Spring is far away - 05
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 05 | Daisy hair
මොනාද උනේ මතක නෑ මට. ඒත් මගෙ මුළු ඇඟම රිදෙනවා. ඒ විතරක් නෙවෙයි මගෙ ඔළුවත් රිදෙනවා. මොන දේ කලත් ඔය හැමදේටම වඩා වැඩිපුර රිදුම් කන්නෙ මගෙ පපුව. මං ආදරේ කරන පිරිමි ළමයා වෙන ගෑනු ළමයෙක්ට දීලා මං කොහොම සතුටින් ඉන්නද. මං එක්ක ඉන්නවා තරම් සතුටකින් එයා රාදිතා ගාව ඉන්නෙ නැතිවෙයි..
විනාඩි ගාණකට පස්සෙ මට මගෙ ඇස් ඇර ගන්න පුළුවන් උනා. ඒ වෙද්දි ඇස් දෙකත් දනවා. ඒත් මගෙ ඇස් දෙකට යොමු උනේ කවදාවත් දැකල නැති වියනක් මේක මගෙ ඇඳ නෙවෙයි. මාලිගාවක් වගේ වටේ පෙනුමෙන්, ලස්සන බිත්තියෙනුත් පේනවා මේ යුවසිංහ බංගලාව කියලා. ඒත් මං ගෙදර ගියෙ නැද්ද. කවුරුත් මාව ගෙදර ගෙනිච්චෙ නැද්ද. ඉක්මනින් බලන්න ඕනි කියලා මං නැගිට්ටා.
"අහ්.."
නැගිටගන්නත් බෑ මට. ඇඟම රිදෙනවා. මගෙ කෑ ගැහිල්ල ඇහිලා කාමරෙ එළියේ ඉඳන් හිටපු මේඩ්ස්ලා දෙන්නෙක් දුවන් ආවා.
"මැඩම්.. පරිස්සමින්.."
එයාලා මාව ඇඳේ හාන්සි කරා. පොඩ්ඩක් ඉන්න. මගෙ ඇඟට දැනෙනවා අමුත්තක්. දෙවියනේ කෝ මගෙ ඇඳුම්. මගෙ ඇඟ කවර් වෙලා තියෙන්නේ සුදු පාට බෙඩ් ශීට් එකකින්. ලැජ්ජාවට මගෙ මූණත් ජම්බෝලයක් වගේ රෝස පාට වුණා.
"මැඩම් ටිකක් රෙස්ට් කරන්න.. ඔයා Faint උන වෙලේ ඉඳන් දැන් තමා සිහිය ආවේ."
දෙයියනේ. එහාපැත්තෙ තිබ්බ ජනේලෙන් ඉර එළිය ලස්සනට වැටෙනවා. උඩ තිබ්බ ඔරලෝසුව දිහා බැලින්නම් වෙලාව හතයි. මම එච්චර වෙලා කලන්තෙදාලාද නැත්තම් සිහිය ඇවිත් ආයෙ නින්ද ගියාද. මටවත් හිතාගන්න බෑ.
"මැඩම් මේක බොන්නකෝ. ඊට පස්සෙ මේක ඇඳගන්න."
එක්කෙනෙක් මගෙ ඇඳ අයිනෙන් වාඩි වෙලා සුප් එකක් දික් කරනවා. අනිත් එක්කෙනා ඉඳගෙන සානුකම්පිතව මං දිහා බලන් ඉන්නවා සුදු පාට ගවුමකුත් අතේ තියන්.
"ආයි.."
"මොකක්ද මැඩම් ඔය කරන්නේ 🥺."
මං මගෙ අත කොනිත්තගද්දි එක මේඩ් කෙනෙක් ඇවිත් මාව අල්ලගත්තා. ඉතින් මං වැරදිද.
"මේක බීලා ඉන්නකො. ඊට පස්සෙ අපි නුවන්ති මැඩම්ව හම්බවෙන්න යමු. මැඩම්ව එක්කන් එන්න කිව්වා."
"ඊයෙ මොකද උනේ.. කව්ද මට මෙහෙම කලේ.. ඇයි මං මෙහෙම ?"
එයාලා තුන් දෙනාම මං දිහා බලලා හිනා උනා. මං ඇස් දෙකත් ජිල් බෝල වගේ හදන් එයාලගෙන් අහද්දි එයාලට හිනා යන්න ඇති.
