Spring is far away - 07

Spring is far away - 07

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 07 | Pink roses


Previous


මං බය වෙලා වගේ බලන් ඉන්නවා එයා දැකලා මට හිනා වෙනවා ඒ පාර. එයා ලස්සනයි. සුදුයි උසයි. හරි ලස්සන හිනාවක් තියන කැප් එකක් දාගත්තු පිරිමි ළමයෙක්. මට එයා දැක්කම මතක් උනේ හේෂාන්ව. මොකද මෙයත් ඒ වගේම සුදුයි ලස්සනයි. ඒත් ඒ මූණෙ අමුත්තක් තියනවා. ඒ දෙතොල් එහෙම වේලිලා ගිහින්. එයා හොස්පිටල් එකක ඉඳන් පැනලා ආපු කෙනෙක්ද මංදා. මොනාද මං මේ හිතන්නේ. මට පිස්සුද කොහෙද දැන් නම්.


මොනවා උනත් එයා ඒක දික්කලේ මට නිසා මං හිනා වෙලාම එයාගෙ අතින් ඒ රෝස මල ගත්තා.


"තෑන්ක් යූ."


එයා හරි හොඳ කෙනෙක් වගේ. ඒත් හොරෙක්ද දන්නෙත් නෑ. මෙහෙම ඇවිත් නේ තියන ඒවා අරන් යන්නේ. ඒත් එයාට මගෙ අරන් යන්න තරම් දෙයක් නෑ. මගෙ කරේවත් කනේවත් රත්තරන් නෑ.


"මැඩම් නම් හරි හොඳයි."


එයා මට හිනා වෙලාම කාර් එකට හේත්තු උනා. මාත් ඒ තද රෝස මල සිප ගත්තා. ඒකෙන් එන සුවඳ නම් මාරයි 💖..


/𝙋𝙞𝙣𝙠 𝙍𝙤𝙨𝙚𝙨 :- තද/ලා රෝස පැහැ රෝස මල් කෘතඥතාව හා අගය කිරීම නියෝජනය වේ.


"ඇයි එහෙම කියන්නේ ?"


"මීට කලින් මං මේ වගේම මිනිස්සුන්ට මල් ගෙනවිත් දෙනවා. ඒත් ඒ අයගෙ බහුතරයකගෙන් මට බැනුම් අහන්න උනා."


එයා ඒක කිව්ව විදිහට මට හිනා යන්නයි ආවේ. මං ඉක්මනින් කටට අත තද කරගත්තා. ඔව් ඉතින්. ගොඩාක් අය, මේ වගේ කොල්ලෙක් රෝස මලක් දෙද්දි වැරදියට නේ හිතන්නේ. ඒත් මං එහෙම හිතුවෙ නෑ. කෙනෙක් සතුටු හිතින්, දෙයක් අපිට තෑගි කරනවා නම් අපේ හිත් සතුටු වෙන්නත් එයාගෙ හිතත් සතුටු වෙන්නත් ඒක හිනාවකින් බාර ගන්න ඕනි.


"මැඩම් මොකද මේ පාක් එකේ තනියම ?"


"අහ්.."


මං බිම බලන් හිනා උනා. එයාත් මං එක්ක හිනා උනා. ඇත්තටම මොකක්ද මේ මට වෙන්නේ. ආගන්තුක පිරිමියෙක් ඉස්සරහා ?


"මං තනියම නම් ඉපදුණේ.. මං තනියම නම් මැරෙන්නේ.. මං තනියම හිටියට මොකෝ.."


මං තනියෙන් තමා ඉපදුණේ. ඒත් හේෂාන් හම්බුණාට පස්සෙ මං තනි උනේ නෑ. එයා මගෙ හෙවනැල්ල වගේ හිටියා. ඒත් අවසානෙ එයා මාව තනි කරලා දාලා යන්න ගියා.


"මැඩම් ඉන්නෙ ලොකු හිතේ අමාරුවකින්.. එහෙම නේද ?"


මං එයා දිහා හැරිලා බැලුවා. එයා මං දිහා බලන්. කොහොමද මෙයා මගෙ හිත කියවන්නේ. මං දැනටමත් ඉන්නේ ඒ විසකුරු මතක එක්ක.


