Spring is far away - 08
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 08 | Meow
"මියෑව්.."
එකපාරටම ලිලී පිලී ගහ අස්සෙන් කළුපාට පූසෙක් පැන්නා මගෙ ඉස්සරහට. මං ඒකයි කෑ ගැහුවේ. ඒ පාර ඌත් කෑ ගැහුවා. කළුවර නිසා පෙනුණෙ නෑ මට ඌව හරියට. හැබැයි පාරෙ තිබ්බ ලයිට් එකට ඒ ඇස් කහපාටින් දිලිසුනා.
/𝙇𝙞𝙡𝙡𝙮 𝙋𝙞𝙡𝙡𝙮 :- රතුපාට හෝ රෝස පැහැ දළුවලින් යුක්ත ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරන හැඩ වලට කැපිය හැකි ගසකි. මෙය ලංකාව පුරා ප්‍රචලිතය.
"ඔයා කව්ද.. ඔයා කාගෙද ?"
"මියෑව්.."
මං එයාවත් වඩාගත්තා. ඒ පාර නම් මට දැනුණේ ඒ පූසගෙ අමුත්තක්. එයාගෙ ඇඟේ කටු කටු ඇනෙනවා වගේ දැනුණා. ඉතින් මං එයාවත් වඩාගෙන ගේ ඇතුලට ගියා.
"කෝ බලමු ඔයා."
මං හිමිහිට එයාව මේසයක් උඩින් තිබ්බා. දැක්ක දෙයින් මට ගොඩක් දුක හිතුණා,
එයාට එක ඇහැක් නෑ. ඒ ඇහැ මොනාද ඇවිත් වැහිලා. බූල් මඩ වලින් නෑවිලා. කළු පාට පර්සියන් පූසෙක් වගේ පේන්නෙ නම්. කනේත් තුවාලයක්. සමහරවිට මෙයාගෙ එක ඇහැක් නැති නිසා මිනිස්සු එයාව පාරට විසි කරන්න ඇති. අවුරුද්දක විතර ලොකු පූසෙක්.
"මියෑව්."
එයා මගෙ ඇඟේ ඇතිල්ලෙනවා පුරුං පුරුං ගගා. පව් එයා බඩිගින්නෙත් ඇත්තේ. මට එයාව දැක්ක පාර අනුකම්පාවක් ආවා. එයත් මං වගේ අසරණ වුණ කෙනෙක්.
"එන්න පැටියෝ අපි යමු.."
මං එයාව එක්කන් ගියේ බාත්රූම් එකට. ඊට පස්සෙ හොඳට නෑව්වා. මාත් හොඳට නාගත්තා. මොකද එයාගෙ ඇඟේ මඩ මගෙ ඇඟේ වැදිලා. ඊටත් පස්සෙ එයාට කන්න ටිකක් දුන්නා. පව් එයා ගොඩ දවසක ඉඳන් බඩිගින්නෙ වගේ ඉඳලා තියෙන්නෙ.
හෙට එයාව වෙට් කෙනෙක් ගාවට එක්කන් යන්න ඕනි. මං එක්ක එයාට මේ ගෙදර ඉන්න පුළුවන්නේ. ඒ නිසා එයාගෙ ඇහැටත් බේත් දාලා කනටත් බේත් දාගන්න ඕනි..
......
"අයියා මොකෝ මේ වෙනදා නැතුව News බලන්නේ 🤔."
හේෂාන් සාලෙට වෙලා ටීවී එක බලනවා දැකලා තේෂාන් කෝපි දෙකක් අරන් ආවා. වෙනදට නුවන්ති අම්මා තමා News බලන්නේ. ඒත් අද එයා කුස්සියේ වැඩ වල හිර වෙලා.
"රාදිතා අක්කා එනවා කිව්වා. ඒකයි මං මේ ආවේ."
"දැන් ?"
"ඔව්.. මං එයාට කෝල් කරලා කියනකම්ම එයා දන්නෙ නෑලු."
"ඒත් අයියේ මං කෝල් කරානේ..."
ඉතුරු ටික තේෂාන්ට කියන්න නොලැබුණේ රාදිතා දොර ගාව ඇස් වල කඳුළු පුරවන් බලන් ඉන්න නිසා. ඒ දැක්ක පාර අර දෙන්නම නැගිට්ටුණා.
"අනේ.. හේෂාන්.."
රාදිතා අඬාගෙන ඇවිත් හේෂාන්ට තුරුලු උනා. තේෂාන්ගෙ යකා උඩටම නැඟලා. මෙයාට කෝල් කරද්දි රෙස්පට් දාලා බැනලා තිබ්බ කෙනා දැන් අඬාගෙන ඇවිත්..
"දැන්ද එන්න මතක් උනේ ඔයාට ?"
