Secret Marriage - 06

Secret Marriage - 06

ඕෂධී🌸✍

Chapter -5



🪭Chapter -6


අම්මයි තාත්තයි පහලට ගියාට පස්සෙ මමයි නංගියි ඇවිත් උඩ තට්ටුවේ ලිවින් ඒරීයා එකේ තිබ්බ සෝෆා එකෙන් වාඩි වුනා... ඒත් එක්කම ආව ෆෝන් කෝල් එක නිසා නංගිත් මාව තනි කරලා එයාගේ කාමරේට ගියා... මං බැල්කනියෙන් පහලට පැනලා ගෙදරින් එලියට දිව්වොත් මාව ආයේ ගෙදරට ගන්නේ නැති වෙයිද දන්නේ නෑ... ඒ අස්සේ මට ඇහෙනවා පහල කට්ටිය ආ ගිය තොරතුරු කතා වෙනවා... ඒවා ඇහෙද්දි මට මතක් වුනා මීට අවුරුදු ගාණකට කලින් ස්කූල් එකේ සිංහල මිස්ගේ කටේ බලේට බලපු නරි බෑණා ඩ්‍රාමා එකේ දෙබස් වගේකුත්... නාට්‍ය අන්තිම හරියෙදි කියන්නේ,


''බලන් අපි උන්නේ එහෙන් එනකන් නේ, මෙහෙන් ඉදගන්න''

''බුලත්මද කන්නේ සුරුට්ටුද බොන්නේ? ''

''මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටෑ '' 

''අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න... '' කියලා... 



ඊට සමාන දෙබස් ටිකක් තමා පහලත් කට්ටිය කතා වෙන්නේ... දැන් මං මොකක් හරි මෝඩ වැඩක් කලොත් අපේ අම්මත් සමහරවිට ගමහාමිනේ වගේ කියයි,

''තෝව දෙන්නෙත් නරියටයි... '' කියලා... 



කොහොමහරි ටික වෙලාවක් වැඩිහිටියෝ ආ ගිය තොරතුරු කතා කරලා අන්තිමේදි කතාව මනමාලයා පැත්තට හැරුනා... ඒකත් අපේ තාත්තා මනමාලයා ගැන ප්‍රශ්න කරපු නිසා... 


''මේ පුතා විතරයිද ඉන්නේ? '' 



''ඔව් අපිට ඉන්න එකම දරුවා... එකා යකා නොකරගෙන අපි ඇහේ තියාගෙන මෙයාව හැදුවේ... ''

නෙදකින් විතරක්, ලමයින්ව ඇහේ තියාගෙන හදන්න ඕන... එහෙමයි කියලා කොල්ලොන්වත් කෙල්ලොන්ව වගේ ගෙවල් වලින් හිර කරන එක මට අනුව අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... ලමයින්ට පුංචි කාලේ ඉදන් නිදහස දෙන්න ඕන, හැබැයි එයාලට නොතේරෙන්න අම්මලා තාත්තලා එයාලා ගැන හොයලා බලන්නත් ඕන... හරියට අපේ ගෙදර වගේ... මං මෙච්චර කියෙව්වට අර කොල්ලා සිරිමත් කෙනෙක් නොවෙන්නත් පුළුවන්... ගොඩාක් වෙලාවට අම්මලා ලමයින්ගේ වැරදි සුද්ද කරනවා... අනේ ඒකට අපේ අම්මා, ඉස්සර පේරේන්ට්ස් මීට්න් වලට එන්නෙම ''ආලියා දග වැඩ කලාද ටීචර්? වැරැද්දක් කලොත් අනිවාරෙන් ගහන්න ටීචර් අපි මුකුත් කියන්නේ නෑ...'' කියාගෙන... 



''එතකොට මේ පුතා ඩිග්‍රි එකක් කම්ප්ලීට් කරලද ඉන්නේ? '' ආයෙමත් අපේ තාත්තා... 



''අපේ පුතා ඒ ලෙවල් කොමස් වලින් ලංකාවේ අනූ අටවෙනියා... ජයවර්ධනපුර කැම්පස් එකේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා දැන් චාටඩ් අකවුන්ටන්ට් කෙනෙක් නේද පුතේ? '' 

මොන මගුලක්ද බං මනමාලයගේ කටේ පිට්ටුද ඒකාගේ අම්මා විතරයි නේ කියවන්නේ... 

