Spring is far away - 06
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 06 | Daisy hair 2
❝ මින්දි.. මං ඔයාට එකපාරයි කියන්නෙ.. අහන් ඉන්න..
මං ඔයාට ගොඩාක් ආදරෙයි මින්දි.. ❞
පල්ලියේ සීතල වුණ කණුවකට මාව තද කරන් මගෙ මූණට එබිලා එයා එහෙම කියද්දි මට ඉන්න තැනත් අමතක උනා. අවුරුදු තුනකට කලින් ඉස්කෝලෙ හැමදාම අවුරුදු කුමාරි වෙච්චි ලස්සනම කෙල්ලටත් දමලා ගහලා වගේ බෑ කිව්ව හේෂාන් මං වගේ ලාවට ලස්සනක් තියන කෙල්ලෙක් ගාව නැවතුණා. මටවත් මගෙ දෛවය ගැන විශ්වාස කරන්න බැරි උනා. එදා සිදුවීම මට හීනයක් වගේ අදටත්.
එයා ඉස්සරහා මං එදා ලැජ්ජ වුණ විදිහ මතක් වෙද්දි මට දැන් දාඩියත් දැම්මා. කන කෑමත් හදලා සැරට. රාදිතා සැරයි කිය කිය හේෂාන්ට කියලා වතුර පොවා ගන්නවා. මම නම් එදා ඉඳලා සැරට කාපු කෙනෙක්නේ. ඒ හින්දා වෙන්න ඇති මම නපුරු.
"මින්දිට සහෝදර සහෝදරියො නැද්ද ?"
ඉන්නවා ඇති. මං දන්නෙ නෑ කීදෙනෙක්ද කින්ද මන්ද කියලා. අඩුම අම්මා තාත්තා වත් දැකලා නැති එකේ.
"නෑ."
"හ්ම්.. තේෂාන් තෝරගෙන තියන ගෑනු ළමයා නම් හරි ලස්සනයි."
"ඔව්.. එයා ගමේ ගෑනු ළමයෙක් වගේ. අමුතුම ලස්සනක් තියෙන්නේ 🤗."
තේෂාන්ගේ යාලුවො දෙන්නෙක් මං දිහා බලලා එහෙම කිව්වා. එයාලම තමා මගෙන් ප්‍රශ්න කලේ. ඒ උනාට එයාලට මාව ලස්සනයිලු. කමක් නෑ ඉතින් මගෙ ලස්සනට මට පේන්නෙ නෑනේ. මට පේන විදිහට නම් මම කැතයි. මාරම කැතයි.
"දෝණි කාලා ඉවරද. චුට්ටයිනේ බෙදා ගත්තේ. තව කන්න."
"එපා අම්මේ මට ඇති."
මගෙ ප්ලේට් එක ගෑනු ළමයෙක් ඇවිත් අරගත්තා. ඒ එක්කම මං එයා එක්ක කිචන් එකට ගියේ අත හෝදගන්න. එතන වැඩ කරන්න හිටියේ තරුණ ගෑනු ළමයි.
........
"දෝණි ඩෙසර්ට් එක කාලා යන්න."
"බෑ අම්මා. මට මුකුත් එපා. මං දැන් ගෙදර යන්නත් ඕනි."
"පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නකෝ. හවස් වෙලා මං ඩ්‍රයිවර්ට කියන්නම් ගිහින් දාන්න කියලා."
"හ්ම්."
මෙයා මට අද යන්න දෙයිද මංදා. මාව කලින් නැති වුණ දුව වගේද දන්නෑ පේන්නේ. මොනා කරන්නද ඉතින් වෙන දේකට මූණ දෙන්න එපැයි. මං අර හැමෝම එක්ක කතා කරලා තරප්පුව නැග්ගා. පුදුමයි හේෂාන්, රාදිතා දෙන්නා එතන නෑ. කොහෙ ගියාද දන්නෙ නෑ.
මං කාමර දෙක තුනක් පාස් කරන් ගියා. ඒ යද්දි මට එක කාමරේකින් කවුරු හරි හයියෙන් කතා කරනවා ඇහුණා. ඒ කටහඬ සමාන වෙන්නෙ රාදිතාට. ඒ දෙන්නා රණ්ඩු වෙනවා වත්ද. අනේ හීනෙකින් වත් එහෙම දෙයක් වෙන්න එපා.
