Spring is far away - 02
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 02 | We broke up 2
එයාගෙන් කෝල් එකක්..
"ඔයා පරිස්සමින් ගියාද ?."
මට කෝල් මැසේජ් මුකුත්ම කරන්න එපා කිව්ව කෙනා ඒ පාර මටම කෝල් එකක් අරන් කලබලෙන් කතා කරනවා.
"කියන්න.. කොහෙද ඉන්නේ ?."
මට කතා කරගන්න බෑ. ආයෙමත් මට ඇඬුනා. ඒ කටහඬ ඇහෙද්දිම, ඉස්සර වගේ මං ගැන පිස්සුවෙන් හොයද්දිම මට ගොඩාක් දුක හිතුණා.
"මින්දි.. මොකක් හරි ප්‍රශ්නයක් උනාද.. නෑනේ ?."
"නෑ."
"කොහෙද ඉන්නෙ ?."
"අපාර්ට්මන්ට් එකට යන ගමන්."
"හ්ම්.. පරිස්සමින් යන්න."
"හේෂාන්.."
"ඇයි ?."
"මමයි අහන්න ඕනි.. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ."
"Sorry මින්දි. මේක තමයි ඇත්ත.. ඒකට මූණ දෙන්න.. මේ අපි කතා කරන අවසාන වතාව.. පරිස්සමින් ජීවත් වෙන්න. පරිස්සම් වෙන්න හැම දේකින්ම. ගුඩ් නයිට්."
එහෙම කියලා එයා කෝල් එක කට් කලා. මට ඕනි උනා එයා එක්ක තව කතා කරන්න. ඉතින් මම කෝල් ගොඩාක් ගත්තා. ඒත් ඒ වෙද්දි එයා මාව Block කරලා දාලා. මම එයාට දාලා තිබුණ අන්තිමට මැසේජ් එකත් ඩිලිවර්ඩ් වෙලා නෑ.
ඉක්මනින් මම Messenger එක ඔන් කරලා එයා ඔන්ලයින් ඉන්නවාද බැලුවා. ඔව් එයා ඉන්නවා. තාම මාව ඒකෙන් Block කරලා නෑ. ඉතින් මම එයාට අවසානෙට මැසේජ් එකක් දැම්මේ ඒකෙනුත් මාව අයින් කරන්න කලින්.
❝ Man danne na oya mata mehema karanne ai kiyala. Eth man oyata thamath adareyi. I love you Heshan ❤️ ❞
අනිත් මැසේජ් එකේ බාගයක් ගහද්දිම එයා මාව Block කරා.
අපාර්ට්මන්ට් එකට ගියපු ගමන්ම ආයෙමත් මගෙ ඇස් වල කඳුලු. වෙනදට මට කෝල් කරලා මැසේජ් කරලා ඉන්න හිටපු කෙනා මට නැති වුණා. මම දන්නෙ නෑ මගෙ අතින් වරදක් උනාද කියලා. ඒත් මට මගෙ හැමදේම නැති උනා වගේ දැනුණා.
බාත්රූම් එකේ නාන ගමන් හිටපු මට මතක් උනේ ඒ ලස්සන අතීතය..
°•°•°•°
"මට නම් ශුවර් නෑ මින්දි. ඔය සල්ලිකාර කොල්ලො කෙල්ලොන්ගෙ පස්සෙන් එන්නේ එයාලට ඕනි දේවල් කරගන්න. ඊට පස්සෙ අතෑරලා දානවා."
"මටත් ඔය යකාව ශුවර් නෑ. ඉස්සෙල්ලා එයාගෙ යාළුවා මගෙ පස්සෙන් ආවා. දැන් එයත් එන්න අරන්."
මම ජොබ් එකක් නැති නිසා ළඟ කඩවල් වලට කේක් හදලා දැම්මා. ඒ මගෙ යාළුවා දුල්නෙත්මියි සංජානායි එක්ක. එදා දුල්නෙත්මි විතරයි හිටියේ. ඉතින් වෙනදා වගේම අපි කිචන් එකේ ඉඳන් කේක් හැදුවා. ඒ වෙලේ කතා උනේ ඒ කාලෙ මගෙ පස්සෙන් එන හේෂාන් ගැන.
"අද කඩේ ගාව හිටියොත් කොහොමද පොර 😄."
