Sky Prince 03

Sky Prince 03

Dewmina

https://telegra.ph/Sky-Prince-02-01-27


3

“එයාව අතාරිනවා බ්ලේස්”

ඒක හරියට හීනයකින් එන කටහඩක්‌ වගේ, පිටිපස්සෙන් හිටපු කොල්ලා කතාකරපු විදිය.

එයාට තිබුණේ විනිවිද යන වීදුරු වගේ ලා නිල්පාට ඇස් දෙකක්. ඒවා කේන්තියෙන් පිපිරුණා. එයාගේ ඕක් දුඹුරු පාට උකුසු පිහාටු වගේ කොණ්ඩය නළල දිගේ පහළට වැටුණා. ලියා කවදාවත් දැකලා තිබුණේ නැහැ කෙනෙක්ට ඒ තරම් පරිපුර්ණ සිරුරක් තියෙනවා.

එයාගේ ට්‍රයිට් තරම් මස් පිඬු තිබුණේ නැහැ. ඒත් ඒ ඇඟ ශක්තිමත් එකක් වුණා. අත් නවාගෙන ඉන්නකොට එයාගේ බයිසෙප්ස් හොඳට පැහැදිලිව පෙනුණා. එයා උසයි, පුළුල් උරහිස් සහ පපුව එයාට දුන්නේ රාජ කුමාරයෙකුගේ පෞරුෂයක්. එයාගේ ඇස් එහා මෙහා ගියේ රාජාලියෙකු ගේ තරම් වේගයෙන්. ඒවා බොහොම දක්ෂ වගේම අධිෂ්ඨානශීලි ඒවා වුණා. එයා ඕනම රණ්ඩුවකට ලෑස්ති විදියට ට්‍රයිට් දිහා බලාගෙන හිටියා.

එයාගේ සුදු පාට ටී ෂර්ට් ඒකේ කෙළවරක ක්‍රේගන්වරුන්ගේ උකුස්සා එම්බ්‍රොයිඩර් කරලා තිබුණා.

ඒ එයා තමයි. එයා තමයි ලියාගේ ස්කයි ප්‍රින්ස්

“ඇයි නැත්තම් මොනව කරන්න ද?” ට්‍රයිට් අභියෝගාත්මක ලෙස ඉස්සරහට අඩිය තිබ්බා. එයා ස්කයි ප්‍රින්ස්ට වඩා උස වුණා.

“තමුසේ බීල ද?” ස්කයි ප්‍රින්ස් ඇහුවා. ඒ දෙතොල් නැවුම් මිදි වයින් වල ගැඹුරු රතුපාට ගත්තා.

“ඒක තමුසෙට මොකටද?”

“තමුසෙ බීල ද මිනිහෝ!” මේ පාර ඉස්සරහට අඩියක් තිබ්බේ ස්කයි ප්‍රින්ස්.

ට්‍රයිට් ඉස්සරහට අතක් දික්කරලා ස්කයි ප්‍රින්ස්ගේ පපුවෙන් තල්ලු කළා. විදුලියක් වගේ ස්කයි ප්‍රින්ස් එයාගේ අත අල්ලගත්තා.

“දැනගන්නවා, මම මේක තමුසෙගෙ තාත්තාට කියනවා!”

“මොකක්ද? මම ටිකක් බිව්වා කියන එක ද?” ට්‍රයිට් කිව්වේ ලොකු වීරකමක් කරපු කෙනෙක් වගේ.

“නැහැ. තමුසෙ මට අත තිබ්බා කියලා.”

“අව්ව්ව්…. කුමාරයා බය වෙලා ද? ඇයි දැන් හදන්නේ ටැලන්ස් වලටම දුවන්න ද?” ට්‍රයිට් කිව්වේ උපහාසයක් එක්ක. “එයාට ඕනේ දෙයක් කියන්න. එයා මෙච්චර දවසක් මං ගැන හෙව්වේ නැති ඒකේ. ආයේ අලුතෙන් හොයයි ද? එයාට මං උන්න ද මළාද කියලවත් වැඩක් නැහැ.”

