Secret Marriage - 07

Secret Marriage - 07

ඕෂධී🌸✍

Chapter -6



🪭Chapter -7



උදේ කෑම ගන්න ගමන් මං අම්මටයි, තාත්තටයි, නංගිටයි ඊයේ වෙච්ච හැමදේම කිව්වා... තාත්තා විතර‍යි මගේ පැත්තට හිටියේ...


''ඔයාගේ කලබලේ තමා ආලියා මේ හැමදේටම මුල... මට නම් ඒ දරුවගේ කිසිම වැරැද්දක් පෙනුනේ නෑ... ''



''නැන්දම්මා එක විදියක් වගේ පෙනුනට මටත් මනමාලයාගෙයි එයාගේ තාත්තගෙයි කිසිම වරදක් පෙනුනේ නෑ... '' කියලා නංගි කියද්දි මං කාර් එකේ යතුරයි, හෑන්ඩ් බෑග් එකයි අරන් ගෙදරින් එලියට බැස්සේ,


''වැරැද්දක් නැත්තන් තමුසේ බැදගන්නවා... මට කසාද බදින්න මේ රටේ ලෝකේ මිනිස්සු නැතුව නෙවෙයි නේ... '' කියන ගමන්...



''දැන් කොහෙද යන්නේ ආලියා? ''



''වෙතාරා හම්බවෙන්න අම්මේ,ලංකාවට ඇවිත් සතියකුත් ඉවරයි තාම ඒ ලමයගේ ගෙදර ගියේ නෑ... ''



''ඔහොම ඉන්න අපිත් එන්නම්... '' කියද්දි තාත්තා,



''අපි යන්න ඕන නෑ, ඒ ලමයට තනියම යන්න දෙන්න සන්ධ්‍යා... '' කිව්වා...

තාත්තට හරි මාව තේරුම් යන එක ගැන මට මාර සතුටුයි... ඉතින් මං ආපහු ගෙදර ඇතුලට ඇවිත් තාත්තටත් කිස් එකක් දීලා, කේන්තියෙන් ඉන්න තාත්තගේ දෝණිටත් කිස් එකක් දීලා, පොඩි එකීටත් බායි කියලා ගෙදරින් ආවා...



මං අද උදේ තාරා පැටියවයි එයාගේ පැටියවයි බලන්න එනවා කියලා එයාගේ අලුත් ගෙදර ලොකේෂන් එකත් ඉල්ලගත්තා... වෙතාරා දැන් ඉන්නේ හස්බන්ඩ්ගේ ගෙදරනේ... එයාලගේ ගෙදර රෝල ඩෝ එක වහලා තිබ්බට සයිඩ් ගේට් එක අන්ලොක් කරලා තියන්නේ කිව්වා... තාරා පැටියට ගෙනාව දේවල් ටිකත් අත්දෙකෙන්ම අරගෙන ඒ ගෙදර ඇතුලට යද්දි දිලංක අයියා සෝෆා එකේ වාඩිවෙලා තේ බොනවා... එතනම බිම මගේ තාරා පැටියගේ පැටියා බෝනික්කෙක්ට ඇදුම් අන්දවනවා...



''ගුඩ් ආෆ්ටනූන් බියුටිෆුල් පීපල්ස්... ''



'' අලුත් මනමාලිට මාව දැන්ද මතක් වුනේ... ''



''ඔන්න ඉතින් බනින්න ගත්තා... අපේ අම්මා ගෙදරින් එලියට අඩියක් තියන්න දුන්නේ නෑ බ- බබා... ''

බං කියන්න ගියේ, ඒ වුනාට පුංචි ලමයෙකුත් ලග ඉන්නවනේ...



''ෆයිනලි අසංකි හැම වෙලේම කියන අපේ වෙඩින් එකට පොල්ල තිබ්බ බ්‍රයිඩ්ස්මේඩ්වත් හම්බවුනා,කොහොමද ආලියා නංගි? ''




''හොදත් නරකත් අතරමැද ඉන්නේ දිලංක අයියේ... අනික වෙඩින් එකට එනවා, මෙයා මට කලින් වෙඩින් එක කිව්වා නම්... ඒක නෙවෙයි දුව නම් ඔයා වගේමයි වෙතාරා... '' කියද්දි දිලංක අයියට බිබී හිටිය තේ එක හිරවෙලා දරුණු කැස්සක් හැදුනා... කොහොමහරි වෙතාරගේ පිහිටෙන් කැස්සත් හොද කරගත්ත දිලංක අයියා බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා...



