Spring is far away - 03

Spring is far away - 03

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 03 | Reasonable


Previous


කාමරේට ගිහින් මං කෑමත් රෙඩි කරන් බලන් හිටියෙ නුවන්ති අම්මගෙන් කෝල් එකක් එනකම්. රෑ දහයත් පහු වෙනකම් මං ඇහැරගෙන හිටියා. අන්තිමට මැසේජ් එකක් දැම්මා.


❝ Ammata kiyanna mata weekend eke ganna kiyala ❞


එහෙම දාලා මම නිදා ගත්තා. හුස්ම රටාවත් නොසන්සුන්, ඔළුවත් නොසන්සුන්, හිතත් නොසන්සුන් රෑ වෙද්දි. මම ඇඳේ ඒ මේ අතට හැරි හැරි හිටියා. ඒත් නින්ද නම් ආවෙ නෑ. එකපාරටම මං අනිත්පැත්ත හැරෙද්දිම මගෙ උරහිසේ මොකක් හරි දෙයක් ගෑවෙනවා දැනුණා. ඉතින් මම හැරුණා.


"හේෂාන්.."


මගෙ කොට්ටෙට එහා පැත්තෙ කොට්ටෙ එයා ඔළුව තියන් මං දිහා බලන් ඉන්නවා. මේක හීනයක් තමයි. නැත්තම් එයා මං එක්ක කොහොම ඉන්නද.


ටික වෙලාවක් යද්දි එයා මං දිහා බලන් හිනා උනා. මං ආසයි ඒ හිනාවට..


"මින්දි.."


එයාගෙ කටහඬ මගෙ කන ලඟින්ම මට ඇහුණා. මං ඒ රූපය අල්ලන්නයි ගියේ.


"මාව දාලා යන්න එපා මින්දි..


මාව තේරුම් ගත්තු එකම කෙනා ඔයා..


මං ඔයාට ගොඩාක් ආදරෙයි.."


එයා මගෙ ලඟින්ම ඉදන් ඉස්සර වගේම කියවනවා. මගෙ අතත් එකපාරටම නැවතුණා. හරියට නිකන් එයාව අල්ලන්න එපා කියලා මගෙ හිත විසින්ම අත නැවැත්තුවා වගේ.


"මාත් ඔයාට ගොඩාක් ආදරෙයි හේෂාන්."


මම එයාගෙ මූණ අතගාන්නයි ගියේ. ඒත් ඒ මූණ මැදින්ම මගෙ අත ගිහින් කොට්ටෙ උඩට වැටුණා. ඒ හේෂාන් නැති වෙලා ගියා. මම ඇඳෙන් නැගිටලා බැලුවේ මොකක්ද ඒ උනේ කියලා. මං හිතන්නෙ ඒ මගෙ හිත වෙන්න ඇති. නැත්තම් මට අඩ නින්දෙන් හීනයක් පේන්න ඇති. ඒත් ඒ අවස්ථාවෙත් මට එයාව මග හැරුණා.


••••••


දින සති මාස ගණන් ගෙවිලා ගියා. මම දැන් ඇවිත් අවුරුදු එක හමාරක් වෙලා. මාත් එහෙට ටික දවසක් යද්දි හුරු උනා. එහෙ විදිහට ඇන්දා, ජීවත් උනා. ඒත් මගෙ හිත ඇතුළෙ දුක නම් තුනී වුණේ නෑ.


හැම රෑකම මම එයාගෙයි මගෙයි පොටෝ බලලා ඇඬුවා. ඒ රූපෙ මතක් වෙද්දි, ඒ කටහඬ මනස ඇතුළෙ දෝංකාර දෙද්දි මම ගොඩාක් ඇඬුවා.


"දෝණිට විශ්වාසද.. දැම්ම ලංකාවට එන්නම ඕනිද.. ඉතුරු මාස ටිකත් හිටියම මොකෝ."


"තවත් ඉන්න බෑ ආන්ටි. ඔයාලා එකට පවුලක් විදිහටයි ඉන්නේ. ඒත් මම මෙතන තනියම. කවුරුත් දන්නෙ නෑ මට කොහොමද මේවා දැනෙන්නෙ කියලා."


"මං කිව්වා අපේ ලොකූට, දුවව යවන්න එපා කියලා."