"හැම මනුස්සයාගෙම ජීවිත ලස්සන නෑ, හැම මනුස්සයාගෙම ජීවිත පරිපූර්ණත් නෑ මැඩම්.. අපේ ජීවත හරියට නිකන් ඉරිලා ගියපු සල්ලි කොළයක් වගේ. ඒ කොළේ කව්ද යූස් කරන්නේ.. කව්ද ඒක තමන් ගාව තියා ගන්නේ.. කව්ද ඒක ආයෙ හදන්නේ කලින් වගේම.. කවුරුත් ඒක කරන්නෙ නෑ මැඩම්. ආන්න ඒ වගේ අපේ ජීවිතත්. කාටවත් අපෙන් හොඳ වැඩක් ගන්නත් බෑ, කාටවත් අපිව වටින්නෙත් නෑ. කවුරුත් අපි ගාව ඉන්නෙත් නෑ."


එයා ලස්සනට කියවගෙන ගියා. මාත් ඒ කතාවට සවන් දීලා ගඟ දිහා බලන් හිටියා. ඇත්තටම එයා ජීවිතේ ගැන නරක අත්දැකීම් තියන මනුස්සයෙක් වගේ. මං වගේ ජීවිතේ අතරමං වෙච්චි කෙනෙක්ද කොහෙද එයත්..


"ඒක ඇත්ත."


හවස් උනා 🦊🍂🧡..


"අනේ මගෙ ලොකූ.."


"අනේ අම්මෙ බොරුවට බය වෙන්න එපා. අයියට එහෙම අමාරු නෑ."


තේෂාන් බොහොම අමාරුවෙන් නුවන්ති අම්මාව අල්ලගත්තේ එයා හේෂාන්ගෙ කාමරේ ඉස්සරහා කෑ ගහන නිසා. කොල්ලට ටිකක් අමාරුයි අද. උදේ ඉඳන් වැඩ එක්ක Busy වෙලා ඉඳලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ ඇඟට අමාරු නිසා. ඒත් නාලා ඉවර වෙලා ආවා විතරයි එයාට කැස්සක් ඇවිත් නෝස් බ්ලීඩ් උනා. ඒ නිසා එයාලා ඉක්මනින් එයාව හොස්පිටල් එක්කන් ගියා. ශෂීන්ද්‍ර නම් ඇතුලෙ ඩොක්ටර් එක්ක කතාව.


"මිස්ටර් යුවසිංහ.. කැන්සර් එක නිසා හේෂාන් ටිකක් දුර්වල වෙලා තියෙන්නේ. අපිට එයාගෙ ට්‍රීට්මන්ට් වෙනස් කරන්න වෙනවා. මොකද මේක තව වැඩි උනොත් තත්වෙ බරපතලයි."


"අනේ ඩොක්ටර්.. මොකක් හරි කරලා මගෙ පුතාව බේරලා දෙන්න."


ශෂීන්ද්‍රගේ ඇස් වල කඳුළු පිරිලා කම්මුල් දිගේ රූටලා ගියා. තමන්ගෙ දරුවෙක්ට මෙහෙම දෙයක් උනොත් මොන තාත්තටද ඉවසන්න පුළුවන් ?


රාදිතාට කිව්වට එයා තාම ආවෙ නෑ. තමන් ආදරේ කරන කෙනා මේ විදිහට ඉද්දි කාටද ඉන්න පුළුවන්. බැරි වෙලාවත් මෙතන ඒ වෙනුවට මින්දි හිටියා නම් මෙහෙම ඉන්නෙ නෑ. එයා ලෝකෙට කෑ ගහලා හරි කියයි කොල්ලව සනීප කරලා දෙන්න කියලා.


"එයාට පොඩ්ඩක් Rest එකේ ඉන්න දෙන්න. මෙවෙලෙ එයාට ඒක ඕනිමයි."


ඩොක්ටර් එහෙම කියලා යන්න ගියා. ශෂීන්ද්‍ර ඉක්මනින් හේෂාන් ගාවට ගිහින් වාඩි උනා. කොල්ලට ටිකක් නින්ද ගිහින්. ගෙදරත් හිටියෙ අමාරුවෙන් නේ. එයාට ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ රෙස්ට් එකේ ඉන්න කියලා. ඒත් මේ කොල්ලා කියන දෙයක් අහන්නෙ නෑ. කොහොම හරි බිස්නස් වැඩ වලට අත ගහනවා හොරෙන් හරි.


ඒ අතරේ තේෂාන් රාදිතාට කෝල් එකක් ගත්තා..


