝක පුදුමයක්. එයා හිතන්න ඇති මං හැමදාම අනාතයෙක් වගේ ඉඳී කියලා. ඒත් මට මගෙ වාසනාව ටික කාලයක් යද්දි හරි ආවා. ඒකත් "හේෂාන්" නිසා.
"මං දන්නෙත් නෑ ඔයා ඩොක්ටර් කෙනෙක් කියලා."
"අපේ ස්කූල් එකේ යාළුවො දෙතුන් දෙනෙක්ම ඇවිත් පුදුම උනා."
"එහෙමද.."
"මොකද මෙයාට."
"අහ්.. මෙයා ඊයෙ රෑ මට හම්බුණේ. මං නාලා කන්න දුන්නා. මෙයාගෙ කනේ තුවාලයක්, අනික මේ ඇහැ."
එයා පූසාව අතට අරගෙන බැලුවා. මං බැලුවේ සෙවිඳි මැරි කරලද කියලා. ඔව් එයාගෙ අතේ මුද්දකුත් තියනවා. ඒ කියන්නෙ එයා මැරි කරලා දැන් සතුටින් ඇති.
"එයාගෙ ඇහැ උප්පත්තියෙන්ම නෑ. දැන් ඒ ඇහැට විෂබීජයක් ගිහින් ඉදිමිලා තියෙන්නේ. අපි කනට බේත් දාමු. මං ඇහැට දාන්න බේත් එකක් දෙන්නම්. ඒක එයාට දවසකට සැරයක් දාන්න."
"හරි.."
එයා පූසාව ට්‍රොලි එකක් උඩින් තියලා කනට බේත් දාන්න ගත්තා..
"හේෂාන් කොහෙද. එයා හොඳින්ද ?"
හැමෝම මගෙන් අහන ප්‍රශ්නේ. මට උත්තර දෙන්නත් බැරි එකම ප්‍රශ්නේ. ඒත් හැමදාම මට මේක හංග හංග ඉන්න බෑ. එයා රාදිතාව මැරි කරනවා කියලා රාදිතා පැජන්ට් ගියාම කියයි. ඊට පස්සෙ මං කිව්ව හැම දෙයක්ම බොරු වෙනවනේ.
"අපි Giveup උනා."
"ආ 😨 ?"
එයා වැඩේ නවත්තලා මං දිහා බැලුවා. ඇත්තටම එයාට පුදුම ඇති මං හේෂාන්ගෙන් අයින් උනා කිව්වම.
"ඇයි ඒ. මොකක්ද උනේ. ඔයාලා හොඳට හිටියනේ."
"එයාලගෙ ගෙදර අය මට අකමැතියි."
"අයියෝ.. එහෙමද. මට ආරංචි උනා මේ අවුරුද්දෙ අන්තිම එයා මැරි කරනවා කියලා. ඒ ඔයා නෙවෙයිද ?"
"නෑ.. රාදිතා ෆර්නැන්ඩස්."
"ආහ්.. අර ඇන්ඩෲස් ෆර්නැන්ඩස් කියන බිස්නස්මන්ගෙ දුව නේද ?"
"ඔව්."
කතාවෙන්ම එයා පූසාට බේත් දැම්මා. මට එයාගෙන් අහන්නත් හිතයි මැරි කරලද නැත්තම් Engage වෙලාද කියලා. ඒත් එහෙම අහන්නත් අවුල් වගේ.
"ඔයාට දැන් කොහොමද ?"
"මං මැරි කරා. දැන් මාස 6ක පුතෙක් ඉන්නවා."
"එහෙමද 😦."
මොකක්.. එයාට මැරි කරලා බබෙකුත් ඉන්නවාද. ඒත් රුවිනි කාගෙද ඒ එල්ලිලා හිටියේ. එයාගෙ තත්වෙ මොකද දැන් ?
"රුවිනිට කොහොමද. මං දැක්කා එයා හේෂාන්ගෙ යාළුවෙක් එක්ක ඉන්නවා."
"මාත් එච්චර දන්නෙ නෑ. එයා ඕලෙවල් විතරයිනෙ කලේ. ඊට පස්සෙ ගෙදර හිටියලු. දැන් එයා ජනිත් එක්ක එෆෙයා එකක් තියනවලු. ඔයා කොහොමද දැක්කේ."