''මේ දුව නම් ප්‍රයිවට් කැම්පස් එකකින්ලු නේද ඩිග්‍රි එක අරන් තියෙන්නේ... '' ඒක නම් කිව්වේ ඩිසපොයින්ට් වෙච්ච වොයිස් එකකින්... 



''ඔව්... එයා ඒ ලෙවල් නියමිත අවුරුද්දට කලින් ලියලා, ජොබ් එකක් කරන්න ගත්තා... ඒ අතරෙදි තමා ***** කැම්පස් එකේ ඩිග්‍රි එක කම්ප්ලීට් කලේ... '' 



''මං මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා මහත්තයා, ඔය ප්‍රයිවට් කැම්පස් වලට වඩා රජයේ කැම්පස් වලට තමා තැන තියෙන්නේ... අද කාලේ ඉතින් හැමතැනම ප්‍රයිවට් කැම්පස් නේ... '' 

ඔව් ඔව් රජයේ කැම්පස් වලට තමා තැන තියෙන්නේ... නැතුව ඒ මනුස්සයගේ ඩිග්‍රියට, අනික් education qualifications වලට නෙවෙයි... මං මේ කල්පනා කරන්නේ මේ වගේ හිතන මිනිස්සු තව ලංකාවේ කොච්චර ඉන්නවා ඇතිද කියලා... කැම්පස් එක රජයෙද ප්‍රයිවට්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ, දෙකෙන් කොයිකට ගියත් තමන් දැනගන්න ඕන ජොබ් මාකට් එකට ගැලපෙන ඩිග්‍රියක් තෝරගන්න... මේ ලංකාවේ ඕන තරම් කට්ටිය ඉන්නවා රජයේ විතරක් නෙවෙයි ප්‍රයිවට් කැම්පස් ගිහිල්ලත් තමන්ගේ ඩිග්‍රියට ගැලපෙන රස්සාවක් නැති... සමහරු හිතන් ඉන්නේ ප්‍රයිවට් කැම්පස් කියන්නේ සල්ලි ගෙව්වාම එක්සෑම්, අසයිමන්ට් නොකර ඩිග්‍රිය නිකන්ම අපේ අතට ලැබෙනවා කියලා... 



''පුතා කොහෙද දැන් ජොබ් එක කරන්නේ? ''



''එයා දිසාසේකර ගාමන්ට් එකේ වැඩ කරන්නේ...'' 

මොන හු- මනමාලයට කතා කරන්න බැරිද යකෝ ඔක්කොටම ඒකාගේ අම්මාම උත්තර දෙන්නේ... ඉස්සර මමත් ඔහොමයි බෙහෙත් ගන්න ගියාම... ඩොක්ටර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ අම්මා... කොහොමහරි දිසාසේකර ගාමන්ට් කියන්නේ මං ඊයේ ඉන්ටර්වීව් ගියපු දිසාසේකර ග්ෲප් එකේ තවත් එක බිස්නස් එකක්... එයාලට තව බිස්නස් එකක් තියෙනවා වේඝ ලොජිස්ටික් කියලා... කොස්මෙටික් ඇන්ඩ් ගාමන්ට් නම් ෆැෂන් පැත්තට සම්බන්ධයි කියමුකෝ... ඒත් ලොජිස්ටික් කියන්නේ වෙනම ෆීල්ඩ් එකක්... 



''ආ දිසාසේකරලා ඉස්සර ඉදන්ම හොදට බිස්නස් කරගෙන ආව අය තමා...'' කියලා තාත්තා කිව්වේ එයාටත් ගාමන්ට් ෆීල්ඩ් එක ගැන තේරෙන නිසාම වෙන්න ඇති... ඔන්න ඊළගට ඇහෙන්න ගත්තා තවත් පිරිමි කටහඩක්... 