“තමුසේ මට කවදාවත් මෙහෙම කතාකරලා නැහැ බ්ලේස්. අරක්කු වලට මිනිහෙක්ව වෙනස්කරන්න පුලුවන් තරම,” ස්කයි ප්‍රින්ස්ගේ ඇස් කලකිරීමෙන් ට්‍රයිට් දිහා බැලුවා. “ එවලින් නැන්දා දැක්කා නම් මොනවා කියයි ද?”

“මගේ අම්මව මේකට ඇදගන්න එපා.” ට්‍රයිට් ස්කයි ප්‍රින්ස්ගේ ටී ෂර්ට් ඒකෙන් ඇල්ලුවා. ඒත් ස්කයි ප්‍රින්ස් වැඩි මහන්සියක් නැතිව එයාගේ අත පැත්තකට තල්ලු කරලා දැම්මා.

“කවදාවත් ක්‍රේගන් කෙනෙක්ට අත තියන්න එපා ට්‍රයිට් .” ස්කයි ප්‍රින්ස්ගේ ඇස්වල අනතුරු හඟවන බැල්මක් තිබුණා. “ මම ඔයාගෙම හොඳට යි කියන්නේ”

ට්‍රයිට් බිහිසුණු ලෙස අත මිටි මොලවගත්තා. එයා ස්කයි ප්‍රින්ස් දිහා දරුණු බැල්මක් හෙළුවා. මොහොතක දී ලියාට හිතුණා එයා ස්කයි ප්‍රින්ස් ට ගහයි කියලා. ඒත් එක මොහොතක දී එයාට පියවි සිහිය ලැබුණා වගේ ඇසිපිය ගැහුවා. ඊටපස්සේ තරහෙන් ඌරෙක් වගේ පිඹලා පැත්තකට වුණා.

ස්කයි ප්‍රින්ස්ගේ නිල් පාට ඇස් යොමු වුණේ ලියා දෙසට යි. එයා ලියාගේ අතකින් අල්ලගනිද්දී ලියාගේ හදවත පපුවෙන් එළියට පනී ද කියලා ලියාට බය හිතුණා.

“M'lady. මගේ කසින් වෙනුවෙන් මට සමාව දෙන්න. එයා මේ වගේ කෙනෙක් නෙවෙයි. එයා වැදගත් මහත්තයෙක්. ඒත් පේනවා නේද අරක්කු වලට කරන්න පුළුවන් දෙයක්.” ලියා හිතුවේ මලානික ආලෝකයෙන් එයාට කොල්ලගේ අතේ නහරවල ලේ ගලාගෙන යන විදියත් පේන තරමටම එයාගේ හම තුනියි කියලා. “ විශ්වාස කරන්න. ඒවාට පුළුවන් රජවරු වුණත් සත්තු බවට හරවන්න. එයා ඔයාට මොනවත් නරක දෙයක් කිව්වේ නැහැ නේ?”

වචන ලියාගේ උගුරේ හිරවුණා. එයා කොහොම වචන ගලපන්න ද? මේක හරියට එයාට හීනයක් වගේ. එයාගේ ඇඟිලි පවා වෙව්ලුවා.

“හා.. හා.. හායි.” ඒ වෙලාවේ කියන්න පුලුවන් පිස්සුම වචනේ ලියාගේ කටින් පිටවුණා.

ස්කයි ප්‍රින්ස්ගේ මුහුණට හිනාවක් නැගුණා. “එයා එච්චර ද කිව්වේ?”

“ඔ.. ඔව්…එතකොට… තව වැදගත් දෙයකට කියලා කිව්වේ, එයාගේ තාත්තා තමයි ලෝඩ් ඔෆ් ත්‍රී ටවර්ස් කියලා.”

“එහෙම ද?” ස්කයි ප්‍රින්ස් ට්‍රයිට් දිහා බැලුවා. “ එතකොට එයා කියන්න ඇති එයා වෙන්ඩ ලෝඩ් ඔෆ් ත්‍රී ටවර්ස් කියලා.”

