Spring is far away - 01
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 01 | We broke up
මගෙ ජීවිතේ සතුට, දුක දෙකම කලවම් වුණ දවසක් අද..
මම මින්දි අමේලියා. මට වයස 28 යි. අවුරුදු ගාණක් මම ගෙවපු නරක මතකයන් වගේම මෑතකදි හම්බවුණ සුන්දරම මතකයන් වලින් නිදහස් වෙලා මම ආදරය කරන අයගෙන් ඈතට යන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලයකට නෙවෙයි අවුරුදු දෙකකට. ඒකත් නොදන්න අය ගාවට.
වැඩිපුරම දුක මම අවුරුදු අටකටත් වැඩිය ආදරේ කරපු කෙනාව දාලා යන එක. මම අනාත නිවාසෙ හැදුන හින්දා කවුරුත් මාව ගණන් ගත්තෙ නෑ. මට ගොඩාක් පහත් විදිහට සැලකුවේ. ඒත් එයා තමා මට මගෙම පවුලේ කෙනෙක් වගේ සලකපු එකම කෙනා. ඉතින් මම එයාට ගොඩාක් ආදරෙයි.
"හේෂාන්.."
ෆ්ලයිට් එකට තව පොඩ්ඩ වෙලාවයි. මම බෑග් ටිකත් තියලා ගිහින් එයාගෙ පපුවට තුරුළු උනා. තුරුලු කරන් ගොඩාක් වෙලා ඇඬුවා. මේ අපි දෙන්නා ළඟින් ඉන්න අන්තිම පාර වෙන්න ඇති. මොකද මට තව අවුරුදු දෙකක් ඉවසන්න වෙනවා ආයෙමත් එයාගෙ පපුවට මෙහෙම තුරුළු වෙන්න.
"මින්දි.."
"කියන්න."
එයා මගෙ අත් දෙක අල්ලලා අහකට කලා. මම බැලුවෙ ඇයි කියලා. එයා ඊයෙත් ගොඩාක් දුකින් හිටියේ මම යන එකට. ඒත් දැන් එයාගෙ මූණෙ එක කඳුළක් වත් නෑ. ඒ කියන්නෙ එයාට දැන් දුක නැද්ද ?
"අදින් පස්සෙ මාව සදහටම අමතක කරන්න.."
එයා කිව්ව දේ මගෙ හිත ඇතුලේ දෝංකාර දුන්නා. මෙච්චර කල් මං එක්ක හොඳට හිටපු, ආදරෙන් හිටපු කෙනා වෙනස් වෙන්නෙ කොහොමද. දුකට මගෙ ඇස් වලට කඳුලුත් පිරුණා.
"What ?"
"ඔයාගෙ ජීවිතේ මම කියලා කෙනෙක් හිටියා කියලා අමතක කරන්න."
මම එයාගෙ අත් වලින් අල්ලන්න යද්දි එයා ආයෙමත් මගෙ අත් අහකට කරා. මම මේ ඉන්නෙ හීනයක් ඇතුලෙද කියලා මටවත් හිතා ගන්න බෑ.
"හේෂාන්.. මොනවද ඔයා මේ.. කියවන්නේ ?"
"ඔයාගෙ කන් හොඳට ඇහෙනවා නම් මින්දි.. මම මේ කිව්ව දේ ආයෙ කියන්න ඕනි නෑනේ.."
"ඒ..ඒත් ඇයි ?"
"අපි කවදාවත් ගැලපෙන්නෙ නෑ මින්දි.. අනික අපේ අම්මයි තාත්තයි ඔයාව අපේ පවුලට බාරගන්න එකක් නෑ."
මං ඒක දැනන් හිටියා. ඒත් එයාම දවසක් කිව්වා ආදරේට තනතුරු, සල්ලි අදාල නෑ කියලා. එහෙම කියලා දැන් මොනාද මේ කියවන්නේ. මං එක්ක අවුරුදු අටක්ම එකට ඉඳලා දැන් වෙන් වෙන්න හදන්නෙ ඇයි ?
"ඔයා මේ ජෝක් එකක් නේද කරන්නේ ?."
"ඔයාට ඒ වගේද පේන්නේ.. ම්ම්.. ඒත් ඔයා හිතනවා වගේ විහිළුවක් නෙවෙයි මේක. අපි මේක මෙතනින්ම නවත්තලා දාමු. ආයෙ මට මැසේජ් කරන්නත් එපා. කෝල් කරන්නත් එපා."
රඳවන් ඉන්න බැරි කඳුළු සේරම මගෙ ඇස් වලින් කම්මුල් දිගේ කඩන් වැටුණා. මම ආයෙත් පාරක් එයාගෙ පපුවට තුරුලු උනේ මට දරාගන්න බැරි දුකට. ඒත් එයාගෙ අත් දෙක මගෙ ඉන වටේවත් එතුණෙ නෑ වෙනදා වගේ.
