Secret Marriage - 04
ඕෂධී🌸✍
🪭Chapter -4
උදේම අපි හතරදෙනා ගෙදරින් එලියට බැස්සේ මගදි පොලිසියෙන් කාර් එක නතර කරන්න එපා කියන ප්රාර්ථනාවත් එක්ක... නංගිව කැම්පස් එක ලගින් දාගෙන කොළඹ යනවා වුනාට මගේ ලයිසන් එක පරණයි නේ... ඉතින් පුළුවන් ඉක්මනට ඒක අලුත් කරගන්නකන් පරිස්සමට අපේ ගමන් බිමන් යන්න ඕන... දුර බලන්නේ නැතුව නංගිව කැලණියට එක්කගෙන ගිහින් අපි තුන්දෙනා ආපහු කොළඹ ආවා... කොළඹ කිව්වට කොළඹ පිටකොටුවට ආවේ...
''ඇයි අම්මේ මෙහෙට ආවේ? ''
''හොද සාරි ටිකක් බලන්න ආලියා... '' කිව්ව අම්මා මාත් එක්ක සාරි කඩ තුනකට විතර ගිහින් ලා රෝස පාට සාරියකුයි ඒකට ජැකට් එක මහන්න ඕන රෙදියි අරගෙන ආවා... තාත්තට වාහනේටම වෙලා ඉන්න බැරි නිසා එයා ගියා මෙතන ශොප් එකක එයාගේ යාළුවෙක්ව මුණ ගැහෙන්න...
උදේ සාරි ගන්න ගියපු වෙලාවේ මං හිතුවේ අපිට යන්න ලගම වෙඩින් එකක් ඇති කියලා... මොකද ඉස්සර ඉදන්ම අම්මා විතරයි වෙඩින් වලට සාරි ඇන්දේ... මමයි නංගියි ඇන්දෙම ගවුම්, හැබැයි නංගි සමහර වෙලාවල් වලදි ගවුමෙන් දෙමල අය අදින විදියටත් මාරු වුනා... කොහොමහරි හවස ගෙදර ආවට පස්සේ තමා දැනගන්න ලැබුනේ සාරි අරන් තියෙන්නේ වෙඩින් එකකට යන්නවත් අම්මට අදින්නවත් නෙවෙයි මට අදින්න කියලා... අපේ ලේන් එකේ ඉන්නවා සාරි ජැකට් මහන ආන්ටි කෙනෙක්, ඒ ගෙදර අයට චොකලට් ටිකකුත් අරගෙන අම්මා මට හවසම ඒ ගෙදරට යන්න කතා කලා...
''ආලියා! ඉක්මනට ගිහින් රේණු ආන්ටිට මෙෂිමන්ට් දීලා එමු... ''
''මං මොකටද මෙෂිමන්ට් දෙන්නේ? ''
''ලමයෝ මේ සාරිය අරන් ආවේ ඔයාට අදින්න... ''
''අනේ අම්මේ මට නම් බෑ වෙඩින් වලට සාරි අදින්න... මං ගවුමක් ඇදන් එන්නම්... ''
''ආලියා! හරියටම තව සතියකින් ඔයාව බලන්න මනමාලයෙක් එනවා... එදාට ඔයා මේ සාරිය අදින්න ඕන? ''
''වට්! අම්මේ ඔයා කොහොමද මගෙන් අහන්නෙවත් නැතුව මෙහෙම දෙයක් කලේ? මට බෑ අනේ ඕවා කරන්න... ''
''මේ බලන්න මහත්තයා මේ ලමයා කියන කතාව... ''
''මොකද්ද තාත්තේ මට බෑ... අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් ලයිෆ් එක එන්ජෝයි කරන්න හදනකොට ඔයාලා ඇයි මට මෙහෙම කරන්නේ? ''
''ආලියා මේ වතාව විතරයි, ඔයා මේ ලමයට කැමති වෙන්න පුළුවන්... අපිට ලැබිච්ච විස්තර අනුව ඒ කොල්ලගේ කිසිම වරදක් නෑ... '' තාත්තා කියද්දි තමා මට දේවල් හරියටම තේරුම් ගියේ...
