Spring is far away - 04

Spring is far away - 04

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 04 | Nice to meet you


Previous


නුවන්ති අම්මාගෙන් කෝල් එකක්..


"දෝණි.. පරිස්සමින් ආවා නේද ?."


"ඔව් ආන්ටි."


"එහෙනම් කමක් නෑ. රෑට උයාගත්තද ?."


"ඔව් ඔව්. මට මාමා එළවළු ගෙනවිත් දුන්නා."


"හ්ම්.. අහන්නකො."


"කියන්න ආන්ටි."


නුවන්ති අම්මා මට මොකක් හරි විශේෂ දෙයක් කියන්න යන්නේ. එයා කියන්න ලෑස්ති වෙද්දි මට තේරුණා.


"හෙට මෙහෙ එනවද ?."


මම උත්තරයක් දෙන්නත් කලින් මගෙ හිත කිව්වෙ 'බෑ දෙවියනේ බෑ මට' කියලා. ආයෙමත් මම හේෂාන් ඉස්සරහට යනවා කියන එක මගෙ හිතට දරාගන්න අමාරුයි. මම එයා ඉස්සරහ මොන විදිහට හැසිරෙන්නද දැන් ?


"හදිස්සියක්ද ආන්ටි ?."


"නෑ දෝණි. විශේෂ කාරණාවකට. අපි ඔයාට කියන්න හිටියේ යන්න කලින් ඉඳන්. ඒත් බැරි උනා. හෙට එනවා නම් අපිට ඒක කතා කරගන්න පුළුවන් නේ."


"හ්ම්.. මං එන්නම්කො."


අලුත් දවසක් 🌞☁️🍃..


නුවන්ති අම්මලගෙ ගෙදර යන්නත් කලින් මම මොනා හරි ගන්න කියලා ටවුන් එකෙන් නැවැත්තුවා. මෙතන ඉඳන් එයාලගෙ ගෙදරට මීටර් සීයක් වත් නැතුව ඇති. ඒ නිසාම මගෙ හිතයි පපුවයි දෙකම තරඟෙට ගැහෙනවා. බඩේ සමනල්ලු පියාඹනවා වගේත් දැනෙනවා. මේ ටවුන් එකට හේෂාන් ඒ දවස් වල ගොඩාක් එනවා. මොකද මේක එයාලගෙ ගෙවල් වලට ළඟ නිසා. පයින් එන දුරක් තියෙන්නේ. ඉතින් එයා පයින් ඇවිත් පයින්ම යනවා මම ඉස්සර දකිනවා.


කේක් කඩේකට ගිහින් මම ටිකක් ලොකු අයිසින් චොකලට් කේක් එකක් අරගත්තා. ඒක තමයි හේෂාන් කැමතිම කෑම. එයාට චොකලට් අයිසින් කේක් කිව්වොත් ආයෙ වෙන මුකුත් ඕනි නෑ. සමහර විට එයා මං ගෙනාපු එක රස කර කර කයි. එතකොට මගෙ හිතත් තෘප්තිමත්.


එයා අරන් දුන්න තැඹිලි පාටත් කහ පාටත් මිශ්‍ර දිග ගවුමත් ඇඳගෙන මම ගියේ බොහොම අමාරුවෙන්. ඒක මට දිග වැඩියි. ඉතින් චූටි හීල්ස් දෙකකුත් දාන්න එපැයි. ඒත් ඒ දෙක දාගෙන ඇවිදින්න ගිහාම එපා වෙනවා.


ගවුමෙන් එහාට ඇහැ අරගත්තු මං දැක්කෙ කිසිම විටෙක ප්‍රාර්ථනා නොකරපු රුවක්..


ඔව් ඒ හේෂාන්. ඒ ඇස් මගෙ පැත්තට යොමු වෙලා තිබ්බේ. ඒත් මං ඒ ඇස් දිහා බලපු ගමන්ම ඒ ඇස් වෙන පැත්තකට හැරුණා. එයා මට වඩා මීටර් දහයක් විතර ඉස්සරහින් හිටියේ. ඒත් මට එයා මගෙ ළඟ ඉන්නවා වගේ එදා දැනුණ ඒ හැඟීම අදත් දැනෙන්න ගත්තා. මේක නම් සංසාර ගත බැඳීමක්. එයාව දැක්කම මට හිතෙන්නෙම එයා එදා හිටපු කෙනාම වෙන්න ඇති කියලා.