මං ඒ කාමරේ ගාවට ටිකක් ලං උනා. ඒ එක්කම මට කියන දේවල් හොඳට ඇහුණා.
"ආ යූ මෑඩ් හේෂාන්.. ඔයා මෙච්චර කාලයක් මුකුත් කිව්වෙ නෑ. ඒත් ඇයි දැන් ඔයා මට එපා කියන්නේ."
"තේරුම් ගන්න රාදී. ඔයා කියන විදිහට මාව මැරි කරලා ඔයාට ඉන්න බැරිවෙයි."
"ඔයා කියන විදිහට මට යුවසිංහ පරම්පරාව ගෙනියන්න බෑ ඉක්මනින්. මං ප්‍රෙග්නට් උනොත් කොහොමද මං යුනිවර්ස් යන්නේ. ඔයා දන්නවනේ මං දැනටමත් ලංකාවෙන් සිලෙක්ට් වෙලා ඉන්නේ."
"මං ඔයාට එදා කියද්දි ඔයා කිව්වා රාදිතා. මැරි කරලා ෆ්‍රස්ට් බේබි ලැබුනට පස්සෙ ඕවා කරන්නෙ කියලා."
"ප්ලීස් හේෂාන්.. ඔයා දන්නවනේ ප්‍රෙග්නට් උනාට පස්සෙ ලේඩි කෙනෙක්ගෙ බියුටි එක සම්පූර්ණයෙන්ම රුයින් වෙනවා. අනික ඔය බබාලා ඉද්දි මට ඔය වැඩ කරන්න බෑ."
"අහන්න බබා. ඔයා දන්නවනේ මගෙ හැටි."
"ඔව් ඔව් මං දන්නවා. ඔයා ඉස්සර වගේ මට දැන් ආදරේ නෑ. ඒකනේ ඔහොම හැසිරෙන්නේ. ඉස්සර ඔයා මං කියන හැමදේකටම හා කිව්වා 😩."
ඇඳේ ඉඳන් ඔළුවට අත් දෙක ගහන හිටපු හේෂාන් කට කොනින් හිනා වෙලා රාදිතා ගාවට ගිහින් එයාගෙ කනට ලං උනේ නොසිතූ විදිහට.
"ඔයාටයි ඔයාගෙ ඩැඩීටයි අපේ ගෲප් එක එපාද ඔහොම හැසිරෙන්නේ.. මතක තියාගන්න රාදී.. යුවසිංහ මිනිස්සු අනිත් අය වගේ නෙවෙයි. අපි ගෑනුන්ගෙ පදේට නටන්නෙ නෑ. ඔයාලට අපේ ගෲප් එක ඕනි නම් එන්න. නැත්තම් යන්න පුළුවන්. තේරුනාද ?"
කොල්ලා හිනා වෙලාම බයවෙලා වගේ ඉන්න රාදිතාගෙ ඔළුව අත ගෑවා. එයාට හිතාගන්න බෑ හේෂාන් එහෙම කිව්වා කියලා.
"බය වෙන්න එපා රාදී.. ඔයාට තව හිතන්න කාලෙ තියනවා. හොඳට හිතලා බලන්න. ඔයාට මිස් යුනිවර්ස්ද මිසිස් වර්ල්ඩ්ද යන්න ඕනි කියලා."
"මිසිස් වර්ල්ඩ් ගිහින් වැඩක් නෑ හේෂාන්. ඒ ගොල්ලො දැනටමත් මං ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ."
"අයිම් සොරි රාදී.. ඔයාට මාව මැරි කළොත් ඉක්මනින් යුවසිංහ පරම්පරාව ගෙනියන්න වෙනවා."
රාදිතාගෙ තරහා ඉහවහා ගිහින් එතෙනින් එළියට ආවා. මං අහගෙන හිටියා හැමදේම. එයාලා අතර දෙයක් ඇති උනොත් මේ නිසා තමයි. ඉතින් ඇයි බැරි රාදිතාට මිසිස් වර්ල්ඩ් යන්න. ලංකාවේ ඕනි තරම් ඉන්නේ මැරීඩ් ක්වීන්ස්ලා. ඒ වගෙ රාදිතාටත් යන්න පුළුවනේ. එයා අකමැති ඇති බබාලා නිසා ලයිෆ් එක බිසී කර ගන්න. ඒත් මේ පවුලට ඕනි ඉක්මනින් පරම්පරාව ගෙනියන්න. ඒකට හේතුවක් නැද්ද ?
