She is my world

She is my world

Massmello 🎭🕊️
හදිසියෙ නොදන්වා මා දිවියට ආ මගෙ ප්‍රාණය ඇයයි


Short story

https://telegra.ph/She-is-my-world-03-14

Episode 2


"සර් කිසි දෙයක් නොදැන ඔහොම කතා කරන්න එපා"




"මොනවද මං දන්නෙ නැත්තෙ"




"මනුස්සයෙක්ට ගරු කරන්න"



"අහ්"මට කින්ඩියට මනුස්සය හිනා උනා



අදට මාසයක් වෙනව අර තඩියා බොස් විදිහට ඇවිත් මාව මැරුවෙ නැති එක විතරයි මනුස්සයා




"සහන්‍යා......."




"අදත් හරි වගෙ අනෙ බන් කට ගහගෙන යන්න එපා"අයේෂා මගෙ දිහා දුකින් බලන් කිව්ව



"එයාට ගිය රටනෙ නේ"මං අයේෂාටත් රවාගෙන තඩියගෙ ඔෆිස් එක ඇතුලට ගියා



තඩිය කිව්වට මගෙ තියරියට සෙට් නැති උනාට අනිත් උන් මේකා කවද්ද ප්‍රපෝස් කරන්නෙ කියලා බලන් ඉන්නෙ අනෙ මෙහෙමත් කෙල්ලො



"ඕයි බලනව මේකෙ ඩවුට්"




"සොරි සර්"




"ඕක මෙතනදිම හදල දීලා යනව මට අද මීටින් එකට ගෙනියන්න ඕනෙ"රවාගෙන තඩියා කියද්දි මාත් රවලා එයාගෙ ඉස්සරහින් වාඩි උනා



'අද නම් 1.30 ට යන්න වෙන්නෙ නෑ වගෙ'



"සර් මං මෙක ගෙදර ගිහින් චෙක් කරලා එවන්නද"




"පිස්සුද ඕයි දැන් බලල දෙනව තමුසෙලට සැප වැඩී"



"සර්"




"මට රීසන් ඕනෙ නෑ"




'මේ තඩිය නම්'




📞...............



"හෙලො"




"අහ් ඉන්න මං එනව දැන්"කතා කලෙ චූටික්කිගෙ මොන්ටිසෝරියෙන් මොන්ටිසෝරි ඉවර උනාම එයා ඉන්නෙ එතනම ඩේ කෙයා එකේ අද හොදටම් අඩනවලු මගෙ මැණික




"සර් මං යන්නද"




"මට මේක ඕනෙ ඕයි අද"




"විනාඩි දහයක් දෙන්න සර් මං එලියට ගිහින් එන්නම්"




"බෑ"




"එහෙනම් මගෙ රිසෙප්ශන් ලෙටර් එක ඇක්සෙප්ට් කරන්න සර්"මං කිව්වෙ කේන්තියෙන්




"හරි හරි ගිහින් එනව"




"වෙන කරන්න දෙයක් නැති හින්දා මං චූටික්කිගෙ මොන්ටිසෝරියට ගියා මං යනකොට මූණ බෙරි කරන් ඉන්නව



"මැණික"



"අම්මා"කියාගෙන ආපු චූටික්කි මගෙ ඇගේ එල්ලුණා මං චූටික්කි ව වඩා ගත්තා



"අද දග කලාද මිස් මෙයා"




"වෙනදට මෙයා ඉන්නෙ නේහා මිස් එක්ක අද එයා නැති හින්දා අපිට කන්ට්‍රෝල් කරන්න අමාරු උනා"ලොකු මිස් කියද්දි මං අසරණ ව හිනා උනා




"ගොඩක් ස්තූතියි මිස් බලාගත්තට අපි යන්නම්"මං අමාරුවෙන් හිනා වෙලා කිව්වා



මං චූටික්කිවත් අරන් එයාට කන්නත් අරන් දීලා ඔෆිස් එකට එක්කන් ආවා කට්ටිය මං දිහා අමුතු විදිහට බලනවා


