She is my world

She is my world

Massmello 🎭🕊️
හදිසියෙ නොදන්වා මා දිවියට ආ මගෙ ප්‍රාණය ඇයයි

Short story



https://telegra.ph/She-is-my-world-03-14-2



episode 3


සර් නැගිටල මං ඉන්න,පැත්තට එද්දි මං චූටික්කිව කවර් කරගත්‍තා



"සමාවෙන්න සර් මං වෙන ඩොකියුමන්ට්ස් ටිකක් සර්ට හදලා දෙන්නම්"මං කියද්දි සර් චූටික්කි එක්ක්ස් හිනා වෙලා අලුත් A4 කොලයක් චූටික්කි ට දුන්නා


"බය වුණා ද අක්කා අපෙ අයියා නපුරු නෑ"නේහා කියද්දි මට හොද හොද එවා කටට ආවා කියන්න මෙ නපුරා ගැන



"සුදූ චූටික්කිව අරන් ගිහින් කැන්ටින් එකට යන්න බඩගින්නෙ ඇත්තෙ කෙල්ල"සර් කිව්ව පමාවට නේහා මං ලගට ආවා




"යං චූටික්කි කිරි බොන්න"නේහා කියද්දි මං ගැස්සුණා එයා ආසම කිරි කියලා නේහා පවා දැන් දන්නව




නේහා චූටික්කිව අරන් යනවත් එක්කම මං කම්පියුටර් එක ලගට යන්න හැදුවෙ අලුත් ඩොකියුමන්ට්ස් එකක් ගන්න



ඒත් නොහිතපු විදිහට සර් ඇහුවෙ මං බලාපොරොත්තු නොවුණ ප්‍රශ්නයක්



"හස්බන් මොකද කරන්නෙ"




"අහ් මෙ මෙ රට එයා"මං අමාරුවෙන් කියා ගත්තා




"රට මොකද කරන්නෙ




"මැනේජ්මන්ට් ඩිග්‍රි එකක්"




"මොකක්ද"




"අහ් හස්බන් එහෙ වැඩ කරන ගමන් ඉගනගන්නව සොරි"




"මොකක්ද කරන්න"



" IPP කියලා USA වල කම්පැණි එකක"මං කිව්වා සර් මගෙ දිහාවට එන්න එන්න කිට්ටු උනා




"හස්බන්ගෙ නම"




"ඇයි සර් අහන්නෙ"




"මට කියනව"




"අහ් මෙ මෙ සහන් විජේවර්ධන"මං මගෙ හොදම යාලුවගෙ නම කිව්වා



"ඇත්ත කියනව බබා තමුසෙගෙද"සර් ඇහුවෙ බිත්තියට ගහමින්




"ඔව්"




"උබ කියන්නෙ නෑ නේද එහෙනම් ඉදපිය"කියමින් සර් මාව බිත්තියට තද කරමින් ඉණ මිරිකුවා




"ආව් රිදෙනව සර් අනේ අත අරින්නකො දනව සර්"මං කෑගහන්න උනා




"ඇත්ත කියපිය මෙ හම අස්සට මගෙ නියපොතු එකින් එක යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ මං ගෑණු කියලා වෙනම සැලකිලි කරන්නෙ නෑ"




"ඇත්ත සර් මං කිව්වෙ"කොච්චර අමාරුවෙන් ඉදියත් මං කියා ගත්තා



"උබ එහෙමයි නේද දැන් බලපිය"සර් තව තවත් අත් මගෙ ඉනට තද කරමින් කකුල සපත්තුවෙන් පෑගුවා




"මාව මැරුවත් කියන්න තියෙන්නෙ දරුවා මගෙ එච්චරයි"මං ඔහුව තල්ලු කරන්නට වෙර දරමින් කිව්වා



"ඕ ෂිට්"මාව අත ඇරපු සර් වේගයෙන් බිත්තියට ගහන්න උනා



"සර් අත තුවාල වෙලා ලේ ගලනව නවත්තන්නකො"