"අහ්.. මං.. තේෂාන්ව මැරි කරන්නයි ඉන්නේ. එයාලගෙ ගෙදරදි දැක්කේ."
"ආ.. ඔයා තේෂාන්ව මැරි කරන්නද යන්නේ 😨 ?"
"ඔව්.."
එයා හිතනවා ඇති අයියව අල්ලගන්න බැරි උණ නිසා මම මල්ලිගෙ ඇඟේ නැග්ගා කියලා. ඒත් ඇත්ත දන්නෙ මමයි යුවසිංහ ෆැමිලි එකයි විතරයිනේ.
"කීයද ?"
"සල්ලි එපා මින්දි."
"එහෙම මං කැමති නෑ. කීයද කියන්නකෝ."
මං තව දුරටත් අසරණයෙක් නෙවෙයි. ඉතින් මට මගෙ සල්ලි වලින් ගෙවන්න පුළුවන් එකේ ඇයි කාටවත් ණය වෙලා යන්නේ.
"එයාගෙ බේත් එක ෆාමසි එකකින් ගන්න. මං තුවාලෙට බේත් දාන්න නම් ගන්නේ 500යි."
"හ්ම්.."
මං එයාට ගාන දීලා යන්නයි හැදුවේ. ඒත් එයාම මට කතා කරා,
"මින්දී.."
"ඕ.."
"ඇත්තටම මට සතුටුයි ඔයා ගැන. ඔයා දැන් වෙනස් වෙලා. ඉස්සර වගේ නෙවෙයි."
ඔව් ඉතින්. ඕනි කෙනෙක්ට පේනවා ඉස්සර හිටපු හපුටු කෙල්ල නෙවෙයි මං කියලා. ඒත් මෙයාලා හිතන්න ඇති මං හැමදාම ගොනෙක් වගේ ඉඳියි කියලා.
මං සද්ද නොකර පූසාවත් අරගෙන එළියට ගියා. ඒ එක්කම කළුපාට බෙන්ස් එකක් මගෙ ඉස්සරහින්ම නැවැත්තුවා. ඒකෙන් බැස්ස කෙනා දැකලා මම කන්ෆියුස්.
රාදිතා.. එයාගෙ යාළුවෙක් එක්කද කොහෙද බල්ලෙක්ව අරන් ඇවිත්. ඒ බල්ලවත් මට පේන්නෙ රාදිතා වගේ මහා නපුරු කෙනෙක් වගේ..
එකපාරටම රාදිතාගෙ ඇස් යොමු උනේ මගෙ බේත් බැඳලා තියන අතට. එයා ඇස් ලොකු කරන් ඒ දිහා බලන් හිටියා. හරියට නිකන් අතක් කැඩිච්ව මනුස්සයෙක් දැකලා නෑ වගේ. ටික වෙලාවක් ගියාට පස්සෙ ඒ ඉරිසියාකාර ඇස් යොමු උනේ මගේ ඇඟට. එයා වගේ සුදු කෙල්ලෙක් නෙවෙයි මං. ඒ උනාට එයාගෙ කෙට්ටු ඇඟට වඩා මගෙ ඇඟ ලස්සනයි.
එයාගෙ ඇඟ මගෙ ඇඟ වගේ නැති නිසා ඒකටත් ඉරිසියා ඇති. මං එයාට වඩා පාටින් අඩු උනාට මටත් මිස් වර්ල්ඩ් යන්න තිබ්බා. ඒත් ඒ ක්‍රව්න් එක ඊළඟ එක්කෙනා බිහි වෙනකම් විතරයි. මං ආස නෑ තාවකාලික දේවල් මගෙ ජීවිතේට ලං කරගන්න. මොකද ඒක මට වේදනාවක් ගේන නිසා.
මං එයාට හිනා උනා. ඒත් එයා මාව ගණන් නොගෙන එතනින් බල්ලවයි යාළුවායි එක්කන් ඇතුලට ගියා. අනේ මාත් මොකටෑ එකේක එක්කෙනාගෙ ලොකුකම් බලන්නේ. ඉතින් මාත් පූසාවත් අරගෙන වාහනේට නැග්ගා.
"Hello. මිස් අමේලියා නේද ?"
"ආහ් ඔව්.."
"මං කතා කරන්නෙ යුවසිංහ ගෲප් එකේ සෙකන්ඩ් මැනේජර්. අරුෂි උහාසා. ඔයා මාව දන්නවා නේද ?"