"ඇයි ඔයා මට මෙහෙම කතා කරන්නෙ හේෂාන්. මගෙන් මොකක්ද උන වැරැද්ද ?"
"මම ලබන මාසෙ මැරි කරනවා.. රාදිතාව.. මම ඔයාට ආදරේ නෑ දැන්. මම ආදරේ රාදිතාට. ඒ නිසා මාව අමතක කරලා මගෙ ජීවිතෙන්ම යන්න. ප්ලීස්.. ආයෙ මට වදයක් වෙන්න එපා."
"මට බෑ.. මට බෑ ඔයාව දාලා යන්න.. මට කියන්න ඔයා මේ ජෝක් එකක් කරන්නෙ කියලා."
"මාව අතාරින්න මින්දි."
එයා මාව පස්සට තල්ලු කරලා දැම්මා. මට හිතාගන්න බැරි උනා මේ වෙන දේ. අඬලා අඬලාම මගෙ මූණත් රතු වෙලා. ඒත් එයාගෙන් ඒ කිසිම දේකට ප්‍රතිචාරයක් නෑ.
"ප්ලීස් මෙහෙන් යන්න. මාත් දැන් යන්නම්."
එහෙම කියපු එයා හැරිලා යන්න ගියේ මගෙ මූණ දිහා ඇස් කොනකින් වත් බලන්නෙ නැතුව. මේ මිනිස්සු සේරම ගොඩේ මට මහා අසරණකමක් දැනුණා. එයා වෙනස් වෙන්න එක තත්පරයයි ගියේ. මාව බිංදුවටම වට්ටලා දාන්නත් එකම එක තත්පරයයි ගියේ. මම හිටි තැනම ගල් වෙලා. ෆ්ලයිට් වල අනවුස්මන්ට් පවා ඇහෙනවා. ඒත් මම එක එල්ලෙ බලන් හිටියේ මගෙන් ඈත් වෙලා යන ඒ රුව දිහා.
"හේෂාන්...."
මම මිනිස්සුන්ව පීරගෙන ගිහින් එයාගෙ පිටිපස්සෙන් තුරුලු කරගත්තා. එයාට එහෙම යන්න දෙන්න බෑ මට. මොකද එයා යන්නෙ මගෙ සතුටත් අරගෙන.
"මාව දාලා යන්න එපා හේෂාන්.. මට ඔයා ඇර වෙන කවුරුත් නෑ.."
මගෙ කඳුළු වලින් එයාගෙ කෝට් එකත් තෙත් වෙලා. ඒත් එයාට කිසි ගාණක් නෑ. හිතක් පපුවක් නැති කෙනෙක් වගේ එයා මගෙ අත් දෙක තුන් වෙනි පාරටත් අයින් කරලා දැම්මා. දැනටමත් Airport එකේ මිනිස්සු සේරම අපි දෙන්නා බලන්.
"ආයෙ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න එපා මින්දි. පරිස්සමින් යන්න."
එයා මාව එතන තනි කරලා දාලා යන්නම ගියා. මම අදටත් දන්නෙ නෑ මගෙ අම්මා තාත්තා කව්ද කියලාවත්. එහෙව් අනාත ජීවිතේ එයා තමා මගෙ එකම භාරකාරයා උනේ. අපිළිවෙලට තිබ්බ මගෙ ජීවිතේ පිළිවෙළ කරේ එයා. හේෂාන් මාව ආරක්ෂා කලේ තාත්තෙක් වගේ. ඒත් අවසානෙ මට ඉතුරු වෙලා හිටිය මාව තේරුම් ගත්තු, මට ගොඩාක් ආදරේ කරපු, මාව පණ වගේ බලාගත්තු කෙනත් මාව දාලා ගියා.
ඇස් වලින් එක දිගට වැටෙන කඳුළු පිහදාන් මමත් එතනින් යන්න ගියා. අද මම මේ ගමන යන්නෙත් එයා නිසා. මම ඇඳන් ඉන්න ඇඳුම්, මගෙ ගෙවල්, මගෙ එඩියුකේෂනල් කොලිෆිකේෂන් සේරම එයාගෙ සල්ලි වලින් වියදම් කරපුවා. ඉතින් මම එයාට ණයයි. ඒත් දැන් මම මේ ණය ගෙවන්නෙ කොහොමද එයා මට ප්‍රශ්න ගොඩාක් ඉතුරු කරලා යන්නම යද්දි.