“අඩුම තරමේ මම වෙන්ඩ ලෝඩ්.” ට්‍රයිට් කිව්වේ නයිට් ඇඳුමකට වාරු ගනිමින්. “ තමුසේ වෙන්ඩ ලෝඩ් ඔෆ් ටැලන්ස්වත් නෙවෙයි නේ?ටැලන්ස් ඔයාගේ බර්ත් රයිට් එක නෙවෙයි.”

“මතක් කරලා දුන්නට තෑන්ක්ස්, ඒත් මම ඒක දන්නේ අපි හිතමු…. මම ඉපදෙනකොටම වගේ.”

“හරි ඒවායින් වැඩක් නැහැ. චන්ඩියා දැන් කොහොමද තමුසේ හිතාගෙන ඉන්නේ ආපහු ඩෝමෙට්‍රි එකට යන්න? ” එයා කිව්වේ ඇත්තක්. ට්‍රයිට් හිටියේ බිම බඩගාමින්. ලියාට බය හිතුණේ එයා වමනේ කරලා ලස්සනට අල්ලලා තිබුණු කාර්පට් එක සවුත්තු කරයි කියලා.

“මට සමාවෙන්න M’lady. මම මෙයාට උදව් කරන්න ඕන.” ස්කයි ප්‍රින්ස් ට්‍රයිට් වෙත ගිහිල්ලා එයාව නැගිට්ටව්වා.

“ කරුණාකරලා මට ගර්ල්ස් ඩොමෙට්‍රි එකට යන පාර පේන්නනව ද? මම හිතන්නේ මම අතරමං වෙලා.” ලියා අමාරුවෙන් වචන ගලපගත්තා.

“ෂුවර්, ඒත් එස්සෙල්ල මේ ගඳ ගහන හරක් පැටියව කාමරෙන් තියලා එන්න ඕනේ.” එකපාරටම ට්‍රයිට් ළඟ තියෙන නයිට් ඇඳුමක් මුළු ශාලාවම දෙවනත් වෙන්න වට්ටවමින් බිම පෙරළුණා. “ පේනවා නේ”

ලියා ඔළුව වැණුවා. ස්කයි ප්‍රින්ස් ට්‍රයිට්ව කරේ ගහගෙන කොරිඩෝ ඒකේ අඳුරු පැත්තට නොපෙනී ගියා. ලියාට නැවතත් අනාරක්ෂිත බවක් දැනෙන්නට වුණා. මොහොතකට කලින් එයා එයාගේ කුමාරයත් එක්ක ආරක්‍ෂිත වුණා. ඒත් එයා ආයෙත් පාරක් අඳුරේ තනි වෙලා.

එයා දන්නේ නැහැ එයා කොයිතරම් වෙලාවක් එතැන හිටියා ද කියලා. කොරිඩෝ එක හරහා හමපු සුළඟ ඇඟ හිරි වැටෙන තරම් වුණා. අන්ධකාරය එක එක විදියේ සෙවණැලි මැව්වා. එයා මොහොතක් හිතුවා ස්කයි ප්‍රින්ස් ආපහු එන එකක් නැහැ කියලා. එයාට කලින්ටත් වඩා බයක් හිතට දැනෙන්නට වුණා.

එයාට අඳුර තුළින් ඈතින් කෙනෙක් කරපු කෙඳිරි ගෑමක් ඇහුණා. හරියට යුද්ධයක දී තුවාල ලබපු සොල්දාදුවෙක් වේදනාවෙන් කල කෙඳිරි ගෑමක් වගේ. එහෙමත් නැත්නම් ඒ ට්‍රයිට් බීපු මතින් කරපු කෙඳිරියක් වෙන්න ඇති. ඒ මොක වුණත් ඒක ලියාව තිගස්සුවා. එයා පිටිපස්සට හැරුණා.

එතකොටම ෆ්ලෑෂ් ලයිට් එකක් ලියාගේ මූණට වැදුණා. එයා එයාගේ ඇස් අතින් වගහත්තා.

