My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-04-03-


08th episode


මට කියන්න පුලුවන් උනේ එච්චරයි..මේ යක්ෂ පැටියා කෝල් එක කට් කරලා..දැන් මම පුංචිට මොකද කියන්නෙ? යාලු වෙලා දවසයි පහුවදාම ඩේට් එකක්..අනේ මන්දා මේ ශවේනුත්..අඩුම මට එන්න ඕනෙ තැනවත් කීවේ නැහැ..


මම දැන් මොකද කරන්නේ?

අදහසක් ගන්න කියලා මම කරේ මයුමිට කෝල් එකක් ගත්ත එක.


"හෙලෝ මයුමි"


"ඔව් ජෙනී කියන්න."


"ශවේන්ව හම්බෙන්න එන්නලු. මම මොකද කරන්නේ? මම දැන් පුංචිට මොනාද කියන්නේ? ශවේන් අඩුම මට එන්න ඕනේ තැනවත් කීවේ නෑ බන්..."


"ඉස්සරලම කලබල නොවී ඉන්නකෝ මම පොඩ්ඩක් හිතනකන්..."


"ප්ලීස් බන් ඉක්මනට..."


"ම්ම්ම්...ආ! ජෙනී ඔයා අපේ ගෙදර එනවා කියලා පුංචිට කියලා එන්න. අපේ අම්මියි තාත්තියි අද ගෙදර නැහැ...අපි දෙන්න යමු ශවේන් කියන තැනට..."


"අනේ තැන්ක්ස් මයුමි..."


"ඕක මොකක්ද කෙල්ලේ. ඉක්මනට ලෑස්ති වෙලා මෙහෙ එන්නකෝ. God bless you!"


"God bless you mayumi"




මයුමිට ගත්ත කෝල් එක කරනවත් එක්කම ශවේන්ගෙන් මැසේජ් එකක්...


"බීච් එකට එන්න.තව පැය භාගෙකින්"


පැය භාගෙකින්? ඕකටත් මොනවා හරි කීවොත් දැන් ඩේට් එකත් කැන්සල් කරයිද දන්නෑ කියලා හිතුන නිසා මම 'okay' කියල රිප්ලයි කරා.



ඉක්මනට වොෂ් එකක් දාගත්ත මම අතට අහු වුණ ඩෙනිමකට සුදු පාඩු crop top එකක් දාන් මම ආසම perfume එකක් උන victoria secret එකක් නාලම පහළට දිව්වා...පුංචිට විස්තරේ කියල මයුමිලාගේ ගෙදර යද්දීම විනාඩි 25කුත් ගිහින් ඉවරයි. මම ආපු වාහනෙ ගෙදරට යවලා මයුමිත් එක්ක ඉක්මනටම දිවුවේ බීච් එකට... මොකද මයුමිලාගේ ගෙදර ඉඳන් බීච් එකට තිබුනේ මීට සීයක විතර දුරක්...


කොහොමහරි ශවේන් කියපු වෙලාවකට විනාඩියකට විතර කලින් බීච් එකට එන්න අපට පුළුවන් වුණා. හති ඇර ඇරම beach side එකේ තිබුන juice bar එකක අපි දෙන්නම වාඩි උනා.


මයුමි බොන්න මොනවා හරි ඕඩර් කරන්න හැදුවත් මගේ ඇස් හැමතැනම හෙව්වේ ශවේන්ව.



විනාඩි පහක් විතර බැලුවා. ඒත් මෙයා නෑ. අවසානේ මම එයාට කෝල් කරා. Ringing ඒත් No answer. Calls පහක් විතර ගත්තා. දැන් මට හරිම කේන්තියි. මට පැය බාගෙන් එන්න කියලා මේ යක්ෂ පැටියා තාම නෑ...



තවත් විනාඩි පහක්...දහයක්...පහළොවක්...විස්සක්....ගියා. ඒත් බීච් එකේ කොහෙවත් ශවේන්ගේ සේයාවක්වත් නෑ...



