Secret Marriage - 02

Secret Marriage - 02

ඕෂධී🌸✍

Chapter -1



🪭Chapter -2



බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, ශ්‍රී ලංකාව



පැය ගාණක ෆ්ලයිට් එක ඉවරවෙලා අන්තිමේදි ලංකාවට ආවා... එයාර්පෝට් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න තිබ්බ දේවල් අරගෙන එලියට එද්දි තවත් පැයක් ගිහින්... බෑග් ටිකත් තල්ලු කරගෙන එලියට ඇවිත් මං හෙව්වේ මගේ තාරා පැටියා නොහොත් වෙතාරා අසංකි පෙරේරාව... දැන් එයා පෙරේරා නෙවෙයි, මිසිස් සූරියසිංහ... අපි දෙන්නගේ යාළුකම පටන් ගන්නේ ග්‍රේඩ් වන් ඉදන්මයි... හැබැයි හම්බවෙච්ච මුල් දවසේ මං හිතුවේ ඒකිගේ හෙන ලොකුකම කියලා... අපරාදේ කියන්න බෑ ඒ හොල්මනත් මං ගැන හිතලා තියෙන්නේ එහෙම... පස්සේ පස්සේ ආශ්‍රය කරගෙන යද්දි තමා තේරුනේ අපි දෙන්නම එකම බෝට්ටුවේ කියලා... ඉතින් අපි හොදම යාළුවෝ වුනා... මට අනුව අපේ සෙක්ෂන් එකේ ලස්සනම කෙල්ල වෙතාරා, හැබැයි වෙතාරට අනුව ඒ මම... ඉස්සර මම කවදාහරි අපේ බැච් ක්වීන් වෙන්නේ වෙතාරා කියලා ඔට්ටු දානකොට, ඒකි ඒ මම කියලා ඔට්ටු දැම්මා... හැබැයි අපි දෙන්නම ඒ ලෙවල් වෙනකන් ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ නෑ... මං ප්‍රයිවට් ඒ ලෙවල් කරද්දි වෙතාරා ඒ ලෙවල් වලට කොළඹ හොදම ගර්ල්ස් ස්කූල් එකකට ගියා... ඒ වුනාට අපි දෙන්නටත් ඉන්වයිට් කලා පරණ ස්කූල් එකේ බැච් පාටි එකට... අන්තිමේදි බැච් ක්වීන් වුනේ අපි දෙන්නගෙන් කෙනෙක් නෙවෙයි සෙක්ෂන් එකේ හිටපු හොදම බඩ්ඩ... මං සාමාන්‍යයෙන් තවත් කෙල්ලෙක්ට එහෙම කතා කරන්න කැමති නෑ... හැබැයි එහෙමයි කියලා බඩ්ඩට බඩ්ඩ නොකියා උපාසක නම් කියන්න විදියකුත් නෑනේ, අනික ඕක මුලින් කිව්වෙත් මම නෙවෙයි... ඒකී ඒවා විහින් කරගත්ත දේවල් වල ප්‍රතිඵල...



ඒ මේ අත ඔළුව හරව හරව සෙනග ගොඩේ තාරා පැටියව හොයද්දි කවුරුහරි පිටිපස්සේ ඉදන් මගේ උරහිස උඩින් අතක් තිබ්බා... පිටිපස්ස හැරිලා බලද්දි මෙච්චර වෙලා හෙව්ව තාරා පැටියා මං ආසම විදියේ රතු රෝස මල් තියෙන බොකි එකකුත් අතේ තියාගෙන ඉන්නවා...



''අනේ අයි මිස් යූ ආලියා.... '' කියලා මගේ අතට මල් බොකි එකත් දීලා මාව හග් කරන ගමන් මේකි අඩන්න ගත්තා කියහන්කෝ... ඒකට ඉතින් මටත් ඇඩුනා... ඒත් හිතේ තියෙන කුප්පකමටම මම



''ඔච්චරම මතක් වුනා නම් ඇයි මාව බලන්න ආවේ නැත්තේ? අර එක පාරක් England ටුවර් එක මැද්දෙන් දවස් තුනක නිවාඩුවකට විතරයිනේ එහේ ආවේ... '' කිව්වා...