තේෂාන් ඉන්න බැරි නිසාම රාදිතාගෙන් ඇහුවා. එයා හරියට මුකුත් නොදන්නවා වගේ හේෂාන් දිහා බලලා ආයෙ තේෂාන් දිහා බැලුවා. මේ කෙල්ලට පිස්සුද නැත්තම් රඟපානවාද ?
"මං.. දන්නෙ නෑ කිසිම දෙයක්.. මට කවුරුත් කිව්වෙ නෑ.. හේෂාන් කියනකම් මං.. දන්නෙත් නෑ."
"බොරු කියන්න එපා රාදිතා අක්කේ. ඔයාට මං කෝල් කරලා සිංහලෙන් කිව්වා.. අයියට අසනීපයි, එන්න කියලා. ඒකට ඔයා මොකද කිව්වේ.. මට ඕනි තරම් වැඩ තියනවා.. මොකක්ද ඔච්චරටම වෙලා තියෙන්නේ.. අරකයි මේකයි.."
"අනේ.. මොනාද මේ කියන්නෙ 🥺."
"තේෂාන්.. Please Stop."
හේෂාන් රාදිතාගෙ කඳුළු පිහදැම්මා. තේෂාන්ට කරගන්න දෙයක් නෑ.
"ඔයා දන්නෙ නෑ අයියේ.. මං අක්කට කෝල් කරා ඒත්..."
"ඉනෆ් මල්ලි.. ඔයා ගත්තා නම් රාදී එවෙලෙ එනවනේ."
"මේ කෙල්ල බොරු කියන්නෙ අයියේ."
"අනේ නෑ හේෂාන්.. ඔයා මට කෝල් කරන කම් මං දන්නෙ නෑ කිසි දෙයක්. තේෂාන් ඇයි ඔයා බොරු කියන්නේ. ඔයා මට කෝල්ස් ගත්තා නම් මං කලින් එනවනේ 😭."
"ඇති රාදී.."
තේෂාන්ට උපරිමේටම තරහා ගිහින්. හේෂාන් රාදිතාගෙ වචන විශ්වාස කරලා එයාගෙ පැත්ත ගත්තා. මේ කෙල්ලත් ලස්සනට රඟපානවා. ඇත්තටම මාරම කපටි කෙල්ලෙක්.
"ඔයා මෙහෙන් ඉන්නකො රාදී.. මං රූම් එකට ගිහින් ෆෝන් එක අරන් එන්නම්."
එහෙම කියලා හේෂාන් පඩිපෙළ දිගේ උඩට නැග්ගා. රාදිතාගෙ කඳුළු නම් දැන් නෑ. එයා තේෂාන් දිහා බලන් හිනා වෙවී ඉන්නවා. දැන් නම් කොල්ලට මේ කෙල්ලව මරන්න තරම් තරහයි.
"තේෂාන්.. මල්ලි බබෝ.."
රාදිතා තේෂාන් ගාවටම ලං උනා. ඒ එක්කම එයාගෙ කනට ඇහුණේ රාදිතාගෙන් නොහිතපු දෙයක්..
"ඔයා හිතන කෙනෙක් නෙවෙයි මං.. තේරුණාද.. "
මේ කෙල්ල ඒ පාර උඩ බලන් හිනා වෙනවා. පිස්සු හැදිලා වගේ නිකන්.
"පුළුවන් නම් හේෂාන්ට කියනවා.. එයා පිළිගන්නෙ නෑ මැරුවත්.. එයාට ඔයාට තරම් වත් මොලයක් නෑනේ ඉතින් 😃.."
"තමුන්.."
"හහ් හ්හ්..."
රාදිතා ගිහින් සෝෆා එකකින් ඉඳගෙන ළඟ තිබුණ පොතක් අතට ගත්තේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්. තේෂාන් හිටි තැනම ගල් වෙලා.
ඒත්..
'තමුන් හිතන්න එපා රාදිතා.. මේ හේෂාන් මෝඩයෙක් කියලා'
උඩ තට්ටුවේ බැල්කනියට මෙහා බිත්තිය අල්ලගෙන ඒ කන්වර්සේෂන් එක අහන් හිටපු හේෂාන් එතනින් යන්න ගියේ එහෙම හිතන ගමන්.
........
මට රෑ උනත් නින්දක් ආවෙ නෑ. අනිද්දාට මං යුවසිංහ ගෲප් එකට යනවා. Assistant Manager කෙනෙක් විදිහට. ඒ විතරද පූසාවත් හෙට වෙට් කෙනෙක් ගාවට යන්න ඕනි.