මං චූටික්කිව අරන් කෙලින්ම ගියේ සර්ගෙ ඔෆිස් එකට




" Excuse Me සර් "




"Comming"




"සහන්‍යා"සර්ට චූටික්කිව දැක්කම පුටුවෙන් පවා නැගිට්ටුණා



"සොරි සර් සර්ගෙ ඉල්ලීමයි මගෙ දරු පැටියවයි දෙකෙන් එකක් තෝරගන්න බෑ මට මං සර්ගෙ වැඩේ කරලා දීලා යන්නම් චූටික්කි දග කරන්නෙ නෑ"මං එක් හුස්මට කිව්වා



හාවක් හූවක් නෑ සර්ගෙන් චූටික්කිත් කටේ ඇගිල්ල ගහන් බලන් ඉන්නව



මං චූටික්කිව සෝෆා එකෙන් තියල ටේබල් එකකින් වාඩි වෙලා ෆයිල් චෙක් කරන්න ගත්තා



"සර් වචනයක් කතා කලෙ නෑ මට බනින්නවත් මගෙන් මුකුත් අහන්නවත්"




"Excuse me"මා‍යි සරුයි දෙන්නම බැලුවෙ කව්ද එන්නෙ කියලා



"පොඩි සර්"මට කියවුණා



"සහන්‍යා මොකො කෙල්ලෙ අද ගියෙ නැද්ද"සර් දන්නව මං යන්නෙ ඇයි කියන කාරණෙ මගෙ ඇග්‍රිමන්ට් එකේ මං සයින් කරල තියෙන්නෙ 8.30-1.30 වැඩ කරනව ඉතුරුව ඔන්ලයින් විදිහට කම්ප්ලීට් කරනව කියලා



"නෑ සර් හදිස්සි වැඩක්"



"චූටික්කි"පොඩි සර් අහද්දි මං ඇස් යොමු කලේ සෝපාවට




"අනේ චූටික්කි ඔයා ගැන ඇහුවට අදනෙ දැක්කෙ"කිඉන් පොඩි සර් ගිහින් එයාව වඩා ගත්තා



කෙල්ල වැඩි අකමැත්තක් නෑ ව්ස්ගෙ පොඩි සර්ට


මං ඒ දෙන්න දිහ හිනා වෙලා බලමින් ආයිත් ෆයිල් එකට ඔලුව ඔබා ගත්තා



සර්ගෙයි චූටික්කිගෙයි කෝලන් ඇහෙනව මං ඔලුව ඉස්සුවෙ නෑ මට ඕනෙ වැඩේ ඉවරයක් කරල ඉක්මනින් යන්න



"හරි සර් කම්ප්ලීට්"කියමින් මං ඔලුව ඉස්සුවත් සර් පුටුවෙ නෑ මං හැරිලා බලද්දි සර් චූටික්කිව හුරතල් කරනව මෙච්චර කල් මං දැක්කෙ සර්ගෙ රාක්ෂ පෙනුම විතරයි




"සහන්‍යා ඔයාගෙද මේ"සර් ඇහුවෙ මං පොඩි සර්ගෙන් චූටික්කිව ගනිද්දි




"ඔව් සර්"මං කිව්වා




"එයා ඇයි කතා කරන්නෙ නැත්තෙ"




"එයා කතා කරනව සර් හැබැයි අම්මා කියලා විතරයි"මං කිව්වම සර්ගෙ මූණෙ තිබ්බ හැගීම් මට කියවන්න බැරි උනා




"මොනා උනත් සහන්‍යා ඔයාගෙ මේ පැටික්කි මරු"



"එයා ගැන ඔයා දන්නෙ නැති හින්දා සර් එයා ගොඩක් අයට කැමති නෑ හරි සැරයි අද එයා කැමති මිස් නැති හින්දා තමා මට එක්කන් එන්න උනේ"ලොකු සර් ඉන්නව කියල ගානක් නැතුව මං කියවගෙන ගියා



"අහ් ඒ කියන්නෙ චුටික්කි අපි දෙන්නට කැමති"