ඒත් එක්ක මගෙන් ඈත්වෙච්ච වෙතාරා මගේ උරහිස්සට හිමින් පාරක් ගැහුවේ,

''Bitch! අවුරුදු හයක් ගිහිල්ලත් තාමත් හිටපු ආලියාම තමයි... '' කියන ගමන්...


යාළුවයි හොදම යාළුවයි කියන එකේ වෙනස තමා හොදම යාළුවා කියන්නේ අපි ගැන හොදටම දන්න කෙනා වීම... ඒ වගේම තමා අපි මොන දේ කිව්ව කරා වුනත් ඌ අපි ගැන හොදටම දන්නවා, එයාලට අපේ පොඩි වෙනසත් තේරෙනවා... ඉතින් අර වගේ කතාවක් කිව්ව එක ගැන කිසිම හිත් රිදවීමක් අපි දෙන්නා අතරේ නෑ... අපි දෙන්නා එලියට එන අතරේ මම වෙතාරගේ කර වටේ අතක් දාගන්න ගමන්,



''මීට අවුරුදු හයකට කලින් ආලියාට ආලියාව නැතිවුනා... හැබැයි මම අමාරුවෙන් අවුරුදු හයක් කට්ට කාලා පරණ ආලියාව හොයාගත්තා... '' කිව්වා...



''ඒ වුනාට උබට අඩුම ගාණේ මගේ වෙඩින් එකටවත් එන්න තිබ්බා... ''



''උබ අඩුම ගාණේ වෙඩින් එකට මාස තුනක්වත් කලින් කියලා තිබ්බා නම් එන්න තිබ්බා... කොහෙද ඉතින් වෙඩින් එකට සති දෙකක් තියලා නේ උබ වීඩීයෝ කෝල් එකක් අරන් bridesmaid ප්‍රපෝසල්ද මොකද්ද මගුලක් කලේ? මං අපේ තාත්තගේ කම්පැණියේ නෙවෙයි වැඩ කලේ... බොසා හදිසියේ නිවාඩු දෙන්න බෑ කිව්ව එකට මං මොනවා කරන්නද? අනික මං ආවේ නැති වුනාට මොකද බං අපේ ගෙදර අනික් තුන්දෙනාම ආවනේ උබේ වෙඩින් එකට... ''



''ඒ වුනාට උබ නැති අඩුව කාටවත් පුරවන්න බෑනේ... ''



''හරි හරි අපි එහෙනම් මෙහෙම කරමු... මං මගේ වෙඩින් එකේ දෙවනි මනමාලයටයි, මනමාලිටයි උබවයි උබේ හස්බන්ඩ්වයි ගන්නම්... තව උබේ දුවව ෆ්ලවර් ගර්ල්ට ගන්නත් පුළුවන් නේ... ''



''ඒ කියන්නේ උබට දැන් බදින්න කෙනෙක් ඉන්නවා? ''



''පිස්සුද බං? අවුරුදු විසි අටක් වෙලත් මම තාම සිංගල්... යුනි එකේ තනි අවුරුද්දේ ලව් එකෙන් පස්සේ මේ වෙනකන් කාත් එක්කවත් අෆෙයා එකක් තිබිලා නෑ... ''



''ආ යූ සීරියස් ආලියා? ඒක නැතිවුනේ උබ රට යන්නත් කලින් නේ... එතකොට උබ කියන්නෙ මට නොකිව්වට එහෙදිවත් කොල්ලෙක් හිටියේ නෑ කියලා... ''



''ඉන්දියන් කොල්ලො දෙන්නෙක්ව හම්බවුනා හරිද? මං ඒ දෙන්නත් එක්කම අෆෙයා එකක් පටන් ගන්න කලින් ඩේට් එකක් ගියා... හැබැයි ඒ දෙන්නම මගේ ටයිප් එක නෙවෙයි හලෝ... ඒ නිසා මං කොල්ලෙක් හොයාගන්න වැඩේ අතෑරලා සල්ලි හොයන්න මහන්සි වුනා... ''