නුවන්ති ශෂීන්ද්‍රගේ කනට ලං වෙලා එහෙම කිව්වා. ඒ දෙන්නා දන්නෙ නෑ මින්දිගෙයි හේෂාන්ගෙයි අතර තිබුණ සම්බන්ධය ගැන. එයාලා දන්නෙ ඒ දෙන්නා හොඳම යාලුවො කියලා විතරයි.


"අපි දෝණිව ආයෙ ගෙන්න ගමු. මං කිව්වා ඔය විකාර ඕනි නෑ කියලා."


එයත් නුවන්තිට කිව්වා. ඉතින් ඒ දෙන්නා ලෑස්ති උනේ මින්දිව ගෙන්න ගන්න.


"අපි හැමදෙයක්ම ලෑස්ති කරන්නම්කො දෝණි. ඔයා එන්න ලෑස්ති වෙලා ඉන්නකො..


මං අල්ලගන්නම් අපේ ලොකූව 😒."


එහෙම කියලා එයාලා ෆෝන් එක තිබ්බා. මම ඇඳ උඩ හාන්සි වුණා. වෙන දේවල් මටවත් හිතා ගන්න බෑ. එයාලා තුන් දෙනාම මං එක්ක කතා කරාට මම කැමති හේෂාන් මං එක්ක කතා කරනවා නම් විතරයි. ඒත් එයාට මං ගැන කිසිම ගාණක් නෑ.


ඔෆිස් එකේ අය මං එක්ක ගොඩාක් එකතුයි. මැනේජර් කෙනත් මට දැන් ආදරෙයි. ඒත් ඒ හැමදේම සාර්ථක උනත් මගෙ මානසිකත්වය අසාර්ථකයි. ඉතින් මට මෙහෙ ඉඳලා වැඩක් නෑ.


"ඔයාට ශුවර්ද මින්දි.. ඔයා යනවද හෙට.. මේ ටිකත් හිටියා නම් මොකෝ."


මිස් නිම්නාදිත් මගෙන් ඇහුවා මං හෙට යන්න ඉන්න නිසාම. අම්මලා එකතු වෙලා මට හැම දෙයක්ම කරලා දුන්නා. අද රෑට මම මෙහෙන් ගිහින් හෙට ලංකාවට යනවා.


"කරන්න දෙයක් නෑ මිස් නිම්නාදි. ශෂීන්ද්‍ර අංකල් කිව්වා මාව එයාගෙ කම්පැනි එකේ මැනේජර් කරනවා කියලා. ඉතින් අවුලක් නෑ."


"හ්ම්.. එහෙනම් පරිස්සමින් යන්න. මාත් තව අවුරුදු තුනකින් ලංකාවට යනවා. මම දැන් අවුරුදු දෙකක ඉඳන් මෙහෙ වැඩ."


මම ගෙදර ගිහින් රෙදි බෑග් සේරම අස් කරගත්තේ යන්න හිතන්. Resignation Letter එකත් සර්ට බාර දීලා එද්දි වෙලාව හරි ගියා. තව පැය ගාණයි. ඉතින් මං නාලා කොණ්ඩෙ වේල ගන්න කියලා කාමරේට ගියා. ඒ එක්කම තමා මට මතක් උනේ ආයෙමත් මගෙ 'හේෂාන්ව'


මම නිකමට ගියේ එයාගෙ නම්බර් එක පැත්තේ. හෙට මම එනවා කියලා එයාට කෝල් කරලා කියන්න උවමනාව තිබ්බත් එයාගෙ Number එක මට වැඩ නැහැනේ. එයා මාව Block කරලා නේ තියෙන්නේ.


ඒත් මම එයාට කෝල් එකක් අරගන්නයි හැදුවේ. එතකොට තමයි මං දැක්කේ. එයා මාව Unblock කරලා. මං ඉක්මනින් ගියේ එයාගෙ පොටෝ එක බලන්න. හැබැයි ඒක දැක්කම නම් මගෙ හිත ගිනි ගන්න තත්පරයක් වත් ගියෙ නෑ. එයා අර රාදිතා කියන ගෑනු ළමයා එක්ක එකට ඉන්න පොටෝ එකක් දාලා. මගෙ ඇස් වලට කඳුළු ආවා. ඒත් මට ඕනි උනා මගෙ කලින් යාළුවෙක් හැටියට වත් එයාට එනවා කියන්න.