"වෙන්නැති"




"අපි යන්නම් සර් මං ඉතුරුව ෆැක්ස් කරන්නම්"




"හරි"සර් අමුතු විදිහට කිව්වා



"චූටික්කි බායි කියන්න මාමලාට"


මං කිව්වම කෙල්ල අත වැනුවා දෙන්නටම ඊට පස්සෙ චූටික්කි කරපු දෙයින් මට උන් හිට් තැන අමතක උනා එයා මගෙ අතේ ඉදන්ම ලොකු සර් දිහාවට නැවිලා ලොකු සර්ට කිස් එකක් දුන්නා


සරුත් කම්ෆියුස් උනත් සර් හිනාවෙලා කෙල්ලට කිස් එකක් දුන්නා



මං චූටික්කිවත් තුරුල් කරන් ඔෆිස් එකෙන් එලියට බැස්සෙ පුදුමාකාර බයෙන් චූටික්කි මෙච්චර කල් මට විතරයි ලං උනේ ඒත් ලගකදි ඉදලා අනේ මට තේරෙන්නෙ නෑ




ඊලග දවසෙත් මං සුපුරුදු විදිහට චූටික්කිව ෆ්‍රී ස්කූල් දාලා වැඩට ආවා සර් අද මට කෑගැහුවෙ නෑ කට්ටිය මං දිහා බලන් කුසු කුසුව අයේෂා නම් මං ගැන විස්තර දන්න හින්දා මං ලගටම වෙලා ඉදියා


📞..................


"සහන්‍යාට ඇවිත් අද මීටින් එකේ ඩොකියුමන්ට්ස් ටික හදන්න"කියමින් සර් පෝන් එක කට් කලා


වෙනදට එයා මට කතා කරන්නෙ ඔය විදිහට නෙවේ හුඟක් නපුරු විදිහට මේ වෙනස හොදක්ද නරකක්ද ම්ට හිතා ගන්න බෑ



මං ඩොකියුමන්ට්ස් ටික පිලිවලට හදන්න උණා




"අහ් මගෙ කැබින් එකට එවන්න"සර් කාටදෝ කිව්වා



මං ඔලුව උස්සන්නෙ නැතුව වැඩ කලා




ක්‍රීන්



කවුරු හරි ආවද,කොහෙද මට මොකටද කියලා හිතල මං මගෙ වැඩේ කලා




"අම්මා"චූටික්කිගෙ කටහඩ ඇහෙද්දි මගෙ අත් ඉබේම නතර උනා මං හැරුණා නෙවේ ඉබේ හැරුණා ඇත්තටම මගෙ චූටික්කි ඇවිත් මං මුලින්ම දවසෙ චූටික්කිව බාරදුන්න ටීචර් එක්ක



දගලල දගලල මිස්ගෙ අතින් බැහැපු චූටික්කි මගෙ උකුලට පැන්නා



"මං දන්නෙ නෑනෙ අක්කා මෙහෙ වැඩ කරන්නෙ කියලා"මිස් කිව්වත් මං මුකුත් කියන මානසිකත්වයක නෙවේ ඉදියෙ




"මං නේහා මේ මගෙ ලොකු අයියා එයා අද කෑම දාලා ඇවිත් හින්දා ඒක දෙන්න ආවෙ යතීෂා මං එනකොට අඩන්න ගත්ත හින්දා එයාවත් එක්කන් ආව"නේහා මට අපැහැදිලි තැන් පැහැදිලි කලා




සර්ගෙ ඇස් චූටික්කි ලඟ මාත් චූටික්කි දිහා බැලුවා තප්පර ගානට මගෙ පණ ඩොකියුමන්ට්ස් වල පෑන් ඉරි ඇදලා



මගෙ සර්වාංගෙම රත් වෙන්න ගත්තා මං චූටික්කිව තදින් බදාගත්තා




කමෙන්ට් ඕනෙ ලමයි මේක සෝට් ඇන්ඩ් ස්වීට් නෙ

Massmello🎭🕊️

Report Page