"එහාට බලයන්"සර් මාව තල්ලු කරපු පාර ගිහින් මේසෙ ගැට්ටක මං වැදුණ



සර්ගෙ අතින් ලේ විදිනව




සර් එක පාරට ඇවිත් මගෙ පෝන් එක බෑග් එක ගත්තා ඔක්කොම බඩු හිතක් පපුවක් නැතුව බිමට හැලුවා



'ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නෙ' මං සර් දිහා බලමින් හිතුවා



අවසානෙට වැටුණෙ මගෙ ඩයිරි එක සර් මගෙ පර්ස් එක පිස්සුවෙන් වගෙ බලල ඩයිරි එක අතට ගත්තා


එක සර් බැලුවත් සර්ට ඕනෙ දේ තිබ්බෙ නෑ සර් ඒක විසික් කරද්දි නංගිගෙ පොටො එක ඒකෙන් එලියට ආවා




"මගෙ වස්තුව"සර් පිස්සුවෙන් වගෙ නංගිගෙ පොටො එක බදාගෙන කිව්වා




"මට කියපන් සහන්‍යා චූටික්කි උබේද මේකිගෙද මට කියපම්"සර් අහද්දි මගෙ දිව බොරුවක් කියන්න නැවුණෙ නෑ




"නංගිගෙ සර්"




"මං දැනන් ඉදියා චූටික්කි මගෙ කියලා මගෙයි යේෂුගෙයි කියලා"සර් නංගිගෙ පොටෝ එක බදාගනිමින් කිව්වා




"සහන්‍යා කෝ මගෙ යේෂු මං හෙව්වෙ නැති තැනක් නෑ මගෙ යේෂුව මං පිස්සෙක් උනේ නැත්තෙ මගෙ දරු පැටවු වගෙ ඉන්න මල්ලි නංගී අසරණ වෙනව බලන්න බැරි හින්ද"සර් අඩමින් කියද්දි මං ඔලුව පාත් කරගත්තා




"කියපන් යේෂූ කෝ"සර් මාගෙ බෙල්ල මිරිකමින් ඇහුවා




මෙ තරම් දරුණු මිනිහෙක් මං දැකලා නෑ මගෙ සිහිය මං ලගින් නැතිවෙලා ගියා





"පොඩ්ඩක් එහාට යන්න අයියේ තියෙන දසවද ඔක්කොම දීලා දැන් එනව සත් ගුණවත් වෙන්න"



"ඒකි මං අහපු දේවල් වලට හරියට උත්තර දුන්න නම් මට කේන්තිය යන්නෙ නෑනෙ"සර් කියනව මට ඇහුණා




'එතකොට චූටික්කිගෙ තාත්තා සර්ද මගෙ චූටික්කි මට නැති වෙයිද'මගෙ හදවත මොහොතකට නතර වෙන්න ගියා



"ඉක්මනට ඉලෙක්‍ට්‍රික් සොක්ස් අරන් එන්න එන්න එන්න හාර්ට් බීට් එක බහිනව"කවුරු හරි කෑගැහුවා




ඉලෙක්ට්‍රික් ශොක් එකක් දෙකක් තුනක් දුන්නා මං තාම චූටික්කි ලග



"අම්මා............."චූටික්කිගෙ කටහඩ මාව පියවි සිහියට ගෙනාව




"චූටික්කි"මං මිමිණුවා




"අම්මා"



මට දැනුන විදිහට කවුරු හරි මගෙ පපුව උඩින් චූටික්කිව තිබ්බා



මං හිමින් සීරුවෙ ඇස් ඇරිය සර්,පොඩි සර්,නේහා නංගි මගෙ වටේට වෙලා ඉන්නව මං හිතන්නෙ මං ඉන්නෙ හොස්පිටල් එකක




මං අමාරුවෙන් ඇද වතට හේත්තු වෙන්න හැදුවා



"පොඩ්ඩක් ඉන්න අක්කෙ මං ඔයාට උදවු කරන්නම්"නේහා ඉදිරිපත් වෙලා මට උදවු කලා



"ඔයාල කවුද කියලා දන්නෙ නෑ ඒත් මට හිතෙනව හැම කෙනාටම චූටික්කිට සම්බන්ධක් ඇති කියලා එයා ලේසියෙන් කෙනෙක් ලගට යන කෙනෙක් නෙවේ ඒත් එයා ඔයාල තුන්දෙනාටම ආදරෙයි"මං හුස්මක් පහතට හෙලමින් චූටික්කි බදාගනිමින් කිව්වා