මේකි ලස්සනට හිනා වෙවී මට කියද්දි මට හිතුණා ඔතපු කේක් ටික මේකිගෙ ඔලුවට ගහන්න. ඇත්තටම හේෂාන් මට මල වදයක් වෙලා තිබ්බේ. මීට සතියකට කලිනුත් එයා කඩේට ඇවිත් ඉඳලා චර්ච් එකටත් ආවා සිස්ටර්ලව හම්බවෙන්න. ඒ ආවම මං දිහත් හොරෙන් බලල යන්නේ. මට මැවිලා පේනවා ඒ ඇස් වල හොර පූස් බැල්ම.
"අද මට එන්න වෙන්නෙත් නෑනේ. ඔය සිටු කුමාරයා මඟ හිටියොත් මොකක් වෙයිද ?."
"කන ගලෝලා අතට දීලා මම පස්ස බලන්නේ 😒."
එහෙම කියලා මම බොක්ස් එකත් උස්සගෙනම රබර් වත්ත මැදින් වැටුණ පාරෙ ගියේ හන්දියේ කේක් කඩේට කේක් දාන්න. යද්දි මග පාර කැඩිලා. බෝක්කුවේ බාගයක්ම ඇල දිගේ ගිහින්. බයිසිකල් යන්න පුළුවන්. හැබැයි ලොකු වාහන වලට යන්න බෑ. ඉතින් මම ටිකක් සතුටු උනා අද ඒ පිස්සා මාව බලන්න එන්නෙ නැති වෙයි කියලා.
මම මඩ වලවල් බේරගෙන බොක්ස් එකත් බරට බරේ උස්සන් කිලෝමීටරයක් විතර ඇවිදන් ගියා. කඩේට මීටර් විස්සක් විතර තියලා මම දැක්කා ඒ මෝඩයාගෙ කාර් එක. දැන් නම් මට හිතෙනවා මේකත් අරන් අනාත නිවාසෙට ආයෙ යන්නත්. ඒත් එහෙම උනොත් මට ෆීස් ගෙවන්න බෑ. මට මේ වෙද්දි අවුරුදු 19 යි. දහ අට වෙද්දි එයාලා ළමයින්ව නිදහස් කරනවා. ඒත් අපිට චාන්ස් එකක් හම්බුණා සල්ලි ගෙවලා ඉන්න. කේක් විකුණන සල්ලි වලින් මම ෆීස් ගෙවන්නේ.
මෙයා ඒ චූටි ගේට්ටුව අයිනේ ඉන්නවා හිටගෙන තේ එකක් බිබී මහ රජෙක් වගේ. සද්ද නොකර මෙතනින් යන්න ඕනි කියලා මම යන්නයි හැදුවේ.
"මින්දි.."
ඒ කටහඬ ඇහෙද්දිත් මාව තරහට දෝලනය වෙලා යනවා. අනිත්පැත්ත හැරිලා එකක් අනින්නත් හිතයි. ඒත් එයා නරක කොල්ලෙක්මත් නෙවෙයි. මගෙ අතින් වත් අල්ලලා මට කරදර කරලා නෑ අද වෙනකම්.
"ඔයාට කේක් ඕනි නම් මම කඩේට දැම්මට පස්සෙ ගන්න."
එහෙම කියලා මම රවලා එතනින් ගියා. ඒත් මෙයා මාව නැවැත්තුවෙ වත් නෑ. ඉතින් මම කඩේට කේක් ටික දාලා හිමින් සීරුවේ එළියට ගියා. ඒ යද්දි එයා ඉන්නවා මං එනකම් බලාන. ඒ පාර නම් මට තරහා ගියා. හොඳවයින් කියන්න ඕනි කියලා අත් දෙකත් මිටි කරන් මම,
"තමුන්ට එපා වෙන්නෙ නැද්ද මේක. ඇයි මගෙ පස්සෙන් එන්නේ. අර නේරංජනට මාව සෙට් කරන්නද ඕනි තවත්. ඇයි මට මගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැත්තේ. ආයිමත් ආවොත් හැබැයි මම පොලිසියට කෝල් කරනවා 😠."
මම බනිද්දි එයා මං දිහා බලන් හිනා වෙනවා. ඇත්තටම ඒ හිනාව හරි ලස්සනයි. ඉස්කෝලෙ කාලෙත් මම ඒ හිනාවට වශී උනා.
"මම ආවෙ තමුන්ව හම්බවෙන්න නෙවෙයි. චර්ච් එකට යන්න. සිස්ටර්ව හම්බවෙන්න."
මගෙ කටත් එක්ක ඇද උනා. මම නිකරුණේ එයාට බැන්නා. පුදුමයි එයාට තරහා ගියෙ නෑ. මං දිහා බලන් සමච්චලයට වගෙ හිනා වෙනවා.