මං කටටත් අත් දෙක තියන් අහන් හිටියේ. එකපාරටම රාදිතා දොරත් ඇරගෙන මං ඉස්සරහට ආපු පාර මං අඩි දෙකතුනක් පස්සට ගියා. එයා මං දිහා ඇස් ලොකුන් කරන් බලං හිටියා. මං කලේ වැරැද්දක් තමයි. ඒත්,
"තමුන් මොකද මෙතන කරන්නේ.. ආ.."
"අනේ.. සමාවෙන්න රාදිතා.. මගෙ මේ.. මලක් වැටුණා."
"මේ සේරම තමුන් නිසා.."
එයා මට ඇඟිල්ල දික් කරලා තර්ජනය කරලා ගියා. ඇත්තටම මං වැරදි. මමයි වැරැද්ද කලේ. අනුන්ගේ ඒවා අහන්න ගියේ මං. ඒත් රාදිතා මං එක්ක තරහින් යද්දි මට අවුල් ගියා. ඉතින් මං එයාගෙ අතින් ඇල්ලුවා.
"අනේ මට සමාවෙන්න රාදි.."
"අතාරිනවා මාව."
මගෙ අත ගිහින් බිත්තියේ වැදුණා එයා විසික් කරපු පාර. එදා හිටපු රාදිතා නෙවෙයි මේ ඉන්නේ. මේ ඇස් වල මහා වෛරයක් තිබුණා මං එක්ක. වැඩි වෙලාවක් නොයවා එයා යන්න ගියා. මගෙ කොණ්ඩෙ තිබ්බ මල් ටික කාමරේ ඉස්සරහා විසිරිලා ගිහින්. එකපාරටම හේෂාන් හිටපු රූම් එකේ දොරේ ලොක් එක පනින සද්දෙ ඇහෙද්දිම මං ඉක්මනින් මම හිටපු රූම් එකට දිව්වා.
........
"රාදී..."
එළියෙන් ඇහුණ සද්දෙ නිසා කොල්ලා දොරත් ඇරන් එළියට ආවා. එයාට මින්දිගෙ කටහඬ ඇහුන නිසා තමයි බැලුවේ. ඒත් බලද්දි කවුරුත් නෑ. අන්තිමට ඒ ඇස්වලට යොමු උනේ මින්දිගෙ කොණ්ඩෙ ගහලා තිබුණ මල් ටික විසිරිලා තියන විදිහ. ලස්සන සුදු පාට මල් ටික මැලවිලා පොඩි වෙලා ගිහින්. ඒ හිතට අමුතුම බයක් දැනුණා මින්දි ගැන. මොකද එයාගෙ කොණ්ඩෙ තියනකම් ලස්සනට ප්‍රාණවත්ව තිබ්බ මල් ටික මැලවිලා තියන විදිහ දැකලා.
රෑ උනා 🌨️🌛💙..
මගෙ අත හරි කැක්කුමයි. බිත්තියේ වැදුණ පාර මට කෑ ගහගන්නවත් බැරි උනා. මගෙ ඇඟත් එක්කම වේදනාවට හිරි වැටුණා. රාදිතාට එවෙලෙ මොනා වුණාද මංදා. ඒ කාලෙ මාත් එක්ක හොඳට කතා කරපු කෙනා. එයාගෙ මොකක් හරි අමුත්තක් තියනවා.
"නෝනා.. ඔය අතට ඔහොම බේත් ගාලා වැඩක් නෑ. මං දන්න සිංහල වෙදකම් කරන තැනක් තියනවා. එතෙනට යමු. එච්චර දුර නෑ මේ ළඟ."
"එපා පියසීලි මාමේ. මේක රට ක්‍රීම් එකක්. ගෑවම හෙට උදේට අඩු වෙයි."
"ඒ උනාට නෝනේ.."
"අඩු උනේ නැත්තම් යමුකො. දැන් මාමා ගෙදර යන්න. රෑ වෙලා හොඳටම."
මාමා කිව්වට යන්නෙ නෑ. මාත් ඉතින් පොඩ්ඩක් කියලා කියලා යවා ගත්තා. එයා මට මගෙ තාත්තා වගේ. ඇත්තටම ඒ ආදරේ මට ඒ මනුස්සයාගෙන් දැනුණා.
