Secret Marriage - 05

Secret Marriage - 05

ඕෂධී🌸✍

Chapter -4 



🪭Chapter -5



හොටෙල් එකෙදි ලෑස්ති වෙලා කම්පැණි එක ලගට එද්දිත් වෙලාව නවයයි තිහයි... කම්පැණි එකට ඇතුල් වෙච්ච ගමන් ඉස්සරහ බිත්තියේ ලොකුවට


JULIA COSMETICS

A Disasekara Group Company


කියලා කම්පැණි නේම් එක දම්පාට නියෝන් ලයිට් අකුරු වලින් එල්ලලා තියෙනවා... එතනම පහල මේසේ ඉන්න රිසිප්ෂන් කෙල්ල පුටුවේ කැරකි කැරකි කෝල් එකක...



''Excuse me, Good morning! '' කියද්දි අර කෙල්ල ෆෝන් එක කනෙන් ඈත් කරලා කවුද මල්ලි මේ වගේ ලුක් එකකින්,



''ඔව් මොකද්ද? '' කියලා ඇහුවා... අම්මපල්ලා මට මේ කම්පැණියේ එක දවසකට ඕනර් වෙන්න පුළුවන් නම් ඉස්සරවෙලාම මේකිව තමා අයින් කරන්නේ... රිසිප්ෂන් එකේ ඉන්න එකීම මෙතනට එන අයට රැස් පෙන්නනවා නම් හිතාගන්න පුළුවන් මේකේ ඉන්න අනික් අයගේ රැස් වල තරම...



''ඉන්ටර්වි- '' මට හරියට ආපු කාරණාව කියන්න වුනෙත් නෑ ආයෙමත් රිසිප්ෂන් ගර්ල්



'' ආ... ෆස්ට් ෆ්ලෝ...'' කියන ගමන් මට ලිෆ්ට් එක දිහාව පෙන්නුවේ ආපහු ෆෝන් එක කනෙන් තියාගන්න ගමන්...



''තැන්ක් යූ! '' කියලා ලිෆ්ට් එක දිහාවට එද්දි මට ඇහුනා අර කෙල්ල කියනවා,


''නෑ බබා අද ඔෆිස් එකේ ඉන්ටර්වීව් තියෙනවා, ඒකට උදේ ඉදන් කට්ටිය එනවා අනේ... '' කියලා... ඒ කිව්ව විදියට මං හිතුවේ ෆස්ට් ෆ්ලෝ එක පිරෙන්න ඉන්ටර්වීව් ආපු අය ඇති කියලා... ඒ වුනාට මං ෆස්ට් ෆ්ලෝ එකට යද්දි ලොකු සෝෆා එකක හතර දෙනෙක් විතරයි වාඩිවෙලා හිටියේ...



''Excuse me! ඉන්ටර්වීව් පටන්ගත්තද? '' කියලා එතන හිටපු ලේඩි කෙනෙක්ගෙන් අහද්දි එයා මාව උඩ ඉදන් යටටම ස්කෑන් කරලා,



''මුලින් ආව කෙනාව නම් ඇතුලට ගත්තා... ඔයා මෙතන තියෙන ෆෝම් එක ෆිල් කරලා ඇතුලට යද්දි අරගෙන යන්න... '' කිව්වේ ලොකු කොෆී ටේබල් එක උඩ තිබ්බ ෆෝම් කොල සෙට් එකක් පෙන්නලමයි...



ෆෝම් එකක් කියන්නේ ඒකේ අපේ බයෝ ඩේටා ෆිල් කරන්න තිබ්බේ... මං ෆෝම් එක ෆිල් කරලා ඉවරවෙද්දිම වගේ පලවෙනියට ඉන්ටර්වීව් ගියපු ලේඩි එලියට ඇවිත් ඊළග කෙනා ඇතුලට ගියා... අර ලේඩි ආපහු සෝෆා එකෙන් වාඩි වෙලා බෑග් එකෙන් වතුර බෝතලයක් අරන් උගුරු දෙක තුනක් බිව්වා... ඒත් එක්කම මෙතන හිටපු වෙන ලේඩි කෙනෙක් එයාගෙන් ඉන්ටර්වීව් එක ගැන විස්තර අහද්දි,

''අද එතන බෝඩ් එකේ මිස්ටර් මහේන්ද්‍රත් හිටියා... බය වෙන්න දෙයක් නෑ අපේ පර්සනල් ඉන්ෆොමේෂන්, ජොබ් එක්ස්පීරියන්ස් ගැන අහන්නේ... මං යනවා... '' කියලා අර ලේඩි නැගිටලා ලිෆ්ට් එකට ගියා...



