SKY PRINCE

SKY PRINCE

Dewmina

5. 


ටැලන්ස් නගරය රෑට ගොඩක් ලස්සනයි. පුංචියට වැටුණු හිරිපොදත් එක්ක මං මාවත් යන්තමින් තෙත් වෙලා තිබුනා. පළාත පුරාම එක එක පාටින් එලිය දුන්නු  night lights නිසා රාත්‍රිය තවත් සුන්දර වුනා. බ්ලේස් සහ ඊතන් තවත් අතුරු පාරකට හැරුණා.


“ රොබින් දැනගත්තොත් ඔයා street race යනවා කියලා එයා මොනවා කරයි ද?” bike එක පිටිපස්සේ හිටපු බ්ලේස් ඇහුවා. 


ඊතන් ඒ ගැන හිතන්නවත් කැමති වුනේ නැහැ. ඒක නම් ලොකු පිස්සුවක් වෙයි. 


“මම රෝන්දේ යනවා කියලා දැනගත්ත එකපාරක් එයා මගේ bike එක අයින් කලා. ඊටපස්සේ මුළු වාරයක්ම මට ගෙදර ඉඳලා ඉගෙනගන්නත් වුනා.” ඊතන් bike එකේ වේගය වැඩි කරමින් කිව්වා.


“ එයා තාම single එකේ පුදුමයක් නැහැ.” බ්ලේස් කිව්වා. 


“ වෙලාවකට එයා මහා හිසරදයක්.”


“ ඒ ඔයාට, ඔයා සාමාන්‍ය කෙනෙක් වුනා නම් එයා භිෂණයක්.” බ්ලෙස්ගේ කටහඬ එකපාරටම බැරෑරුම් වුනා. “ ඔයා දන්නවද මිනිස්සු එයාට කියන්නේ Black Hawk කියල බව?”


“එයාට ඒ තරම් බය හිතෙනවද?” ඊතන් ඇහුවා. “මට නම් එයා සමහර වෙලාවට  විහිළුවක් වගේ” 


එයාල තවත් ඇතුල් කෙටි පාරකට හැරුණා. එයාලගේ ඔලුවලට ඉහලින් චතුරශ්‍රයේ විදුලි එලි දිලිසුනා. රොබින් ඔෆ් ක්‍රේගන්, ස්කයිලෑඩ්ස්හි මාධිපාද, ටැලන්ස් මන්දිරයේ අධිපති දැවැන්ත LED තිරයක මාධ්‍යවේදියෙක් එක්ක සාකච්චාවක නිරතවෙලා හිටියා. එයා කිව්වේ ස්කයිලෑන්ඩ්ස්වල නගරබද ව පුරුද්දක් වෙලා තියෙන night race නතර කරන්න එයා ගන්න දැඩි පියවර ගැන.


එයාට තිබුනේ වයසට වඩා පරිණත වගේම දැඩි පෙනුමක්. ඊතන් හිතුවා. රැවුල දැන් සෑහෙන දුරට එයාගේ උඩු තොල උඩ  වැවෙන්න පටන්ගෙන තිබුනා.


“ ඔයාට ටිකක් ඉක්මන් කරන්න බැරිද? race එක මේ වනකොටත් පටන්ගෙන ඇති.” බ්ලේස් කෑගැහුවා. “ දන්නවද මම ඔයාට ඔට්ටු අල්ලලා තියෙන ගැන කීයද කියලා?”


“නැහැ”


“green ලක්ෂ දහයක්!”


“ මාව සෑහෙන ගානක් වටිනවනේ!”


“ ඒ හින්දා තමයි කට වහගෙන පාගන්න කිව්වේ”


එයාලා race එක පටන්ගන්න තට එනකොටත් register කරන එක ඉවර වෙලා තිබුණා.


තරුණ වංශාධිපතිවරු දෙන්නාව එතන හිටපු උස මහත ආරක්ෂකයෙක් නතර කළා. ඒ දෙන්නාම හිටියේ මුණ වැහෙන්න face mask එකක් දාලා නිසා එයාට එයාලව අඳුනගන්න බැරි වුනා. 