“ඔයා බය වුණා ද?” ස්කයි ප්‍රින්ස් එයාගේ ෆෝන් එක පහත් කළා. “බයවෙන්න එපා. මොන මිස්ටමීර් අවතාරයක්වත් ක්‍රේගන් කෙනෙක් ඉන්න පැත්ත පළාතකට එන්නේ නැහැ.”

🦅🦅🦅

ස්කයි ප්‍රින්ස් අතරමගදී ලියා එක්ක එක වචනයක්වත් කතා කලේ නැහැ .

‘ටිපිකල් ක්‍රේගන් අහංකාරකම.’ ලියා හිතුවා. ඒ අතරේ එයා ස්කයි ප්‍රින්ස්ගේ මුහුණ දිහා බැලුවා. එයාට තිබුණේ කලාතුරකින් ලැබෙන විදියේ ළප කැළැල් නැති පැහැපත් මුහුණක්. එයාගේ තුනී දෙතොල් වලින් එයා සිංදුවක් සිවුරුහන් කරමින් හිටියා. එයාගේ කම්මුලක වංශවත් බවේ සංකේතයක් වගේ වුණු පුංචි බර්ත් මාර්ක් එකක් තිබුණා. එයාට තිබුණේ ගනකම් ඇහි බැම්. ඒක සමහර විට එයාගේ අම්මගෙන් එන එකක් වෙන්න ඇති කියලා ලියා හිතුවා. ගනකම් ඇහි බැම කියන්නේ තියුණු ඩන්ලන් වංශයේ ලක්ෂණයක්.

ලියාට එයාගේ අත අල්ලන්න ඕන වුණා. එයා එහෙම කලොත් ස්කයි ප්‍රින්ස් මොන විදියට ප්‍රතිචාර දක්වයි ද කියලා. කෑගහයි, හිනා වෙයි, සමහර විට ලියාව එල්ලන්න නියම කර යි, එහෙමත් නැත්නම් එයා ආපහු ලියාගේ අත අල්ලගනියි ද?

“මේක තමයි මගේ රූම් එක.” ලියා නතර වුණා. “පාර පෙන්නුවට තෑන්ක්ස්.”

ස්කයි ප්‍රින්ස් ලියා දිහා කුතුහලයෙන් බැලුවා. “ඔයා හරි අමුතු කෙල්ලෙක් නේද? ‘මයි ලෝඩ්’ කෑල්ලක් නැහැ.”

“සොරි මයි ලෝඩ්” ලියා කලබලයෙන් ඔළුව පහත් කළා.

“නැහැ.. ඒකට කමක් නැහැ. ඇත්තටම, මම යි සමාව ඉල්ලන්න ඕන. මම ආශ්‍රය කරලා තියෙන්නේ ගොඩක් ෆැන්සි කෙල්ලෝ. ඔයා වෙනස් කෙනෙක්.”

‘සමහරවිට සිය ගාණක්’ ලියා හිතුවා.

“කොහොමහරි අද වෙච්ච දේ ගැන සමාවෙන්න.” ස්කයි ප්‍රින්ස් ලියාගේ අතකින් අල්ලමින් කිව්වා. “ඒ වගේ දෙයක් ආයේ වෙන්නේ නැහැ කියලා මගේ කසින් වෙනුවෙන් මම පොරොන්දු වෙනවා. ගුඩ් නයිට් M’lady.”

“ඇත්තටම මම ආර්යාවක් නෙවෙයි.”

“හැම ගැහැණු ළමයෙක්ටම ආර්යාවක් වෙන්න පුළුවන්.” ස්කයි ප්‍රින්ස් එයාගේ අත යාන්තමින් සිම්බා.

ලියාගේ සිහිනවල හිටපු කුමාරයා එයාට අවසන් වතාවට ආචාර කරලා අඳුරේ නොපෙනී ගියා.

ලියා කෙලින්ම ගියේ ඇඳට. එයා දැනගෙන හිටියා එයාට නින්ද යන්නේ නැති බව. එයාට මේ හීනයක් ඉවර වෙන්න ඕන වුණේ නැහැ.


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


කතාවේ හොඳ නරක comment කරගෙන යන්න.

තේරෙන්නේ නැත්නම් කියන්න 🥹


Report Page