මම තරහෙන්ම ළඟ තිබුණු ටේබල් එකකට පයින් ගැහුවා. ඒත් එක්කම ඉඳන් හිටපු මගේ ඇස් දෙක වැහුනේ දිග ඇඟිලි තිබ්බ අත් දෙකකින්. ඔව් ශවේන් තමයි. එයාගේ සුපුරුදු body spray එකේ සුවද මට හොඳටම දැනුණා.මම වචනයක්වත් නොකියපු නිසා ශවේන් මගේ ඇස් අත අතෑරලා හිනාවෙවීම ගිහින් එහා පැත්තෙ තිබුණ පුටුවේ වාඩි වුණා.



"මයුමි...මොකද මේ මගේ future wife ට ඩෝන් ගිහින්... මෙහෙම ගියොත් මට බඳින්න වෙන්නේ නාකි කෝලමක් තමා..."



ර්‍ර්ර්...මේ මනුස්සයා නම්...


මම දෙන්නටම ගස්සලා අහක බලා ගත්තා. දෙන්නම හිනාවෙන සද්දෙ මට හොඳට ඇහෙනවා...



"ජෙනී, ඇත්තටම මට සමාවෙන්න. හිතලා පරක්කු උනේ නෑ ළමයෝ. මම ආපහු ඩැඩීගේ වැඩකට හිර වුණානේ...ඒක ඉවර කරපු ගමන් තමයි මේ දුවන් ආවේ..ටිකක් පරක්කු වෙයි කියලා ඔයාට මැසේජ් එකක් දාන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ."



ශවේන් එහෙම කියද්දි නම් මගේ තරහා ටිකක් නිවුනා. යන්තම් බැලුවා එයා දිහා.ඒත් මං මුකුත්ම කීවේ නෑ.ටිකක් නිහඬව හිටපු එයා waiter කෙනෙක්ට කතා කරා...



ටිකකින් waiter iced cofees තුනක් අරන් ආවා.."My favorite..." කියල කියපු ශවේන් juice bar එකෙන් එළියට ගියා. වචනයක්වත් නොකියපු මමත් iced cofee එකත් අරන් එයා පස්සෙන්ම ගියා.



කිසිම කතාවක් නැතුව වෙරළේ ඇවිද ඇවිද හිටිය අපි දෙන්නා අවසානේ හෙවණක තිබුණු බෙන්ච් එකකින් ඉඳගත්තා. එයා නම් iced cofee එක බොනවා මුහුද දිහාම බලාගෙන. නිකමටවත් බලන්නෑ මම දිහා...ර්‍ර්ර් පුදුම මනුස්සයෙක් තමයි...මට නම් එයාගෙන් ඇස් අහකට ගන්නත් අමාරුයි.. එයා ඇඳලා ඉදියේ නිල් පාට ට්‍රව්සර් එකකට dark green colour shirt එකක්... මම ඉතින් iced cofee එක හෙමි හෙමින් බොන ගමන්ම එයා දිහා බලන් ඉදියා.


"මාව ඇස්වලින් කාලා ඉවරද මැඩම්?"


"ම...ම? නැ...හ් මම මෙහ්..."


"ඔච්චර ලැජ්ජ වෙන්න ඕනෙ නෑ ජෙනී... ඔයා මම දිහා නොබැලුවානං තමා මම ඔය දුඹුරු ඇස් දෙක ගලවලා එලියට අරන් මුහුදට විසි කරන්නේ..." හෙන සීරියස් පෙනුමකින් එයා එහෙම කීවා..



"ඇහ්?" මම ඇස් දෙකත් ලොකු කරන් එහෙම කියද්දී මේ බූරු පැටියා හිනාවෙනවා.


"You are so funny jenny! ඉක්මනට අවුස්සන්න පුළුවන්."