''හෝව් හෝව්! අද සිකුරාදා ඒ කියන්නේ මනමාලයා එන්නේ ලබන සතියේ සිකුරාදා... එතකොට මං ඔයාලට ලංකාවට එන දවස කියලා කිව්වේ ලබන සතියේ බදාදා... ඔයාලා මේක ප්ලෑන් කරපු දෙයක්, මොන හිතෙන්ද මේ දුව ලංකාවට ඇවිත් නිදහසේ හුස්මක් ගන්නත් කලින්ම මනමාලයෙක්ට එන්න කියන්න හිතුවේ... නිකමට හිතන්න මං ලබන සතියේ බදාදා ආවා නම් ඔයාලා කොහොමද සාරි ජැකට් මහන්නේ? '' අහද්දි අම්මා,
''රේණු වන් ඩේ සාරි ජැකට් මහනවා ආලියා... '' කිව්වා...
''අඩුම ගානේ උදේ මට මේ කතාව කිව්ව නම් මං ලස්සන රතු පාට සාරියක් තෝරලා අරගන්නවනේ...'' කියද්දි නංගිත් කැම්පස් ඉවරවෙලා ඇවිත් ගෙට ගොඩ වුනේ,
''රතු පාටින් සාරි අදින්න තමුසෙට මායා වැහිලද? '' අහන ගමන්...
''අනේ මේ තමුසේ කට පියාගෙන ඉන්නවා අදාල නැති ඒවාට හොම්බ නොදා... ''
''මට කොහෙන්ද හලෝ හොම්බක්... ''
''දෙකක් අනින්න දුන්නොත් හොම්බ තියෙන තැන පෙන්නන්නම්... ''
''නවත්තගන්නවා දෙන්නම ඕක... චූටි කිව්ව කතාවට මාත් එකගයි, ඔයා රතු හැට්ටකාරිද ආලියා හැම වෙලේම රතු පාට හොයන්නේ... '' නංගිගෙයි මගෙයි රණ්ඩුව මැදට එන ගමන් අම්මා ඇහුවා...
''අනේ තාත්තේ මට බෑ...'' පොලවේ අඩියත් හප්පලා කියද්දි නංගි පඩිපෙලේ භාගයක් නැගලා,
''මට බෑ මට බෑ ඩැඩී... මට බල කලොත් මං මැරෙනවා... '' කියලා උඩට දිව්වා...
''ආලියා මං කියනවට මේ වතාවට වි- ''
''හරි තාත්තේ මං කැමති, එච්චරයි... අපි බලමුකෝ ඔය මනමාලයා මොන වගේ කෙනෙක්ද කියලා... ''
ජැකට් එකට මෙෂිමන්ට් දෙන්න ඒ ගෙදරට යන අතරෙදි අම්මා,
''මොකටද සාරි ජැකට් එක මහන්නේ කියලා ඇහුවොත් වෙඩින් එකකට කියන්න, දන්නවනේ ඔය ගෑනු කෙනාගේ කට... '' කිව්වා... ඒ ආන්ටි තමා අපේ ලේන් එකට ඕපාදූප ඩිලිවර් කරන්නේ... සාරි ජැකට් එහෙම නැත්තන් ඇදුම් මහගන්න කට්ටිය එයාගේ ගෙදරට ගියාම එයා ගෙදර ඉදන් ඕපදූප ටික ඩිලිවර් කරනවා ගානට...
