Secret Marriage - 01
ඕෂධී🌸✍
🪭Chapter -1
Author pov:
යෝක්ෂයර් ප්රාන්තය, එංගලන්තය
ගස් වල කොළ සියල්ලක්ම පාහේ තද කහ පැහැයටත් එතනින් එහා තද දුඹුරු පැහයටත් හැරි තිබුණේ මේ ගෙවී යන්නේ සරත් සමයේ මැද භාගය බව මතක් කරන්නට මෙනි... දැනටමත් සමහර ගස් වල කොළ සියල්ලක්ම පාහේ පොලෝ තලය මතට වැටී ඇත... සරත් සමයේ විටින් විටින් ඇති වන්නා වූ වර්ෂා තත්වය හේතුවෙන් ගහකොලද පොළවද තෙමී මඩවී තිබුනි... තවත් විශාල වැස්සක් ලගම එන බව කියන්නට මෙන් යෝක්ෂරයේ අහස තද අළු පැහයක් ගත් මේ මොහොතේ ගස් කොලං බහුල කැලෑ බද ප්රදේශයක පටු පාරක කළුපාට Range Rover වර්ගයේ කාරයක් නිහඩවම ගමන් කරයි...
මේ ප්රදේශය මිනිසුන් නැති, වීදී පහන් ආලෝකය නැති නිහඩ බව රජ කරන පාළු පෙදසකි... පටු පාර දිගේ දිගටම ආ කාරය නතර වූයේ පාළු කැලෑ පෙදස මැදට වන්නට ඉදි කර තිබු අත්හැර දමා ඇති බවක් පෙනෙන්නට තිබෙනා නිවසක් ඉදිරිපිටයි... රියදුරු ආසනය පැත්තේ දොර විවෘත කරගෙන පිරිමියෙක් පිටතට පැමිණියේය... හිසේ සිට පාදන්නතය දක්වාම ඇති ඇදුම් පැළදුම් සියල්ලම කළු පැහැයෙන් හැද සිටි ඔහු මුහුණ ආවරණය වන ලෙස හූඩී එකක් සහ කළු පාට ෆේස් මාස්ක් එකක් හා ග්ලවුස් පැලද සිටින්නේය...
වටපිට බලමින් හොර බලලෙකු මෙන් නිවස තුලට පැමිණි ඔහු ඉදිරි දොර අගුළු දැම්මෙය... ඉන්පසු කෙලින්ම අසල වූ ලී කබඩ් එකක් අසලට පැමිණි ඔහු බිත්තියත් කබඩ් එකත් අතර ඇති හිඩැසින් අත යොමා බිත්තියේ එක් තැනක් තදින් තද කලේය... එවිටම ඔහු අසල බිමින් පහලට යාම සදහා රහස් දොරක් විවෘත වුනි... එයින් මතුවූ පඩිපෙල දිගේ පහලට ආ ඔහු තවත් දොරක් හැරගෙන පැමිණියේ ජනේලයක්වත් නොමැති බංකරයක් වැනි සීමිත ඉඩ කඩක් ඇති කාමරයකටයි...
ඒ තුල මේ වන විටත් පනස්වියේ පසුවන යුරෝපීය පෙනුමක් ඇති කාන්තාවක් හා පුරුෂයෙක් වෙපන්ස් අතැතිව සිටි අතර යුරෝපීය පෙනුමක් ඇති තරුණියක්ව කාමරයේ මැද වූ පුටුවකට තබා බැද තිබුනේ, ඇගේ අත්, පා මෙන්ම මුවත් රෙදි කඩකින් වසාය... කාමරය තුල කතා කිරීමේ හැකියාව ඇති තිදෙනාම ටික වෙලාවක් මුණිවත රැක්කෝය... ඉන්පසු මුහුණ ආවරණය කරගෙන සිටි පුරුෂයා කෙමෙන් කෙමෙන් තරුණිය අසලට පැමිණියේය...