"හේෂාන්.."


මට නොදැනුවත්වම මගේ කටින් ඒ නම හීනිවට මිමිණුනා. ඒත් එයා වැඩි වෙලා නොයවා අනිත්පැත්ත හැරිලා යන්න ගියා. මට එයාට කතා කරලා නවත්තන්න බෑ. මොකද එයා ගත්තු තීරණයට පිටින් මට දැන් යන්න බැරි නිසා.


ඇස් වල කඳුළු පටලයක් බැඳිලා තියෙද්දි මං කාර් එකට නැග්ගා. දැන් කොහොමත් එයාලගෙ ගෙදර යන්න එපැයි. ඊට පස්සෙ එයා කොහොමත් මගෙ ඉස්සරහට එනවනේ.


......


"මොකක්ද අම්මේ කතා කරන්න ඕනි කිව්වෙ ?."


මම තනි පුටුවේ ඉඳන් කොෆී එක බොනවා. අම්මයි තාත්තයි එකක. තේෂානුත් එතන. ඒත් ගෙදර ලොකු පුතා නම් තාම නෑ.


"මේකයි දෝණි..


ඔයාට අපි අපේ දරුවෙක් වගේ සැලකුවේ. ඇත්තටම මට ඔයා මගෙ දුව වගේ. මට ලැබුණ දෝණි නැති උනාට පස්සෙ මගෙ ජීවිතේට ආපු දෙවනි දෝණි ඔයා."


නුවන්ති අම්මා එහෙම කියලා එයාගෙ ඇස් වලින් වැටුණ කඳුළු ටික පිහදැම්මා. හේතුව නම් මේකයි,


නුවන්ති අම්මායි ශෂීන්ද්‍රයි දෙන්නා ආදරේ කරලා මැරි කරපු දෙන්නෙක්. ඒ දෙන්නා අදටත් ඒ දෙන්නට ආදරෙයි. එයාලාට ලැබුණ පළවෙනි පුතා හේෂාන්. ඊට පස්සෙ එයාලට ඕනි උනේ දුවෙක්. හැබැයි ලැබුණෙ තේෂාන්ව. අන්තිමට එයාලා දුවෙක් බලාපොරොත්තු උනා. හිතපු විදිහටම අම්මාට දුවෙක් ලැබුණා. එයාගෙ නම හෙසන්‍යා. හැබැයි ඒ බබා චූටි කාලෙම ලියුකේමියා ලෙඩෙන් නැති උනා. ඒ වෙද්දි ඒ බබාට අවුරුදු දෙක තුනක්. එදා හේෂාන් මට අඬ අඬාම කිව්වා. එයා නංගිට ආදරේ කරපු තරම.


❝ මං හරි ආසාවෙන් හිටියේ මගෙ නංගි එක්ක සෙල්ලම් කරන්න. මං අම්මාගෙන් දවසින් දවස ඇහුවා නංගි කවද්ද ලොකු වෙන්නෙ කියලා. එයාලා කිව්වා තව අවුරුදු ගාණකින් මම වගේම ලොකු වෙයි කියලා. ඊට පස්සෙ මම දවස් ගණන් කරා. ඒත් එක දවසක් එයාට ගොඩාක් වමනෙ ගියා. එයාව හොස්පිටල් එක්කන් ගියා. ඊට පස්සෙ එයා මාස ගාණක් මැෂින් අස්සෙ දුක් විඳලා මාව දාලා යන්න ගියා මින්දි ❞


එයා ඇස් වල කඳුළු පුරවන් මට එහෙම කියද්දි ඇත්තටම මගෙ ඇස් වලිනුත් කඳුළු වැටුණා. ඇත්තටම ඒ මැරුණ නංගි අවාසනාවන්තයි. හේෂාන් වගේ අයියා කෙනෙක් නොලබාම ලෝකෙන් යන්න.


"දෝණි කැමතිද මගෙ පොඩි ලේලි වෙන්න ?."


කල්පනාවෙන් එළියට ආපු මම එකපාරටම ගැස්සිලා ගියා. අම්මා කිව්වෙ මොකක්ද කියලා මට ආයෙ අහගන්න පුළුවන් නම්. ඒත් මං හිතන්නෙ මගෙ කනට ඒ කිව්ව එක හොඳට ඇහුණා.