"කියන්න නංගි දන්න සේරම"පොඩි සර් කිව්වා




මගෙ නම සහන්‍යා වීරකෝන් මගෙ නංගී යෙෂූ සකුන්‍යා වීරකෝන් නංගි මට වැඩිය අවුරුදු 2 ක් බාලයි මං වගේ නෙවේ කෙල්ල පුදුම ලස්සනයි ඉටි රූපෙ වගේ කොල්ලෙක් එයා දිහා දෙපාරක් බැලුවෙ නැතොත් පුදුම වෙන්න ඕනෙ මට අවුරුදු 21 යි එතකොට නංගි බාතෲම් එකේ ඉදගෙන වමනෙ කරනව මට ඇහුනා මං නංගි ලගට ගිහින් පිට අත ගෑවා එයා මාව දැකලා හොදටම බය වුණා මට තේරුම් ගන්න පුලුවන් උනා නංගි ගෙ වෙනස මං එයාගෙන් ඇහුවා එයා අඩමින් මට තුරුල් උනා


එයා කිව්ව හැටියට ඒ කොල්ල එයාට වංචාවක් කලෙ නෑලු දවසක් දෙන්නට හැඟිම් පාලනෙ කරගන්න බැරුව එකතු උනාලු එයා බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් නංගිට දීලා තියනව ඊට පස්සෙ දවසෙ කොල්ලා මැනේජ්මන්ට් ඩිග්‍රි එකකට රට ගිහින් USA කියලා තමා කිව්වෙ කෙල්ල වෙනස තේරුණ ගමන් කොල්ලට කතා කලත් එයාගෙ පෝන් එක වැඩ කරලා නෑ කොහොම හරි ඔය දේ ගෙදරට මං හිමින් කිව්වා අම්මයි තාත්තායි නංගිට හොදටම බැන්නා ඒලෙවල් කරන කාලෙ මගුල් විසේ ගහල කියලා ඒත් මං ලගින් ඉදලා සැනසුවා කවුරුන් කැමති උනේ නෑ කලලෙ විනාස කරන්න



අන්තිමට හැමෝගෙම කැමැත්ත මත අපි කාටවත් නොකියා දුරකට ආවා නංගිගෙ බෝයි කියලා තිබ්බෙ අවුරුදු 4 ක ඩිග්‍රි එකක් කියලා ඒක ඔයා බොරු කාරයෙක් කියලා තාත්තා පෝන් එක ලග තිබ්බ වැවට විසික් කලා නංගි පොලවෙ හැපි හැපි කිව්වෙ ඒක හොයලා දෙන්න එයා ආයී කෝල් කරයි කියලා අන්තිමට නංගි ගෙ ඇවටිල්ල අහක දාන්න බැරි හින්දා අපි ගියේ ඩයලොග් එකට කරුමෙක මහත ඒ සිම් එක අපේ පවුලෙ කෙනෙක්ට ගත්ත එකක් නෙවේ ඒක අරන් තිබ්බෙ තාත්තා යාලුවෙක්ගෙන් අපිට සිම් එකේ අයිතිය තහවුරු කරගන්න බැරි උනා ඔය අතරෙ මගෙ රිසාල්ට් ආවා මං ඉහලින් පාස් වෙලා තිබ්බා මං කලේ මැත්ස් මට පේරාදෙණියෙ ගියා මගෙ කැම්පස් වැඩවලට අම්මායි තාත්තායි කොච්චර බැන්නත් නංගිට පුදුම ආදරෙන් සැලකුවෙ එදා මහ මූසල දවසක් මං පේරාදෙණිය ඉදන් එද්දි මට මුස්පේන්තු බව වැඩි වැඩියෙන් පරිසරය කිව්වා මං ආවා ගෙදර දොරවල් ඔක්කොම ඇරලා දාලා