"ආහ් ඔව් මැඩම්."
"මං ඔයාට කතා කලේ හෙට එන්න කියන්න. දැන් Rest කලා ඇති නේද."
එයා එහෙම කියද්දි මටත් හිනා ගියා. ඒ මැනේජර් ගාව මං Assistant Manager විදිහට වැඩ කරන්නයි යන්නෙ. ඒකත් යුවසිංහ ගෲප් එකේ.
"හරි හරි.. මං හෙට එන්නම්කෝ."
"Okay. මං 3rd Floor එකේ 15 රූම් එකේ ඉන්නවා ඉන්නවා. ඔයා හෙට උදේම ඇවිත් මාව හම්බ වෙන්නකෝ."
"හරී.."
මං වත්තෙ තිබ්බ වල් තණකොල ගස් ටික ගැලෙව්වා. මේ ගෙදර හදද්දි ගාඩ්න් එකත් එක්ක වියදම් කරලා හදලා තියෙන්නේ. ඉතින් ඒවා රැකගන්නත් එපැයි. මං වැඩ කර කර ඉද්දි පූසා එනවා මං ගාවට. එයාට පාලු ඇති මං එක්කම ගෙදර ඉන්නත්. ඒත් මට තාම එයාට නමක් වත් දාන්න බැරි උනා.
"මං ඔයාට මොකක්ද දාන නම.. ම්ම්.."
එයා මං එකතු කරපු කොළ ගොඩ අවුස්සනවා. ඕන්න ඕවා තමා පෙන්නන්න බැරි මට. මං කරන වැඩ අවුල් කරන අයට මං ආස නෑ ඉතින්. කරන්න දෙයක් නෑ මේ සතා තිරිසනෙක් නේ. ගහලා බැනලා හදන්නද
"ඔයා ඔය කරන්නෙ මං ආසම නැති දෙයක්."
එයා දන්නෙ මියෑව් කියලා කියන්න විතරයි. පව් එක ඇහැක් නැතුව අනිත් ඇහෙන් බලලා ජීවිතේ කොහොම බේරගත්තද මංදා. මෙයා වාහන වලටත් හැප්පෙන්න තිබ්බා.
........
"සර්.."
"Yes ?"
"මං මින්දිට කෝල් කරලා කිව්වා හෙට එන්න කියලා."
අරුෂි හේෂාන් ඉස්සරහට ගිහිල්ලා කියද්දි කොල්ලා කර කර හිටපු වැඩේත් නවත්තලා බැලුවා. එයාට උවමනාව තිබුණා මින්දිව ඔෆිස් එකට ගේන්න. ඒත් මෙතන දැන් ලොකු අවුලක් තියනවා.
"හරි ඒත්.. එයාට වැඩිය අනිත් අය එක්ක කතා කරන්න දෙන්න එපා."
"ඇයි සර්.. මොකක් හරි අවුලක්ද ?"
"එයා මගෙ ලෙඩේ ගැන දැනගත්තොත් ඉවරයි."
"සර්.. ඒක දැනටමත් ඔෆිස් එකේ අය බාගෙට බාගයක් දන්නවා. මින්දි ආවට පස්සෙ එයාටත් කවුරු හරි අනිවාර්යයෙන්ම ඒක කියයි. අපිට ඒක එයාගෙන් හංගන්න බෑ."
"ඒ උනාට මං දන්නවා.. එයා ඒක දැනගත්තම.. මෙතන හැසිරෙන විදිහ.."
මින්දි තාම ඒ ගැන දන්නෙ නෑ. දන්නව නම් නිකන් ඉන්නෙත් නෑ. එයාට දරාගන්න බැරි වෙයි හේෂාන්ට ලියුකේමියා කියලා.
/𝙇𝙚𝙪𝙠𝙚𝙢𝙞𝙖 :- ලියුකේමියාව යනු අස්ථි ඇටමිදුළු සහ වසා පද්ධතිය ඇතුළු ශරීරයේ රුධිරය සාදන පටක වල පිළිකාවකි.
"මං පුළුවන් තරම් එයාගෙන් ඒක හංගන්න බලන්නම්."
"හ්ම්.. පුළුවන් නම් මට ඒ උදව්ව කරන්න. ඔයාට ගොඩාක් Thanks අරුෂි."
"ඒක සුළු දෙයක් සර්."