''This is your last chance... Tell me the truth... '' නිවුණු සීතල කටහඩකින් ඔහු කියද්දි අනෙක් පුරුෂයා ඇගේ කට බැදි රෙදි කඩ අහක් කලේය... මුලින්ම හොද හුස්මක් අරන් පහත හෙලූ තරුණිය,
"I won't tell you anything... If you're going to kill me-- then do it..." යනුවෙන් කේන්තියෙන් ගිගිරුවාය... ඉන්පසු නැවතත්,
''He will find you and then he'll kill you... '' කියූ තරුණිය මහ හඩින් සිනාසෙනවිට අර කාන්තාව
''Shut up b!tch... '' කියා නැවතත් තරුණියගේ කට බැද දැමුවාය... ඉන්පසු ඇය තමා අතේ ඇති වෙපන් එක මුහුණ ආවරණය කරගත් තැනැත්තා දෙසට දික් කලේ,
''She betrayed you...
She deserves to die..." කියමිනි...
වෙපන් එක දෙසත් තරුණිය දෙසත් මාරුවෙන් මාරුවට බැලු පුරුෂයා බිදුණු කටහඩකින්
''I can't do it, I loved her... '' කීවේය...
''Leave this room... I'll handle the rest according to our plan..."
මද වේලාවක් කාන්තාව දෙස බලා සිටි මුහුණ ආවරණය කරගත් පුරුෂයා ලාවට හිස සොලවා කාමරෙයෙන් පිටතට ගියේය... ඉන් මද වේලාවකට පසුව අනුකම්පාව රහිත වෛරය කැකෑරෙන දෑසෙන් තරුණිය දෙස බැලු පනස්වියැති කාන්තාව ඇගේ අතෙහි වූ වෙපන් එක තරුණියගේ නලළ මැදට එල්ල කල අතර ඒත් සමගම නිකුත් වූ උණ්ඩය තරුණියගේ නලළ මැදට වැදුනු අතර ඒත් සමගම ඈ මාරයා තුරුලට ගිය බැවින් ඇගේ හිස පිටුපසට කඩා වැටුනි...
වෙඩි ශබ්දය මේ වන විටත් නිවසේ ප්රධාන දොරටුව දෙසට යමින් සිටි පුරුෂයාට ඇසුනත් ඔහු නැවත හැරීමක් සිදු නොකලේය... තදින් ඇස් වසාගෙන ගැඹුරු හුස්මක් ගෙන පිට කල ඔහු නිවසින් පිටතට පැමිණියේය...
දින දෙකකට පසු....
ක්වීන් ආලියා ජාත්යන්තර ගුවන්තොටුපළ, ජෝර්දානය
හැමදාමත් වගේ අදත් ගුවන්තොටුපල කාර්යබහුලයි... ගුවන්තොටුපලට සංකීර්ණයට ඇතුල් වන තැන තරුණවියේ අග සිටින තරුණියක් මැදි වයසේ කාන්තාවක් හා පිරිමියෙක් එක්ක බර කතාවක...
