SKY PRINCE 06

SKY PRINCE 06

DEWMINA


https://telegra.ph/SKY-PRINCE-02-07

6


“Robin III of house Cragen, Grand Duke of sky lands, Lord of Talons, Guardian of the Southern mountain land and Steward of Sky Dome.” 


“අවුරුදු විසි දෙකක පොඩි කොල්ලෙක්ට සෑහෙන titles ගොඩක්.” ලියා කිව්වේ සීතල ඕක් හෙවණේ වාඩිවෙලා ඉන්න අතරේ දි. 


“ අපේ family එකේ ඉඳලා තියෙනවා අවුරුදු හතරේදී lady of wildbloom වුන ගැහැණු ළමයෙක්.” මේසි විරුද්ධ වුණේ ඇපල් කෑල්ලක් කටේ ඔබාගෙන හපමින්. 


“ ඔයාලගේ family එකේ ගොඩක් ඉඳලා තියෙන්නේ ගැහැණු අය නේද?” ලියා ඇහුවා. 


මේසි අමනාපයෙන් ලියා දිහා බැලුවා. “ ස්ටේල්ටන් මහාදිපාදතුමාට විරුද්ධව රොෆ් වංශය කැරලි ගහනකොට මගේ මි මුත්තෙක් තමයි දෙදාහක හමුදාවක් ඇතුව විසි දාහක රොෆ් හමුදාව එක්ක යුද්ධ කළේ. ඒ සටනට දැන් කියන්නේ battle of broken bridge කියලා. එයා රණශුරයෙක්.” 


“ හරි හරි ඕකට තරහා ගන්න දෙයක් තියෙනවද? මම දන්නේ නැති නිසා කිව්වේ.”


“මහලොකුවට history වලට වැඩිම ලකුණු ගන්න එක්කෙනා…. මගේ අම්මට එහෙම ඇහුන නම් ඔයාට මොනවා කරයිද දන්නේ නැහැ.” 

ඒ දෙන්න මොහොතක් කතාව නතර කරලා අක්කර සියගානක් පුරා කොළපාටින් දීප්තිමත් ව දිළිසෙන දැවැන්ත හොල්ෆොර්ඩ් උද්‍යානය දිහා බැලුවා. එක එක පාටින් රෝසමල් පිපිලා පඳුරු විශාල කොළපාට අහසක විසිරුණු පාට වලාකුළු වගේ. දැකුළු පැත්තෙන් වුණේ තුරඟ තරඟ පිටිය. පංච මහා වංශවල වගේම ඒවගේ උප වංශ වල කොඩි පිට්ටනිය පුරාම ලෙල දෙනවා. ක්‍රේගන් වංශයේ රාජාලියා, බ්ලැක්ස්ටෝන්ලගේ වෘෂභ හිස, ඩන්ලන් වංශයේ කලුපාට අශ්වයා, ස්ටේල්ටන් වංශයේ නෙළුම, ඒ සේරටම වඩා උසින් තේජාන්විතව බැබලුනේ කිරුළට අධිපති හෙලියොන් වංශයේ රතු පොළඟා. 


“ ඔයා එයාව දැකල තියෙනවා ද?” ලියා බිස්කට් කෑල්ලක් හපමින් කතා කළා.


“ කවුද?”


“ලෝඩ් ක්‍රේගන් ව” 


“ එයාව දැකලා නැත්තේ කවුද අනේ…. ගිහින් tv එක දාන්නකෝ හැම නිවුස් එකකම එයා ඉන්නවනේ….. අරක බෙදුවා කියා යි, මේක බෙදුව කියයි, අරක විවෘත කළා කිය යි. මේක විවෘත කළා කියයි…. “


“ නැහැ ඇත්තටම.” 


“ හැබැහින්ම? ඔව් කිහිපවතාවක්ම” 


“එයා මොනවගේ ද?” 


“පත්තරවල ඉන්නවා වගේම තමයි අනේ, හැබැයි මේකප් නැතුව.” 


“එයා හරියට ඊතන් වගේ ද?”


“කවුරු?” මේසි ලියා දිහා හෙළුවේ සැකසහිත බැල්මක්. “ අහ්හ්…. ඊතන් වගේ ද ?... අම්…ඔව්…එයත් handsome…. . එයා හරියට ඊතන් ගේ අවුරුදු හයක් වැඩිමල් දරදඬු, නපුරු version එකක් වගේ.” 