එහෙම කියලා අරුෂි එතනින් යන්න ගියා. හේෂාන් ටේබල් එක උඩ ඔලුව තියාගත්තේ ඇඟට දැනෙන තෙහෙට්ටුව නිසා. එයා ලෙඩෙක් නිසා වැඩිය මහන්සි වෙන්නත් හොඳ නෑ. ඒ උනාට කම්පැනි එකේ වැඩ වලට අත ගහන්නෙ නැතුව ඉද්දි ඉන්න බෑ වගේ. එයාට එකපාරටම මතක් උනේ අද මේ හැම දෙයක්ම කනපිට ගහන්න මුල් උන මහා විකාර හේතුව..
°•°•°•° (අතීතයට)
"තාත්තේ.. කව්ද අර ගේ ඇතුළෙ ඉඳන් ඉන්නේ ?"
"කව්ද මංදා බාබා කෙනෙක්ලු. අම්මාට මගදි හම්බවෙලා මොකක්ද කියලා එක්කන් ඇවිත් ආයෙ."
"මොකක්ද අනේ මේ අපේ අම්මට වෙලා තියෙන්නේ."
"අනේ මංදා පුතා. ඔයා දන්නවනේ අම්මට පිස්සු වැඩ කරන්න උවමනාවක් තියනවා කියලා."
අම්මා එන්න කිව්ව නිසයි හේෂානුයි තේෂානුයි තාත්තයි තුන් දෙනාම පල්ලෙහාට බැස්සේ. හේෂාන් එද්දිම බාබා කන්න වගේ බලන් හිටියා. කොල්ලා නම් ඔය මත විශ්වාස කරන්නෙ නෑ. ඒත් අම්මගෙ විකාර වැඩ නේ.
"නෝනා.. මේ ඉන්නෙ ඔයාගෙ ලොකු පුතා නේද ?"
"ඔව්.."
"දෙයක් කියන්නම්. හැබැයි අමනාපයක් ඇති කරගන්න එපා. ඒක තමයි ඇත්ත මොන දේ උනත්."
"මොකක්ද ?"
බාබා හේෂාන් ගාවට ආවා විතරයි කොල්ලා පස්සට ගියේ එක එක්කනා ලඟට එනවට ආස නැති නිසා..
"යුවසිංහ පරම්පරාව ගෙනියන්න පුළුවන් ඔයාගෙ ලොකු පුතාට විතරයි. එයාට අනාගතේ පුත්තු දෙන්නෙක්ම ලැබෙනවා. ඒත් බාල පුතාට ලැබෙන්නෙ දුවලා දෙන්නෙක් විතරයි."
අයියටයි මල්ලිටයි හිනා යන්නත් ආවා. ඒත් දෙන්නා කන්ෆියුස් වෙලා මූණට මූණ බලන් ඉන්නවා. මැරි කරන්න එපැයි හම්බෙන්නෙ පුතෙක්ද දුවෙක්ද කියලා බලාගන්න. ඒත් එහෙම කියලා කියන්න පුළුවන්ද මෙහෙම දුවෙක්ද පුතෙක්ද කියලා. මැරි කරලාත් නැතුව. කෙල්ලෙකුත් නැතුව ?
"ඇත්තටම ?"
"ඔව්.. යුවසිංහ පරම්පරාව ගෙනියන්නෙ ඔයාගෙ ලොකු පුතා විතරයි. ඒ නිසා එයාගෙ කසාදෙ කෙරෙන්න ඕනි පොහොසත් ගුණවත් රූමත් ගෑනු ළමයෙක් ඉන්න ගෙදරකින් විතරයි."
"අම්මා මොකක්ද මේ විකාරේ.. මේ මනුස්සයාට යන්න කියන්න 😑."
"පුතා බාබා කියන්නෙ ඇත්ත. එයා ඔයාව දැකලා මට පාරෙදිත් මේක කිව්වා."
°•°•°•° (වර්තමානයට)
එදා හේෂාන්ට තරහා ගියා තමන්ගෙ මල්ලිට එහෙම කියලා බාබා පහත් කරලා කතා කරද්දි. ජෙනරේෂන් එක ගෙනියන්න නම් හොඳ කෙල්ලෙක් බලලා මැරේජ් එකක් කරන්න එපැයි. එයා හිතුවෙම මෙයාලා පොත් පාඩම් කරන් කියන් යන ඒවා කියලා. ඒත් අවසානෙ නුවන්ති අම්මා ඒක විශ්වාස කරලා රාදිතාව හොයලා දුන්නා හේෂාන්ට මැරි කරන්න..