"පාර කැඩිලද ?."
"ඔව්.. බෝක්කුව කැඩිලා. බයික් වලට විතරයි යන්න පුළුවන්. ඔයාට කාර් එකේ එන්න බැරි වෙයි."
"කාර් එක මෙතන දැම්මොත් පයින් යන්න පුළුවන් වෙයිද."
"මුදලාලි මාමලගෙ මිදුලෙන් දාලා එන්න."
එයා මුදලාලි මාමලගෙ ගෙදර මිදුලෙන් කාර් එක දලා යතුරත් අතේ අරගෙන මං ගාවට ආවා. ඒත්..
ඇයි මං එයා එනකම් හිටියේ. මම මගෙ මෝඩ ගොං තකතීරු මොලේ තියෙන ඔළුවට පාරක් දෙකක් ගහගත්තා රිදෙන්නම. කොහෙවත් යන කෙනෙක් එනකම් මම ඉන්නවා බලන්. මට මොකක්ද ඒ උනේ.
"ඔහොම ඔලුවට ගහගන්න එපා. මොලේ බහියි."
එයා කින්ඩියට වගේ කියලා හිනා උනා. මම රවාගෙන ඉස්සරහට ගියේ එයත් මට පිටි පස්සෙන් එද්දි. මෙහෙම කොල්ලෙක් එක්ක තනියම ගිහිල්ලත් නුහුරුයි.
"ගෙදර යද්දි කේක් අරන් යන්න ඕනි. රසද බලන්න."
"අපි ඒවා පිරිසිදුව රසට හදන්නේ."
"මං ආසම අයිසින් චොකලට් කේක් වලට."
"ඉතින් මට කියන්නේ 😑."
එයා ආයෙමත් හිනා වෙනවා. මට ඉතින් එතකොට හරි තරහයි. මොකද මේ බූරුවා මටනෙ හිනා වෙන්නේ.
"ඇයි මං දිහා හොරෙන් බලන්නේ ?."
"කවද්ද ?."
"හැමදාම. චර්ච් එකට එන හැමවෙලේම ඇස් මග් පැත්තේ."
"ඔව්.. මේ ඇස් වලට නිවනක් නෑ චර්ච් එකට ගිහාම."
එයා ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ මම ගැන වෙන්න ඇති. දැනටමත් මගෙ මූණත් රෝසපාට වෙලා. එයා කියන ඒවට.
"ඔයා ඇයි මෙච්චර තෙල් පුච්චන් මෙහෙ එන්නේ. ඔයා දැන් ඉන්නෙ කලම්බු නේ. එහෙ තියන චර්ච් එකකට... අහ්...."
උඩ බලන් ගියපු මාව ඇළට වැටෙන්නයි ගියේ. ඒත් එයා මගෙ ඉනෙන් අල්ලගෙන මාව ඇදලා එයාගෙ ඇඟ උඩට ඇදලා ගත්තා. එයා මාව තදින් අල්ලගෙන හිටියේ වැටෙයි කියලා බයට වගේ.
°•°•°•° (වර්තමානයට)
එදා තමා අපි අපි දෙන්නවම ඉස්සෙල්ලාම අල්ලපු දවස. මගෙ අත් දෙක ගියෙත් ඒ පපුවට. අදටත් මගෙ අත් දෙක යන්නේ ඒ පුළුල් පපුවට.
එයා කරන සිපගැන්මක් ගානෙ මම කොච්චර ගින්නක හිටියත් නිවෙන තරම්. මම එයා එක්ක ඉන්න තමා ගොඩාක් ආස කලේ. එයාගෙ කටහඬ ඇහෙන වාරයක් පාහෙ මාව හරියට සන්සුන් වෙනවා.
මම කාමරේ ඇඳට ගිහින් ඇලවුනේ ආපු හිතේ වේදනාවයි ඔළුව කැක්කුමයි එක්ක. එයා මට හදලා දුන්න අලුත් ගෙදර ඇඳේ සමහර දවස් වල අපි දෙන්නා එකට නිදාගත්තා. එයා එයාලගෙ ගෙවල් වලට හොරෙන් එන්නේ මං එක්ක ඒ ගෙදර ඉන්න. හැබැයි ඒ හිටපු අවුරුදු ගාණට එයා මාව පරිස්සම් කරා.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
"Hello.. සුද්දි.. ඔයා පරිස්සමින් ආවද ?."
"කරදරයක් නෑ නේද ?."