තවත් රෑවෙන්න නොදී මං ඉක්මනින් කෑවා. කන්න හරි අමාරුයි අතත් එක්ක. ඇත්තටම මේක මම ගිය ආත්මෙ කරපු මහා පාප කර්මයක්. ඒකයි මම ඉපදිච්ච දවසෙ ඉඳලා මෙහෙම වෙන්නේ. කාලා ඉවර වෙලා මං ඉක්මනින් නිදාගන්න ගියා. අද වෙච්චි දේවල් මතක් වෙද්දි නිකන් මාවත් එක්ක ගිනි ගන්නවා වගේ 🔥..
මං මගේ මුල් කතාව කිව්වෙ නෑ නේද ඔයාලට ?
අනාථ නිවාසෙ තිබුණේ පල්ලියේ ළඟමයි. ඒත් ඒ කාලෙ අනාථ නිවාසෙ පාලනය කරේ කව්ද මංදා සල්ලිකාර කෙනෙක්ලු. ඒත් හදිස්සියේ එයා මැරිලා ඒක නවත්තන්න උනාලු. ඒ ගොඩනැගිල්ල අවුරුදු ගාණක් පාවිච්චි නොකර ගරා වැටෙන්න ඔන්න මෙන්න තිබිලා තියෙන්නේ. පල්ලියේ හිටපු සිස්ටර්ස්ලා ටික එකතු වෙලා තමයි ඒක පල්ලියට බද්ධ කරලා හදලා තියෙන්නේ. එදයින් පස්සෙ ඒකට කිසිම පවුලක් නැති අසරණ ළමයි ගෙනාවලු.
සිස්ටර් කිව්ව විදිහට නම්,
එදා රෑ අනෝරා වැස්සක් පායලා යාන්තම් ඉවර උනා විතරයි. සිස්ටර්ස්ලා ළමයි ටික බලලා ඇවිත් දේවස්ථානයේ ගේට්ටුව වහන්නයි ඇවිත් තිබුණේ. ඒ එද්දි තමයි එයාලා මාව දැකලා තිබුණේ.
ලස්සන කූඩෙක රෝසපාට රෙද්දකින් ඔතලා මාව ගේට්ටුව අයිනෙම තියලා ගිහින් තිබ්බලු. එතකොට මට දවසක් දෙකක් වගේ. මගෙ අතේ ඔතලා තිබ්බලු ගොඩාක් වටින චේන් එකක්. ඒකෙ පෙන්ඩන්ට් එක හදලා තිබුණේ නිල් දියමන්තියක් දාලා. කූඩෙ යටත් පොඩි කොළයක් තිබුණාලු. ඒකෙ තිබුණෙ,
... 💌 ...
අපිට මේ දරුවාව එපා. මෙයා අපි නොහිතපු වෙලාවක අපි ගාවට ආපු කෙනෙක්. අපිට දැන්ම දරුවො ඕනි නෑ
... 💌 ...
එයාලට මාව එපා නිසා මාව මෙතනින් දාලා ගිහින්. චූටි කාලෙ ඉඳන් සිස්ටර් ඒ මාලෙ මගෙ කරට දාලා තිබ්බා. හැබැයි මං ඒකෙ තේරුමක් දන්නෙ නෑ. එතන හිටපු හැමෝම අහිංසක ගෑනු ළමයි. අපි චූටි කාලෙ ඉඳන් එකට හිටියේ. සෙල්ලම් කලේ. සමහර ළමයි දරුවො නැති දෙමව්පියො ඇවිත් අරන් ගියා. මට එච්චර වාසනාවක් තිබුණෙ නෑ. හොඳ අම්මෙක් තාත්තෙක් ගාවට යන්න තරම්.
හැමදාටම රෑට මං පල්ලියේ බංකුවක වාඩි වෙලා යාඥා කරා. මගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා. මට ලස්සන පවුලක් ලැබෙන්න කියලා. ඒත්. ඒ කිසි දෙයක් මට ලැබුණෙ නෑ. මං අදටත් යුවසිංහ පවුලෙ වැටිලා ඉන්නේ. මං වැඩට යන්න හදන්නෙත් මේ යුවසිංහ ගෲප් එකට.