“ අදට event එක close කරලා තියෙන්නේ ඊළඟ මාසේ එන්න.”


“ ඔයාට පිස්සුද?” බ්ලෙස්ට කා ගැහුනා. මම මේකට සෑහෙන ගානක් ඔට්ටු අල්ලලා තියෙන්නේ!”


“ආයේ register කරන්නේ නැහැ! එච්චර යි!” මිනිහා අත්දෙක බැඳගත්තා.


කනගාටුවෙන් සුසුමක් හෙළපු බ්ලේස් green 200 නෝට්ටුවක් මිනිහා දිහාට දික් කළා. “ ආපහු open කරන්න මේ ගාන ඇති වෙයි ද?”


ආරක්ෂකයා නෝට්ටුව දිහා බැල්මක් හෙලලා එක බ්ලේස් ගේ අතින් උදුරගත්තා. ඊටපස්සේ ඔලුවෙන් සංඥා කළා. 


“ මොනාද විරිත්තන්නේ?” බ්ලේස් කිව්වේ. “ උන් කියන්නේ නම් ක්‍රේගන්ලා තමයි ස්කයිලෑන්ඩ්ස්වල පෝසත්ම පවුල කියලා.”


                                 🦅🦅🦅


බ්ලේස් ඊතන් එක්කම race එක පටන්ගන්න තැනටම ඇවිත් තිබුනා. එයා කලබලයෙන් එහා මෙහා ඇවිද්දේ ඊතන් ගැන විශ්වාසයක් තිබුනේ නැහැ වගේ. 


“ඔයාට හැමදේම ගැනම sure ද?”


“ relax bro මම මිට කලින් කවදාවත් race එකක් පැරදිලා තියෙනාවාද?” ඊතන් සැහැල්ලුවෙන් කිව්වේ එයාගේ helmet එක දෙහා බලමින්. 


“නැහ්හ්…. එත් අද එහෙම වුනොත් මම සෑහෙන සල්ලියක් පරදිනවා.” බ්ලේස් කිව්වේ දුකින්. “ එහෙම වුණොත් මගේ තාත්තා හොයාගන්නවා එයාගේ භාණ්ඩාගාරයේ සල්ලි හිඳෙන්නේ මගේ ඔට්ටු දාන වැඩ වලින් කියලා.”


“එහෙම වෙන්නේ නැහැ හරිද” ඊතන් බ්ලෙස්ගේ කරට ඇත තිබ්බා. “ දැන් බොන්න මොනවහරි අරගෙන finish line එක ගාවට වෙලා ඉන්න.” 


race එක පටන්න්ගන්න සුදානම් වුණා. ඊතන් helmet එක දාගත්තා. race එකට හැම පැත්තෙන්ම, හැම ජාතියකින්ම තරඟකාරයෝ ඇවිල්ලා හිටපු බවයි ඊතන් දැක්කේ. එයාලට එක එක විදියේ bikes තිබුණා. එත් එයාගේ එක තමයි එතන වටිනාම එක වුනේ. ඒක flat 4 engine එකක් තිබුණු smoother එකක්. හැමෝම එයාලගේ bikes race කරමින් තිබුනා. ඒවායෙන් ආවේ ලොකු ගෝසාවක්. 


“ හැමෝම බලන්න, අද ගොඩක් විශේෂ වගේම උද්වෙගජනක දවසක්. අවුරුදු හතරකින්.. අපේ අලුත් ආධිපාදතුමාට පින්සිද්දවෙන්න අද තමයි අපිට ක්රෝස්ෆොර්ක් ස්ට්‍රීට් race එක තියන්න සිද්දවුනේ. එත් අපි එකෙන් සැලෙනවද ළමයි?” නිවේදකයා කිව්වේ දැවැන්ත “නැහැ” කෑගහිල්ලකුත් එක්ක. “ අද අපිට පුරුදු මුහුණුවලට අමතරව තව එක අලුත් තරඟකාරයෙක් ඉන්නවා. අංක අට ටැලන්ස් වලින්  ෆැල්කන්” එයා ඊතන් ඉදිරිපත් වෙන නම නිවේදනය කළා.  ඊටපස්සේ එයා අනෙක් තරඟකාරයින්ගේ නම් නිවේදනය කරගෙන යන්නට පටන්ගත්තා. තරඟකාරයෝ එක අවසාන බැල්මක් හුවමාරු කරගත්තා.