පහුවදා අපි නුවර එන්න පිටත්වුනේ ටිකක් දවල් වෙලා... රෑට මාලිගාවට ගිහින් පහුවදා උදේම ගෙදර එන්න තමා අපි ප්ලෑන් කරගෙන ඉන්නේ... මොකද අපේ ගෙදර දොස්තර නෝනාට සදුදා ලෙක්චර්ස් ලු... ඒ වුනාට අපේ නුවර ෆුල් ට්රිප් එකේම ඩ්රයිවර්ත් දොස්තර නෝනාම තමා... නුවරට එන්න කලින් අපි හතරදෙනා මං කිව්ව අදහසට ෆැමිලි ෆොටෝ එකක් අරගත්තා, හැබැයි නංගි ස්ක්රබ් එක අදින්නේ නැතුව ස්ටෙත් එක විතරක් අතේ තියාගෙන හිටියා...
අපි මුලින්ම ආවේ අද රෑට නතරවෙන හොටෙල් එකට... එතනින් වොශ් එකක් දාගෙන සුදු ඇදුම් වලට මාරු වෙලා අපි හතරදෙනා මාළිගාවට ආවා... මීට කලින් දළදා මාළිගාවට ආවත් හවස් වරුවක ආව පලවෙනි වතාව... අනේ මන්දා ඉර පායලා තියෙන වෙලාවල් වලදි වගේ නෙවෙයි ඉර බැහැගෙන යන්න ලං වෙලා තියෙන වෙලාවේ මට මාළිගාවයි ඒ වටපිටාවයි අමුතුම ලස්සනකට පෙනුනා... අපි ආයෙමත් හොටෙල් එකට ආවේ ඉර බැහැලා ගියාටත් පස්සේ නුවර ටවුන් එකේ ඇවිදලමයි... අපි හතරදෙනා රූම් දෙකක් බුක් නොකර එක රූම් එකක් විතරයි බුක් කලේ... හැබැයි බුක් කරපු රූම් එක හොදට ඉඩකඩ තියෙනවා... ඇදේ වුනත් හතරදෙනාටම නිදාගන්න පුළුවන්... කාටහරි ඇද ඉඩ මදී නම් ලොකූ සෝෆා එකක් තියෙනවා නිදාගන්න... රෑ කෑමෙන් පස්සේ ආපහු රූම් එකට ආවාම අපේ නංගි පෝස්පෝන්ඩ් කරපු යුද්ධේ නැවත ආරම්භ කලා... එයාලා තුන්දෙනා හොද ෆිල්ම් එක තෝරන්න කරන වාදේ බලන් ඉන්න බැරිම තැන මං,
''වෙන රටවල ඒවා බලන්න ඕන නෑනේ, අපි ලංකාවේ එකක් බලමු... '' කිව්වා විතරයි නංගි කිව්වා,
''එහෙනම් බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඔයාම කියන්න... '' කියලා...
ඒ වෙලාවේ මගේ කටට ආවේ සිකුරු හතේ ෆිල්ම් එක... පස්සේ තමා මටත් මීටර් වුනේ ඒකේ තියෙන්නෙත් මගුල් කපුකම් සීන් එකක් නේද කියලා... මතක් වෙච්ච ක්ෂණික මං වෙන ෆිල්ම් එකක නමක් හිතද්දි අපේ නංගි සිකුරු හතේ ප්ලේ වෙන්න දාලත් ඉවරයි... දැන් ඉතින් අම්මගෙයි, තාත්තගෙයි මැද්දෙන් වාඩි වෙලා කට පියාගෙන ෆිල්ම් එක බලනවා ඇරෙන්න මොනවා කරන්නද? අපේ නංගි නම් ගෙදරින් එද්දිම මේ වැඩේට රෙඩි වෙලා ඇවිල්ලා... ෆිල්ම් එක පටන් අරන් ටික වෙලාවක් යන්නත් කලින් එයා බෑග් එකෙන් මං ජෝර්දාන් වලින් ගෙනාව කජු, රටකජු, ආමන්ඩ්, හේසල් නට් වගේ නට්ස් වර්ග ගොඩාක් දාලා තිබ්බ පැකට් එකකුයි චිප්ස් පැකට් එකකුයි අරගෙන ඇවිත් තාත්තගේ එහා පැත්තෙන් ඇදෙන් වාඩිවුනා... අපි රෑට බඩපිරෙන්න කාලා හිටියත් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් ඒ බෑග් දෙක හිස් වුනා... නංගිත් ෆිල්ම් එක ඉවරවෙන්න කලින් ගිහින් සෝෆා එකේ වාඩි වුනා... මං හිතුවේ ඇදේ ඉඩ මදි නිසා වෙන්න ඇති කියලා... ඒත් එයා නිදාගන්න ගිහින් තියෙන්නේ... අම්මත් ෆිල්ම් එක ඉවරවෙන්න කලින් නිදාගත්තා... මමයි තාත්තයි විතරයි ඉවරවෙනකන් ෆිල්ම් එක බැලුවේ...