ජොබ් වේකන්සි එක දැක්ක වෙලේ මං පොඩ්ඩක් කම්පැණි එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවා... ජොබ් ඉන්ටර්වීව් එකකට යනවා නම් අදාල කම්පැණිය ගැන විස්තර දැනගෙන යන එක හැම පැත්තෙන්ම හොදයි... මට ලැබුන විස්තර හරි නම් මිස්ටර් මහේන්ද්‍ර මඩුගල්ල කියන්නේ දිසාසේකර ගෲප් ඕනර්ගේ සෙකට්‍රි... මිස්ටර් මඩුගල්ල පෙනුමින් අපේ තාත්තගේ වයසේ කෙනෙක් කියන්න පුළුවන්...



විනාඩි ගාණකට පස්සේ අන්තිමේදි මගේ වාරේ ආවා... වීදුරු දොරත් ඇරගෙන මං ඉන්ටර්වීව් රූම් එකට ඇතුලට ආවේ මට තියෙන ලස්සනම හිනාවත් මූනට ආරූඪ කරගෙන,

''ගුඩ් මෝනින්! '' කියන ගමන්...


ඉන්ටර්වීව් බෝඩ් එකේ මිස්ටර් මඩුගල්ලට අමතරව තව ලේඩි කෙනෙකුයි, මේල් කෙනෙකුයි විතරයි හිටියේ... අර ලේඩිත් හිනාවෙන ගමන්,


''ගුඩ් මෝනින් ටේක් අ සිට්... '' කියද්දි මිස්ටර් මඩුගල්ල මං දිහා ටිකක් පුදුම වෙලා වගේ බලාගෙන හිටියා... මං ඒක වැඩිය හිතන්නේ නැතුව එයාලට ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා අර ෆෝම් එකයි මගෙයි ෆයිල් එකයි දුන්නා...


මිස්ටර් මඩුගල්ල මං දිහා අමුතුවට බලාගෙන ඉන්නකොට, අර ලේඩි මගේ ෆයිල් එක චෙක් කරද්දි අනික් මේල් මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා...

'' සෝ යු ආ(ර්)? ''



''ආලියා... ආලියා වැනීස් කොඩිකාර... ''



''ආර් යූ මැරීඩ්, සිංගල් ඕ(ර්) ඉන් අ රිලේෂන්ශිප්? ''



''අයිම් සිංගල් සර්... ''



ඒත් එක්කම මගේ ෆයිල් එක එයාගේ අතට ගන්න ගමන් මිස්ටර් මඩුගල්ල,

''ආලියා වැනීස් කොඩිකාර... මේ ලංකාව ඇතුලේ මං ඇහුව අන්කොමන් නමක්... '' කිව්වා...



''ආලියා කියන නම අම්මා තෝරපු නම, එයා හින්දි ෆිල්ම් ලවර් කෙනෙක්... වැනීස් කියන නම එකතු කරලා තියෙන්නේ මගේ තාත්තා වැනීස් city එකට ආස කරන නිසා... මගේ අම්මගේ වෙඩින් වේල් එකත් තාත්තා අරන් තියෙන්නේ ඉතාලියේ වැනීස් වලින්... ''

ශිට්! ඉන්ටර්වීව් එකට ඇවිත් කියෙව්වා වැඩිද මන්දා... මිස්ටර් මඩුගල්ලත් හිනාවෙන ගමන්,


''ඔයා උත්තරේ ගෙදරින්ම හදාගෙන ආවද?'' කියලා ඇහුවා...