“ එත් ඇයි ඔයා මේ දේවල් ගැන එකපාරටම උනන්දු වෙන්න පටන්ගත්තේ?” 


“නෑ නිකං….” ලියා නොවැදගත් විදියට කිව්වා. “ ඔයා හිතන්නේ ඒ දෙන්නා අතර තියෙන relationship එක මොන වගේ කියල ද?”      


“මම කොහොමද ඒක දන්නේ? සමහරවිට මායි මගේ අක්කලායි අතර තියෙන relationship එක වගේ ඇති. අනික ඔය අයියලා මල්ලිලා අතර කොහොමත් හිත නොහොඳකම් තියෙනවා නේ. සමහර විට ඊතන් රොබින් ගැන jealous ඇති.”


“මම හිතන්නේ නැහැ.” ලියාට එකපාරටම සද්දෙන් කියවුණා.


“ඔයා හිතන්නේ Mr. Handsome ට එයාගේ අයියගේ birth right එක ගැන පොඩි හරි ඉරිසියාවක් නැහැ කියලද? ඔය ලස්සනට ඉන්න කොල්ලෝ තමයි දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ.” මේසි කිව්වේ history පොත පෙරළන අතරේ. “ දැන් බලන්න තුන්වන සේලෝන් අධිරාජ්‍යයා, එයාගේ අයියව වහ දීලා මරලා තමයි රජ වුණේ. එතකොට උස්ෆර් බ්ලැක්ස්ටෝන් එයාගේ සහෝදරයෝ තුන් දෙනාම මරුවා.”


ලියා ඇත්තටම විශ්වාස කළේ නැහැ ඊතන් ඒ වගේ කෙනෙක් කියලා. එයාගේ සිහින් කටහඬේ තිබුණේ එයාගේ අයියගේ වගේ දැඩි බවක් නෙවෙයි, කරුණාවන්ත බවක්.


“මේ අහන්න ලියා මම දන්න නිසයි කියන්නේ….. ඔය ලොකු ලොකු lords ලා ladies  ලාගේ දේවල් ඒගොල්ලටම බලාගන්න කියලා ඉන්න එක තමයි වඩා හොඳ. මම එහෙම කියන්නේ ඔයා සාමාන්‍ය ළමයෙක් නිසා නෙවෙයි. කොටින්ම කිව්වොත් මමත් උත්සාහ කරන්නේ අපේ family එකේ අධිපතියෝ ස්ටේල්ටන් house එක නිතරම මඟ හරින්න…..”


“ඔයා දන්නවද ලෝඩ් රොබින් බලයට එන එක ගැන එයාගේ සෙනට් එකේ කිහිප දෙනෙක් අකමැති වුණු බව? එයාල කිව්වේ රොබින් පාලනය භාරගන්න බාල වැඩියි කියලා. එයා ටිකක් දැඩි නීති රීති ගෙන්න පටන්ගන්නකොට එයාලට ඒක තවත් වදින්න පටන්ගත්තා. ඒ නිසා එයාලා දිගට හරහට ලෝඩ් රොබින්ට විරුද්ධ වෙන්න පටන්ගත්තා. ඔයාල දන්නවද එයාලට මොකක්ද වුණේ කියලා…. උසාවි නඩු තීන්දුවක් නැතුව ආධිපාද කෙනෙකුට මිනිහෙකුගේ ජීවිතය ගැන ගන්න පුළුවන් ඉහළම තීන්දුව තමයි පිටුවහල් කරන එක……


“ඉතින් සමහරු පිටුවහල් කළා. සමහරු නීතිය ඉදිරියේ වරදකාරයෝ වෙලා හිරේ ගියා. එතේ ගම ගැටේකින්ම බේරිලා කියවන එක නතරකරපු නැති ගෙම්බෝ ටිකට මොකද දන්නවද වුණේ?”


“මොකක්ද?” ලියා ඇහුවේ තිගැස්මෙන්.


“එයාල එක එක්කෙනා අතුරුදන් වෙන්න පටන්ගත්තා. සමහරු කවදාවත් හොයාගන්න නැතිව ගියා, සමහරුන්ගේ bodies ශයින් ගඟේ පාවෙනවා දවස් කිහිපයකට පස්සේ හොයාගත්තා.”