''නැතුව නැතුව, හැබැයි ඉතින් අදටත් හොයාගෙන නෑනේ දිසාසේකර මහත්තයවයි නෝනාවයි මරලා දැම්මේ කවුද කියලා... අපරාදේ හරිම හොද මිනිස්සු... ''



''ඒ කාලේ ඉතින් යුද්ධ කලබලයි, පාතාල ප්‍රශ්නයි තිබ්බ කාලයක්නේ මහත්තයා... ඔය වගේ දේවල් සිද්ධවුන එකම මිනිස්සු දෙන්නා ඒ දෙන්නා නෙවෙයි නේ... රණවිරුවොම කී දෙනෙක්ගේ බොඩීස් අදටත් හොයාගෙන නැද්ද? '' 



''ඔව් ඉතින්, ඊට පස්සේ දිසාසේකර පුතාත් ඇමරිකාවේ ඉන්න නෑයෝ ලගට ගිහින් දැන් එහෙන්ම කසාදයක් කරගෙන දරුවෝ හදාගෙන ජීවත්වෙනවලු... මං හිතන්නේ ඒ පිරිමි ලමයා නම් අපේ පුතාට වඩා ගොඩාක් වැඩිමල්... '' ඒ කියන්නේ මෙච්චර වෙලා කතා කරපු අනික් පිරිමි කටහඩ මනමාලයගේ තාත්තගේ... 



ඒත් එක්කම අපේ අම්මා,

''මං දුවව එක්කගෙන එන්නම්... '' කියද්දි මගේ හාට් එක ගැහෙන වේගේ එන්න එන්නම වැඩිවුනා... තව විනාඩියක් යන්නත් කලින් අපේ අම්මා මං ඉස්සරහා... 



''ආලියා කියලා දුන්න දේවල් මතකයි නේද? '' 



''ඔව් ඔව්... '' කියද්දි නංගිත් එයාගේ ෆෝන් කෝල් එක ඉවරවෙල කාමරෙන් එලියට ආවා... 



ඊට පස්සේ ඉතින් මං මගේ ජීවිතේ අතිශය ප්‍රථම වතාවට ගෙදර පඩිපෙල හෙමින් හෙමින් බැස්සේ හෙප්පුව දිහා බලාගෙන... ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වෙලාවේ මගෙන් පනින්න එන හිනාව මං බොහොම අමාරුවෙන් කාගෙන හිටියේ... ඊට වඩා හපන් රෙද්ද පැටලිලා බිම පතබෑවුනොත්... ඇවිත් හිටියේ මනමාලයයි එයාගේ අම්මයි, තාත්තයි, කපු අංකල් කෙනෙකුයි විතරයි... එක අතකට ඒකත් හොදයි මනමාලයගේ අම්මගේ මූන දැක්කාම කියන්න පුළුවන් මං එයාගේ ලේලි විදියට ජීවත්වෙන එක ලේසි වෙන්නේ නෑ කියලා... ඊයේ පුරුදු වෙච්ච විදියටම හෙප්පුව මනමාලයා අතට දීලා මං ආචර කරද්දි එයා හෙප්පුව අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා මට ආචාර කලා... මනමාලයගේ පෙනුමේ කියන්න කිසිම වැරැද්දක් නෑ... මං ගිහින් තාත්තගේ එහා පැත්තේ පුටුවෙන් වාඩිවෙද්දි මනමාලයගෙ අම්මා,


''මේ ඉන්නේ නංගි වෙන්න ඇති නේද? ඔයා මොනවද කරන්නේ දුව? '' කියලා නංගිගෙන් ඇහුවා...



''මෙඩිකල් ස්ටුඩන්ට්, කැලණිය යුනිවර්සිටි... '' 



''ආ කොච්චර හොදයිද ඩොක්ටර් කෙනෙක් පවුලට ඉන්න එක... අපිත් මෙච්චර කාලෙකට හෙව්වේ හොද වැදගත් පවුලකින් ලේලියෙක්ව... ''

මං මේ සිරාවටම කියන්නේ මට කවදාහරි පුතෙක් හිටියොත් මං එයාට හොයාගන්න කියන්නේ හරි හොයලා දෙන්නේ හරි ලේලි කියන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි දුවේ කියලා කතා කරන්න පුළුවන් කෙල්ලෙක්ව... 



''අපි මේ දෙන්නට ටිකක් නිදහසේ කතා කරන්න දෙමු නේද? එයාලට එයලාව අදුරගන්නත් ඉඩදෙන්න එපැයි... ඔයාලා දෙන්නා එලියට ගිහින් කතා කරලා එන්න පුතේ... '' කියලා අපේ අම්මා කියද්දිත් මනමාලයා නැගිටලා ඉවරයි... මෙයාට නම් මනමාලියෝ බලන්න ගිහින් හොදට එක්ස්පීරියන්ස් තියෙනවා වගේ... 