''ඔයාලා තුන්දෙනා ඇදේ නිදාගන්න මං සෝෆා එකට යන්නම්... '' කියලා තාත්තා නැගිටින්න හැදුවත් මං එයාව නතර කරගත්තා...
''තාත්තේ අදට විතරක් මට ඔයාගෙයි අම්මගෙයි මැද්දෙන් නිදාගන්න දෙන්නකෝ... '' කියද්දි තාත්තා නංගි දිහාත් බලලා හා කිව්වා... ඉතින් මං අම්මටයි තාත්තටයි මැදිවෙලා ඇස් පියාගත්තේ ඒ දෙන්නගේ අත් මගේ ඉන උඩින් දාගන්න ගමන්... මං දන්නවා ගෑනු ලමයෙක් වුනාම කවදාහරි මැරි කරලා වෙන ගෙදරකට යන්න ඕන කියලා... ඒත් මෙච්චර ඉක්මනට ඒ දේ කරන්න මට කිසිම ආසාවක් නෑ... මට ඕන අම්මයි, තාත්තයි එක්ක ටික කාලයක් ඉන්න...
.
.
.
.
එදා දළදා මාළිගාවට ගියපු වෙලාවේ අපිට තාත්තා අදුරන කෙනෙක් හම්බවුනා... ඒ මනුස්සයට පින් සිද්ධ වෙන්න අර එනවා කිව්ව මනමාලයා එන්න කලින් මට ආපහු ලයිෂන් එක ඉක්මනට අලුත් කරගන්න පුළුවන් වුනා... එහෙම උදව්වක් නැත්තන් මේ ලංකාවේ රජයේ ආයතන වලින් වැඩක් ඉක්මනට කරගන්නවා කියන එක කරන්න අමාරු වැඩක්...
'' ආලියා! ඔයා කොහෙද මේ උදේ පාන්දරම යන්න හදන්නේ? '' මං පඩිපෙල බැහැගෙන එද්දි අම්මා ඇහුවා... නංගිත් කැම්පස් යන්න ලෑස්ති වෙන ගමන් නිසා අම්මා එයාට කෑම කවනවා...
''කොළඹ යනවා අම්මේ යාළුවෙක් හම්බවෙන්න... එයාගේ බබා නර්සරි දාලා මාත් එක්ක එලියට යන්න එන්නම් කිව්වා... බයවෙන්න එපා මේ ආලියා දවල් කෑමට ගෙදර... ''
''ඔය ගමන වෙන දවසකට දාගන්න බැරිද ආලියා... හෙට අර මිනිස්සු මෙහේ එනවා, ගෙදර අස් කරන්න දේවල් තියෙනවනේ... ''
''එයාලා එන්නේ මගෙන් අහලා නෙවෙයි නේ... '' මට ඒක ටිකක් සැරට කියවුනා නේද කියලා තේරුම් ගියේ අම්මගේ මූඩ් එක වෙනස් වෙනවා දකිද්දි...
''අම්මේ මේ අහන්න, මං දවල් වෙනකොට එනවා... කොහොමත් අපි ඊයේ මුළු ගෙදරම අස් කලානේ... හවසට ගාඩ්න් එකත් අස් කරලා දාමු... ''
''හ්ම්ම්ම්.... ''
''තරහ ගන්න එපා ඉතින්... '' කියලා මං අම්මගේ බෙල්ල බදාගෙන කම්මුලකට කිස් එකක් දුන්නා...