''ඇත්තටම සර් මගේ නම මුලින්ම අහන හැමෝම වගේ ඔහොම රියැක්ට් කරන නිසා ඔය උත්තරේ තමා මං ඉස්සර ඉදන්ම දුන්නේ... ''



''මිස් ආලියා අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ... '' ඉන්ටර්වීව් බෝඩ් එකේ ඉන්න ලේඩි කිව්වා...



''මගේ නම ආලියා වැනීස්... මට වයස අවුරුදු විසි අටයි... මගේ පවුලේ හතරදෙනයි... අම්මා, තාත්තා, නංගි, මගේ නංගි කැළණිය යුනිවර්සිටි එකේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්... මං ඕ ලෙවෙල් වෙනකන් කොළඹ **** ඉන්ටර්නැෂල් ස්කූල් එකේ ඉගෙන ගත්තා... ඒ ලෙවල් ස්කූල් යන්නේ නැතුව ලියලා, මං **** කැම්පස් එකේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඩිග්‍රි එක කම්ප්ලීට් කලා... මම ලගදිම චාටඩ් එක්සෑම් එකත් කම්ප්ලීට් කරනවා... ''



ඊට පස්සේ ආයෙමත් මිස්ටර් මඩුගල්ල කතා කරන්න ගත්තා...


''ඕකේ! මට පොඩ්ඩක් කියන්නකෝ ලංකාවේ හොදම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිහින්, ලංකාවේ හොදම ක්ලෝතින් බ්‍රෑන්ඩ් කම්පැණි එකක වර්ක් කරලා, ජෝර්දාන්වලත් හොදම කොස්මෙටික් කම්පැණි එකක වර්ක් කරපු ආලියාට ඇයි මේ ඉන්ටර්වීව් එකට එන්න හිතුනේ... මං කියන්නේ ඔයා ගිහින් තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ගොඩාක් ලමයි ඉන්නේ ලංකාවෙන් පිට ඉගෙන ගන්න එහෙම නැත්තන් වර්ක් කරන අය... ඇරත් ජෝර්දාන් වල ඔයාගේ ජොබ් එකට ඔයාට හොද සැලරි එකක් හම්බවෙන්න ඇති... ''



''ජූලියා කොස්මෙටික්ස් කියන්නෙත් ලංකාවේ හොදම කොස්මෙටික් කම්පැණි එක නෙවෙයිද සර්? මේ ජොබ් පොසිෂන් එකට ගැලපෙන සැලරි එකක් ඔයාලා පේ කරන්නේ නැද්ද?''

කිව්වා නෙවෙයි කටින් පැන්නා... ඉස්සරහා ඉන්න තුන්දෙනාගේ මූන දැක්කාම කියන්න පුළුවන් මට දැන් කීයටවත් මේ ජොබ් එක හම්බවෙන්නේ නෑ කියලා... කමක් නෑ කරන්න රස්සාද ලංකාවේ නැත්තේ... නුගේගොඩ බේස් ලයින් පාරේ හිගාකෑවා නම් මේ සැලරියම සතියකට වතාවක් හොයාගන්න පුළුවන්...



''සොරි සර්, සොරි මිස් මං ටිකක් කලබල වුනා... ''



මගේ ෆයිල් එක වහලා මේසේ උඩින් තියන ගමන් මිස්ටර් මඩුගල්ල,

''කලබල වෙන්න හේතුවකුත් ඇතිනේ...'' කිව්වා... මං හොද හුස්මක් අරන් පහතදාලා මගේ දුක්බර අතීතේ කියන්න ගත්තා...



''මගේ තාත්තා ක්ලෝතින් බිස්නස්මන් කෙනෙක්... අපිට ලොකූ ක්ලොතින් ශොප් එකක් තිබ්බා කොඩිකාර ෆැෂන් කියලා... මීට අවුරුදු හයකට කලින් ශොප් එක ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාස වෙලා ගියා... ඒ කාලේ ලොකු ඇක්සිඩන්ට් එකක් නිසා මගේ තාත්තා ඇදට වැටුනා... සල්ලි ප්‍රශ්න නිසයි චාටඩ් එක්සෑම් මගින් නතර කරලා, ජොබ් එකෙන් අයින් වෙලා, මං ජෝර්දාන් ගියේ... එහෙම නැතුව ලංකාවෙන් යන්න තිබ්බ ආසාවට නෙවෙයි... දැන් ඒ ප්‍රශ්න ගොඩාක් දුරට විසදිලා නිසයි මං ආයෙත් ලංකාවට ආවේ... මොනවා වුනත් දුවෙක්ට හරි අමාරු දෙයක් ගෙදරින් ඈත්වෙලා ඉන්නවා කියන එක... ''