"අපියි කලේ.. මැඩම් ඊයෙ දවල් කලන්තෙ දැම්මා. පස්සෙ අපි මේ කාමරේට එක්කන් ආවා. ඊයෙ රෑ ඔයාව ඩොක්ටර් කෙනෙක් ඇවිත් බලලා ගියා."
එයාලගෙ කතාවෙන්ම මං සුප් එක බිව්වා. ඒකෙ මාර රසක් තිබ්බේ. මං මීට කලින් යුවසිංහ බංගලාවට ඇවිත් තිබුණේ දෙතුන් සැරයයි. හේෂාන් මාව මෙහෙ එක්කන් ආවෙ නෑ. ඉතින් අම්මලා එක්ක මට වැඩිය සම්බන්ධයක් තිබ්බෙ නෑ. ඒත් දැන් අම්මා මං එක්ක පැන පැන කතාව. මට හරි අමුතුයි මේ හැසිරීම්. යුවසිංහ බංගලාවට මං වගේ අනාථ කෙල්ලෙක් ගනීද මෙහෙම.
සුප් එකත් බීලා මං ඒ ගවුම ඇඳ ගත්තා. ඇත්තටම ඒක ලස්සන ගවුමක්. මටම හදලා වගේ. ඊට පස්සෙ කණ්නඩියෙන් මූණ බලලා කොණ්ඩෙත් කඩලා පීරගෙන කාමරෙන් එළියට ආවා. යුවසිංහ බංගලාව ඇතුළෙ තියන අඩියක් ගානෙ දෝංකාර දෙනවා. ඒ තරම්ම ලොකු තට්ටු තුනකින් සමන්විත ලොකු පිරිවැයක් යොදලා හදපු එකක්. බිත්ති පවා රත්තරන් වගේ නිකන් දිළිසෙනවා. මං හිමිහිට පඩිපෙළ බැහැලා සාලෙට ගියා. ඒ එක්කම පඩිපෙළ අනිත්පැත්තෙන් බැහැලා ආවේ තේෂාන්.
මාව දැක්ක පාර තියන්න ගියපු අඩියත් ආපස්සට අරගත්තා. ඇත්තටම එයා ගැස්සුණා මාව දැකලා. ඔව් ඉතින් මං කොණ්ඩෙ කැඩුවම මෝහිනී වගේ පේනවා ඇති එයාට 😑.
"ඔයා හොඳින් නේද මින්දි."
"අහ්.. ඔව්.."
එයා හොස්පිටල් යන්න වගේ. මොනාද ෆයිල් වගේකුත් අතේ තිබ්බා. උදේම එන මනුස්සයෙකුට රවන්න බෑනෙ. ඉතින් මං හිනා උනා.
"කිචන් එක කොහෙද.. මම දන්නෙ නෑ."
"ආ.. ඒක මෙහෙන් වමට යන්න."
"තෑන්ක් යු."
මං යන්නයි හැදුවේ. ඒත් මගෙ අත එයා අල්ලගෙන. ඒක දැක්කමත් මගෙ ඇස් දෙක ඉබේටම ලොකු උනා. මං එයා දිහා බලපු විදිහට එයා බය වුණ නිසාද කොහෙද අත අතෑරියා.
"ඔයා අපේ අම්මා කිව්ව ඒවා ගැන වැඩිය හිතන්න එපා. එයා මගෙ මැරේජ් එක කරන්න මහන්සි වෙනවා ගොඩාක්.. ඉක්මනින් අයියාව රාදිතා එක්ක මැරි කරවලා යුවසිංහ ගෲප් එකයි ඒ ගෲප් එකයි එකතු කරන්නයි එයාට ඕනි. ඊට පස්සෙ මාව මැරි කරවලා මේ බන්ග්ලෝ එක හැඬල් කර ගන්නයි ඕනි. ඔයා හිතලා බලලා ඩිසිෂන් එකක් දෙන්න මින්දි. මොකද අපේ අයියගෙ මැරේජ් එකට තව මාස දෙකයි. ඊට මාසෙකින් මගෙ එක කරනවා කිව්වා. එහෙම උනොත් අපි අපිව හොඳට අඳුන ගන්නත් ඕනි."
"හ්ම්.."
"මං යන්නම්."
"පරිස්සමින් යන්න."
එයා මං යන දිහා බලන් හිටියා. මාත් සද්ද නොකර කිචන් එකට ගියා..
"දෝණි.. කොහොමද ඔයාට දැන් ?"
ඒ නුවන්ති අම්මා..
"මං හොඳින් අම්මේ.. ඇයි මාව ගෙදර යැව්වෙ නැත්තේ."