“අපි හැමෝම දන්නවනේ මේක ඉවරවෙන්නේ කොහෙන්ද කියලා.” නිවේදකයා කිව්වා. “ඉතින් බයවෙන්න එපා. හොඳම මිනිහා තමය දිනන්නේ.”


ඒකතමයි ඊතන්ට අවසානයට ඇහුනු වචන ටික.


race එක පටන්ගත්තා.


හැමදාම වගේ ඊතන් පෙරමුණ අරගත්තා. දුම තුනී වෙද්දී ඊතන් දැක්කේ අනෙක් තරඟකාරයෝ එයාට වඩා මීටර් සියකින්වත් ඈතින් ඉන්නවා. එයාගේ bike එක සුළඟ කපාගෙන ඉදිරියට ඇදුනා. ‘ හැමදාම වගේ easy win එකක්’ ඊතන් හිතුවා. පිටිපස්සේ race එක ගොඩක්  තීරණාත්මක යි. එත් එයාලට ඊතන්ව අල්ලන්න බැහැ.


එයා එයාගේ bike එක තවත් accelerate කළේ ලොකු ආත්ම විශ්වාසයකින්. විදුලි එළි තුනී රේඛා වගේ එයාව පහු කරගෙන ගියා. එයා එයාගේ jacket එක අන්දලා තිබුනේ නැත්නම් එයාව හුළඟ හින්දා ගල්වෙන්නත් ඉඩ තිබුනා කියල යි එයාට හිතුනේ. එයාගේ gloves ඇතුලේ දාඩියෙන් පෙඟුනා. 


එත් මොනවහරි වරදක් තිබුනා. 


එයාගේ ඔලුවට උඩින් මිමැස්සෝ සියගානක තටු සද්දේ වගේ ඒකාකාර සද්දයක් නැඟුනා. එයා උඩ බැලුවා.


ඒ vulture කෙනෙක්. 


නැහැ සතෙක් නෙවෙයි. 


ආධිපාදතුමාගේ ගුවන් හමුදාවේ vulture කෙනෙක්. ඒවා සාමාන්‍යයෙන් නම් පාවිච්චි කළේ යුද්ධයට. එත් එකක් මෙහෙ කරන්නේ මොකක්ද කියලා ඊතන් දැනගෙන හිටියේ නැහැ. 


“ ක්‍රේගන් වංශයේ තුන්වන රොබින් මහාධිපාද තුමාගේ ආඥාවපරිදි මෙම නිත්‍යානුකුල නොවන තරඟය විසිරුවා හරින මෙන් අණ කර සිටිනවා.”


එතකොටම police car කිහිපයකුත් වීදියේ කොණින් මතු වුණා.


“කමෝන් රොබින්. සිරාවටම!” ඊතන් තවත්වේගය වැඩි කළා.

   

vulture bikers ලා පොකුරක් ඉලක්ක කරලා කඳුළු ගෑස් මිසයිල කිහිපයක් ගැසුවා. ඊතන් දැක්කා ඒ හැම bike එකක්ම පෙරළෙන හැටි. එයාලා වේදනාවෙන් කරමින්, කඳුළු පෙරමින් බිම වැටුණා. එනපොට හොඳ නැති බව ඊතන් තේරුම්ගත්තා. police cars වල සයිරන් නළා දැන් දැන් ඊතන්ට ගොඩක් ලඟින් ඇහෙනවා. 