අපි ටික ටික ලොකු වෙද්දි යාළුවො වෙනස් උනා. ඒ කාලෙ ඒ පැත්තෙ හිටියා රදීෂ කියලා ලස්සන පිරිමි ළමයෙක්. සංජානා එයාට කැමතියි. ඒත් ඒ වෙද්දි අපි එක්ක එකට රූම් එකේ හිටපු කෙල්ලෙක් එයා එක්ක යාලු වෙලා හිටියේ. ඒකෙන් අපියි ඒ ගෑනු ළමයි අතර හෙනට ප්‍රශ්න ඇති උනා. හරියට නිකන් පූසො ටිකක් එක කූඩුවක් ඇතුළෙ මරා ගන්නවා වගේ. ඉස්සර අපිට ලොකු ලොකු තැන් වලින් සල්ලිකාර මිනිස්සු ඇඳලා අයින් කරපු රෙදි තමා හම්බුණේ. ඒවාගෙ ගවුම් සේරම අරගන්නේ දුල්නෙත්මියි සංජානායි දෙන්නා. එයාලා ගවුම් ටික තෝරන් අනිත් ලටපට කෑලි ටික මට දෙනවා. කලිසම්, සායවල්, ටීශර්ට් වගේ ඒවා.
එක දවසක් මං ඒ අතරෙ තිබ්බ අලුත්ම වැඩ කෑල්ලක් ඇන්දා. ඒක ඩෙනිම් ජම්ප්සූට් එකක්. සුදු පාට ටී ශර්ට් එකට ඒක ඇඳලා මගෙ කොණ්ඩෙත් පෝනියක් දාලා මං දේව මෙහෙයට ගියා. ඒ වෙද්දි මට හේෂාන්ගෙන් කරදර. එදා එයාලගෙ පවුලම දේව මෙහෙයට ඇවිත් හිටියා. මං සද්ද නොකර හැංගි හැංගි හිටියේ. ඒත් එකපාරටම,
"මින්දි.."
එයා මට කතා කරනවා ඇහුන නිසා මං හැරුණා. ඒ එක්කම මං දැක්කෙ එයායි එයාගෙ පවුලෙ අයයි. ඒ හැමෝම මං ගාවට ආවා.
"අම්මේ මේ ඉන්නෙ මං කිව්ව ගෑනු ළමයා. එයා මගෙ හොඳම යාළුවෙක්."
"කොහොමද දුව ?"
"හොඳයි අංකල්."
එදා තමයි මං එයාගෙ තාත්තාවයි මල්ලිවයි දැක්කේ. ශෂීන්ද්‍ර යුවසිංහගෙ මූණයි පෙනුමයි අඩුවක් නැතුව පුතාලා දෙන්නටත් ඇවිත් තිබුණා. අම්මා නම් ටිකක් කළුයි. හැබැයි කෙට්ටුයි කොණ්ඩෙ දිගායි. එයාලා එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා ගියා. හැබැයි එක්කෙනෙක් ගියේ නෑ. ඒ දැන් මගෙ නපුරු කුමාරයා.
"ඇයි හිටියේ. අම්මලා එක්ක යන්න. දැන් ආයෙමත් වහින්න ගනී. ඊට පස්සෙ මේ පාරවල් වල යන්නත් බෑනේ."
"බෑ."
ඒ හිනාව ආයෙමත් මාව ආක්‍රමණය කලා. එයාට තිබ්බේ හීනි ලා රෝස පාට තොල් දෙකක්. මං ආසයි ඒ හිනාවටයි තියන චූටි දත් ටිකටයි.
"මට ඔයාට කියන්න දෙයක් තියනවා මින්දි."
මගෙ ඇස් ලොකු උනා. එයා මොකක්ද මට කියන්න යන්නේ. මෙයා හැම වෙලේම මට ඔය වාක්‍ය කියලා බය කරනවා. ඉතින් මාත් බුස් ගාලා ඇවිලෙනවා. හැබැයි අදටත් ඒ වාක්‍යෙන් පස්සෙ ඉතුරු ටික සම්පූර්ණ වෙලා තිබුණෙ නෑ. හැබැයි,
"මං මේක ඔයාට ඒ ලෙවල් කාලෙ ඉඳන් කියන්නයි හිටියේ."