"ඔයාට සිහිය ආවෙ නෑ දෝණි. අනික මෙහෙ හිටියත් මොකෝ."
අම්මා කිව්වෙ නිකන් මං යනවට අකමැතියි වගේ. මේ මොකක්ද මේ අම්මට වෙලා තියෙන්නේ. මාත් කන්ෆියුස් මෙයාගෙ කතා නිසා.
"මං ආස නෑ අම්මලාට කරදරයක් වෙන්න. මං යන්නම් දැන්."
"එපා.. අද දවල් වෙනකම් ඉන්න. දවල්ට මෙහෙ රාදිතා දුවත් එනවා ලන්ච් එකට. කාලාම යන්න."
අම්මා මගෙ ලඟට ඇවිත් මගෙ ඔළුව අත ගෑවා. රාදිතාට ඇයි වෙනම ලන්ච් එකක්. හැම වෙලේම එන එකේ. අනේ මංදා. අනික මම දවල් වෙනකම් මෙහෙ හිටියොත් මට ආයෙ කලන්තෙ දායි අනිවාර්යයෙන්. ඇයි හේෂාන්, රාදිතා දෙන්නම ආයෙ දවල් එනවනේ.
ආයෙ ගෙදර යන්න පුළුවන් නම් මට..
"දෝණි මේ ගෙදර හැමදාම ඉන්නවා නම් කමක් නෑ. මං ආසයි ඔයා මෙහෙ නවතිනවට 🤗."
"ඒ උනාට අම්මේ මට ගෙදරක් තියනවනේ. මං එහෙ ඉන්නම්."
"ඔයා දැන් මේ පවුලේ වෙන්න ඉන්න පොඩි ලේලි. ඉතින් මෙහෙ හිටියට මොකෝ."
"අහ්.."
අම්මා මං කැමැත්ත දෙන්නත් කලින් මාව ලේලි කරන් ඉවරයි. ඒත් අම්මෙ ඇයි ඔයා හේෂාන්ව මට දෙන්න අකමැති. ඒ ඉන්නෙ මගෙ අයිතිකාරයා. අවුරුදු 8ක අයිතිකාරයා..
අම්මා කිචන් එකට වෙලා වැඩ කරන අය ගැන හොඳට චෙක් කරනවා. මාත් ඉතින් ටික වෙලාවක් බලන් හිටියා එයා කට්ටියට කියලා දෙන විදිහ ගැන. මං ඕනි තරම් හේෂාන්ගෙන් අහලා තියනවා එයාගෙ අම්මා රසට කෑම හදන්න දන්න කෙනෙක් කියලා. ඒ නිසා වෙන්න ඇති මෙතන කට්ටියව Handle කරන්නේ. මේඩ්ස්ලා දැම්මට වැඩක් නෑ එයාලට වැඩ පිළිවෙළ කියලා දෙන්නත් එපැයි.
"මං කාමරේට යන්නම් අම්මේ."
"දූට බඩිගිනිද ?"
"අනේ නෑ."
"තව විනාඩි පහකින් කෑම ලෑස්තියි. මං කතා කරන්නම්කො ඇවිත් 😊."
"හරී.."
මං හිමිහිට කිචන් එකෙන් ලිවින් රූම් එකට ගියා. සාලෙ මැද උඩ එල්ලලා තියන ලයිට් එක නිසා බිත්ති වල තියන සමහර කැටයම් පවා දිළිසෙනවා. මෙහෙ සෝෆා එකත් වටින එකක් වෙන්න ඕනි. මේවා එයාලට ගාණක් නැතුව ඇති. ඒත් මං වගේ දුප්පත් කෙල්ලෙක්ට මේවා රාජ මාලිගා. පල්ලියේ තිබ්බ ළමා නිවාසෙ එක කාමරේක පස් දෙනෙක් ජීවත් වුණ එකේ මේවා අපිට ඉඩ වැඩියි. හැබැයි මේ මාළිගාව ඇතුළෙ තියන හැඟීමට වඩා බලවත් හැඟීමක් පල්ලියේ ගෙවපු ජීවිතේ තිබුනා.
ටක් ටක්..
කල්පනාවෙන් සාලෙට මතු වුණ මට ඇහුණේ කවුරු හරි පිරිමි කෙනෙක්ගේ සපත්තු දෙකක අඩි සද්දයක්. මං එකපාරටම බැලුවේ කව්ද කියලා.
