She is my world

She is my world

Massmello 🎭🕊️
හදිසියෙ නොදන්වා මා දිවියට ආ මගෙ ප්‍රාණය ඇයයි

Short story


"අහ්..."




"සොරි"




"ඉට්ස් ඕකෙ"මං කිව්වෙ ටිකක් රවාගෙන වගේ



ඔයාල හිතනව ඇති මොකක්ද වෙන්නෙ කියල



මං ඔෆිස් එකේ ඉදන් එලියට එනකොටම කොහෙද යන කලු මාස්ක් කාරයෙක් මගෙ ඇගේ හැපුණා මනුස්සයා දාර සයිස් ඉතින් මෙ කූඹිච්චිට හුඟක් රිදුණා😪



📞...................


'ගඩොල් බාගයක් රිං වෙනව කොහෙන්ද බොලේ'මං වටපිටාව බැලුවා


පෝන් එකක් බිම තියේ අර තඩියගෙ ද කොහෙද මං පාත්වෙලා අතට ගත්තා



"මිස්"මගෙ කන ලගින් මොකෙක්ද කොදුරපු හින්දා බය උන මං අඩි දෙකක් පස්සට පැන්නා



"අහ් තමුසෙ"



"මිස් ඔය පෝන් එක දුන්නොත් හොදයි මට"මගෙ ඇගෙ හැප්පුණ තඩියා මාව ඇස්වලින් පිච්චෙන්න රවමින් කිව්වා



"ආ තියා ගන්න ගත්තෙ නෑ"මං පෝන් එක උගෙ අතින් තියලා හැරිලා ආවා ත්‍රීවිල් පාර්ක් එකට මේ හීල්ස් දෙක එක්ක හයියෙන් ඇවිදින්න බෑ




"අංකල් ජයකොඩි මාවතට"මං ත්‍රීවිල් එකක්ට නැගලා කිව්වා




'පොඩි එකී මං එනකම් බලන් ඇති'මට මතක් උනේ ඒ චූටික්කිගෙ මූණ අවු රස්නෙට දාපු දාඩිය මං සාරි පොටෙන් පිහ දාගත්තා



'දැන් තියෙන්නෙ චූටික්කිව මොන්ටිසෝරි එක්කන් යන්න මේ යක්ස කෙල්ල මං නැතුව ඉදීද දෙවියනේ'මං තනිවම හිතුවෙ චූටික්කිගෙ මුරණ්ඩුකම මතක් කරමින්



"තව ඇතුලට යන්න ඕනෙද මිස්"ත්‍රීවිල් අන්කල්ගෙ කටහඩට මං මේ ලෝකෙ සිහියට ආවා



"අහ් ඔතන්ං ඉස්සර කලු ගේට් එක ලඟ නවත්තන්න"




"මෙන්න අංකල් සල්ලි"මං අත් දෙකෙන්ම සල්ලි දුන්නා



"ඉන්න නොනා ඉතුරු විස්ස"




"ඒක්ත් අංකල්ට"මං හිනා වෙලා කිව්වා




"නොනාට ලැබෙන්න ඕනෙ වැඩි වැඩියෙන්"අංකල් කියද්දි මං හිනා වෙලා ගේට් එකෙන් ඇතුලට ආවා




"අම්ම අම්මා........."වැටි වැටි මගෙ දිහාට දුවන් එන චූටි දෝණි දිහා බලමින් මං හිතුවා




"ඇයි මැණික් කැටේ මගෙ"මං කෙල්ලගෙ කම්මුලක් සිපගනිමින් වඩාගෙන ඇහුවා




"අදත් වද දුන්නද අක්කෙ මෙයා"




"වෙනසක් නැ නංගි දැන් මට හුරුයි ඒක"




"අනේ මන්දා අක්කෙ මට මොකක් හරි උනොත්"




"අවකැපෙන කතා කියන්න එපා නංගා මං එහෙනම් යන්නම්"




"අහ් අක්කෙ මේ මුරුක්කු වගයක් පොඩි එක්කෙනාට දෙන්න"



"හරි නංගි"කට පුරා හිනා වෙලා අක්කා මුරුක්කු පාර්සල් එක ගත්තා




"චූටික්කි ඇයි නැන්දිට කැමති නැත්තෙ ඔයා"මං අහද්දි සද්ද්ස් නැතුව උරිස්සට ඔලුව තියන් ඉන්නව කෝලම මගෙ පණ ටික මේ



"අම්මිගෙ ඇගෙ දාඩිය මැණික මේ චොකෝ එක අරන් බහින්නකො අම්මි වොෂ් දාලා එන්නම්"මං කිව්වම කෙල්ල හිනා වෙලා ඔලුව වැනුවා




ගෙදර දොරවල් ඔක්කොම වහලා චූටික්කිව මගෙ කාමරෙන් තියලා ඒ දොරත් ලොක් කරල මං ගියේ නාගෙන එන්න