""හහ්... හිතන් ඇති රුළං ගෙම්බා..." ඇහෙන නෑහෙන ගානට මම එහෙම කියලා දැම්මා.



ටික වෙලාවක් ගියා. එයාගෙන් කිසිම සද්දයක් නෑ. මම කියපු දේ ඇහුනද දන්නෙත් නෑ කියල පොඩි සාධාරණ බයකුත් මගේ හිතට දැනුනා..ඉතින් මූද දිහාට හරවන් හිටිය මගේ ඇස් දෙක හෙමි හෙමින් එයා දිහාට හැරෙව්වා. එයා ඉන්නවා මම දිහාම බලන්. ඒ කලු ඇස් මගේ ඇස් වලට යාවෙද්දි මගේ heartbeat එක වැඩි වෙනවා වගේ මට දැනුනා...


එයා ටිකක් ඉස්සරහට ඇවිත් මගෙ අත් දෙකින්ම අල්ලන්


"මම ආදරෙයි ජෙනී....හැමදාටම ආදරෙයි..." කියලා කීවා.


ඒ වචන ඇහෙද්දි මට කියාගන්න තේරෙන්නේ නැති අමුතු හැගීමක් දැනෙද්දි මම එයා දිහාම බලන් ගොලුවෙක් වගේ ඉදියා...ටික වෙලාවක් ඇස් එක්ක අමුතු කතාවක යෙදුන අපි දෙන්නා ආයෙම ඉස්සරහින් පේන මුහුද දිහා බැලුවා...


සමහර හැගීම් බෙදාගන්න වචන ඕනෙම නෑ. ආදරේ දැනෙන්න දෙනවා කියන්නේ මේකට වෙන්න ඇති... මට එයාගේ ආදරේ දැනෙද්දි මුලු හිතම සතුටකින් පිරිලා යනවා වගේ දැනෙනවා...



මම නිකමට වගේ juice bar එක දිහා බලද්දි මයුමි ඉන්නවා හිනා වෙවී අපි දිහා බලන්.

Meanwhile mayumi's mind🫣



"අපි දැන් යමු ජෙනී... ඔයාට ගෙදරින් ප්‍රශ්නයක් උනොත්..දැන් පහටත් කිට්ටුයිනේ..."


එහෙම කියපු ශවේන් ඉදන් හිටිය තැනින් නැගිට්ටා. මමත් නැගිටලා මුකුත් නොකියම බිම බලන් ඇඟිල්ලකින් බිම හෑරුවා...



"මොකද ළමයෝ?"


"Shaven, Can I hug you?"


"ඕක අහන්නත් දෙයක්ද ජෙනී?" කියපු එයා මාව අතින් ඇදලා අරන් තදින් වැළඳගත්තා...විනාඩි කීපයක් අපි දෙන්නා එහෙම ඉන්න ඇති...

Jenny & shaven👉👈



අපි දෙන්නගෙම හිත් තවත් ටික වෙලාවක් හරි ඉන්න ඕනේ කියලා කෑගද්දම අපි දෙන්නා යන්තම් හිනා වෙලා සමු ගත්තා...



මගෙ මුලු හිතම කියාගන්න බැරි සතුටකින් පිරිලා වගේ... ගෙදර යද්දිනුත්, ගෙදර ගිහිනුත් මගේ හිතේ හැමවෙලේම හොල්මන් කරේ එයාගේ කලු ඇස් දෙකයි, පිස්සු හැදෙන හිනාවයි, අපි දෙන්නා අද එකතු කර ගත්ත මතකයනුයි...


A message from jenny🤭


___________________________________


හිතක් බිදුණම සමහර වෙලාවල් වලට මොළේ වැඩ කරන්නේ නෑ. ඇත්තටම අවධානෙ ගන්න ඕනෙ වගේ අදහසක් මගේ හිතේ තිබ්බේ නෑ. ඒත් මට අවධානය දුන්නට ගොඩක් ස්තුතියි...❤️

Report Page