ෆ්ලයිට් එකට නැගපු වෙලේ ඉඳන් මම ශීට් එකට ඔළුව ගහන් අඬන්න ගත්තා. වටේ ඉන්න මිනිස්සුත් බලන්න ඇති. ටිකෙන් ටික මම ලංකාවෙන් ඈත් වෙලා OC වලටයි ගියේ. ගමන අවසාන වෙද්දි මං අඬලම රතු වෙලා. මම කොහොමද මගෙ දුක මනුස්සයෙකුට කියන්නේ. මේ හැමතැනම ඉන්නෙ මම නොදන්න අය. එයා මාව මගෙ ජීවිතේ අතරමං කලා වගේ මට දැනෙන්නේ.
........
"මැඩම්.. නගින්නකො කාර් එකට. මම බෑග් ටික ගන්නම්."
හේෂාන් මට කිව්වා එහෙ ඉන්න ලංකාවේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක මාව ඔෆිස් එකට යවන්නයි එක්කන් එන්නයි දාන්නම් කියලා. ඔෆිස් එක ඇතුළෙ මට වැඩ කරන්න වෙන්නෙත් ලංකාවෙ පිරිමි කෙනෙකුයි ගෑනු ළමයෙකුයි එක්ක. ඒ නිසා මගෙ බය නැතුව ගියා.
මට ඒ ලෙවල් වලින් එහාට යන්න තරම් වියදම් කරන්න කාත් කවුරුත් හිටියෙ නෑ. මං ජීවත් උනේ පල්ලියක තිබුණ අනාත නිවාසයක. ඉතින් කවුරු කොහොම මට වියදම් කරන්නද.
හේෂාන් හම්බුණ දවසෙ ඉඳන් එයාට උවමනා උනේ මාව ප්‍රයිවට් කැම්පස් එකකට හරි දාලා ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න. එහෙම කරලා එයාගෙ තාත්තාගෙ කම්පැනි එකේ මැනේජර් කෙනෙක් විදිහට මාව පත් කරන්න. ඒක එයාගෙ ජීවිතේ තිබුණ ලොකුම හීනේ. ඉතින් එයා මාව ප්‍රයිවට් කැම්පස් එකකට දාලා මට එයාගෙ සල්ලි වලින්ම ඉගැන්නුවා. අවසානෙ මාව එයා, එයාලා දන්න අඳුනන සිඩ්නි වල කම්පැනි එකකට දාලා මගෙ Experience හදන්න තීරණය කරා. මොකද එයත් අවුරුදු තුනක්ම එහෙ ඉඳලා හොඳ Working Experience එකක් ගත්තා.
"මැඩම් බය වෙන්න එපා. සර් අපාර්ට්මන්ට් එකේ වැඩත් ඉවර කලා. මැඩම්ට දැන් බය නැතුව ඉන්නයි තියෙන්නේ. අපිත් ඉන්නවානේ."
එයා ටිකක් වයස පිරිමි කෙනෙක්. හරියට මට තාත්තෙක් හිටියා නම් ඒ වයස වගේ. ඉස්සර මම හේෂාන්ගෙ සල්ලි වලින්ම හදලා දුන්න ලස්සන චූටි ගෙදරක සැනසීමෙ ජීවත් උනා. ඒත් අද ඉඳන් මම ඉන්නෙ වෙන රටක, කාර්යබහුල නගරයක, අපාර්ට්මන්ට් එකක..
ටිං ටිං 🔔..
ෆෝන් එකට ආපු මැසේජ් එක නිසා මම හදිස්සියේම පෝන් එක ඔන් කලේ වෙනදා පුරුද්දට. එයා හැමදාම මට Good Morning, Good Night කියලා එවන්න අමතක කලේ නෑ. ඉතින් ඒ පුරුද්දටම මම එයාගෙ චැට් එකට ගියා.
❝ අපාර්ට්මන්ට් එකට ආවද ඔයා ❞
❝ මට කියන්න ❞
❝ ප්‍රශ්නයක් උනේ නෑ නේද ❞
❝ Reply ❞
එයාගෙන් මැසේජ් දහයකටත් වඩා. මම ෆ්ලයිට් එකෙන් බැහැලා ගොඩක් වෙලානේ. කෝල්ස් දහයකටත් වඩා මිස් වෙලා මට. ඉතින් මම මැසේජ් බලලා රිප්ලයි කරන්න යද්දිම,
..................................................... 🖤 ...
යද්දිම මොකද උනේ 🤔
අනේ කියවපු ළමයි හැමෝම රියැක්ට් කමෙන්ට් කරන් යන්න හොඳේ. නැත්නම් රියැක්ට් ලිමිට් එකක් දෙන්න වෙනවා ඊලඟ එපියට 😩
Registration Code :- 001880
Sachy Collins