"අනේ අම්මා.. ඔයා ඒ මනුස්සයා කියන ඒවා විශ්වාස කරනවාද.. අනික මං ඔය රාදිතා කියන ගර්ල්ට කැමති නෑ."
"එහෙම කියලා හරියන්නෙ නෑනේ පුතේ. ඔයාව හැමෝම දන්නවා. එහෙම එකේ කොහෙවත් යන කෙල්ලො බඳින්න බෑනේ."
"කොහෙවත් යන කෙල්ලො.. මං කොහෙද එහෙම අය එක්ක සම්බන්ධකම් තිබ්බේ ?"
"ඔයා අර අනාත නිවාසෙ ගෑනු ළමයා එක්ක ඉන්න එක නවත්තන්න."
"ඒ මගෙ හොඳම යාළුවා කියලා ඔයාට කියලා තියනවනෙ අම්මේ."
"හොඳම යාළුවා උනත් ඒ ගෑනු ළමයෙක්. රාදිතා කැමති නෑ ඔයාට ගෑනු යාළුවෝ ඉන්නවට."
අම්මට කියලා හේෂාන් රණ්ඩු උන එක විතරයි උනේ. අවසානෙ මින්දිව එයාට අයින් කරන්න උනා ඒ කතාවෙන්ම. ඒක ටිකක් දරාගන්න අමාරුයි තමයි. ඒ හිත් තැවුල් නිසාමත් හේෂාන්ගෙ ලෙඩ වැඩි වෙන්න ඇති.
"මට සමාවෙන්න මින්දි."
ඒ ඇස් වලින් වැටුණ කඳුළු මේසෙ උඩට එකතු උනා. එයාට උවමනාවක් තිබුණෙ නෑ කවදාවත්ම රාදිතා වගේ ආදරයක් නොහිතෙන ගෑනු ළමයෙක්ව මැරි කරන්න. එයාට ඕනිම උනේ මින්දිව.
ඒත් අවසානෙ හැමදේම වෙනස් උනා..
........
"අනේ මින්දියෝ..."
දුල්නෙත්මියි සංජානායි දෙන්නා මාව දැක්ක ගමන් තුරුලු කරගත්තේ රට ගිහින් ආවට පස්සෙ ඒ දෙන්නාව බලන්නවත් යන්න බැරි උන නිසා. දැන් ඉතින් මට බැනුම් කෝටියයි.
"දැන්ද මතක් උනේ ආ.. අපි මැරිලා කුණු උනත් තෝ දන්නෙ නෑ 😒."
"හරි හරි ඉතින්.. ඔබතුමියලා දන්නවනෙ මට හෙනට ප්‍රශ්න උනා කියලා."
"ආහ්.. අපිට කියන්න මොකක්ද උබයි හේෂානුයි අතර උනේ කියලා."
මං එයාලා එක්ක කතා කරේ එදා රට යද්දි මට උන හැමදේම. එයාලටත් විශ්වාස කරගන්න බෑ ඒක ඇත්තක්ද කියලා. මොකද හේෂානුයි මගෙයි අතර තිබුණේ ශක්තිමත් බැඳීමක්.
සංජානායි දුල්නෙත්මියි දෙන්නා O/L කරලා දැන් කෝස් එකක් Follow කරලා ඔෆිස් එකක ජොබ් එකකට යනවා. කෝස් ෆී එකට මං සල්ලි දුන්නෙ. ඒකත් හේෂාන් දුන්න ඒවගෙන්. එයාලට O/L Results මදි උනා A/L කරන්න. එයාලට විතරක් නෙවෙයි. අනාත නිවාසෙ ඉන්න හැම ළමයෙක්ටම එච්චර හොඳ රිසාල්ට් ආවෙ නෑ. මොකද අපිට ගොඩාක් ප්‍රශ්න ආවා. ඉස්කෝලෙ ඉගෙන ගන්නවාට වඩා අපිට උනේ රැග් කන්න. එකේක සල්ලිකාර කෙල්ලො කොල්ලො අපිව තුට්ටු දෙකට දාලා පුළුවන් තරම් මානසිකව වැට්ටුවා. හැමෝම එයාලාට මුකුත් කිව්වෙ නෑ සමහර ළමයි ඇර..