මමත් පුටුවෙන් නැගිටලා ඒයාගේ පිටිපස්සෙන් අපේ මිදුලටම යද්දි එයා නතර වුනේ තාප්පේ ලගට වෙන්න තිබ්බ ලොකු සල් ගහ යට බංකුවෙන්... එක වසරේ සිංහල පොතේ තිබ්බලු අමරයි, නයනයි සල් ගහක් යට මල් කඩපු කතාවක්... මටත් කිව්වේ ගවර්මන්ට් ස්කූල් ගියපු යාළුවෙක්, අපිට ඕවා තිබ්බේ නෑනේ ඉතින්... 



''මේක ගොඩාක් පරණ සල් ගහක් වෙන්න ඇති නේද? ''



''වොහ්! ඔයාට කතා කරන්නත් පුළුවන් නේද? ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔව්... '' 



''කලින් කතා කලේ නැත්තේ වැඩිහිටියෝ ඉස්සරහා කතා කරන එක හරි නැති නිසා... ''

මට අද නාට්‍ය දෙබස් මතක් වෙනවා වැඩි අප්පා... මායා ෆිල්ම් එකේ කෙල්ල පුබුදුගෙන්,

''ඔයා හනිමූන් එකටවත් තනියම එනවා නේද? '' කියලා ඇහුවා වගේ මටත් මේකාගෙන් ඒකම අහන්න හිතෙනවා... නෑ නෑ පිස්සුද ආලියා උබ මේ වගේ කෙනෙක් එක්ක හනීමූන් යන්න ඕන නෑ... 



''මං ආලියා, ඔයා අචින්ත... ඈම් අයි රයිට්? ''



''යෙස් '' 



''බොරු කියන්න, අමුතුවෙන් හුරතල් වෙන්න ඕන නෑනේ... මං ඔයාලා පහල කතාවෙච්ච දේවල් උඩට වෙලා අහගෙන හිටියේ...'' 



''ඔයා ගැනත් විස්තර ගොඩාක් කපු මහත්තයා මෙහේ එන්න කලින් කිව්වා... හැබැයි එයා පෙන්නපු ඔයාගේ ෆොටෝ එකේ හෙයා කලර් එක බ්ලැක්... '' 



''ඒක මගේ නැචුරල් කලර් ඒක... හිතේ තියෙන ආසාවට කලර් කලේ... ''



''ඔයා මේ දවස්වල ගෙදරට වෙලා නිකන් ඉන්නවද? '' 



''ඔව්, හැබැයි මං ඉක්මනින්ම ආපහු ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නේ... ''



''මං කැමති ඔයා මැරේජ් එකෙන් පස්සෙ ජොබ් එකක් කරන්නේ නැත්තන්... ''



''ඒක ඔයාගේ කැමත්තට නෙවෙයි මගේ කැමැත්තට වෙන්න ඕන දෙයක්... අනික මං ජොබ් එකක් කරන්නේ නැතුව කොහොමද මගේ අම්මටයි, තාත්තටයි සලකන්නේ... ඔයාගේ පඩියෙන් එයාලවත් බලාගන්නවද? ''



''මගේ අම්මත් මැරේජ් එකෙන් පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ඒකයි මං ඔයාට එහෙම කිව්වේ... ''



''Stop this nonsense... මං ඔයාගේ අම්මා නෙවෙයි නේ, කවදාවත් ඔයාගේ අම්මව වයිෆ් එක්ක කම්පෙයා කරන්න යන්න එපා... ඒක මහ ලැජ්ජ නැති වැඩක්... අනික අපි තාම මැරි කරලත් නෑ, ඔයා මාව බලන්න ආපු කෙනා විතරයි... අපි දෙන්නා හම්බවෙලත් තාම පැයක් ගිහින් නෑනේ... ''



''.................''



''මම නම් අවුරුදු ගාණක් රට හිටපු හින්දා මැරේජ් එකක් ගැන හිතුවේ නෑ... හැබැයි මට දැන් හිතාගන්න පුළුවන් වයස අවුරුදු තිහ පැනලත් ඔයාට කසාදයක් කරගන්න බැරිවුනේ ඇයි කියලා... ''



''ඇයි? ''