ලියා මොහොතක් නිහඬව හිටියා. එයාට කොහෙත්ම එක විශ්වාස කරන්න අමාරු දෙයක් වුණා. ඒතරම් තරුණ කඩවසම් කෙනෙක් මේ තරම් දරුණු අන්ධකාරයකින් වැහිලා තියෙනවා කියලා ලියාට හිතාගන්න බැරි වුණා.


“එත් එයා එයාගේ මිනිස්සුන්ට ආදරෙයි, එහෙම නේද?”


“අනේ අසරණ කෙල්ල..” මේසිගේ කටහඬ වැඩිමල් ගෑණු කෙනෙක් වගේ වුණා. “ ඔය ලොකු ලොකු අය ආදරේ තමන්ටයි තමන්ගේ පවුලේ අයටයි විතරයි. ඔව්…. එයාගේ පාලනය යටතේ ස්කයිලෑන්ඩ්ස් කළින්ට වඩා බොහොම ඉක්මනින් සංවර්ධනය වෙන බව ඇත්ත. එත් එයාල කවදාවත් මිනිස්සුන්ට ආදරේ කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. එයාලට ඕන එකම දේ බලය විතර යි.”


ලියා මොහොතක් නිහඬව සිටියා. එයා සාමාන්‍ය පවුලක වුනත් එයාගේ තාත්තා හමුදා නිලධාරියෙක්. ඒ නිසා එයා නිතරම කිව්වේ එයාලව පාලනය කරන උදවිය ගැන විශ්වාසය තියන්න කියලා ,එයා කිව්වේ එයාලට් හැමවෙලාවෙම අවශ්‍යය තමන්ගේ රටවැසියන්ගේ යහපත විතරයි කියලා. හැබැයි ලියාට ඒ දේ පිළිගන්න ඒතරම් ලේසි වුණේ නැහැ. 


“ එයාට mechanical අතක් තියෙනවා කියන්නේ ඇත්තක් නේද?”


“ඔව් ඒක හැමෝම දන්නවා නේ”


“එයාගේ ඇත නැති වෙලා තියෙන්නේ යුද්ධෙන් ද?”


“මම කොහොමද ඒක දන්නේ?” මේසි පිම්බා. “ ඇයි ඔයා මගෙන් මේ දේවල් අහන්නේ? මම ලෝඩ් ක්‍රේගන්ගේ girlfriend කියලා හිතුව ද?.... අහ්හ්… එහෙම වුණා නම් කොයිතරම් දෙයක් ද? මේ අනික අපි මෙතනට ආවේ පාඩම් කරන්න නෙවෙයි ද? පිස්සු කෙල්ල කට වහගෙන ඔය පොත බලනවා.”


“….. මේ මොකක් ද අපේ essay එක.”


“ඊස්ටර්න්ලෑන්ඩ්ස්වල පලවෙනි මානව ජනාවාස”


එයාලා මොහොතක් එයාලගේ පොත් වෙතට හැරුණා. ඊටපස්සේ අවුරුදු දොළොස්දාහකට කළින් ඊස්ටර්න්ලෑන්ඩ්ස් ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තා. ඒක ලොකු ලොකු රාජකීය පවුල වල ඉතිහාසය ගැන කතාකරනවාට වඩා ගොඩක් ලේසි වුණා.


“Wow” ලියා එකපාරටම හඬක් නැගුවා.


“ඇයි මොකක්ද ප්‍රශ්නේ?”


“college එකේ fencing club එකට බැඳෙන්නේ කොහොමද කියලා දන්නවා ද?”


“ඇයි ඒ?” මේසි වටපිට බැලුවා. 


“අර කොල්ලා” 


එයාලගේ දිහාට ඇවිදගෙන ආවේ බ්ලේස් ට්‍රයිට්. එයාගේ මුහුණේ තිබුණේ ඒතරම් හොඳ බැල්මක් නෙවෙයි.


........................................................................................................


මේ අහන්න කට්ටිය

මම මේ දවස්වල busy ඒ නිසා හැමදාම එක කොටස ගානේ දෙන්න බැරිවෙයි.

comments නම් සෑහෙන අඩුයි හරිද, එහෙම වෙනකොට කතාව ලියන එක එපාවෙනවා.


Report Page