තත්පර දෙක තුනක නිශ්ශබ්දතාවයකට පස්සේ අර ලේඩි,

''ඕකේ මිස් වැනීස් අපි පොඩ්ඩක් මේ පොසිෂන් එක ගැන කතා කරමු...'' කියලා ආයෙමත් කතාව පටන් ගත්තා...


ඊට පස්සේ මගේ පර්සනල් දේවල් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා අපි වර්ක් ගැන ඔෆීෂියල් දේවල් විතරක්ම කතා කලා... සමහර තැන්වලදි ඔෆිස් ලේඩියි අනික් මේල් කෙනයි මගෙන් ප්‍රශ්න ඇහුවා... මිස්ටර් මඩුගල්ල විතරක් මුකුත් නොකියා හිටියා... මට හිතුනෙම එයා අමුතු විදියට මං දිහා බලන් ඉන්නවා කියලා...



''ඕකේ මිස් ආලියා... ඉන්ටර්වීව් එක ඉවරයි, ඔයාට දැන් යන්න පුළුවන්... අපි ඔයාව සිලෙක්ට් කරගත්තද නැද්ද කියලා තව සතියක් ඇතුලත ඊ මේල් එකකින් ඉන්ෆෝම් කරන්නම්... යන්න කලින් මිස්ට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න... ''



''ප්‍රශ්න මුකුත් නෑ... Thank you for this opportunity , Have a good day Sir, Madam... '' කිව්ව මං හෑන්ඩ්බෑග් එකයි ෆයිල් එකයි අරගෙන පුටුවෙන් නැගිට්ටා... හැබැයි දොරෙන් එළියට එන්න වුනේ නෑ මෙච්චර වෙලා කටපියාගෙන හිටිය මිස්ටර් මඩුගල්ල ආයෙමත් මට කතා කලා...


''මිස් ආලියා... ''



''යෙස් සර්... ''



''ඔයා අසංක, සසංක කියලා දෙන්නෙක්ව දන්නවද? ''



''නෑ සර්... ''



''හරි යන්න...'' කිව්ව ගමන් මං හා කියන්න වගේ ඔළුවත් හොල්ලලා පුළුවන් ඉක්මනට ලිෆ්ට් එක දිහාවට ආවා... අසංක, සසංක කිව්ව පලියට මං කොහොමද අනේ මිනිස්සුන්ව අදුරන්නේ? අඩුම ගානේ නමේ තව කොටසක්, වෙන මොකක් හරි අදුරගන්න දෙයක්වත් කියපන්... මං නෑ කියලා උත්තරේ දුන්නේ මේ අවුරුදු විසි අටටම ඔය නම් තියෙන දෙන්නෙක්ව ලගින් ආශ්‍රය කරලා නැති නිසා... කොහොමත් මං කතා කරපු විදියට මේ රස්සාව නම් ශුවර් කරන්න බෑ, සතියක් බලලා වෙන ඉන්ටර්වීව් එකකටවත් යන්න ඕන... එහෙම නැත්තන් අතීතෙට බම්බු ගහන්න කියලා රිතූ අක්කට කෝල් කරලා කලින් කම්පැණියටම යනවා...

.

.

.

.

මට තාමත් අදුරගන්න බෑ මිස්‍ටර් මහේන්ද්‍ර මඩුගල්ල මට ඊයේ දුන්න බැල්ම මොන වගේ එකක්ද කියලා... ඒක ඇවිල්ලා අර විසේ ගහපු සමහර නාකි ඩයල් කෙල්ලොන්ට දෙන ජාතියේ බැල්මකුත් නෙවෙයි... අනේ මන්දා ගෙදරටත් හොරෙන් ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහින් මං මගේ මයින්ඩ් එකට මොකක් හරි කරගත්තද කියලා... ඊටත් වඩා මගෙන් දන්නවද කියලා අහපු නම් දෙක...