ඊතන් සාමාන්‍ය මිනිස්සු ගමන්කරන අතුරු පාරකට bike එක හැරෙව්වා. මිනිස්සු ඊතන්ට ශාප කරමින් පැත්තකට පන්නා. සමහරු තමන්ගේ ගෙවල්වල ජනෙල් ඇරියේ මේ අරුම පුදුම ජවනිකාව හොඳට බලාගන්න. ඊතන් ට bike වල engine සද්දෙත් ඇහෙන්න පටන්ගත්තා. vulureකෙනෙක්, cars, bikes ඊළඟට මොනවද? යුද්ධ ටැංකි ද?


ඊතන් police bikers ලා නොමඟ යවන්න තවත් පටු අතුරු පාරවල් වලට හැරුණා. එත් එයාලා නැට්ට වගේ එයාගේ පස්සෙන් එල්ලිලා. 


“ තමුන්ගේ ආධිපාද තුමාගේ නාමෙන් bike එක නතර කරනවා.” ඊතන්ට එයාලා කෑගහන සද්දෙත් ඇහෙන තරමටම එයාලා ලං වෙලා හිටියා. 


“ ඒකම කරයි මම!” එයා එයාටම කියාගන්නා අතරේ bike එකේ වේගය වැඩි කළා. එයා ගෙදරක පොඩි garage එකක් අස්සට bike එක රිංගගන්න සමත් වුනා. එයාලගේ bike නතරවෙන සද්දේ ඊතන් ට ඇහුණා. එයාලා සෑහෙන වෙලා සෝදිසි කළා.  එයාලගේ  bike වල සද්දේ ඊතන්ගෙන් සෑහෙන ඈතට ගියාට පස්සේ එයා එයාගේ bike එක මහපාරට දාගත්තේ. 


එයා අතුරු මාවතක් ඔස්සේ bike එක ධාවනය කළා. මිනිස්සු එයාලගේ බලාපොරොත්තු නොවූ ජවනිකාවෙන් පස්සේ සන්සුන් වෙන්න පටන්ගෙන තිබුනා.  එත් ඊතන් ඒ තරම් අවධානයෙන් නෙවෙයි bike එක පැද්දේ. එයා කහ ඉරකින් පාර මාරුවෙමින් හිටපු වයසක ගැහැණු කෙනෙක් යට නොකර බේරුනේ අනූනමයෙන්. 


“Sorry!” ඊතන් කෑගැහුවා. එත් එකට උත්තරයක් විදියට ලැබුනේ මහා හයියෙන් බැන වැදීමක්. 


ඊතන් දැක්කා ආධිපාදතුමාගේ හමුදාවේ සන්නද්ධ රථ කිහිපයක් පාරේ කෙලවරේ නතර කරලා තියෙන හැටි. එයා හිතුවා හරි ඊළඟට යුද්ධ ටැංකි තමයි. 


“ඒයි නවතිනවා!” අළු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු පොලිස් භටයෙක් කෑගැහුවා.


ඊතන් එයාගේ bike එක අනෙක් පැත්ත හරවාගෙන වේගයෙන් ධාවනය කරන්නට පටන්ගත්තා. එයා සරින් සැරේ පිටිපස්ස බලමින් හිටපු නිසා ඉදිරිය ගැන අවධානයක් තිබුණේ නැහැ. එයාල ඊතන්ගේ පස්සෙන් එන එක නතරකරලා තිබුණ ද?


කවුරුහරි කෙනෙක් තමන්ගේ ඉස්සරහා ඉන්නවා කියලා ඊතන්ට දැකගන්න ඉඩ ලැබුනේ තත්පරයකදී විතරයි. එයාගේ මාංශ පේෂී ඉක්මනට ක්‍රියාත්මක වුණා. එයා bike එක නතරකරපු විදියට තවපොඩ්ඩෙන් එයා මහපාර මත ඇදගෙන වැටෙනවා.


“කොහෙද හලෝ යන්නේ?”


එක ඊතන් අහලා පුරුදු කටහඬක් 


“පාර තමුන්ගේ කියල ද හිතාගෙන ඉන්නේ?” 


ඒ උච්ඡාරණය එයාට හුරු යි. 


ම….මට සමාවෙන්න… මම හිතුවේ…”


“තමුසේ හිතුවේ මම යටවෙලා මැරුණා කියල ද?”