එයා ඒ ලෙවල් කරද්දි මට 15 යි. දැන් 19 යි. අවුරුදු හතරක් මේ මනුස්සයා මට කියන්න ඕනි එක නොකියා ඉඳලා පොල් ගෑවද. ඇත්තටම හේෂාන්ට පිස්සු කියලයි මට හිතුනේ. මං එයා දිහා මූණත් ඇල කරගෙන බලන් හිටියා. ඒ පාර එයාට හිනා.
"දැන් නිකන් සොම්බියෙක් වගේ."
කියන්න ගියපු එක නවත්තලා එයා මට විහිළු කරනවා ඒ පාර. ඇත්තටම මේ මනුස්සයාට දැන් පිස්සුද කොහෙද.
"කියන්න තියන දේ කියනවද ඉක්මනින්. මට කේක් ටික දාන්න යන්න ඕනි."
"හ්ම්.. හරි හරි."
විනාඩියක් දෙකක් එයාගෙ කිසි කතාවක් නෑ. වෙලාවකට උඩ බිම බලනවා. මං දිහා බලනවා. හැබැයි ටික වෙලාවකින් එයා ටික ටික මට ලං වෙනවා වගේ දැනුණා. මම බය වුණේ එයා මට සෙන්ටිමීටර දෙක තුනක් විතර තියලා මගෙ ගාවින් හිට ගද්දි. ඒ එක්කම මං පස්සට ඇදිලා ගියා. එයාගෙ අඩියත් මට වඩා ඉස්සර උනා.
යන්න තවත් දුරක් නෑ. මාව හේත්තු උනේ දේව මන්දිරේ කණුවක් අස්සට. ඒ එක්කම ඒ අත් බිත්තියට වාරු වෙලා මගෙ මූණට ලං උනා. මං දැක්කා ඒ මූණ රෝස පාට වෙලා යනවා.
"මින්දි.. මං ඔයාට එකපාරයි කියන්නෙ.. අහන් ඉන්න..
මං ඔයාට ගොඩාක් ආදරෙයි මින්දි.."
කලින් වැටුණ පොද වැස්ස නිසා පල්ලියේ සීතල වුණ කණුවකට මාව තද කරන් මගෙ මූණට එබිලා එයා එහෙම කියද්දි මට ඉන්න තැනත් අමතක උනා. ඒ මූණත් ජම්බෝලයක් වගේ. මාත් ඒ වගේ රෝස පාට උනා. ඊළඟට මං මොකක්ද කියන්න ඕනි කියලා මට අදහසක් නෑ.
"ඉනෆ් හේෂාන්."
මං එයාගෙ පපුවට මගෙ අත් දෙක තද කරලා එයාව පස්සට තල්ලු කලේ ආපු අසීමිත ලැජ්ජාවට. හැබැයි ඊට වඩා මට පුදුමයක් තිබ්බා. ඉස්කෝලෙ හැම ලස්සන, උගත් කෙල්ලෙක්ටම බෑ කිව්ව එයා මට මෙහෙම කියන්නෙ ඇයි කියලා. එකපාරටම මට මතක් උනේ මං ඒ කාලෙ පිස්සියක් වගේ හිටපු විදිහ. ඇහිබැමි වත් නොහදා කොණ්ඩෙත් අවුල් කරන් හිටපු මං ඒ මේ වෙද්දි ගොඩාක් වෙනස් වෙලා ඉවරයි.
"මට කියන්න ඔයා මේ කරන්නෙ ජෝක් එකක් කියලා."
"නෑ.. මං මගෙ හැඟීම් එක්ක විහිළු කරන කෙනෙක් නෙවෙයි මින්දි. මට ඒක තවත් හිර කරන් ඉන්න බැරි උනා."
"ඔයා.."
මගෙ ඇස් වලින් එකපාරටම කඳුළු බිංදු කඬන් වැටුණා. සල්ලිකාර උගත් කොල්ලෙක් මං වගේ නූගත් අනාථ කෙල්ලෙක්ට ආදරේ කරයිද ?
"මම මෝඩ නෑ හේෂාන්. ඔයා මං වගේ ගෑනු ළමයෙක් එක්ක සෙල්ලම් කරන්නද හදන්නෙ. ඔයා එහෙම කරොත් ඒක ලොකු පාපයක් 😭."
"අනේ නෑ."
