SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-04


නවවන කොටස

කොහොම හරි සනුකි ආදිත්‍ය ට හිතින් බැන බැන ඉදියෙ. දවල්ට කන වෙලාවට තමයි සනුකිට දෙව්මිලවත් හම්බුනෙ.


මොකක්ද බන් උනෙ උබලා ඇයි මට ඇහැරුවෙ නැත්තෙ ?


කොහෙ ඇහැරවන්නද යකො ආදිත්‍ය කාරයා එතනට අවා අපි ගියා උ ඇහැරවන්න එපා කිව්වා.


ඒ කියන්නෙ මෙ ගල් ඉබ්බා ඔනෙ කමෙන් කරෙ මෙක. හිටපන් මන් ඔය පොලොස් කොට්ටොරුවව අල්ලගන්න.

ආදිත්‍ය කරපු වැඩ සේරම සනුකි එකක් නෑර දෙව්මිටයි ආකාශටයි කිව්වා.


අඩො ඌ මාර ඩයල් එකක්නෙ .දෙව්මි ලා බඩ අල්ලගෙන හිනා වෙනවා.


උබලා හිනා වෙයන් . අම්මපා මට යකා ඇවිස්සෙනවා බන් ඔකා එක්ක.


ඒ ඒ අන්න අරුන් එනවා.


කවුද ?


ආදිත්‍ය යයි අනික් ඔෆිසර්ස් ලා දෙන්නයි.


ආ හැලගෙම්බා.


සනුකි හිමින් යකො .ඇහැයි.


ඇහිච්චදෙන් මට මොකො.


අම්මපා උබෙ කට නම් .


අන්න එනවා.


හායි කනවද ඔයාලා ?


නෑ සර් මෙතන නාගන්න කියලා හැදුවෙ . සනුකි කිව්ව නෙමෙ කියවුනා . අම්මප සනුකි උබෙ කටටත් බ්‍රේක් නෑනෙ සනුකිටම කියාගත්තා .


මොකක්ද කිව්වෙ සනු?


මුකුත් නැ සර් .ඔව් කනවා අපි මෙ...


ශෙනෙලුයි මිහිනුයි ඉදියෙ අනික් දෙන්න එක්ක බර කතාවක... එ ගොල්ලො සුහදව කතා කරාට සනුකි ආදිත්‍ය කරේම මරාගන්න එක.


මෙ තමුසෙගෙ ලොකුකම .උදෙ කෑම එකත් එපා කියලා දමල ගහලා ආවෙ.


අනෙ මේ කුනු කතා අහගෙන මට කන්න ඔනෙ නෑ.


මෙ තමුසෙගෙ කට වැඩි හොදෙ.


ඇත්තටම ඔෆිසර් කෙනෙක්ට මෙහෙම කතා කරා කියන්නෙ වෙන එකෙක් වගෙ නම් කන පලනවා .එත් ආදි ගර්ල්ස් රුම් එකකට ආවා අනික සනුකිව අල්ලගත්තා ඉතින් මුකුත් කියන්න බෑ.


මන් එහෙම තමයි.


යකො මන් උබෙ ට්‍රේනින් ඔෆිසර්.


ආ ඔෆිසර් ගෙ ට්‍රේනින් එක ගැන කියන්නද මන්?


ඇයි බ්ලැක් මේල් කරනොද ?


වෙන වැඩ නෑනෙ.


මෙ තමුසෙ ඇයි මට කැරපොත්තා කියන්නෙ?


කැරපොත්තෙක් වගෙ නිසා.


අම්මපා ආදිත්‍ය මෙකිගෙ කට තමයි කට . ආ ඇත්තද තමුසෙ ලස්සනයි නෙ හරි හූනෙක් වගෙ ඔයි.


හූනා මන් කියන්නෙ නෑ මුට හූනගෙ හැටි.


මොනාද තමුසෙ තනියෙම කුටු කුටු ගාන්නෙ.


