Nine Worlds - VI

Nine Worlds - VI

Anuhas Indumina

|Draupnir - The story of a Cursed Ring 💍|


Part I

Part II

Part III

Part IV

Part V

Part VI - 01

Part VI - 02

Part VI - 03


Frigg සහ Odin ගේ මුද්ද
Draupnir


🔰 මේ ශාපලත් මුද්දක් ගැන කියවෙන අයිස්ලන්තයේ කතාවක් . ඒක හරියට....... LOTR වගේ.



☣️ මුුුුලින්ම මේක පටන්ගන්නේ Balder ගෙ මරණයෙන් පසුව. Odin ළඟ තිබුණා මායා මුද්දක් Draupnir කියලා. ඒ මුද්දට පුලුවන් හැම නව වැනි රැයකම අලුත් මුදු 8ක් හදන්න. Odin ඒ මුද්ද Balder ගේ මිනී පෙට්ටයත් සමග වැළලුවා.


☣️ ඒත් මොකක් හරි විධියකින් අවමංගල්‍ය උත්සවයෙදි Draupnir මුද්ද Andvari කියන වාමනයා හොරකම් කරනවා.


ℹ️ වාමනයො නැත්නම් dwarf ලා ජීවත්වෙන්නේ Svartalfar ලෝකයේ. උන් ලෝහ වලට මරා ගන්න උනත් කැමතියි. වැඩියෙන්ම රත්රන් වලට.

Dwarf ලා ගැන වැඩි විස්තර මේ telegraph එකේ තියනවා. ➡️ Part I


☣️ Andvari පයික් මාලුවෙක් විදියට වෙස් වලාගෙන මුද්දත් අරගෙන ඇලකට පැනලා Odin ගෙන් බේරිලා යනවා. Odin Andvari ව අල්ලන්න යවන්නේ Loki ව. (නියම කෙනාව යවලා තියෙන්නේ.)


☣️ Loki Andvari ව අල්ලගෙන ඌ ළඟ තියන රත්රන් සියල්ලම බලෙන් අරගන්නවා. Draupnir මුද්දත් එක්කම. ඒත් එක්කම ඌ මේ මුද්දට ශාපයක් කළා;

ඒ මුද්ද ළඟ තබාගන්න හැම කෙනෙක්ටම මරණය හා දුක්ඛිත බව හිමි විය යුතුයි සහ ඔවුන් මරණය හා දුක්ඛිත බව පතුරවන්න ඕන කියලා.


☣️ Loki මේ ගැන දැනගෙනත් මුද්ද Odin ට දුන්නා. Odin Draupnir මුද්ද Friggට දුන්නා. Loki ඉතුරු රත්රන් ටික Hreidmar නම් රජෙක්ට දුන්නා.

Hreidmar ට පුතුන් 3 දෙනෙක් හිටියා.

⚪ Otter (Otr)

⚪ Regin

⚪ Fafnir


⁣☣️ මේ අතරින් Otter ට සතුන් බවට හැරෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට Otter හිටියේ දියබල්ලෙක්(Otter) වගේ. ඒවගේම Fafnir ට මකරෙක් වෙන්න පුලුවන්.


☣️ Loki Otter ව ගලකින් ඔලුවට ගහලා මැරුවා. ඒ වෙනුවෙන් Loki ට සිද්ධ වෙලා තිබුණා Otter ගෙ තාත්තා, Hreidmar රජුට වන්දියක් ගෙවන්න. වන්දිය වුනේ Otter ගෙ ශරීරයට වහන්න තරම් රත්රන් දීම.


☣️ Loki Andvari ගෙන් ගත්ත රත්රන් වලින් මේ වන්දිය ගෙව්වා. අන්තිමට මේ වන්දිය නිසා Hreidmar ට මැරෙන්න වුනා තමන්ගෙ ඉතුරු පුතුන් දෙදෙනා වූ Regin සහ Fafnir අතින්.


☣️ Fafnir රත්රන් හොරකම් කරගෙන ගුහාවකට ගිහින් මකරෙක් වෙලා ඒවා ආරක්ෂා කළා. මේ වෙලාවෙදි Regin Sigurd කියන ප්‍රසිද්ධ වීරයාගෙන් උදව් ගන්නවා. Sigurd Regin ගේ පුතෙක් වෙනවා. Original නෙවෙයි හදාගත් කෙනෙක්.

Fafnir & Sigurd


☣️ Regin කිව්ව විදියටම Sigurd රත්රන් ගත්තත් ඒවා නැවත Regin ට දුන්නෙ නෑ.