මම කෝල් එක ගත්තා. Rings යනවා. එයා ටික වෙලාවක් ගිහාම ආන්ස්වර් කලා. මම ඇඳ උඩ හිමිහිට ඉඳගත්තේ එයාට මං එනවා කියලා සන්සුන්ව කතා කරලා තියන්න. මොකද මම දන්නවා එයා මට අනිත් අතට එක වචනයක් වත් කතා කරන්නෙ නැති බව. අවුරුදු අටක් ආශ්‍රය කරපු එයා ගැන හරියටම මම ඇර වෙන කවුද දන්නේ ?


"හේෂාන්... මං.. මං.. හෙට ලංකාවට එනවා.."


වචන පැටලි පැටලි හරි මම එයාට කියන්න ඕනි දේ කිව්වා. එයාගෙ පැත්තෙන් සද්දයක් නෑ. මට දැන් මැවිලා පේනවා එයාගෙ ඇස් වලට කඳුළු පිරෙන විදිහ. ටික වෙලාවකින් මට ඇහුණා එයා ෆෝන් එක කට් කරා කියලා..


........


කාමරේ ඇඳ උඩට වෙලා මින්දිගෙ කටහඬ අහන් හිටපු හේෂාන්ගෙ ඇස් වලට කඳුළු ආවේ තත්පරයක් යන්නත් කලින්. කෙල්ලට කිසි කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එයා ඇඳේ වියනට හාන්සි උනා.


'මෙච්චර කාලෙකට වුණ දේවල් ඒ කෙල්ල දන්නවා නම් අද මෙහෙම කතා කරන්නෙ නෑ' ඒ හිත තමාටම කියා ගත්තා.


"හැම වෙන්වීමකටම හේතුවක් තියනවා මින්දි.. අහ්.."


ආපු කැස්ස නිසා කොල්ලා කටටත් අත තියාගෙන දෙකට නැවුණා. අත අහකට ගද්දි දැක්කෙ අත උඩ තියන ලේ බිංදු දෙක තුන. හැමවෙලේම නොවුණත් ඇඟට දැනෙන තෙහෙට්ටුවයි නහයෙන් වැටෙන ලේ බිංදුයි හේෂාන්ව ලොකු ලෙඩකට තල්ලු කරලා.


එයා ඇඳෙන් බැහැලා බාත්රූම් එකට ගිහින් මූණ හෝදගත්තේ එළියට යන්න හිතන්..


........


පැය ගාණක් ගියාට පස්සෙ මම ප්ලේන් එකට නැග්ගා. ආයෙ ලංකාවට යන එකට සතුටුයි. ඒත් මම ආයෙ යන්නෙ හේෂාන්ගෙ මතක වලට.


❝ කොහෙ ගියත් කමක් නෑ. මට කෝල් එකක් දීලා කියලා යනවා.. හරී.. නැත්නම් මං දන්නෙ නෑනෙ තමුසෙ මොන කුණ්ඩවාලෙ යනවද කියලා ❞


ඉස්සර මට බනින විදිහ මට අදටත් මතක් වෙනවා. මහා නපුරු කොල්ලෙක් එයා ඒ දවස් වල. මාව කාටවත් දෙන්න කැමතිත් නෑ, මට තනියම කොහෙ වත් යන්න දෙන්නෙත් නෑ.


මට මතකයි මම ඉස්කෝලෙ දවස් වල.. මම එයාව දැක්කෙ මම නවය වසරෙදි. එතකොට එයා 12 වසරෙ. එයා මං එක්ක වචනයක් හරි කතා කලේ මං දහයෙදි. ඒ කාලෙ එයාගෙ යාළුවා මගෙ පස්සෙන් ආවා. ඒකටත් හපන් එයා මාව පරිස්සම් කලා. මම හැමදාම ඉඳගෙන ගියේ තනිවම. බස් එකේ ළමයි පිරුණම කොල්ලො උනත් මං ගාවින් වාඩි වෙනවා. ඒත් එයා ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින් මාස ගාණක් එක දිගට මගෙ ශීට් එකේ මගෙ එහා පැත්තෙන්ම ඉඳගෙන ගියා. උදේ, හවස දෙකේම. ළමයි හැමෝම පුදුම උනා ශෂීන්ද්‍ර යුවසිංහගෙ ලොකු පුතා පාරෙ බස් වල යන්නෙ ඇයි කියලා.