'හේෂාන්'
කට නොකිව්වත් මගෙ හිත කිව්වා. මං ආසම එයා බිස්නස් කිට් එක අඳිනවාට. කළුපාට කෝට් එකයි සුදු ශර්ට් එකයි වෙස්ට් කෝට් එකයි කළු ටයි එකටයි තමයි එයා ලස්සනම. එයා සුදු නිසා කළු පාට මාරම මැචින්. ඉතින් අද එයා මගෙ ෆ්ලේවර් එකට ඇඳලා.
ඉස්සර එයා දකින හැම සැරේකම මං එයාට නම කියලා ආමන්ත්‍රණය කරනවා. එයා අකමැතිම මං එයාට සුදු මහත්තයා, මැණික, සුදූ අරවා මේවා කියනවට. මට ඉතින් වෙලාවකට ආදරේට කියවෙනවා. එත් එයා ඒවට ආස නෑලු. හැම කෙනාම එක වගේ නෑනේ. මොනදේ උනත් එදා හිටපු කෙනාට වඩා අද මං ඉස්සරහා ඉන්න කෙනාගෙ පෙනුම වෙනස්.
ඉස්සර එයා කපන රැවුල් කට් එකට මං ආසයි. බෝල නිකටයි යටි තොලට යටින් චූටි රැවුල් කොටුවයි මං ආසම දේවල් එයාගේ. ඒත් දැන් ඒ කිසිම දෙයක් එයා ගාව නෑ. ඒ සුදු මූණ පුරාම රැවුල වැවිලා. හරියට නිකන් ජීවිතේ එපා වෙච්චි මනුස්සයෙක් වගේ. ඒත් එයාට ජීවිතේ එපා වෙන්න තරම් මොනාද උනේ.
රාදිතා කියන්නෙ ලස්සන සුදු දුඹුරු පාට දණහිස ගාවට දිග කොණ්ඩයක් තියන, බළල් ඇස් අයිති ගෑනු ළමයෙක්. ඒ ලස්සන හැම ගෑනු ළමයෙක්ටම නෑ. මටත් නෑ. මං සුදුවට හුරු තලෙළු පාටක ඉන ගාවට කොට කොණ්ඩයක් තියන ගෑනු ළමයෙක්. මට එච්චර ලස්සනක් නෑ. රාදිතාගෙ දිග ඇස් තරම් මගෙ ඇස් ලස්සනත් නෑ. එයා තරම් උසත් නෑ. ඒ උනාට හේෂාන් මං එක්ක එෆෙයා එකේ ඉද්දි මාරම ලොකුකමකින් හිටියේ මං ලස්සනයි කියලා. එයාගෙ පාටට වඩා අඩු නිසා එයා මට ආස ඇති. ඒත් දැන් රාදිතා වගේ මටත් වඩා ලස්සන ගෑනු ළමයෙක් එයාට ලැබිලා ඉද්දි ඇයි මේ විදිහට ඉන්නේ. රාදිතා නෙක්ස්ට් ඉයර් වල මිස් වර්ල්ඩ් යන්නයි ඉන්නේ. එයා ඒක ගිය අවුරුද්දෙ හේෂාන්ට කියලා තිබ්බා. එච්චර දුරක් යන්න තරම් ලස්සන ගෑනු ළමයෙක් එයාට හම්බවෙලා තියෙන්නෙ පෙර පිනකට. මං වගේ කැත, මෙලෝ වැඩකට නැති ගෑනු ළමයෙක් ලැබෙනවට වඩා.
ඒත් ඇයි එයා මේ විදිහට සසර කල කිරිලා වගේ ඉන්නේ ?
ඒ ඇස් මං දිහා ලෝබකමකින් බලන් ඉන්නවා වගේ මට දැනුණා. ඒක ඇත්තද නැත්තම් මගෙ පෙර හුරුවද. හැබැයි මට තව එක තත්පරයක් වත් බලන් ඉන්න බෑ ඒ මූණ දිහා. පපුවටත් එක්ක මොකක්දෝ වෙලා ඇස් වලින් කඳුළු බිංදු එක දෙක මගෙ අඩියටත් වඩා ඉස්සර උනා. එයාගෙන් ඒ හැමදෙයක්ම හංගන්න ඕනි නිසාම මං මූණත් අතින් වහගෙන පඩිපෙළ නැගලා කාමරේට දිව්වා. ආයෙමත් වර්තමාන තත්පර කිහිපය තුල මං ඒ රූපෙ දැක්කෙ නෑ. මට ඕනි උනේ එයාගෙන් ඈත් වෙන්න. එයාව මට ලැබෙන්නෙ නැත්නම් මොකටද තවත් හිත රිද්ද ගන්නේ මම 💔..