''මම දන්නේ නැද්ද උබේ හැටි, ඔයා හරිම කලබලයි ආලියා... එහෙම කලබල වෙලා ගත්ත තීරණ නිසා ස්කූල් එකේ සෙට් වෙච්ච පනිෂ්මන්ට් මතක ඇතිනේ... ''



''ඒ වුනාට එහෙම කලබල වෙලා ගත්ත සමහර තීරණ මගේ ජීවිතේ හොද පැත්තට වෙනස් කරලත් තියෙනවා... ''



''හරි දැන් ඔයා මොන ටයිප් එකේ හස්බන්ඩ් කෙනෙක්වද හොයන්නේ, දැක්ක ගමන් සිත බැදුනා ටයිප් එකද? ''



''එහෙම රූපෙට වහ වැටිලා බදින්න මිනිහෙක් තෝරගන්න උබට මාව තාමත් ස්කූල් යන ආලියා වගේ පේනවද? බලමුකෝ වෙන දෙයක් වෙයිනේ... මේ උබයි දිලංක අයියයි තව පොඩි කොල්ලෙක්වත් ගේනවකෝ ඕයි... එතකොට මල් කුමාරයාත් හරි නේ... ''



''හැබැයි උබ එන්න ඕන හරිද ලමයව බලාගන්න... ''



''මේ එක අතකට ඒකත් මරු වැඩේනේ ඕයි? ''



''ඒ මොකද්ද? ''



''උබේ ලමයෙක්ව මට හදාගන්න දීපන්, එතකොට මං කසාදයක්වත් කරගන්නේ නැතුව මැරෙනකම් ඒ ලමයව බලාගෙන ඉන්නම්... ''



''යැයි යැයි තමා... ''



ඔය වගේ බයිලා කියව කියව අපි දෙන්නත් එක්ක වෙතාරාගේ කාර් එකෙන්ම එයාර්පෝට් එකෙන් එලියට ආවා...



''අඩේ මං හිටපු නැති අවුරුදු ගාණට මෙහේ වෙනස් වෙලා තියෙන විදිය බලපන්කෝ... ඉස්සර මේ හරියේ කැලෑ වැවිලා තිබ්බ ඉඩම් වල දැන් ගෙවල්, බිල්ඩින් ලෙසටම හදලා නේ බං... ''



''එහෙම තමා ඩාලිං, මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා... ''



''ඒක නම් ඇත්ත... උබ දැන් ඉස්සරටත් වඩා ලස්සනයි... ''



''එහෙමද? ඒ වුනාට දෝණි හම්බවුනාට පස්සේ මම ටිකක් මහත්වෙලා... උබ නම් ඉස්සර වගේම සෙක්සි ෆිගර් එක ඒ විදියටම තියාගෙන ඉන්නවා... ''



''සෙක්සි? ඔන්න බලපන් ගෙදර ගියාට පස්සේ මාව දැක්ක ගමන් සෙක්සි ෆිගර් එක බල්ලට දාලා අපේ අම්මා කතා කරන විදිය... ආලියා ඔයා ඇදීඊඊලා ගිහි- ''



''හුටා අම්මා කිව්වමයි මතක් වුනේ... '' කියලා මං කියාගෙන ආව දේත් නතර කරපු වෙතාරා කාර් එක ඉස්සරහින් පාරේ අයිනට වෙන්න නතර කලා...



''ඇයි මොකෝ සීන් එක... ''



''යන ගමන් ඉස්සරහින් දිලංකගේ අම්මගේ බ්ලඩ් රිපෝට් එකක් ගන්න තියෙනවා බං... අනික උබලගේ ගෙදර මිනිස්සු ඉන්නවද දන්නේ නෑ... '' කියන ගමන් වෙතාරා එයාගේ ෆෝන් එකෙන් අපේ අම්මට කෝල් එකක් ගත්තා...