ඒ වැලි පාට කොණ්ඩය, ඒ කටකාර කතාබහ. එයා ඒ ගැහැණු ළමයව අඳුනගත්තා.


“තමුසේගේ ඇස පේන්නේ නැද්ද?”  එයා ඊතනගේ helmet එක ඉස්සරහා අතක් එහා මෙහා ගෙනිච්චා. 

එයා ඇඳගෙන හිටියේ සාමාන්‍ය grocery store එකක cashier කෙනෙක් අඳින විදියේ ඇඳුමක්. කොන්ඩේ pony tail එකක් විදියට ලස්සනට ගැටගහලා පිට මැද්දෙන් වැක්කෙරෙන්න ඉඩ දීලා තිබුණා. එයාගේ  හිනි දෙතොල්වලින් තවමත් ඊතන් දිහා ඔරවාගෙන හිටියා. 


“තමුසේ ගේ කන් ඇහෙනෙත් නැද්ද?”


ඊතන් එයාටම හිනා වුණා.


“ මම පොලිසියට කතාකරාම තමුසෙට තව හොඳට හිනාවෙන්න පුළුවන්….”


එයා අනෙක් පැත්ත හැරිලා ඇවිදගෙන යන්න උත්සාහ කළා. 


ඊතන් එයාගේ අතකින් අල්ලගත්තා.


“ මොනවද මේ කරන්නේ? තමුසේගේ මොළේ හොඳ නැද්ද? මට යන්න දෙනවා…..


“මේ ආර්යාවට ගෙදරට ride එකක් දුන්නොත් පොලිසියට කතාකරන්නේ නැතුව ඉන්න පුළුවන් ද?” ඊතන් helmet එක ගැලෙව්වා.


ඊතන්ට ගැහැණු ළමයාගේ මුහුණ වෙනස් වෙන හැටි දැකලා හිනා ගියා. එයා ඊතන් ගේ කටහඬ අඳුනගත්තා. එයා කලබලයෙන් ඉක්මනින් අත ඊතන්ගෙන් උදුරලා ගත්තා.


“Lord  ක්‍රේගන්” එයා අචාර කළා. 


“මම එකපාරකුත් කිව්වා මට එහෙම කතාකරන්න එපා කියලා.”


“ එත් ඔයා මොනවද මෙහෙ කරන්නේ?” එයා තවමත් ඊතන් දිහා බලාහෙන හිටියේ කන්න වගේ. “ ඔයා…ඔයා..night race යනවා ද?” 

“ මුළු ක්‍රේගන් හමුදාවටවත් හොයාගන්න බැරිවෙච්ච් දේ ඔයා එක පාරින් හොයාගත්තා. සුභ පැතුම්.” ඊතන් විහිළු කළා. “ මම කරපු යෝජනාව ගැන කියන්නේ මොකද?”


“ එත්…. thanks එත් එපා… මට ඇවිදගෙන යන්න පුළුවන්.”


ඊතන් bike එක start කළා. “මට හෙනෙක් කිව්වා ඇවිදිනවට වඩා වේගෙන් bike එකකට යන්න පුළුවන් කියලා.” 


කෙල්ල ටික වෙලාවක් පැකිලුනා. එයා රතුම රතු පාට වෙලා හිටියේ ටැලන්ස් මන්දිරයේ උද්‍යානයේ හැදෙන බෙරි ගෙඩියකටත් වඩා. එයා හෙමින් ඔලුව වැනුවා.


“ නගින්න”


එයා bike එකට නැගලා ඊතන්ට ගොඩක් ඈත වෙලා ඉඳගත්තා. 


ඊතන්ගේ phone එක ring වුණා.


“ මොනවද තමුසේ කරන්නේ මනුස්සයෝ? race එක ඉවර වෙලා නැහැ.” ඒ බ්ලෙස්ගේ කලබල වුනු කටහඬ. 


“ එත් මම දැක්කනේ රොබින්ගේ vulture ඔක්කොම බිම දානවා.”


“ඒත් ඒක ඉවර නැහැ, ඉක්මනට ඉන්න දිපන්කරේකින් ආපහු එනවා.”