''ඔයාගේ අම්මලගේ කාලේ වෙනයි මේ කාලේ වෙනයි... ඒ කාලේ කෙල්ලො කසාදෙන් පස්සෙ හස්බන්ඩ් කියන දේවල් අහගෙන හස්බන්ඩ්ලගේ අණ යටතේ ජීවත්වෙලා හිටියට අද කාලේ ඒ දේවල් වෙනස්... ගොඩාක් ගෑනු ලමයි කැමති මැරේජ් එකෙන් පස්සේ වුනත් මැරි කරන්න කලින් තිබ්බ නිදහස ටිකක් හරි විදින්න, තමන් හම්බකරන සල්ලි තමන් ආස දේවල් වලට වියදම් කරන්න... ඔයා මැරේජ් එකෙන් පස්සෙ එයාලව කොටු කරන්න හදනකොට කෙල්ලො අකැමති වෙන එක අහන්නත් දෙයක්ද... ''



''ඔයා ෆෙමිනිස්ට් කෙනෙක්ද? ''



''හහ්! මට හිතුනා ඔය ගොන් ප්‍රශ්නේ අහයි කියලා... ''



''ඒක ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? '' 



''රියල් ෆෙමිනිස්ට් කෙනෙක් කවදාවත් මං ෆෙමිනිස්ට් ගගා වැලලෙන්නේ නෑ, තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා මිසක්... මං අද මේ වැඩේට කැමති වුනේ අම්මගෙයි තාත්තාගෙයි හිත රිද්දන්න බැරි නිසා... මං හිතන්නේ අපි දෙන්නා ගැලපෙන්නේ නෑ, ඒක තමයි ඇත්ත... ඔයා ඒක ඔයාගේ ගෙදර අයට තේරුම් කරලා දෙන්න මං අපේ ගෙදර ගැන බලාගන්නම්... පුළුවන් නම් මං කිව්ව දේවල් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ආයෙමත් මනමාලියෙක් බලන්න යන්න... මට තේරෙනවා ඔයා අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි කියලා, හැබැයි ඒ දෙන්නට තියෙන තැනට කවදාවත් වයිෆ්ට එන්න බෑ කියන එකත් තේරුම් ගන්න... ''



''මං ට්‍රයි කරන්නම් ආලියා... '' 



''අපි ආපහු ඇතුලට යමුද? ''



''හරි යමු... ''



පෙරේදා අපි පරණ ෆැමිලි ෆොටෝ එක බිමින් තියලා, එතනින් ලගදි ගත්ත ෆැමිලි ෆෝටෝ එක එල්ලුවා... අපි ආපහු ඇතුලට එද්දි මනමාලයගේ අම්මා අපේ බිත්තියේ එල්ලලා තියෙන ෆොටෝස් චෙක් කරනවා... මං එනකොට එයා බල බල හිටියේ තාරා පැටියා මට ගිෆ්ට් කරපු ෆෝටෝ එක දිහා... එක දිහාත් බලලා මං දිහාත් රවලා බලලා එයා ආපහු පුටුවෙන් වාඩිවුනා... ඔය රැව්වට ඒ හතරදෙනාම අපේ ගෙදරින් ගියේ දවල්ට කෑමත් කාලා අපේ අම්මගේ මල් පැල වලින් ඉති තුන හතරක් ඉල්ලගෙනමයි... ඒ මිනිස්සු ගියත් හරි,


''ඒ මනමාලයව මට ගැලපෙන්නේ නෑ... '' කිව්ව මං ආයෙමත් මගේ කාමරේට ආවේ සාරිය මගදි ගලවන ගමන්... වොශ් එකක් දාගෙන ඇවිත් පොතක් අරන් ඇදේ දිගාවෙච්ච පාර මට ඇහැරුනේ පහුවදා උදේ... 

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭

ආලියාට කලින් මට පෙරලිච්ච බාල්දිය තාම විසදුනේ නෑ ලමයි... ඒ නිසා ආලියාට පෙරලන්න හිටපු බාල්දිය ඊළග එපියෙදි පෙරලන්නම්.... ටික දවසක් යනකන් මගෙන් දිග එපි බලාපොරොත්තු වෙන්නත් එපා, ගොඩාක් තැන් වල අකුරු අඩුපාඩුත් තියේවී... ඊළග එපිය හෙට රෑට ඕන නම් රියැක්ට්, කමෙන්ට් දාගෙන යන්න අද පෝය දවසේ මට මෝටිවේෂන් එකක් විදියට ...


07 කොටසින් හමුවෙමු...


මගේ චැනල් එකට 👇

https://t.me/OshadieS

මම ඕෂධී...✍️


Report Page