''ඇයි අනේ, මොකද වුනේ? මං වැරදි දෙයක්වත් කිව්වද? '' අහද්දි වෙතාරා



''ඔව් කිව්වා, මගේ බබාට තාම මාස පහයි ආලියා... ''



''එතකොට මේ බබා කාගෙද? ''



''ඔය අල්ලපු ගෙදර අක්කගේ බබා... ඒ අක්කා පොඩි වෙලාවකට බබාව මෙහෙන් තියලා ගමනක් ගියා...''

යසයි! ඔය කරලා තියෙන්නේ ආලියා...



''මොනවා වුනත් ආලියා ඔයා හොද වෙලාවට වෙතාරා වගේ කිව්වේ, බැරිවෙලාවත් මං වගේ කිව්වා නම්- ''



''අනේ අයිම් සෝ සොරි දිලංක අයියේ.... '' කියලා ඉවරවෙනවත් එක්කම බබාගේ ඇත්තම අම්මා ගේට් එක ලගට ඇවිත් කතා කලා... වෙතාරම ගිහින් බබාව එයාගේ අම්මට භාරදීලා ආවා...



''දැන් කෝ ඔයාලගේ බබා... ''



''මං එයාට කිරි දුන්නා, දිලංක අයියගේ අම්මා එයාව නිදි කරවන ගමන් ඉන්නේ... '' කියද්දිත් පහල තිබ්බ කාමරයක් දිහාවින් නැලවිලි කවි ලාවට ඇහෙන ගමන් තිබ්බේ...



''ඉතින් කියන්නකෝ ඊයේ බලන්න ආව මනමාලයා කොහොමද? ''



''එයාව මට ගැලපෙන්නේ නෑ... ''



''මං කිව්වේ දිලංක අයියේ මෙයා හරිම කලබලයි කියලා... ''



''ඒ වුනාට බබා ආලියා බදින්න ඕන එයාට කැමැත්තක්, ආදරයක් ඇතිවෙන කෙනාව... ''



''අන්න ඒකම තමා අයියේ මමත් කියන්නේ... මනමාලයට හපන් එයාගේ අම්මා, හරියට ප්‍රේම දඩයමේ යාමිනි වගේ... නලළ මැද්දට ලොකු මොට්ටුවක් විතරයි අඩු... ඔයා මට ගිෆ්ට් කරපු ෆෝටෝ එක දිහා හොදට බලලා මං දිහා රවලත් බැලුවා... ''



''මලා! අර සර්ෆින් අවුට්ෆිට් එකෙන් ඉන්න එකද? හොද වෙලාවට ඇදුමේ උඩ විතරක් ෆොටෝ එකට වැදුනේ... ඇදුමේ යට ටිකත් හරියට වැදිලා තිබ්බා නම්, ඔයා මේ කිව්ව විස්තර වල හැටියට දවල්‍ට බත්වත් නොකා එයාලා ගෙදරින් යන්න තිබ්බා...''



''ඒ ෆොටෝ එකේවත් මගේවත් මොකද්ද තියෙන වැරැද්ද? කෙල්ලෙක් විදියට සර්ෆ් කරන එකද? එහෙම නැත්තන් අර වගේ ඇදුමක් ඇන්ද එකද? සර්ෆින් වලදි ඒ වගේ ඇදුමක් අදින්නේ නැතුව මට චීත්තයක් අදින්න කියලද කියන්නේ? ''



''හරි හරි අපි බලමුකෝ මෙයාගේ මනමාලයා කොයි වගේ කෙනෙක්ද කියලා... මට ඔයාගේ ෆෝන් එක දෙන්න බබා... '' කිව්ව වෙතාරා දිලංක අයියගේ අතේ තිබ්බ ෆෝන් එක අරගෙන එෆ්බී ඕපන් කලා... මංම තමා අරයගේ නමත් එෆ්බී එකෙන් සර්ච් කලේ, එයාගේ ප්‍රොෆයිල් එක උඩින් පල්ලෙන් බලපු වෙතාරා,


''පෙනුමින් නම් අවුලක් නෑ වගේ, ඒත් ඔයා කැමති නැත්තන් කරන්න දේකුත් නෑනේ... '' කිව්වා...