''ආලියා! කිව්ව දේවල් අහගෙනද හිටියේ? ''



''මොකද්ද අම්මේ කිව්වේ? '' අහද්දි අපේ තාත්තගේ රාණි මුකර්ජි මට රැව්වා රැවිල්ලක්, ආයේ ඉතින් කියලා වැඩක් නෑ... අදනේ මාව බලන්න එනවයි කියන මනමාලයා එන්නේ... ඉතින් අපේ අම්මා මට දැන් පින්ක් කලර් සාරිය අන්දවන ගමන් ඉන්නේ...



''සොරි අම්මේ, ඔයා දන්නවද අසංක, සසංක කියලා දෙන්නෙක්ව... ''



''කවුද මේ ලේන් එකේ හිටපු ලමයි දෙන්නෙක්ද? ''



'' නෑ නෑ, නෙවර් මයින්ඩ් අම්මා... ''



''මං මේ ඔයාට කිය කිය හිටියේ අර මිනිස්සු ඉස්සරහා වීනීතව වැදගත් විදියට ඉන්න කියලා... වැඩිය කියවගෙන යන්න එපා, ඒ මිනිස්සු හිතයි රූපේ ලස්සන වුනාට කට වාචාල කෙල්ලෙක් කියලා... '' කියන ගමන් අම්මා සාරි පොට උරහිස උඩින් ගානට තියලා කටුවක් ගැහුවා... ඒත් එක්කම නංගි බුලත් හෙප්පුවත් අරගෙන මගේ කාමරේට ආවේ සින්දුවකුත් කියාගෙනමයි...


''කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ

දෙමාපියන් සෙවනේ....

නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන්

විද අමෝද සහනේ...

මංගල නැකතින් පෙම්බරයෙකු හා

හෙට මා පිටවෙනවා....

ඒ ගැන සිතනා මොහොතක් පාසා

දෙනෙත පිරි යනවා... ''



''ඕයි! අද ගෙදරට එන මනමාලයව මං හෙට කසාද බදින්නේ නෑ... ''



''ආලියා! වැඩිය කියවන්න එපා කියලා කට ගන්න වුනේ නෑ... ''



''ඉතින් අම්මේ මෙයානේ මගේ තරහ වැඩි කරන්නේ... ''



''ඒ වුනාට අක්කේ ඔච්චර බෑ කියලා අන්තිමේදි ඔයා එයාට උඩින්ම කැමති වෙයිද දන්නේත් නෑ... ''



''ඒවා කියන්න බෑ චූටි... ආලියා ඔයාට මතකයි නේද හෙප්පුව දෙන්න ඕන විදිය... ''



''මතකයි... ''

මතකයි කියන්නේ ඊයේ දවල් ගෙදර ආවට පස්සේ හවස් වරුවෙම මිදුල අස් කරලා අපේ අම්මා ඊයේ මුළු රෑම වගෙ කලේ මට හෙප්පුව දීලා ආචාර කරන විදිය උගන්වපු එක... කොහොමත් මේ මනමාලයව සෙට් වුනේ නැත්තන් මීට පස්සෙත් එන මනමාලයන්ට හෙප්පුව අල්ලලම මං ඔය වැඩේ පුරුදු වෙයි...



''අර මිනිස්සු මග එන ගමන්ලු ඔයාලා ලෑස්ති වෙලා ඉවරයිද? '' අහන ගමන් තාත්තාත් කාමරේ ඇතුලට ආවා...