ඉර මුදුන් උනා 🌞..
මං කොණ්ඩෙත් එකට කරලා ගොතලා කාමරෙන් එළියට ආවේ හැමෝම ඇවිත් වගේ ආපු සද්දෙ නිසා. සමහරවිට රාදිතා ඇවිත් ඇති. එයා ආවමනේ ගෙදර අය හෙන සතුටෙ ඉන්නේ.
"මින්දී.."
දොර වහපු මං ගැස්සිලා ගියේ හුරු කටහඬක් ඇහුණ නිසා. තත්පරයක් යන්නත් නොදී මං ඉක්මනින් හැරුණේ මගෙ සැකේ තහවුරු කරගන්න. මගෙ සැකය වැරදියි. මට ඇහුනෙ එයාගෙ කටහඬ උනත් මං ඉස්සරහ හිටන් හිටියේ එයාගෙ මල්ලි.
"තේෂාන්.. ඔයා ?"
ඒ මූණෙයි මේ මූණෙයි පොඩි වෙනසයි, හැබැයි කටහඬ නම් එක වගේ ටිකක්. ඒකනෙ මං රැවටුණේ.
"අම්මා කිව්වා ඔයාව එක්කන් එන්න කියලා. රාදිතා අක්කත් ආවා."
"හ්ම්."
"පොඩ්ඩක් ඉන්නකෝ."
"ආ ?"
එයා ටිකක් එහාට වෙන්න තිබ්බ කාමරේකට ගියා. ඩොක්ටත් ලස්සනයි ඩෙනිමට. අද රාදිතායි මෙයාගෙ යාලුවොයි අයියගෙ යාලුවොයි එනවා කිව්ව නිසා එයා කොහොමත් ලස්සනට ඉන්න එපැයි.
"මම හැමදාම මගෙ කාමරේට මල් බොකී එකක් ගේනවා. එතකොට තමයි කාමරයක් ෆ්‍රෙශ් එකේ තියෙන්නේ."
එයාගෙ අතේ තිබ්බෙ චූටි සුදු පාට ඩේසි මල් ටිකක්. මං ආසම මලක් ඩේසි කියන්නේ. ඒවා හරි හුරුබුහුටියි. ඒත් ඇයි තේෂාන් මෙවෙලේ ඒවා ගෙනාවේ ?
"අනිත් පැත්තට හැරෙන්නකෝ."
මාත් ඉතින් හැරුණා. ඒ එක්කම එයා මගෙ ගොතපු කොණ්ඩෙට ඒවා තැනින් තැනට ගැහුවා. ඩොක්ටර් කෙනෙක් උනාට කලා රසයක් තියනවා හැබැයි. මං නිකන්ම කොණ්ඩෙත් ගොතලා ගවුමකුත් ඇඳලා එයාලා ඉස්සරහට එක්කන් යන්න අකමැති ඇති. ඒකනෙ කොණ්ඩෙට මල් ගැහුවේ 🌼.
/𝘾𝙤𝙢𝙢𝙤𝙣 𝙙𝙖𝙞𝙨𝙮 :- කහ පැහැ මධ්‍යයක් ඇති සුදු පැහැ දිගැටි පෙති වට වූ කුඩා මලකි.
"දැන් ලස්සනයි. ගමක ළමයෙක් වගේ."
එයා එහෙම කියලා හිනා උනා. මාත් ඉතින් හිනා උනා. මට පේන්නෙ නෑ මගෙ පෙනුම. ඒත් මගෙ පෙනුම නිසා යුවසිංහ පවුලට disrespect එකක් වෙන්නෙ නැත්තම් මට එච්චරයි.
මං තේෂාන් එක්කම පල්ලෙහාට බැහැලා ඇරේන්ජ් කරලා තිබ්බ මේසෙට ගියා. එතන මං නොදන්න කපල් හතරක්ම හිටියා. අනිත් දෙන්නා රාදිතායි හේෂානුයි. අම්මා තාත්තාට පෙන්නනවා මගෙ ලස්සන කියලා. ඇත්තටම එයා නිකන් මට වශී වෙලා වගේ දැන් ඉන්නේ.
"මේ ඉන්නෙ මගෙ පොඩි ලේලි.. මින්දි.. මොකක්ද දෝණි ඔයාගෙ අනිත් නම ?"