“මම හිතන්නේ මට ආපහු එන්න බැරි වෙයි.” 


“මොනවද කියන්නනේ? ආපහු එන්න බැරිවෙයි කියලා. මගේ සල්ලි……”


“කටපියාගෙන හිටියොත් green ලක්ෂ දොළහක චෙක් එකක් හෙට මේසේ උඩ තියෙයි…” ඊතන් callඑක cut කළා. 


“ඔයා අඳුනන කෙනෙක්.” ඊතන් ගැහැණු ළමයට කිව්වා. “ ඉතින් M’lady අපි කොහෙටද යන්නේ?”


                               🦅🦅🦅


එයාල සිතල රාත්‍රී ටැලන්ස් නගරය මැදින් ගමන් කළා. ඒක පාරාදීසයක් වගේ කියලා ඉතන්ට දැනුණා. එයා පුළුවන් හැමවෙලාවකම එලියට ඇවිල්ලා රවුම් ගහන්න, enjoy කරන්න කැමැත්තක් දැක්වුවා. වාහන රාත්‍රියත් එක්කම වැඩි වෙන්නට පටන්ගෙන තිබුනා. හිරිපොද තවමත් පොලොව පහුරු ගාන එකනම් නතරකරලා තිබුණේ නැහැ.


ටැලන්ස් වල රෑ අහස ලස්සනයි. එයාට දැනුනේ එයා දිව්‍යලෝකයට ගොඩක් කිට්ටුවෙන් ඉන්නවා වගේ. හැමදාම වෙනසක් නැතුව පායන පිරුණු හඳ, සියගානක් තාරකාවල එලිය, කඳු වලල්ල අතරින් පිසදාගෙන ආපු වලාකුළු, ඊතන්ට ගෙනාව හැඟීම ගොඩක් ආදරණිය යි. 


ඊතන් කෙල්ලගේ අතින් අල්ලලා එයාගේ බද වටේ දාගත්තා.


“මම හයියෙන් යන්නයි හදන්නේ” 


ඊතන්ට දැනුණා එයාගේ පිටිපස්සේ තිබුණු උණුසුම් පොදිය තවත් උණුසුම් වෙනවා වගේ. 


කෙල්ල මේ තරම් වෙලා කතා නැතුව හිටියේ. එආ අනෙක් වංශාධිපතිවරු ඉස්සරහා කොච්චර කටකාර වුනත් ඊතන් ඉස්සරහා නිහඬ කෙනෙක් වුණා. 


“ ඔයාගේ අයියා දන්නවද ඔයා මේ විදියට රෑට race යනවා කියලා.” කෙල්ල ඇහුවා.


“ඒ ගැන හිතන්නවත් එපා.” ඊතන් හිනාවුනා. 


“ ඒක ගොඩක් අනතුරුදායක වැඩක්, ඔයා වගේ කෙනෙක් තනියම ඇවිදිනවා කියන එක.” 


“ඔයා දන්නවද ඔයාට නිදහස හොයාගන ඕනනම් ඉස්සෙල්ලම කාගෙන් ද නිදහස් වෙන්න ඕන කියලා,?” ඊතන් ඇහුවා. “ඔයාගෙන්ම”


“මටම බැරි නම් මගේ තනතුරු අමතක කරන්න. මම කොහොමද අනෙක් අයගෙන් නිදහස හොයන්නේ?” 


ඊතන් දැනුණා කෙල්ලගේ උණුසුම් හුස්ම එයාගේ බෙල්ල මත වදිනවා. එයා හිනාවුණා.


ඊතන් එකපාරටම bike එක නතර කළා. 


“ shit…”


“ඇයි මොකක්ඩ් ප්‍රශ්නේ?” 


එයාලා ඉස්සරහා පාර රථවාහන පෙළපාලියකින් වැහුනා. එක එක වර්ගයේ luxurious වාහන දුසිමක් විතර, ප්‍රභූ ආරක්ෂක රථ දහයක් විතර වගේම police bikes සෑහෙන ගාණක් කඩිමුඩියේ ඉස්සරහට විද්දා. එතන එක car එකක ක්‍රේගන් වංශයේ උකුස්සා  වගේම ඩන්ලන් වංශයේ කළු තුරඟා සිතුවම් කරලා තිබුණා. 