''ඔයාගේ වයිෆි සාරිය අන්දලා තියෙනවා හොදයිද? එතකොට මේ මේකප් එක හොදයිද? තව මං හිතාගෙන ඉන්නේ කොණ්ඩේ කඩා දාලා ඉන්න... පොඩ්ඩක් රිවීව් එකක් දෙන්නකෝ තාත්තේ... '' කියද්දි තාත්තා,


''ඔයා ඉස්සර වගේම අදත් ලස්සනයි ආලියා, ඔය ලස්සන මෙතනින් එහාටත් තියාගන්න... '' කියලා මගේ නලළට කිස් එකක් දෙද්දි අනික් කෙල්ලගේ ඉරිසියාව එලිය පැනලා,

''තාත්තේ මටත් එකක්...'' කිව්වා... ඉතින් නංගිටත් මට වගේම නලළට කිස් දුන්න තාත්තා එයාගේ දෝණිගේ කම්මුලටත් කිස් එකක් දුන්නා... ආයේ ඉතින් අපේ අම්මවත් මගේ කොණ්ඩෙට වඩා ලා පාටකට රතුවුනා... මං කියන්නේ පවුලක් වුනාම ඉන්න ඕන මෙහෙම නේ... අපි හතරදෙනා මේ ගමන්ම මිරර් සෙල්ෆි එකකුත් අරගත්තා... මං විතරයි සාරියක් ඇදලා ඉන්නේ... තාත්තා සරමකුයි, අත්දිග ශර්ට් එකක් ඇන්දා... අම්මා යෙලෝ ඇන්ඩ් වයිට් ලුංගි එකක් අදිනකොට නංගිත් ඒ කලර්ස් වලින්ම අත් දිග ගවුමක් ඇදලා හිටියා...



''තාත්තේ අඩුම ගානේ මට ඔය එන මිනිහගේ නමවත් කියන්නේ නැද්ද? ''



''එයාගේ නම අචින්ත දුලාජ් පෙරේරා... වයස අවුරුදු තිස් දෙකයි, ඔය ඇතිනේ... ''



''දැනට ඇති, ඉතුරු ටික මං එයාගෙන් අහලා දැනගන්නම්... තාත්තා දන්නවද අසංක, සසංක කියලා දෙන්නෙක්ව... ''



''නමේ තව පාර්ට් එකක් නැද්ද? අසංකලා සසංකලා මේ ලංකාවේ කොච්චර ඉන්නවද? '' කියලා අහද්දි නංගි,

''මං නම් ඒ දෙන්නව හොදට දන්නවා... '' කිව්වා...



''කවුද? ''



''සසංක කියන්නේ ගිය පාර අපේ බැච් ටොප්, අපෝ ඌ හරි පඩියා... එතකොට අසංක කියන්නේ--- '' කියන ගමන් නංගි මගේ හෙයා බ්‍රශ් එක අරන් මයික් එකක් විදියට අල්ලගෙන,


''ප්‍රසංග වේදිකාවට පිළිගන්නවා අසංක ප්‍රියමන්ත පීරීස්...

ආදරෙයි මං ඔය හිතට තාමත්....

සිහිනයටවත් දැන් ඔයා නාවත්...

වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්...

මතක් වෙන්නේ ඔයාවමයි තාමත්...'' කිව්වා...

මං කිව්වේ මුන්ට පාඩම් කරලා කරලා, එක්සෑම් ලියලා ලියලා ට්‍රැක් පැනලා ඉන්නේ කියලා... අර කතිරිනාට පණ තිබ්බා නම් මෙලහකටත් ගෙදරින් ගිහින්...



''උබට මම--- ''



''මෙච්චර හොද දවසකවත් මේ දෙන්නට රණ්ඩු නොවී ඉන්න බෑනේ... '' තාත්තා කියද්දි මිදුල දිහාවින් වාහනයක් නතර කරලා හෝන් කරන සද්දයක් ඇහුනා...



''මං හිතන්නේ අර කට්ටිය ඇවිත්... '' කියන ගමන් අම්මා කාමරෙන් යද්දි තාත්තාත් එයාගේ දෝණි පස්සෙන් එලියට ගියා... මටයි නංගිටයි එලියට යන්න වෙන්නේ අම්මා ඇවිත් කතා කලාට පස්සේ නේ...

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭

ඊළග එපියෙන් ආලියා කෙල්ලව බලන්න එන මනමාලයයි ආලියාට වැටෙන පුංචි බාල්දියකින් හම්බවෙමු...

06 කොටසින් හමුවෙමු... 


මගේ චැනල් එකට 👇

https://t.me/OshadieS


මම ඕෂධී...✍️



Report Page