ඒත් එක්කම දිලංක අයියගේ අම්මා සාලෙට ආවේ,

''ආ මෙයාටද එතකොට ආලියා කියන්නේ... '' කියලා අහන ගමන්...



''ඔව් ආන්ටි, ආන්ටිගේ නම? ''



''මං නර්මදා... ඔය හෙයා කලර් එක ඔයාට හරිම ලස්සනයි... ''



''තැන්ක් යූ සෝ මච් ආන්ටි... ''



''දුව, මං චූටි දෝණිව නිදි කලා... ඔයා කැමති නම් යාළුවත් එක්ක එලියට ගිහින් එන්න.... ඇහැරුනොත් මං නලවගන්නම්...''



ටික වෙලාවක් කල්පනා කරපු තාරා පැටියා,

''කමක් නැද්ද අම්මේ? '' කියලා අහද්දි නර්මදා ආන්ටි,



''කමක් නෑ දරුවෝ, ඔය ලමයා මේ ගෙදර අස්සටම වෙලා ඉන්න හින්දා ගිහින් එන්න... අද දිලංකත් ඉන්නවනේ...'' කිව්වා... මං නම් කියන්නේ කෙල්ලෙක්ට ලැබෙන්නම ඕන මේ වගේ සපෝර්ටිව් නැන්දම්මෙක්ව...


වෙතාරා ලෑස්ති වෙලා ආවට පස්සේ අපි දෙන්නා එලියට ආවේ මගේ කාර් එකේ...

''නර්මදා ආන්ටි හරි හොදයි නේද?''



''අනේ ඔව් ආලියා, මගේ වාසනාවට තමා ඒ වගේ කෙනෙක් හම්බවුනේ... මං ඉස්සර ඉදන්ම හිතුවේ එයාත් හැමෝම කියන ජාතියේ නපුරු නැන්දම්මෙක් වෙයි කියලා... ඒ වුනාට එහෙම නෑ, එයා එයාගේ වැඩ සේරම තනියම කරගෙන මට ගෙදර වැඩ වලටත් උදව් වෙනවා... ''



''දිලංක අයියට තව අයියෙක් හරි මල්ලියෙක් හරි නැද්ද මට මැරි කරන්න, එතකොට අපිට නෑනලා වෙන්නත් පුළුවන්... ''



''එහෙම හිටියා නම් ඔයා කියන්නත් කලින් මං ඒ වැඩේ කරලා... දිලංක අයියට ඉන්නෙත් අක්කා කෙනෙක් නේ, දෙන්නම ඉංජිනියර්ස්ලා...''



කතාවෙන් කතාව අපි ආවේ කොළඹ පෝට් සිටි එකට...දවල්ට කෑම කාලා ටිකක් හවස් වෙනකන් ඕපදූප කතා කරලා තාරා පැටියා කැබ් එකක් දාගෙන ගෙදර ගියා... මං විතරක් ඉර බැහැලා යන්නකන් එතනට වෙලා හිටියා... මොනවා කරන්නද වෙතාරා අම්මා කෙනෙක් නිසා ඉස්සර වගේ අපි දෙන්නට ටයිම් අරන් ඩේ අවුට් යන්න විදියක් නෑ...



පෝට් සිටි එකෙන් එලියට එන්න කලින් මං මගේ පරණ යාළුවෙක්ට මැසෙන්ජර් කෝල් එකක් ගන්න හිතුවා... එයාගේ නම මේනුක රාජපක්ෂ... නෑ නෑ මහින්ද මහත්තයගේ නෑයෝ නෙවෙයි, මේනුකගේ මුළු පවුලවම කැපුවත් කොල කියාගත්ත ගමන් ඉන්නේ... දවල් අචින්තගේ ප්‍රොෆයිල් එක චෙක් කරද්දි මං දැක්කා මේනුකත් අචින්තගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියලා... සමහරවිට ඒක වෙතාරා දැක්කේ නැතුව ඇති...



''හෙලෝ මේනුක, මං ආලියා... ඔයාට මාව මතකයිද? ''



'' ස්කූල් එකේ මගේ එහා පැත්තේ හිටපු එකාගේ තොල පැළුව ආලියා වැනීස්ව එහෙම අමතක වෙන්නේ නෑ... මොකෝ ආෆ්ටර් ලෝන්ග් ටයිම් මාව මතක් වෙලා... ''



''අපිට වඩා වැඩිමල්, අචින්ත දුලාජ් පෙරේරා කියලා කෙනෙක්ව ඔයා දන්නවද? මං දැක්කා එයා ඔයාගේ එෆ්බී ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා...''



