Nine Worlds - 02

Nine Worlds - 02

Anuhas Indumina

• Bridges of the Nine Worlds

Definition

💠 නෝර්ස්වරුන්ගේ විශ්වාසයට අනුව ලෝක 9න් සමහර ලෝක අතර ගමනාගමනය පහසු කිරීමට සහ ලෝක වලට ඇතුල් වීමට පාලම් හදලා තිබුණා. මේ article එකේ සඳහන් වෙන්නෙු ඒ වගේ පාලම් දෙකක් ගැන.


• Bifröst


💠 මේ පාලමෙන් යා කෙරුණේ Asgard සහ Midgard ලෝක දෙක. මේ පාලම විවිධ නම් වලින් හැඳින්වුණා.

🟡 Bilröst

🟡 Ásbrú


💠 Bifröst පාලම හැදිලා තියෙන්නේ දේදුන්නෙන් 🌈 . ඒවගේම මේ පාලම නිතරම දැවෙමින් පවතිනවා. ඒ නිසා ⁣Bifrost හි ඉහළම ස්ථරය රතු පැහැයෙන් දිස් වෙනවා.


💠 Bifröst නිර්මාණය කර තිබෙන්නේ ⁣Æsir දෙවියන් විසිනි. ⁣Æsir දෙවියෝ මෙම පාලම Midgard හෙවත් මනුෂ්‍ය ලෝකයට ගමන් කිරීමට යොදාගන්නවා. විශේෂයෙන්ම Thor(God of Thunder).


💠 මෙම පාලම Asgard සමග සම්බන්ධ වන ස්ථානය හඳුන්වන්නේ Himinbjörg නමින්. මෙම ස්ථානයේ දොරටුවක් හෝ බලකො⁣ටුවක් වැනි යමක් පවතින බවත් එය Heimdallr නැමැති දෙවියෙක් විසින් ආරක්ෂා කරන බවත් පැරණි නෝර්ස් විශ්වාසය විය.


💠 Heimdallrගේ කාර්යය වූයේ Himinbjörg, jötnar හෙවත් jötunheim හි වාසය කළ යෝධයන්ගෙන් ආරක්ෂා කිරීමයි. මොහු Odin ගේ පුත්‍රයෙකු බව සඳහන් වේ.

Heimdallr


• Gjallarbrú


💠 මේ පාලම තියෙන්නේ Hel හෙවත් පාතාලයට ඇතුළු වීමට.

💠 මෙය සාදා තිබෙන්නේ Hel වටා තිබෙන Gjöll ගඟට ඉහළින්.

💠 මේ පාලම ආරක්ෂා කරන්නේ Modgud(Móðguðr) නමැති කාන්තා යොධයෙක් විසින්. ඇය Gjallarbrú පාලම ආරක්ෂා කරනවා.

💠 ඇය ඉඩදෙන්නේ මේ පාලමෙන් Hel වෙතට යන්න විතරයි. සරලවම කිව්වොත් ආයෙත් ඒමක් නෑ.

💠 ඒවගේම සෑම ආත්මයක්ම පාලම පසු කර යන්න කලින් ඇයට තමන්ගේ නම සහ කාර්යය කිව යුතුමයි.

Modgud


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Part 01

Report Page