අන්තිමට විශ්වාස කරන්න බැරි විදිහට මං හොඳ රිසාල්ට් එකක් දාලා. පල්ලියේ සිස්ටර්ස්ලාත් සතුටු උනා. මට හැම එකටම C, B තිබිලා ගණිතය, ඉංග්‍රීසි විතරක් A ඇවිත්. ඉතින් මං අනාත නිවාසෙ ළමයින් අතරින් උසස් පෙල වරම් ලබා ගත්තු එකම ළමයා උනා. ඒක මට ආඩම්බරයක්..
"මින්දි.. ඔයාට Maths, Bio යන්න බැරි උනාට Commerce වලින් යන්න පුළුවන්. අපරාදෙ දෙවනි වටයට වත් ඉල්ලලා ඉස්කෝලෙ එන්න."
ප්‍රින්සිපල් මාව හම්බුණාම එහෙම කිව්වා. ඒත් මං වගේ අනාථ කෙල්ලෙක්ට ඕවාට වියදම් කරන්නෙ කව්ද. ප්‍රින්සිපල් සර්ට මාව හරි විශ්වාසවන්තයි. ඒ වගේම සර් අනිත් අයට වඩා මට ගොඩාක් ආදරෙයි එයාගෙ දරුවෙක්ට සේම.
"මට බෑ සර්. මට ඕවාට වියදම් කරන්නෙ කව්ද ?"
"අපරාදෙ දුව.. A/L කරා කියන්නේ කොච්චර පන්නරයක්ද. කැම්පස් යන්න බැරි උනත් ඔයා වගේ ළමයෙක්ට."
"සල්ලි තිබුණා නම් මං ඉස්කෝලෙ එනවා සර්."
"මං මින්දිට ඔෆර් එකක් දෙන්නම්. දුව ඉස්කෝලෙ එන්න බලන්න. ටවුන් එකේ ටියුෂන් ක්ලාස් වලට මං Free card එකක් හදලා දෙන්නම්..
එතකොට දුවට තියෙන්නේ ඉස්කෝලෙ යන්න එන්න සල්ලි හොයා ගන්නනේ. ඒකට දුව මොකක් හරි පාට් ටයිම් ජොබ් එකක් කරොත් මොකද. ඔයාට හොඳට කෑම හදන්න පුළුවන්නේ. ඉතින් කඩවල් වලට දැම්මොත් ගාණක් හොයා ගන්න පුළුවන් වේවි."
සර් කිව්ව විදිහටම මං කඩවල් ටිකක් අල්ලන් කේක් හදලා දැම්මා. ඒකත් සිස්ටර්ස්ලාට ණය වෙලා. අවසානෙ ඒ ටික විකිණුනා. මට පොත් ගන්න සල්ලි තිබුණෙ නෑ. ඕලෙවල් කරපු කාලෙ අනාථ නිවාසෙ ළමයින්ට පොත් ගෙනවිත් දුන්නා එකේක ආයතන වලින්. ඒත් දැන් මං විතරක් A/L කරන නිසා හම්බුණේ නෑ. ඒ නිසා මං තීරණයක් ගත්තා කැලැන්ඩර් වල පස්සෙ පිටු එකතු කරන් පොත් හදන් නෝට් ලියන්න. ඒක මගෙ අනාතකම..
ඒත් එක දවසක්..
"මින්දි.."
"ඔව් සිස්ටර්.."
පොඩි සිස්ටර් මට හරිම ආදරෙයි. එයාට වැඩි වයසක් නෑ. හරි ලස්සන රූපයක් තිබ්බ තරුණ කෙනෙක්.
"මින්දිට කව්ද මංදා කෙනෙක් මේක දීලා ගියා."
සිස්ටර් මගෙ අත් උඩින් තිබ්බේ පෙට්ටියක්. ඒක ලස්සනට රෝස පාටින් වැපින් කරලා තිබ්බා. ඉතින් මාත් ඒක සිස්ටර් ඉස්සරහම ලිහලා බැලුවා. ඒත් කව්ද මට මේක දුන්නේ ?
"කව්ද සිස්ටර් ඒ කෙනා."