එයා ඇවිත් මගෙ කඳුළු පිහදැම්මා. මම කීයටවත් ඒ වචන විශ්වාස කලේ නෑ. එයා මාව රවට්ටලා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා ඇති කියලා මට තරයේම හිතුණා
"මට බෑ ඔයාට ආදරේ කරන්න. අන්තිමට මං අසරණයි."
ඔව්..
අන්තිමට මං අසරණයි. අවුරුදු අටක්ම මට ඒ හැඟීම දැනුණෙ නෑ. ඒත් දැන් මට දැනෙනවා. හේෂාන් මාව බෝනික්කෙක් වගේ නටවලා අතෑරලා ඉවරයි.
නින්දෙන් ආපු කඳුළු වලින් මගෙ කොට්ටේ දෙපැත්තෙන් ම තෙත් වෙලා ගියා..
මං වේදිකාවක නිළියක් නෙවෙයි. හැබැයි මං සෙල්ලම් ගෙදරක බෝනික්කෙක්. ලස්සන ගවුම් අඳින ලස්සන බෝනික්කෙක්. මගෙ අතින් අල්ලගත්තු මං ආදරේ කරපු කෙනා මාව ලස්සනට නැටෙව්වා. මං හිතුවා එයා මං එක්ක නටනවා ඇති කියලා. ඒත් එයා මාව තනියම නටවලා. මගෙ ආදරෙන් මාව තුට්ටු දෙකට වැටිලා. මේ වැටිලා ඉන්න වලෙන් මට ආයෙ ගොඩ එන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම කෙනා හේෂාන් විතරයි. ඒත් එයත් නැතිකොට,
මං හැමදාම ඒ විසකුරු මතකෙ නිසා කඩින් කඩ මැරිලා යයි..
❝ අදින් පස්සෙ මාව සදහටම අමතක කරන්න ❞
❝ ඔයාගෙ ජීවිතේ මම කියලා කෙනෙක් හිටියා කියලා අමතක කරන්න ❞
❝ ඔයාගෙ කන් හොඳට ඇහෙනවා නම් මින්දි.. මම මේ කිව්ව දේ ආයෙ කියන්න ඕනි නෑනේ ❞
❝ අපි කවදාවත් ගැලපෙන්නෙ නෑ මින්දි.. අනික අපේ අම්මයි තාත්තයි ඔයාව අපේ පවුලට බාරගන්න එකක් නෑ ❞
❝ ඔයා හිතනවා වගේ විහිළුවක් නෙවෙයි මේක. අපි මේක මෙතනින්ම නවත්තලා දාමු. ආයෙ මට මැසේජ් කරන්නත් එපා. කෝල් කරන්නත් එපා ❞
❝ මාව අතාරින්න මින්දි ❞
❝ ආයෙ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න එපා මින්දි ❞
ඔයා හරි හේෂාන්. මමයි උඩ අතු අල්ලන්න ගියේ. හැබැයි ඔයා කිව්ව කතා වලින් එහා මේ වගේ දෙයක් වෙනවා කියලා දැනන් හිටියා නම් මං එදා ඔයාට ආදරේ කරන්න තීරණය කරන්නෙ නෑ.
මගෙ ඇස් හිමිහිට පිය උනේ ඒ ලස්සන රූපය කළුවර පසුබිමක පෙනෙද්දි..
අලුත් දවසක් 🌞☁️🍃..
"ආ යූ කිඩින් මී ඩැඩී.. ඩූ යූ තින්ක් දිස් ඊස් ෆනී ?"
"ඔයාට මොළයක් තියනවා රාදී.. අපිට යුවසිංහ පරම්පරාවට සම්බන්ධ වෙන්න හොඳම අවස්ථාව මේක. ඔයා දන්නවද ඒ බිස්නස් මැනේජ් වෙන විදිහ. අපේ වගේ නෙවෙයි. එයාලා අද වෙනකම් කවදාවත් එක තත්පරේකවත් පහලට වැටිලා නෑ."
"ඉතින් ඩැඩී ඔයා මට මොකක්ද කරන්න කියන්නේ 😒 ?"
රාදිතාගේ තරහා උපරිමේටම ඇවිත්. එයාගෙ තාත්තා උන ඇන්ඩෲස් ෆර්නැන්ඩස් එයාට හැම වෙලේම කියන්නෙ යුවසිංහ ගෲප් එකට සම්බන්ධ වෙන්න වැඩ කරන්න කියලා.