තේෂාන්ගෙ වයිෆ් වෙන්න ?

මං වගේ අනාත කෙල්ලෙක් ?

හේෂාන්ව වත් මට අයිති නැති එකේ ?


"අම්මා ?."


"බෑ කියන්න එපා පුතේ. මං ආසයි ඔයා වගේ හැදිච්ච ගෑනු ළමයෙක් මගෙ පොඩි දුව වෙනවට. ලේලිම නෙවෙයි."


"එ..ඒත් අම්මේ."


°•°•°•° (අතීතයට)


"මොනාද තවත් බලන්නේ. එන්න ඇතුලට."


මං පල්ලියේ වෙනස්කම බලනවා ඇරෙන්න හේෂාන් දිහා කොනකින් වත් බැලුවෙ නෑ. මාව එයා අරගෙන ගිහින් එදාට මාස හයක් උනා. ඉස්සෙල්ලාම අපි සිස්ටර්ලා බලන්න ආපු දවස.


එයාගෙ කෑ ගැහිල්ල නිසාම මං දෙවියන් වහන්සේගේ පිළිමය ඉස්සරහින් හිටගත්තා. අද පල්ලියේ කවුරුත් නෑ. ඊයෙ යාන්තමට දේව මෙහෙය ඉවර වෙලා දැන් හරි නිස්කලංකයි.


"මින්දි.."


මං එකපාරටම හැරුණෙ එයාගෙ පැත්තට. දැක්ක දෙයින් නම් මගෙ ඇස් දෙකත් එක්ක නලියන්න ගත්තා. එයා මගෙ ඉස්සරහා දණ ගහලා මුද්දක් දික් කරන්. කෑ ගහන්න තරම් සතුටක් හිත අස්සෙ ගුලි වෙලා තිබුණා. ඒත් ඒ අහිමි පිරිමි ළමයා මට එදත් හීනයක් උනා.


"මාව මැරි කරනවා නේද මින්දි."


මං සද්ද නොකර ටික වෙලාවක් හිටියා. දැන් නම් එයාගෙ කකුල් දෙක රිදෙන්න අරගෙන මූණත් එක්ක දෙකක් වෙලා.


"හේෂාන්.. මේකයි.."


දබරැඟිල්ලේ තිබ්බ මුද්ද කරක කරක මං ඒක කියන්න ටිකක් පැකිලුණා. ඒත් මේ නපුරාගෙ මූණ දැන් දෙබර ගෙඩියක් වගේ.


"මට බෑ ඔයාව මැරි කරන්න 😒."


"මොකක්ද කියන්නේ ?."


ඔන්න යක්ෂයා නහරත් මතු කරන් ආවේෂ වෙලා වගේ නැගිට්ටා. මාත් ඉතින් අත් දෙකත් බැඳගෙන ලොකුකමට හිටියා. විශ්වාස කරන්න පුළුවන්ද ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක් මං ඉස්සරහා දණ ගැහුවා කියලා.


"ඇයි බැරි ?."


"බෑ කිව්වොත් බෑ."


"හේතුවක් තියෙන්න ඕනි බෑ කියන්න නම්. මම ඇර මොකෙක් හරි බූරුවෙක් හිතේ ඉන්නවද 😑."


"අනේ නෑ.."


"එහෙනම් ?."


මං වැඩි සද්දයක් නොදා ඇත්තම කතාවට බැස්සා. ඒ මං ආවර්ජනය කරන්න අකමැතිම කාරණාව. මට එයා අහිමි උනොත් ඒ නිසාම තමයි.


"අපි ගැලපෙන්නෙ නෑ හේෂාන්.. මම අම්මා තාත්තා දෙන්නාගෙන්ම ප්‍රතික්ෂේප වෙච්චි අනාථ කෙල්ලෙක්. ඒකට ඔයා.. ඔයා ඊළඟට යුවසිංහ ගෲප් එකේ ඕනර්. ඔයාව නොදන්න මනුස්සයෙක් නෑ. අනික ඊළඟට යුවසිංහ ජෙනරේෂන් එක ගෙනියන වගකීම ලැබිලා තියෙන්නෙ ඔයාට. එහෙම එකේ ඔයා කොහොමද මං වගේ...."