අම්මට කියලා නංගිට කවන ගමන් හිටිය බත් එකෙන් කටවල් දෙකක් කාලා මං ගෙදරින් ආවේ නංගිත් එක්කමයි...
''ඔයා හෙටත් ලෙක්චර්ස් යනවද? ''
''නෑ, අම්මා කිව්වා හෙට ගෙදර ඉන්න කියලා... ඒ මිනිස්සු එයාලගේ ෆැමිලි එක පෙන්නනකොට අපිත් අපේ ෆැමිලි එක පෙන්නන්න ඕනනේ... ''
'' කී දෙනෙක් එයිද දන්නේ නෑනේ? ඔයා මනමාලයා ගැන මුකුත් දන්නේ නැද්ද? ''
''මං මුකුත් දන්නේ නෑ අනේ... මේ ඒක නෙවෙයි ඔයාට නර්සරි යන වයසේ ලමයෙක් ඉන්න යාළුවෙකුත් ඉන්නවද? ''
''ඔව්, ඇයි?''
''ඔයාට විතරයි වයස විසිඅටක් වෙන්නේ, ඔයාගේ අනික් යාළුවෝ ඔක්කොටම වගේ විසි නවයක් නේ... ''
''ස්කූල් එකේ යාළුවෙක් නෙවෙයි, කලින් ඔෆිස් එකේ යාළුවෙක්... ''
''හරි හරි ඉතින්, ඕකට ඩෝන් ගන්න ඕන නෑනේ... මාව ඉස්සරහ බස් හෝල්ට් එකෙන් දාන්න...''
නංගි බස් හෝල්ට් එක ලගින් බහිනවත් එක්කම එයා යන්න ඕන බස් එකත් ආවා... එයා බස් එකට නැග්ගට පස්සේ මං ආපහු මගේ ගමන පටන් ගත්තා...
ඇත්තටම මම මේ යන්නේ යාළුවෙක්ව හම්බවෙන්න නෙවෙයි... මම යන්නේ, දැනට ලංකාවේ ප්රසිද්ධම කොස්මෙටික් කම්පැණි එකේ ජොබ් ඉන්ටර්වීව් එකකට... මම ජෝර්දාන් වලත් වැඩ කලේ කොස්මෙටික් කම්පැණි එකක නිසා මං මේ ජොබ් වේකන්සි එක දැක්ක ගමන් ඉන්ටර්වීව් යන්න ඕන කියලා තීරණය කලේ ලංකාවට ආව දවසේ රෑමයි... මං සාමාන්යයෙන් මගේ හැමදේම ගෙදරටවත්, තාරා පැටියටවත් කියන කෙනෙක් නෙවෙයි... මගේ සමහර දේවල් තියෙනවා ගෙදර අම්මා, තාත්තා විතරක් දන්න, ඒත් නංගිවත්, තාරා පැටියවත් නොදන්න... තව සමහර දේවල් තියෙන්නේ මගෙයි නංගියි අතරේ එහෙම නැත්තන් තාරා පැටියා අතරේ... ඕක ඉතින් මට විතරක් නෙවෙයි ඕන මනුස්සයෙක්ට පොදු දෙයක් නේ... තමන් කවුද කියලා හරියටම දන්නෙ තමන් විතරයි... හැබැයි මං මේ ඉන්ටර්වීව් එකට යනවා කියලා ගෙදර අයට කියන්න හිටියේ... ඒත් එයාලා මනමාලයක් ගෙන්නන නිසා මං ඒ වැඩේ නොකියා ඉන්න තීරණය කලා... ජොබ් එක හම්බවුනොත් විතරක් කියනවා...