"ඔය මිස් වර්ල්ඩ් වැඩේ නවත්තන්න සුදූ.. ඔයාට පස්සෙ කාලෙක මිසිස් වර්ල්ඩ් යන්න පුළුවන් නේ."
"අනේ තාත්තා.. ඔයා දන්නවනේ මං තමයි මේ පාර ලංකාව නියෝජනය කරන්න ඉන්නේ. ඒක ඔයාලට මොන තරම් ගෞරවයක්ද ?"
"ඊට වඩා යුවසිංහ ෆැමිලි එකට ජොයින් වෙන එක කොච්චර හොඳද රාදී.."
"වට්.. අහන්න ඩැඩී. මම හේෂාන්ව මැරි කළොත් එයාලා මගෙන් එයාලගෙ පරම්පරාව ගෙනියන්න බලාගෙන ඉන්නවා."
"සුදූ.."
රාදිතාගෙ තාත්තා රාදිතා ඉන්න තැනින්ම වාඩි වෙලා ඒ අත් දෙක අල්ලගත්තා. එයාට ඕනි දේ නෙවෙයි රාදිතාට ඕනි වෙලා තියෙන්නේ.
"ආන්න ඒක තමයි අපිට තියන හොඳම Benefit එක.. හේෂාන් යුවසිංහගෙ දරුවාගෙ අම්මා ඔයා වෙනවා නම් ඒ පවුලෙන් ඔයාට ලැබෙන්නෙ නැති දෙයක් නෑ. එයාලට තියන සල්ලි, කම්පැනි එක සේරම එයාලා ඒ එන උරුමක්කාරයාට දෙන්නයි ඉන්නේ. ඒ කියන්නෙ ඊට පස්සෙ ඒක අයිති අපිට. තේරුණාද ?"
"ඉතින් මොකක්ද ඩැඩී ඒකෙ Benefit එක ?"
"ඔයාට කම්පැනි එක අරගත්තැහැකි සුදූ. ඒ සල්ලි අපිට."
"වට් 😃 ?"
......
මං මගෙ කාර් එක අරගෙන ළඟ තිබ්බ ලස්සන පාර්ක් එකකට ගියා. ඒකට වයසක මිනිස්සු, ආදර වන්තයෝ, පොඩි ළමයි, මං වගේ තනිකඩයොත් එනවා. මගෙ කාර් එක කිව්වට ඒ හේෂාන් මට දුන්න කාර් එකක්. මේ ඇඳුම් පවා එයාගෙ සල්ලි වලින් ඉතින්.
සීතල හුළඟක් එද්දි මං කාර් එකට හේත්තු වෙලා ඈත ගඟ දිහා බලන් හිටියා. අද වැඩිය කට්ටිය නෑ. ළමයි දෙතුන් දෙනෙක් Children's Park එකේ සෙල්ලම් කර කර හිටියා. මාත් ඉතින් මේ විකාර මතක වලින් නිදහස් වෙලා නිල් පාට වතුර ගලා ගෙන යන ඒ ගඟේ සද්දෙ රස වින්දා. හේෂානුයි මායි දෙන්නා මෙතෙනට එක සැරයයි ආවේ. එයා මාව මීට වඩා හොඳ, ලස්සන තැන් වලට එක්කන් ගියා. මට යන්න ආසයි කිව්ව හැම තැනම එයා මාව එක්කන් ගියා.
"හායි මිස්.."
කාගෙ හරි පිරිමි කෙනෙක්ගෙ කටහඬකින් මං ගැස්සුණා. මං මගෙ එහා පැත්තෙන් දැක්කෙ රෝස මලක් හිටන් ඉන්නවා.
'රෝස මලකට කකුල් කොහෙන්ද 😨' මගෙ හිත කියද්දිම මං පොඩ්ඩක් ඔළුව එහාට කරලා බැලුවා. ආහ් නෑ. ඒ පිරිමි ළමයෙක්. එයා මට හිනා වෙලා තද රෝස පාට රෝසමලක් දික් කරන්. ඒත් ඇයි මේ ?
..................................................... 🖤 ...
*දුෂ්ට රාදිතා මින්දිගෙ අත කැඩුවා නේද 🥺
*කව්දෑ මේ රෝස මල් කොලුවා 😃
රියැක්ට් / කමෙන්ට් ඕනි ✨
Sachy Collins