මං එහා ගෙදර ඇන්ටිගෙන් ඇහුවා අම්මලා කෝ කියලා එයා කිව්වෙ නංගිට අමාරු වෙලා හොස්පිටල් එක්කන් ගියා කියලා මං පිස්සියෙක් වගෙ ආපිට ත්‍රිවිල් පාක් එකට දිව්වා මං ත්‍රීවිල් එකක හොස්පිටල් එකට ගියා මං හැමතැනම හෙව්වා මගෙ නංගිව



දන්නවද එදා අපේ පවුලෙ හැමෝටම කරුමක්කාර දවසක් එයාල මට පෙන්නුවෙ මගෙ පනවල් තුනගෙ බොඩීස් බලන්න බැරි තරම් විකෘති උන එයාල එද්දි ඇක්සිඩන්ට් වෙලා නංගිගෙ බඩ හිස්


දරුවා මට කියවුණා එතකොටම මිසී කෙනෙක් කිව්වෙ දරුවා බේරුණා කියලා


අපේ කාර් එක වැදිලා තිබ්බෙ ප්‍රබල ඇමතියෙක්ගෙ හොර වාහනේක ඌ හැමදේම යට ගැහුවා ඌ මාවයී මගෙ දරුවයි මරන්න පවා හැදුවා මං පොඩි කෙල්ලෙක් නෑදෑයෙක්වත් දන්නෙ නෑ පිට උන දේවල් මං ඇමතිගෙ කකුල් දෙක අල්ලලා වැද වැටිලා චූටික්කිගෙයි මගෙයි ජීවිත ඉල්ලුවා ඌ කිව්වා හැම දේම යට තියෙන තාක් උගෙන් අපිට කරදරයක් නෑ කියලා අපිට දුරකට යන්න කිව්වා ම්ං චූටික්කිව අරන් කාටවත් හිතා ගන්න බැරි විදිහට අතුරුදහන් උනා මං මෙහෙ ආවා මගෙ ඒලෙවල් දැනුමෙන් මට ජොබ් එකක් හම්බුන ඒත් හැම එකම කරන්න පුලුවන් ටික කාලයයි චූටික්කි හරි මුරණ්ඩුයි මං ජොබ් විස්සකට වැඩිය කලා අන්තිමට නතර උනේ ඔයාලගෙ ෆැක්ට්‍රි එකේ ඒ පොඩි සර්ගෙ කරුණාව හින්දා"මං කතාව කියලා ඉවර වෙද්දි තුන්දෙනාගෙම ඇස්වල කදුළු




"යේෂූ.............................."සර් මහ හයියෙන් කෑගහමින් ඇඩුවා පොඩි සරුයි නේහායි මාව බදාගෙන ඇඩුවා ඒත් හැම දුකම විදල එක කදුලක් නැති මං ඔහේ බලන් ඉදියා




"අම්මා........"චූටික්කි තුන්දෙනාගෙ හැසිරීමට බයවෙලා අඩද්වි මං කෙල්ලව බදාගෙන සැනසුවා




"අක්කා මගෙ අක්කා අද ඉදලා ඔයා"නේහා මාව බදාගනිමින් කිව්වා




"අහ්"නේහගෙ අතක් මගෙ බඩේ වැදෙද්දි ම වේදනාවෙන් කෙදිරි ගෑවා




"මොකද උනේ අක්කෙ ඉන්න මං බලන්න"නේහා මට අන්දවල තිබ්බ ඇදෙමෙ ෂර්ට් එක ඉස්සුවා



"අනෙ දෙවියනෙ"නේහා කෑගහද්දි පොඩි සරුත් බැලුවා මං අපහසුතාවය්ස් නිසා ඇදුම හදාගත්තා



පොඩි සර් වේගෙන් ගිහින් ලොකු සර්ගෙ කොලර් එක අල්ල ගත්තා




"උබ එච්චර කැත විදිහටද යකෝ උබේ ලේ බලාගත්ත ගෑණිට සැලකුවෙ ආහ් මට කියපන් මට ලැජ්ජයි උබ මගෙ අයියා කියන්නත්




අන්තිම කොටස දෙන්න කමෙන්ට් 100+ ඕනෙ


දැන් දැන් කියවන උන්ටයි කනෙන්ට් 73 තියෙන්නෙ 100 වෙනකම් මං ලියන්න ගන්නෙ නෑමයි



Massmello🎭🕊️

Report Page