නංගි දවල්ට ගෙදර නැති නිසා අම්මයි, තාත්තයි පොඩ්ඩක් එහෙ මෙහේ වෙනකන් බලාගෙන ඉදලා මං ඉන්ටර්වීව් ඇදගෙන යන්න ඕන ෆුල් සූට් එකයි, මගේ ෆයිල් එකයි ඊයේ හොරෙන්ම කාර් එකේ පිටිපස්සට දැම්මා... යතුර තියෙන්නෙත් මං ගාව නිසා වෙන කවුරුත් ඒක දැක්කේ නෑ කියලා මට හොදටම විශ්වාසයි...
ඉන්ටර්වීව් ටයිම් එක දීලා තිබ්බේ උදේ නවයයි තිහ... මට තව පැය එකහමාරක වෙලාවක් තියෙන නිසා මං මුලින්ම කම්පැණි එකට විනාඩි දහයක විතර දුරින් තියෙන පොඩි හොටෙල් එකකට ඇවිත් රූම් එකක් බුක් කරගත්තා ඇදුම් මාරු කරගන්න...යාළුවෙක් එක්ක එලියට යනවා වගේ පෙන්න ඕන නිසා මං ගෙදරින් ආවේ කොට ගවුමකුයි ෆ්ලැට් සෙරප්පු දෙකකුයි දාගෙන... ගෙදරින් හරියට කාලා ආවෙත් නැති නිසා මං ඇදුම් මාරු කරන්න කලින් බ්රෙක්ෆස්ට් අරගත්තා රූම් එකට ගෙන්නගෙන...
ඉන්ටර්වීව් එකකදි අපේ කොලිෆිකේෂන් බලනවා තමයි... හැබැයි ඕනම මනුස්සයෙක් මුලින්ම කෙනෙක්ව මනින්නේ පෙනුමින්... ඉතින් ඉන්ටර්වීව් එකකට හරියන ලුක් එක ගන්න නම් කොට ගවුමයි, ෆ්ලැට් සෙරෙප්පු දෙකයි අයින් කරන්නම වෙනව... මං අද අදින්න තෝරගත්තේ සුදු අත් දිග බ්ලවුස් එකයි, කළු පාට ඔෆිස් ට්රවුසර් එකයි... ඕකට උඩින් සුදු පාට බ්ලේසර් එක දාලා සුදු පාටින්ම හීල්ස් දෙකකුත් දාගත්තා... හෙට මනමාලයෙක් කියලා එකෙක් එන නිසා මං අදින්නේ රෝස පාට සාරියක් නේ... ඉතින් අම්මා කිව්වා සාරියට ගැලපෙන්න නේල්ස් හදාගෙන එන්න කියලා... ඒ විතරක් නෙවෙයි රෝස පාට නැතුව රතු පාට ඇඩ් කරලා තිබ්බොත් මට හොද වැඩක් කරනවා කියලා තර්ජනේකුත් කලා... ඉතින් මං ලා රෝස පාටින් නේල්ස් ටික හදාගත්තා... නැත්තන් කියන්න බෑනේ අපේ අම්මගෙ ඉවසීම නැති වෙලා ගිහින් අර වධකාගාර වල කරනවා අඩුවක් අරගෙන මගේ නියපොත්තෙන් නියපොත්ත ගැලෙව්වොත්... කොහොමහරි ඒ ලා රෝස පාට නේල්ස් නිසාමයි මං අද සුදු පාට අවුට්ෆිට් එකකින් ඉන්ටර්වීව් යන්න හිතුවේ...

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭
පවනි, ඉරිසියාකාරයෝ කතා දෙක වගේ දිගට මේකත් ලියනවා කියලා හිතාගෙන ලියන්න පටන්ගත්තේ... ඒ වුනාට දැන් නම් කොටස් විස්සකින් විතර ඉවර කරන්න හිතිලා තියෙන්නේ... කොහොම ලිව්වත් කැමැත්තෙන් කතාව කියවන අය කියවනවා කියලත් මං දන්නවා...
04 කොටසින් හමුවෙමු...
මගේ චැනල් එකට 👇
මම ඕෂධී...✍️