නින්ද යන්නෙ නැති නිසා මං ජනේලෙ ඇරලා එළිය බැලුවා. එළියෙ ලාවට මල් වැස්සක්. මට මතක් උනේ එදා අපි ලස්සන දවසක දෙන්නා ඒ වගේම මල් වැස්සක නටපු විදිහ..
°•°•°•° (අතීතයට)
"ඉක්මනින් ඕක ඇඳගෙන එන්නකෝ.. මං දැන් කීයෙ ඉඳන්ද බලන් ඉන්නේ."
එයා මට බනිනවා. මං එයා දුන්න ගවුම ඇඳගෙන හැඩ බලනවා. ලස්සන දුඹුරුපාට නෙට් ගවුමක කළු පාටින් අත් පටි ගැට ගහන්නයි තිබ්බේ. ඒක මටම ඩිසයින් කරපු එකක්. එයා මගෙ Measurement අරන් කෙනෙක්ට කියලා හදපු එකක්. ඒකට මට ආස හිතුණා. ඒකයි මං ඒක ඇඳගෙන වටයක් දෙකක් කැරකුණේ.
"මින්දි.. පැලවෙලාද මෝඩියේ 😒."
"ඉන්න එන්නම් සුදු මහත්තයෝ.."
"සුදු මහත්තයා යනවා යන්න දැන්."
හේෂාන්ට තරහා ගිහින් එතනින් ගියාද කොහෙද. මං ඉක්මනින් පෝනි ටේල් එකක් දාලා රූම් එකෙන් එළියට ආවා. එයා ගේ ඇතුළෙ නෑ. තරහා ගිහින් ගෙදරින් ගියාද බලන්න මම ගාඩ්න් එකට ගියා.
"දෙවියනේ.."
ගාඩ්න් එකේ හැම තැනම බල්බ් වැල් දාලා. බිම තැනින් තැන රෝස මල් පෙති තණකොල්ලෙ දිළිසෙනවා. ඒ එක්කම මට ඇහුණා කවුරු හරි කෙනෙක් මං ගාවට ඇවිදන් එනවා වගේ. ඉතින් මං හැරෙන්නයි ගියේ.
"Happy Birthday මින්දි.."
"අහ්.."
එයා ඇවිත් මගෙ පිටිපස්සෙන් තදින් තුරුලු කරගත්තේ මාව ගැස්සිලා යද්දි. අද මගෙ 21 වෙනි බර්ත්ඩේ එක. එයා මං වෙනුවෙන් මොනා හරි දෙයක් කරයි කියලා මට හිතුණා.
හිතුවා වගේම එයා මං වෙනුවෙන් ගාඩ්න් එකේ ටේබල් එක උඩ කේක් එකක් රෙඩි කරලා තිබ්බා. එදා ගමේ හිටපු අය හැමෝම වෙඩින් එකකට ගිහින්. ඒ නිසා අපි දෙන්නා විතරයි තනියම ඒ පැත්තටම හිටියේ. මේ වෙද්දි අපි Relationship එක පටන් අරගෙන අවුරුදු දෙකයි. එයා මාව එතෙනට එක්කන් ගිහින් කේක් එක කපලා මට ලොකු කෑල්ලක් කැව්වා. ඒක කාලා මං නිකන් මත් උනා වගේ. චොකලට් අයිසින් පුරෝපු කේක් එකක් ඒක.
"ඔයාට ගොඩාක් තෑන්ක්ස් හේෂාන්."
මං මගෙ ඇස් වල කඳුළු පිහදාගන්න ගමන් එයාට කිව්වා. එයාටත් දුක හිතුණා මං එහෙම කියද්දි.
"මං කවදාවත් මගෙ Birthday එක මෙහෙම සෙලිබ්‍රේට් කරලා තිබුණෙ නෑ."
එයාලා නම් හොටෙල් වල ලොකුවට ෆන්ශන් අරගෙන මේවා සෙලිබ්‍රේට් කරනවා. ඒත් අනාත නිවාසෙ හැදුන මට මේවා හරි ලොකු දේවල්. ඇත්තටම මාව හේෂාන් නොදැකපු ලෝකෙකට එක්කන් ගියා.
"අඬන්න එපා.."
එයා අකමැතිම මං අඬනවට. ඉතින් මං අඬන හැම වෙලාවකම මට බනිනවා කඳුළු පෙරාගෙන ඉන්නෙ කියලා. මේවා දරාගන්න මගෙ හිත හයිය නෑ කොහොමත්. ඒ තුරුලට වෙලා මං ගොඩක් වෙලා ඇඬුවා. එයා මං වෙනුවෙන් තත්පරයක කාලයක් වෙන් කරත් මට ඒක මහමෙරක් තරම්..
"අපි පොඩ්ඩක් ඩාන්ස් කරමුද.."
"හා.."
