Second Chance

Second Chance

Senadhi ♥️

🍃පෙරවදන🌬❤️

https://telegra.ph/Second-Chance-01-27


බිඳුණු හදක පණ පෙවූ ආල ගෙත්තම ...


🍃පළමු කොටස🌬❤️

___




"ඒයිහ් රුදීයෝ....හෙමින් පලයන්.....දැන් ම මැරෙන්න ආසාවක් නෑ බ....අවුරුදු 25යි...රටට වටින තරුණ ජීවිත බන් මේ..."



"අනේ...මේ....කටවහන් හිටපන්....රෙද්ද....කොහෙද් දන්නැ උඹේ රටට වටින්නේ...මට කියලා අහගන්න එපා උඹ.....උඹ මේ මැරෙන කතා කියනවා...හෙට උඹ ට එන්න වෙයි මගේ මළ ගමට....



පිටිපස්සෙන් ඉඳන් සතියා කෑ ගහද්දී මන් තවත් ස්කූටරේ වේගේ වැඩි කළේ තවත් රෑ වුණොත් හෙට පත්තරේ යන හෙඩ්ලයින් එක ගැන හිතින් මව මව....



"පියාගේන් හා සොහොයුරාගෙන් තඩි කෑ තරුණියක් මරුට...."



ශික් වස ලැජ්ජාව....මූට එන්න වෙනෝ මාරි එකක් අරන්....



ඒකත් මූ තනියෙන් කාවි..එහෙව් එකා...



"ඒ..රුදී ඔන්න බලාගෙන...."



එක පාරටම සතී කෑගැහුවේ වේගෙන ආපු ආපි ඩිෆෙන්ඩර් එක අපේ පැත්තට වගේ කපපු නිසා...



මාත් වේගෙන් ආපු නිසා ස්කූටර් එක පාලනය කරගන්නත් බෑ...



හරි නේ දඩබඩස්.....



"සෙවල හිපාටුවා...ගස් ගෙම්බා....දෙල් කොට්ටෝරුවා....ආ වැරදුනා දෙල් නෙවෙයි පොලොස්....ර්ර්ර්....මොකක් හරි.....උගේ පාර කියලා හිතුවද දන්නැ මේක....."



"අඩේහ්.....ඌ ගියා බන්....මේ උබේ කසිකබල ගනින් මගේ ඇඟ උඩින්....කොන්ද කැඩිලද මන්දා..."



මට අම්බානෙකට රත් වෙලා තියෙද්දී එනවා මෙතන මඟුලක් කියවන්න...කේන්තියෙන් ම ඌව ඇදලා ගත්තේ කොන්ද නෙවෙයි ඕන මඟුලක් කැඩිච්ච දෙන් කියලා....ඇයි යකෝ...



මගේත් නිකන් පශ්චාත් භාගේ නෑ වගේ....



"නැගහන් උඹ මාව ගෙදරින් දාලා මේක අරන් යනෝ...හෙට ගෙනත් දියන්..."



"හරි බන් යමන්...."



"ඒහ් අර බලපන්..."



පැය භාගයක් විතර යද්දී ආයි මූ කෑ ගහනවා....මට ඉතින් මල...ඇයි යකො ගෙදර කඩු පොලු තියන් ඇති ගේට් එක ළඟ....



"මොකෝ ඒ පාර..."



"අර...ඉස්සරහ බලහන්...ඇස් ඇරලා...අපිට වද්දන් ගියපු ඩිෆෙන්ඩර් කාරයා නේද..."



හම්මට යකෝ ඇත්තනේ....ඇස් පෙනීමත් හොඳයි ඉතින් වෙලාවකට....



ඒ ඩිෆෙන්ඩර් එක පාර අයිනේ නවත්තලා...තව කවුදෝ මන්දා කට්ටයක් බැහැලා ඉන්නවා...එක පොරක් ෆෝන් එක කනේ ගහන් ඉන්නවා..මලක් ද දන්නේ නෑ...



ර්ර්ර්....මොනවද රුදියෝ උඹ හිතන්නේ....



"ඇමති පොරක් ද බන් රුදියෝ...."



"මොකෙක් වුණත් අපිට පාන්ද...මොකද කියන්නේ කොල්ලෝ දෙමුද රිටන් එකක්..."



"දෙන්න තමයි වටින්නේ....මූන් මගේ කැඩුවනේ..."



"උඹේ මුකුත් කැඩුන් නෑ නේ...කෙබර බාන්නේ නැතුව ගනින් අර වතුර බෝතලේ...."



ටික ටික උන්ගේ ළඟ ට ළං වෙද්දී සතියට කිව්වේ වතුර බෝතලේ ගන්න කියලා....



දෙන්නම් අද....



ඩිෆෙන්ඩර් එකට ළං වෙද්දී හිටපු උන් ටිකට වතුර ගැහුවේ දෙතුන් දෙනෙක් නෑවිලා යන්න....කොහොම හරි අර මල් කඩපු පැණියා නම් නෑවුනා...



"ආහ්....සබන් ගේන්න බැරි වුණා...ගෙදර ගිහින් ගාගන්න ඈ..."



සතියා කෑ ගහලා කියද්දී මම තවත් වේගේ වැඩි කරේ තව පරක්කු වෙන්න බැරි නිසා....






ගේ ළඟ බහිද්දී රෑ නවයයි...සතියට ස්කූටරේ අරන් යන්න කියලා හෙමීට ආවා ගේට් එකෙන් ඇතුළට දැන් තියෙන්නේ ගෙට රිංගන්න....හරිනේ දැන් බඩගාපන් ගස්...



හඤේ රුදියෝ...