''එහෙනම් නංගි පරිස්සමට යන්න... ''
මැදි වියේ කාන්තාව කිව්වේ අර තරුණිය එහෙම නැත්තන් අපේ කතා නායිකාවගේ උරහිසට තට්ටුවක් දාන ගමන්... එයාගේ නම ආලියා වැනීස් කොඩිකාර... ඒක ඇවිල්ලා අමුතුම ජාතියේ නමක්... කොඩිකාර කියන්නේ සිංහල වාසගමක් වෙච්චකොට, ආලියා කියන්නේ ඉන්දියාවේ වැඩිපුර පාවිච්චි වෙන නමක්... එතකොට වැනීස් කියන්නේ ලතින්, ඉතාලි ආරයට හැදිච්ච නමක්... නම විතරක් නෙවෙයි ආලියා කියන්නෙම එක්තරා විදියේ අමුතු ගෑනු ලමයෙක්... වයස අවුරුදු විසි අටක් වෙච්ච ආලියා ඉස්සර ඉදන්ම සරාගි සිරුරකට හිමිකම් කියනවා... ආලියාගේ ඇස් වල තිබුණෙම අමුතු මත් බැල්මක්, දෙතොලත් ඊට දෙවනි නෑ... ඇගේ මුහුණේ තිබ්බ සරාගි බව තවත් වැඩි කලේ නිකටේ වම් පැත්තට වෙන්න තිබ්බ පුංචි උපන් ලපයක්... ඉතින් ආලියාගේ පෙනුම අහිංසකත් නෑ, තැන්පත් බවක් ඇත්තෙම නෑ... එයාගේ බැල්මේ තිබ්බේ තනිකරම සංකර, සරාගී බැල්මක්... ඉස්සර ඉදන්ම ආලියාට රතු පාටට පුදුම ආසාවක් තියෙන්නේ... ඒ ආසාවේ තවත් එක අංගයක් විදියට ආලියා එයාගේ කළු පාට කොණ්ඩේ බර්ගන්ඩි පැහැයට වෙනස් කලා...මේ වෙලාවේ කළුපාටින් කාගෝ කලිසමකුයි, ක්රොප් ටොප් එකකුයි ඇදලා ඉන්න ආලියාගේ එක අතක තියෙන්නෙ බර්ගන්ඩි පාටම ලෙදර් ජැකට් එකක්...
මෙපණ වෙලාවක් නහය උඩ රැදිලා තිබ්බ ගුචි බ්රෑන්ඩ් එකේ ශේඩ්ස් දෙක ඔළුව උඩ රදවාගන්න ගමන්
''ඔයාලා දෙන්නටම ගොඩාක් පින්, ජොබ් එකට යන්නත් ටයිම් හදාගෙන මාව එයාපෝර්ට් එකට ඇරලවන්න ආවට... '' ආලියා කිව්වේ තමන්ගේ ඉස්සරහා ඉන්න මැදිවයසේ ජෝඩුවට...
'' අපි මෙහෙට ආව මුල් කාලේ ඔයා අපිට කරපු උදව් වල හැටියට ඕක මොකද්ද නංගි... ඔයාගේ ඉස්සරහ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මායි මෙයයි දෙන්නම ප්රාර්ථනා කරනවා...'' මැදි වයසේ පිරිමියා කිව්වේ තමන්ගේ භාර්යාව කලා වගේම ආලියාගේ උරහිසට තට්ටුවක් දානගමන්...
''ඔයාලා දෙන්නා ලංකාවට එනකොට කියන්න හරිද? එතකොට ඔයාලට අපේ ගෙදර එන්නත් පුළුවන් නේ... '' කිව්ව ආලියා ඔවුන් දෙදෙනාට වැදීමට සැරසුනත් අර කාන්තාව ඒක නතර කලේ
''වදින්න ඕන නෑ නංගි... '' කියන ගමන්...
ඉදින් ආලියා තමන්ගේ හිතවතුන් දෙදෙනාව වැලදගෙන ඔවුන්ට සමුදී තමන්ගේ කලමනා සියල්ල රැගෙන තනිවම ගුවන්තොටුපල ඇතුලට පැමිණියාය...
ආලියා pov:
ක්වීන් ආලියා ඉන්ටර්නැෂනල් එයාර්පෝට්, මගේ නම තියෙන එයාර්පෝට් එකක්... මම ජෝර්දාන් වල තනියම ජීවත්වෙන්න පටන් අරන් දැන් අවුරුදු හයකටත් ලගයි... ටිකෙන් ටික මේ ගෙවිලා යන්නේ මං ජෝර්දාන් වල ඉන්න අන්තිම විනාඩි ගාණ... සමහරවිට මම ආයේ වෙන කිසිම රටක පදිංචියට නොයා මැරෙනකම්ම මගේ රට වෙච්ච ලංකාවේ ජීවත්වෙයි... සිය රට දේ සිරි සැප දේ කියනවා නේ...