"අමේලියා."
"වාව් ඒක ලස්සන නමක්නේ. කව්ද නම දැම්මේ. අම්මාද තාත්තාද ?"
ඉන්න කට්ටිය ඉස්සරහ මගෙ මූණත් හේෂාන්ගෙ මූණත් කළුවර වෙලා ගියා. එයා කැමති නෑ මගෙ අතීතය මතක් කරන්න. මාත් ආස නෑ මතක් කරන්න.
"අනාථ නි...."
"ෆාස්ටර් ජෝශප් දැම්මේ."
මං අකමැත්තෙන් හරි කියන්න හිතා ගත්තු වාක්‍ය ඉවර කරන්න කලින් හේෂාන්ගෙ හඬ අවදි උනා. එයා මාව ලොකු කරදරයකින් බේරුවා. නැත්තම් මෙතන මම අනාථ නිවාසෙක හැදුණ කෙල්ලෙක් කියලා කිව්වා නම් එයාලා මගෙන් අහන්නෙ නැති ප්‍රශ්නයක් නෑ. අනික එයාලා මං දිහා අඩුවෙන් බලයි. ඒක යුවසිංහ පවුලටත් අගෞරවයක් නේ.
"මින්දි ඔයා.."
පුටුවක් ඇදලා ඉඳගන්න හදපු මට එතන ඉන්න කපල් වලින් එක ගෑනු ළමයෙක් හයිලයිට් උනා. ඒ වෙන කවුරුත් නෙවෙයි රුවිනි. එයා තමා මට කතා කලේ.
"රුවිනි."
"ඔයා ගොඩාක් වෙනස් වෙලා මින්දි.. ඇත්තටම මට ඔයාව අඳුනගන්න බැරි උනා."
ඒ දවස්වල හිටපු රුවිනි නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලෙ රුවිනි කළුපාටට හුරු තලෙළු පාටක් තිබුණ කෙනෙක්. දැන් ක්‍රීම් එකක් ගාලද කොහෙද සුදු වෙලා මං ගානට වගේ. මට මතකයි එයා ඒ කාලෙ නටපු නාඩගම්..
°•°•°•°
මට ඒ වෙද්දි 15 යි. දහයෙ පංතියේ මං හිටියේ. මායි සංජානායි දුල්නෙත්මියි තුන් දෙනා ගණන් පීරියඩ් දෙකම හිස් නිසා පොතකුත් අරන් ගහක් යට ගල් පඩියට ආවා. ඒ ගල් පඩිය ටිකක් දිගයි. අපේ සෙක්ශන් එකේ ගාඩ්න් එකේ තිබ්බේ. ඉතින් දහයෙයි එකොළහෙයි ළමයි සේරම එතන. අපි අනාථ නිවාසෙ ළමයි නිසා කවුරුත් අපිව ගණන් ගත්තෙ නෑ. හැමෝම අපිව කොන් කරා සමහර යාළුවො ඇර.
රුවිනියි එයාගෙ යාළුවො දෙන්නා වුණ සෙවිඳියි ක්‍රිෂ්නියි එක්ක හැම වෙලේම රවුම් ගහනවා. ඒ වෙද්දි එයාලා එකොළහ වසරේ. ප්‍රින්සිපල් එද්දි දුවන්න බලන් ඉන්නෙ එතන ඉන්න හැමෝම. ඒත් අද ප්‍රින්සිපල් එක්ක ඒලෙවල් ඕලෙවල් ටීචර්ස්ලා මොකක්ද රැස්වීමක්. එතන හොඳට බනිනවා ඇති. ඒ නිසා ගොඩාක් අය නිදහස්.
"ඒ බන්.. අන්න උබේ ප්‍රේම කුමාරයා සම්ප්‍රාප්ත වෙනවා. අද වත් අහපන්."
ක්‍රිෂ්නි රුවිනිට පොඩි කික් එකක් දීලා ඈතින් එන හේෂාන්වයි අහස්වයි පෙන්නුවා. එතකොට එයාලා ඒ ලෙවල්. ඒ දෙන්නා හය වසර සෙක්ශන් එක පැත්තෙන් අපි ඉන්න පැත්තට ආවා. නේරංජනට වගේ පිස්සුවක් ඒ දෙන්නට නෑ. මෙයාලා නිකන් භාවනාවක් වගේ ඇවිදින්නෙත්. ඒ කාලෙ රුවිනි විතරක් නෙවෙයි පස්සෙන් ආවේ.