ඒ දුල්නෙත්මියි සංජානායි දෙන්නා.
"නෑ නෑ. මම හොඳින්."
"කොහොමද එහෙ 😀."
"ලස්සනයි ඉතින්."
"හේෂාන්ව හම්බුණාද. ඇඬුවෙ නැද්ද ඔයා යනවා කියලා ?."
එයා මට දුන්න වටින නෙක්ලස් එකත් අතට ගුලි කරගෙනම මගෙ පපුව උඩින් තියා ගත්තා. මට කිසිම උවමනාවක් තිබුණෙ නෑ එයාලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒත්,
"හැමදෙයක්ම වෙනස් උනා.. හේෂාන් මාව දාල ගියා. එයාට ආයෙ මාව එපා කිව්වා. එයා රාදිතා කියන ගෑනු ළමයාව මැරි කරන්න ඉන්නවා කියලා මාව අතෑරියා."
"මොකක් 😨 ?."
එයාලටත් පුදුමයි මං කිව්ව දේ. දෙතුන් සැරයක්ම කිව්වට එයාලා විශ්වාස කරේ නෑ. ඉතින් අන්තිමට එයාලට පිළිගන්න උනා මේ හැමදෙයක්ම ඇත්ත කියලා.
නින්ද ආවෙ නැති උනත් මං තදින් ඇස් පියාගත්තා. හෙට උදේම මම ඒ ඔෆිස් එකේ වැඩට යනවා. ඉතින් ඒවට ලෑස්ති වෙන්නත් ඕනි නේ.
අලුත් දවසක් 🌞☁️🍃..
"Sir, this is Mindi."
(සර්, මේ මින්දි)
"Ooh. Sit Down Mindi."
(ඕහ්. ඉඳගන්න මින්දි)
ඒ කම්පැනි එකේ බොස් නම් මාර ලස්සනයි. වයස උනාට. රට කෙනෙක් නිසා වෙන්න ඇති. ඒ රූම් එකට සැරෙන් සැරේ ඇවිත් යන පිරිමි ළමයෙක් හිටියා. එයාව දැක්කම නම් මගෙ ඇඟත් එක්කම සීතල වුණා. ඒ මේ සර්ගෙ පුතා වෙන්න ඇති. ඒ උනාට තියෙන්නෙ මාරම ලස්සනක්.
නිම්නාදි කියන්නේ මෙහෙ ඉන්න සිංහල ගෑනු ළමයා. මට නිම්නාදි කිව්වා සර් මැරි කලේ යුවසිංහ පරම්පරාවෙ ලේඩි කෙනෙක් කියලා. බැලින්නම් ඒ හේෂාන්ගෙ ලොකු අම්මා. දැන් මේ ලස්සන පුතා Marry කරන්න ඉන්නෙත් යුවසිංහ පරම්පරාවෙම ගෑනු ළමයෙක්ලු. ඒ හේෂාන්ගෙ නෑදෑ නංගි කෙනෙක් වගේ.
"He told me you were in an orphanage for years. The experience there is very sad, isn't it?."
(එයා කිව්වා මට ඔයා අවුරුදු ගාණක් අනාථ නිවාසෙ හැදුනෙ කියලා. එහෙ ගත්තු අත් දැකීම හරි දුක් බරයි නේද, එහෙම නෙවේද)
"Yes Sir. But now I'm glad I'm not there."
(ඔව් සර්. ඒත් මං සතුටු වෙනවා මං දැන් එතන නැති එකට)
"Ooh.. Anyway.. let's not be late and start your work."
(ඔහ්.. කොහොම හරි.. අපි පරක්කු නොවී සූදානම් වෙමු)
"Ahh.. Ok sir."
(අහ්.. හරි සර්)
මට එයාලා එක්ක කතා කරලා පුරුදු නෑ. මේ මගෙ පළවෙනි වතාව ඉංග්‍රීසි වලින් කතා කරන පිට රට කෙනෙක් එක්ක.
නිම්නාදි මාව ඔෆිස් එකේ ගොඩාක් තැන් වලට එක්කන් ගියා. මම දැනට ඒකෙ Assistant Manager විදිහට වැඩ කරනවා. මම ඉතින් වැඩ වලට තාම හුරුත් නෑ. එකපාරටම ඉංග්‍රීසි තේරුම් ගන්නත් බෑ. එයාලා කටර් වගේ කියවන් යනවා.
හේෂාන්ට පිං සිද්ද වෙන්න මම අද මෙතන ඉන්නවා. ඇත්තටම එයා මට දෙවි කෙනෙක් වගේ 💖..