ප්ලේන් එකට යන්න තව වෙලාව තියෙන නිසා මං ආවේ ජෝර්දාන් වලින් කන අන්තිම කෑම වේල කන්න එයාර්පෝට් රෙස්ටුරන්ට් එකකට... චිකන් ශවර්මා එකකුයි, ලයිම් ජූස් එකකුයි අරගෙන මම මෙතන තිබ්බ ටේබල් එකක් ලගින් තනියම වාඩිවුනා... මට ඉස්සරහ මේසේ වාඩිවෙලා හිටියේ පුංචි ෆැමිලි එකක්... අම්මයි, තාත්තයි, දුවලා දෙන්නයි... එයාලව දැක්කාම මට මතක් වුනේ මගේ ෆැමිලි එක... අවුරුදු හයක් පුරාවට මං මගේ අම්මව, තාත්තව, නංගිව දැකලා තියෙන්නේ වීඩියෝ කෝල් වලින් විතරයි...
මගේ තාත්තා ටෙක්ස්ටයිල් බිස්නස්මන් කෙනෙක්... මීට අවුරුදු හයකට කලින් අපේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනා... ඒ කාලෙදිම මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා එයාට හරියට ඇවිදගන්න බැරුව හිටියා අවුරුදු ගානක්ම... මගේ අම්මට කම්පැණි එකක ජොබ් එකක් කරලා පුරුද්දක් ඇත්තෙම නෑ... අම්මගේ ෆැමිලි එකත් ඒකට ඉඩ දීලා නෑ, මැරි කලාට පස්සේ බිස්නස්මන් කෙනෙක් වෙච්ච තාත්තා ඉඩ දීලත් නෑ... හැබැයි හවුස් වයිෆ් ජොබ් එක මගේ අම්මා නියමෙටම කලා, අදටත් කරනවා... අම්මා නොහිටින්න කීයටවත් මම ජෝර්දාන් එනවා වගේ තීරණයක් ගන්නේ නෑ... තාත්තා ඇක්සිඩන්ට් වෙච්ච කාලෙ මගේ නංගි ඒ ලෙවල් වලට ලෑස්තිවෙන ගමන් හිටියේ... ඒ සිද්ධිය නිසා එයාට ස්ටඩීස් ගොඩාක් මග ඇරුනා, හරියටම කියනවා නම් එයා මෙන්ටලි ඩවුන් වුනා... ගෙදරට හරි හමන් ආදායමක් ආවේ මගේ පඩියෙන් විතරයි... ඇත්තටම ඒක මදි වුනා අපිට හැමදේටම වියදම් කරන්න... ඉතින් මං ලංකාවේ කර කර හිටිය ජොබ් එකෙන් අයින් වෙලා ජෝර්දාන් ආවා...
මගේ යාළුවෙක්ගේ කසින් කෙනෙක්ගේ මාර්ගෙන් මට ජෝර්දාන් වල ඉන්න පොඩි අපාර්මන්ට් එකක් හොයාගන්න පුළුවන් වුනා... අපාර්ට්මන්ට් එකක් කියනවට වඩා ඒක නිකන් අටෑච් බාත් රූම් එකක් තියෙන පොඩි කාමරයක්... අදටත් මතකයි ඒ කාමරේට ගියපු ගමන් මං ගෙදර මතක් වෙලා තනියම අඩපු විදිය... ලංකාවේ හොදම ඉන්ටර් නැෂනල් ස්කූල් එකකට ගිහින්, අවුරුදු විසි දෙකක් පුරාවට දුක කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හරි හමන් අවබෝධයක් තිබ්බේ නැති මම, එදා ඉදන් අවුරුදු හයක් පුරාවට දුක කියන එක අත් විදින්න පුළුවන් උපරිමයට අත්වින්දා...