ඉස්කොලේ හිටපු ගෑනු ළමයි සේරම වගේ හේෂාන්ගෙ පස්සෙන්. එයා සුදුයි උසයි ලස්සනයි ඉතින් හැමෝම වහ වැටිලා වගේ පස්සෙන් ආවේ. මගෙ හිතේ එයා ගැන හැඟීම් මෝදු වෙලා තිබ්බෙ. ඒ උනාට මං එච්චර ඒ ගැන හිතුවෙ නෑ. ඒක මේ ඉස්කෝලෙ හැම ගෑනු ළමයෙක්ටම පොදු ඇති. ඉතින් ඒ වගේ මටත් වෙන්න ඇති කියලා මට හිතුණා.
"මං අද කොහොම හරි හේෂාන්ගෙන් කැමැත්ත අහනවා. ඊට පස්සෙ ඒ රාජ කුමාරයා මගේ 😍."
රුවිනි පපුවටත් අත් දෙක ගුලි කරන් වටයක් කැරකුණා. මම අහලා තිබුණේ පිරිමි ළමයි ගෑනු ළමයින්ගෙන් යාළු වෙන්න අහන එක විතරයි. ඒත් රුවිනි ඒකේ අනිත් පැත්ත කරන්න හදනවා. ඉතින් මං බලන් හිටියා ඒ සතුට දිහා. ඒත් ඒ මූණ, මාව දැක්කම අඳුරු වෙන්න වැඩි වෙලා ගියෙ නෑ. එයාලා හිතන් ඉන්නේ අපිව දැක්කම එයාල කරන්න යන වැඩෙත් මූසලයි කියලා.
"මේ.. අර අනාථ කෙල්ලො ටික මොකද දන්නෙ නෑ මෙතන කරන්නේ.. ශෙක්.. මගෙ වැඩේ හරි යයිද දන්නෙත් නෑ. මූණටම පේනවානේ."
"තියන ලොකුකම.. අනාථයෝ කියලා නෙවෙයි ඉන්නේ. අඩි දෙක තුනක් උඩින් යන්නේ. ඇති දේකුත් නෑ. ලස්සනත් නෑ. හැටි විතරක්."
"අර මෙහා කෙරෝලෙ ඉන්න කෙල්ල ඉන්නේ. මට පේන්නෙ වැලහින්නක් වගේ 🤢."
ක්‍රිෂ්නි එහෙම කිව්වෙ මට. මගෙ ඇවිස්සෙන කැරළි කොණ්ඩෙ නිසා හවස් වෙද්දි මං පිස්සියක් වගේ නිකන්. එයාලා මට වැලහින්න කියන්නේ මගෙ මූණයි ඇඟ පුරාමයි තිබ්බ රෝම නිසායි මහත ඇහිබැම් නිසායි. මම එදා ඉඳන් වසයි. ඒ නිසා එහෙම වෙන්න ඇති කියලා හැමෝම කිව්වා. ඒත් ඒක මට ආවේණික ලක්ෂණයක් කියලා මං සතුටු උනා. ඒ උනාට,
"මට ඇති වෙලා තියෙන්නෙ මේක. මං හැමදාම ඔය කතා අහන්න ඕනිද දුල්.."
"නෑ බන්. අපි තව අවුරුද්දයිනේ ඉන්නේ. ඉවසන් ඉමු."
මගෙ ඇස් අග කඳුළු. මං ඒ ටික හිමින් පිහදගෙන මගෙ ලඟට එන හේෂාන් දිහා බැලුවා. එයාගෙ මූණෙ කිසි අඩුවක් නෑ. හැමදෙයක්ම සර්ව සම්පූර්ණයි. ඒත් ඒ කළුපාට ඇස් කොනින් මගෙ කඳුළු පිරුණු ඇස් දිහාට යොමු වෙලා තිබ්බා කියලා මං දැක්කා. ඒ රුව මාව පාස් කරන් ගියේ තත්පර දෙක තුනක් ඇතුලත. ඒ එක්කම රුවිනි හරි බරි ගැහිලා ලෑස්ති උනේ එයාට කැමැත්ත කියන්න.
"මේ.. අයියේ.."
එයා ඇහුනෙවත් නැති ගානට රුවිනි පාස් කරලා ගියා. ලස්සන කොල්ලෙක් වෙලා මොකටද එකේක කෙල්ලන්ව ගණන් ගන්නේ. රුවිනි එකම කෙනා නෙවෙයිනේ. ඔහොම අහපු.