කලින් කියන්න බැරිවුනා නේ අද මං එනවා කියලා අපේ ගෙදර අය කවුරුත් දන්නේ නෑ... දන්නේ නෑ කියන්නේ එයාලා හිතාගෙන ඉන්නේ මම එන්නේ ලබන සතියේ කියලා...


''හෙලෝ ආන්ටි... ''



''හෙලෝ දුව... ''



''ආන්ටි ඔයා ගෙදර ඉන්නවද? ''



''ඔව් දුව... ''



''ආ මං පොඩ්ඩක් මේ ලගට ආවා, ඒ ගමන් පොඩ්ඩක් ඔය පැත්තට ඔළුව දාලා එන්න හිතුනා... කමක් නෑ නේද ආවට... ''



''කමක් නෑ දරුවෝ, ඔය ලමයා මෙහේ ආපු නැති තැනක් නෙවෙයි නේ... ''



''හරි ආන්ටි මං තව විනාඩි විස්සක් විතර යනකොට එන්නම්... '' කියලා වෙතාරා කෝල් එක කට් කලා... හොද වෙලාවට මේ තාරා පැටියට මෙහෙමවත් දැන් අපේ ගෙදර මතක් වුනේ... නැත්තන් අන්තිමේදි ගෙදර කවුරුත් නැතිවුනා නම් අපියි ස්ප්‍රයිස් වෙන්නේ...



''මේ අම්මට සැක හිතුනද දන්නේ නෑනේ බං? ''



''පිස්සුද ඕයි, උබ මෙහේ හිටියේ නැති වුනාට මං ඉදලා හිටලා යනවා උබලගේ ගෙදර... ''



''හරි හරි දැන් යමන්... ''



කොහොමහරි අපේ ගෙදරට යන්න කලින් අපි ආපහු ටවුන් එකේ තියෙන ප්‍රයිවට් හොස්පිට්ල් එකක ලැබ් එකක් ලගින් නතර කලා... වෙතාරා විතරක් නෙවෙයි මමත් එයත් එක්කම ලැබ් එක ඇතුලට ආවා... ඒත් ආවට වඩා හොදයි නාවා නම් කියලා හිතුනේ ඒක ඇතුලේ මීට අවුරුදු හයකට කලින් මට ලංකාවෙන් යන්න තවත් හේතුවක් වෙච්ච පුද්ගලයෙක් ඇතුලේ ඉන්නවා දැක්කාම... නිකන් නෙවෙයි එයාගේ නෝනයි බබයි එක්ක, හරියට බැලුවොත් වයිෆ්ට තව බබෙක් හම්බවෙන්නත් ඉන්නවා...



''ඔයා ආලියා නේද? ''

ප්‍රෙග්නට් ලේඩි මගෙන් ඇහුවා, අවුරුදු හයක් ගිහිල්ලත් ඒ දෙන්නට තාමත් මාව මතකයි...



''කොහොමද රිතු අක්කේ? ''



''අපි හොදින් ඉන්නවා නංගි, පුතාට මේ දවස් වල ටිකක් අසනීප නිසා අපි එයාගේ බ්ලඩ් රිපෝට් එකක් ගන්න ආවා... ''



''ඔයාව අවුරුදු ගානකට පස්සේ හම්බවුනේ, කවද්ද රට ඉදලා ආවේ?''



''පැය දෙක තුනකට කලින් භාතිය අයියේ... ආයේ මම එහේ යන්නේ නෑ... ''



''ආ එහෙනම් ඔයා ආයෙමත් අපේ ඔෆිස් එකට එන්න... පුරුදු නැති තැන් නෙවෙයි නේ, නැද්ද රිතූ?''



''ඒකනේ නංගි අපේ පරණ ස්ටාෆ් එක අය තාමත් එතන ඉන්නවා... ''



''මං තාම ඒ දේවල් ගැන හිතලා නෑ අක්කේ... ''

එහෙම කියනවත් එක්කම බ්ලඩ් රිපෝට් එක අරගත්ත වෙතාරාත් මගේ ලගට ආවා...