"ඉනෆ් මින්දි.."


මං බැරිම තැන මගෙ මූණ අතින් වහගත්තේ කඳුළු දේව මන්දිරේ ටයිල් පොළොව උඩට වැටෙන්න නොදී. ඒ එක්කම මට දැනුණේ එයාගෙ පපුව උඩට මාව ඇදිලා යනවා වගේ. විනාඩි ගාණක් මං එයාව තුරුලු කරන් ඇඬුවා. මගෙ දිග ඇහි පිහාටු වලින් බේරෙන කඳුළු වලට එයාගෙ ශර්ට් එක තෙත් වෙලා.


"මං කිව්වා ඔය හැමදෙයක්ම අමතක කරන්න කියලා. ඒත් ඔයාව හදන්න බෑ මින්දි."


යථාර්ථය අමතක කරන්න බෑ හේෂාන්. ඒක තමයි ඔයාගෙ ඇස් වලින් දකින කන් වලට ඇහෙන තිත්ත ඇත්ත. ඒත් ඒක නොපිළිගත්තු ඔයාගෙයි වැරැද්ද. ඔයාට මං අනාථ කෙල්ලෙක් නොවුණට ඔයාලගෙ පවුලට, ඔයාලගෙ නෑදෑයින්ට මං ආතක් පාතක් නැති කෙල්ලෙක්.


මං අනන්තවත් පල්ලියේ ඉස්සරහා අඬලා ඇති මගෙ අම්මයි තාත්තයි ගැන හිතලා. ඒත් ඒ දෙන්නා මට ආදරෙයි නම් මෙහෙම කරන්නෙ නෑනේ. අනිත් අයට හොඳ දෙමව්පියො ලැබිලා තියෙද්දි මාව තඹ සතේකටවත් වටින්නෙ නැති අම්මෙකුයි තාත්තෙකුයි ගාවට යැව්වෙ ඇයි ඔබ වහන්සේ ?


ඔය ප්‍රශ්නෙ විතරයි මම ඇහුවේ..


°•°•°•° (වර්තමානයට)


මං තේෂාන් දිහා බැලුවා. එයා බිමට ඔළුව නවාගෙන ඉන්නවා. කාටත් නොදැනෙන්න මං මගෙ ඇස් වල කඳුළු පිහද ගත්තා. දවසින් දවස මං හේෂාන්ගෙ ලෝකෙන් අයින් වෙලා යනවා. සදහටම ඈත් වෙලා යනවා.


"මගෙ පොඩී අවුරුදු ගාණක ඉඳන් ගෑනු ළමයෙක් නිසා විඳෙව්වා. එයාගෙ ජීවිතේ දැන් වත් මට පිළිවෙළක් කරන්න ඕනි. ඒකයි මං දෝණි ගැන කිව්වේ. මං දන්න කාලෙ ඉඳන් දෝණි හොඳ ගෑනු ළමයෙක්."


තේෂාන්ට ඔහේ යන්නං වාලෙ ගෑනු ළමයෙක් හොයලා ඇයි හේෂාන්ට විතරක් සල්ලිකාර වංසක්කාර ගෑනු ළමයෙක් හොයන්නේ ?


මට ඒ ප්‍රශ්නෙ අහන්න හිතට ආවත් සද්ද නොකර හිටියා. ඒත් ඒක නෙවෙයි දැන් ප්‍රශ්නේ. මෙයා කියන්නෙ මට මං අදරේ කරන කෙනාගෙ මල්ලිව මැරි කරන්න කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක් උනත් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.


"අ..අම්මේ.. මට.. ටික කාලයක් ඕනි."


"ඔයාට හිතන්න දෙයක් නෑ දෝණි. හේෂාන් වගේම මගෙ චූටි පුතාත් හොඳ කෙනෙක්."


"මං එහෙම දෙයක් නෙවෙයි කිව්වෙ. මට මේ ගැන හිතන්න අඩුම දවස් ගාණක් වත් ඕනි."


ඇයි මං එහෙම කිව්වේ. ටික කාලයක් කියන එකට දවස් ගාණක් කියලා කිව්වෙ ඇයි. දැන් නම් මටම මගෙ ඔළුවට ඇන ගන්න හිතෙනවා. මේක ජෝක් එකක් නෙවෙයි මින්දි.