මට ම නෝන්ඩි....හැල හොලමනක් නෑ ගෙදර.......



ශුවර් එකට ම සාලෙට වෙලා ලෙසට ම බනිනවා ඇති....



සැලෙනවද....නෑ නේ....නෑ නේ...

මේ රුදී එහෙම නෑ හී...



ගේ ඉස්සරහ තියෙනවා නේ පත අඹ ගහක්...ආන් එකේ තියෙන්නෙ කෙලින් ම මගේ කාමරේ බැල්කනි එකට වැටෙන විදියට....



ඕන් ඕකේ තමයි දැන් බඩගාන්න වෙන්නෙ...කඩවලේ ඇයි මෙහෙම...



ශේප් එකේ ගහටත් නමස්කාරය කියලා ගත්තා නගින්න....අඩියක් තියද්දි ම ඇදිලා ගියා පල්ලෙහට දළඹුවා වගේ.....



සද්දන්ත අතව මගේ වැලමිට ළඟින් යද්දී තේරුණා අද උඹ ඉවරයි රුදියෝ කියලා.....



මාගේ පරම සහෝදරයා....එක ම අයියණ්ඩිය.....මොකට මගේ වුණා ද මන්දා.....



ඒම නෑ හලී මන් ආදරෙයි...හුම්....



අද නම් පුතේ උඹ මාට්ටු....



"මොකද තමුසේ...දැන් ද ගෙවල් දොරවල් මතක් වුණේ ආ...."



ඔය පටන් ගත්තේ අපේ අයියගේ යක්ෂ වොයිස් එක....මගේ සවන්පත් දෙදරා යනවා....



"යනවා තාත්තා ගෙදර නෑ...."



දත් තිස් දෙක ම පෙන්නලා විරිත්තලා ආවා ගේ ඇතුළට.....



"යසයි....හැදෙන ගෑනු ළමයි එන වෙලාව....."



අම්මා එනවා හැදි මිටත් උස්සන්....



අයියගේ බැනුම් අහන එකට වඩා දරුණුයී නදීගෙන් හැදි මිට පාරක් කන එක...



උසේන් බෝල්ට් වෙයන්...දුවපන් රුදියෝ දුවපන්.....



අයියට වගේ ම අම්මටත් මගේ සුපුරුදු හිනාව දාලා පැන්නේ කාමරේට..


___

මන් රුද්‍යා මන්දි ඖදාර්යා...අපේ අම්මට මට කියන්න පුළුවන් නමක් තියන්න බැරි වෙලා මිත්‍රවරුණි ශෝචනීයයි අප්පා....ගෙදර ට වෙලා ඉන්න ඔහේ බැරි නිසා ෆොටෝග්‍රැෆර් කරන්න තිබ්බ ආසාවට පින් සිද්ද වෙන්න දැන් මන් ස්ටිඩියෝ එකක අයිතිකාරයෙක්...


එතකොට මගේ අයියණ්ඩිය...රදිෂ් මනරම් ඕෂධ...එයාගේ රස්සවාද පරස්තාවද මොකක්ද තමයි පොලිස්...ඔව් ඔව් ඒයා පොලිස් උන්නැහේ කෙනෙක්...කොච්චර නපුරු වුණත් මට ආදරෙයි හොඳේ...


එතකොට අපේ අම්මගේ හස්බන්ඩ් රනිල් කුලතුංග....විශ්‍රාම ලත් හමුදා මේජර් කෙනෙක්....දැනට ඔහුගේ අණසක නිවසේ පතුරා ඇති බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමි...


එතකොට අපේ තාත්තා වයිෆ් මිසිස් නදීරා සේරසිංහ....එයා නම් අපිව බලන් ගෙදර තමයි ඉන්නෙ..මට හැදි මිට උස්ස උස්ස...


එතකොට මාත් එක්ක ආපු සතියා...ඒ කියන්නේ සතිෂ් ලක්ෂාන් කියන්නේ පතා ගෙන ඔතා ගෙන ඇවිත් ලිහාගන්න බැරි වුණ මගේ බොක්කේ ෆෙන්ඩ්....මාත් එක්ක ම මගෙ ස්ටිඩියෝ එකේ වැඩ කරන එයත් ෆොටෝග්‍රැෆර් කෙනෙක්...

__



වොශ් එකක් දාන් පහළට එද්දී තාත්තා ඇවිත්....



හිනාවක් දාන් ගියේ කුස්සියට...



මාගේ ආදරණීය පණු යාළුවෝන් ට ආහාර ලබා දීමට...



කොහෙද තාමත් රවා ගෙන...



"අම්මේ..."



ම්හු....නැහ්...



"මිසිස් නදී...."



ඒත් නැහ්....



පටන් ගන්න රුදී....



අම්ම අඹවන්න ඇහැකි මේන් මෙහෙම..



"තාත්තේ අම්මා මට කන්න දෙන්නේ නැතෝ....."



"මොකද නදී පටන් ගත්තද අම්මගේයි දූගෙයි වලිය.."



අම්ම දිහා හොර බැල්මක් දාපි...



ආ ඔය ඉන්නේ නිකන්...



චොර වෙලා...



හී...එහෙම තමයි මගේ හැටි හහ්...



ෆ්‍රිජ් එකේ තිබිලා චොක්ලට් එකයි....පොඩි බිස්කට් එකකුයි අරන් ආවේ...කාමරේට යන්න...



චූටි ඔයා ට ලියුමක් ඇවිත්....



හැහ්...යකෝ...මට කොල්ලෙක් වත් නැහැනේ...



ලියුම් එවන්නේ මොකාද.....




__




කතාව හොඳයි ද..

අදහසක් කියන් යන්...



Senadhi ❤️


Report Page