"දන්නෙ නෑ. සුදු පිරිමි ළමයෙක්. ටිකක් උස, ගානට ඇඟ තියන කෙනෙක්. එයාත් කතෝලික කෙනෙක් වගේ. කලින් දේව මෙහෙයවල් වලට ඇවිත් තියනවා වගේ මට හුරුයි."
සිස්ටර් එහෙම කියද්දි මට තේරුණා ඒ වෙන කවුරුත් නෙවෙයි 'හේෂාන්' කියලා. මං ගිෆ්ට් එක බල්ද්දි ඒක ඇතුළෙ තිබ්බේ ලස්සනට පිට කවර දාපු පිටු 200 යේ ලොකු පොත් පහක්. ඒ එක්කම ලස්සන පැන්සල් පර්ස් එකකුයි පෑනුයි බෑග් එකකුයි වගේ ගොඩාක් දේවල් තිබ්බා. එයා මට එදා උදව් කරපු නිසාත් මං A/L ගොඩ දාගත්තා. හැබැයි මට Commerce කරලා C, B තමා තිබ්බේ ඉතින්..
අලුත් දවසක් 🌞☁️🍃..
මගෙ කකුල් දෙකත් වෙවුලනවා යුවසිංහ ගෲප් එක ඉස්සරහට ආවම නම්. ට්‍රව්සර් එකක් ඇඳන් ආවත් කකුල් පැටලෙන සයිස් එකේම මං ඇතුලට ගියා. ඒ යද්දිම මගෙ ඉස්සරහාට මං හිතපු කෙනා ආවා.
"මිස් අමේලියා.. Welcome to our company."
අරුෂි ලස්සන සායකුයි ශර්ට් එකකුයි ඇඳලා කෝට් එකක් දාලා නිකන් බිස්නස් වුමන් කෙනෙක් වගේ. මං නිකන් පිස්සෙක් වගේ කොණ්ඩෙත් පෝනියක් දාන් ආවා. එතකොට මීට වඩා ෆැෂන් ඕනිද මෙතෙනට.
"බය වෙලාද ඉන්නේ 🤔 ?"
"අහ්.. නෑ මැඩම්."
"හ්ම්.. ඔයාගෙ මූණ නිකන් බිත්තරයක කට්ටක් වගේ."
මගෙ මූණ බිත්තරයක කට්ටක් වගේ කියන්නේ මං සුදුමැලි වෙලාද 🐣. බය වෙන්නෙ නැතුව යෑ. මං ආයෙ යන්නෙ හේෂාන් ඉස්සරහට නේ.
"ඒකට කමක් නෑ. අපි යමුකො ඇතුලට."
එලෙවේටර් එකට නැග්ග වෙලේ මගෙ කකුල් පණ නෑ වගේ. ඇයි මේ මට මෙහෙම වෙන්නේ. ෆිල්ම් බලන නිසාවත්ද, නැත්නම් මට ක්ලොස්ට්‍රොෆෝබික් එකක්ද. දුකයි යුවසිංහ පවුලේ වැටිලා ඉන්න එකට. ඒත් මං සක්සස් උනාට පස්සෙ මේකෙන් යනවා. ඉන්නෙ නම් නෑ විනාඩියක් වත්.
"මේ තියෙන්නෙ ඔයාගෙ රූම් එක. මේකට එහා තියෙන්නේ මගෙ ඔෆිස් එක. බය නැතුව ඔයාට ඉන්න පුළුවන්."
"තැන්කියු."
මගෙ රූම් එක හරි ලස්සනයි. සුදු පාට තේමාවට ගත්තු එකක්. මට ඉතින් කුණු ගාන්නෙ නැතුව තියා ගන්න වෙනවා. මං ගාන්නෙ නම් නෑ. එන අය ගෑවොත් එහෙම (අඬු කඩලා පස්ස බලන්නේ 😤)
"අමේලියාට අද ඉඳන් අපේ සමහර Meetings වලට Join වෙන්න පුළුවන්. මම Lady Manager කෙනෙක් නිසා සර් මට කියලා තියෙන්නේ Assistant කෙනෙක් ගන්න කියලා. නැත්තම් අනිත් අයට නම් නෑ."
"හා.."
"මං ඔයාව එක්කන් යන්නම් ඔෆිස් එකේ අනිත් ඒවා පෙන්නන්න. දවල් වෙද්දි මං ඔයාට කියලා දෙන්නම් ඔයාගෙ වැඩ කරන විදිහ."
"හරි මැඩම්."
