SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-07

දොලොස්වන කොටස

තේ බීලා ඉවර වෙලා සනුකි එකිය වෙලා ඉදියා ටිකක් . සනුකි එතකොටම දැක්කා ආදිත්‍ය එතන එහා පැත්තෙ තියෙන බෝයිස් රූම් එක ලග ඉන්නවා.


අරූ මෙකෙද නැවතිලා ඉන්නෙ.

මට මොකද මොකෙ ඉදියත් දැක්කෙ නෑ වගෙ ඉන්න ඔනෙ .


ආදිත්‍යත් එලිය වෙලා ඉදියා .

එ අන්න අරකි ඉන්නවා. මොන මගුලක් කරනවද දන්නෙ නෑ .එලියට වෙලා .මට මොකද මොන මගුලක් කරත්. අරුන් එක්ක කියවලා මහන්සි ඇති .ආදිත්‍ය හිත හිත ඔරවගෙනම ඇතුලට ගියා.


යකො මෙ හිගන්න්ගෙ ගෑස් බලහල්ලකො . සනුකිත් හිතෙන් බැන බැනම ඇතුලට ගියා.


කොහෙද බන් ඉදියෙ.


එලියට වෙලා ඉදියා බන් පොඩ්ඩක් .


හ්ම් අපි දෙන්නත් අම්මලට ලියුමක් ලිව්වා.


එක හොදයි බන්.


හ්ම් මෙ අපි නිදාගමු නෙ . හෙට යන්නත් එපැයි.


ඔව් ඔව් යමන් නිදාගන්න ගුඩ් නයිට් සුදූලා.


ගුඩ් නයිට් බන්.


තුන් දෙනාම ඇදට වැටුනා නිදාගන්න. සනුකිට ඉතින් කලන්තෙ වගෙ වැටුන ගමන් නින්ද යනොනෙ ...


උදෙම තුන් දෙනා ඇහැරුනා එලාම් එකට තේක බීලා පාන්දරම ඇග හෝදගන්න ගියා.සනුකි නම් ආවෙ ගැහි ගැහි .


අඩො සීතලයි බන් .


ඔව් යකො දත කට පූට්ටු වෙනවා මෙ සීතලට දෙව්මි කිව්වෙ හිනා වෙන ගමන් .


උබෙ කට නම් වැහෙන එක හොදයි තමා.


ඇත්තද? ලැස්ති වෙයන් .



හ්ම් හ්ම්.


සනුකි ආර්මි කලිසමට කලු ටී ශර්ට් එක දාල කලු ජැකට් එක දැම්මා. මේසුයි සපත්තු දෙකයිත් දාලා කොන්ඩෙ උඩට කරලා පෝනිටෙල් එකක් දාගත්තා . ඒ ගොල්ලොන්ට ඔනෙ ඔනෙ විදිහට කොන්ඩෙ දාන්න වත් අදින්න වත් බෑ. එකයි එ විදිහට ඇන්දෙ.


අපිට වෙන ඇදුම් අදින්න බැරි උනාට මෙවට වෙන ඇදුම් වලට වඩා ලස්සනයි නේ බන් .


ඔව් බලපන්කො දෙව් සනුගෙ ලස්සන .


හම්මෙ සිරාවටම බන් .


පලයන් බන් යන්න බලපන් උබලා දෙන්නගෙ ලස්සන .


තැන්කු තැන්කු යමන් බැග් එක ගනින්.

සනුකිලා බෑග් එකත් දාගෙන එලියට ආවා. හුගක් ඉදියෙ නෑ සනුකි ,දෙව්මි , ආකාශයි නෙතුම් ලායි දේශානුයු තව පස් දෙනුකුයු අර තුන් දෙනයි තව කෑම්ප් එකෙ ඔෆිසර්ස් ල ටිකකුයි ඔක්කොම 15 යි ඉදියෙ.


ආර්මි එකෙ ජීප් තුනක් තිබ්බා යන්න .


සනුකි අනික් දෙන්නයි නෙතුමුයු දේශානුයි ඉක්මනින් එකකට නැගගත්තා. ආදිත්‍ය ට යකා ඇවිස්සිල.


හා දැන් අපි ද මුන්ගෙ ඩ්‍රයිවර් ලා අර බලපන්කො අර හිපාටුවො දෙන්නෙක් එක්ක අරුන් ඉන්න හැටි ශෙනෙලයා.


අපිට මොකද පාඩුවෙ යමන් බන්.


ඉදපන් දෙන්නම් වැඩක් අරකිට.


මේ හයියෙන් අල්ලගන්නවා නැත්තන් යන වේගෙට අරයා බිම ඉදී .ආදිත්‍ය කිව්වෙ සනුකිට...

මුගෙ කට බලපන්කො දෙව්මි .


මෙ කට වහන් ඉදපන් සනූ නැත්තන් සිරාවටම උබ බිම ඉදී . මොනා උනත් ඔෆිසර් කාරයා කිව්වෙ ඇත්තෙ නෙතුම් කිව්වෙ හිනා වෙන ගමන් .


කට වහන් ඉදපන් නෙතුම් මන් දානවා උබව බිමට .


මෙ මන් උබෙන් අහන්න ඉදියෙ මොකක්ද අච්චර ආදිත්‍ය කාරයා එක්ක තියෙන වලිය උබට.


මේකිටද ඉදපන් මන් කියන්නම් ආකාශා පැනපු ගමන් කිව්වා.