මට ඕන වුනේ මගේ පවුල පරණ තිබ්බ තැනටම නැතත් ඒ ලගට වෙනකන් හරි ලෙවල් අප් කරලා ගන්න... මගේ වාසනාවට කලින් කිව්ව සැප විදපු අවුරුදු විසි දෙක ඇතුලේ, තාත්තගේ මග පෙන්වීම උඩ මට පුළුවන් වුනා charted එක්සෑම් භාගෙට ඉවර කරගන්න... වෙච්ච ප්රශ්නත් එක්ක ඉතුරු විභාග ටික කරන්නේ නැතුව මං ජෝර්දාන් ආවා... ඒත් ඒකේ ප්රතිඵල අද අපේ පවුලම අත්විදින ගමන් ඉන්නේ... සල්ලි නැති කාලේ අපි අපේ කාර් එක විකුණුවා, ඉඩමක් විකුණුවා... අද වෙනකොට තාත්තා ඉස්සර වගේම ඇවිදිනවා, විකුණපු කාර් එක වෙනුවට අලුත් කාර් එකක් අරගත්තා... විකුණපු ඉඩම වෙනුවට ඉඩම් දෙකක්ම අරගත්තා... නංගිත් ෆස්ට් ශයි එක ඇනගත්තට, සෙකන්ඩ් ශයි එකෙන් ඒ ලෙවල් ගොඩ දාගත්තා... දැන් එයා කැලණිය යුනිවර්සිටි එකේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්...
මට මං ගැනම පුදුම සතුටක්, ආඩම්බරයක් තියෙන්නේ... අවුරුදු විසි දෙකෙදි ජීවිතේ ගැන කිසිම තේරුමක් නැතුව යාළුවොත් එක්ක පිස්සු නටපු ආලියා අද වෙනකොට ඕනම ප්රශ්නෙකට හිනාවෙලා මූන දෙන්න පුළුවන් කෙනෙක් වෙලා ඉන්නේ...
ශවර්මා එකේ අන්තිම කෑල්ල කටේ ඔබා ගනිද්දි ටේබල් එක උඩ තිබ්බ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා...
Thara Patiya 🐥
''Be careful on your flight, habibi... I'm waiting for you... ''
''Habibi ❌
Habibti ✅
Your grammar is wrong... ''
''B!tch! I haven't seen you in six years and you're correcting my grammar? '' කියලා රිප්ලයි කරපු මගේ තාරා පැටියා, එහෙම නැත්තන් මගේ හොදම යාළුවා වෙතාරා මට අනික් පැත්තට කෝල් එකක් අරගත්තා...
''උබව නම් හදන්නම බෑ ආලියා... මං මෙච්චර එක්සයිට් වෙලා ඉන්නවා උබව අවුරුදු ගානකට පස්සේ දකින්න... මං එහෙම සිටුවේෂන් එකක ඉද්දි උබ මට ග්රැමර් ලෙසන් කියලා දෙන්න එනවනේ... අඩුම ගානේ හිත හැදෙන්න 'අයි මිස් යූ තාරා... ' කියලවත් කියපන්... එපා එහෙම කරන්න, උබට නරකක් වෙයි නේ එතකොට... ''
''තව පැය ගානකින් අපි කොහොමත් හම්බවෙනවනේ, ආයේ අමුතුවෙන් මිස් යූ කියන්න ඕන නෑනේ... ''
''එහෙනම් පරිස්සමට එන්නකෝ මං ඔයාට එයාපෝර්ට් එකේදි හොද වෙල්කම් එකක් ඇරෙන්ජ් කරන්නම්... ''
''මේ පිස්සු කෙලින්න නම් ලෑස්තිවෙන්න එපා... එහෙම වුනොත් මං ඊළග ෆ්ලයිට් එකෙන්ම ආපහු මෙහෙට එනවා... ''
''ඊට කලින් මං උබේ අණ්ඩක් කඩනවා... දැන් කෝල් එක කට් කරලා, පරිස්සමට ප්ලේන් එකට යන්න... ''
මේකිව අවුස්සලා ගන්න සතුට කුළු හරකෙක් අවුස්සලවත් ගන්න බෑ අපේ හාමුදුරුවනේ... ඒ නිසා මම කෝල් එක කට් කරන්න කලින් ෆුල් ඩ්රැමටික් වොයිස් එකකින්,
''අයි මිස් යූ තාරා පැටියො... ලව් යූ, උම්මාහ්... '' කියලා තාරාගෙන් කටින් හොද කුණුහරපයක් පිටවෙන්න කලින් කෝල් එක කට් කලා...