මං කඳුළුත් පිහදගෙන එයා එක්ක පොඩ්ඩක් එහාට ගියා. එයාත් ඔහොම හිටියට හොඳ ඩාන්සර් කෙනෙක් ඉතින්. මට තමා කපල් ඩාන්ස් කරන්න බැරි. ඇත්තටම මට බැරිම දේ ඒක.
අපි ගොඩාක් වෙලා මල් වැස්සක ඩාන්ස් කරා. එයා මං එක්ක තමා කාලය ගත කරන්න ආස. හේතුව එයා සතුටින් නිදහසේ ඉන්නෙ මං එක්ක නිසා. මේ වෙද්දි එයා ප්‍රයිවට් යුනිවර්සිටි එකක Business And Management ගැන Degree එකක් කරනවා. හැබැයි වෙලාවක් තියන හැම වෙලේම මාව බලන්න එනවා.
අවසානෙ මං ඒ පපුවට ගුලි උනා. ඒ එක්කම ඒ දෙතොල් මගෙ උරහිසට තද උනා..
"මොනාද ඔයා කරන්නේ 😳."
මං එයාව අහකට තල්ලු කලේ මෙයා දැන් ඕනෑවට වඩා වැඩි නිසා. අපේ එෆෙයා එකේ අවුරුද්දක් විතර යද්දි එයා මගෙ මුළු මූණම කිස් කරලා ඉවරයි. දැන් වෙන තැනුත් කිස් කරන්න එනවා.
"අපි මැරි කරලා නෑනේ."
"මැරි කරපු අය විතරද මෙහෙම කරන්නේ."
එයා ඒ අත් වලින් මාව ආයිමත් ඒ පපුව උඩට ගත්තා. එදා තමා මං හොඳටම බය වුණ දවස. එයා මට මොනා කරයිද කියලා.
"ඔයා දන්නෙ නෑ මින්දි.. මේ ගම් වගේ නෙවෙයි කලම්බු. එහෙ සමහර අය ලිවින් ටුගෙදර් කරනවා."
"වට් ?"
"ම්ම්.. අපේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා හැසිරෙන විදිහ දන්නවා නම් ඔයා මෙහෙම කියන්නෙ නෑ."
"ඒ උනාට අපි අපේ ලිමිට් එකේ ඉමු.. හේෂාන්.."
"හැබැයි.. මැරි කරා නම් මං මෙහෙම ඉන්නෙත් නෑ."
ඒ මනමාල හිනාව මාව තවත් ලැජ්ජ කලා..
°•°•°•° (වර්තමානයට)
අපි ලිවින් ටුගෙදර් කලා. හැබැයි අපි අපේ සීමාවෙන් පිට ගියේ නෑ. එයා මාව පරිස්සම් කරා ගොඩාක්. විශේෂයෙන්ම එයාගෙ ෆීලින්ග්ස් වලින්.
ආහ්.. ඇයි මං මේ නිදි නැතුව කරන්නේ. මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ මිහිරි, අමිහිරි මතක දැන් මගෙ මුළු හිතම ආක්‍රමණය කරලා. ඇත්තටම මං නොහිතපු දේවල් උනා එදා ඉඳන් අද වෙනකම්.. මගෙ සැනසිමත් නැති කරලා..
අලුත් දවසක් 🐼💞🌱..
"අංක 23."
මං පූසාවත් අරගෙන පෝලිමේ හිටියේ එයාගෙ කනට බේත් දාගෙන, ඇහැටත් මොකක් හරි කරන්න. එකපාරටම මගෙ නම්බර් එක කතා කරනවා ඇහුණ නිසා මං එයාවත් අරගෙන ඇතුලට ගියා. මේකට මං කලින් ඇවිත් නෑ. ඒත් එක සැරයක් හේෂාන් එක්ක ඇවිත් තියනවා එයාගෙ බල්ලො දෙන්නාව පෙන්නන්න. එයාට ගෝල්ඩන් රිට්‍රයිවර් බල්ලෙකුයි ලැබ්‍රඩෝ රිට්‍රයිවර් කෙනෙකුයි හිටියා ඒ කාලේ. එයා හරි ආදරෙයි සත්තුන්ට. මං වගේම.
"මින්දි.."
කටහඬ හුරු නිසා මං ඩොක්ටර් දිහා බැලුවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි..
..................................................... 🖤 ...
මේ ඩොක්ටර් කවුරු වෙන්න ඇද්ද ?
(කතාව බෝරිං වගේ ඇති. මොකද තාම හොඳම ටික ආවෙ නෑ. මුල ටික අවුල් ගියේ මේක මගෙ පළවෙනි කතාව නිසා)
පුළුවන් හැමෝම රියැක්ට් කරන්න 😍
Sachy Collins