''ආලියා ඔයාට මං මගේ නම්බර් එක දෙන්නම්, මට මැසේජ් එකක් දාන්නකෝ... '' කියලා රිතු අක්කා කියද්දි මං ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ එයාගේ අලුත් නම්බර් එක සේව් කරගත්තා...



''ආලියා මොකද චැටර් බොක්ස් එක වැහිලා, කවුද ඒ? ''

ආපහු කාර් එකට ආවා විතරයි වෙතාරා ඇහුවා...



''මං මෙහේ වැඩ කරපු ඔෆිස් එකේ තාමත් වැඩ කරන දෙන්නෙක්... ''



''ඒක මිසක්... ''



''මේ අපේ ගෙදරට කිට්ටු වෙනකොට කියන්න... '' කිව්ව මම ශීට් එකට ඔළුව හේත්තු කරගෙන ඇස් පියාගත්තේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න හිතාගෙන...



ලංකාවේ ලමයි ඒ ලෙවල් ලියන්නේ අවුරුදු දහනවයෙන් වුනාට මං ඒ ලෙවල් ලිව්වේ අවුරුදු දාහතේදි... එච්චර අඩු වයසෙන් ඒ ලෙවල් ලිව්ව පලවෙනි හේතුව මං ජනාවාරි මාසේ ඉපදිච්ච කෙනෙක්... ඉතින් කොහොමත් මට ඉගෙන ගන්න වුනේ මගේ අවුරුද්දට කලින් අවුරුද්දේ ඉපදුන අයත් එක්ක... දෙවනි හේතුව මට කොහොමත් ඉස්සර ඉදන්ම ගවර්මන්ට් කැම්පස් යන්න ආසවක් තිබ්බේ නෑ, මගේ ආසාව තිබ්බෙම තාත්තා එක්ක බිස්නස් වැඩ වලට එකතු වෙන්න... හැබැයි අපේ තාත්තා කිව්ව එක දෙයක් තමා


''තාත්තා බිස්නස්මන් වුනාට ඔයාටත් ඒ ස්කිල් එක ඒ විදියටම තියේවි කියලා විශ්වාස කරන්න එපා ආලියා...'' කියන එක... ඉතින් මම හරි විදියට ඒ ලෙවල් ලියන්න ඕන අවුරුද්දට කලින් අවුරුද්දේ ඒ ලෙවල් ලියලා B2 C1 යි අරගෙන ප්‍රයිවට් කැම්පස් එකකින් ඩිග්‍රියකට ඉගෙන ගන්න ගමන් charted කරන්න පටන්ගත්තා...


මං මුලින්ම කම්පැණි එකක ජොබ් එකකට ගියේ අවුරුදු දහ අටේදි, ඒකත් ක්ලෝතින් කම්පැණි එකක්මයි... එතනදි තමා මට මුල් වතාවට භාතිය අයියව හම්බවුනේ... කලින් වෙතාරා කිව්වත් වගේ භාතිය අයියව දැක්ක ගමන් සිත බැදුනා වගේ දෙයක් මට වුනා... ඒ වෙනකොටත් මං මගේ දෙවනි ප්‍රේමයෙන් බූට් එක කාලා හිටියේ... එතන ඉදන් අවුරුදු හතරක් යනකන් එයා මගේ ඩීප් ක්‍රශ් එකක් වුනා... හැබැයි මං ඒ ගැන තාරා පැටියටවත් කියන්න ගියේ නෑ... අවුරුදු හතරකට පස්සේ එක නිවාඩු දවසක උදේ මම අපේ ශොප් එකට එන ගමන් ඉන්නකොට භාතිය අයියවයි අපේ ඔෆිස් එකේම වැඩ කරන රිතූ අක්කවයි ටවුන් එකේ පාර්ක් එකේදි දැක්කා... පාර්ක් එකක් කියනවටත් වඩා ඒක ජොගින් ට්‍රැක් එකක්... ඒ දෙන්නා හිටපු විදියෙන්ම කපල් එකක් කියලා අදුරගන්න බැරිවෙන්න තරම් මං මෝඩයෙක් නෙවෙයි නේ... හැබැයි එයාලව දැක්ක ගමන් මගේ හිත සෑහෙන්න බිදුණා... ඒත් ඊට පස්සේ දවසක ඔෆිස් එකේදි කට්ටියක් කතාවෙන ඕපදූපෙකට මමත් රබර් කන දැම්මා... එයාලා කිව්ව විදියට භාතිය අයියා සෑහෙන කාලයක් රිතූ අක්කා වෙනුවෙන් බලාගෙන ඉදලා තියෙනවා... මොනවා කරන්නද ඒක පාර්ශවීය ආදරේ අදුරු පැතිකඩ කියලා මං අමාරුවෙන් හිත හදාගන්න ට්‍රයි කලා...