❝ අපේ තාත්තට මං කිව්වම 'තාත්තෙ මට බස් එකේ ඉස්කෝලෙ යන්න ඕනි' කියලා. තාත්තා ඔළුවට අත ගහලා කිව්වා 'උඹට සැප වැඩී කොල්ලො' කියලා. ඇත්තටම තාත්තත් කන්ෆියුස් මම බස් එකේ ගියා කිව්වම නම්. ඒත් එයා දන්නෙ නෑනෙ මම බස් එකේ ගියේ මැණිකක් පරිස්සම් කරන්න කියලා ❞


එයා මගෙ උරහිසට ඔලුව තියන් බීච් එකේදි එහෙම කිව්වා. නපුරු කුමාරයා වෙලාවකට මං එක්ක කියෝ කියෝ හිටියා. මං ආසම එයාගෙ ඒ Decent Side එකට.


ශීට් එකට ඔළුව තියන් මම ඇස් පියා ගත්තා. ලංකාවට ගිහින් මම කොහොම ඉන්නද. මං ඉන්නෙ එයාගෙ සල්ලි වලින් හදපු ගෙදරක, අඳින්නෙ එයාගෙ සල්ලි වලින් වියදම් කරලා, යන්නෙත් එයාගෙ ඔෆිස් එකට, දුන්න කාර් එකත් එයාගෙ සල්ලි වලින් ගත්තු එකක්..


ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සෙ වැඩ ටික ඉවර වෙලා මම එළියට ආවෙ කාර් එකට යන්න හිතන්. ඇත්තටම ඒ හැමදෙයක්ම වෙනස් වෙලා නෑ. පියසීලි මාමා කාර් එකත් අරගෙන මාව ගන්න ඇවිත්. දැන් මාව එක්කන් යන්නෙත් ඒ පරණ ගෙදරට. සේරටම කලින් මම මේ ගෙවල් දොරවල් දාලා ගිහින් මගේම සල්ලි වලින් ගෙයක් හදාගන්න ඕනි. ඒ විතරක් නෙවෙයි. වෙහිකල් එකක් ගන්න ඕනි. ඊට පස්සෙ මම හේෂාන්ගෙ මතක වලින් නිදහස් 🖐️..


"නෝනා.. මම ගෙදර අස් කරා. හැඩි වෙන්න දෙයක් තිබුණෙ නෑ."


"තැන්කියු මාමේ.. මම කොහොමත් ඒ ගෙදර ඉන්නෙ නෑ. මෙහෙන් යනවා පුළුවන් තරම් ඉක්මනින්."


"ඇයි නෝනා ඒ 😨 ?."


"මුකුත් නෑ මාමේ. මට එහෙ ඉන්න එක අවුල්. කොහොමත් මම දැන් ජොබ් එකක් කරනවනේ."


මාමා මගෙන් මොනා හරි හංගන බවක් මට පෙනුණා. ගෙදර හැඩි වෙන්න දෙයක් තිබුණෙ නෑ කිව්වෙ. මොකක් හරි මම නැති ටිකට වෙලා තියනවා.


කොහොම හරි මම ගෙදර ආවා. අමතර යතුරක් මං ගාව තිබ්බ නිසා ඒකෙන් දොර ඇරියා. හැබැයි මම දොර ඇරියේ මේ දොර ඉක්මනින් වහලා, මේ ගෙදරින් වැඩි කාලයක් යන්න කලින් යන්න හිතන්. ඒත් මගෙ කකුලට දොර ඇරිය ගමන්ම පොඩි ස්ටිකි නෝට් එකක් පෑගුණා. ඒක මම අතට අරන් බැලුවා.


... 💌 ...


මින්දි..


මගෙ සල්ලි කිය කිය නැහෙන්න එපා. මං ඔයාට ආදරේ කලා මින්දි. ඒ වෙනුවෙන් මම ඔයාට දුන්න ලස්සන තෑග්ගක් මේක. ඒ නිසා ඔයා මේ ගෙදර ජීවත් වෙන්න ඕනි..