මං රූම් එකේ ඉඳගද්දි අරුෂි යන්න ගියා. ඒ එක්කම මට ආවේ Call එකක්. හැබැයි නොදන්න Number එකකින්. මට ඒක ආන්ස්වර් කරන්න ඕනි උනා ඒත් හදිස්සියේම මගෙ රූම් එකේ දොර ඇරුණා කියලා මට තේරුණා. ඉතින් මං ඔළුව උස්සලා බැලුවෙ කව්ද කියලා..
ආයෙමත් අරුෂි මැඩම්..
"මින්දි.."
"හා ?"
"මින්දිට පහලට යන විදිහ මතකයි නේද."
"ඔව්.."
"අනේ පුළුවන් නම් Entrance එක ගාව ඉන්න කෙනාගේ අතේ තියන Documents ටික අරන් එන්න පුළුවන්ද. මට හදිස්සි මීටින් එකක්."
"ආහ් හරි.."
ආපු ගමන් මට වැඩ කරන්නත් වෙලා. දැන් ඉතින් යන්නකො ආයෙ පල්ලෙහාට. තනියම එලෙවේටර් එකේ යන්නත් බයයි මං කඩන් වැටෙයි කියලා. ඒත් ඉතින් මේ අරුෂි එක්ක බෑනේ. මං ඉතින් එලෙවේටර් එකට නැගලා G ඔබලා ඇස් දෙක පියා ගත්තේ තිබුණ බයටත් එක්ක. එකපාරටම මේක පල්ලෙහාට යනවා වගේ මට දැනෙන්න ගත්තා.
"අනේ 😫.."
මං බූරුවෙක් වගේ තනියම ඒක ඇතුළෙ කෑ ගැහුවා. නෑ නෑ ඒක කඩන් වැටෙන පාටක් නෑ. ඉතින් මං ඇස් ඇරියා. තව ෆ්ලෝ දෙකයි. ඊට පස්සෙ මං බිම තමා. ටික වෙලාවක් ගියාට පස්සෙ ඒ දොර ඇරුණා. අද ඔෆිස් එකේ හෙනට සෙනඟ නේ. හරියට නිකම් පොලක් වගේ. ඒ උනාට..
මං දැක්කා ඒ ලස්සන රූපය හැමෝම අතරින්. එයා අද ලා නිල් පාට ඇඳලා හරිම ලස්සනයි. අනික එයා සුදු නිසා ඒ ඇඳුමට හරිම එළියයි. හැමදාම මං දැකපු අයගෙන් ලස්සනම කෙනා එයා. අදත් එහෙමයි. හේෂාන් මාව දකී කියලා මං හිමිහිට පැත්තකට උනේ එයාට යන්න ඉඩ දීලා. හැබැයි එයා හදිස්සියේ වගේ ගියේ. ඒ නිසා කොහොමත් වටේ පිටේ යන මිනිස්සු පේන්නෙ නෑ.
කොහොම හරි මං කොළ ටිකත් අරගෙන ආයෙමත් Elevator එකට නැඟලා උඩට ගියා. ඉතින් මේ ටික අරුෂිට දෙන්න කියලා මං ඒ කාමරේට ගියා. ඒත් එයා මීටින් එකට ගිහින්. කරන්න දෙයක් නැති නිසා මං ඒක තියලා මගෙ කාමරේට යන්න හිතන් දොර ඇරියා. ඒ එක්කම මට ආවේ අමුතුම සුවඳක්. ඒක චාම් සුවඳක් නිසා මට ඒ සුවඳ කාගෙද කියලා හිතා ගන්න පුළුවන් උනා. ඒත් මෙතන එයා ඉන්නෙ කොහොමද ?
කම්මැලි නිසා මං පුටුවෙන් වාඩි වෙලා දුල්නෙත්මිට කෝල් එකක් ගන්න හැදුවේ. ඒත් එකපාරටම මට රූම් එකේ දොර අරින සද්දෙ ඇහුන නිසා ෆෝන් එකත් ඕෆ් කරලා බැලුවා.. දෙවියනේ..
..................................................... 🖤 ...
මේ කව්ද ආවේ.. ගෙස් කරන්න බලන්න 😉
රියැක්ට් කමෙන්ට් ඕනි ළමයිනේ. ඒවා නිසානේ මම මෝටිවේට් වෙන්නෙ 💖
Sachy Collins