"මොකක්ද දැන් වෙලා තියෙන්නේ ?"


"අයියට ටිකක් අමාරුයි. හිටියට ඉන්නේ හොඳින් නෙවෙයි."


"ඉතින් මොකක්ද ඔච්චරටම තියන අමාරුව ?"


"රාදිතා අක්කේ.. මේ ඔයාද කතා කරන්නේ.. මට විශ්වාස කරන්න බෑ 😨."


"නෑ.. මේ රාදිතාගෙ නංගි කතා කරන්නේ.. මේ අහන්න තේෂාන්. මං ඔෆිස් එකේ. මට ඕනි තරම් වැඩ තියනවා. ප්ලීස් ෆෝන් එක තියනවාද."


Beep..


තත්පරයක් යන්නත් කලින් රාදිතා තේෂාන්ට සද්දයක් දාලා බැනලා ෆෝන් එක තිබ්බා. ඒ වෙනදට කතා කරන රාදිතා නෙවෙයි. තේෂාන් පුදුම වෙලා වගේ ෆෝන් එක අතේ තියන් හිටියා. නුවන්තිත් බලාගෙන තේෂාන් අමුතු විදිහට කල්පනා කරන හැටි.


"චූටි පුතා."


කොල්ලා එකපාරටම ගැස්සුනේ ශෂීන්ද්‍රගේ කටහඬින්. එයා රූම් එකෙන් එළියට එන ගමන් කතා කරා.


"ඔව් තාත්තේ ?"


"අයියා ඔයාට එන්නලු."


"අයියට මොකද තාත්තේ ?"


"බය වෙන්න එපා. අපි එයාව තව ටිකකින් එක්කන් යමු. ඩොක්ටර් කිව්වා හෙට උදේම එන්න කියලා."


"හරි."


තේෂාන් රූම් එකට ගියේ කඳුළුත් හංගගෙන. ඉපදුන දවසෙ ඉඳන් එකට හිටපු, එකට සෙල්ලම් කරපු තමන්ගෙ අයියාට මෙහෙම වෙද්දි එයාටත් දරා ගන්න අමාරුයි. එයා හිතුවෙ ඒ ලෙඩේ අයියාට නොහැදි එයාට හැදුණා නම් කියලා.


"අයියේ."


"මොක්ද මේ.. බය වෙලාද 🙄."


තේෂාන්ගෙ ඇස් වල කඳුළු. එයා කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඒත් හේෂාන්ට නම් ගානක් වත් නෑ. එයා දැනටමත් බලාපොරොත්තු අතෑරගෙනයි ඉන්නෙ ජීවිතේ ගැන.


"බය වෙන්න එපා. මට මුකුත් උනේ නෑනෙ තාම."


"තාම.. ඔයා කොහොමද අයියේ ඔහොම කතා කරන්නේ."


"මගෙ ආයුෂ අඩු නම් මං මොනා කරන්නද ?"


"එහෙම කියන්න එපා."


තේෂාන්ට එකපාරටම මතක් උනේ රාදිතා එයාට කතා කරපු විදිහ. ඒක එයාට හේෂාන්ට කියන්නත් හිතුණා. ඒත් මෙවෙලෙ එයාගෙ මානසිකත්වය නරක අතට හරවන්න හොඳ නැහැ. ඒකෙන් එයාට විවේකයක් ලැබෙයිද ඉතින්.


"රාදිතා අක්කට මං කෝල් කරා."


තේෂාන් අකමැත්තෙන් හරි හේෂාන්ට කිව්වා..


"එයා ගොඩාක් Busy ලු."


"නෑ කමක් නෑ. මං ලෙඩ උනා කියලා ඒ කෙල්ල පලි නෑනේ."


තේෂාන්ට මේක මින්දිටත් කියන්න හිතුණා. ඒත් මින්දිට කිව්වොත් එයා මෙතන හැසිරෙන විදිහ කොල්ලා හොඳටම දන්නවා. අනික හේෂාන්ගෙන් අහන්නෙ නැතුව ඒක කරන්න බෑනේ.


"මින්දිට කිව්වෙ නෑ නේද ?"


හේෂාන්ම ප්‍රශ්න කරා..


"නැහැ.. එයාට කිව්වොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයි."


"හ්ම්.. ඒක හොඳයි. කවදාවත් එයාට මේක දැනගන්න දෙන්න එපා."


"ඇයි ?"