“ඔයාගේ අයිය ද?”


“නැහැ මගේ අම්මා” ඊතන් පිළිතුරු දුන්නා. “ එයා මොකක්ද මේතරම් රෑවෙලා මෙහෙ කරන්නේ?” 


ඊතන් එයාගේ helmet එකෙන් හොඳින් මුහුණ වහගත්ත්හා. එයාලා වෙන අතුරු මාවතකට හැරුණා. 


“ තවත් ගෙවල් දෙකෙක් ඉස්සරහින්.” ගැහැණු ළමයා කිව්වා.


“ඔයා board වෙලා ද ඉන්නේ?” 


“ඔව්” 


“ඔයාගේ ගෙවල් කොහේ ද?”


“ස්ටෝන්රිජ් වල” 


“එහෙ ගොඩක් ලස්සන තැනක් නේද?” 


“මෙහෙත් ලස්සන යි.”


“එත් ලස්සන beaches, දවස පුරාවට වැටෙන ඉර එලිය. මුහුඳු හුළඟ… ඒවා මෙහෙ නැහැනේ”


“මට ගෙදර ගොඩක් වෙලාවට මතක් වෙනවා.” 


“ ඔයා mermaids ලා දැකලා තියෙනවා ද?”


කෙල්ල හිනා වුණා. “ එයාලා මිත්‍යා කතාවල විතර යි ඉන්නේ”


“එහෙමද?” ඊතන් තොලක් හපාගත්තා. “ මම නම් දැකලා තියෙනවා.” 


ඊතන් bike එක නතර කළා. 


“ ride එකට thanks my lord” කෙල්ල කිව්වේ ලජ්ජාවෙන් වගේ. 


ඊතන් එයාට ආචාර කරලා එයාගේ අත්ල යාන්තමින් සිපගත්තා. එයා එයාගේ දුඹුරු පාට ඇස වලින් තවත් එක බැල්මක් ඊතන් දිහා හෙළලා. අනෙක් පැත්ත හැරුණා.


“මම මේ ආර්යාවගේ නම දන්නේ නැහැනේ?”


“ ලියා”  කෙල්ල කිව්වා. “ ලියා දි මේරෝ”


“ඊතන් ක්‍රේගන්’ ඊතන් ඔලුව පහත කළා.


“ ඒ නම නම් නොදන්න කෙනෙක් මේ පංච වීජිතයටම නැතුව ඇති “ එයා ලස්සන හිනාවක් ඊතන්ට තෑගී කරලා  ගේ ඇතුලට ගියා.


ඊතන් මොහොතක් එතැන් නතරවෙලා හිටියා. 


එයා එයාගේ helmet එක අතට ගත්තා.


ආපහු වතාවක් එයාගේ phone එක ring වුණා.


“මේ යකා නම්…..” ඊතන් බ්ලේස් ට ශාප කළා. 


එත් ඒ බ්ලේස් නෙවෙයි. ඒ ටැලන්ස් මන්දිරයෙන්,


“ hello….. Mr බර්කින්ස් …… මේ අහන්න….. රොබින්ට කියන්න මට college එකේ වැඩ වගයක් තිබුන නිසා එන්න වුණේ නැහැ කියලා. එයාට මාත් එක්ක තරහා ඇති…..”

“ඒක නෙවෙයි ඔබතුමාට කතාකරපු හේතුව.” හැරල්ඩ්වරයා කිව්වා. “ ක්‍රේගන් වංශයේ තුන්වන  රොබින් මහාදිපාද තුමා ඔබතුමාට දැනුම්දෙන්න කියලා සැලකර සිටියා…..”


“ ඒ ඔබතුමාගේ මෑණියන්….. එතුමිය…..”         


1 කොටස 

2 කොටස 

3 කොටස 

4 කොටස 


Report Page