"හරි.. අපිට ඉක්මනින් තීරණයක් දෙන්න දෝණි. ඔයා බය වෙන්න එපා. අපි චූටිට මේ ගෙදර තමා ලියලා දෙන්න ඉන්නේ. ලොකූ මැරේජ් එකෙන් පස්සෙ අපේ කලම්බු වල තියන බන්ග්ලෝ එකට යනවා. දෝණිට පුළුවන් අපි එක්ක ඉන්න."


මට පේනවා තේෂානුත් කරගන්න දෙයක් නැති නිසා සද්ද නොකර ඉන්නෙ කියලා. ඒ උනාට එයාත් මේකට විරුද්ධව කතා කරන්න ඕනි. මොකද මේ එයාගෙ ජීවිතේ ගන්න හොඳම තීරණය.


"මං යන්නම් අම්මේ."


"ලොකූ එනකම් ඉන්නෙ නැද්ද ?"


"බෑ අම්මේ ගෙදර වටේ පොඩ්ඩක් සුද්ද කරන්න ඕනි. ආයෙ හෙට ඔෆිස් එන්නත් ලෑස්ති වෙන්න එපැයි."


"පරිස්සමින් යන්න දෝණි.. අපිට ඉක්මනින් තීරණයක් දෙන්න."


"හ්ම්."


මං එහෙම කියලා යන්නයි හැරුණේ. එකපාරටම දොර ගාවින් මතු වුන රුව නිසා මගෙ කකුල් එක තැන ගල් උනා. මම කිසිම විටෙක ප්‍රාර්ථනා කරේ නෑ හේෂාන් රාදිතා එක්ක ඉඳී කියලා. ඒ දෙන්නා එකට හිනා වෙවී ගේ ඇතුලට ආවා. ඒත් මාව දැක්කම නම් හේෂාන්ගෙ මූණම වෙනස් උනා. මට ඕනි උනේ නෑ එහෙම කරන්න.


"අනේහ්.. අමේලියා 😲.."


රාදිතා ඇවිත් මාව තුරුලු කර ගත්තා. එයා හේෂාන් තරම්ම උස මහතයි. ගොඩාක් සුදුයි, ලස්සනයි, කොණ්ඩෙත් දිගයි, ඒ මදිවට බළල් ඇස්. ඒකට මං තලෙලුයි කැතයි. එයාට තිබුණ එක ලක්ෂණයක් වත් මට නෑ.


මං රාදිතාව තුරුලු කර ගත්තෙ නෑ. හේෂාන් මං දිහා බලන් ඉන්නවා. මට එකපාරටම මතක් උනේ ඉස්සර වුණ සිදුවීමක්.


°•°•°•° (අතීතයට)


"මේ මෝඩයෝ.. මාව අතාරිනවා.. මේ ගෙදර ඉන්නේ. නැතුව පාර මග නෙවෙයි."


එයා මගෙ අතත් අල්ලගෙන වන වන යද්දි මං ඔලුවට එකක් ඇන්නා. ඔන්න එයාට තරහා ගිහින් මාවත් දාලා යන්න ගියා. ආයෙ බලද්දි දොර ගාව මං එනකම් හිටන් ඉන්නවා.


"යමු."


එයාම කියලා මගෙ අතින් අල්ල ගත්තා. මට අද අමුත්තක් දැනුණා. ඔව් ඒ අමුත්ත තමයි රාදිතා. සාලෙ තේ එකක් බිබී ඉන්නවා. මගෙ පපුවත් එක්ක මොකක්ද උනා ඒ පාර මොන ප්‍රශ්නයක්ද කියලා. මොකද මං ඒ වෙද්දි රාදිතාව දන්නෙ නෑ.


"රාදිතා.. ඔයා මෙහෙ ?"


"අහ්.. හේෂාන්."


එයා පුටුවෙන් නැගිටලා අපි දෙන්නා දිහා කන්න වගේ බැලුවා. ඒ ඇස් වල තිබ්බෙ මහා ඉරිසියාවක්. මට ඒක පෙනුණා. එයා හේෂාන් දිහා බැලුවේ ඔබ්සෙස්ඩ් වෙලා වගේ. මට එදා දැනුණා අමුතුම බයක්. මට එයාව අහිමි වෙයි කියලා.