ලයිම් ජූස් එකත් ඉවර කලා හිස් ප්ලාස්ටික් කප් එකයි, මගේ බැක්පැක් එකයි අරගෙන මං ඉදගෙන හිටපු තැනින් එලියට ආවේ අර කප් එක ඩස්ට්බින් එකට දාලමයි... රෙස්ටුරන්ට් එකෙන් එලියට ඇවිත් මං ලේඩිස් වොෂ් රූම් එකට ආවා... ශරීර අවශ්යතාවත් ඉටු කරගෙන, මං සින්ක් එකෙන් හොදට මූන හෝදගත්තා... ඇදගෙන ඉන්න කළුපාට උරපටි ක්රොප් ටොප් එකට උඩින් මගේ බර්ගන්ඩි පාට ලෙදර් ජැකට් එක දාගත්තේ ෆ්ලයිට් එක ඇතුලේ සීතලයි කියලා දන්න නිසාමයි... ලිප්ස්ටික් එකෙනුත් චුට්ටක් ගාගෙන මිරර් සෙල්ෆි දෙක තුනක් අරගෙනම මං වොෂ් රූම් එකෙන් එලියට ආවේ ගේට් එක ලගට එන්න කියලා අණ ලැබෙනකන් ටිකක් වාඩිවෙලා ඉන්න හිතාගෙන...
හැබැයි වැඩිදුර එන්න වුනේ නෑ කොහේදෝ ඉදන් ආව පොල් ගහක් මගේ ඇගේ හැපිච්ච පාරට හාල්මැස්සා වගේ ඉන්න මම බිම පතබෑවුනා...
''Are you okay? ''
මනුස්සකමක් ගෑවිලාවත් නැති පිරිමි කටහඩකින්, ඌ නිකන් ගහගන්න වගේ ඒක ඇහුවේ... අඩුම ගානේ මට නැගිටින්න අතවත් දුන්නේ නෑ... මංම තනියම නැගිටින්න හදනකොටයි දැක්කේ බිම වැටිච්ච පාර අවුරුදු ගානක් තිස්සේ පරිස්සම් කරපු මගේ ගුචි ශේඩ්ස් දෙකේ එක අණ්ඩකට බබා හම්බවෙලා කියලා...
''මයි ගෝඩ්! අනේ මගේ ශේඩ්ස් දෙක... '' කියන ගමන් කැඩිච්ච ශේඩ්ස් දෙකයි, හෑන්ඩ් බෑග් එකයි අරගෙන මං පොල් ගහ ඉස්සරහින් හිටගත්තා...
''ඇවිදිනකොට හරි සිහියෙන් ඇවිද්දා නම් ඔය කිසි ප්රශ්නයක් නෑනේ... ''
අප්පටසිරි! මූ ඇවිල්ලා ශ්රී ලාංකික පොල් ගහක් නේ...
''මේ මිස්ටර්, මම ඇවිද්දේ හරි සිහියෙන්... ඔයා තමයි ෆෝන් එකේ සිහියෙන් ඇවිත් මගේ ඇගේ හැප්පිලා, මාව වට්ටලා, මගේ ගුචි ශේඩ්ස් දෙකත් කැඩුවේ... ''
''එච්චර ලේසියෙන් කැඩුනා නම් ඕක ෆේක් බ්රෑන්ඩ් එකක් වෙන්න ඇති... ''
''ෆේක්? මං මේක ගත්ත අමාරුව දන්නවා නම් තමුසේ ඔහොම කියන්නේ නෑ... ''
''දැන් තමුන්ට ඕන කරන්නේ මගෙන් සල්ලිද? '' කියලා අහන ගමන් මේ යකා කලිසම් සාක්කුවෙන් වොලට් එක ඇදලා ගත්තා...