මම හේෂාන්..


... 💌 ...


එයා.. හරියට නිකන් මගෙ හිත කියවනවා වගේ. වෙලාවකට මට පුදුමයි හේෂාන් ගැන..


එයාගෙ ස්ටිකි නෝට් එකත් අතට අරගෙන මම කාමරේට ගියේ මහන්සිය යවා ගන්න නා ගන්න. එතකොට තමයි මම කාමරේ තියන බිත්ති හතර දැක්කේ. ඒ හැම එකකම අපි දෙන්නා එක්ක ගත්තො පොටෝ එල්ලලා තියෙනවා පනහකටත් වඩා. එයා රෑට මං එක්ක හොරෙන් නිදා ගන්න ආවම ඒ එක එක ගානෙ පෙන්නලා ඒ අතීතය මට මතක් කරනවා. මමත් ඒ උණුහුම් පපුව උඩ ඉඳගෙනම එයාගෙ කතා වලට ඇහුම්කන් දෙනවා..


හැබැයි මම තරම් එයා කියවන්නෙ නෑ. මට හැමවෙලේම එයා කියන්නේ,


❝ ඔය වක්කඩ කට වහගන්නවකො මින්දි. කීයෙ ඉඳන්ද දැන් කියවන්නේ ❞


මගෙ කියවිල්ල අහන් ඉන්න බැරි නිසා එයා මට බනිනවා. ඊට පස්සෙ මම ඇස් වල කඳුළු පුරවන් ඉන්නවා දැක්කම එයා මාව ශේප් කරනවා.


❝ විහිළුවටනෙ කිව්වෙ ළමයෝ ❞


වලි නිසා නම් අපි දෙන්නා දවස් ගණන් හින්ට් ගහගෙන ඇති, බැනගෙන ඇති, පුම්බගෙන ඉන්න ඇති. ඒත් ඒ ආදරේ නම් මට ඒ කාලසීමාව තුල හොඳට දැනුණා. එයා මට බැන්නොත් සැර කළොත් ඒ මගෙ හොඳට. මම එදා ඉඳන් මිනිස්සුන්ට කට ගහන් යනවා, මුරණ්ඩු වැඩ කරනවා. ඊට පස්සෙ එයාගෙන් බැනුම් අහනවා.


නාගෙන කොණ්ඩෙ වේලගත්තු මං පියසීලි මාමට කියලා ගෙන්න ගත්තු එළවළු ටිකෙන් ව්‍යංජන දෙක තුනක් හදලා ගත්තා. කෑම වල සුවඳ එද්දි නම් මගෙ බඩත් එක්ක කෑ ගහනවා 'කෑම ඕනේ' කියලා.


"මං ගෙදර යන්නම් නෝනේ. උදේම එන්නම්කෝ."


"ආ මේ බත් එක අරන් යන්න මාමේ."


මං එයාගෙ නෝනටයි දුවටයි දෙන්නටත් බත් මුලක් ඔතලා දුන්නා. පව් ඒ මනුස්සයා හරියට මේ ගෙදර වැඩ වලට මහන්සි වෙනවා. එහෙම එකේ මම උදව්වක් කළාම මොකෝ.


ලීක්ස් මාළුවේ සුවඳ නම් එද්දි දැනෙන්නෙ මාරම බඩිගින්නක්. රට ඉද්දි බත් කන්න හම්බුණ එකක් යෑ ඉතින්. මං ගොඩාක් බෙදාගෙන උගුර ලඟට එනකම්ම කෑවා. දැන් මගෙ බඩේ පණුවො Satisfied වෙලා 😌..


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකපාරටම නුවන්ති අම්මාගෙන් කෝල් එකක්..


..................................................... 🖤 ...


දැන් ටිකක් තේරෙනවා ඇති, ඇයි හේෂාන් මින්දිගෙන් වෙන් වෙන්න හේතු කියලා 😇


හැමදාම එකම ලිමිට් එකට රියැක්ට් ටික තියාගමු ළමයි. නැත්නම් මම ලිමිට් එකක් දානවා හරිthe 🥲


Sachy Collins

Report Page