මොකුත් නෑ සර්.


සර් සර් ගාන්නෙ බොරුවට දැන්නෙ.



කැරපොත්තා.සනුකි එහෙම කිව්වහම ආදිත්‍ය යට එක පාරට බකස් ගාලා හිනා ගියෙ සනුකි ඒක කියපු විදිහ. මුනත් අමුතු කරගෙන .


මොකො හිනා වෙන්නෙ?


නෑ මුකුත් නෑ තමුසෙගෙ අත හොදද ?


හොදයි .


ආ එහෙම වෙන්න ඔනෙ . මේ ආදිත්‍ය යගෙ සාත්තුවක් කවදාවත් වැරදෙන්නෙ නෑ කෙල්ලෙ.


ආ ඇත්තද මේ සනුකිගෙත් එහෙම තමයි. ඔය අත වහගන්නවා. නැත්තන් වෙන වයිෆ් හිතයි පූසෙක් හූරලා කියලා.


ආදිත්‍ය ය බඩ අල්ලන් හිනා වෙනවා.


මොකො හිනා වෙන්නෙ ?


පූසෙක් නෙමෙ පූසියෙක් අනික මට වයිෆ් කෙනෙක් නෑ යකො. ආතල් දෙන්න එපා.


අනෙ හා සොරි .


එනවා එනවා ප්‍රැක්ටිස් වලට.


දැන් මන්ද කියො කියො ඉදියෙ මූ නම් මගෙ ඇගෙ ලේ ටික රත් කරලා මයි නවතින්නෙ හැමදාම .


මොනාද කුටු කුටු ගාන්නෙ.


මොනා හරි ඇයි?


අනෙ අම්මපා සනුකි තමුසෙ ව පොඩි කාලෙ මිරිස් බාජනෙකට වැටුනද?


ඔව් ඔව් . නිකන් නෙමෙ නයිමිරිස් බාජනෙකට වැටුනෙ ඇයි අවුල්ද?


අම්මො නැ .කොයි වෙලෙත් පුප්ප ගත්තු ගමන් . යකො මන් ඔෆිසර් කෙනෙක් කියලා වත් ගානක් නෑනෙ .


පුප්ප ගන්න නයෙක් නෙමෙ මන් අනික ඔෆිසර්ස් ලා කෙල්ලොන්ගෙ කාමරෙට රින්ගන්න මොකටද ?


මේ මන් මෙතනට ආවෙ පාන් කාලා නෙමෙ . මන් ලොකු පෝස්ට් එකක ඉන්නෙ මට ඔනෙ දෙයක් කරන්න පුලුවන් .


සනුකි ටත් තේරුනා එක ඇත්තක් කියලා.


මොකො කට වැහුනෙ. අන්න එහෙම ඉන්නවා.


සනුකි ආදිත්‍ය වත් තල්ලු කරගෙන ගියා එතනින්.


සනුකි ට්‍රේනින්, දේශන ඉවර කරලා 7.30 කෑම කාලා 9වෙද්දි දන්නෙම නැතුව නින්ද ගියා .සනුකි නොදැන්නුවට සනුකිට හුගක් තෙහෙට්ටුයි ඇගට. එක නිසාම දෙව්මි ලට කලින් නින්ද ගියා ....




ඔන්න කතාව ගෙනාවා .පොඩ්ඩයි තියෙන්නෙ සොරි වේවා එකට ... මන් හිතුවෙ ටයිප් කරලා කියල එත් අමතක වෙලා ටයිප් කරන්න. කම්මැලි හලො එත් ඔයාලා බලන් ඉන්නොනෙ... පොඩ්ඩක් ටයිප් කරෙ . ඉලගට දිග එකක් දෙන්නම් . මම් පික් එක සැරෙන් සැරෙ වෙනස් කරනො හොදෙ ...


කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.


@ මාශි

Report Page