''මට තමුසෙගේ සල්ලි ඕන නෑ ඕයි... මං එච්චරටම දුප්පත් කියලා හිතුවද? අඩුම ගානේ වෙච්ච වැරැද්දට සොරිවත් කිව්වා නම් හිත හදාගන්න තිබ්බා... අහකට වෙනවා මට යන්න, බ්ලඩී ඉඩියට්... '' කියලා මං උගෙන් අයින් වෙලා ඉස්සරහට ඇවිදගෙන ඇවිත් පුටු පේලියකින් වාඩිවුනා...
ඌ කාගේ කවුද කියන්න මං දන්නේ නෑ... හැබැයි වැරැද්දක් වුනාම සොරි කියන්න පුරුද්ද ඇත්තෙම නැද්ද කොහෙද? කළු කුමාරයා වගේ කළු පාටින්ම හයිනෙක් ස්වෙටර් එකකුයි, ඩෙනිම් කලිසමකුයි ඇදලා හිටිය ඒකාගේ හෙයාර් ස්ටයිල් එක අපේ ග්රැනීගේ ක්රශ් එකක් වුන හින්දි නළුවෙක් වෙච්ච දිලිප් කුමාර්ගේ වගේ... ඒ කිව්වේ අර යකාගේ කොණ්ඩේ කෙස් රොදක් නලළට වැටිලා තිබ්බේ... ඔක්කොටමත් හපන් මට නෝට් වෙච්ච එක දෙයක් තමා එයාගේ කන් දෙකට දාලා තිබ්බේ ජාති දෙකක කරාබු දෙකක්... එක කනක තිබ්බේ මුදු හැඩයේ රත්තරන් කරාබුවක්... අනික් කනේ සුදුපාට මැණික් ගලක් වගේ කරාබුවක්... අනේ මන්දා සාන්ත අද කාලේ සමහර උන්ගේ ෆැෂන් සෙන්ස් ගැන කතා කරලා වැඩක් නෑ... මං කලින් එයාට කළු කුමාරයා වගේ කිව්වේ ඌ සම්පූර්ණයෙන් කළු පාටින් ඩ්රෙස් කරලා හිටිය නිසා... එහෙම නැතුව හමේ පාට අදුරු නෑ, ඒකා මටත් වඩා කිරි පාටයි...
"Passengers traveling to Colombo, Sri Lanka, please proceed to Gate 12."
මං වාඩි වෙලා හිටියේ ගේට් 12 එකට ලගම නිසා මට පුළුවන් වුනා ඉක්මනටම ෆ්ලයිට් එකට එන්න... මිනිහෙක් ජීවත්වෙන කාලෙදි තමන් ආස දෙයක් එක පාරක් හරි කරන්න ඕන... ඉතින් මං අද Emirates ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් එකේ තමා ආපහු ලංකාවට යන්නේ... මට හම්බවෙලා තියෙන්නේ පිටිපස්සටම වෙන්න තියෙන ශීට් එකක්... ශීට් එකෙන් වාඩිවෙලා අන්තිම වතාවට මං ජනේලෙන් ජෝර්දානේ අහස දිහා බැලුවා...
''මං මෙහෙට ආවේ කොහොමද? දැන් ආයේ යන්නේ කොහොමද? '' අහස දිහා බලාගෙන මටම මුමුණගෙන ඉස්සරහා හැරුනා විතරයි අර පොල් ගහත් ප්ලේන් එක ඇතුලේ...
ෆස්ට් ක්ලාස් එකේ මගේ එහා පැත්තේ ශීට් එක විතරයි දැන් හිස්ව තියෙන්නේ... ඒ කියන්නේ මූ එන්නේ එතනටද දන්නේ නෑ කියලා හිතෙද්දිම ඌ මාව නොදැක්ක ගානට මාව පාස් කරන් සෙකන්ඩ් ක්ලාස් එක පැත්තට ගියා...
🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭
ලස්සනයි කියනවට වඩා වෙන මොනවහරි හිතුනා නම් කියාගෙන යන්න...
02 කොටසින් හමුවෙමු...
මගේ චැනල් එකට 👇
මම ඕෂධී...✍️