"හේෂාන් අයියේ.."
දෙවනි පාර තමා එයා හැරිලා බැලුවේ. ඒ එක්කම රුවිනිත් එයා අස්සට ගියා. මට පේනවා දැන් මෙතන වෙන්න යන එක. ඒලෙවල් උඩ තට්ටුවල හිටපු කෙල්ලොයි ඕලෙවල් බිල්ඩිමේ ඉන්න කෙල්ලො කොල්ලොයි වටේ ඉන්න සේරම අයගේ අවධානය ඒ කපල් එකට යොමු උනා. මෙච්චර කල් කෙල්ලෙක්ට කැමැත්ත නොදුන්න එයා රුවිනිට කැමැත්ත දෙයිද ?
"ඇයි කතා කලේ ?"
එයා වැදගත් විදිහට කෙල්ලගෙන් ඒක ඇහුවා. ඒත් රුවිනිගෙ මූණ අවුල් උනා මට පෙනුණා. එයා බලාපොරොත්තු උනේ ඒ වගේ උත්තරයක් නෙවෙයි වෙන්න ඇති.
"මේකයි අයියේ.. මං ඔයාට... ගිය අවුරුද්දෙ ඉඳන් කියන්න හිටියේ... මේ... මං.. මං ඔයාට ආදරෙයි හේෂාන් අයියේ."
රුවිනිගෙ කොහොම උනත් මෙහයින් බලන් හිටපු මගෙ පපුව ඇතුළ බිත්තර තම්බන්න පුළුවන් සයිස් එකේ තිබ්බේ. මං දන්නවා රුවිනිට හේෂාන් දෙන උත්තරේ මොකක්ද කියලා,
"I am sorry. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මං ඔයාට කැමති නෑ."
මං දැක්කා ඒක කිව්ව වෙලේ රුවිනිගෙ ඇස් කඳුළු පටලයකින් වැහෙනවා. එතන හිටපු මටත් අවුල්. සේරටම හපන් වටේ ඉන්න ළමයි. එයාලා සේරම කටටත් අත තද කරන් රුවිනිට චාටර් එකට හිනා උනා මට අද වගේ මතකයි.
°•°•°•°
හේෂාන් සද්ද නොකර එතනින් යන්න ගියා. රුවිනි මටයි යාළුවන්ටයි රවලා සෙවිඳියි ක්‍රිෂ්නියි එක්ක යන්න ගියා. ඒක ඒ දවස් වල පත්තරේ විතරයි නොගියේ. රුවිනි කියන්නේ ඒ දවස් වල ඉස්කෝලෙ හොඳ රංගනේක යෙදෙන කෙල්ලෙක්. කොල්ලො දවසින් දවසට නම් හිටියා. එහෙම එකේ සේරම ඉස්සරහා චාටර් වෙද්දි එයාට උන ලැජ්ජාව නිසා සති දෙක තුනක් යනකම්ම ඉස්කෝලෙ ආවෙ නෑ.
ඒත්.. ඊට අවුරුදු තුනකට පස්සෙ,
❝ මින්දි.. මං ඔයාට එකපාරයි කියන්නෙ.. අහන් ඉන්න..
මං ඔයාට ගොඩාක් ආදරෙයි මින්දි.. ❞
පල්ලියේ සීතල වුණ කණුවකට මාව තද කරන් මගෙ මූණට එබිලා එයා එහෙම කියද්දි මට ඉන්න තැනත් අමතක උනා. අවුරුදු තුනකට කලින් ඉස්කෝලෙ හැමදාම අවුරුදු කුමාරි වෙච්චි ලස්සනම කෙල්ලටත් දමලා ගහලා වගේ බෑ කිව්ව හේෂාන් මං වගේ ලාවට ලස්සනක් තියන කෙල්ලෙක් ගාව නැවතුණා. මටවත් මගෙ දෛවය ගැන විශ්වාස කරන්න බැරි උනා. එදා සිදුවීම මට හීනයක් වගේ අදටත්.
..................................................... 🖤 ...
*කෝ ලයික් කමෙන්ට් නෑනේ 🥺
කතාවේ අතීතයට යන සිද්ධීන් මුල හරියෙදි ගොඩක් තියෙනවා. ඒත් එන්න එන්නම ඒවා අඩු වෙයි. මුල විකාරයක් වගේ පෙනුනට කතාව තව ඉස්සරහට තමයි ලස්සන වෙන්නෙ ඔන්න 😉
Sachy Collins