☣️ මේ අතරේ Frigg Draupnir මුද්ද තමන්ගේ බලයේ සංකේතයක් විදියට පැළඳගෙන හිටියා. ඇය මුද්ද ශාපලත් එකක් බව දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම මුද්ද ඇයව දුක්ඛිතභාවයට ඇද දමමින් හිටියා.


☣️ දිනක් තමන්ට සාස්තරකාරියක් කියාගන්න ගැහැනියක් Frigg ව හමුවෙන්න ආවා. ඇය Friggට කිව්වා මුද්ද පෙන්නන්න කියලා.


☣️ සාස්තරකාරිය මුද්ද දැකලා ඒක ශාපයක් වැදී ඇති බව කිව්වා. පසුව ඇය Frigg ට අහුනොවෙන්න ඇත්ත Draupnir මුද්ද අරගෙන බොරු එකක් තැබුවා.


☣️ Frigg හොරකම ගැන දැනගත්තාට පසුව ගැහැනිය Sigurd ඒක හොරකම් කළ අයගෙන් කෙනෙක් බව කිව්වා.

ඒක බොරුවක්. එයා මුද්ද ශාපලත් බව කිව්වෙත් දැනගෙන නෙවෙයි බොරුවට. සාස්තරකාරි එහෙම කිව්වෙ ඇයට Sigurd ගෙන් පළිගන්න ඕන වෙලා තිබුන නිසා.


☣️ කාලයකට කලින් මේ ගැහැනිය Valkyrie කෙනෙක් වෙලා ඉඳලා තියනවා. Valkyries කියන්නේ Odinට සේවය කරන සටන්කාරියෝ කණ්ඩායමක්. ඒ ගැන වෙන telegraph එකක් හදන්නම්.


☣️ Brynhild නම් වූ එ කාන්තාව Valkyries නීති කැඩුව වරදකට Odin විසින් ඇයව ගිනි වළල්ලක් තුළ හිර කරලා තියනවා. ඇයව බේරගන්න පුලුවන් නිර්භීතම වීරයාට විතරයි.


☣️ Odin ඒකට Sigurd පොරොන්දු කරවගෙන තිබුනා. ඒත් Sigurd පොරොන්දුව කඩලා Regin ගෙ දූ වුන Gudrun ව විවාහ කරගත්තා. එවගේම ඒ විවාහය සිද්ධ වුනේ Frigg ගේ අනුමැතියෙන්. මේ වෙනුවෙන් පසුව නිදහස් වුණු Brynhild ට Sigurd සහ Frigg ගෙන් පළිගන්න ඕන වුනේ.


☣️ Frigg Draupnir මුද්දේ බලපෑමෙන් දුක්ඛිත තත්ත්වයකට වැටිලා හිටිය නිසා Brynhild කිව්ව එක විශ්වාස කරලා Sigurd ට දඬුවම් කරන්න කියලා Odinට කිව්වා.


☣️ ඒත් Odin මේක විශ්වාස කළේ නෑ. Sigurd කිව්වා ඒ වගේ මුද්දක් දැකලාවත් නැති බව.


☣️ Odin තමන් කිව්ව එක විශ්වාස නොකළ නිසා Frigg Sigurd ට සහ ඔහුගේ පවුලේ අයට කවදාවත් සාමය හා සතුට උදාවෙන්න එපා කියලා ශාප කරමින් බොරු මුද්ද කුඩු වෙලා යන්නම පොළොවේ ගැහුවා. ඒකෙන් Brynhild ගේ අරමුණ ඉෂ්ට වුණා.


☣️ ඒ වෙනකොට ඇත්ත Draupnir මුද්ද තිබුනේ Brynhild ළඟ. ශාපලත් මුද්ද Brynhild ට මරණය ළඟා කර දුන්නා. Brynhild සියදිවි නසා ගත්තා.


☣️ වැඩිකාලක් යන්නෙ නැතුව Frigg ගේ ශාපය නිසා Sigurd සහ ඔහුගේ පවුලේ අයත් පරලෝ සැපත් වුණා.


☣️ අන්තිමට Sigurd සහ ඔහුගේ පවුලේ අයත් Brynhild නුත් මුද්දත් එකම තැන වළලනු ලැබුවා. ඉන් පසුව මුද්දට මොකද වුනේ කියලා කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ.



(මතු සම්බන්ධයි..... නෑ......නිමි..... කතාව ඉවරයි.)



⚠️️ ඊළඟ telegraph එකෙන් Thor⚡.......

Report Page