කතාවක් තියෙනවනේ මිනිහෙක්ට ප්‍රශ්න එන්න ගන්නේ එක පිට එක කියලා... ඔය සිද්ධියෙන් පස්සේ ටවුන් එකේ තිබ්බ අපේ ක්ලෝතින් ශොප් එක ලොකු ගින්නකට අහුවෙලා විනාස වෙලාම ගියා... විනාසම වෙලා ගියා කියන්නේ බේරුනේ වැඩ කරන අයයි, ඒ වෙලේ ශොප් එක ඇතුලේ හිටිය මිනිස්සුයි විතරයි... කෝටි ගාණක පාඩුවක් අපිට වුනා... අදටත් දන්නේ නෑ ගින්නට හරි හේතුව, පොලිසියෙන් නම් කිව්වෙම වයර් ශෝට් එකක් වෙන්න ඇති කියලා... එතනින් පස්සේ තාත්තා පිස්සෙක් නොවුන ටික විතරයි... ඒ විනාසෙන් සතියකට පස්සේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා ඇදට වැටුනා...



ඉතින් ඒ වෙලාවේ අපි වැටිලා ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න ගේමක් ගහන්න පුළුවන් එකම කෙනා වුනේ මම... ඒ වැඩේට මගේ තාරා පැටියගේ ෆැමිලි එකයි මගේ තව යාළුවෝ කීපදෙනෙක්ම උදව් කලා... අන්තිමේදි මම රස්සාවෙන් අයින් වෙලා රට යන්න තීරණය කලා... අනික මට එහෙම කලාම ආයේ ගොඩ කාලෙකට භාතිය අයියව දකින්න වෙන්නෙත් නෑනේ... හැබැයි මේ අවුරුදු හය මට ඉගැන්නුවා අවුරුදු විසි දෙකේදි මම ආදරේ කියන කාරණාවෙදි කොච්චර බොලද වෙලාද කියලා... ඒ කොහොමවුනත් මට සතුටුයි භාතිය අයියගේ සත්‍ය ප්‍රේමය ජයගත්ත එකට, එයා දැන් දෙදරු පියෙක්...



ශොප් එක ගිනි අරන් විනාස වෙච්ච එකයි, තාත්තා ඇක්සිඩන්ට් වෙලා ඇදට වැටුන එකයි ඇත්තටම අපේ ජීවිතවලට සිද්ද වෙච්ච අන්තිම නරක සිද්ධින් දෙකක්... හැබැයි ඒ අන්තිම නරක සිද්ධි දෙකට පින් සිද්ද වෙන්න අපිට පුළුවන් වුනා කරදරයක් වුනාම ඇත්තටම අපි ලගින් ඉන්න අපිට ආදරේ කරන මිනිස්සුන්ව අදුරගන්න...



''ආලියා අපි ඉන්නේ ගෙදර ලග... ''

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭

මා විසින්ම මුල් කොටස් ටික බෝරින් වෙයි කියලා කිව්ව නිසාද රියැක්ට් නැත්තේ... එක්කො මං එක්සෑම් ඉවරම වුනාට පස්සේ කතාව ගේන්නද?

03 කොටසින් හමුවෙමු... 


මගේ චැනල් එකට 👇

https://t.me/OshadieS


මම ඕෂධී...✍️


Report Page