"කව්ද මේ ගර්ල් ?"


"ආ.. මේ ඉන්නෙ මින්දි.. මින්දි අමේලියා.. මගෙ බෙස්ටි."


"ඔහ්.. Nice to meet you 😊."


එයා මගෙ ඉස්සරහට ඇවිත් අත දික් කලා. ඒ ඇස් වල තිබ්බෙ අමුතුම පෙනුමක්. මලානික, ගුප්ත, වෛරයෙන් ගිනි ගන්නවා වගේ පේන දුඹුරු පාට ඇස් දෙකක්. ඒ බැල්මට එදා මගෙ හිතට මොකක්ද උනා. ඒත් හේෂාන් මං ළඟ ඉන්න නිසා මගෙ හිතින් ඒක යටපත් උනා.


"Nice to meet you to."


මං එයා එක්ක හෑන්ඩ් ශේක් කලා.


"මින්දි.. මේ ඉන්නෙ අපේ තාත්තාගෙ හොඳම යාළුවාගෙ එකම දුව. රාදිතා ෆර්නැන්ඩස්."


°•°•°•°


ඒ දවස් වල හේෂාන් රාදිතා එක්ක හොඳට කතා කලා යාලුවො වගේ. මං සැරෙන් සැරේට මෙයාගෙන් ඇහුවා රාදිතා මොකටද එහෙ එන්නෙ කියලා, ඒ වගේම හේෂාන් අතර තියන හිතවත්කම මොකක්ද කියලා. එතකොට මට එයා කිව්වා ඒ දෙන්නා යාලුවො කියලා.


❝ රාදිතා ඔයාට කැමතියි කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද හේෂාන් ❞


❝ පිස්සුද මින්දි. එයායි මායි හොඳම යාළුවො. නැතුව එහෙම එකක් එයාගෙ හිතේ නැතුව ඇති ❞


නොසන්සුන් මගෙ හිත එයා හැදුවෙ එහෙම කියලා. ඉතින් මාත් මගෙ හිත තවත් බොරුවට කලබල නොකර පාඩුවේ හිටියා. ඒත් ඇත්ත තේරෙන්නෙ මට දැන් තමයි.


"ඔයා ලංකාවට ආවෙ කවද්ද ?"


ඒ ඇස් දිළිසුණා මගෙ රුව දැක්කම. ඒ එක්කම මගෙ මුළු ඇඟටම ඒ ඉරිසියාකාර ඇස් යොමු වුණා.


"මං ඊයෙ ආවේ."


"ඇයි හේෂාන් ඔයා මට කිව්වෙ නැත්තේ ?."


රාදිතා ගිහින් හේෂාන්ගෙ අතේ එල්ලුණා. ඒ එක්කම එයාගෙ දිගැටි ඇස් යොමු උනේ රාදිතාගෙ දුඹුරු පාට ඇස් වලට. මට දැනුණේ මං පාවෙනවා වගේ. ඇත්තටම මට කලන්තෙ වගේ. ඇස් වටේට කළුපාටට චායාවන් වලින් වට වෙලා මගෙ පෙනීම නැති වෙලා ගියා.


දඩස්..


..................................................... 🖤 ...


*මොකක්ද ඒ සද්දෙ 😕


*මින්දි කලන්තෙ දාලා වැටුණා නේද 😴


• කතාව ලියන ස්ටයිල් එක වෙනස් ඇති. ඒක මං කතා ලියන ඔරිජිනල් විදිහ. ඔබත් මමත් ඇයත් ලිව්වෙ වෙනස් විදිහකට. හැබැයි යුවේන් / ගුවන්‍යා දෙන්නගෙ එක ලිව්වේ මේ ස්ටයිල් එකට. ඇත්තටම මේ විදිහෙ කතා, ටිකක් දිග කතා මං ලියද්දි හරි ආසාවෙන් ලියන්නේ. විශේෂයෙන්ම මේක මං හරි ආසාවෙන් ලියන කතාවක්. ඒ නිසා කතාව ටිකක් සංකීර්ණ වෙයි, ඒ වගේම රසවත් වෙයි. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේකට ගොඩක් ආස ඇති කියලා.. ඒ නිසා රියැක්ට් කමෙන්ට් ඕනි 😇


Sachy Collins

Report Page