''ඔය කියන එකා ගැන තව පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න... ''



''මැරි කරලා නෑ, හැබැයි මනමාලියෝ සෑහෙන්න ප්‍රමාණයක් බලන්න ගිහින් තියෙන කෙනෙක්'' 



''ආ මං දන්නවා... මෑන් මගේ වයිෆ්ගේ කසින් කෙනෙක්... ''



මං මේනුකට වෙච්ච දේවල් කෙටියෙන් කියලා අන්තිමට, '' පුළුවන් නම් මට එයා ගැන විස්තරයක් හොයලා දෙන්න මේනුක... අනික් එක අපි මේක ඔයාගෙයි,මගෙයි, ඔයාගේ වයිෆ් අතරෙයි විතරක් තියාගමු... '' කිව්වා...



''මට විස්තර හොයාගන්න ටික දවසක් දෙන්න ආලියා... ''



'' ඔයා ලංකාවේ නේද ඉන්නේ? ''



''මව්බිම දාලා කොහේ යන්නද ආලියා... '' 



''විස්තරයක් හොයාගෙන කියන්නකෝ, අපි ඒ ගැන මීට් වෙලා කතා කරමු... වයිෆ්වත් එක්කගෙන එන්න... ''



''හරි, බායි... '' කියලා මේනුක කෝල් එක කට් කරලා එයාගේ ෆෝන් නම්බර් එක මැසේජ් කලා...

මං අහලා තියෙන විදියට මනමාලිගේ තොරතුරු මනමාලයගේ පැත්තෙන් තමා හොරෙන් හොයලා බලන්නේ... ඇයි දන්නේ නෑ මට මේ මනමාලයා ගැන එහෙම කරලා බලන්න හිතුනා...



ආපහු ගෙදර එන අතරේ ගූගල් අක්කා පෙන්නපු ශෝට් කට් එකකට මං කාර් එක හැරෙව්වේ මේන් රෝඩ් එකේ ට්‍රැෆික් කියලා පෙන්නපු නිසා... කොළඹ වුනත් ඒ පාර හරිම පාළුයි, හිතට දැනෙනන අමුත්ත නිසාම මං කාර් ස්පීඩ් එක ටිකක් වැඩි කලත් එක පාරට ලග තිබ්බ තවත් පාරකින් මනුස්සයෙක් දුවගෙන ආව නිසා මට,

බ්රාස්! සද්දෙන් බ්‍රේක් පෑගෙද්දි ඒ මනුස්සයා,

දඩස්! ගාලා මගේ කාර් බොනට් එක උඩට වැටුනා...


වෙච්ච දේ නිසා මං තත්පර දෙක තුනක් විතර ශොක් වෙලා කාර් එක ඇතුලට වෙලා ඉද්දි අර මනුස්සයත් බොනට් එක උඩ එහෙම්ම වැටිලා ඉන්නවා හෙලවීමක්වත් නැතුව... මගේ අතින් මර්ඩර් එකක්වත් වෙලාදෝ කියන සැකේ ආවත් මං මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න හිත හදාගෙන කාර් එකෙන් බැස්සා... ලග පාත මනුස්සයෙක්, ගෙයක්, බිල්ඩින් එකක් තියා නකුටු බල්ලෙක්වත් නෑ... ශෝට් කට් පාරක් කියලා මං තාමත් ඉන්නේ කොළඹද එහෙම නැත්තන් වන්නියකද කියලත් හිතෙනවා... ඇක්සිඩන්ට් වෙච්ච කෙනා පිරිමියෙක් වුනත් එයාගේ මූන හරියට පේන්නේ නෑ එයා බොනට් එක උඩ වැටිලා ඉන්න විදියට... ඉතින් මං හිමින් ඒ මූන හරවගද්දි ඒ හිටියේ, කළු කුමාරයා!

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭

කිරි කෝඩු මගේ

නිදි ගැට බින්දේ

කවුරු ඇවිල්ලා ගියේ…

මන ලෝල වෙතා

මනමාල කතා

රෑ නින්ද තමා දන්නේ…🧛🏻




08 කොටසින් හමුවෙමු...


මගේ චැනල් එකට 👇

https://t.me/OshadieS

මම ඕෂධී...✍️

Report Page