අපො උබත් .


ආකාශා විස්තරෙ කිව්වා.


ආ සුදු ඒකද මෙ .ඉතින් උබ ඒ හිගන්නට ලව් කරාද ?


අනෙ මෙ නෙතුම් මන් උබවා ඇදලා දානවා බිමට මට වැඩෙමනෙ . මට කේන්ති බන් කනෙ පාරක් ගහපු වෙලෙත් මූ එක බොරු කිව්වා එකයි.


මේ ඇහෙයි යකො හිමින් කත කරපන් .


ඇහිච්චදෙන්.


උබ බනිද්දි ඌ ඇයි කට පියන් ඉන්නෙ ඈ බන් . උබට ඔෆිසර් කෙනෙක්ට බනින්න බෑ .


බෑ තමයි ඌ මාව කිඩ්නැප් කරානෙ. ඒක කියයි කියලා බයෙ වෙන්නැති .


අනෙ මන්දා බන් ආතල් ඔයි .


පලයන් යන්න.


_________________________



මේ ආදියා මොනාද දන්නෙ නෑ නෙ බන් පිටිපස්සෙ අරුන් කතා කරන්නෙ ? ශෙනෙල් ඇහුවෙ ආදිත්‍ය ගෙන්.


අනෙ අපිට මොකද බන් මොනා කතා කරත් .


එකත් ඇත්ත . අපරාදෙ මෙ හිපාටුවො මෙකට ආවෙ නැත්තන් මිහින් මේකෙ යනවනෙ .


ඔව් ඉදපන් යමන්කො කෑම්ප් එකට.


සනුකි ලා හැමොම 4 වෙද්දි යාපනෙට ආවා. වාහන නවත්තලා පයින් යන්න තිබ්බෙ කෑම්ප් එකක් කිව්වට ට්‍රේනින් එකෙ කොටසක් කන්න බොන්න එහෙම නැතුව ඉන්න වෙනවා.ටිකක් දුශ්කරයි .කෑලෑවක් හරියෙ තමයි තිබ්බෙ .


...............................


ආ මේ බෑග් එක ගන්නවා ඒවත් අපිද උස්සන් යන්න ඔනෙ.ආදිත්‍ය ලොකු බෑග් එකක් සනුකිට දුන්නා . දුන්නා නෙමෙ දමලා ගැහුවා.


මේ මන් ඉවසනවා තව ටිකක් මුගෙ කේන්තිය මන් වැරැද්දක් කරලාත් නෑ හොදයි බලමුකො.


ආදිත්‍ය ගෙන් බෑග් එක අරගෙන වචනයක් වත් කතා නොකර සනුකි ලොකු බෑග් එකත් එල්ලගෙන එකතු උනෙ නෙතුම් ලා ලගට.


මේ සනු උබට ඔක බර වැඩි නෙ දීපන් මට .


මෙ උබට ඔකත් තියනවනෙ.අනික මෙක දුන්නෙ අරු ඔක උබට දුන්නොත් මන් අහගන්නවා සුපිරියට යමන් බන් .පිස්සෙක් මහා.


සනුකි කිසි ගානක් නැතුව බෑග් එක අරන් යනවා ගල් උඩින් පැන පැන . ආදිත්‍ය හිතුවෙ සනූට බැරි වෙයි කියලා.


ඒ ආදිත්‍ය අර බලපන්කො අරකි යන හැටි.


එ ඔව් බන් මාත් බැලුවෙ එක .


උබ මොකටද්ද දෙව්මි දිහා බලන්නෙ ආ ගල් ඉබ්බො


අනෙ මෙ යකො මන් කිව්වෙ දෙව්මියෙක් ගැන නෙනෙ සනුකි ගැන .


ආ එහෙම කියපන්.


අපො ශෙනෙල් උබත් .


ඇයි ඇයි මේ බලහන්කො මිහිනයා මුට විතරයි පැනි හලන්න පුලුවන් .


කවුද යකො පැනි හැලුවෙ .


නැ නැ උබ අර කෙල්ලට අදත් බලු වැඩෙනෙ කරෙ.


නැ නැ හොද වැඩෙ ඔකිට .


වැඩක් නැ ආදි එකි ගානට යනවා ශේප් එකෙ අර බලපන්.


ඒ ඔව් බන්.


_________________________



සනුකි බැග් එකත් අරන් ගල් උඩින් පැන පැන ගියා .ලේසියෙන් ගියෙ සනුකි ලොකු බරක් නැති නිසා ටිකක් කෙට්ටුයි සනුකි.


මෙ උබ ගානට යනොනෙ බන් දේශාන් කිව්වා විතරයි සනුකි ගලක් උඩ ලිස්සලා වැටුනා.


ඒ සනුකි වැටුනා නෙද ? දෙව්මි ට එක පාරට හිනා ගියා.


මොකද යකූ හිනා වෙන්නෙ නැගිට්ටපන් මාව.පාප මිත්‍රයො බොලා...


ඒ නැගිට්ටපන් මෙකි ගෙ කකුල හීරිලා ලෙ එනවා.


හම්මට ආදිත්‍ය අන්න අරකි ලිස්සලා වැටුනා නෙද?


එ ඔව් යකො.

.........................

: @මාශි


සොරි අද පරක්කු උනා වෙනදට කලින් ටයිප් කරලා තියනවා අද වැඩත් එක්ක බැරි උනා.


කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්.



Report Page