ඒත් එයා නැති ජීවිතේ මම නිකන් අතරමං වෙලා වගේ. මං ගැන හොයලා බලන්න කෙනෙක් නෑ. මාව පරිස්සම් කරන්න පිරිමි ළමයෙක් නෑ. හැමදෙයක්ම මට නැති උනා වගේ.
🔔 ටිං ටිං
කාගෙන් හරි මැසේජ් එකක්. මම නිකමට ෆෝන් එක බැලුවා. නොදන්න නම්බර් එකක්. ඒත් පොටෝ එකෙන් නම් කව්ද කියලා හිතාගන්න පුළුවන්. ඒ වෙන කවුරුත් නෙවෙයි.. තේෂාන්..
❝ Hii. Oya hodin neda. Mama Theshan ❞
❝ Ape amma oyata call ekak ganna oni kiwwa. Ayyata kiwwata eya aran dunne na ❞
තේෂාන් කියන්නෙ හේෂාන්ගෙ මල්ලි. ඒ දෙන්නාගෙ වයස් පරතරය අවුරුදු එකහමාරයි. ඉතින් දෙන්නම පෙනුමෙන් නිවුන්නු වගේ. හැබැයි එයා මගෙ හේෂාන් තරම් නපුරු නෑ. හරි අහිංසක තැන්පත් කොල්ලෙක්.
එයා මං එක්ක එහෙ ගෙදරදි හම්බවෙලා කතා කරාට මෙහෙම නම්බර් අරගෙන මැසේජ් කලේ නෑ. එයා Surgeon කෙනෙක් නිසා හැම වෙලේම නිදහසේ නෑ. එක්කො හොස්පිටල් නැත්තම් චැනල් සෙන්ටර් එකේ.
❝ Hari. Ada rata call ekak gannako ❞
මම එයාගෙ නම්බර් එකට මැසේජ් එකක් දාලා ආයෙමත් මගෙ වැඩ පටන් ගත්තා. මම ට්‍රව්සර් එකයි ශර්ට් එකයි ඇඳන් හිටියට අනිත් කෙල්ලො සේරම අමුතු Style වලින් ඇඳන් හිටියේ. ඔව් ඉතින් තාමත් මම මේ රටට නුහුරුයිනේ.
"ඔයා දැන් Apartment එකට යන්න මින්දි. ඔය ඇති වැඩ කලා."
නිම්නාදි මං ගාවටම ඇවිත් මට Coffee එකකුත් දීලාම එහෙම කිව්වා. මං ඉතින් වැඩකට බැස්සොත් ආයෙ, උදේද දවල්ද රෑද මතක නෑ. ග්ලාස් එකෙන් එළිය බැලින්නම් රෑ වෙලා හඳත් පායලා 🤦.
"හරි.."
මං පල්ලෙහාට ගිහින් හිමිහිට එළියට ගියා. එතකොටයි මතක් උනේ ඩ්‍රයිවර් අංකල්ට එන්න කිව්වෙ නෑ කියලා. දැන් මට පැය ගාණක් හිටන් ඉන්න වෙයි වගේ. මොනා කරන්නද ඉතින් කියලා මං ගත්තා එයාට කෝල් එකක්. මෙන්න මෙයා හරියට ඔෆිස් එක ඉස්සරහ ඉඳන් මට අත වනනවා. එයා කොහොමද මං ආපු වෙලාවටම මෙහෙට එන්නේ ?
කාර් එකට නැගලාම මං ශීට් එකට හේත්තු උනා. රෑ වෙද්දි මෙහෙ සීතලයි ටිකක්..
"අංකල් කොහොමද දන්නෙ මං එළියට එන වෙලාව."
"මැඩම් නොදන්න ගොඩාක් දේවල් සිද්ධ වෙනවා."
එයා හිනාවක් පාලා ආයෙමත් ඉස්සරහා බලා ගත්තා. මට නම් මේ හැමෝම ගැන සැකයි. මහ විකාරයක් වගේ මගෙ සිතුවිලි දැන්. හැම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතලා හිතලා එහෙම නොවුනොත් තමා පුදුමේ.
..................................................... 🖤 ...
මොනවද මේ මින්දි නොදැනුවත්ව සිද්ධ වෙන දේවල් 🙄 ?
My Telegram Channel OR My Whatsapp Channel
රියැක්ට් / කමෙන්ට් අඩුයි වගේ. කතාව අවුල් වගේද කියන්නකෝ 😔
Sachy Collins