අද අලුත් දවසක් උදේ පාන්දර නැගිට්ට මං චූටික්කි ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැස්සා



මගෙ නම සහන්‍යා වීරකෝන් තලෙලු සමක් එක්ක මට තිබ්බෙ ක්‍රේල් කොන්ඩයක් මට අවුරුදු 24 යි චූටික්කිට අවුරුදු 3 යි ඔවු මායි චූටික්කියි නොහිතපු වයසක ලොකු කරදර ගොන්නකට මුහුණ දුන්නා



චූටික්කි ආස නිසා මුං කිරිබත් හදලා ලුණු මිරිස් හැදුවා




"අම්මේ....."ඔන්න මගෙ චන්ඩි කෙල්ල නැගිටලා අඩනව ටක් ගාල අත් දෙක සෝදගෙන ඇදි වතෙන් වතුර පිහදගත්ත මං චූටික්කිව වඩා ගත්තා




"බය උනාද මැණික"




"හ්ම්"කෙල්ල අම්මෙ කියනව වඩා එක වචනයක් කතා කරන්නෙ නෑ ඇයි කියලා ඩොක්ටර් කෙනෙක්ට පවා හිතා ගන්න බෑ




"චූටික්කි අම්මිට ආදරේනෙ අම්මි ඔෆිස් එකට ගිහින් එනකම් මේ ඇන්ටිලා එක්ක ඉන්නව නේද චූටි බබලා ඔෆිස් එක්ට ගෙනියන්න දෙන්නෙ නැනෙ මාමිලා"මං අහද්දි කෙල්ල මූණ බෙරිකරන් හා කිව්වා



"මේකෙ ඔයා ආසම කිරිබත් පැටියෝ ඔක්කොම කන්න යාලුවන්ටත් දීලා හාද"මං කිව්වා




"මිස් බය නැතිව ගිහින් එන්න යතීෂා ව අපි බලා ගන්නම්"




"අනේ බයක් නෑ මිස් හැබැයි මෙයා හරි මුරණ්ඩු කියන දේ අහන්නෙම නෑ මං එක්ක විතරයි ඉන්න ආස"



"මෙයාව අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි උනොත් අපි මිස්ට කෝල් කරන්නම් ඒත් මං හිතන්නෙ නෑ යතීෂා දගබබෙක් කියලා නේද ‍යතීෂා"කියමින් ඒ පොඩි මිස් චූටික්කිව වඩා ගත්තා මං හිතන්නෙ මගෙ වයසවත් නැද්ද කොහෙද ඒ ගෑණු ලමයට



"මං එහෙනම් ගිහින් එන්නම් අම්මි ඉක්මනට එන්නම් චූටික්කි"කියමින් මං කෙල්ලගෙ කම්මුලක් සිප ගත්තා



මං ඔෆිස් එක ගාවින් බහිද්දි වෙලාව 8.35 සර් මං ගැන දන්න හින්දා අවුලක් නෑ



"ගුඩ් මෝර්නින් සිරිල් අංකල්"




"ගුස් මෝනින් මිස් ඉක්මනට යන්න අද ඉන්නෙ පොඩි බොස් නොවේ ලොකු බොස්"




"කවුද සිරිල් අංකල්"




"පොඩි බොස්ගෙ අයියා ඒරොප්පෙ ඉදන් ඇවිත් තියෙන්නෙ ගේට්ටුව අරින්න පරක්කුයි කියලා මටත් බැනලයි ගියේ ලොකු බොස්"



"ඒකත් එහෙමද"කියමින් මං ඔෆිස් එක ඇතුලට අඩිය තිබ්බා


එක පාරට උඩින් පියාඹගෙන ආපු ෆයිල් එකක් වැදුනෙ මගෙ නලලෙ



"අයිසෙ මේවෑ බැලන්ස් ඔක්කොම වැරදී"




"Exscuse me සර්"වැටිච්ච ෆයිල් එකත් අරන් මං ඉස්සරහ ඇවිත් මට පිටුපාල ඉන්න කෙනාට කතා කලා



"ඒ පාර කවුද"මට බනිමින් මනුස්සයා මගෙ දිහාවට හැරුණා


එතකොට ඊයෙ මගෙ ඇගේ හැප්පිච්ච තඩියා ලොකු සර්ද




"තමුන් කවුද"




"එකවුන්ටින් මැනෙජර්"මං කියද්දි මනුස්සයා අප්පුඩි ගහමින් හිනා උනා



"මරු මරු මේකෙ උන් වැඩට එන වෙලාව"




"සොරි සර්"


"සොරි කිව්වට මගෙ අපතෙ ගිය කාලෙ මට ලැබෙනවද ඕයි බලනව තමුසෙලා හින්දා තමා මේකෙ ආදායම අඩු"


ඉතුරු කොටස් ඕනෙ නම් කමෙන්ට් දාන් යන්න

Massmello🎭🕊️


Report Page