"එයා මේ ගැන නොදන්න තරමට හොඳයි. නැත්නම් එයත් මං ගැන හිතලා දුක් වෙයි."


එහෙම කියපු හේෂාන් දොරෙන් පිටත බලා ගද්දි තේෂාන් එයාගෙ ඔළුව උඩින් අත තිබ්බා. මින්දි තමන් ගැන හිතලා විඳවන එක නවත්තන්නයි හේෂාන් එයාව ඈත් කරලා දාන්න තීරණය කලේ. ඉතින් එයා සක්සස්ෆුල්..


නොදැනීම රෑ උනා 🌨️🌛💙..


අර පිරිමි ළමයා එක්ක කතා කරලා ඉවර වෙලා මං ගෙදර ගියා. එයා හරි හොඳයි. හැබැයි අපිට අපි අඳුන ගන්න නම් බැරි උනා. ඒත් කියන්න බෑ එයා මොකක් හරි හේතුවකට මට කතා කරාද කියලා.


"පියසීලි මාමේ.."


"නෝනා."


"මං අද ඉව්වෙ නෑ. පුළුවන්ද මාමට හංදියට ගිහින් ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගේන්න."


මං සල්ලිත් දික් කරලා මාමාට දුන්නා. අද රෑට උයන්න මට හිතක් නෑ. කම්මැලියි. අනික අත නිසා ටිකක් අමාරුයි. මේ රාදිතා කරපු වැඩෙන් මගෙ අත කැඩිලා ගියා වගේ උනා. උයන්නෙත් බොහොම අමාරුවෙන් මාමගෙ උදව් ඉල්ලන්. මාමා අනිත්පැත්තට බනිනවා මගෙ අතට සිංහල බෙහෙත් කරමු කියලා. දැන් නම් මට ඒක තමා කරන්න වෙන්නේ.


මම කෑම දෙකක් ගේන්න කිව්වේ එයාලටත් එක්ක ගෙනියන්න. මාමට පඩි දෙන්නෙ මං නෙවෙයි. යුවසිංහ ෆැමිලි එකම තමා. මං දන්නෙ නෑ එයාලා මෙයාට කීයක් දෙනවද කියලාවත්.


"දෙකක් ගේන්නෙ අපිටත් එක්කද නෝනේ ?"


"ඔව්.."


"නෝනාට හොඳටම පිස්සු. ඇයි අපිට වියදම් කරන්නෙ නෝනගෙ සල්ලි වලින්."


"මේවා මගෙ සල්ලි තමයි. මං රට ඉඳන් හම්බ කරපුවා. ඉතින් මොකක්ද වැරැද්ද මාමේ. අනික ඔයාලාටත් අද රෑට උයන්න ඕනි නෑනේ. ඕක අරගන්න. ගත්තෙ නැත්තම් ආයෙ මං ගාව වැඩ කරන්නත් එන්න එපා හරිද."


මට තරහා ගිහින් මං මාමට පොඩ්ඩක් සැර කරා. නැත්තම් මේ වැඩිහිටි අයව හදන්න බෑ. ඒ පාර නම් එයා කාර් එක අරගෙන ගියා යන්න. ඇත්තටම මාමත් මට හරි ආදරෙයි. එයාගෙ දුවකට වගේ සලකන්නේ.


ගේ ඇතුලට යන්න කියලා හැරෙද්දිම මං එකපාරටම එක තැන ගල් උනේ පාර පැත්තෙන් පෙනුණ කළුපාට චායාවක් නිසා. ඉස්සරහා තිබ්බ ගානට සාත්තු කරපු ලිලී පිලී ගස් අස්සෙන් කාගෙ හරි කළු පාට චායාවක් පෙනුණා. තාම 7.30 යි. මෙවෙලෙට හොල්මන් පේනවා යෑ. මං හිමිහිට අඩියෙන් අඩිය තියලා ඒ ගස් පැත්තට ගියා. එකපාරටම,


"ඈඈව් 😫.."


..................................................... 🖤 ...


මොකක්ද ඒ උනේ 🥲


හේෂාන්ට ලියුකේමියා කියලා කෙලින්ම කියන්න බැරි වුණ එකට සමා වෙන්න ඕනි. බය වෙන්න එපා මම එයාට මුකුත් කරන්නෙ නෑ 😉


රියැක්ට්, කමෙන්ට් ඕනි ළමායි 😩


Sachy Collins

Report Page